Books

-10%New
Pudgala Manovidyawa
නූතන මනෝ විද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඩ් වශයෙන්ද උපදේශනයේ පියා කාල් රොජර්ස් වශයෙන් ද පැවැති ජනප්‍රිය මතවාදය නැවත විමර්ශනය කැරෙන මෙම කෘතිය වත්මන් උපදේශකවරයා හෝ චිකිත්සකවරයා තුළ සැඟවී සිටින සැබෑ ක්‍රියාකාරී සෙවනැල්ල අන් කිසිවකු නොව ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ය යන මතවාදය ගම්‍ය කරවයි. 'ස්නායුගත ව්‍යාකූලතා ඇති වන්නේ අවිඥානයට අවරෝධනය කරන ලද ලිංගික අක්‍රමිකතා හේතුවෙනි' යන ෆ්‍රොයිඩියානු මතය ප්‍රතික්ෂේප කරමින් ඉන් ඉවත්ව ගිය ඇඩ්ලර් 'පුද්ගල මනෝවිදන සම්ප්‍රදාය ' නමින් නව සම්ප්‍රදායක් ඇරඹීය. ෆ්‍රොයිඩ්, කාල් යුං වැනි පරමාදර්ශී මනෝවිද්‍යාඥයන් විසින් සඳලු තලයට ඔසවා තබන ලද ' මනෝවිද්‍යාව' පොදු ජනතාවගේ මානසික ගැටලු වලට මග පෙන්විය හැකි පරිදි සඳලු තලයෙන් මහ පොළොවට රැගෙන එන ලද්දේ ඇඩ්ලර් විසිනි. රෝලෝ මේ, කාල් රොජර්ස්, වික්ටර් ෆ්‍රැන්කල්, ඒ බ්‍රහම් මාස්ලෝ, එරික් බර්ග්, ප්‍රිට්ස් විටල්ස් වැනි උපදේශන මනෝ විදන ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් පවා ඇඩ්ලර්ට ණයගැති භාවය පිළිගෙන ඇත. ඊටත් වඩා ඔබ්බට ගිය ඇල්බට් එලිස් " නූතන මනෝවිද්‍යාවේ සැබෑ පියා ෆ්‍රොයිඩ් නොව, ඇඩ්ලර් විය හැකි ය." යන මතය පළ කළේය. 
Rs 315.00
Rs 350.00
-10%New
Pashchath Nuthana Upadeshanaya
විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝ විද්‍යාව න්‍යායාත්මක වශයෙන් මෙන්ම ප්‍රායෝගික වශයෙන් ද සංවර්ධනය වෙමින් එසේම ජනප්‍රිය වෙමින් ද ඉදිරියට පැමිණ ඇති බව නොරහසකි. නූතන උපදේශන ප්‍රතිකාරක නන්‍යායන් මෙන්ම පශ්චාත් නූතන උපදේශන ප්‍රතිකාරත න්‍යායන්ද එහි ප්‍රතිඵලයකි. ඉතා මෑතකාලීන වූ එම න්‍යායන් මෙම කෘතිය මගින් ප්‍රථමවරට අපරට උපදේශන ක්‍ෂෙත්‍රයට හඳුන්වා දෙනු ලබයි. 
මේ අතර නූතන ප්‍රතිකාර ප්‍රවේශ වූ යථාර්ථ ප්‍රතිකාරය හා පවුල් පද්ධති ප්‍රතිකාරය වෙන්වී පශ්චාත් නූතන උපදේශන න්‍යායන් වශයෙන් සැලකෙන විසදුන් මූලික ලුහුඩු ප්‍රතිකාරය හා කථන ප්‍රතිකාරය දී මෙහිලා සටිස්තරාත්මක ලෙස හඳුන්වා දෙනු ලබයි. එම න්‍යායන් පිළිබද මුලික සංකල්ප, මූලධර්ම, ප්‍රතිකාරක සබඳතා ක්‍රමශිල්ප, උපාය මාර්ග ආදී වශයෙන් සරල සුගම ලෙස හදුන්වා දෙන බැවින් කවර උපදේශකවරයකුට වුවද ඒවා පහසුවෙන් භාවිතා කිරීමට හැකිවනු ඇත. 
