Prices drop

-10%
Lama Apata Dhammapadaya
ළමා අපට ධම්මපදය - දියුණුව පතන ඕනෑම කෙනෙකුට ඒ සඳහා ලබාගත හැකි වටිනා මාර්ගෝපදෙශනයත්, ඊට විරුද්ධව මතු වන චෛතසික හා බාහිර අභියෝග ජයගෙන ඉදිරියට යෑමේ ජය මඟත් උගත හැකි වන්නේ ධම්මපදයෙනි. ඒ ජය මඟට පහන් ටැම් නඟන අයුරින් කතුවරයා ඉතා කෙටියෙන් ඉතා සරල ව තමාට ම පාරදෘශ්‍ය වන අයුරින් මෙහි ගාථා විවරණය කර ඇති බව සඳහන් කළ යුතු ය. පසුබසින කෙනෙකුට ඉදිරියට යෑමේ ධෛර්‍යයත් ඉඳුරන් පිනවීමෙහි ගිජු ව අසරණ වූ කෙනෙකුට නැඟී සිටීමේ වීර්‍යයෙන් ලද හැකි ජය පැන් පානයත් අඳුරේ සිටින කෙනෙකුට ආලෝකය කරා දිවෙන මාර්ගයත් තෘෂ්ණා මල පුඬුවේ අසු වී දුක් කඳුළු හෙළන කෙනෙකුට ඉන් මිදී ලොවුතුරු නිදහස් සුවය විඳින අයුරුත් කතුවරයා මෙහි ගී බසින් පෙළ ගස්වා ඇත්තේ ළමා පෙළට ආස්වාදනීය ආකාරයෙනි. 
Rs 1,323.00
Rs 1,470.00
-10%
Drushtivada Wicharaya Ha Bauddha Darshanaya
දෘෂ්ටිවාද විචාරය හා බෞද්ධ දර්ශනය - මෙම කෘතියෙහි ඇති විශේෂත්වය නම් එකල භාරතීය දර්ශනවාද අතර බුදුසමයේ ස්වරූපය තුලනාත්මකව පැහැදිලි කිරීමට අමතරව බටහිර චින්තනය හා සම්බන්ධ ග්‍රීක, මධ්‍යතන යුගයේ චින්තා ආදී එම චින්තනයේ සෑම අංශයක් ම පාහෙ බුදුදහම හා තුලනාත්මක විග්‍රහ කොට තිබීම යි.
Rs 1,125.00
Rs 1,250.00
-10%
Widheshiya ketikatha sangrahaya
මෙම කෘතිය පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් සැකසුණ නිර්දිෂ්ට කෘතියකි. මෙය විදේශ කෙටිකතා කලාව හදාරන උපාධි අපේක්ෂකයන්ගේ පමණක් නොව විදේශ කෙටිකතා කලාව පිළිබද උනන්දුවක් දක්වන වෙනත් ඕනැම අයෙකුගේ ශාස්ත්‍ර උන්නතිය පිණිස උපකාර වනු ඇත. 
Rs 1,125.00
Rs 1,250.00
-10%Out-of-Stock
Ginnen Upan Daruvo
Out-of-Stock
කතුවරයාගේ සටහන
මේ නවකතාවෙහි සඳහන් වන ඓතිහාසික පුද්ගලයන්ගේ චරිතහැර සෙසු සියලු චරිතයෝ මනඃකල්පිතයහ. ගාන්ධිතුමාගේ පන්ජාබ් සංචාරයත් වේල්ස් කුමාරයාගේ සියල්කොත් සංචාරයත් පිළිබඳ ව එන විස්තර ද සම්පූර්ණයෙන් ම මනඃකල්පිත ය. මෙහි සඳහන් චන්ද්‍ර මාස දින වකවානු ද සත්‍ය කරුණු හා එකඟත්වයක් පළ නොකරයි.
Rs 1,125.00
Rs 1,250.00
-10%
Nivan Maga Soya
මහණෙනි, යමෙක් ඇස කන නාසය දිව ශරීරය සිත සහ ඒවාට අරමුණු වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කෙරෙහි සතුටු නොවෙයිද, ඒවා මම මාගේ වශයෙන් නොගනියිද, එයම සිත තුළ පවතින රාගයේ කෙළවර වෙයි. සිත තුළ පවතින ද්වේෂයේ කෙළවර වෙයි. සිත තුළ පවතින වැරදි දැකීමේ කෙළවර වෙයි. සිත තුළ පවතින සැකයේ කෙළවර වෙයි. මානයේ කෙළවර වෙයි. දඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, කෝළාහළ කිරිම, විරුද්ධව කථා කිරිම, කේළාම් කීම, බොරු කීම යන අකුසලයන්ගේද කෙළවර වෙයි. 
