New Pashchath Nuthana Upadeshanaya විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝ විද්‍යාව න්‍යායාත්මක වශයෙන් මෙන්ම ප්‍රායෝගික වශයෙන් ද සංවර්ධනය වෙමින් එසේම ජනප්‍රිය වෙමින් ද ඉදිරියට පැමිණ ඇති බව නොරහසකි. නූතන උපදේශන ප්‍රතිකාරක නන්‍යායන් මෙන්ම පශ්චාත් නූතන උපදේශන ප්‍රතිකාරත න්‍යායන්ද එහි ප්‍රතිඵලයකි. ඉතා මෑතකාලීන වූ එම න්‍යායන් මෙම කෘතිය මගින් ප්‍රථමවරට අපරට උපදේශන ක්‍ෂෙත්‍රයට හඳුන්වා දෙනු ලබයි. මේ අතර නූතන ප්‍රතිකාර ප්‍රවේශ වූ යථාර්ථ ප්‍රතිකාරය හා පවුල් පද්ධති ප්‍රතිකාරය වෙන්වී පශ්චාත් නූතන උපදේශන න්‍යායන් වශයෙන් සැලකෙන විසදුන් මූලික ලුහුඩු ප්‍රතිකාරය හා කථන ප්‍රතිකාරය දී මෙහිලා සටිස්තරාත්මක ලෙස හඳුන්වා දෙනු ලබයි. එම න්‍යායන් පිළිබද මුලික සංකල්ප, මූලධර්ම, ප්‍රතිකාරක සබඳතා ක්‍රමශිල්ප, උපාය මාර්ග ආදී වශයෙන් සරල සුගම ලෙස හදුන්වා දෙන බැවින් කවර උපදේශකවරයකුට වුවද ඒවා පහසුවෙන් භාවිතා කිරීමට හැකිවනු ඇත. උපදේශන ක්ෂත්‍රයේ නව නම්‍යතා කළඑළි දක්වන මෙම කෘතිය අපරට සියලු උපදේශන පාඨමාලා ගුරුභවතුන්ට කදිම මාර්ගෝපදේශයක් වනු ඇත. එසේම සියලු වෘත්තීය උපදේශක වරන්ට අත් පොතත් වනු ඇත. මේ හැර උපදේශනය විෂය හදාරණ සියලු විද්‍යාර්ථීන්ට නව දැනුම උකහාගත හැකි දැනුම් සාගරයක් වනු ඇත. මෙබදු අගනා කෘතියක් ප්‍රදාහය කිරීම මහාචාර්ය රෝලන්ඩ් අබේපාල උපදේශන මනෝ විද්‍යා විෂය ක්‍ෂෙත්‍රයට සිදු කළ විශිෂ්ට සේවයක් වශයෙන් අගය කරනු කැමැත්තෙමි. ආචාර්ය සමුදා සෙනරත් අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යනාංශය කොළඹ විශ්වවිද්‍යාලය Rs 500.00 Add to cart Buy
New Buddhiya, Bahuvida ha Bhawamaya Buddhiya හොවාර්ඩ් ගාඩ්නර් (1984) විසින් ඉදිරිපත් කරන ලද බහුවිධ බුද්ධි න්‍යාය මනුෂ්‍ය විභව්‍යතා සංවර්ධනය පිළිබඳ පශ්චාත් නූතනවාදී අර්ථකථනයක් වශයෙන් සැලකිය හැක්කකි. මානව ශක්‍යතා සංවර්ධනය පිළිබඳ සාම්ප්‍රදායික බැවහැරයන් උඩියටිකුරු කළ බහුවිධ බුද්ධි නන්‍යාය ඕනෑම දේකින් බුද්ධි වර්ධනය සිදුකළ හැකි බව අනාවරණය කරයි. දැනටමත් මෙම න්‍යාය ලොව පුරා අධ්‍යාපනික හා විවිධ ඉගෙනුම් ක්‍ෂෙත්‍ර කරා පැතිරි හමාරය. කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨය තුළ මෙම කතුවරයා විසින් (2001) ඉගැන්වීම් අරඹන ලද බහු විධ බුද්ධි නකාය මේ වනවිට සියලු තෘතීය, වෘත්තීය හා උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම් විෂයක් මෙන්ම ඉගැන්වීම් ක්‍රම ශිල්පයක් බවටද පරිවර්තනය වී ඇත. සැබැවින්ම බහු විධ බුද්ධි න්‍යාය දිළිදු රටවලට මෙන්ම අප වැනි ඌන සංවර්ධිත රටවලටද මහත් වූ සහනයකි. Rs 750.00 Add to cart Buy
New Chiththawega Kalamanakaranaya දෛනික ජීවිතය ගත කරද්දී ගෙදර දොර මෙන්ම රාජකාරී හෝ සේවා ස්ථානවලදී අත්දකින චිත්තවේගීය ගැටලු කිහිපයක් වස්තු කොටගත් මෙම කෘතිය උපදේශන මනෝවිද්‍යාවේ ව්‍යවහාරික අවබෝධය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ලියන ලද්දකි. එසේ වුවද උපදේශනය පිළිබඳ විවිධ මට්ටමින් ඉගෙනීම ලබන විද්‍යාර්ථීන්ට මෙන්ම මනෝ විද්‍යාව කෙරෙහි ඇල්ම දක්වන පාඨකයාටද චිත්තවේග කළමනා කරණය පිළිබඳ ගැටලු නිරාකරණය කරදෙන කෘතියකි. සරල සුගම බස් වහර ආයාසයකින් තොරව කියවා තේරුම් ගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. Rs 300.00 Add to cart Buy