උපදේශන ක්ෂත්‍රයේ නව නම්‍යතා කළඑළි දක්වන මෙම කෘතිය අපරට සියලු උපදේශන පාඨමාලා ගුරුභවතුන්ට කදිම මාර්ගෝපදේශයක් වනු ඇත. එසේම සියලු වෘත්තීය උපදේශක වරන්ට අත් පොතත් වනු ඇත. මේ හැර උපදේශනය විෂය හදාරණ සියලු විද්‍යාර්ථීන්ට නව දැනුම උකහාගත හැකි දැනුම් සාගරයක් වනු ඇත. මෙබදු අගනා කෘතියක් ප්‍රදාහය කිරීම මහාචාර්ය රෝලන්ඩ් අබේපාල උපදේශන මනෝ විද්‍යා විෂය ක්‍ෂෙත්‍රයට සිදු කළ විශිෂ්ට සේවයක් වශයෙන් අගය කරනු කැමැත්තෙමි.
ආචාර්ය සමුදා සෙනරත් අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යනාංශය කොළඹ විශ්වවිද්‍යාලය
Rs 450.00
Rs 500.00
-10%New
Buddhiya, Bahuvida ha Bhawamaya Buddhiya
හොවාර්ඩ් ගාඩ්නර් (1984) විසින් ඉදිරිපත් කරන ලද බහුවිධ බුද්ධි න්‍යාය මනුෂ්‍ය විභව්‍යතා සංවර්ධනය පිළිබඳ පශ්චාත් නූතනවාදී අර්ථකථනයක් වශයෙන් සැලකිය හැක්කකි. මානව ශක්‍යතා සංවර්ධනය පිළිබඳ සාම්ප්‍රදායික බැවහැරයන් උඩියටිකුරු කළ බහුවිධ බුද්ධි නන්‍යාය ඕනෑම දේකින් බුද්ධි වර්ධනය සිදුකළ හැකි බව අනාවරණය කරයි. දැනටමත් මෙම න්‍යාය ලොව පුරා අධ්‍යාපනික හා විවිධ ඉගෙනුම් ක්‍ෂෙත්‍ර කරා පැතිරි හමාරය. කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨය තුළ මෙම කතුවරයා විසින් (2001) ඉගැන්වීම් අරඹන ලද බහු විධ බුද්ධි නකාය මේ වනවිට සියලු තෘතීය, වෘත්තීය හා උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම් විෂයක් මෙන්ම ඉගැන්වීම් ක්‍රම ශිල්පයක් බවටද පරිවර්තනය වී ඇත. සැබැවින්ම බහු විධ බුද්ධි න්‍යාය දිළිදු රටවලට මෙන්ම අප වැනි ඌන සංවර්ධිත රටවලටද මහත් වූ සහනයකි. 
Rs 675.00
Rs 750.00
-10%New
Chiththawega Kalamanakaranaya
දෛනික ජීවිතය ගත කරද්දී ගෙදර දොර මෙන්ම රාජකාරී හෝ සේවා ස්ථානවලදී අත්දකින චිත්තවේගීය ගැටලු කිහිපයක් වස්තු කොටගත් මෙම කෘතිය උපදේශන මනෝවිද්‍යාවේ ව්‍යවහාරික අවබෝධය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ලියන ලද්දකි. එසේ වුවද උපදේශනය පිළිබඳ විවිධ මට්ටමින් ඉගෙනීම ලබන විද්‍යාර්ථීන්ට මෙන්ම මනෝ විද්‍යාව කෙරෙහි ඇල්ම දක්වන පාඨකයාටද චිත්තවේග කළමනා කරණය පිළිබඳ ගැටලු නිරාකරණය කරදෙන කෘතියකි. සරල සුගම බස් වහර ආයාසයකින් තොරව කියවා තේරුම් ගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි.
Rs 270.00
Rs 300.00
-10%New
Bhikshuwage Urumaya
මෑත ශ්‍රී ලංකා ඉතිහාසයට මහත් බලපෑමක් සිදු කළ මේ පොත ලියැවුණේ 1946 දී ය. මේ පොත, එතෙක් යටත්විජිත පාලනය තුළ වසර 400ක පමණ කාලයක් සමාජ දේශපාලන ක්‍රියාවලියෙන් පිටමං කොට තිබූ භික්ෂු සංඝය, නැවත එම අවකාශයට ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා මහත් ප්‍රයත්නයක් දැරූ ප්‍රභූ පංතියකට ලබා දෙන ලද පිළිතුරයි. යටත්විජිත පාලන කාලයක අභියෝග ජයගැනීමට ලියැවුණු මේ කෘතිය, අද ඔබ කියවන්නේ යටත්විජිත තත්වයෙන් මිදුණු රටක සිට ය. එදා පීඩිතයාගේ ආගමක් වූ බුද්ධාගම අද තව දුරටත් පීඩිතයාගේ ආගමක් නොවේ. එය රාජ්‍ය බලය හොබවන්නාගේ ආගමයි. එහෙයින් මෙම කාල අතර වෙනස පිළිබඳ අවබෝධයෙන් යුතුව මේ පොත කියැවිය යුතු ය. 
