Prices drop

-10%Out-of-Stock
Andara Madala
Out-of-Stock
ගුණසේකර අධිකාරී මහතා විසින් රචනා කළ ''අන්දර මඩල'' නම් සිංහල ජනකතා කෘතිය අපේ අතීත පරැන්නාගේ රස මනස වත්මන් පරපුරටද තිළිණ කරන්නකි. අතීතයේ සිදු වූ රසබර කතා මනරම්ව අකුරු කර වත්මන් පරපුරේ රස මනස පුබුදුවා ලන්නට ලේඛකයා ගෙන ඇති මෙහෙය ඉතා වටිනා අතර ගුණසේකර අධිකාරී මහතාගේ රසබර ලේඛන කලාව අන්දර මඩල තුළින් මනාව ප්‍රකට වේ.
Rs 1,080.00
Rs 1,200.00
Panchappakaranatta Katha
පඤ්චප්පකරණට්ඨ කථා - 2  - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,200.00
-10%
Ana Guna Saha Bana
අපේ කාලයේ බෝසත් වර්ගයක් පිළිබඳ සජිව් ආදර්ශය ආචාර්ය පුජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමි තුළින් දකිමි. අනිර්වචනීය වූ කැපවීම් සමූහයක ප්‍රතිඵල ලෙස උන්වහන්සේ ගොඩනගා ගත් ව්‍යක්ත විශාරද බහුශාතපෞරුෂවත් ථේරාපදානය නූතනයට මෙන්ම අනාගත සඟ පරපුරට ද අභිමානවත් පූර්වාදර්ශයක් සපයයි.උන්වහන්සේගේ ජාතික හා සාමාජික මෙහෙවර විමසු කල පැහැදිලිව පෙනී යන්නේ පූර්ව ළමා වියේ සිට මිනිස් දිවියේ විවිධ ස්ථරයන්ට සහ බොහෝ දෙනාගේ නෙතනොගැටෙන සමාජ කොටස් දෙසට ද තම කාරුණික අවධානය අභීත අයුරින් සක්‍රීය කොට ඇති බව ය.ගුණ නැණ එඩි බල සපිරි නූතන තාක්ෂණික ලෝකය ද ජයගත හැකි, දෑ සමයට හිතැති අනාගත පරපුරක් ගොඩනැඟීම පිණිස ඕමල්පේ නාහිමියන් දිවා රෑ සිදු කරන කැපවීමට ජාතිය ම ණය ගැති ය."විසාරදෝව උපසංකමිති" යන බුදු වදනට ද අනුගතව දේශීය ට හෝ විදේශීයට හෝ උන්වහන්සේ වැඩම කළ හැම තැනකදී ම සභා මැද, සඟ මැද විශාරද බවත් සෝභමාන ය. උස් තැන් දැක හැකිලෙන සහ මිටි තැන් දැක පිම්බෙන අපේ බොහෝ නායක කාරකාදීන් වෙතින් දක්නා ලැබෙන දුබලතාව. ප්‍රබලතාවක් ලෙසින් සැලකෙන සමාජයක ඕමල්පේ නා හිමියන් ගේ වැනි වරිතයකට හිසි ගෞරව හා තනතුරු ලැබීම අපේක්ෂා කළ නොහැක්කක් ය යන්න ද මෙතෙක් සිදුව ඇති දෙයින් පැහැදිලි ව පෙනී සහ සත්‍යයයි.කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාත්, හෙරණ දරුවාගේ සිට මහතෙර නමක දක්වාත් වූ සැම අයෙකු වෙත මහාහිමියන්ගේ උජු සුජු වර්වාංගයන් සුපැහැදිලි ඔවාදයක් ම සපයයි.විශ්ව කීර්තිධර ඕමල්පේ සෝගිත තාඔුපාණෝ සාසනාභිමානීය හ. දේශභිතෛෂිය හ. කීර්ති ප්‍රශංසා නොවිමසා තම යුතුකම හා වගකීම් වෙනුවෙන් අවැසි හැම මොහොතකම පෙනී සිටින්නහු ය. සංඝ සමාජයේත්, පොදු ජන සමාජයෙත් යහපැවැත්ම වෙනුවෙන්ම කැප වූ ඒ පරමාදර්ශී ජිවන වෘත්තාන්තය පිළිබඳ අනුල්ලඝහිය සාධකය වශයෙන් "අසා ගුණ සහ සා" කෘතිය සාධු ජන සම්භාවනාවට මැතවත් ම පාත්‍ර වනු ඇත.
මැලේසියාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍යතර බූටාවත්තේ සරණංකර නාහිමි
Rs 1,080.00
Rs 1,200.00
-20%New
Sri Lankeya Shasanika Mathagatum Ha Nirakarana Krama
ශ්‍රී ලාකේය ශාසනික මත ගැටුම් හා නිරාකරණ ක්‍රම (අනුරාධපුර සහ පොළොන්නරු යුගය ඇසුරෙන්) මෙම පර්යේෂණාත්මක කෘතිය පුරාණ ශ්‍රී ලංකාවේ අතිශයින් තීරණාත්මක යුග දෙකක් තුළ භික්ෂු සමාජයෙහි උද්ගත වූ සංකීර්ණතා ගැටලු, ගැටුම් හා ඒවා නිරාකරණය කිරීම විෂයෙහි එවකට පැවති දේශපාලන තන්ත්‍රය හා ඒකාබද්ධව ශාසන භාරධාරී තෙරවරුන් විසින් අනුගමනය කළ ධර්ම විනයානුකූල ක්‍රියාමාර්ග පිළිබඳ වැදගත් කරුණු රාශියක් අනාවරණය කරයි. ඒවා ශාස්ත්‍රීය පදනමකින් යුතුව ඉදිරිපත් කිරීම කරුණු කිහිපයක් නිසා වැදගත් වන අතර අතීත සංසිද්ධීන් ප්‍රාමාණික පරිදි ඉස්මතු කිරීම. වර්තමාන ගැටලු නිරාකරණය සඳහා උපස්තම්භක වීම, ඉදිරි පර්යේෂකයන් සඳහා මාර්ගෝපදේශ සැපයීම මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි නියුක්ත ආචාර්ය ශිෂ්‍ය දෙපක්ෂයට ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වීම යනාදී ප්‍රතිලාභ රාශියක් මෙම කෘතිය ඇසුරින් ලබා ගත හැකිය.
Rs 1,200.00
Rs 1,500.00
-20%
Bhavana Vandana
Herein is included stanzas and Suttas especially relevant to Buddhist meditators. A another innovative compilation by Bhante Gunaratana. 
Rs 1,080.00
Rs 1,350.00
Kuddhakapata Attakatha
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,280.00
-10%
Ingilisi Kathavata Ath Pothak
ඉංගිලිසි කතාවට අත් පොතක් - මෙම පොත පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා සහ ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති මුල් හෝ පරිවර්තනය කරන ලද ඉංග්‍රීසි කථා එකතුවක් වේ.  එය ඉංග්‍රීසි සාහිත්‍යය ගැන උනන්දුවක් දක්වන අයට බහුකාර්ය කියවීමක් බවට පත් කරයි.
Rs 1,098.00
Rs 1,220.00
Suththa Nipatha Atta Katha
සුත්තනිපාතට්ඨකථා - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,370.00
-10%
Sansara Mandira
''Many Mentions'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බුදුදහමේ මූලිකාංගයක් වන කර්මය හා පුනර්භවය නමැති මාතෘකාව යටතේ ලියැවුණු අගනා ග්‍රන්ථයකි. 
