Philosophy

Milindu Raja Prashnaya 03
මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත්, නාගසේන මහ රහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදු වී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරකට පසුවය මෙම කෘතිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විරචිත අතර 'මිලිදු රාජ ප්‍රශ්නය 3' ලෙසින් ඔබ අතට පත් වන මෙම කෘතිය ඉතා වැදගත් ධර්ම සංගායනාවක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 550.00
Milindu Raja Parshnaya 04
මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත්, නාගසේන මහ රහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදු වී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරකට පසුවය මෙම කෘතිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විරචිත අතර 'මිලිදු රාජ ප්‍රශ්නය 4' ලෙසින් ඔබ අතට පත් වන මෙම කෘතිය ඉතා වැදගත් ධර්ම සංගායනාවක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 550.00
Tharunya Saha Sathya Sadhguru Sanwada - 02
කෘතිය ඇසුරෙන්...
''ඔබ යම් සමාජ ව්‍යුහයක් බිඳ දැමීමට පෙර අපට එයට වඩා හොඳ ව්‍යුහයක් ප්‍රතිස්ථාපනය කළ හැකිදැයි යන්න සිතා බලන්න ඕන. අපගේ ජීවිතයේ සෑම අවස්ථාවකම, අයෙකුටම මෙය වටහා ගැනීමට ඉඩදෙන්න. එය සමාජ ව්‍යුහයක්, සමාජයේ මනෝවිද්‍යාත්මක සැකැස්මක් වේවා. කුමක් වුවත් එය බිඳ දැමීමට පෙර අපට වඩාත් හොඳ විකල්ප ක්‍රමයක් තියෙනවද කියලා හිතා බලන්න ඕන. සාධාරණ විකල්ප ක්‍රමයක් නැතිව මේ පවතින කෙහෙල් මල බිඳ දැමුවොත්? එය පිස්සුවක් වෙනවා.''
Rs 1,200.00
Dependent Origination - An Analysis of Mind
Dependent origination is the core teaching common to all sects of Buddhism. It describes how a being comes to be, persists and with the realization of Nirvana, ceases to be. Persistence or life – existence - is unsatisfactory – dukkha – since ageing, illnesses and death etc., take place during this life. In order to fully cease dukkha – the unsatisfactory existence - one needs to understand dependent origination which invariably leads them to the practice of the Noble Eightfold Path culminating in the cessation of unsatisfactory existence - dukkha. Nimal Fernando, the author of this treatise, has explained dependent origination as an analysis of mind so that those who are not so enamored with the traditional presentation may find it compelling.
Rs 700.00
Sanganikaramaya
නිවන් මගේ යම්තාක් දුරක් විමසිල්ලෙන් පැමිණෙන ඕනෑම අයෙකුට පෙනී යන්නේ "සංගණිකා දෝෂය " නිවනටත් නිවන් මගටත් සූක්ෂම ව පහර දෙන්නා වූ සතුරු බලවේගයක් ලෙස යි. එය තමාට නො දැනීම තමා තුළ ම සිටින්නා වූ සතුරු බලවේගයක් ලෙස හඳුනාගෙන; ඥානාන්විත ව විදර්ශනාත්මක ව දුරු කල යුතු ක්ලේශ ධර්මයකි. එය හුදෙක් දැනුමක්, අවබෝධයක් පමණක් වශයෙන් තබා නොගෙන කලණ මිතුරන් සමග ද සරල ව්‍යවහාරයෙන් බෙදා ගැනීමේ අරමුණින් මෙම පුස්තකය ඔබ අතට පත් කිරීම කතෘගේ උත්තම පරමාර්ථයයි. 