New Bhikshuwage Urumaya මෑත ශ්‍රී ලංකා ඉතිහාසයට මහත් බලපෑමක් සිදු කළ මේ පොත ලියැවුණේ 1946 දී ය. මේ පොත, එතෙක් යටත්විජිත පාලනය තුළ වසර 400ක පමණ කාලයක් සමාජ දේශපාලන ක්‍රියාවලියෙන් පිටමං කොට තිබූ භික්ෂු සංඝය, නැවත එම අවකාශයට ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා මහත් ප්‍රයත්නයක් දැරූ ප්‍රභූ පංතියකට ලබා දෙන ලද පිළිතුරයි. යටත්විජිත පාලන කාලයක අභියෝග ජයගැනීමට ලියැවුණු මේ කෘතිය, අද ඔබ කියවන්නේ යටත්විජිත තත්වයෙන් මිදුණු රටක සිට ය. එදා පීඩිතයාගේ ආගමක් වූ බුද්ධාගම අද තව දුරටත් පීඩිතයාගේ ආගමක් නොවේ. එය රාජ්‍ය බලය හොබවන්නාගේ ආගමයි. එහෙයින් මෙම කාල අතර වෙනස පිළිබඳ අවබෝධයෙන් යුතුව මේ පොත කියැවිය යුතු ය. වෙනස් අවධියක ලියැවුණු කෘතියක් ඊට සැලකිය යුතු තරම් වෙනස් වූ අවධියක සිට කියවන විට මතුවන අභියෝග මොනවා දැයි හැදෑරීමට ද, එහි දී පාඨකයා තුළ ඇතිකර ගතයුතු සංයමය පිළිබඳ හැදෑරීමට ද, මෙම කෘතිය අත්පොතක් ලෙස භාවිතා කළ හැකිය. Rs 650.00 Add to cart Buy
New Pali ha Bauddha Adhyanayata Athwelak කර්තෘ ගෙන්... නාලි අට්ඨ කථා පිළිබඳව විමර්ශනය කිරීමේදී පළමුවෙන්ම අට්ඨ කථා යන්න විග්‍රහ කරගතයුතුය. ඒ අනුව අටුවා හෙවත් අට්ඨ කථා යනු 8ටක නලියෙහි ඇතුළත් වූ අර්ථ වශයෙන්ද අධිනය හෙවත් නොව වශයෙන්ද ගැඹුරු වූ නදයට හරන ලද අර්ථ වර්ණනාව අටුවා නම් වෙයි. මෙම අදහස තවදුරටත් සිංහල විශ්ව කෝෂයේ විග්‍රන කරන්නේ මෙසේය. "නුදෙන් දේශනා නලියෙහිදී අර්ථ කථාව දැන්වීමට 'අත්ථ' යන වචනය වදාළ බව දක්නට ඇත. නික්ෂු විභගයෙහි වදාළ අත්තාන සංතෝ" යන්නට සමන්තනාකාදිනා විනය අටුවාවෙහි අක්ඛු පස නොහි අට්ඨ කථා නිස්සි'(අන්ටු පස) යනු අටුවාව ඇසුරු කළේ) යන අර්ථය දන්වා ඇත. එසේම මනෝරථ පුරණයෙහි අත්ථතුකලොහි අට්ඨ කථාය ඡෙකො, අන්තමඤ්ඤාය ධම්මමඤ්ඤායානි අට්ඨකථදේව නළිව ජාගිත්වා' යි යන්නෙන් අට්ඨ කථා අටුවාව ද ධම්ම යන්නෙන් නළිය ද හඳුන්වන ලද්දේය. මෙසේ විනයෙහි හා කති වලද අනේතස්ථානයෙහි පෙළත් අටුවාවන් ධම්ම අත්ථ යන වචනයන්ගෙන් සඳහන් කොට ඇති හෙයින් අටුවාව ද බුද්ධ කාලීන බව පිළිගත යුතුය. (8ටුව 15) බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීමේදී සිහ හා ඒ හා සම්බන්ධ තවත් ප්‍රභේද විහුන කිරීම් වශයෙන් විවිධ වචන නොවීනා කොට ඇත. එහිදී බුදුරජාණන් වහන්සේ දින හුන කිරීම සඳහා උපයෝගී කරගත් වචන තුනත් මූලික වශයෙන් දැනගැනීමට පුළුවන. එනම් චිත්තමහ නා විඤ්ඤාණ නම් වේ. යං ව බො නික්ඛවෙ චිත්තං ඉතින් මනො ඉතින් මනො විඤ්ඤාණං මෙහිදී නම් තුනකින් අදහස් වන්නේ එතත්ව ඉපදී අනෙතත්ව නිරුද්ධ වී වෙනස්වන ස්වභාවයකට පත්වන අවස්ථාවන්ට අනුකූලවය. මින් පරිබාහිරව දිත හැඳින්වීමට දික නිහාය තුළදී චිත්ත නා මනෝ යන වචනද්වය භාවිත හළ බව පෙනේ. එසේම අනිධර්ම පිටකය තුළ පමණන් දින හැඳින්වීමට වචන දහයක් යොදාගත් බව ධම්මසංගණිපු තරණයේ සඳහන් තොරතුරු මගින් නූත්‍යක්ෂ වේ. එනම් "චිත්ත, මනෝ, මාහස, නදය, පන්දර, මහායන, විඥාණ විඤ්ඤාණත් බන්ධ, නර්තමනො, විඤ්ඤාණ ධාතු" යනුවෙනි. මෙහි නද නමුහය එනාර්ථවත් අයුරින් දිනම හඳුන්වන්නේද එකේ හඳුන්වන්නේ නම් එහි පද හරහා අර්ථය ගම්‍ය කරන්නේ ද යන්න විවාදාපන්නය. කෙසේ හෝ එම වචන සමූහය තුළ නවා මහ යන්න යොදාගත් බව පැහැදිලිය. (පිටුව 77) Rs 450.00 Add to cart Buy
