Piriven Books

Prakurtha Basha Parinamaya
ප්‍රාකෘත භාෂා පරිණාමය - විශ්වවිද්‍යාල, පිරිවෙන් හා ප්‍රචීන භාෂොපකාර සංගමයේ විභාගවලට සිංහල හා පාලි විෂය ධාරා යටතේ ප්‍රාකෘත භාෂාව ඉගැන්වෙන අතර ඒ සඳහා අමතර කියවීම‌ට පොත් දුර්ලභ ය. ආචාර්ය මඩිගේ සුගතසිරි හිමියන් විසින් රචිත 'ප්‍රාකෘත භාෂා පරිණාමය' නමැති මේ කෘතිය යථෝක්ත ඌනතාව සපුරාලන්නකි. ප්‍රාකෘත භාෂාවන්හි ආරම්භය, විවිධතා හා පරිණාමය ගැන තොරතුරු මේ කෘතිය මඟින් අනාවරණය වේ. 
Rs 550.00
An Analysis Of The Pali Canon And A Reference Table Of Pali Literature
An Analysis Of The Pali Canon And A Reference Table Of Pali Literature - An Analysis of the Pali Canon is a comprehensive overview of the contents of the works that make up the Tipitaka, the Canon of the Theravada school of Buddhism. It also contains an index of the suttas and sections of the Tipitaka, as well as an extensive bibliography of the translations of canonical works and secondary literature.
Rs 250.00
Brahmadharmaya Hevath Anushasana Sangrahaya
බ‍්‍රාහ්මධර්මය හෙවත් අනුශාසනා සඞිග‍්‍රහය - මෙහි අධ්‍යයන සොළසකි. ශ්ලෝක සංඛ්‍යාව 144 කි. ඒ සියලූම ශ්ලෝකවලට පදගතාර්ථ දැක්වීමට අමතරව, සිංහල පද්‍ය නිර්මාණයකින් ද සමන්විත වේ.
Rs 250.00
Prabuddha
ප‍්‍රබුද්ධ - මහගමසේකරයන් මෙම කෘතියෙන් එක් අතකින් තමාගේ පුද්ගලික ජීවිත කථාව අනාවරණය කරන අතර තමා අගයකොට සලකන පුරුෂාර්ථ ද එය තුළින් උද්දීපනය කරයි.
Rs 1,070.00
Out-of-Stock
Mankjushribhashitha Chithrakarmashasthraya
Out-of-Stock
මඤ්ජුශ්‍රීභාෂිත චිත්‍රකර්මශාස්ත්‍රය - බුද්ධ හා බෝධිසත්ව ප්‍රතිමාකරණය පිළිබඳව මෙතෙක් ලක්දිවෙන් හමුවී ඇති තාක්ෂණික කරුණු අතින් අංගසම්පූර්ණම ග්‍රන්ථය මෙය වන අතර එය පෞරාණික ශිල්පියාගේ ඉසියුම් කලාත්මක වින්දනයත් ගැඹුරු වාස්තුවිද්‍යාත්මක ඥානයත් බැතිබර ආගමික මනසත් පිළිබිඹු කරයි. ඉන් ප්‍රතිමාවේ සැකිල්ල සකස් කිරීමේ පටන් නෙත් පිහිටුවීම දක්වා වූ සියලු තාක්ෂණික කරුණු පිළිවෙළින් විස්තරාත්මකව ඉදිරිපත් කර තිබේ.
Wiyakya Sahitha Panchathanthraya
ව්‍යාඛ්‍යා සහිත පංචතන්ත්‍රය - නාගර අක්ෂර පෙළ, සිංහල අක්ෂර පෙළ, පදගතාර්ථ, භාවාර්ථ විස්තර හා ව්‍යාකරණ විස්තර ඇතුළත් නව සංස්කරණයකි.
Rs 625.00
Sarasvatha Pradeepa
සාරස්වත ප්‍රදීප - මෙයින් දශක කිහිපයකට පෙර සාරස්වත ප්‍රදීපය පිරිවෙන් සිසුන් අතර ඉතා ජනප්‍රිය ග්‍රන්ථයක් ව පැවතිණ. සංස්කෘත භාෂාවෙන් රචිත සාරස්වතව්‍යාකරණයේ දුරවබෝධ තැන් අවබෝධ කරගැනීමට පූජ්‍යපාද කහවේ රතනසාර නාහිමියන් විසින් කරන ලද සාරස්වතව්‍යාඛ්‍යාව මහෝපකාරී වූවකි.සංස්කෘත ව්‍යාකරණය සංක්ෂිප්ත ව ග්‍රහණය කරගැනීම සඳහා පූජ්‍යපාද දමුණුමැයේ ඤාණරතන නාහිමියන් විසින් කරන ලද සාරස්වත ප්‍රදීපය මහත් ආලෝකයක් සපයන ලදී.
