Prices drop

-10%
Parani Lakdiva Kanthava
පැරණි ලක්දිව කාන්තාව - ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන මේ දක්වා සැකසුණු ග්‍රන්ථවල දිවයිනේ දේශපාලන, ආර්ථික හා සමාජ උච්චාවචන පිළිබඳ සඳහන් වෙතත් කාන්තාවගෙන් විසූ එහි දී සිදූ වූ කාර්‍යභාරය ගැන දක්වා ඇත්තේ අවම වශයෙනි. මේ තත්ත්වය වටහාගත් මහාචාර්‍ය ඉන්දාණි මුණසිංහ විසින් අතීත ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් ඉටු වූ සමාජ මෙහෙවර සම්බන්ධව කරන ලද පර්‍යේෂණයක ප්‍රතිඵල ලෙස ප්‍රකාෂයට පත් වූ, රාජ්‍ය සම්මාන ලද, "පැරණි ලක්දිව කාන්තාව" නම් කෘතිය මගින් පුරාණ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධව දක්නට ලැබුණු එම අවකාශය සම්පූර්ණ වේ. පුරාණ ශිලාලේඛන හා ග්‍රන්ථ ඇසුරු කරමින් රචිත මේ ග්‍රන්ථයෙන් පැරණි ලක්දිව විසූ කතුන්ගේ ආගමික ජීවිතය, වෘත්තීය ජීවිතය හා ගෘහස්ථ ජීවිතය ද සම්බන්ධව මෙතෙක් ආවරණය වී තිබුණු තොරතුරු රාශියක් එළිදැක්වේ. මේ ග්‍රන්ථයෙන් කියැවෙන පැරණි ලක්දිව කතුන්ගේ රුව, ගුණ හා සවිය ගැන අසන පාඨක ජනයා තුළ මහත් අභිමානයක් ජනිත වෙයි. එසේ නැගෙන අභිමානය ඔවුන්ගේ පෞර්ෂය ශක්තිමත් කිරීමෙහි ලා නිසැකයෙන් ම හේතු වේ.
Rs 1,125.00
Rs 1,250.00
-10%Out-of-Stock
Palimutthakavinaya Winicchaya Sangaho
Out-of-Stock
පාළිමුත්තකවිනය විනිච්ඡය සංගහෝ - පාලි මුත්තක විනය විනිශ්චය නමැති මෙම මාහැඟි ග්‍රන්ථය පොළොන්නරු සමයේ දී පොළොන්නරුවේ ජේතවන විහාරයෙහි වැඩ විසූ විනය විශාරද ශ්‍රී ශාරිපුත්‍ර සඝරාජයන් වහන්සේ විසින් රචනා කරන ලද භික්ෂු විනය හා සම්බන්ධ වූවකි.
Rs 1,125.00
Rs 1,250.00
-10%
Avasana Nindagama
අවසාන නින්දගම
Rs 1,125.00
Rs 1,250.00
-10%Out-of-Stock
Budu Pilimayata Pera Budu Hamuduruvo
Out-of-Stock
බුදු පිළිමයට පෙර බුදු හාමුදුරුවෝ - මුල් යුගයේ කලාකරුවන් බුදු සිරිතේ විවිධ අවස්ථා සංකේතානුසාරයෙන් චමත්කාර ජනක අයුරින් ඉදිරිපත් කළ අයුරු මහත් වෙහෙසක් දරා ගොනු කර සරල බසින් ව්‍යාඛ්‍යානය කර ඡායාරූප විශාල ප්‍රමාණයකින් තහවුරු කර මේ කෘතියෙන් ඉදිරිපත් කර ඇති ආකාරය කලා කෘතියක් සේම රම්‍ය බව නොපැකිල පැවසිය හැකිය.
Rs 1,125.00
Rs 1,250.00
-10%Out-of-Stock
Mahinda Prabanda
Out-of-Stock
මහින්ද ප්‍රබන්ධ - මහින්ද හිමියෝ ප්‍රශස්ත කවි ගී රැසක් රචනා කළහ. එමඟින් ප්‍රමුඛ පෙළේ කිවියාණ කෙනෙක් වූහ. එහෙත් අද උන්වහන්සේගේ කවි ගී බොහෝමයක් අදෘශ්‍යමාන ය. අප්‍රකට ය. අප්‍රකාශිත ය. මේ වූ කලි සිංහල කාව්‍යය වංශයෙහි නිරන්තර ව දැනුණු ඌනතාවකි. මහින්ද හිමියන්ගේ සමස්ත කාව්‍ය සමුච්චය කෙරෙහි අද්‍යතන පාඨක විචාරක උභය පක්ෂයෙහි අවධානය යොමුකිරීම සඳහා සම්පාදනය විය.