New Sarthakathva Muladharma * දියුණුවේ රන් දොරටුව ලක්හඬ ගුවන් විදුලිය ඔස්සේ අභිමානවත් සේවාවක් ඉටු කරමින් ගුවන් ගතවන පුද්ගල පෞරුෂ වර්ධන සාකච්ඡා මාලාවයි. වසරේ විශිෂ්ටතම හා වාර්තාගතයුග මෙහෙවරක් ඉටු කළ හා ඉටු කරන දියුණුවේ රන් දොරටුව වැඩ සටහනෙහි මුද්‍රිත නිර්මාණය සාර්ථකත්ව මූලධර්ම ග්‍රන්ථයයි. ජාතික ගුවන් විදුලි සේවාවක් වන ලක්හඬත්, ජාතික පුවත් පත් වන දිවයින හා ලංකාදීපයත්, පොත් ප්‍රකාශන ක්‍ෂේත්‍රයේ කීර්තිමත් ශික්ෂා මන්දිර ප්‍රකාශන ආයතනයේත් සුසංයෝගය ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඉතිහාසයේ මින් පෙර සිදු නොවූවකි. 2002 මාර්තු මස සිට මේ දක්වා ම ලක්හඬ ගුවන් විදුලිය සතියකට විනාඩි 90ක් එක ම දේශකයකු සමඟ එක ම වැඩ සටහන් මෙහෙයවන්නකු සමඟ වාර්තාගත සබඳතාවක් පවත්වා ගෙන ඇත. එම සෑම සාකච්ඡාවක් ම "දිවයින" හා "ලංකාදීප" ජාතික පුවත්පත් නොකඩවා පළ කරන ලදී. මෙම වැඩ සටහනෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස සිතුමිණි සමාජ දිවයින පුරා බිහි වී ඇත. සාර්ථකත්ව මූලධර්‍ම පණිවිඩය ගම් නියම් ගම් හරහා ගෙන යාමට සිතුමිණි සමාජ දායක වෙමින් පවතී. ලක්හඬ ශ්‍රාවක, දිවයින හා ලංකාදීප පාඨක ජනතාවට ධනාත්මක චින්තනය වර්ධනය කරගැනීමට මෙම සිතුමිණි සමාජ අනාගතයේ දී ද උදවු වනු ඇත. මෙම ජාතික යුග මෙහෙවර ඉදිරි වසරේ දී වඩාත් සංවිධානාත්මක ව හා ජයග්‍රාහී ලෙස පවත්වාගෙන යාම වටනේ ය. පුද්ගල පෞරුෂය හා ජාතික පෞරුෂය ඉහළ නංවාලීමට අවශ්‍ය ශක්තිය මේ පොතෙන් සැමට ලබාගත හැකි වේ. Rs 400.00 Add to cart Buy
New Yowun Wiye Paurushaya Shakthimath Karaganimata Dhanathmaka Manowidya Praweshaya යෞවන විය යනු සුවිශේෂ වයස් පරාසයකි. දරුවා ළමා බවේ දළඹු කෝෂයෙන් මිදී යෞවන ලෝකයට සමනලයකු ලෙස පියාඹා යන්නේ යෞවන වයසේ දී ය. මෙතෙක් දෙමාපිය සෙවනේ ඔවුන්ගේ අණසක යටතේ සිටි ළමයින්ට යෞවන වයසත් සමග නිදහසක් ලැබේ. එහෙත් විභාග සමත් වීම, රැකියා සොයා ගැනීම, අනාගතය සුරක්‍ෂිත කර ගැනීම ආදි අභියෝග වලට ද මේ අවධියේ මුහුණ දීමට සිදු වේ. ලෝකයේ නව තාක්ෂණ දියුණුව හා සන්නිවේදනයේ බලපෑම වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඈත ගම් නියම්ගම් වලට ද පැතිරේ ඇත. භෞතික දියුණුව තව තවත් ඉහළට යන අතර ම මත් කුඩු, මත් ද්‍රව්‍ය හා ලිංගික ආශා උද්දීපනය කරන චිත්‍රපට, යොවුන් දරුවන්ගේ ගත සිතකුල්මත් කරවමින් මුළු රට ම ආක්‍රමණය කර ඇත. මෙම අභියෝග හා තර්ජන වලින් බේර් තම අපේක්‍ෂා කරා ළඟා වීමට යෞවනයන්ට මග පෙන්වීම, දිරි ගැන්වීම වැඩිහිටි අපගේ වග කීම වන්නේ ය. Rs 400.00 Add to cart Buy
New Sarthaka paul jeewithayakata වර්තමාන සංකීර්ණ සමාජයේ පවුල් සංස්ථාව නොයෙකුත් හැල හැප්පීම්වලට ගොදුරු වී ඇත. විවාහ සහකරුවකු තෝරා ගැනීමේ සිට විවාහය, විවාහ ජීවිතය, දරුවන් හදා වඩා ගැනීම, දරුවන්ගේ හා තම තමන්ගේ වැඩිහිටි ජිවිතය ගත කරන අන්දම පිළිබඳව නව දෘෂ්ටි කෝණයකින් බැලිය යුතුව ඇත. මේ පොත නව සමාජයේ පිටත් වීමේ දී මතුවන ගැටලුවලට නිවැරදි පිළිතුරක් සොයාගත හැකි මග මනෝ විද්‍යා පදනමක් ඔස්සේ ලබාදීම අරමුණු කොට ලියා විවාහ ජීවිතය සාර්ථක කරගැනීම. දරුවන් හදා වඩා ගැනීම. දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගැනීම. පුද්ගල පෞරුෂය දියුණු කරගෙන ගැටළු වලට මුහුණ දෙන අන්දම පවුල් ගැටළු වලට සාර්ථකව මුහුණ දෙන අන්දම් ආදිය මෙහි සවිස්තර ව හා ප්‍රමාණාත්මකට සාකච්ජා කෙරේ. මෙම කෘතිය සෑම විවාහකයකුට ෂී, විවාහපේක්ෂකයකුට ම හා දරුවන් හදා වඩා ගන්නා දෙමාපියන්ට සහ යෞවන යෞවනියන්ට ද අත් පොතක් ලෙස භාවිතා කළ හැකිය. Rs 400.00 Add to cart Buy