වෙනස් අවධියක ලියැවුණු කෘතියක් ඊට සැලකිය යුතු තරම් වෙනස් වූ අවධියක සිට කියවන විට මතුවන අභියෝග මොනවා දැයි හැදෑරීමට ද, එහි දී පාඨකයා තුළ ඇතිකර ගතයුතු සංයමය පිළිබඳ හැදෑරීමට ද, මෙම කෘතිය අත්පොතක් ලෙස භාවිතා කළ හැකිය. 
Rs 585.00
Rs 650.00
-10%New
Pali ha Bauddha Adhyanayata Athwelak
කර්තෘ ගෙන්...
නාලි අට්ඨ කථා පිළිබඳව විමර්ශනය කිරීමේදී පළමුවෙන්ම අට්ඨ කථා යන්න විග්‍රහ කරගතයුතුය. ඒ අනුව අටුවා හෙවත් අට්ඨ කථා යනු 8ටක නලියෙහි ඇතුළත් වූ අර්ථ වශයෙන්ද අධිනය හෙවත් නොව වශයෙන්ද ගැඹුරු වූ නදයට හරන ලද අර්ථ වර්ණනාව අටුවා නම් වෙයි. මෙම අදහස තවදුරටත් සිංහල විශ්ව කෝෂයේ විග්‍රන කරන්නේ මෙසේය. "නුදෙන් දේශනා නලියෙහිදී අර්ථ කථාව දැන්වීමට 'අත්ථ' යන වචනය වදාළ බව දක්නට ඇත. නික්ෂු විභගයෙහි වදාළ අත්තාන සංතෝ" යන්නට සමන්තනාකාදිනා විනය අටුවාවෙහි අක්ඛු පස නොහි අට්ඨ කථා නිස්සි'(අන්ටු පස) යනු අටුවාව ඇසුරු කළේ) යන අර්ථය දන්වා ඇත. එසේම මනෝරථ පුරණයෙහි අත්ථතුකලොහි අට්ඨ කථාය ඡෙකො, අන්තමඤ්ඤාය ධම්මමඤ්ඤායානි අට්ඨකථදේව නළිව ජාගිත්වා' යි යන්නෙන් අට්ඨ කථා අටුවාව ද ධම්ම යන්නෙන් නළිය ද හඳුන්වන ලද්දේය. මෙසේ විනයෙහි හා කති වලද අනේතස්ථානයෙහි පෙළත් අටුවාවන් ධම්ම අත්ථ යන වචනයන්ගෙන් සඳහන් කොට ඇති හෙයින් අටුවාව ද බුද්ධ කාලීන බව පිළිගත යුතුය. (8ටුව 15) 
බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීමේදී සිහ හා ඒ හා සම්බන්ධ තවත් ප්‍රභේද විහුන කිරීම් වශයෙන් විවිධ වචන නොවීනා කොට ඇත. එහිදී බුදුරජාණන් වහන්සේ දින හුන කිරීම සඳහා උපයෝගී කරගත් වචන තුනත් මූලික වශයෙන් දැනගැනීමට පුළුවන. එනම් චිත්තමහ නා විඤ්ඤාණ නම් වේ. යං ව බො නික්ඛවෙ චිත්තං ඉතින් මනො ඉතින් මනො විඤ්ඤාණං මෙහිදී නම් තුනකින් අදහස් වන්නේ එතත්ව ඉපදී අනෙතත්ව නිරුද්ධ වී ‍වෙනස්වන ස්වභාවයකට පත්වන අවස්ථාවන්ට අනුකූලවය. මින් පරිබාහිරව දිත හැඳින්වීමට දික නිහාය තුළදී චිත්ත නා මනෝ යන වචනද්වය භාවිත හළ බව පෙනේ. එසේම අනිධර්ම පිටකය තුළ පමණන් දින හැඳින්වීමට වචන දහයක් යොදාගත් බව ධම්මසංගණිපු තරණයේ සඳහන් තොරතුරු මගින් නූත්‍යක්ෂ වේ. එනම් "චිත්ත, මනෝ, මාහස, නදය, පන්දර, මහායන, විඥාණ විඤ්ඤාණත් බන්ධ, නර්තමනො, විඤ්ඤාණ ධාතු" යනුවෙනි. මෙහි නද නමුහය එනාර්ථවත් අයුරින් දිනම හඳුන්වන්නේද එකේ හඳුන්වන්නේ නම් එහි පද හරහා අර්ථය ගම්‍ය කරන්නේ ද යන්න විවාදාපන්නය. කෙසේ හෝ එම වචන සමූහය තුළ නවා මහ යන්න යොදාගත් බව පැහැදිලිය. (පිටුව 77) 
Rs 405.00
Rs 450.00
-10%New
Sarthakathva Muladharma
