Aranaka Nivena Sitha "අරණක නිවෙන සිත" නැමති මෙම කෘතිය මානසික දියුණුව උදෙසා අරණ්‍යගත භාවනාවේ ඇති වටිනාකම විවරණය කරන අතර ධර්මාවබෝධය උදෙසා වෙරදරන සිව්වණක් පිරිසට ම අතිශය ප්‍රයෝජනවත් වන්නකි. Rs 2,500.00 Add to cart Buy
Out-of-Stock Sathipattana Bauddha Bhawanawe Hadawatha - 'The Heart of Buddhist Meditation' Out-of-Stock මෙම පරිවර්තනයේ මුල් ග්‍රන්ථය වන ඤාණපෝණික හිමියන්ගේ 'The Heart of Buddhist Meditation' නම් කෘතිය දැනට වර්ෂ හතළිස් පහකට අධික කාලයක් තිස්සේ මුද්‍රණය වෙමින් පවතින, එමෙන්ම භාෂා දහයකට පමණ පරිවර්තනය වී ඇති ආධ්‍යාත්මික ගුණයෙන් අනූන සම්භාව්‍ය ග්‍රන්ථයකි. Rs 1,100.00 Details View details
Athek Barata Wasthu Katha කුඩා අවදියේ දරුවන් කථා ඇසීමට වැඩි රුචිකත්වයක් දක්වයි. කුඩා අය පමණක් නොව ළමා වැඩිහිටි මහළු අයට පවා මේ රුචිකත්වය අඩු නොවේ. ධර්ම දේශනා කරද්දී ජාතික කථා පොත් වහන්සේ ගෙන හැර දක්වන බෝධි සත්වයන් වහන්සේගේ අතීත කතා දැඩි භක්තියෙන් යුතුව අසා සිටීමට අප කවුරුත් පුරුදු පුහුණුව සිටී. එම කථා පොත් වශයෙන් සකස් කර තැබීම නිසා කියවන ලියන කරුණු සොයන බොහෝ දෙනෙකුට මහත් මෙහෙයක් ඉටු කරයි. ඇතැම් කථා ප්‍රසිද්ධ විභාග සඳහා නිර්දේශ කර ඇත. Rs 1,500.00 Add to cart Buy
Katha Sarith Sagaraye Katha කථා නමැති ගංගාවන්ගෙන් සැදුණු සාගරය යන තේරුම ඇති මෙම කථා සරිත් සාගරය' පුරාණ සංස්කෘත විචිත්‍ර තථා සංග්‍රහයකි. කාශ්මීරයේ අමාන්තරජතුමාගේ බිසව වන සූර්යවතී බිසවගේ කලකිරීමක් දුරුකොට මනෝ විනෝදය ඇති කිරීම සඳහා මෙය ලියූ බව සඳහන් වෙයි.දෙවියන්, බ්‍රහ්මයන්, භූතයන්, ප්‍රේතයන්, පිසාවයන්, රජවරුන් මෙන්ම හොල්මන්, අවතාර, උඩින් බිමින්, ගමන් කිරීම් ආදියෙන් පිරුණ මෙම කථා හර්ෂ, ත්‍රාස, අද්භූත ආදී වශයෙන් විවිධය. Rs 450.00 Add to cart Buy
Out-of-Stock Nelli Kale Weerayo Out-of-Stock කතෘ ගෙන්... ළමා විය සුන්දරය. එහි වාද බේද බොහෝ දුරට හීනය. සතුට, සැනසුම ළමා වියේ ජීවය වේ. එහෙත් දියුණුවේ හිනි පෙත්තට පය තැබීමට මිනිසා දරන වෑයම ක්‍රමානුකූලව නොවන නිසා විටින් විට එක් එක් මාරකයන් මගින් සුන්දර ළමා ලොව විනාශ කරන අවස්ථා අපට අද සමාජයේ සුලභව දක්නට ලැබේ. කුඩා කළ වැරදි මග ගොස් නොමග යන දරුවා වැඩිවියට පත් වූ විට සමාජයෙන් පළිගැනීම වැලැක්විය නොහැකි දෙයකි. ළමා පරපුර කෙරෙන් මෙසේ විද්‍යාමාන වූ ගති ලක්ෂණ උරුමයන් කෙරෙහි විශාල වෙනසක් කිරීමට බාල දක්ෂ ව්‍යාපාරය