(මධු පිණ්ඩිකසුත්‍රය)
Rs 1,125.00
Rs 1,250.00
-10%
Sinhala Dewa Puranaya
කතෘගෙන්..
සිංහල ජනතාව අතර පුද පූජාවට ලක් වූ දෙවි දේවතාවුන් පිළිබඳ නාමාවලියක් සකස් කිරීමේ අරමුණින් මෙම අධ්‍යයනය ආරම්භ කරන ලදී. සාහිත්‍යගතව මෙන් ම මුඛ පරම්පරාගතව ද එන දෙවි දේවතා විත්ති අකාරාදි පිළිවෙළට මෙහි සංහිතා ගත කර ඇත. අපේ දෙවි දේවතාවුන් ගැන මෙ බඳු පුළුල් අධ්‍යයනයක් සිදුවන පළමු අවස්ථාව මෙය යි. මේ අධ්‍යයනය සර්ව සම්පූර්ණ යැයි නො කියමු. එහෙත් මෙහි ඇතුළත් අන්දමට අති විශාල දෙවි දේවතා සමූහයක් පිළිබඳ තොරතුරු එක්තැන් කිරීමට ලැබීම ශාස්ත්‍රීය වශයෙන් වටිනා කාර්යයකැයි සිතන්නෙමු.මෙම ග්‍රන්ථයේ ආමුඛයෙහි මූලාශ්‍ර පිළිබඳ හැඳින්වීමක් ඇත. එම මූලාශ්‍ර අංක අනුව දක්වා ග්‍රන්ථයේ පසුව එම අංකයෙන් මූලාශ්‍රය කවරේද යන්න සඳහන් කරනු ලැබේ. බේ. අනතුරුව පිටු අංකය ද දක්වා ඇත.ග්‍රන්ථයේ පළමු කොටසෙහි දී හැඳින්වීමක් වශයෙන් සිංහල දේව විශ්වාස පිළිබඳ ඓතිහාසික මෙන් ම සමාජ විද්‍යාත්මක විමර්ශනයක් ඉදිරිපත් කොට තිබේ. දෙවන කොටස දේව නාමාවලිය සඳහා ඇරුණේ ໖.මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් දෙවි දේවතාවුන්ට අමතරව වෙනත් කිසියම් දෙවි දේවතාවුන් පිළිබඳ තොරතුරු හෝ මෙහි ඇතුළත් තොරතුරු වලට නැතහොත් වෙනස් තොරතුරු හෝ කිසියම් පාඨකයෙකු සතුව ඇත් නම් එය දන්වන ලෙස කරුණා ධ්‍යාසයෙන් ඉල්ලා සිටිමු.
මෙම ග්‍රන්ථය සකස් කිරීමේ දී ඊට නොමසුව ආධාර කළ සුධීන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. මුලාශ්‍ර සටහනේ ඔවුන්ගේ නම් සඳහන් වේ. ඒ අතුරෙන් විශේෂයෙන් සඳහන් කළ යුත්තෙක් නම් බොහෝ තොරතුරු සපයා දී මෙහි නම් ද යෝජනා කළ පියසේන කහඳගමගේ මහතායි. ඒ මහතා ඇතුළු සුධීන්ට අපගේ හෘදයංගම ස්තුතිය පුද කරමු.ග්‍රන්ථය මුද්‍රණය කිරීමේ කටයුක්ත භාරගෙන එය මනාව ඉටු කළ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිහාල් අතුකෝරළ මහතා සහ ප්‍රකාශන අංශයේ නිලධාරි මහතුන් ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තුතිය හිමි වේ.අත්පිටපත සකස් කිරීමේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අර මුදලින් ලැබුණු අනුග්‍රහය කෘතවේදීව සිහිපත් කරමු.