Rs 1,125.00
Rs 1,250.00
-10%
Ceylon Adamge Paradisaya
සිලෝන් ආදම්ගේ පාරාදීසය - ඉංග්‍රීසි ජාතික කැරොලයින් කෝනර් කොලඹ වරායෙන් මෙරටට ගොඩ බසින්නේ යටත් විජිත සමයේදීය. ඒ සමකාලීනව ඇගේ සැමියා මෙරට යටත් විජිත කාර්‍යාලයේ නිලධාරියෙක් ලෙස සේවය කරමින් සිටියි. මෙරට සත් වසරක් ජීවත් වෙමින් ලැබූ අත්දැකීම් සහිතව ඇය ලියූ කෘතිය Ceylon; Paradise of Adam වෙයි. මේ එහි සිංහල පරිවර්තනයයි. සමකාලීන සිංහල ජන ජීවිතය, ඇදහිලි, විශ්වාස, චර්‍යා රටා, මෙරට විසූ අනෙකුත් ජන කොටස් පිළිබඳ තොරතුරු හා තේ වගාව සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයන් ලැබූ අත්දැකීම් ආදිය ගැන කැරොලයින් කෝනර් මෙම කෘතියෙන් මනාව විස්තර කරයි.
Rs 1,125.00
Rs 1,250.00
-10%
Kalani Gangabada Puravurththa
කැලණි ගඟබඩ පුරාවෘත්ත - කැලණි ගඟ වටා පිහිටි පෞරාණික ස්ථාන සහ පූජනීය තැන්වල සංචාරය කරමින් ඒවායේ අතීතය හාරාඅවුස්සන කතුවරයා එම පුරාවෘත්ත ඔස්සේ පාඨකයා ගඟ දිගේ ඉහළට චාරිකාවක් කැඳවාගෙන යයි. පෞරාණික තැන් රාශියක් හා බැඳුණු රසවත් ඓතිහාසික පුරාවෘත්ත මෙහිදී විමසා බැලේ.
Rs 1,125.00
Rs 1,250.00
-10%
Pileethiyas Dutu Lankava
පිලීතියස් දුටු ලංකාව 
Rs 1,125.00
Rs 1,250.00
-10%Out-of-Stock
An Introduction To Fauna In The Buddhist Canon
Out-of-Stock
An Introduction to Fauna in the Buddhist Canon - explores the rich tapestry of animal life as depicted in Buddhist scriptures. This scholarly work delves into the diverse roles animals play in Buddhist literature, mythology, and moral teachings. Through a blend of religious interpretation and zoological insight, the book examines the symbolic significance of various animal species and their interactions with humans in Buddhist thought. From the compassionate teachings on kindness towards all living beings to the allegorical use of animals in parables, this book offers a fascinating glimpse into the intricate relationship between Buddhism and the natural world.
Rs 1,125.00
Rs 1,250.00
-10%
APE PRAVADA
සිය ප්‍රථම උපාධිය සඳහා ලංකා විශ්ව විද්‍යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙහි තාරකා භෞතික විද්‍යාව ද හදාළ නලින් ද සිල්වා මහතා සිය සමාජ ශාස්ත්‍රීය දිවිය ඇරැඹුවේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු හා මාක්ස්-ට්‍රොස්ට්ස්වාදි න්‍යායාචාර්යවරයකු ලෙස ය. ලංකා සම සමාජ පක්ෂයෙහි ප්‍රබල ක්‍රියාකාරිකයකු ද නව සම සමාජ පක්ෂය ඇරැඹීමෙහි මූලික වූවකු ද වන ඔහු අසුව දශකය මුල දී ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය 'මාක්ස්වාදය විද්‍යාත්මක ද?' යනුවෙන් සමාජ සංවාදයකට මුල් විය. විද්‍යාව මත පදනම් ව මාක්ස්වාදය ප්‍රශ්න කිරීමෙන් ඇරැඹුණු මේ සංවාදය, විද්‍යාවේ දර්ශනය විෂය ක්ෂේත්‍රය කරගනිමින් ක්‍රමයෙන් විද්‍යාව හා බටහිර දැනුම ප්‍රශ්න කරන්නක් බවට වර්ධනය වී ය. මාක්ස්වාදය හා විද්‍යාව සම්බන්ධයෙන් කෙරුණු මේ න්‍යායාත්මක ප්‍රශ්න කිරීමේ ජාතික චින්තන සංවාදයේ දාර්ශනික පදනම සැකසීමෙහි ලා මූලික විය. 
