New products

New
Maranaye Sevanali Ha Bhuthayo
'මරණයේ සෙවණැලි හා භූතයෝ' යන මෙම කෘතිය මරණය පිළිබද සමාජ විද්‍යාත්මක හා දාර්ශනික විග්‍රහයකින් ඉදිරිපත් කර ඇති කෘතියක් වන අතර ශාස්ත්‍රපති පූජ්‍ය වලතර සෝභිත හිමියන් විසින් රචනා කර ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 280.00
New
Maranaya Antharabhavaya Karmaya Saha Punarbhavaya
 'මරණය, අන්තරාභවය, කර්මය හා පුනර්භවය' යන කෘතිය 'බුදුසරණ' පුවත්පතෙහි පළ වූ ලිපි පෙළක් වන අතර මේ මගින් සාකච්ඡා කරන කරුණු තුළින් බොදු ජනතාවට බුදු දහම පිළිබද ගැඹුරු අධ්‍යනයක් කිරීමට මගපාදා දෙයි. 'අන්තරාභවය' පිළිබඳව මෙම කෘතියේ සිදු කරන සාකච්ඡාව බොදුනුවන් තුළ නව චින්තනයක් ඇති කිරීමට සමත්වන අතර එබැවින් මෙය බොහෝ දෙනා අතර ජනප්‍රිය කෘතියක් වනු නොවනු මානය.
Rs 300.00
New
Marananusmruthiya Hevath Marena Bawa Nithara Sihikireema
'මරණානුස්මෘතිය හෙවත් මැරෙන බව නිතර සිහිකිරීම' යන මෙම ග්‍රන්ථය පැලෑණේ ශ්‍රී වජිරඤාණ මහා නායක මාහිමිපාණන්වහන්සේ විසින් රචනා කරන ලද අතර මිනිසුන් වන අප සියලු දෙනාට ජීවිතයේ මොනයම් හෝ මොහොතක මොනයම් වූ වෙලාවකදී අන්පේක්ෂිත ලෙස මුහුණ දීමට සිදු වන මරණය පිළිබදව ඉතා නිරවුල්ව සියලු පාඨක ජනතාව හට තේරුම් ගැනීමට හැකි වන අන්දමින් රචනා කරණ ලද ඉතා වටිනා කෘතියක් ලෙස හදින්විය හැකිය.
Rs 220.00
New
Karma Wipaka Jeevitha Athdekim Asurin
කර්මය, ජීවිතය, මරණය හා මරණින් මතු ජීවිතය පිළිබඳ ඉගෙනීමට මිනිසා තුළ ඇති කුතුහලය කිසි දා නිම නොවෙයි. ජීවිතය යනු කුමක් ද? මරණය යනු කුමක් ද? මරණින් මතු සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳව වේද යුගයේ සිට අද දක්වා ම, මිනිසුන්ගේ අවධානය දිනාගත් ගැටලුවකි. සෑම දාර්ශනිකයකුගේ ම මූලික උත්සාහය ද, මිනිසා යනු කවරෙක් ද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට ය.පුජ්‍ය පුවක් පිටියේ පඤ්ඤාරතන හිමියන් විසින් ලියා ඇති කර්ම විපාක ජීවන අත්දැකීම් ඇසුරින් ග්‍රන්ථය වර්තමාන විද්‍යාත්මක ඥානය සහිත නව පරපුරට චම ගැටලුව මෙන් ම එහි විසඳුම ද තේරුම් ගැනීමට හැකි ලෙසට මනාව ගලපා ලියන ලද ග්‍රන්ථයකි.බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ කර්මය පිළිබඳ මතවාදය, බුදුරදුන්ට සමකාලීන ව ජීවත් වූ දාර්ශනිකයන් ඉදිරිපත් කළ මතවාද සමගින් ඉදිරිපත් කරමින්, ගැඹුරින් වහෙත් සරලව මෙම ග්‍රන්ථයෙහි පැහැදිලි කර ඇත.
Rs 600.00
NewOut-of-Stock
Kala kam paladena hati
Out-of-Stock
'කළ කම් පල දෙන හැටි' නම් මෙම කෘතිය වරුණ අබේසේකර මහතා විසින් රචනා කර ඇති අතර අපගේ ජිවිතයේදී අපි විසින් සිදු කරණු ලබන හොද හා නරක යන ක්‍රියාවන් කර්මයක් ලෙස අප ජිවීතයට බලපාන ආකාරය මෙම කෘතිය මගින් තේරුම් ගත හැකිය.