* දියුණුවේ රන් දොරටුව ලක්හඬ ගුවන් විදුලිය ඔස්සේ අභිමානවත් සේවාවක් ඉටු කරමින් ගුවන් ගතවන පුද්ගල පෞරුෂ වර්ධන සාකච්ඡා මාලාවයි. වසරේ විශිෂ්ටතම හා වාර්තාගතයුග මෙහෙවරක් ඉටු කළ හා ඉටු කරන දියුණුවේ රන් දොරටුව වැඩ සටහනෙහි මුද්‍රිත නිර්මාණය සාර්ථකත්ව මූලධර්ම ග්‍රන්ථයයි. ජාතික ගුවන් විදුලි සේවාවක් වන ලක්හඬත්, ජාතික පුවත් පත් වන දිවයින හා ලංකාදීපයත්, පොත් ප්‍රකාශන ක්‍ෂේත්‍රයේ කීර්තිමත් ශික්ෂා මන්දිර ප්‍රකාශන ආයතනයේත් සුසංයෝගය ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඉතිහාසයේ මින් පෙර සිදු නොවූවකි. 2002 මාර්තු මස සිට මේ දක්වා ම ලක්හඬ ගුවන් විදුලිය සතියකට විනාඩි 90ක් එක ම දේශකයකු සමඟ එක ම වැඩ සටහන් මෙහෙයවන්නකු සමඟ වාර්තාගත සබඳතාවක් පවත්වා ගෙන ඇත. එම සෑම සාකච්ඡාවක් ම "දිවයින" හා "ලංකාදීප" ජාතික පුවත්පත් නොකඩවා පළ කරන ලදී. 
මෙම වැඩ සටහනෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස සිතුමිණි සමාජ දිවයින පුරා බිහි වී ඇත. සාර්ථකත්ව මූලධර්‍ම පණිවිඩය ගම් නියම් ගම් හරහා ගෙන යාමට සිතුමිණි සමාජ දායක වෙමින් පවතී. ලක්හඬ ශ්‍රාවක, දිවයින හා ලංකාදීප පාඨක ජනතාවට ධනාත්මක චින්තනය වර්ධනය කරගැනීමට මෙම සිතුමිණි සමාජ අනාගතයේ දී ද උදවු වනු ඇත. මෙම ජාතික යුග මෙහෙවර ඉදිරි වසරේ දී වඩාත් සංවිධානාත්මක ව හා ජයග්‍රාහී ලෙස පවත්වාගෙන යාම වටනේ ය. පුද්ගල පෞරුෂය හා ජාතික පෞරුෂය ඉහළ නංවාලීමට අවශ්‍ය ශක්තිය මේ පොතෙන් සැමට ලබාගත හැකි වේ. 
Rs 360.00
Rs 400.00
-10%New
Yowun Wiye Paurushaya Shakthimath Karaganimata Dhanathmaka Manowidya Praweshaya
යෞවන විය යනු සුවිශේෂ වයස් පරාසයකි. දරුවා ළමා බවේ දළඹු කෝෂයෙන් මිදී යෞවන ලෝකයට සමනලයකු ලෙස පියාඹා යන්නේ යෞවන වයසේ දී ය. මෙතෙක් දෙමාපිය සෙවනේ ඔවුන්ගේ අණසක යටතේ සිටි ළමයින්ට යෞවන වයසත් සමග නිදහසක් ලැබේ. එහෙත් විභාග සමත් වීම, රැකියා සොයා ගැනීම, අනාගතය සුරක්‍ෂිත කර ගැනීම ආදි අභියෝග වලට ද මේ අවධියේ මුහුණ දීමට සිදු වේ. ලෝකයේ නව තාක්ෂණ දියුණුව හා සන්නිවේදනයේ බලපෑම වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඈත ගම් නියම්ගම් වලට ද පැතිරේ ඇත. භෞතික දියුණුව තව තවත් ඉහළට යන අතර ම මත් කුඩු, මත් ද්‍රව්‍ය හා ලිංගික ආශා උද්දීපනය කරන චිත්‍රපට, යොවුන් දරුවන්ගේ ගත සිතකුල්මත් කරවමින් මුළු රට ම ආක්‍රමණය කර ඇත. මෙම අභියෝග හා තර්ජන වලින් බේර් තම අපේක්‍ෂා කරා ළඟා වීමට යෞවනයන්ට මග පෙන්වීම, දිරි ගැන්වීම වැඩිහිටි අපගේ වග කීම වන්නේ ය. 