Rs 150.00
Dhamma sarana
සංස්කාරක සටහන
ධම්ම පිටකත්‍රයෙහි සුලභ වදනකි. අර්ථ සමුදායක් රැගත් ගැඹුරු වදනකි. ධම්ම විවිධාර්ථ හෙයින් තැනට සුදුසු අයුරින් ගතයුතුය. ධාරනාර්ථවාචී ධර ධාතුවෙන් පරම ධම්ම ප්‍රත්‍යයෙන් සංසිද්ධ ධම්ම අර්ථ සමූහයක් ගෙන දෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිරවද්‍ය කරුණු විය යුතු ස්වභාවය යන අර්ථයෙන් ධම්ම නම් වෙයි. සංස්කෘතයේ දරන උසුලන සිහියේ රඳන යන අර්ථ ගෙන දෙන ධර්ම යන ප්‍රකෘතියෙහි එම අර්ථයෙන් බුදුරදුන් වදාළ සියල්ල ධර්මයයි. ධම්ම ක්‍රියාකාරිත්වය අනුව ධම්ම සංකල්පයකි. මෙම සංකල්පයෙහි ව්‍යාප්ත වූ අර්ථ ක්‍ෂේත්‍රයක් ඇති බවත් බෞද්ධ චින්තනයෙහි සර්වප්‍රකාරයෙන්ම වැදගත් වූ අර්ථ ගාම්භීර්යයක් මෙම සංකල්පයෙහි අන්තර්ගත බව ත්‍රිපිටක හා අර්ථකථාවන්හි දක්නට ඇති අර්ථ විවරණවලින් දැකීමට පුළුවන. පෙර අපර දෙදිග පහළ වූ චින්තකයන් දාර්ශනිකයන් රාෂ්ට්‍ර පාලකයන් මෙම සංකල්පය අර්ථ නිරූපණය කර ඇත.
Rs 850.00
Sathuta Genadena Piyawara Ata
බුදුන් වහන්සේ ඉදිරිපත් කළ ඉතා ගැඹුරු ඉගැන්වීමක් වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය, ගුණරතන හාමුදුරුවන් විමසා බලන්නේ දැඩි වෙහෙසක් දරමිනි. ගුරුවරුන්ගේත් ගුරුවරයකු ලෙස ප්‍රකට උන්වහන්සේ, සිහිය දියුණු කරගැනීම පිළිබඳව ලබා දෙන්නේ සරල, පරිපූර්ණ, සුවිශේෂ උපදෙසකි. එකිනෙකක් ආර්ය සත්‍යයක් පුහුණුව හා සම්බන්ධ පැහැදිලි, සුව්ශේෂ යෝජනා සමඟ බැදුණු අරුත්බර නිදසුන් ගලපමින් ඉදිරිපත් කෙරෙන මේ පොත තෘප්තිමත් භාවය අත්පත් කරගැනීමට බුදුන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගය කෙරෙහි උනන්දුවක් දක්වන කාටත් ආශිර්වාදයකි.
Rs 1,470.00
Out-of-Stock
Arya Ashtangika Margya
Out-of-Stock
දිවයිනේ සුප්‍රකට ග්‍රන්ථ කර්තෘන් වහන්සේ නමක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ආරාධිත කථිකාචාර්ය, ආචාර්ය පැලැන්වත්තේ ධම්මතිලක නායක ස්වාමින් වහන්සේර්, බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රය උදෙසා ලබා දෙන දායකත්වය අතිශයින් ප්‍රශංසනීය වේ. හුදී ජන පහන් සංවේගය උදෙසා ධර්ම ග්‍රන්ථ මෙන්ම, බෞද්ධ පර්යේෂණ ග්‍රන්ථ රාශියක් ප්‍රකාශ කොට ඇති උන්වහන්සේ විශ්ව විද්‍යාල විද්‍යාර්ථින්ගේ මෙන්ම අනිකුත් ශාස්ත්‍රාභිලාෂීන්ගේ මනදොළ සපුරාලීම සඳහා අභිනවයෙන් රචනා කරන ලදළ “ආර්ය අෂ්ඨාංගික මාර්ගය" ග්‍රන්ථය බොහෝ දෙනාගේ අවධානයට ලක්විය යුත්තකි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ශ්‍රී ධර්ම මහං සංඝ සභාවේ ගල්ගොඩ විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක පදවිය සඟ තත් සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මචාර්යන් වහන්සේ නමක් ද වන උන්වහන්සේ, අනෙකුත් ශාසනික කාර්යයන්හි ද අනලස්ව යෙදෙමින් සිදුකරනු ලබන ධර්ම ශාස්ත්‍රීය සේවාව පැසසිය යුත්තකි.
