Home

-10%

Sambhavya Bhikshu Adhyapanaya Ha Adhyapana Neethi

සම්භාව්‍ය භික්ෂු අධ්‍යාපනය හා අධ්‍යාපන නීති - මෙරට අධ්‍යාපනය පිළිබඳ සංක්ෂිප්ත, එහෙත් අත්‍යවශ්‍ය කරුණු අන්තර්ගත ඉදිරිපත් කිරීමක් මෙම කෘතියෙන් අරමුණු කෙරේ. හෙළ අටුවා යුගයේ සිට පාළි අටුවා කරණයෙන් අනතුරුව ටීකා හා ප්‍රකරණ බිහි වූ කාල වකවානුවල මහ සඟ රුවනේ අධ්‍යාපනය හා විශය පරිපාටිය ගැන මූලික ක්‍රම විධි ගෙන හැර දැක්වීමට යම් ප්‍රයන්තයක් දරා ඇත.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Purathana Sri Lankeyya Sanga Sanvidanaya Saha Ehi Wiyuhathmaka Padanama

Out-of-Stock
පුරාතන ශ්‍රී ලාංකේය සංඝ සංවිධානය සහ එහි ව්‍යුහාත්මක පදනම - ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍ර ඇසුරෙන් කරුණු විමසා බලමින් මුල් කාලීනව සංඝ සමාජය මුහුණ දෙන ගැටලු හා ඒවා නිරාකරණය පිණිස ගත් ක්‍රියා මාර්ග කවරේ ද යන්න වඩාත් ඉස්මතු කිරීමට, පරිච්ඡේද එකොළහක් යටතේ රචිත මෙම කෘතියෙන් අපේක්ෂා කෙරේ. මෙම අධ්‍යනයේ මූලික අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාවේ සංඝ සමාජ හා එහි විකාශනය පිළිබඳවය.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Sanghadhikarana Lekana Samuchchaya

Out-of-Stock
සංඝාධිකරණ ලේඛණ සමුච්චය - ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අරමුණු කරගෙන ආයති භික්ෂු පරම්පරාවේ ප්‍රයෝජනය සඳහා, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්තමාන අධිකරණ ලේඛකාධිකාරි විනයාචාර්‍ය, ශාස්ත්‍රපති පූජ්‍යතර දෙපානම සුගතබන්ධු මහා සිථවිරයන් වහන්සේ විසින් සකස් කරන ලද සංඝාධිකරණ ලේඛන සමුච්චය අතිශයින් ම අගය කළ යුතු ග්‍රන්ථයකි. පැරණි වියත් මහ තෙරවරුන්ගේ අප්‍රකට දුර්ලභ ලේඛන මෙහි අන්තර්ගත වෙයි. සංඝාධිකරණ විෂය අරබයා ලියවුණු සිංහල පත පොත දුර්ලභය. එම අඩු පාඩුව මේ ලේඛන සමිච්චයෙන් බොහෝ දුරට සම්පූර්ණ වෙයි. භික්ෂූන්ට පමණක් නොව, නීති වෘත්තිකයන්ට ද මෙය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වනු ඇත.
Rs 247.50
Rs 275.00
-10%Out-of-Stock

Sri Lankave Bhikshuni Parshadaya Pilibada Wimarshanayak

Out-of-Stock
ශ්‍රී ලංකාවේ භික්ෂුණි පර්ෂදය පිළිබඳ විමර්ශනයක් - ත්‍රිපිටකය ප්‍රධාන මූලාශ්‍ර කරගනිමින් අදාල වංශ කථා හා අටුවා උප මූලාශ්‍ර කර ගනිමින් මෙම ග්‍රන්ථයෙන් අප විසින් සාකච්ඡා කරනුයේ දෙවෙනි වරට ශ්‍රී ලංකාවේ ආරම්භව ක්‍රියාත්මක වෙමින් පවතින භික්ෂුණී පර්ෂදය හා තදනුබද්ධ වූ ධර්ම විනයානුකූල විමර්ශනාත්මක විග්‍රහයකි. භික්ෂු ශාසනය, භික්ෂුණී ශාසනය ව්‍යවහාරය ශාස්ත්‍රීය නොවන බව අපගේ පිළිගැනීමයි. උපාසක ශාසනය, උපාසිකා ශාසනය යනුවෙන් ව්‍යවහාරයක් නැත. ඇත්තේ බුද්ධ ශාසනය පමණි. 'පරිසා' යන පාලි වචනයට අනුරූප 'පර්ෂද' යන සංස්කෘත පදය වඩාත් සුදුසු යැයි පෙනී යන බැවින් එය මෙහි යොදා ඇත. ත්‍රිපිටක මූලාශ්‍ර වල උධෘත 'බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා' ඇසුරෙන් බව කරුණාවෙන් සලකන්න.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Shikshanaya Ha Wimukthiya