කරනුයේ මිල කළ නොහැකි සේවයකි. මම බාල දක්ෂයෙකු සේ ලබාගත් අත්දැකීම් 'නෙල්ලි කැලේ වීරයෝ' නමින් ඔබ වෙත ඉදිරිපත් කරමි. මෙහි මුල් පිටපත මා ලියා අවසන් කළේ මා නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවධියේ දීය. එබැවින් මේ පිළිබඳව සාධාරණ විවේචන ඇතොත් සතුටින් භාර ගනිමි. අවසන් වශයෙන් මම ඔබෙන් මෙය ඉල්ලමි. ජාති, ආගම්, කුල, වර්ණ භේදයන්ගෙන් ළමා පරපුර බේද නොකර ඔවුනට හිමි සුන්දර ලෝකය සැමදාමත් රැක ගැනීමට ඔබේ සහාය ලබා දෙන්න Rs 400.00 Details View details
Sri Lankeya Shasanika Mathagatum Ha Nirakarana Krama ශ්‍රී ලාකේය ශාසනික මත ගැටුම් හා නිරාකරණ ක්‍රම (අනුරාධපුර සහ පොළොන්නරු යුගය ඇසුරෙන්) මෙම පර්යේෂණාත්මක කෘතිය පුරාණ ශ්‍රී ලංකාවේ අතිශයින් තීරණාත්මක යුග දෙකක් තුළ භික්ෂු සමාජයෙහි උද්ගත වූ සංකීර්ණතා ගැටලු, ගැටුම් හා ඒවා නිරාකරණය කිරීම විෂයෙහි එවකට පැවති දේශපාලන තන්ත්‍රය හා ඒකාබද්ධව ශාසන භාරධාරී තෙරවරුන් විසින් අනුගමනය කළ ධර්ම විනයානුකූල ක්‍රියාමාර්ග පිළිබඳ වැදගත් කරුණු රාශියක් අනාවරණය කරයි. ඒවා ශාස්ත්‍රීය පදනමකින් යුතුව ඉදිරිපත් කිරීම කරුණු කිහිපයක් නිසා වැදගත් වන අතර අතීත සංසිද්ධීන් ප්‍රාමාණික පරිදි ඉස්මතු කිරීම. වර්තමාන ගැටලු නිරාකරණය සඳහා උපස්තම්භක වීම, ඉදිරි පර්යේෂකයන් සඳහා මාර්ගෝපදේශ සැපයීම මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි නියුක්ත ආචාර්ය ශිෂ්‍ය දෙපක්ෂයට ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වීම යනාදී ප්‍රතිලාභ රාශියක් මෙම කෘතිය ඇසුරින් ලබා ගත හැකිය. Rs 1,500.00 Add to cart Buy
Poya Dolaha පෝය දොළහ නම් මෙම කුඩා පොත්පිංච බටුවත්තේ රාහුල හිමියන් විසින් රචනා කරන ලද අතර මෙම ග්‍රන්ථය තුළ පෝය දොළහ පිළිබදව ඉතා සංශිප්ත ලෙස විස්තර කර ඇති ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. බෞද්ධයකු සුරතව නිසැකව තිබිය යුතු කුඩා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. Rs 180.00 Add to cart Buy
Out-of-Stock Thun suthraya sahitha seth pirith Out-of-Stock තුන් සුත්‍රය සහිත සෙත් පිරිත් නම් මෙම කුඩා ග්‍රන්ථය පූජ්‍ය බටුවත්තේ රාහුල හිමියන් හා පූජ්‍ය ඕමන්තේ සෝභිත හිමියන් විසින් රචිත ඉතා වටිනා ග්‍රන්ථයක් වන අතර මෙහි තුන් සුත්‍රය සහිත සෙත් පිරිත් හි සිංහල තේරුමද අන්තර්ගත වේ. Rs 120.00 Details View details