New Abiyoga Jayagath Daruwo අභියෝග ජයගත් දරුවෝ සැබෑ වශයෙන්ම අභියෝග හමුවේ නොසැලි නොවැටී, නොපැරදී තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත් සරසවි සිසුන් රැසකගේ ජීවන කතා එකතුවකි. ශ්‍රී ලංකාවේ සිවුදෙස ජිවත් වන, විවිධ මට්ටමේ ආර්ථික සාමාජික පසුතලවල ඉපිද හැදී වැඩි, විවිධ පාසල් වල ඉගෙන ගෙන අඩියෙන් අඩිය, වරෙක වැටෙමින්, තව වරක නැගිටිමින්, දුවමින් අවසන සරසවියට ඇතුළත් වීමේ කඩුල්ල පැනගත් උද්‍යෝගිමත්, අධිෂ්ඨානශීලී තරුණ තරුණියන්ගේ කතාන්දරයකි. මෙම ස්වයං ලිඛිත චරිත කතා වර්තමානයේ පාසල් වල ඉගෙන ගන්නා සිසුනට ශක්තියක්, ධෛර්යයක් හා මහත් අභිප්‍රේරණයක් ලබා දෙනු ඇත. ඔව්! මට පුළුවන්! මටත් සාර්ථකත්වයට පැමිණිය හැකියි යන අදහස ළමයින් තුළට කා වැද්දීමට හොඳම පොතක් ලෙස අභියෝග ජයගත් දරුවෝ" හඳුන්වා දිය හැකි ය. Rs 450.00 Add to cart Buy
New Sithumini ජාතික රූපවාහිනියෙන් ඔබ නැරඹු කතාබහ, සිතුමිණ හා සිතිවිලි යන මනෝවිද්‍යාත්මක වැඩසටහන් හා තරු, ඉසිර, පවන, ලක්හඬ හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ ස්වදේශීය අංශයේ උදාහිර වැඩසටහන යටතේ ඔබ ඇසූ කතාවන් හා සිරිකත, නවලිය, විජය, තරුණි පුවත් පත්වල ඔබ කියවූ මනෝවිද්‍යාත්මක ලිපි.සිය ගණනක් අතරින් තෝරාගත් ලිපි එකතුවක් සිතුමිණි නමින් ඔබ අතට එයි. Rs 200.00 Add to cart Buy
New Jeewithaya Jayaganna කර්තෘ ගෙන්... 'අදුරට සාප කරමින් සිටිනවාට වඩා එක ඉටිපන්දමක් දැල්වීම වටනේය . It's better to light one candle than to curse the darkness." මෙම චීන අප්තෝපදේශය අප හැම අයකුගේ ම සිත තුළට තදින් ඇතුළත් කරගත යුතු වේ. අප අප මත් අපේ ඉදිරි පරපුරත් යළි ප්‍රසන්න සුන්දර ධනාත්මක ලෝකයකට කැඳවා ගෙන යා යුතු කාලය එලඹ ඇත. ලොව ප්‍රශ්න නොතිබු කාලයක් තිබී නැත. වරෙක දෙවියකු ද පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළේ. ඇතුළතත් ගැටලු ය. පිටතත් ගැටලු ය, ගැටළු වලින් පිරි මේ ලෝකයේ ගැටලු වලින් මිදෙන්නේ කෙසේ ? යනුවෙනි. මේ තත්ත්වය සෑම කල්හි ම, සෑම රටක ම, සෑම අයකුට ම සාධාරණය. ගැටලු හා ප්‍රශ්න ගැන දොස් නගමින් සිටීම පහසු ය. එහෙත් එය යකඩයෙන් මතු වී යකඩයම කා ගෙන යන මළකඩ මෙන් යකඩය විනාශ කරනු ඇත. උගත් මිනිසුන් වන අප මේ මළකඩ සූරාදමා යකඩය පිළිසකර කර යළි මළකඩ කෑමට නොහැකි පරිදි තීන්ත ආලේපයක් ගල්වා ශක්තිමත් කළ යුතු වේ. Rs 400.00 Add to cart Buy
New Dhanathmaka Chinthana ධනාත්මක චින්තනයට හා පෞරුෂ සංවර්ධනයට උපකාරී වන සාහිත්‍ය ක්ෂේත්‍රයට අලුතින් ම එකතු වන පොත් පෙළයි මේ. ධනාත්මක ව සිතන ජාතියක් ගොඩනංවා ගැනීමට ළමා වියේ සිට ම තමාට යමක් කළ හැකි ය යන ආකල්පය ඇති ජනතාවක් බිහි කර ගත යුතු ය. එය අපි සැම ඉසවුවකින් ම ආරම්භ කළ යුතු ය. පාසල් වයසේ දරුවන්ට ඉගැන්විය යුත්තේ කවර අභියෝගයක් වුව ද ජය ගත හැකි බව යි. අපට ප්‍රශ්න හෝ ගැටලු නැත. ඇත්තේ අභියෝග හා අවස්ථා පමණි යන අයුරින් සිතීමට සිසුන් පුරුදු කළ යුතු ය. මේ උත්සාහය ඒ සඳහාය. මෙම ලිපි දරුවනුත්, දෙමාපියනුත් එක්ව කියවිය යුතු ය. සාකච්ජාවට ගත යුතු ය. අත්හදා බැලිය යුතු ය. අප සිතන කියන හා කරන හැම ක්‍රියාවලියක්ම පළමු පෙළ අයකු ලෙස සිතන්නට, කියන්නට හා කරන්නට හුරු විය යුතු ය. ඔබට පළමු පෙළ අයකු වීමට මෙම ධනාත්මක චින්තන ලිපි සංග්‍රහය මිතුරකු මෙන් උදවු කරනු ඇත. ඔබ ගෙදර සිටියත්, පාසලේ සිටියත් කාර්යාලයේ සිටියත්, වාහනයේ සිටියත් ඔබ ළඟ සිටින හොඳ ම මිතුරා බවට ධනාත්මක චින්තන පොත් ළඟ තබා ගන්න. Rs 250.00 Add to cart Buy