Out-of-Stock
ශික්‍ෂණය හා විමුක්තිය - මෙම ග්‍රන්ථයේ කර්තෘ ජෝන් ක්ලුෆර්ඩ් හෝල්ට් ශ්‍රී ලංකාවේ බුදු දහම, ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳව දිගුකලක සිට පර්‍යේෂණයන්හි නියැළී සිටින ඇමරිකානු මහාචාර්‍යවරයෙකි. මේ පරිවර්තනය යොදාගනු ලැබූ DISCIPLINE නම් ග්‍රන්ථය ඔහුගේ ප්‍රථම ශාස්ත්‍රීය නිබන්ධනයයි. මෙය විනය පිටකය පිළිබඳ ගැඹුරු විග්‍රහයකි. මුල් බුදු දහමේ සාරය හා විමුක්ති මාර්ගය විනය පිටකයේ ගැබ්වන ආකාරය මෙහි විමසීමට ලක්වෙයි.
Rs 225.00
Rs 250.00
-10%

Dabadeni Kathikawatha Saha Bhikshu Samajaya

දඔදෙනි කතිකාවත සහ භික්ෂු සමාජය - පරිච්ඡේද පහකින් සමන්විත මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය කතිකාවත් හා ලංකාවේ මධ්‍යකාලීන සංඝ සමාජය පිළිබඳ ඓතිහාසික තොරතුරු රැසක් විද්වත් පාඨකයාට සමීප කරවයි. 
Rs 207.00
Rs 230.00
-10%Out-of-Stock

Polonnaru Ha Dabadeni Kathikavath

Out-of-Stock
පොළොන්නරු හා දඹදෙණි කතිකාවත් - පොළොන්නරු හා දඹදෙණි කතිකාවත් ඇසුරින් මධ්‍යකාලීන ලාංකික භික්ෂු සමාජය පිළිබඳව කෙරෙන ඓතිහාසික හා සමාජවිද්‍යාත්මක අධ්‍යනයක් වන මෙම ග්‍රන්ථය පූජ්‍ය මහාචාර්‍ය යටදොළවත්තේ ධම්මවිසුද්ධි හිමිපාණන් විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා ඉදිරිපත් කරන ලද පර්‍යේෂණ කෘතියයි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Nikaya Sangrahaya Hevath Shasanavatharaya

Out-of-Stock
නිකාය සංග්‍රහය හෙවත් ශාසනාවතාරය - ගම්පොල යුගයෙහි බිහි වූ අමරණීය කෘතියක් හැටියට නිකාය සංග්‍රහය පිළිගෙන තිබේ. නිකායයන්ගේ සංක්ෂිප්ත එක්කිරීම නිකාය සංග්‍රහ යන්නෙන් හැඳින්වේ. ශාසනයට බැසීම යන අරුතින් එය "ශාසනාවතාරය" යනුවෙන් හැඳින්වේ. මෙය රචනා කළේ ගම්පොල අති ප්‍රසිද්ධ පඬිවරයකු වූ ද්විතීය ධර්මකීර්ති මාහිමියි.
බෙහෙවින් ශාසනික ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත්, සාහිත්‍ය ඉතිහාසයත් සමසමව පිරික්සන අයෙකුට නිකාය සංග්‍රහය අත්‍යවශ්‍ය අත්පොතකි. 
Rs 112.50
Rs 125.00
-10%

Kudusika Wivaranaya

කුදුසික විවරණය - කුදුසික විවරණය ලිවීමෙන් වැලිගම ඤාණරතන නායක ස්ථවිරයන් විසින් කරන ලද ශාසනෝපකාරී මහඟු සේවය එදා මිහිඳු මාහිමියන් පළකළ අදහස සුස්ථිර කිරීමකි. උගතුන් වූ පමණට හැම දෙනා ම ලේඛකයෝ නොවෙත්. ලේඛකයන් පමණට ම පාණ්ඩිත්‍යය ඌන වූ අය සිටිති. කුදුසික විවරණය කියවීමේ දී ග්‍රන්ථකරණයෙන් ලේඛනයෙන් පාණ්ඩිත්‍යයෙන් අංග සම්පූර්ණ විද්වතෙකු අප හමුවෙහි විද්‍යාමාන වේ. 
Rs 585.00
Rs 650.00
-20%