Thun Suthraya Sahitha Bodhi Puja Saha Buddha Wandana දහසක් කරදර බාධක මැදින් සහනය සොයා ජීවිත යාත්‍රාව ගෙනයන මිනිසාට බෝධි පූජාව හා බුද්ධ වන්දනාව වනාහි අතිශයින්ම මානසික ඖෂධයකි. චිත්ත අවිවේකීතාවය, මානසික අසහනය ආදි දැයින් පිරී ඇති සිත පාරිශුද්ධතාව කරා ගෙන යන උතුම් වූ අධ්‍යාත්මය සුවපත් කරලීමේ වැඩ පිළිවෙළක් ලෙසද එය හැදින්විය හැකිය. පූජ්‍ය නෙල්ලියද්දේ ධම්මකිත්ති හිමියන් විසින් රචිත තුන් සූත්‍රය සහිත බෝධි පුජා සහ බුද්ධ වන්දනා නම් මෙම ග්‍රන්ථය තුළින් ශ්‍රාවකයා නිසි මගට යොමු කොට චල බවින් අචල බවට ගමන් කරලීමට මග පාදනු නොඅනුමානය. Rs 320.00 Add to cart Buy
Sasunabara Guru Tharuwa Balangoda Hamuduruwoo පාඨක සිත්හි සැදැහැ වඩමින් සසුන ඹරේ පෑයූ ගුරු තරුවක ප‍්‍රභාවය කෘතිය පුරා විහිදී යයි. Rs 800.00 Add to cart Buy
Out-of-Stock Ruwanweli Maha Seya Out-of-Stock තුන් ලෝකයෙහි ම වැඩි ම සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින ස්වර්ණමාලි නම් පූජනීය චෛත්‍යයෙහි කථා ප්‍රවෘත්තිය, රුවන්වැලි මහා සෑය නම් මෙම සදහම් ග්‍රන්ථය තුළින් කියවේ. මෙම ග්‍රන්ථය කියවා අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් යුතු ව චෛත්‍යය වන්දනාවේ යෙදීම තුළින් ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කළා සේ ම පින්දහම් රැස් කර ගත හැකි ය. Rs 320.00 Details View details
Apata Nopenena Lokaya Ha Wenath Da මතුගම මහින්ද විජේතිලක මහතා විසින් සංගෘහිත " අපට නොපෙනෙන ලෝකය " නම් මෙම ග්‍රන්ථය, කතර පිපාසයෙන් පීඩාවට පත් සත්ජනයන්ට මිහිරි දිය කඳුරක් සේ අස්වැසිල්ලක් ද, සැනසිල්ලක් ද වනු නොඅනුමානය. Rs 680.00 Add to cart Buy
Madyama Lanka Pura wurtha පෙර පැවති පිළිවෙළ පිළිබඳ පුවත් ' පුරා වෘත්තය ' යි සැලකෙයි. අන්තිම සිංහල රාජධානිය වූ සෙංකඩගලපුරය ඇතුළු ප්‍රදේශත්‍රයකින් සමන්විත මධ්‍යම ප්‍රදේශය පිළිබඳ එබඳු පුවත් ඇතුළත් මෙම ග්‍රන්ථය මධ්‍යම ලංකා පුරාවෘත්ත නම් වේ. Rs 850.00 Add to cart Buy
Parani lakdiva thakshanavedaya saha shilpa gnanya මෙම කෘතිය මගින් නූතන තාක්ෂණයට අභියෝග කළ හැකි තරම් වූ අපේ පැරණි තාක්ෂණය හා ශිල්පවේදය කෙබඳු එකක් දැයි ඓතිහාසික කරුණු හා ශේෂ වී ඇති භෞතික සාක්ෂි මගින් මැනවින් චිත්‍රණය කරයි. Rs 225.00 Add to cart Buy
