Prices drop

-10%
Sathya daekeema
'ඩයනා වීන්ස්ටන්ගෙ වඊඩ් අවක් අ බුඩ්දිස්ට් ඣුඉඩෙ ෆොර් ටීන්ස් කෘතියේ' සිංහල පරිවර්ථනයක් වන මෙය ඩබ්ලි. එම්.ලීලසේන මහතා විසින් සිංහලට පරිවර්තනය කර ඇත.
Rs 1,035.00
Rs 1,150.00
-20%
The Freddie Stories
Herein is set forth stories that accentuate low passion directed toward children in the kindergarten and lower primary classes. The stories have a transforming effect on the character of the children and lay the foundation for a compassionate temperament in chilren, which is likely to last till adulthood reading to the fashioning of a truly great human being. 
Rs 920.00
Rs 1,150.00
-10%
Gautama Buddha
The life of Gautama Buddha has been complied by Dr. Prafulla Kumar Pattanik with a view to presenting a clear and consistent picture about the real birth place important events of his life such as renunciation, visit to ancestral place, distribution of ashes, relics etc. It is based mostly, if not wholly, on the research scholar of Orissa lata Chakradhar Mohapatra and also on invaluable works of some of Buddhist monks like Uttama Bhikksu and Reve' Siridhamma and also of Buddhist scholar and statesman, Dr. B.R. Ambedkar. 
Rs 1,093.50
Rs 1,215.00
-20%
Sinhala Deegha Nikaya
සිංහල දීඝ නිකාය - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 1,040.00
Rs 1,300.00
Jathaka Attakatha 7
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 2,650.00
Jathaka Attakatha 1
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,750.00
Apadana Atta Katha - 1, 2
අපදානට්ඨකථා - 1, 2 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,300.00
Anguththara Nikaya Atta Katha - 2
අංගුත්තර නිකායට්ඨකථා - 2 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,300.00
Anguththara Nikaya Atta Katha - 1
අංගුත්තර නිකායට්ඨකථා - 1 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,300.00
-10%
Yatisitha
ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ. ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. කිසි දිනක ඉටුකර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාතපාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත. පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය. 
Rs 1,170.00
Rs 1,300.00
-20%
Pretha Wasthu Warnanawa
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
Rs 1,052.00
Rs 1,315.00
-10%
Niwaradi Sinhalaya
කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා විසින් නිවැරදි සිංහලයෙන් ලිවීමට කැමැත්තක් දක්වන නිවැරදි වහර නොදන්නා ආධුනිකයන් අරබයා නිවැරදි වහර ආධුනිකයන්ට සරලව හා පහසුවෙන් උගත හැකි ලෙස රචනා කරල ලද කෘතියකි නිවැරදි සිංහලය.
Rs 1,125.00
Rs 1,250.00
-10%
Bauddha Nuthanathwa Adhyanaya
නූතනත්වය පිළිබඳ අභියෝගය සෑම ආගමක්ම පාහේ මුහුණ දී ඇති ගැටලුවකි. බුදු සමයේ ඉතිහාසය, වර්ධනය, පරිවර්තනය සහ පරිවර්තනීය ගැටලු පිළිබඳ අධ්‍යයනයේ නිරත වන පාඨකයනට සුදුසු කෘතියකි.
Rs 926.10
Rs 1,029.00
-10%Out-of-Stock
Teeka Adhyanaya
Out-of-Stock
පාලියෙන් ලියැවුණු ටීකා සාහිත්‍යය ඉතා දුර්ලභ අර්ථ විවරණ සහිත ග‍්‍රන්ථ පද්ධතියකි. ඒ සම්බන්ධ නිශ්චිත ලිපි පෙළක් ලෝකයේ කවර බසකින්වත් මෙතෙක් පල වී නැත. එහෙයින් මේ ලිපි පෙළ ඉතා වැදගත් ලිපි පෙළක් බව කිව යුතුය.
Rs 1,125.00
Rs 1,250.00
-10%
Maha Pirith Potha
පිරුවානා පොත් වහන්සේ නමින් ප්‍රකට පිරිත් පොත පෙර පැවැති ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයෙන් පිටු සැලසුම් කොට මුද්‍රණය කෙරී ඇත. මේ නිසා පිරිත් සජ්ජායනා කරන ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට ඉතා පහසුවෙන් මෙය පරිශීලනය කළ හැකි වේ. පිරිත් පේ කිරීම, සතර කමටහන්, සෙත් පිරිත්, දොරකඩ අස්න, අනුශාසනාදිය සහිත උපග්‍රන්ථයෙන් මෙය යුක්ත වේ.  