Rs 1,530.00
Rs 1,700.00
-10%
Dhammapada Wanarathna Wyakya Siuwana Kandaya - 19-26 Warga
 ‘‘ධම්මපදය’’ ජාති, කුල, ආගම් භේදයකින් තොර ව  ඕනෑ ම පුද්ගලයෙකුට තමනගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා උපදෙස් ලබාගත හැකි පොතකි. කාලයට ගැළපෙන ග‍්‍රන්ථයක් වූ මෙය දැනට ලෝකයේ විවිධ භාෂාවන් පනහකට වැඩි ප‍්‍රමාණයකට පරිවර්තනය වී තිබේ. ලෝකයේ ම විශිෂ්ටතම කෘතියක් වශයෙන් සැලකෙන මෙය නිවසට ද සිතුමිණකි. පෙළ, සන්න, පරිකථා, වියරණ, නිදාන කථා සහිතය. 
Rs 1,170.00
Rs 1,300.00
-10%Out-of-Stock
Wichiththra Dharma Deshana
Out-of-Stock
විචිත්‍ර ධර්ම දේශනා - "විචිත්‍ර ධර්ම දේශනා" දිවයිනේ සුප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේලා තිස් නමකගෙන් ආරාධනා කොට ලබාගත් ධර්‍ම දේශනා එකතුවකි.
Rs 1,170.00
Rs 1,300.00
-10%
Prathimoksha Wivaranaya
ප්‍රාතිමෝක්ෂ විවරණය - සියලු කුසල ධර්මයනට මුල සුවිසුද්ධ ශීලයයි. ශීල ධර්මයන් අතර ප්‍රමුඛ හෝ ප්‍රධාන ශීලය ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයයි. එහෙයින්ම අධිශීලයයිද කියනු ලැබේ. ප්‍රාතිමෝක්ෂ සංවර ශීල ශ්‍රද්ධා සාධකය ශ්‍රද්ධාවේ උපකාරයෙන්ම සිදු කර ගත යුතු වෙයි. එසේම තමන් විසින් රක්ෂා කටයුතු ශික්ෂා පද පිළිබඳ මනා දැනුමක් ශික්ෂාකාමීන් තුළ ඇති විය යුතුයි. එසේ නොදත්තෙකුට ඒ ශික්ෂාපද නොරැකිය හැකි වේ. ශික්ෂා ගරුකත්වය ඇති වන්නේ බුද්ධාදී රත්නත්‍රය පිළිබඳ ගෞරවය ඇතිවීමෙනි.
විනය ශාසනයේ ආයුෂයයි. විනය බබළන කළ ශාසනය ද බැබලෙයි. ප්‍රාතිමෝක්ෂ ශීලය රකින්නා අපායිකාදී දුකින් මිදෙයි. එහෙයින් පාතිමොක්ඛයැයි කියනු ලැබේ.
Rs 1,170.00
Rs 1,300.00
-10%
Jalaye Sagaunu Sandesha
ජලයෙහි සැඟවුණු සංදේශ - මස‍රු ඉමෝතෝ නම් ජපන් විද්වතාගේ පර්‍යේෂණ සහ සොයාගැනීම් පසුගිය දශක දෙක තුළ ලෝකයේ බොහෝ මිනිසුන්ගේ - ස්වභාව විද්‍යාඥයන්ගේ, මානවශාස්ත්‍රවේදීන්ගේ, ආධ්‍යාත්මික ගුරුවරුන්ගේ හා සාමාන්‍ය ජනයාගේ - මහත් අවධානයට පාත්‍ර විය. මන්ද යත් ඒවා ලෝකය, එහි පැවැත්මේ ස්වභාවය ගැන නව සහ විශේෂ දැනුමක් සම්පාදනය කරන නිසා පමණක් නොවේ. පුරාතනයේ සිට මනුෂ්‍ය යහපත හා යහපැවැත්ම  සම්බන්ධයෙන් විවිධ ශාස්තෘවරුන් විසින් යෝජිත අතිමූලික ආධ්‍යාත්මික මූලධර්ම සමුච්ඡයක් එමගින් විද්‍යාත්මකව තහවුරු වන බවක් ද පෙනීයාම නිසාය. මෙම තොරතුරු රැගෙන, ජපන් බසින් මුලින් සම්පාදනය වී අනතුරුව ඉංග්‍රීසි භාෂාවට පෙරැළුනු ඔහුගේ ජලය ගෙනෙන සංදේශය (Message from Water) නම් පොත් මාලාව පළවෙන්නට වූයේ 2000 වසරේ සිටය. ඔබ අත පත්වන මෙම කෘතියේ මුල් ඉංග්‍රීසි කෘතිය ඒ අතර පළමුවැන්නයි.