Ancient Buddhist Philosophers

Ancient Buddhist Philosophers - This book gives a brief introduction to what is known about the life and background of these ancient Buddhist philosophers and scholars and their theories and viewpoints. A brief note on the ancient Indian Buddhist Universities where these great men studied and taught is included to complete the picture.
Rs 1,038.40
Rs 1,298.00
-10%Out-of-Stock

Sarala Diviya

Out-of-Stock
සරල දිවිය - මේ සරල දිවියෙහි අඩංගු දේ මා ලියන්නේ සම්පූර්ණයෙන් මගේ අත්දැකීම් තුළිනි. ඇතැම් විට කොහේ හෝ දැක අසා ඇති කරුණක් සඳහන් කරන්නේ එයින් ඔබට, ඔබේ ජීවිතයට ප්‍රයෝජනයක් වෙතැයි සිතමිනි. 
මගේ "චක්‍ර සහ විශ්ව ශක්තිය" කෘතිය කියැවූ එකි අයෙක් එය මගේ පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් ලියූ නිසා එය ආත්ම කථනයක් හෝ ආත්ම වර්ණනාවක් ලෙසින්  සඳහන් කළේලු. නමුත් එහිදී ද මා කළේ මගේම අත්දැකීම් තුළින් ඔබට යමක් වටහා දීමයි. මා ලිවිය යුත්තේ මගේ අත්දැකීම් තුළින් නොවේ නම් වෙන කාගේ අත්දැකීම් තුළින් ද ?
එහෙයින් මෙය ආත්ම වර්ණනයක් නම් නොවේ. මා ජීවත් වෙන සරල ආකාරය ගැන ලියන්නැයි කීප දෙනා කළ ඉල්ලීම නිසා ය මා මේ කෘතිය ලියන්නේ.
මෙහි එක වැකියකින් හෝ, කියවන ඔබගේ ජීවිතය යහ අතට වෙනසක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමි.
Rs 621.00
Rs 690.00
-10%Out-of-Stock

1804 Mahanuvara Akramanaya

Out-of-Stock
1804 මහනුවර ආක්‍රමණය - මෙය ඉතාමත් ම සිත් ඇදබැඳ තබාගන්නා ශෛලියකින් ලියා ඇත. මෙය එක්තරා ඓතිහාසික සංසිද්ධියක් පදනම් කරගනිමින් ලියන ලද පර්‍යේෂණාත්මක ඉතිහාස ග්‍රන්ථයක් වුව ද, රසවත් නවකතාවක් මෙන් එය කියවීමට පාඨකයා පෙළඹීම, කතුවර නිමේෂ තිවංකර සෙනෙවිපාලයන්ගේ විශේෂ දස්කමක් බව ද මෙහි ලා සඳහන් කරමි. 
Rs 2,205.00
Rs 2,450.00
-10%

Sabakolaya

සබකෝලය -  මිනිසකුට මරණ බියට පසු ඇති ලොකුම බිය සභාවක් ඉදිරියේ කතා කිරීමේ බිය බව මම කුඩා කාලයේ අසා ඇත. ඒ මරණ බියට සමාන සබකෝල බිය අනන්ත අප්‍රමාණව මා විඳ ඇත. ඒ සඳහා පිළියම් මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් ලබා ගත හැක.
Rs 900.00
Rs 1,000.00
-10%

Jalaye Sagaunu Sandesha

ජලයෙහි සැඟවුණු සංදේශ - මස‍රු ඉමෝතෝ නම් ජපන් විද්වතාගේ පර්‍යේෂණ සහ සොයාගැනීම් පසුගිය දශක දෙක තුළ ලෝකයේ බොහෝ මිනිසුන්ගේ - ස්වභාව විද්‍යාඥයන්ගේ, මානවශාස්ත්‍රවේදීන්ගේ, ආධ්‍යාත්මික ගුරුවරුන්ගේ හා සාමාන්‍ය ජනයාගේ - මහත් අවධානයට පාත්‍ර විය. මන්ද යත් ඒවා ලෝකය, එහි පැවැත්මේ ස්වභාවය ගැන නව සහ විශේෂ දැනුමක් සම්පාදනය කරන නිසා පමණක් නොවේ. පුරාතනයේ සිට මනුෂ්‍ය යහපත හා යහපැවැත්ම  සම්බන්ධයෙන් විවිධ ශාස්තෘවරුන් විසින් යෝජිත අතිමූලික ආධ්‍යාත්මික මූලධර්ම සමුච්ඡයක් එමගින් විද්‍යාත්මකව තහවුරු වන බවක් ද පෙනීයාම නිසාය. මෙම තොරතුරු රැගෙන, ජපන් බසින් මුලින් සම්පාදනය වී අනතුරුව ඉංග්‍රීසි භාෂාවට පෙරැළුනු ඔහුගේ ජලය ගෙනෙන සංදේශය (Message from Water) නම් පොත් මාලාව පළවෙන්නට වූයේ 2000 වසරේ සිටය. ඔබ අත පත්වන මෙම කෘතියේ මුල් ඉංග්‍රීසි කෘතිය ඒ අතර පළමුවැන්නයි.
Rs 1,170.00
Rs 1,300.00
-10%