Rs 1,071.00
Rs 1,190.00
-10%
Jeevithaya Adaraya Sinahawa Obe Pavathma Samareema
කර්තෘ ගෙන්...
ජීවිතයට ඇත්ත වශයෙන්ම තේරුමක් නැත. එය අර්ථවත් වන්නේ ඔබට සදාකාලික ගීතයක් ගායනා කළ හැකි නම්, ඔබට දිව්‍යමය, දිව්‍යමය සුවඳක් නිකුත් කළ හැකි නම්, ඔබට නෙළුම් මලක් විය හැකි නම්, මරණයෙන් තොර, අකාලික විය හැකි නම් පමණි. ඔබට පිවිතුරු ආදරයක් බවට පත් විය හැකි නම්, ඔබට මෙම පැවැත්ම අලංකාර කළ හැකි නම්, ඔබට මෙම පැවැත්මට ආශීර්වාදයක් විය. හැකි නම් ජිවිතයට වැදගත්කමක් ඇත්තේ එව්ට පමණි. එසේ නොමැති නම් එය නිෂ්ඵල ය. එය හිස් කැන්වසයක් වැනි ය ඔබට එය ඔබේ මුළු ජීවතයේම රැගෙන යා හැකි අතර ඔබට එහි බරින් මිය යා හැකිය, නමුත් එහි ඇති තේරුම කුමක්ද? එය මත යමක් පින්තාරු කරන්න ජිවිතයේ අර්ථය නිර්මාණය කළ යුතුය. අර්ථය දැනටමත් ලබා දී නැත. නමුත් ඔබට නිදහස ලබා දී ඇත. ඔබට නිර්මාණශීලීත්වය ලබා දී ඇත. ඔබට ජීවිතය ලබා දී ඇත. අර්ථය නිර්මාණය කිරීමට අවශ්‍ය සියල්ල ලබා දී ඇත. අර්ථය සඳහා අත්‍යවශ්‍ය සියලු ම අමුද්‍රව්‍ය ලබා දී ඇත, නමුත් අර්ථය ලබා දී නැත. අර්ථය ඔබ විසින් නිර්මාණය කළ යුතුය. ඔබ ඔබෙම අයිතියෙන් නිර්මාණ කරුවෙකු විය යුතුය
Rs 1,197.00
Rs 1,330.00
-20%
Sinhala Majjima Nikaya - 2
මජ්ඣිම නිකාය 2 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 960.00
Rs 1,200.00
Apadana Pali (Theri Apadana) 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන අපදාන පාළි  (ථේරි අපදාන)  2  කාණ්ඩය වේ . 
Rs 1,200.00
-10%
Sinhala - English Paryaya Pada Wishvakoshaya
සිංහල - ඉංග්‍රීසි පර්‍යාය පද විශ්වකෝෂය - යනු සිංහල වචන සහ ඒවායේ සමාන පදවල සම්පූර්ණ ලැයිස්තුවක් සපයන විමර්ශන ග්‍රන්ථයකි. එය ලේඛකයින්ට, සිසුන්ට සහ භාෂා ලෝලීන්ට සමාන අර්ථයන් සහිත විකල්ප වචන සොයා ගැනීමට උපකාරී වන අතර එමඟින් ඔවුන්ගේ වචන මාලාව පොහොසත් කර ඔවුන්ගේ ලිවීමේ කුසලතා වැඩි දියුණු කරයි. තම සිංහල භාෂා ප්‍රවීණතාවය ඉහළ නංවා ගැනීමට සහ වඩාත් ඵලදායි ලෙස අදහස් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට මෙම වර්ගයේ නිබන්ධන ඉතා අගනා මෙවලමක් විය හැකිය.
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock
Cheenabhasha Adhyanaya
Out-of-Stock
චීනභාෂා අධ්‍යයනය - චීනභාෂා අධ්‍යයනය - යනු ව්‍යාකරණ, වචන මාලාව, උච්චාරණය සහ ලිවීම වැනි භාෂාවේ විවිධ අංශ ආවරණය කරමින් චීන භාෂාව ඉගෙන ගන්නන් සඳහා වූ පුළුල් මාර්ගෝපදේශයකි. මෙම වර්ගයේ පොත් ඔවුන්ගේ චීන භාෂා කුසලතා වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන ආරම්භක හෝ අතරමැදි ඉගෙන ගන්නන් සඳහා සුදුසු වනු ඇත. ඉගෙනීමේ අත්දැකීම වැඩි දියුණු කිරීම සඳහා අභ්‍යාස, උදාහරණ සහ සංස්කෘතික තීක්ෂණ බුද්ධිය එයට ඇතුළත් විය හැකිය. සමස්තයක් වශයෙන්, එය චීන භාෂාව ප්‍රගුණ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට වටිනා සම්පතක් ලෙස සේවය කරයි.