Rs 360.00
Rs 400.00
-10%New
Sarthaka paul jeewithayakata
වර්තමාන සංකීර්ණ සමාජයේ පවුල් සංස්ථාව නොයෙකුත් හැල හැප්පීම්වලට ගොදුරු වී ඇත. විවාහ සහකරුවකු තෝරා ගැනීමේ සිට විවාහය, විවාහ ජීවිතය, දරුවන් හදා වඩා ගැනීම, දරුවන්ගේ හා තම තමන්ගේ වැඩිහිටි ජිවිතය ගත කරන අන්දම පිළිබඳව නව දෘෂ්ටි කෝණයකින් බැලිය යුතුව ඇත. මේ පොත නව සමාජයේ පිටත් වීමේ දී මතුවන ගැටලුවලට නිවැරදි පිළිතුරක් සොයාගත හැකි මග මනෝ විද්‍යා පදනමක් ඔස්සේ ලබාදීම අරමුණු කොට ලියා 

විවාහ ජීවිතය සාර්ථක කරගැනීම. 
දරුවන් හදා වඩා ගැනීම. 
දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගැනීම. 
පුද්ගල පෞරුෂය දියුණු කරගෙන ගැටළු වලට මුහුණ දෙන අන්දම 

පවුල් ගැටළු වලට සාර්ථකව මුහුණ දෙන අන්දම් ආදිය මෙහි සවිස්තර ව හා ප්‍රමාණාත්මකට සාකච්ජා කෙරේ.  මෙම කෘතිය සෑම විවාහකයකුට ෂී, විවාහපේක්ෂකයකුට ම හා දරුවන් හදා වඩා ගන්නා දෙමාපියන්ට සහ යෞවන යෞවනියන්ට ද අත් පොතක් ලෙස භාවිතා කළ හැකිය. 
Rs 360.00
Rs 400.00
-10%New
Abiyoga Jayagath Daruwo
අභියෝග ජයගත් දරුවෝ සැබෑ වශයෙන්ම අභියෝග හමුවේ නොසැලි නොවැටී, නොපැරදී තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත් සරසවි සිසුන් රැසකගේ ජීවන කතා එකතුවකි. ශ්‍රී ලංකාවේ සිවුදෙස ජිවත් වන, විවිධ මට්ටමේ ආර්ථික සාමාජික පසුතලවල ඉපිද හැදී වැඩි, විවිධ පාසල් වල ඉගෙන ගෙන අඩියෙන් අඩිය, වරෙක වැටෙමින්, තව වරක නැගිටිමින්, දුවමින් අවසන සරසවියට ඇතුළත් වීමේ කඩුල්ල පැනගත් උද්‍යෝගිමත්, අධිෂ්ඨානශීලී තරුණ තරුණියන්ගේ කතාන්දරයකි. මෙම ස්වයං ලිඛිත චරිත කතා වර්තමානයේ පාසල් වල ඉගෙන ගන්නා සිසුනට ශක්තියක්, ධෛර්යයක් හා මහත් අභිප්‍රේරණයක් ලබා දෙනු ඇත. ඔව්! මට පුළුවන්! මටත් සාර්ථකත්වයට පැමිණිය හැකියි යන අදහස ළමයින් තුළට කා වැද්දීමට හොඳම පොතක් ලෙස අභියෝග ජයගත් දරුවෝ" හඳුන්වා දිය හැකි ය. 
Rs 405.00
Rs 450.00
The Buddha's Ancient Path
A prominent monk of Sri Lanka, well-known in both East and West, explains the central teachings of Buddhism, focusing on the Four Noble Truths and the Noble Eightfold Path. In a lively and inspired style, he explores the path in detail, citing many stories from Canon and commentaries. ‘The book is written in a firm and clear style … These interpretations, authoritative and unimpeachable, may be taken as a trustworthy guide.’ —(I. B. Horner)
Rs 350.00
The Road To Liberation
The BPS is an approved charity dedicated to making known the Teaching of the Buddha, which has a vital message for all people. 
Founded in 1958, the BPS has published a wide variety of books and booklets covering a great range of topics. Its publications include accurate annotated translations of the Buddha's discourses, standard reference works, as well as original contemporary expositions of Buddhist thought and practice. These works present Buddhism as truly is-a dynamic force which has influenced receptive minds for the past 2500 years and is still as relevant today as it was when it first arose. 
For more information about the BPS and our publications, please visit our website, or write an e-mail, or a letter to the:
Rs 80.00