Books

Out-of-Stock
Sithavaka Pura Yugaya Shasthriya Sangrahaya
Out-of-Stock
සීතාවක පුර යුගය ශාස්ත්‍රීය සංග්‍රහය  - සීතාවකපුර යුගය ආධුනිකයන් විසින් පමණක් නොව ප්‍රවීණයන් විසින් ද කියවිය යුතු අගනා ඓතිහාසික හා සාමාජික තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් බව ද සඳහන් කළ හැකි ය.
Out-of-Stock
Budun Pelahara Pa Dabadeniya
Out-of-Stock
බුදුන් පෙළහර පෑ දඹදෙණිය - මෙයින් කතුවරයා පෙන්වා දෙන්නේ දඹදෙණියේ ශ්‍රී විභූතියට සිදු වූ පරිහාණී තත්වයයි. දඹදෙණිය පිළිබඳ හදාරන්නවුන්ට මෙහි උප ග්‍රන්ථය මනා පිටුවහලක් සලසන බව කිව යුතුය. 
Out-of-Stock
Bauddha Nikaya Wikashaya
Out-of-Stock
බෞද්ධ නිකාය විකාශය - සංකීර්ණ හා දීර්ඝ ඓතිහාසික වෘත්තාන්තයෙහි සියලු පැතිකඩ ආවරණය වන පරිද්දෙන් නිකාය භේදයේ පසුබිම, අටළොස් නිකාය, චතුර්විධ බෞද්ධ දර්ශන සම්ප්‍රදාය, මහායානය හා තන්ත්‍රයානය, අනුරාධපුර යුගයේ ලාංකේය නිකාය විකාශය හා නිකායාන්තර විචාර යන උප ශීර්ෂ හයක් තුළ වියත් ලේඛකයන් සිය අධ්‍යයන පරාසය විකසිත කර ඇත්තේ මෙතෙක් එක් ග්‍රන්ථයකින් පූරණය නොවූ අපේක්ෂාවන් සාධනය කරමිනි.
Tripitaka Gatha Akaradiya
ත‍්‍රිපිටක ගාථා අකාරාදිය පාලි ත‍්‍රිපිටකය බෞද්ධ ලෝකයෙන් පරිබාහිර සමාජයට ව්‍යාප්ත වීම ත‍්‍රිපිටකයේ ගමන් මගෙහි වැදගත් සන්ධිස්ථානයකි. ථෙරවාද බෞද්ධ අධ්‍යයනයෙහි නියුතු විද්‍යාර්ථීන් බහුතරයක් මුහුණ දෙන මූලික ගැටලූවක් සේ පාලි භාෂාව පිළිබඳ අවබෝධයේ ඌනතාව හඳුනාගත හැකිය. 
Rs 4,500.00
The Buddha - Word as Cosmic Doctrine
As expressed in Buddhism, a Buddha is born after several aeons, for the good of, not only humankind but for all the beings and the environment of the universe. It is opportune to rethink whether the most sublime teachings of the Buddha, preached over 2600 years ago, have been well conceived by the world.
Rs 4,600.00
Sathvaya
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘සත්‍වයා’ නම් ග්‍රන්ථය ලෝක සත්‍වයාගේ ඇති වීම හා පැවතීම පිළිබඳ විශේෂ වූ කරුණු රාශියකින් සමන්විත වූ ප්‍රකාශනයකි. මෙහිදී බුදු දහම මගින් ලෝක සත්‍වයා විග්‍රහ කිරීමත් සෙසු ආගම් මගින් කළ විග්‍රහයත් මනාව පැහැදිලි කොට ඇත. 
Rs 200.00
Deviyo
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘දෙවියෝ’ නම් ග්‍රන්ථය බුදුන් ජීවමාන සමයේ සිටම දෙවියන් පිළිබඳ කතිකාවට ලක් වූ අවස්ථාවන් උදාහරණ ලෙස දක්වමින් පාඨකයා වෙත දෙවියන් පිළිබඳ නිවැරදි අදහසක් ලබා දීමේ අරමුණි රචනා කරන ලද්දක් වේ.