Asirimath Mihinthalaya

අසිරිමත් මිහින්තලය - ඓතිහාසික මිහින්තලා පූජා භූමියට ප්‍රවේශ වන ඔබට එහි ඇති පෞරාණික ස්ථාන නැරඹීමට අත්වැලක් සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.
Rs 711.00
Rs 790.00
-10%Out-of-Stock

Bahirawa Jana Katha

Out-of-Stock
බහිරව ජන කතා - බහිරවයන් පිළිබඳව ජනකතා, ජනශ්‍රැති ගවේශණයේ දී බහුලව හමු නොවේ. එහෙත් එවන් විරල ජනප්‍රවාද සොයා කළ චාරිකාවක අග්‍රපඵලයක් ලෙස මෙම කෘතිය හඳුන්වාදිය හැකි ය. 
Rs 621.00
Rs 690.00
-10%

Mahathupa Dagab Sithuvam

මහාථූප දාගැබ් සිතුවම් - සියවසකට අධික කාලයක් මෙරට ශාස්ත්‍රීය ලෝකයෙහි පවත්වාගෙන එන ලද මතවාදයක අහේතුක බව හා අසංගත බව පෙන්වා දීම මෙම ග්‍රන්ථයෙහි අරමුණයි.
Rs 1,791.00
Rs 1,990.00
-10%

Lankave Landesi

ලංකාවේ ලන්දේසි 
Rs 891.00
Rs 990.00
-10%

Kalinga Lankeshvara Hevath Keerthi Sri Nishshankamalla

කාලිංග ලංකේෂ්වර හෙවත් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල - මෙම නිර්මාණය හඳුන්වන්නට කැමති වන්නේ අර්ධ ඓතිහාසික ප්‍රබන්ධයක් ලෙසට ය. 
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock

Karakena Rodaya

Out-of-Stock
කැරකෙන රෝදය - මෙහි අන්තර්ගතය තිස් එක් තලය පිළිබඳව විග්‍රහ කිරීමයි.
Rs 1,350.00
Rs 1,500.00
-10%

Suvasu Siddha Yogeehu

සූවාසු සිද්ධ යෝගීහු -  සිද්ධ යෝගීන් පිළිබඳව මෙම කෘතියේ අරටුව වන්නේ, "සූවාසූ මහා සිද්ධවරුන්ගේ ප්‍රවාද" නම් වූ ටිබැට් කෘතීන් ය. මෙම කෘතිය මට්ටම් තුනකින් අගය කළ හැක. මුලින් ම, ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධියට පත් නාගාර්ජුන, සරහා, ලුයිපා, විරූපා ආදී සිද්ධවරුන්ගේ චරිතයන් ය. මෙහි පරිච්ඡේදවලට මාතෘකා ලෙස යොදා ඇත්තේ ද ඒ ඒ සිද්ධවරයාගේ නාමයන් ය. මෙම ග්‍රන්ථය සඳහා ඉදිරිපත් කොට ඇති හැඳින්වීම, බෞද්ධ තන්ත්‍ර සඳහා කෙරෙන හැඳින්වීමක් ද වන්නේ ය. 
Rs 2,250.00
Rs 2,500.00
-10%

Yakkaduwe Sri Pangnarama Hamuduruwo

යක්කඩුවේ ශ්‍රී පඥාරාම හාමුදුරුවෝ - නිහාල් රණසිංහ මහතා විසින් සම්පාදිත නවතම කෘතිය යක්කඩුවේ හාමුදුරුවෝය. යක්කඩුවේ හාමුදුරුවෝ යනු මෑත යුගයේ ශ්‍රී ලංකාවේ වැඩ විසූ අති විශිෂ්ට මහා පඬිවරයෙකි. මහා පෞරෂයකින් හෙබි ආදර්ශමත් සංඝ පීතෘවරයෙකි. යක්කඩුවේ හාමුදුරුවෝ ග්‍රන්ථය චරිත කතාවකට වඩා ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය පිළිබඳ විචාරාත්මක විශ්ලේෂණයක් ලෙස හැඳින්විය හැක.  
Rs 855.00
Rs 950.00
-10%

