Piriven Books

Atharvaveda
ඍග්, යජුර්, සාමන්, අථවන් යන චතුර් වේදයන්ගෙන් අවසන් වේදය සමාජ ජීවිතයත් සමඟ බෙහෙවින් ගැලපුණු වේදයක් බව ප්‍රකට කරුණකි. භෛෂජ්‍ය සූක්ත හා ආයුෂ සූක්ත ඒ අතර ප්‍රමුඛස්ථානයක් උසුලයි. ආයුර්වේදයේ ආරම්භක කරුණු මෙහි දක්නට ලැබීම සුවිශේෂ කරුණක් වන අතර රෝග සහ ප්‍රතිකාර ක්‍රම යන්ත්‍ර, මන්ත්‍ර භාවිතය මගින් රෝග සුව කිරීම බොහෝ අවස්ථාවල දක්නට ලැබේ. කාණ්ඩ 20ක්, සූක්ත 730ක් හා මන්ත්‍ර 6000 ක් මෙහි ඇත. මුලින්ම එන කාණ්ඩ එකොළහ ( 11 ) මගින් බොහෝ කොට රෝග සුව කිරීම පිළිබඳ කරුණු දක්වන අතර අට (8) සහ දොළහ (12) කාණ්ඩ මගින් විවිධ සුවපත් කිරීම් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරයි. දහතුන (13) සහ (18) මගින් මානව ජීවිතයට අදාළ චාරිත්‍ර සමූහයක් දක්වයි. ඖෂධ පැලෑටි, දේව යාඥා සහිත මන්ත්‍ර මගින් රෝග සුවකරන ක්‍රමවේද ද ඉදිරිපත් කොට ඇත. පස්වෙනි කාණ්ඩයේ විසි එක්වෙනි සූක්තයෙන් පැහැදිලි කෙරෙන ආකාරයට රෝග බෝ කරන යක්ෂයන් දේහාන්තරණය වී ඇති බව පෙනේ. මීට අමතරව මානව වර්ගයාගේ පැවැත්මට අදාළ කරුණු (4.1/10.07/17.1) මෙන්ම විශ්ව පදාර්ථය ලෙස බ්‍රහ්ම ක්‍රියාත්මක වන අයුරු ද (7.52) මෙහි විස්තර කොට ඇත.
Rs 950.00
New
Hindi Sahithya Ithihasaya
 ' හින්දී සාහිත්‍ය ඉතිහාසය ' පිළිබඳ විශාරද සුරංජි ශ්‍යාමලී' විසින් සම්පාදිත " හින්දි සාහිත්‍ය ඉතිහාසය" නම් මෙම කෘතිය තුළ හින්දි සාහිත්‍යයේ ආදි කාලය' නම් වූ මුල්ම වකවානුවේ සිට වර්තමානය දක්වා හින්දි සාහිත්‍යයේ ප්‍රවාහය පිළිබඳ  කරුණු පෙළ ගස්වා ඇත. හින්දි සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ පුළුල්, සවිස්තරාත්මක මෙන්ම විශිෂ්ට කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 600.00
New
Chandolankara
පෙරදිග සාහිත්‍ය විචාරය හදාරන විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය උදෙසා සම්පාදිත, ඡන්දස් හා අලංකාර පිළිබඳ මූලාශ්‍රය සාකච්ඡා කෙරෙන මෙම කෘතිය ප්‍රාථමික මූල ග්‍රන්ථාශ්‍රිත විමර්ශනයකි.
Rs 1,121.00
New
Rupasiddhiya - (Dvthiya Bhagaya)
රූපසිද්ධි - පාලි රූපසිද්ධි මහා ව්‍යාකරණ ග‍්‍රන්ථය පරිශීලනයෙහි නියුක්ත ආධුනිකයනට ඇතිවන ගැහැට දුරලීමවස් සම්පාදිත රූපසිද්ධි  ග‍්‍රන්ථයෙහි දෙවන කාණ්ඩය මෙයයි. මෙම ග‍්‍රන්ථය මගින් පාලි ව්‍යාකරණාවබෝධයට සරල මාර්ගයක් ලබාදෙනු ලබන අතර පිරිවෙන් අධ්‍යාපනයේදී ද ආවශ්‍යක ග‍්‍රන්ථයක් ද වේ. 
Rs 1,100.00