Ahalepolage jeevitha kathawa මෙම කුඩා පොත එක්තරා ඉලක්කයක් සහිතව ලියවී ඇත. එම ඉලක්කය නම් 'ඇහැලෙපොලගේ ජීවිතය පිළිබද ව පොදුවේ පිළිගත් හා නිරවද්‍ය විස්තරයක් සැපයීමයි. ඔහුගේ ජීවිත කාලයෙහි කන්ද උඩරට රජවාසලෙහි සිටි ශ්‍රේෂ්ඨතම චරිතය විය. කන්ද උඩරට පළාත් බ්‍රිතාන්‍යයන්ට පවරා දීම සහතික කිරීම පිණිස කටයුතු කිරීමේ දී ඔහු නිසැකව ම ප්‍රමුඛ කාර්යභාර්යක් ඉටු කලේ ය. ඉතිහාසයේ පිටු මත නොමැකෙන අදුරු පැල්ලමක් ඇති කළ ඛේදවාචකයක දුක් පීඩා විදීමට ලක් වූ තැනැත්තකු ලෙස ඔහුගේ නම ලංකා ඉතිහාසයේ සිහි කටයුතු එකක් බවට පත් ව ඇත. අත්තනෝමතික රජකු විසින් ඇහැලේපොලගේ පවුලේ සාමාජිකයන්ගෙන් ගන්නා ලද අමානුෂික පළිගැනීම, දිවයිනේ ජනප්‍රියතම සිංහල නඩගමක තේමාව බවට පත් ව තිබේ. Rs 480.00 Add to cart Buy
Sathyata Seema Natha Nidahase Piyamba Yannata "සත්‍යයට සීමා නැත" මෙම කෘතිය උත්තරාරෝපිතසංකල්ප වලින් මිදි ජීවිතය අලුතින් දකින්නට, ජීවිතය සතුටින් විඳින්නට, චිතය මෙන්ම ලෝකය දෙස සිහියෙන් බලන්නට මඟපෙන්වන, අපූර්ව ආකාරයෙන් සම්පාදිත කෘතියකි. එය සහජයෙන් අන්ධ භාවයට හෝ පෙස භාවයට පත් නොවුවද අඳ මනසින් බිහිරිව ජිවිත ගෙවන, සත්‍යයේ මායාව වැළදගත්. අන්ධකාරයේ සැරිසරණ අපේ සමාජයට, සිත් සීමාවන් සිද බිද දමන්නට මග පෙන්වන සදුපදේශයක් වනු නොඅනුමානය. Rs 700.00 Add to cart Buy
Asiyave Prabodhaya 'ආසියාවේ ප්‍රබෝධය' නම් මෙම කෘතිය මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලි හිමියන් විසින් රචිත අතර මෙම කෘතිය මගින් ප්‍රධාන වශයෙන් ආසියාතිකයන්ගේ දේශපාලන අවබෝධය කොතරම් දැයි විමර්ශනය කරණ අතරම එම දේශපාලන ප්‍රභවය මුලු ආසියාව පුරාම විහිදී ගිය ආකාරය පිළිබදවද විමර්ශනය කරණු ලැබේ. Rs 300.00 Add to cart Buy
Sathara Paramartha Sahitha Buddha Dharmaya 'සතර පරමාර්ථ සහිත බුද්ධ ධර්මය' යන මෙම කෘතිය මගින් අභිධර්මයෙහි මූලික ඉගැන්වීම් වන චිත්ත, චෛතසික, රූප සහ නිර්වාණ යන සතර පරමාර්ථයන් මෙහි විස්තර කර ඇත්තේ ඒවාට අදාළ සූක්ෂම මනෝ විද්‍යාත්මක අංශයන් නිදසුන් මගින් හැකි තරම් සරල ව ඉදිරිපත් කිරීමෙනි. ඒවා මෙ තරම් සරල ව සිංහලෙන් විස්තර කර ඇති වෙනත් තැනක් නැති තරම් ය. බොහෝ දෙනෙකුට මේවා ඉගෙනීමට ඇති පසුබැස්ම ජය ගනිමින් උද්‍යෝගීමත් ව ඒවා හැදෑරීමට ඔවුන් පෙළඹවීමට මෙම විස්තර සමත් වනු නොඅනු මානය. Rs 300.00 Add to cart Buy
E Ama Niwan Suwa Boho Dura Nowe පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත 'ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ ' යන මෙම කෘතිය මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් විරචිත අතර නිවැරදි ධර්මඤානයක් අවබෝධ කර ගැනීම සදහා ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 1,050.00 Add to cart Buy
