Ramaknknvansa Deepaniya
Out-of-Stock
රාමඤ්ඤවංස දීපනිය - සිරි ලංකා රාමංඤ්ඤ නිකාය ආරම්භ කිරීමේ දී ම එහි චිර පැවැත්මට අදාළ ව මූලික අඩිතාලම දැමීමට දූරදර්ශී වූ ආරම්භක මහ තෙරවරු පරපුරින් පරපුරට ලිවිය හැකි වන සේ රාමඤ්ඤවංස දීපනිය නමින් වංස කථා ග්රන්ථයක් ද ලියා තැබූහ. නිකායේ තෙවන හා සිව් වන මහා නායක පදවි උසුළා වදාළ ඕබඩකන්දේ විමලානන්දතිස්ස, මාතර ඤාණින්දාසභ යන දෙනම එහි කතෘවරු වෙති. එම ඓතිහාසික ග්‍රන්ථය සංවර්ධනය කරමින් "මහානායක සාදු චරියා" නමින් දෙවන කාණ්ඩයක් එකතු කොට අභිනවයෙන් සකස් කැරුණු මෙම කෘතිය ශාසන ඉතිහාසය සම්බන්ධයෙන් ඉතා වැදගත් වූවකි.
ව්‍යක්ත, විනීත, විසාරද, බහුස්සුක, ධම්මධර, ධම්මානුධම්ම පටිපන්න වූ, ගුණ වෘද්ධ, ඥාන වෘද්ධ, වයෝ වෘද්ධ, තපෝ වෘද්ධ භික්ෂුවක් ම මහා නායක පදවියට පත් කර ගැනීම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය, ආරම්භයේ සිටම අනුගමනය කළ ශාසන සම්ප්රදාය වෙයි. එබඳු මහානායක පරම්පරාවේ අපවත් වී වදාළ එකොළොස් නමකගේ උදාර සාදු චර්යාවන් පිළිබඳ සත්‍ය තොරතුරු මෙහි අන්තර්ගත කොට තිබේ. එබඳු උතුමන්ගේ චරිත අධ්‍යනය කිරීමෙන් වර්තමාන පරපුරට ගත හැකි ආදර්ශ බොහෝ ය. ඒ සඳහා පිටිවහලක් වන සේ රාමඤ්ඤවංස දීපනියට දෙවන කාණ්ඩයක් එකතු කර අභිනවයෙන් සකස් කිරීමෙන් සංස්කාරකවරුනුත්, ග්‍රන්ථය ප්රකාශනයට පත් කිරීමෙන් දේශබන්ධු සිරිසුමන ගොඩගේ මැතිතුමාත් කැරැ ඇත්තේ බුදු සසුනේත්, රාමඤ්ඤ නිකායෙත් ඉතිහාසයේ ගමන් මගට නවාලෝකයක් ලබා දීමකි.

Rs 180.00
Rs 200.00