As Deka

ඇස් දෙක 
Rs 477.00
Rs 530.00
-10%

Nai Galin Upan Puthrayo

නයි ගලින් උපන් පුත්‍රයෝ 
Rs 396.00
Rs 440.00
-10%Out-of-Stock

Seegiriya Awadiyen

Out-of-Stock
සීගිරිය අවදියෙන් - මෙය මාගේ දෙවැනි ඓතිහාසික නවකතාවයි. සීගිරි කාශ්‍යපයන් පිළිබඳව කලක් තිස්සේ විවිධාකාර අදහස් හා මතිමතාන්තර මගේ අභ්‍යන්තරයෙහි පහළ වෙමින්, එකිනෙක ගැටෙමින් පැවැත්නේ ය. අවසානයේ දී මා තුළ මැවුණු සීගිරි කාශ්‍යප ඔබ දැන සිටි කාශ්‍යපට වඩා වෙනස් සුවිශේෂී මනුෂ්‍යයෙකි. මා ලැබූ අත්දැකීම ප්‍රකාශයට පත් කිරීම මැනැවැයි මට හැඟිණි. මේ එහි ප්‍රතිඵලයයි.
Rs 180.00
Rs 200.00
-10%

Maha Anada Himi

මහා අනද හිමි
Rs 810.00
Rs 900.00
-10%Out-of-Stock

Api Thawamath Sansare

Out-of-Stock
අපි තවමත් සංසාරේ - සෝමවීර සේනානායක සැට වසරකට ආසන්න ජීවිත අත්දැකීම් ඇසුරින් ලියූ කෘතියකි. රසබර ජීවන අත්දැකීම් රැසක් ද ප්‍රකට හා අප්‍රකට පුද්ගලයන් පිළිබඳව මෙතෙක් හෙළි නොවූ අපූරු තොරතුරු ද ඇසූ දුටු දුර්ලබ සිද්ධීන් ද ඇතුළත් බැවින් "අපි තවමත් සංසාරේ" බොහෝ දෙනෙකු පිළිබඳව රචිත කෘතියක් වෙයි.
Rs 495.00
Rs 550.00
-10%

Devdathunata Sithuni Mese

දෙව්දතුනට සිතුනි මෙසේ - මෙය නවකතාවක් නොවේ. කෙටිකථාවක් ද නොවේ. හුදෙක් එය සිතුවිල්ලකි. සංසාරික වෛරයක් ලෙස දකිනා බුදු හිමි දෙව්දත් හිමි ගැටුම ඒ ඒ අවස්ථාවල දී ඇති වූ විවිධ සමාජීය පාරිසරික සාධකවල ප්‍රතිඵල ලෙස දෙව්දත් තෙරුන්ගේ සිත තුළ හටගත් වික්ෂිප්ත වූ අනවබෝධයේ සිතුවිලි වල ප්‍රතිඵලයක් ලෙස වුවත් හැඳින්විය හැකිය. 
Rs 90.00
Rs 100.00
-10%

Atteriya Mal Pipila

ඇට්ටේරියා මල් පිපිලා - කතුවරයාට සැබවින්ම සමාජ කතිකාවක් තිබුණි. සමාජ අර්බුද ගැටුම් හමුවේ වැනසෙන මිනිසුනට පාඩමක් කියා දෙන්නට ඔහුට පැවති උවමනාව කල්පිත කථා පුවතක් සෙයින් මෙසේ අප හමුවට පැමිණ තිබේ. අත්දැකීම් බහුල නවකථාකරුවෙකු නොවූ හෙයින් ශිල්පීය දුබලතා කථාවේ ඇතැම් තැනෙක නැත්තේ නොවේ. එහෙත් රසවත්ව කියවා අවසන් කළ හැකි කථාවකි. සිතන්නට බොහෝ දේ ඉතිරි කරන පරාජිතයන් නොවී දිවිමග දි‍රියෙන් සරු කර ගන්නට බුදුදහමින් ලැබෙන ආත්ම දමනය කෙතරම් හේතු වන්නේද යන්න කතුවරයා මෙම කථාවෙන් අපූර්ව ලෙස විවරණය කර තිබෙයි.
Rs 288.00
Rs 320.00