Dukase Windina Karma Wipaka 'දුකසේ විදින කර්ම විපාක' නම් මෙම කෘතිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත අතර ප්‍රේත වස්තුව වස්තු විශය කොට ගෙන රචිතය බුද්ධ ශාසනය අංග නවයකින් සමන්විත වේ. ප්‍රේත වස්තුව ඇතුළත් වන්නේ එහි ගාථා නම් වූ ශාසනයට ය. මෙම ප්‍රේත වස්තු පාළි අයත් වන්නේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඛුද්දක නිකායට ය. ප්‍රේතවස්තුවෙහි තිබෙන්නේ ප්‍රේත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිතගෙවන්නා වූ අවාසනාවන්ත පිරිසක් ගැන යි. ඒ සියල්ල නිමැවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපව ය. Rs 700.00 Add to cart Buy
E Ama Niwan Dutu Rahathan Wahansela කතෘ හිමියන්ගෙන්.... ඔබ මේ උතුම් ග්‍රන්ථය කියවන විට ඒ රහතන් වහන්සේලා ඔබ ඉදිරියේ මැවී පෙනෙනු ඇත. ඔබ සමඟ කථා බස් කරන අයුරු ඔබට දැනෙනු ඇත. ඒ රහතන් වහන්සේලාගේ පරම පිවිතුරු හදමඬල ඔබ ඉදිරියේ විදහා දක්වන අයුරු ඔබට ම දැක ගත හැකි වනු ඇත.ඒ පිරිසිදු බුද්ධ වචනය කොතරම් ගෞරවයකින් ද උන්වහන්සේලා දරා ගෙන සිටියේ. පුද්ගලික අර්ථ විවරණයන් ගෙන් බුද්ධ වචනය දූෂණය කරමින් සිටින වර්තමාන බොහෝ ගිහි -පැවිදි පිරිසට පවා බුදු රජුන්ගේ සැබෑ ශ්‍රාවකයින්ගේ ස්වභාවය මේ ථේර - ථේරී ගාථා තුළින් පැහැදිලි ව තේරුම් ගත හැකි ය.අප කවුරුත් "සංඝං සරණං ගච්ඡාමි” කියමින් සරණ යන අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සඟරුවතේ පිවිතුරු ජිවිත හඳුනා ගැනීමට මේ ථේර - ථේරී ගාථාවන් විස්මිතකැඩපතක් වැන්න Rs 900.00 Add to cart Buy
Milindu Raja Prashnaya 1 මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත්, නාගසේන මහ රහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදු වී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරකට පසුවය මෙම කෘතිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විරචිත අතර 'මිලිදු රාජ ප්‍රශ්නය 1' ලෙසින් ඔබ අතට පත් වන මෙම කෘතිය ඉතා වැදගත් ධර්ම සංගායනාවක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 500.00 Add to cart Buy
Dasha Pradeepaya දශා ප්‍රදීපය යනු ජ්‍යෙතිශශාස්ත්‍රය පිළිබදව හැදෑරීමට ඇති ඉතා වටිනා ග්‍රන්ථයකි. Rs 1,000.00 Add to cart Buy