New Buddimath daruwaku hada wadagatha haki maga කර්තෘ ගෙන්... 21 වන ශතවර්ෂයේ ලෝකය, නව තාක්ෂණ හා විද්‍යා ලෝකයකි. තොරතුරු තාක්ෂණය, සයිබර් අවකාශය මගින් සමස්ත ලෝකය ම හසුරුවන ලබන විශ්ව ගම්මානයක අද අපි ජීවත් වෙමු. විශ්ව ගම්මානයේ ජීවත් වීමේ දී විශ්ව පුරවැසියකු බවට පත්වීමට අපි අපේ දරුවන්ට ඉගැන්විය යුතු වෙමු. මෙම අධිවේහි, අධි අපේක්ෂා සහිත, අධි ක්‍රියාකාර් ලෝකයේ සාර්ථකට ජීවත් වීමට දැනට දියුණු කරගෙන ඇති ක්‍ෂීරපායි මොළය ප්‍රමාණවත් නොවන තරම් ය. මේ නිසා නව ලෝකයට නව මානවයකු බිහි කරගැනීම වර්තමාන දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ වගකීමකි. අප කැමති වුවත් අකැමති වුවත් අප අද ජීවත් වන්නේ තොරතුරු තාක්ෂණ ලෝකයක ය. අන්තර්ජාල, පර්ගණක, ස්මාර්ට් ෆෝන් මගින් සමස්ත ලෝකයම දරුවාගේ අල්ල මතට ගෙනවුත් දී ඇත. මුහුණු පොත (Face Book) විටර, වයිබර්, වට්ස් ඇප්, ඉමෝ මගින් නොමිලයේ සයිබර් අවකාශයේ සංචාරය කළ හැකි ය. පරිගණක ක්‍රීඩා අසීමිතව නොමිලයේ බාගත හැකි ය. වයිෆයි ද නොමිලයේ ලැබුන විටක මේ සයිබර් අවකාශයේ ඔබේ දරුවා නන්නත්තාර විය හැකි ය. ලිංගික දර්ශන, මත්පැන්, මත්කුඩු සියලු බාධක බිඳ ගෙන ඔබේ ගමට හා ගේ දොරකඩටම පැමිණි ඇත. මේ ගල් රෝල අපට අත තබා නැවතිය නොහැකි ය. නමුත් එම ගල්රෝලට හසු නොවී තැවී පොඩි වී නොගොස් අප අපගේ ගමන යන්නේ කෙසේද යන්න දරුවන්ට කියා දිය යුතු ය. ඒ සඳහා සිත දියුණු කරගෙන, මඩෙහි උපනත් මඩෙහි නොගිලි මතුවන නෙළුමක් මෙන් මතුවන ආකාරය, පූර්ණ ලෙස විකසිත වන ආකාරය ඔබේ දරුවාට කියා දිය යුතුව ඇත. මේ පොතඒ සඳහා ඔබට මගපෙන්වනු ඇත. උදව් වනු ඇත. ඔබත්, ඔබේ දරුවනුත් එක්ව කියවිය යුතු. ගෙදර පුස්තකාලයේ තබාගෙන යළි යළිත් කියවා පෝෂණය විය යුතු විශිෂ්ට ග්‍රන්ථයකි. Rs 450.00 Add to cart Buy
New Lama manovidyawa ha lama arakshaka ළමා මනෝවිද්‍යාව විෂය ක්‍ෂේත්‍රය මෑත අවධියේ බෙහෙවින් ජනප්‍රිය හා අත්‍යවශ්‍ය විෂය ක්ෂෙත්‍රයකි. ඇල්ෆා පරම්පරාව (Generation Alpha) ලෙස නම් කර ඇති වර්තමාන ළමයින් මෙලොවට බිහිවනුයේ අප පෙර දී නුදුටු නව ලෝකයකට ය. ඉපදීමට පෙර සිට ම තාක්ෂණික මෙවලම් පරිහරණය කරන ශබ්ද, ගර්භාශයේ සිටිය දී ම දරුවන්ට ඇසී ඇත. උපත ලබා පා තබනුයේ සයිබර් අවකාශයකට ය. රූපවාහිනිය, පරිගණකය, ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය, කැසට්, වීඩියෝ, වර්ණ සහිත තිර වල රූප දකින නවතම ලෝකයකට ය. නව ලොවට පා තබන නව දරුවන්ට කෙසේ ඉගැන්විය යුතු ද? සිදුවිය හැකි ව්‍යසන කවරේ ද? ඔවුන් බලාගෙන සිටින දර්ශන වලින් කුමක් තෝරාබේරා ගන්නේ දැයි වැටහීමක් ඔවුනට නැත. නව ඩිජිටල් යුගයෙහි ස්වභාවය හා අර්බුදකාරී බව Eric Schmidt හා Jared Cohen විසින් තම "New Digital Age" පොතෙන් හඳුන්වා ඇත්තේ Vuca Age (Violence, Uncertainty, Complexity And Ambiguity) (කැරලි සහිත බව, අවිනිශ්චිත බව, පැටලිලි සහිත සහ අවුල් සහිත බව සහ ව්‍යාකූලතාවෙන් පිරි) අවධියක් බව යි. බාහිර පරිසරයෙන් ලැබෙන මෙම ව්‍යාකූල බව නිසා මිනිස් මනස ද නොසන්සුන්ව නිතරම දොඩමළු වෙමින් ඇත. මේ නිසා මනස ද අවුල් ය. සතිමත් බවක් නැත. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස විකෘති සමාජයක් බිහි වෙමින් ඇත. Rs 1,200.00 Add to cart Buy