Arya ashtangika margaya duka niveeme maga
සංස්කාරකගේ පෙරවදන
බුදුරදුන් වදාළ ධර්මය ප්‍රධාන මූලධර්ම දෙකක් මතමධ්‍යගත වන බව පූජ්‍ය බෝධි හිමියෝ පැහැදිලි කරති. ඉන් ප්‍රධාන මූලධර්මය වන්නේ චතුරාර්ය සත්‍යය නමින් හැඳින් වෙන ආර්ය සත්‍ය සතරයි. එම මුලධර්මය මගින් නොකඩවාම පවතින දුක පිළිබඳ ප්‍රශ්නය හඳුනාගනු ලබන අතර, ඊට පිළියම් ද සොයාගනු ලැබේ. දෙවන මුලධර්මය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉන් පැහැදිලි කරනුයේ දුක පිටු දැකීම හෙවත් නිවන අත්කරගනු සඳහා අනුගමනය කළ යුතු ආර්ය මාර්ගයයි. ආර්ය මාර්ගයෙහි මාර්ග අංග අට සහ එහි කොටස්වල සුසංයෝගය ගැඹුරින් අර්ථ කථනය කිරීම මෙම අගනා ග්‍රන්ථයෙහි අරමුණයි. මෙය කියවන පාඨකයන්ට බුදු දහමෙහි හරය පිළිබඳව මෙතෙක් දැක නැති අලුත් දැක්මක් අත්විඳීමට හැකි වෙයි.
Rs 140.00
Patichcha Samuppadaya Manasa Pilibada Wishleshanayak
පටිච්ච සමුප්පාදය මනස පිළිබද විශ්ලේෂණයක් යන මෙම කෘතිය වසර පහළොවක පමණ කාලයක සිට භාවනාවෙහි යෙදී අත්දැකීම් ලබාගෙන සිටින නිමල් ප්‍රනාන්දු මහතා විසින් රචනාකර ඇති අතර එය සත්වයකුගේ භවාන්තර උත්පත්තිය සංසාරික පැවැත්ම ධර්මාවබෝධය හා නිර්වාණවබෝධය පිළිබදව විස්තර කරයි.නොයෙකුත් කරුණු සංයෝජනය වීමෙන් මුළු විශ්වධාතුවම ඇතුළුව එහි තුළ අන්තර්ගත සියලු වස්තූන්හි හටගැන්ම,පැවැත්ම අභාවයටපත්වීම හා නැවත හට ගැන්ම සිදුවන බවත් මේ චක්‍රයෙන් මිදී යා හැකි බවත් ඒ සදහා මාර්ගයයක් පවත්නා බවත් ධර්මයෙහි විග්‍රහ වේ.