Rs 1,327.50
Rs 1,475.00
-10%
Sinhalaye Arakshaka Balakotuwa Aithihasika Rohanaya
පැරණි රුහුණු රාජ්‍යය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ දකුණ හා අග්නි දිග ප්‍රදේශය දේශීය සමාජ සංස්කෘතික ඉතිහාසයේ වැදගත් ක්‍රියාවලියකට සම්බන්ධව තිබුණි. විශේෂයෙන්ම දේශපාලන බලය වර්ධනය වීමේ ඉතිහාසය සම්බන්ධයෙන් ඒ ප්‍රදේශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවිධානාත්මක යුධ ව්‍යාපාරය සංවිධානය වීම ආරම්භ වන්නේ රුහුණු ප්‍රදේශයෙනි. ඒ දුටුගැමුණු රජුගේ නායකත්වයෙනි. එතැන් පටන් සංග්‍රාමික ව්‍යාපාර සම්බන්ධයෙන් රුහුණු ප්‍රදේශය වැදගත් වන ආකාරය පළමු වන විජයබාහු රජු චෝළ ජාතිකයන්ට එරෙහි සංග්‍රාමය සංවිධානය කරන ආකාරය මගින් පැහැදිලි විය. ඓතිහාසික මූලාශ්‍රය ඔස්සේ නොයෙක් අවස්ථා වලදී විස්තර කරන එවැනි සාහිත්‍යමය විස්තර කිරීමි සනාථ කරන ආනුභාවික සාක්‍ෂි පුරාවිද්‍යාත්මක භාවිතයෙන් තහවුරු කර තිබේ. එබැවින් රුහුණ ඓතිහාසික සංග්‍රාමික භූමි දර්ශනය අධ්‍යයනය කිරීම වැදගත් විශ්ලේෂණ ඒකකයක් බවට පත් කරයි.
Rs 1,125.00
Rs 1,250.00
-10%
Sathuta
මෙම කෘතිය බර්ට්‍රන්ඩ් රසල් නම් දාර්ශනිකයා විසින් රචිත අතර කේ.ඒ. එන්.පෙරේරා මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද කෘතියකි. මෙම කෘතිය අධ්‍යයනය කිරීම තුලින් ඔබට ජිවිතයේ සතුටින් ගත කිරීම සදහා අනුගමනය කල හැකි අත්දැකීම් හා නිරීක්ශන මත පදනම්ව ඒ මගින් තහවුරු කර ගන්නා ලද ක්‍රම වේදයන් අන්තර්ගත කරමින් රචනා කර ඇති අතර. එසේම සතුට පිළිබද සරල විග්‍රහයක් මගින් ජිවිතයේ සතුට රැදි තිබෙන ආකාර පිළිබද මනා අවබෝධයක් සහිතව ජිවිතය සතුටින් ගත කිරීම සදහා මෙම කෘථිය රස විදීන පඨකයා හට අවස්ථාව හිමි වේ.
Rs 1,161.00
Rs 1,290.00
-10%
Swarnamaya Horawa
ජීවිතය ජය ගැනීමට අප බහුතරයකට ඇත්තේ නොහිම් ආසාවක්. ඒත් හැම දෙනෙකුම ඒ සඳහා අවැසි කැප කිරීම සහ වගකීම උර දැරීමට තරම් බුහුටි වන්නේ නැත. මේ විශ්වය ලෝකයේ වෙසෙන සිය සියළු අනුගාමිකයින්ට සමානව මවා ඇති එකම දෙය කාලය යැයි කිව හැකිය. මෙලොව වෙසෙන පළමු පෙළේ ධන කුවේරයාටත් අතු පැළක දිවිගෙවන දුගියාටත් මවා ඇති කාලය දිනකට පැය 24 ක් පමණයි. මේ කාලය ක්‍රමවත්ව කළමනා කරණය කර ගනිමින් ජීවිත සාර්ථකත්වයට ළඟා කරගන්නේ කෙසේද ? 
Rs 1,260.00
Rs 1,400.00
-20%
Sinhala Anguththara Nikaya -1
සිංහල අඞගුත්තර නිකාය 1 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 2,280.00
Rs 2,850.00
Niddesa Atta Katha ( Maha Niddesa Atta Katha & Chula Niddesa Atta Katha )
නිද්දේසට්ඨකථා ( මහානිද්දේසට්ඨකථා සහ චූලනිද්දේසට්ඨකථා ) - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,420.00
Jathaka Atta Katha - 7
ජාතකට්ඨකථා - 7 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,420.00
-10%Out-of-Stock
German Basa Sinhalen
Out-of-Stock
ජර්මන් බස සිංහලෙන් - මෙම පොත සිංහල කතා කරන අයට ජර්මානු භාෂාව උගන්වන භාෂා ඉගෙනුම් සම්පතක් වේ. ඉගෙන ගන්නන්ට ඔවුන්ගේ ජර්මානු භාෂා කුසලතා වර්ධනය කර ගැනීමට උපකාර කිරීම සඳහා වචන මාලාව, ව්‍යාකරණ පැහැදිලි කිරීම්, අභ්‍යාස සහ සංවාද වාක්‍ය ඛණ්ඩ ඇතුළත් වේ. සංචාරය, රැකියාව හෝ පුද්ගලික පොහොසත් කිරීම සඳහා ජර්මානු භාෂාව ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන පුද්ගලයින්ට මෙම වර්ගයේ පොත් ප්‍රයෝජනවත් වේ.