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock
Adhyapana Margopadeshaya Ha Upadeshanaya
Out-of-Stock
අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය - තෘතීයික අධ්‍යාපන ආයතනවල විශේෂ පාඨමාලා හා පශ්චාත් උපාධි පාඨමාලාවල අනිවාර්‍ය අවශ්‍යතාවක් ලෙස ගැනෙන පර්‍යේෂණවල නිරතවන්නන්ට ද මේ ග්‍රන්ථයෙන් ලැබෙන දැනුම අතිශයින් ප්‍රයෝජනවත් ය.
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock
Bauddha Nikaya Wikashaya
Out-of-Stock
බෞද්ධ නිකාය විකාශය - සංකීර්ණ හා දීර්ඝ ඓතිහාසික වෘත්තාන්තයෙහි සියලු පැතිකඩ ආවරණය වන පරිද්දෙන් නිකාය භේදයේ පසුබිම, අටළොස් නිකාය, චතුර්විධ බෞද්ධ දර්ශන සම්ප්‍රදාය, මහායානය හා තන්ත්‍රයානය, අනුරාධපුර යුගයේ ලාංකේය නිකාය විකාශය හා නිකායාන්තර විචාර යන උප ශීර්ෂ හයක් තුළ වියත් ලේඛකයන් සිය අධ්‍යයන පරාසය විකසිත කර ඇත්තේ මෙතෙක් එක් ග්‍රන්ථයකින් පූරණය නොවූ අපේක්ෂාවන් සාධනය කරමිනි.
Rs 1,080.00
Rs 1,200.00
-10%
SASARIN METHARATA
'කර්තෘ ගෙන්..
'සසරින් මෙතෙරට' නවකතාව ලිවීම සදහා පාදක වූ මූලික කරුණ වුයේ එක්තරා ආරණ්‍ය සේනාසනයක වැඩ සිටින ප්‍රධාන ස්වාමීන් වහන්සේගේ කරුණාව යටතේ ඇති දැඩිවන කුඩා කොලු ගැටයකු මා හට මුණගැසුණ පසුව ය.අප සමාජයේ ජිවත් වන බොහෝ පිරිස් උත්සාහ ගනුයේ කිසියම් පුද්ගලයකු කරන කියන දේවල් අඩුපාඩු විමසා බැලීමට හෝ කරන දෙයක් හෙළා දැකීමට බව බොහෝ දුරට ප්‍රත්‍යක්ෂ කරුණක් බව ඔබ පිළිගනු ඇතැයි සිතමි.
මෙම කෘතිය එවැනි සමාජයක ජිවත් වුණ හිමිනමක් වටා ගෙතුණු මනංකල්පිත චරිතාංගයකි. අනුන්ගේ ගුණදොස් විචාරණ, තමන්ගේ අඩුපාඩු හදුනා ගැනීමට උත්සුක නොවන සමහර පිරිස් ගැන විවේචනාත්මක හදුන්වා දීමක් ද මෙම කෘතියේ කිසියම් තැනක උත්සාහ දරා තිබේ. එයින් පාඨකයාට කිසියම් හෝ අයුරකින් මෙම කතාව රස වින්දනයට බාධාවක් නොවන්නේ යැයි සිතමි. එසේම නවසීය හැත්තෑ ගණන්වල මුල් භාගය වූ සමාජීය පසුබිමක් තුළ චරිත ප්‍රදානය කිරීමට හා උත්සාහ ගනු ලැබුවේ නූතන සමාජයට වඩා රසස්වාදයක් එකල පැවති සමාජය තුළ ගැබ්ව ඇති බව මා විශ්වාස කරන නිසාවෙනි. එහෙත් අද සමාජය තුළ ජීවත්වන තරුණ පිරිසට එහි ඇති රසය වටහා උකහා ගැනීමේ හැකියාවක් ඇත්ද යන්න තේරුම් ගැනීම අපහසුය. අප ජීවත්වන සමාජය තුළ සිදුවන නොයෙකුත් දේ නිසා අපේ ගමන අරමුණු කරා ගමන් කිරීමට නොයෙකුත් බාධා කරදර අතිවන අතර සසරින් එතෙර වීමට උත්සාහ කරන බෝධිසත්ත්වයකුට වුවද මෙම සසරට ඇද බැද බාධක කම්කටොලු විදහා දක්වන නවකතාවක් වශයෙන් 'සසරින් මෙතරට' නවකතාව ඔබ හමුවේ තබමි. 
Rs 1,080.00
Rs 1,200.00