මෙම ග්‍රන්ථයේ කර්තෘ නිමල් ප්‍රනාන්දු මහතා පටිච්ච සමුප්පාදය තුළින් සිත පිළිබද විශ්ලේෂණයක් මෙහි ඉදිරිපත් කර ඇත. පටිච්ච සමුප්පාදය පිළිබදව ගැඹුරු අවබෝධයක් නොමැති අයට වුවද ඒ පිළිබදව ක්‍රමානුකූල අවබෝධයක් ලබා ගැනීමට පිටුවහලක් වන ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,050.00
Batahira Darshana
ලෝකයේ දර්ශනයෝ බහුල වෙති. බෞද්ධ දර්ශනය, ක්‍රිස්තු දර්ශනය, හින්දු දර්ශනය, මහමත් දර්ශනය, සරතුස්ත්‍ර දර්ශනය මේ ආදී දර්ශන මෙන් ම ශාස්වත උච්ඡෙදාදී වශයෙන් දෙසැටක් මිථ්‍යාවාදී දර්ශන (දෘෂ්ටිවාද) පමණක් නොව, මාධ්‍යමික යෝගාචාර, සොත්‍රාන්තික, වෛභාෂික ආදී වශයෙන්ද සංවර්ධිත දර්ශනවාද භාරත දේශයෙහි විය. පෙරදිගට ආවේණික දර්ශන මෙන් ම අපරදිගට ආවේණික දර්ශන ද වෙයි.තේලිස් ඇනෙක්සීමෙන්ඩර් ඇනෙක්ෂිමේනිස්, පයිතගෝරස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් දාර්ශනිකයන්ගේ මතවාද අපරදිග හෙවත් බටහිර දර්ශන වෙති. බටහිර දර්ශනය කෙබඳු වූ එකක් ද යන්න අවබෝධ කර ගැනීමට ගරු පරවාහැර පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ සහ වේහැල්ලේ ධම්මපාල හිමියන් ලියා පළ කර ඇති බටහිර දර්ශන කෘතියෙන් හැකිවීම ප්‍රමාණිකත්වයෙන් අගය කළ යුතුය
පූජ්‍ය අම්බලන්ගොඩ සුමේධානන්ද හිමි
Rs 236.00
Saundarya Pilibada Bauddha Akalpaya
"සෞන්දර්ය පිළිබඳ බෞද්ධ ආකල්පය" නිරාමිස බුදු දහම සත්ත්වයාගේ ආධ්‍යාත්මික ලෝකය අරමුණු කරගත් මෙම කෘතිය කලා සාහිත්‍යය නිර්මාණයට මෙන්ම විචාර කලාව සම්බන්ධයෙන්ද ලද හැකි දායකත්වය පිළිබිඹු කෙරෙන ඉතා වටිනා කෘතියකි.
Rs 1,350.00
Dharma Vinishcaya
“Quoted from the book”
The truth is in you. However you only have to realize it within your very body. Which is about a fathom in size But it is an arduous task you just cannot offer it to another as a degree. The Enlightened one also could only guide you. It has to be realized by your own self.
Rs 600.00
Twenty Four Great Virtures
There are nine virtues such as Araham Sammāsambuddho in the gem of Buddha. There are six virtues such as Svākkhāto Bhagavato Dhammo in the gem of Dhamma. There are nine virtues such as Supațipanno Bhagavato sāvaka Sangho in the gem of Sangha. When all are added up there are twenty four virtues in the triple gem. It is called "Sūvisi mahā gunaya". This book describing those twenty four virtues is named Süvisi mahā guņaya.  in sinhala ranslate
Rs 1,000.00
Nayaya Shabdarthavahini
'න්‍යාය ශබ්දාර්ථවාගිනී' යන මෙම ග්‍රන්ථයෙහි බෞද්ධ න්‍යාය ශාස්ත්‍රයේ ඓතිහාසික විකාශය, මුල් බුදු සමයෙහි න්‍යායාත්මක ප්‍රවේශ හා තදනුබද්ධ න්‍යාය සිද්ධාන්ත ඇතුළු කරුණු රාශියක් පිළිබඳ ශාස්ත්‍රීය විශ්ලේෂණයක් සිදු කෙරේ.
Rs 1,500.00
New
Dependent Arising And the Transformation Of Social Problems
This insightful work by Bhikkhunī Dao Thi Lan skilfully draws on ancient Buddhist wisdom to illuminate contemporary social challenges. Through the lens of Dependent Arising, she develops a rich and practical framework for understanding the roots of poverty, crime, conflict, and racism. At the same time, she offers a hopeful, multi-layered roadmap for cultivating more compassionate societies, grounded in ethical development and relational responsibility across the spheres of family, education, and governance. Guided by deep wisdom and compassion, this book is essential reading for anyone seeking to understand how Buddhist teachings can meaningfully address the urgent issues of our time."
Ven. Sik Hin Hung
Senior Fellow and Founding Fellow, Centre of Buddhist Studies, University of Hong Kong.
Rs 1,360.00