New Lama Manovidyawa - Lama Sanwardhanaya Ha Lama Arakshanaya පෙර පාසල් ගුරුවරියන්ට ගුරු පුහුණු පාඨමාලා - හදාරන ගුරුවරුන්ට දරුවන් හොඳින් හදා වඩා ගන්නට උනන්දු වන දෙමාපියන්ට අත්පොතකි. ළමයින් හදා වඩා ගැනීමේ දී ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවන් හා අවශ්‍යතාවන් පිළිබඳව නිවැරදි වැටහීමක් දෙමාපියන් තුළ තිබිය යුතු ය. පුර්ණ පෞරුෂ වර්ධනයකින් යුතු ළමයෙකු හදා වඩාගත හැකි වනුයේ ළමයා ගේ කායික, බුද්ධිමය, චිත්තවේගික හා සාමාජික යන අංශයන්හි වර්ධනය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති විට පමණි. ළමයින්ගේ වර්ධන රටාව සහ ස්වරූපය පිළිබඳව පැහැදිලිව දැන ගැනීමට සිංහල පාඨකයන්ට තිබූ අවහිරය මේ පොත නිසා මගහැරී යයි. නූතන පර්යේෂණ වලින් හෙළි වූ නව තොරතුරු ද ඇතුළත් කොට, ළමා මනෝ විද්‍යාව පිළිබඳ නව දැනුම සරල, සුගම බසින් සිංහල පාඨක ලෝකයා වෙතගෙන ඒමට කතුවරු සමත්ව සිටිති. දරුවන් හදා වඩා ගැනීමෙහි නියැලි සැම දෙනා ළඟ ම තිබිය යුතු පොතකි. Rs 1,200.00 Add to cart Buy
New Maranaya Ha Maranaya Pilibanda Vidyava මරණය හා මරණය පිළිබඳ විද්‍යාව ග්‍රන්ථය මෙලොව ජීවිතය නිවැරදිව වටහා ගැනීමටත්, ජීවිතය සැපවත් කර ගැනීමටත් ඔබට බෙහෙවින් උපකාර වනු ඇත. Christine Longaker දුක් වේදනාවට පත්ව කෙඳිරී ගාමින්, වැළපෙමින් රෝගීව සිටින හා මරණය අබියස, එය පෙනී පෙනී සිටින අසාධ්‍ය රෝගීන්ට උවැටන් කරමින් ඔවුන් එම දුකෙන් බේරා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය Facing Death and Finding Hope ග්‍රන්ථයේ දක්වා ඇත. රෝගීන්, වයසක දෙමාපියන්, වැඩිහිටි නිවාසවල සිටින මහලු අය රැකබලා ගන්නන්, පිළිකා හා එඩ්ස් වැනි රෝග වලට ගොදුරු වූවන්ට උදව් කරන අයට තම මිතුරකු දුකට හා විපතට පත් වූ විටෙක කටයුතු වඩා නිවැරදි ව කළ යුතු ආකාරය වටහා ගැනීමට මෙම පොත මහඟු රුකුලක් වනු ඇත. නිවැරදි ක්‍රමය දැන ගෙන එය ඉටු කිරීම මහඟු පිනක් වේ. මිය යන පුද්ගලයකුට සිහි නුවණින්, සිත සැනසිල්ලේ මිය යාමට උදව් කිරීම තරම් වූ තවත් යහපත් පුණ්‍ය කටයුත්තක් නොමැති තරම් ය. එම පුණ්‍ය කර්මය නිවැරදි ව හා හොඳින් ම කර ගැනීමට ඔබට මෙම පොත උදව් වනු ඇත. Rs 350.00 Add to cart Buy
New Sarthakathvayata Pahasu Manpeth ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට ඍජුව ම උදවු වන ප්‍රායෝගික ක්‍රියාමාර්ග අන්තර්ගත හස්තසාර ග්‍රන්ථයකි. බොහෝ දෙනකු දියුණු නොවන්නේ ඔවුන් තුළ ඇති නොහැකියාව නිසා නො වේ. පරාජයට හේතු වන සාධක හඳුනා ගෙන ඒවා ජය ගෙන දියුණුව කරා ගමන් කරන මාර්ගය නොදන්නා නිසා ය. බොහෝ දෙනෙකු අසමත් වන්නේ අන් කිසිම බාහිර හේතු නිසා නොව ඔවුන් තුළ ම ඇති අසමත් වීමට හේතු වන පුරුදු ය. එම අසමත් වීමේ පුරුදු අතර පැහැදිලි අරමුණක් නැතිකම ඍණාත්මක චින්තනය. ඵලදායිත්වය අඩුකම, ජීව ශක්තිය නැතිකම. තම මතය පැහැදිලි ව ඉදිරිපත් කිරීමේ නොහැකියාව. හැකිළුණ චිත්ත සැලසුම්. දුබල ආත්ම ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීම ආදිය ඉන් සමහරකි. පරාජයන්ට හේතු වන මෙම සාධක වලට අභියෝග කරන්න ඉගෙන ගන්න. ඒ සඳහා ඔබට මෙම පොත උදවු වනු ඇත. මේ පොතේ එන උපදෙස් පිළිගැනීමෙන් හා ක්‍රියාත්මක කිරීමෙන්, ඔබේ සම්පත් හා වස්තුව වැඩි කරගත හැකි ය. සාර්ථකත්වය, සන්තුෂ්ටිය හා පුද්ගල සබඳතා දියුණු කරගත හැකි ය. මාස කීපයක් තුළ දී ම ඔබ දියුණුවේ හිණි පෙත්තට ළඟාවනු ඇත Rs 600.00 Add to cart Buy