New
Wanagatha Rajamaha Viharaya
වනගත රජමහා විහාර පොතෙන් වන්දනා කරුවා උත්සාහ කළේ වනාන්තර බදව හෝ වන මැද ගල්ලෙන්වල හුදෙකලා වූ පෙති පිළිම, දාගැබ්, පුරාවිද්‍යා ස්ථාන වන්දනා කිරීමටය. ඒවායේ සැඟවුණු පුරාවිද්‍යාත්මක අගය සහ ඓතිහාසික වටිනාකම සොයා ඉදිරිපත් කිරීමටය. මෙම කෘතියේ ගලේවෙල ගැරඬිගල ලෙන්වල ගල් ඇඳන්, ඇති පොල කඳු බෑවුමේ මාතලේ තල්ගහගොඩ ලෙන් විහාරය. ඇළහැර අමුණ සහ බකමුණේ බුදුරුවයාය පිළිමය. කන්දේගම කන්දේ සැතපෙන පිළිමය. හෙනන්නේගල ලෙනේ දාගැබ සහ උතුරේ කුරුඳුමලේ විහාරය. සපුමල්ගස්කඩ සහ කිඹුලාගලත් ගැන කරුණු අඩංගුය. ලංකා පටුන, යාල වන මැද නටබුන් විහාර මෙන්ම තරුලෙන්ගල සහ පඩිකෙම්ගල ඇතුළු අප තුළ කුතුහලය දනවන පුරාණ රජ මහා විහාර රාශියක් ගැන මෙම කෘතියෙන් දැනුමක් ලබාදෙන අතරම ඒවා සොයා වන්දනා කිරීමට පාඨකයා පොලඹවයි
Rs 850.00
New
Himalayanu Yogi Swami Ramage Nila Charithapadanaya 3
මෙම කෘතිය පණ්ඩිත් රාජ්මනී ටිගුනායිට් විසින් රචිත 'The Official Biography of Swami Rama of the Himalayas' කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ අවසන් කොටස වන අතර බටහිර විමතියට පත් කළ හිමාලයානු යෝගී ස්වාමී රාමා තුමාගේ චරිතාපදානය මෙම කෘතිය තුළ අන්තර් ගත වේ.
Rs 850.00
New
Sappadasa maha rahathan wahanse
කතුවරයාගෙන්
"සප්පදාස මහ රහතන් වහන්සේ” නම් වූ මේ ග්‍රන්ථය මා විසින් සම්පාදනය කර ගෙණ යනු ලබන අසූ මහා ශ්‍රාවක චරිත කථා ග්‍රන්ථ මාලාවට අයත් නොවන "මහා ශ්‍රාවක චරිත කථා” ග්‍රන්ථ මාලාවේ නව වැනි කෘතිය යි.
Rs 200.00
New
Sooriyakantha Mala
පරිවර්තකගෙන්...
The Sunflower - 'සූරියකාන්ත මල' මෙම කෘතිය මට ලැබුණේ මා හිතවත් දයාවංශ ජයකොඩි යුවලගෙනි.මෙයද නාසි යුද සමයේ සිදු වූ තවත් ශෝකාන්තයකි. හිට්ලර් විසින් යුදෙව් ජනතාව සමූල ඝාතනය කිරීමේදී ඔවුන් විඳි වධ වේදනාවන් පිළිබඳ තවත් එක් කතාවකි.එහෙත් මෙය තරමක වෙනස් මුහුණුවරක් ගනී. යුදෙව් ජනතාව ඝාතනය කිරීමට නාසි හමුදාවට එක්වූ ජර්මන් තරුණයෙක් තමන් අතින් යුදෙව් ජනතාවට සිදු වූ අපරාධ වටහාගෙන ඒ පිළිබඳ පාපෝච්චාරණය කොට සිරගත කොට සිටි යුදෙව් තරුණයෙකුගෙන් සමාව ඉල්ලයි. එහෙත් ඔහුට සමාව දිය යුතු ද නැද්ද පිළිබඳව දෙගිඩියාවෙන් සිටි යුදෙව් තරුණයා සමාව දෙන්නේ නැත.ඔහු තමා ගත් තීරණය නිවැරදි දැයි ලෝකයාගෙන් අසයි. ඒ අවස්ථාවෙදී ඒ ගැන අදහස් දක්වන විද්වතුන් රැසකයේ ප්‍රකාශ මුල් කෘතියේ ඇතුළත්ය. පාඨකයා වෙහෙසන්නට නොහැකි බැවින් එම කොටස අත්හළෙමි. එහෙත් ඔහුගේ තීරණය ගැන අදහස් දැක්වීම පාඨකයාට බාරය.
Rs 480.00
New
Dharmashoka Dambadiva Bauddha Adhirajya
ආර්.ජේ.ද. සිල්වා මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය සැකසීමට ඉන්දියාවේ පළ වී ඇති ඉතා වටිනා ග්‍රන්ථ ගණනාවක් ම උපයෝගී කරගෙන ඇත. මෙම තොරතුරු ඇතුළත් කරමින් මෙතුමා විසින් නවකතා ශෛලියක් අනුගමනය කරමින් රචනා කරන ලද මෙම අගනා කෘතිය සාමාන්‍ය මහජනතාව, දහම් පාසල් ශිෂ්‍ය - ශිෂ්‍යාවන් මෙන් ම දඹදිව වන්දනාවේ යෙදෙන සියලුම සැදැහැවතුන් වන්දනා ගමනට පෙර කියවීමෙන් ධර්මාශෝක රජු සහ ඔහු විසින් බුද්ධ ශාසනය නඟා සිටුවීමට කර ඇති මෙහෙය ගැන ඉතා වැදගත් වෙතිහාසික තොරතුරු රාශියක් අනාවරණය කර ගත හැකි වනු ඇත. 
Rs 1,600.00