Rs 711.00
Rs 790.00
-10%Out-of-Stock
Pali Vyakaranaya
Out-of-Stock
පාලි ව්‍යාකරණය - අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර විභාගයේ පටන් උපාධි විභාගය දක්වා මැනවින් පරිශීලනය කළ හැකි සුවිශේෂී වූ වියරණ ග‍්‍රන්ථයකි. 
Rs 1,327.50
Rs 1,475.00
-10%
Sanskruthashikshasangrahaya Ha Arthavayakyava
සංස්කෘත ශික්ෂා සංග‍්‍රහය හා අර්ථ ව්‍යාඛ්‍යාව - පිරිවෙන් පාඨමාලා, උසස් පෙළ පාඨමාලා, ප‍්‍රාචීන පණ්ඩිත, ප‍්‍රාරම්භ මධ්‍යම හා උපාධි පාඨමාලා, ආයුර්වේද පාඨමාලා, විශ්ව විද්‍යාල පාඨමාලා, ජ්‍යොතිෂ පාඨමාලා ආදිය සදහා සංස්කෘත භාෂාව හැදෑරීමෙහි නිරත විද්‍යාරිථීන්හට මේ කෘතියෙන් නොමද ප‍්‍රයෝජන ලැබිය හැකිය.  
Rs 1,125.00
Rs 1,250.00
-10%
Ananda Maithreeya Mahanahimiyange Aprakata Lipi
ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ අප‍්‍රකට ලිපි - මේ කෘතිය ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් නැවත සොයා ගැනීමට සහ හදුනා ගැනීමට කරනු ලබන ගෞරවාන්විත ආරාධනාවක් බදුය.
Rs 1,125.00
Rs 1,250.00
-10%
Kavsilumina The Crown Jewel Of Sinhala Poetry In English Prose
Kavsilumina – The Crown Jewel of Sinhala Poetry in English Prose Translated by M.B. Ariyapala Kavsilumina was a distinguished work in Sinhala Poetry by the king Parakramabahu the 6th of Kotte kingdom of Sri Lanka. This has been translated into English prose by the distinguished professor of Sinhala, M.B. Ariyapala.
Rs 1,125.00
Rs 1,250.00
-10%Out-of-Stock
Essayas In Archaeology
Out-of-Stock
Essays in Archaeology : In Honour of Professor H.T. Basnayake - A Collection of Essays by distinguished archaeologists on numerous archeologically relevant topics in honor of professor H.T. Basnayake.
Rs 1,125.00
Rs 1,250.00
-10%Out-of-Stock
Tripitakayen Heliwana Buddha Charithaya
Out-of-Stock
ත්‍රිපිටකයෙන් හෙළි වන බුද්ධ චරිතය - "පූජ්‍ය උඩුහාවර ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ 'ත්‍රිපිටකයෙන් හෙළිවන බුද්ධ චරිතය' නම් ග්‍රන්ථය මෙම අභිලාෂයෙන් යුත් පාඨකයාට හස්තසාර ග්‍රන්ථයකි. විචිත්‍ර මාර්ගයට පිවිසි පශ්චාත්කාලීන සාහිත්‍යධරයන් හා අටුවාචාරීන් අතින් අලංකරණය‌ට භාජන වීමට පෙරාතු ව මුල් ත්‍රිපිටක ග්‍රන්ථයන්හි බුදුන් වහන්සේගේ චරිතාපදානය සිත්තම් කොට ඇති ආකාරය පැහැදිලි කොට දැක්වීම මේ ග්‍රන්ථයේ අරමුණයි."
Rs 1,327.50
Rs 1,475.00
-10%
Bauddha Wishleshi Darshanaya
බෞද්ධ විශ්ලේෂී දර්ශනය - මෙහි බටහිර විශ්ලේෂී දර්ශනික විධික්‍රමයේ ස්වභාවය සහ භාවිතය, පෙරදිග විශ්ලේෂී දාර්ශනික විධික්‍රමයේ ස්වභාවය සහ භාවිතය, බුදු දහමේ ඓතිහාසික සහ දාර්ශනික පදනම, මුල් බුදු සමයේ විශ්ලේෂී දාර්ශනික විධික්‍රමයේ ස්වභාවය සහ භාවිතය, මහායාන බුදු සමයේ විශ්ලේෂී දාර්ශනික විධික්‍රමයේ ස්වභාවය සහ භාවිතය ලෙසින් පරිච්ඡේද පහක් යටතේ විස්තර ඉදිරිපත් කොට ඇත.
Rs 1,125.00
Rs 1,250.00