New Manik Gal Sathu Wishmitha Balaya පරිවර්තක ගෙන්... "මැණික් ගල් සතු විශ්මිත බලය" නමින් ඔබ අතට පත් වනුයේ මැණික් විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වූ Michael Katz විසින් ජර්මන් බසින් රචිත Wisdom of the Gemstone Guardian නම් අගනා ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයයි. කතුවරයා තම පෙරවදනෙහි හා කෘතඥතා දැක්වීම් සටහනෙහි ද තුති පුදා ඇති පරිදි මෙම පොතෙහි එන අදහස් ඔහු වෙතට ලබා දුන්නේ අපර ලෝකයෙන් (inner world) මැණික් ගල් වලට අධිපති උතුමන් සමග සාකච්ඡා පැවැත් වූ, විශේෂිත බලයක් සහිත වූ කාන්තාවක විසිනි. ඒ ඒ මැණික් ගල්වලට අධිපති ආරක්‍ෂක උතුමන් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡා ලෙස මෙම ග්‍රන්ථය රචනා කර ඇත. Michael Katz සඳහන් කරන පරිදි එම විශේෂිත හැකියාවක් තිබූ කාන්තාවගේ සහාය නොවන්නට මේ පොත ලියැවෙන්නේ නැත. Katz පවසන පරිදි, මෙම පොතෙහි අන්තර්ගත වන්නේ මැණික් ගල්වලට අධිපති උතුමන් (Gemstone Guardian) විසින් දෙන ලද සම්මුඛ සාකච්ඡාවල එකතුවකි. එතුමා සඳහන් කරන පරිදි, මෙම පොතෙහි දක්වා ඇති මැණික් ගල්වල රෝග සුව කිරීමේ ගුණයක් ඇත. එම මැණික්වල නියම ගුණාංගය සහ චිකිත්සක බලය ලබා ගැනීමට නම් ඒ ඒ මැණික්වලට විශේෂිත වූ වර්ණය, ගුණය, පිරිසිදු බව හා සංගතතාව යන ප්‍රමිත කළ සාධක සහිතඒවා විය යුතුයි. එසේ නොමැති ව හුදු වාණිජ පරමාර්ථයෙන් නිර්මාණය කරන බාල මට්ටමේ කෘත්‍රිම මැණික් වලින් එම බලය ලබාගත නොහැකි ය. Rs 2,000.00 Add to cart Buy
New Kantha Manovidyawa ha Kanthawadi Upadeshanaya කාන්තා මනෝ විද්‍යාව හා කාන්තාවාදී උපදේශනය නම් වූ මෙම කෘතිය අදාළ විෂය පිළිබඳ සිංහල මාධ්‍යයෙන් පළ වූ ප්‍රථම කෘතිය වෙයි. මෙහි විශේෂ වැදගත්කම නම් කාන්තාවාදී දෘෂ්ටිය හුවා දක්වමින් පුරුෂයකු විසින් ලියන ලද වීම ය. කාන්තා වාදය ගැන බොහෝ සෙයින් ලියා ඇත්තේ කාන්තා ලේඛිකාවන් වන හෙයින් මෙය නවමු අත්දැකීමක් විය හැකිය. කාන්තා මනෝ විද්‍යාව, මනෝවිද්‍යාවේ අනෙකුත් ශාඛා වලට වඩා ඉඳුරා වෙනස් ය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, පුරුෂවාදී දේශපාලනයෙන් කාන්තාව මුදවා ගැනීම, බලය බෙදා ගැනීම, කාන්තාව බලගතු කරණය හා කාන්තාව යටපත් වීමෙන් මුදවා ගැනීම යන පංච මූලධර්ම මතගොඩනැගී ඇති කාන්තා මනෝ විද්‍යාව මෙම කෘතිය මගින් මැනවින් අර්ථකථනය කරනු ලබයි. එසේ ම පවතින සමාජ ක්‍රමය තුළ කාන්තාව ඔසවා තැබිය යුත්තේ කෙසේදැයි මෙම කතුවරයා විග්‍රහ කරයි. තමන් කවු ද? තමන්ගේ නියම ස්වරූපය කවරේ ද? යන්න තේරුම් ගෙන, සීමා පවුරු බිඳ ඉවත හෙළා ස්වයං බලවන්ත කරණය වීමට කැමැති සෑම කාන්තාවක් ම මෙම කෘතිය කියවිය යුතු වේ. කියවා ඉවත හෙළනු වෙනුවට එහි සාරය එන්නත් කරගෙන අන්‍යයන්ට ද එසේ කළ යුතු වේ. Rs 500.00 Add to cart Buy