Rs 150.00
Upadhiyen Pasu...
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘උපාධියෙන් පසු...’ නම් ග්‍රන්ථය අධ්‍යාපනය හදාරා උපාධියෙන් පසුව භික්‍ෂු ජීවිතය ගොඩනැගෙන අයුරු අළලා ලියැවුණු ග්‍රන්ථයක් ලෙස පාඨකයා අතට පත්වේ.
Rs 150.00
Minisa Ha Jeewitha Paramarthaya
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘මිනිසා හා ජීවිත පරමාර්ථ’ නම් කෘතිය මගින් ලෝක සත්ත්වයා, ඔවුන්ගේ සිතෙහි ස්වභාවය, ක්‍රියාත්මක ස්වරූපය, සත්ත්වයාගේ ප්‍රතිසන්ධිය හා බෞද්ධ ජීවිතයේ පරමාර්ථ ආදී බොහෝ පැතිකඩයන් සාකච්ඡාවට බඳුන් කර ඇත.
Rs 150.00
Darshanaya Widyava Ha Bududahama
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘දර්ශනය විද්‍යාව හා බුදුදහම’ නම් කෘතිය බුදු දහමේ මූලික ඉගැන්වීම් වන සීල සමාධි පඤ්ඤා පිළිබඳ විහ්‍රහයක නිරත වෙමින් සිත හා සිතෙහි ස්වභාවය පිළිබඳවත් විද්‍යාව මගින් කරුණු ඉදිරිපත් කරමින් පුනර්භවයක් නොමැති බව ව්‍යංගාර්ථයෙන් කරුණු ඉදිරිපත් කරන්නන් වෙත ඒ පිලිබඳ මනා දැනුමක් අනුතර්ගත කරමින් රචනා කර ඇත.
Rs 200.00
Out-of-Stock
Gatalu Than
Out-of-Stock
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ගැටළු තැන්’ නම් වූ විවිධ වූ දාර්ශනික ගැටළු සඳහා තාර්කිකවූත් සරළවූත් පාඨකයන්ගේ ධර්මානුකූල ගැටළු විසඳා ගැනීමට අවැසි වන පරිදි රචිත ග්‍රන්ථයකි.
Lokaya
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ලෝකය’ නම් කෘතිය ලෝකයේ ප්‍රභවයත් නවීන විද්‍යාවෙන් සොයා ගෙන ඇති මූලධාතු පිළිබඳ දැනට පවතින නිගමන හා බුදු දහමෙහි පවතින නිගමනයන් සසඳා ශුන්‍යතා දර්ශනය අනුව ලොව පවතින පිළිගැනීම් ප්‍රකට කරවීමේ අරමුණින් රචනා කොට ඇත.
Rs 150.00
Sanyuktha Nikaya Attakatha 3
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 47 ක් දක්වා විහිදේ.
Rs 1,630.00
On sale!Pack
Sinhala Attakatha - 47 Complete Set of Books
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂය යි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 37 කුත්, විනය පිටකය සදහා මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 6 කුත් අභිධර්ම පිටකය සදහා මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 4 කුත් සමගින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 47 ක් දක්වා විහිදේ.
Rs 73,720.00
Pack
Pali-Sinhala Teeka - Set of Books
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තැන්හි වඩාත් සවිස්තරාර්ථ සැපයීම සදහා ටීකා ග්‍රන්ථ පරිවර්තනය කොට ඇත. මෙහි පාලි හා සිංහල යන භාෂා ද්විත්වයෙන්ම සදහන් කොට ඇති බැවින් පරිශීලකයන්ට වඩාත් පහසුවෙන් අවබෝධ කරගත හැක. පාලි-සිංහල ටීකාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 23 ක් දක්වා දැනට පරිවර්තනය කොට ඇත.
Rs 58,215.00