Rs 1,152.00
Rs 1,280.00
-20%
Kalpa Winashaya Saha Sasana Anthardanaya
'කල්ප විනාශය සහ සාසන අන්තර්ධානය' නැමැති මෙම ග්‍රන්ථය ඉදිරියේ දී මුහුණපැමට සිදුවන සුවිසල් විපත්ති තුනක් පිළිබදව දැනුවත් කරමින් අප්‍රමාද විහරණයට යොමු කරලීම අරමුණු කරගෙණ විරචිත ග්‍රන්ථයකි.
Rs 1,024.00
Rs 1,280.00
-20%
Sankaya Dharmapada Warnana
සංඛ්‍යා ධර්මපද වර්ණනා - "Descriptive Analysis of Numerical Terms in Buddhism" යන ග්‍රන්ථය අනුසාරයෙන් සම්පාදනය කෙළෙමි. මෙහි සඳහන් සංඛ්‍යා ධර්මපද විවිධ අංශවලට අදාළ වෙයි. එනම් ධර්මය, දර්ශනය, සදාචාර ධර්ම, සාමාජික සිරිත්, ලෝක විස්තර යනාදියයි. එහෙයින් බුද්ධ ධර්මයේ එන ඉගැන්වීම් සියල්ලක්ම පාහේ ඇතුලත් වී තිබේ.   
Rs 1,140.00
Rs 1,425.00
-10%Out-of-Stock
Astrology (Teach Yourself)
Out-of-Stock
Astrology  (Teach Yourself) - This book is a reservoir of information, which explores the scientific mediums of astrology from formation & conclusion of a horoscope in a lucid way. It is a foundation for beginners as also a treasure for practitioners. It widens a new perspective of practical astrology in much receptive & authentic way.
Rs 1,215.00
Rs 1,350.00
-10%
Purva Wivaha Upadeshanaya (Budu Dahama Asurin)
පූර්ව විවාහ උපදේශනය (බුදු දහම ඇසුරින්) - ඓතිහාසික සෙංකඩගල ශෛලාභිවර්ධනපුර පුරවරයෙහි අප අස්ගිරි මහාවිහාර පාර්ශවීය කාරක සංඝ සභික, ශ්‍රී උපෝසථාරාම පුරාණ විහාරාධිකාරී කල්‍යාණ මිත්‍ර ආචාර්ය පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම හිමියන් විසින් රචනා කොට ප්‍රකාශයට පත් කළ පූර්ව විවාහ  උපදේශනය (බුදු දහම ඇසුරින්) කෘතිය ඉතා සුවිශේෂී පර්යේෂණ ග්‍රන්ථයක් වශයෙන් සඳහන් කළ හැක.
Rs 1,215.00
Rs 1,350.00
-10%Out-of-Stock
Ka Wisin Kothanakadi Ka Hata Kumak Pinisa Kiyana Laddakda? - 2
Out-of-Stock
කා විසින් කොතැනක දී කා හට කුමක් පිණිස කියන ලද්දක් ද ? 2 - මෙම ග්‍රන්ථය ජාතක පොතෙහි සඳහන් ප්‍රස්තුත පිළිබඳ විමර්ශනයක් වශයෙන් හැඳින්විය හැක. ජාතක පොත සතු සියළු ප්‍රස්තුත මෙම ග්‍රන්ථය මඟින් අනාවරණය වී තිබේ.