New Sandushtika Ha Manushika Manowidya Praweshaya ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රටක මානසික සෞඛ්‍යය සංවර්ධනය සඳහා නිර්දේශ 10 ක් ඉදිරිපත් කර ඇත. ඉන් එක් නිර්දේශයක් වනුයේ මානව සම්පත් සංවර්ධනයයි. මනෝ උපදේශක වෘත්තිකයන් ද මානසික සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයට අයත්වන වැදගත් මානව සම්පතකි. එනයින් මහාචාර්ය රෝලන්ඩ් අබේපාල හා කථිකාචාරීණී අරුන්දතී අබේපාල එක්ව ලියා ඇති සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශ' නමැති අගනා ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ උපදේශන මනෝ විද්‍යාව හදාරන විද්‍යාර්ථීන්ට අතිශයින්ම ප්‍රයෝජනවත් කෘතියක් වන අතරසෑම මිනිසකු තුළම පවතින මානසික ශක්තිය හා විභවය පිළිබඳ සාකච්ඡා කරන සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශයේ දර්ශනය න්‍යායන් හා ප්‍රායෝගික භාවිතය සරල ව පැහැදිලිව නිවැරදිව හා අදාළව පාඨකයාට මිතුරු ලෙසින් මෙහි ලියැවී ඇත. Rs 300.00 Add to cart Buy
NewOut-of-Stock Sigmund Freudge Manowishleshanawadaya Out-of-Stock මහාචාර්ය රෝලන්ඩ් අබේපාලයන් විසින් රචිත සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනොවිශ්ලේෂණවාදය නමැති මනෝවිද්‍යා කෘතිය මනොවිශ්ලේෂණවාදී ප්‍රවේශයඉතා සරල බසින් එහෙත් ගැඹුරින් පැහැදිලි කරනු ලබන සිංහල බසින් ලියවුණු විශිෂ්ට කෘතියක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. Rs 800.00 Details View details
New Kotipathiyeku Wimata Nam එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය.ඔහු ජීවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි.ඩොලරයක් ණයට ගෙන,ඉතිරි කිරීමේ ගිණුමකට බැර කරන මෙන් මම ඔහුට උපදෙස් දුනිමි.මුදල්වල වැදගත්කම ඔහුට වැටහුනේ එසේ කළ දිනයේය. Rs 390.00 Add to cart Buy
New Manovidya Upadeshana Praveshaya මානව ගැටලු විසදා ගැනීමෙහිලා මනෝවිද්‍යාත්මක උපදෙශනය අතිශය ප්‍රශස්ථ ය. එම න්‍යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ්‍යතාවයකි. මනෝවිද්‍යා උපදෙශන න්‍යායන් සම්බන්ධයෙන් ලාංකීය අධ්‍යයන ක්ෂ්‍රේත්‍රයෙහි ප්‍රමාණික ග්‍රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව්‍යායාමයකි. ඒ සම්බන්ධයෙන් සිදුකොට ඇති ශාස්ත්‍රීය විමර්ශන අතිශය දුබල වීම ඊට හේතුව යි. ''මනෝවිද්‍යා උපදෙශන ප්‍රවේශ'' නමැති මෙම කෘතිය මගින් එම අවශ්‍යතාව පූර්ණය වනු නොඅනු මානය. Rs 490.00 Add to cart Buy
New Jeewithayen Pasu Jeevithaya බුදුදහම ලෞකිකත්වය ද ආධ්‍යාත්මිකත්වය ද පිළිබඳ පරිපූර්ණතම ආකල්ප ඉදිරිපත් කරන ආගමික ඉගැන්වීමකි.ලොව විකසිතවූ දහම් පුෂ්පයේ සුවඳ විඳීමට බොහෝ ජනයා අතීතයේ පෙළ ගැසුණහ. වත්මන් ලාංකේය බෞද්ධයා දහම් සුවඳෙහි හෝ රසයෙහි අගය නො දන්නා නිලමැසි චින්තනයෙන් යුක්ත අවස්ථාවක මීමැසි සමනළ බොදු සිත් පුබුදු කරන දහම් සිසිලත් සුවඳත් මුසුවූ ග්‍රන්ථයකි මෙය. ශාස්ත්‍රීය කර්කශ බවෙන් තොර වූ ද ඕලාරික දහමේ විවරණයන්ගෙන් තොර වූ ද මෙවන් දහම් පොත් පත් යුගයේ අවශ්‍යතාවකි. බුදුවදන යැයි මුසාවදන් පතුරුවන්නන්ට ද සාමාන්‍ය බෞද්ධයා අමතක කළ බෞද්ධ උගතුන්ට ද ආදර්ශයක් වන ජීවිතයෙන් පසු ජීවිතය නැමැති මෙම ග්‍රන්ථය ගිහි පැවිදි උගත් නූගත් කාටත් අර්ථසම්පන්න බෞද්ධ හස්තසාර ග්‍රන්ථයක් සේ හැඳින්විය හැකිය. Rs 850.00 Add to cart Buy