Rs 750.00
Sidath Sangara
සිදත් සඟරා - 13 වන සියවසේ දඹදෙණි සමයේදී රචිත සිදත් සඟරාව සාම්ප්‍රදායික සිංහල ව්‍යාකරණයන්ගේ මූලික විධි පැහැදිලි කරගැනීම සඳහා මූලික කොට ගන්නා ග්‍රන්ථය ලෙස සැළකේ. එය දේව ප්‍රතිරාජයන්ගේ ආරාධනාව මත පතිරාජ පිරිවන් හිමි විසින් රචනා කොට ඇති බව පිළිගැනෙයි.
Rs 250.00
Lovada Sangarava
ලෝවැඩ සඟරාව - වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. හයවන පැරකුම්බා රජු දවස කි‍්‍ර. ව. 1412 - 1467 කාල වකවානුවේදී ලෝවැඩ සඟරාව රචනා කර තිබේ. බෞද්ධ සමාජයේදී පොදු ජනයා අතර යහපත් ගුණ ධර්ම වඩවාලීම අරබයා ලෝවැඩ සඟරාව උන් වහන්සෙ රචනා කර තිබේ. "පාලි ධර්මය නොදන්නා සාමාන්‍ය ගැමි ජනතාවට පින් සහ පව් වල විපාක මෙසේ යයි අවබෝධ කරලීම මූලික අරමුණු කරගෙන ලොවැඩ සඟරාව රචනා කළෙමි" යන්න "වෙසෙසින් පෙළදම් නොමදත් දනහටපවසම් කළ කම් පල දැන්හෙළුකොට" යනුවෙන් හා "නොදැනෙනුවන්හට පව්පින් නියම කොටබඳ ලෝවැඩ සඟරා පිණෙනි හැම විට" දක්වා තිබීමෙන් මනාව පැහැදිලි වේ. බුද්ධ වර්ෂ 2015 දී පමණ රචනා කරණ ලද ලෝවැඬ සඟරාව කියවීමෙන් මෙලොව පරලොව දෙලොවම සෙත සලසා ගත හැකි උපදෙස් අපට ලබා ගත හැක. මිනිසාගේ දෙලෝ අභිවෘද්ධියටම හේතු වන මහා අනර්ග ධර්ම අවවාද රාශියක් කැටිකොට ගොතන ලද කවි 140 ට උචිත ලෙස ලෝවැඩ සඟරාව නමින් මේ කෘතිය නම් කොට තිබේ. එම්.කේ. සුසන්ත සේනාධිලංකාරගේ අසම්පූර්ණ සංස්කරණවලින් යටපත්වූ වීදාගම මෛත්‍රිය හිමිගේ ලෝවැඩසඟරාව නමැති ග්‍රන්ථයේ ලෝවැඩසඟරාවේ පද්‍ය 271ක් දක්වා තිබේ. මෙය විශිෂ්ට පර්යේෂණයකි. වීදාගම මෛත්‍රිය හිමි තරුණ හිමිනමකව සිටියදී ලෝවැඩසඟරාව රචනා කළ බවත්, උන්වහන්සේ මහනෙත්පාමුළ අධිපතිවීමෙන් පසුව ඒබව සඳහන් කරමින් ලෝවැඩසඟරාව නැවත සංස්කරණය කරන ලද බව සෙන්ධිලංකාරගේ පර්යේෂණයේ සඳහන්වෙයි.
Rs 325.00
Pujavaliya
දඹදෙණි යුගයේ ඇරඹි ආවලී ග්‍රන්ථවලට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. පූජා වලිය,ප්‍රයෝගරත්නාවලිය,සද්ධර්මරත්නාවලිය, රාජාවලිය, ප්‍රාතිභාර්යාවලිය බදු ග්‍රන්ථයන්ගෙන් ඒ බව පෙන්නුම් කරණ අතර මෙම ආවලී ග්‍රන්ථ අතර පූජාවලියට හිමිවන්නේ විශේෂ තැනකි. 