Rs 1,170.00
Rs 1,300.00
-10%Out-of-Stock
Buddhism In India As Described By The Chinese Pilgrims
Out-of-Stock
Buddhism in India as Described by the Chinese Pilgrims - offers a fascinating glimpse into the ancient journey of Chinese pilgrims to the birthplace of Buddhism. Through the accounts of travelers like Xuanzang and Faxian, this book provides invaluable insights into the thriving Buddhist communities, sacred sites, and monastic traditions of ancient India. Delving into the rich tapestry of cultural exchange and spiritual exploration, readers are transported back in time to witness the profound impact of Buddhism on Indian society and the wider world. With vivid descriptions and keen observations, this book serves as a captivating window into the enduring legacy of Buddhism in India, as seen through the eyes of those who embarked on this transformative pilgrimage.
Rs 1,170.00
Rs 1,300.00
Dhammapada Attakatha 2
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,650.00
-20%
A Sourcebook Of Early Buddhist Philosophy
This extremely valuable compilation, David J. Kalupahana Emeritus Professor Of Philosophy, University of Hawaii, provides English translation of some of the key texts of Early Buddhism.
Rs 1,104.00
Rs 1,380.00
-10%
Bauddha Manovidyawa
කර්තෘ ගෙන්..
බෞද්ධ දර්ශනය මනෝ කේන්ද්‍රීය දර්ශනයකි. එහි සෑම සිද්ධාන්තයක් ම මනස සහ එහි ක්‍රියාකාරිත්වය මූලික කොට ඉදිරිපත් කර ඇත. මනස කේන්ද්‍ර නොවූ ඉගැන්වීමක් බෞද්ධ දාර්ශනික සිද්ධාන්ත තුළ නොමැති තරම් ය. බෞද්ධ මනෝ විද්‍යාව නමැති මෙම කෘතිය මනස පිළිබඳ බෞද්ධ දර්ශනය තුළ ප්‍රකට වන ඉගැන්වීම් පිළිබඳ මූලික ඉදිරිපත් කිරීමක් වැනිය. 
Rs 1,242.00
Rs 1,380.00
-10%Out-of-Stock
Lankawe Gami Janakatha - Palamu Veluma
Out-of-Stock
ලංකාවේ ගැමි ජනකතා - පළමු වෙළුම - හෙන්රි පාර්ක් මහතා විසින් රචනා කළ 'Village Folk of Ceylon' කෘතිය වන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් 'ලංකාවේ ගැමි ජනකතා' නමින් සිංහලය‌ට පරිවර්නය කර ඇත. මෙම කෘතිය සිංහල ජන කතා එක් රැස් කොට රචනා කරන ලද්දකි.
Rs 2,655.00
Rs 2,950.00
-10%Out-of-Stock
Lankawe Gami Janakatha - Thewana Veluma
Out-of-Stock
ලංකාවේ ගැමි ජනකතා - තෙවන වෙළුම -  හෙන්රි පාර්ක් මහතා විසින් රචනා කළ 'Village Folk of Ceylon' කෘතිය වන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් 'ලංකාවේ ගැමි ජනකතා' නමින් සිංහලය‌ට පරිවර්නය කර ඇත. මෙම කෘතිය සිංහල ජන කතා එක් රැස් කොට රචනා කරන ලද්දකි.
Rs 2,565.00
Rs 2,850.00
-20%
The Life of The Buddha - Part 1 & 2
The Life of The Buddha Part 1 & 2 - This little book, in two parts, very briefly covers almost all aspects of the Buddha from birth until His parinirvana (death). All important events are presented in simple language.
Rs 1,000.00
Rs 1,250.00