Rs 1,215.00
Rs 1,350.00
-10%Out-of-Stock
Lalithavistharaya
Out-of-Stock
ලලිත විස්තරය - ගෞතම බුද්ධ චරිතය ඓතිහාසික වශයෙන් විවරණය කිරීමට අවැසි ප්‍රධාන සාහිත්‍ය මූලාශ්‍රයක් ලෙස ලලිතවිස්තරය දැකිය හැකිය. සිද්ධාර්ථ කුමරුගේ උපතේ සිට තථාගතයන්ගේ ප්‍රථම ධර්ම දේශනය දක්වා මෙහි විස්තර කෙරේ. මහායාන සම්ප්‍රදායට අයත් ශ්‍රේෂ්ඨ කෘතියක් වශයෙන් මෙය හැඳින්වේ. එහෙත් ථෙරවාදී ඇතැම් අදහස් ද මෙහි දක්නට ලැබේ. දෙවැනි පරිවර්තනයේ සිට විසිඑක්වැනි පරිවර්තනය දක්වා එනම්, පරිවර්තන විස්සකින් ම පැහැදිලි කරන්නේ බෝධිසත්ත්ව චරිතයයි. සෙසු පරිවර්තන පහෙන් බුද්ධ චරිතය හා තථාගත ධර්මය පිළිබඳ විස්තර කෙරෙයි. විසිහත්වැන්නෙහි ලලිතවිස්තරය අගය කිරීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල පිළිබඳ සඳහන් වේ. 
බෝධිසත්ත්ව වාදය භාරතයේ සාකච්ඡාවට ලක් වූ කාල වකවානුවක ලාලිත්‍යමය චරිතයක් වශයෙන් බෝධිසත්ත්ව චරිතයත්, උත්කෘෂ්ට චරිතයත් වශයෙන් බුද්ධ චරිතයත් විවරණය කිරීමට දැරූ සාර්ථක සාහිත්‍යමය නිර්මාණයක් ලෙස ලලිතවිස්තරය හැඳින්විය හැකිය. 
මෙම කෘතියේ කර්තෘ වන පූජ්‍ය ඒරුවැව ගුණ්සෝම හිමියන් රාජකීය පණ්ඩිත උපාධියත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රථම පන්ති ගෞරව ශාස්තවේදී උපාධිය හා ශාස්ත්‍රපති යෞපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇත. භාරතයේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව හිමි කරගත් උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දර්ශනසූරී උපාධියත් හිමි කර ගත්හ. 
මහායාන දර්ශනය හා බුද්ධචරිතය මෙන් ම සමකාලීන සංස්කෘතික පසුබිම පිළිබඳ විචාරාත්මක ව අන්වේෂණය කරන කාහටත් උපකාරී වන කෘතියක් වශයෙන් මෙය හැඳින්විය හැකි ය.
  
Rs 1,215.00
Rs 1,350.00
-10%
Mahamanava
මහාමානව - මෙම කෘතිය ශ්‍රී ලාංකේය සමාජයෙහි බුදු දහමින් පෝෂිත අනන්‍යතාවය තහවුරු කිරීමටත්, ආධ්‍යාත්මික සංවර්ධනයට සහ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියටත් අනුබලයකි. මෙම කෘතිය තුළින් මානව දයාව වෑහෙයි. එම මානව දයාව සමාජයට වෑහෙන දිනය මේ සමාජය නිවා සනසන දිනය නොවේදැයි මට හැඟෙයි.
Rs 1,215.00
Rs 1,350.00
-10%
Ingirisi Balaaniye Mahanuvara Yuda Sariya
ඉංගිරිසි බලඇණියේ මහනුවර යුද සැරිය - වර්ෂ 1804 දී මහනුවරට විරුද්ධව ඉංග්‍රීසි සේනාංකයක් මෙහෙයවූ කපිතාන් ආතර් ජොන්ස්ටන්ගේ Narrative Of The Operations Of A Detachment In An Expedition To Kandy කෘතියේ පළමු සිංහල පරිවර්තනය මෙයයි.
Rs 1,215.00
Rs 1,350.00
-10%Out-of-Stock
History Of Sri Lanka
Out-of-Stock
History Of Sri Lanka - Delve into the captivating saga of Sri Lanka's history, spanning millennia of civilization, conquests, and cultural exchanges. This comprehensive volume traces the island's evolution from prehistoric settlements to the sophisticated kingdoms of Anuradhapura and Polonnaruwa, the colonial encounters with European powers, and the journey to independence and beyond. Through meticulous research and engaging narrative, the book explores the dynamic interplay of diverse peoples, religions, and empires that have shaped Sri Lanka's identity. From the majestic Sigiriya rock fortress to the tumultuous events of the 20th century, this definitive history offers a panoramic view of Sri Lanka's past, illuminating its enduring resilience and vibrant cultural heritage. A must-read for anyone seeking to understand the complex tapestry of this enchanting island nation.
Rs 1,215.00
Rs 1,350.00
Neththippakarana
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන   නෙත්තිප්පකරණ  කාණ්ඩය වේ . 
Rs 1,700.00