Rs 600.00
Out-of-Stock
Pali - Shasthreeya Sangrahaya 2014
Out-of-Stock
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන සංසදය මගින් එළි දක්වනු ලබන ''පාලි ශාස්ත්‍රීය සංග්‍රහය 2014''  මෙම කෘතිය පාලි භාෂාව අධ්‍යනයට ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
Pali - Shasthreeya Sangrahaya 2015
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන සංසදය මගින් එළි දක්වනු ලබන ''පාලි ශාස්ත්‍රීය සංග්‍රහය 2015'' නම් මෙම කෘතිය පාලි භාෂාව අධ්‍යනයට ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
Rs 900.00
New
Pali ha Bauddha Adhyanayata Athwelak
කර්තෘ ගෙන්...
නාලි අට්ඨ කථා පිළිබඳව විමර්ශනය කිරීමේදී පළමුවෙන්ම අට්ඨ කථා යන්න විග්‍රහ කරගතයුතුය. ඒ අනුව අටුවා හෙවත් අට්ඨ කථා යනු 8ටක නලියෙහි ඇතුළත් වූ අර්ථ වශයෙන්ද අධිනය හෙවත් නොව වශයෙන්ද ගැඹුරු වූ නදයට හරන ලද අර්ථ වර්ණනාව අටුවා නම් වෙයි. මෙම අදහස තවදුරටත් සිංහල විශ්ව කෝෂයේ විග්‍රන කරන්නේ මෙසේය. "නුදෙන් දේශනා නලියෙහිදී අර්ථ කථාව දැන්වීමට 'අත්ථ' යන වචනය වදාළ බව දක්නට ඇත. නික්ෂු විභගයෙහි වදාළ අත්තාන සංතෝ" යන්නට සමන්තනාකාදිනා විනය අටුවාවෙහි අක්ඛු පස නොහි අට්ඨ කථා නිස්සි'(අන්ටු පස) යනු අටුවාව ඇසුරු කළේ) යන අර්ථය දන්වා ඇත. එසේම මනෝරථ පුරණයෙහි අත්ථතුකලොහි අට්ඨ කථාය ඡෙකො, අන්තමඤ්ඤාය ධම්මමඤ්ඤායානි අට්ඨකථදේව නළිව ජාගිත්වා' යි යන්නෙන් අට්ඨ කථා අටුවාව ද ධම්ම යන්නෙන් නළිය ද හඳුන්වන ලද්දේය. මෙසේ විනයෙහි හා කති වලද අනේතස්ථානයෙහි පෙළත් අටුවාවන් ධම්ම අත්ථ යන වචනයන්ගෙන් සඳහන් කොට ඇති හෙයින් අටුවාව ද බුද්ධ කාලීන බව පිළිගත යුතුය. (8ටුව 15) 
බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීමේදී සිහ හා ඒ හා සම්බන්ධ තවත් ප්‍රභේද විහුන කිරීම් වශයෙන් විවිධ වචන නොවීනා කොට ඇත. එහිදී බුදුරජාණන් වහන්සේ දින හුන කිරීම සඳහා උපයෝගී කරගත් වචන තුනත් මූලික වශයෙන් දැනගැනීමට පුළුවන. එනම් චිත්තමහ නා විඤ්ඤාණ නම් වේ. යං ව බො නික්ඛවෙ චිත්තං ඉතින් මනො ඉතින් මනො විඤ්ඤාණං මෙහිදී නම් තුනකින් අදහස් වන්නේ එතත්ව ඉපදී අනෙතත්ව නිරුද්ධ වී ‍වෙනස්වන ස්වභාවයකට පත්වන අවස්ථාවන්ට අනුකූලවය. මින් පරිබාහිරව දිත හැඳින්වීමට දික නිහාය තුළදී චිත්ත නා මනෝ යන වචනද්වය භාවිත හළ බව පෙනේ. එසේම අනිධර්ම පිටකය තුළ පමණන් දින හැඳින්වීමට වචන දහයක් යොදාගත් බව ධම්මසංගණිපු තරණයේ සඳහන් තොරතුරු මගින් නූත්‍යක්ෂ වේ. එනම් "චිත්ත, මනෝ, මාහස, නදය, පන්දර, මහායන, විඥාණ විඤ්ඤාණත් බන්ධ, නර්තමනො, විඤ්ඤාණ ධාතු" යනුවෙනි. මෙහි නද නමුහය එනාර්ථවත් අයුරින් දිනම හඳුන්වන්නේද එකේ හඳුන්වන්නේ නම් එහි පද හරහා අර්ථය ගම්‍ය කරන්නේ ද යන්න විවාදාපන්නය. කෙසේ හෝ එම වචන සමූහය තුළ නවා මහ යන්න යොදාගත් බව පැහැදිලිය. (පිටුව 77) 
Rs 450.00