Best sellers

Help Us to Donate Books
දිවයිනේ පුස්තකාලවලට හා බෞද්ධ ආරාම ආයතනවලට ද, වියදම දැරීමට අපහසු දුප්පත් දරුවන්ට ද, පොත්පත් පරිත්‍යාග කිරීමේ වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරමු. මෙම මහඟු කටයුත්තට ඔබටත් දායක විය හැකියි.
We have embarked on a programme of donating books to libraries in the island and Buddhist monastic institutions, as well as to the children who are unable to afford to purchase them. You too can participate in this act of great merit.
Rs 2,000.00
The Buddhist Way Of Life (For Grade 4 Students)
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 375.00
Ape Vandana Kramaya
අපේ වන්දනා ක්‍රමය - පන්සිල්,අටසිල්,දශසිල්,තුනුරුවන් වන්දනා ගාථා ආහාර ගිලන්පස ආදී පූජා ගාථා,සිංහල තේරුම් සහිත තුන් පිරිත් ආදී උපාසක උපාසිකාවන්ට ප්‍රයෝජනවත් කරුණු රාශියක් ඇත.අත්පොතක් සේ පාවිච්චි කළ හැකි ග්‍රන්ථයකි.
Rs 280.00
Abhidharmaye Mulika Karunu
අභිධර්මය මනාව ඉගෙනීමට නම් අභිධර්මය පිටකය මැනවින් හදාළ යුතුය. එහෙත් එය කළ හැකි ඉතා අපහසු කාරණාවකි. අභිධර්‍මය යන්න වචන පමණකින් අවබෝධ කළ නොහැක්කකි එබැවින් ඒ සඳහා ගුරූපදේශ සහිතව අභිධර්‍මය උගත යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති පත පොත අතරින් මේ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථය පළමු පියවර වේ. අභිධර්මය පිළිබඳ ඉගෙන ගන්නා කෙනෙකුට ඒ පිළිබඳව පිරිසිදු මූලක දැනුමක් අවශ්‍යය වේ එය මේ පොතින් සම්පූර්ණ වේ. තවත අභිධර්‍මය පිළිබඳ කරුණු පහසුවෙන් අවබෝධ කර ගැනීමට වචන මාත්‍රයක් පමණක් ම නොකියා ධර්‍ම විස්තර ද මෙම ග්‍රන්ථය තුළ සඳහන්ව ඇති බැවින් අභිධර්‍මය ඉගෙන ගන්නා කාහට වුවද මෙය අභිධර්‍ම අත්පොතක් ලෙසට භාවිතා කළ හැකිය.
Rs 430.00
Abhidharma Margaya
අභිධර්‍මමාර්ගය යනු අභිධර්‍මය ඉගෙන ගන්නන්ම අරමුණු කරගෙන ලියැවුණ ග්‍රන්ථයකි. සාමාන්‍ය ටීකා සම්ප්‍රදායෙන් මිදී ඉතා පහසුවෙන් මෙම අභිධර්‍මය අවබෝධ කර ගත හැකි පරිදි අවශ්‍යය පාඨයන් සකස් කර තිබීම මෙම ග්‍රන්ථය බොහෝ ප්‍රචලිත වන්නට හේතු වී ඇත.
Rs 680.00
Rathana Suthra Warnanawa
රතන සූත්‍ර වර්ණනාව - රතන සූත්‍රය සහ එහි අටුවාවල මූලාශ්‍ර කර ගනිමින් පිරිතෙහි ඇති ආනිසංසයන්ද විග්‍රහ කරමින් ලියා ඇති මෙම පොත් පිංච මගින් බොහෝ දේ උගෙන ගත හැකි පරිදි සැකසීමට කතුතුමා විසින් මහත් පරිශ්‍රමයක් දරා ඇති බැව් ඉතාමත් පැහැදිලිය.
Rs 210.00
Bauddhayage Athpotha
බෞද්ධයෙකු අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු බුදු දහමේ මූලික කරුණු ඇතුළත් කොට මෙය රචනා කොට ඇත. විශේෂයෙන් වර්තමානයේ ජීවත්වන බෞද්ධයින්හට බුදු දහම පිළිබඳව නිවැරදි අවබෝධයක් නැත. එහෙයින්ම ජීවිතය ගත කරන බොදු පිළිවෙත ද නැතිවි ගොසිනි. බොදු පිළිවෙතට අනුව ජීවත් වීමට වෙර දරන්නාට බුදු දහම පිළිබඳ ජීවිතයට අවශ්‍යය දැනුම මේ ග්‍රන්ථයන් ලබා ගත හැකිය. මෙ ග්‍රන්ථයෙන් එක්වරක් කියවීමෙන් පමණක් නිවැරදි බොදු පිළිවෙත පිළිබඳ අවබෝධයත් සමාජය තුළ අත්‍යවශ්‍යවන බුදු දහම පිළිබඳ නිවැරදි දැක්මත් ලබා ගත හැකි වනු ඇත.
Rs 500.00
Sathimathbava Wadema
සතිමත් බව වැඩීම - භාවනාව ඉගෙනීම හා භාවනාව ප්‍රායෝගිකව එදිනෙදා භාවිතය සදහා යොදාගැනීම කෙරෙහි සැබෑ උනන්දුවක් ඇති සෑම දෙනාම විසින් “සතිමත්බව වැඩීම” අත්පොතක් ලෙස භාවිත කළ හැක. මෙය ''Mindfulness in Plain English''  නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 450.00
Pali Made Easy
Pali Made Easy - An effective guide to students who intend getting access to Pali Nikayas.
Rs 500.00
The Buddhist Way Of Life (For Grade 5 Students)
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 700.00
Maha Rahathun Wedi Maga Osse 01
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අතහැරීම 1 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ පළමු වැන්නනයි.
Rs 165.00
THE WORD OF THE BUDDHA
THE WORD OF THE BUDDHA - This superb little work by the eminent German scholar-monk is probably the best compact sourcebook in English on the Buddha’s basic teachings, all expounded in his own words. Translated into a dozen languages, it is now in its 16th English edition, yet still reads as fresh, clear, and vigorous as if it were just written.
Rs 200.00
Chaththalisakara Maha Wipassana Bhavanava
 චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව  - සමථ සහ විදර්ශනා යනු බුදු දහමේ ඉගැන්වෙන භාවන ක්‍රම දෙකකි. වර්තමානයේ සමාජයේ දැක ගත හැකිවන්නේ සිත සමාධිගත කිරීමට පමණක් යොදා ගන්නා භාවනා පුරුදු පුහුණු සැදැහැතියෙන් වේ. එහෙත් නිවන් දැකීම මූලික කර ගත් භාවනාව වන විදර්ශනාව වඩන්නවුන් අල්පය. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයන්ගේ ස්වභාවය කරුණු හතළිහකින් යුක්තව විස්තර කිරීමත් එය වඩනා අයුරු විස්තර කිරීමත් ඇති බැවින් දැනට විදර්ශනාව වඩන යෝගාවචරයන්ටත් භාවනාව පුරුදු පුහුණු කිරීමට බලාපොරොත්තු වන්නන්ටත් මෙය ඉතා වැදගත වේ.
Rs 390.00
Out-of-Stock
Sambudu Siritha Ha Budu Dahama
Out-of-Stock
''Buddhism For Beginners''  නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය බුදු දහම අධ්‍යයනය කරන හා අධ්‍යයනය  කිරීමට බලාපොරොත්තු වන දරුවන්ගේද වැඩිහිටියන්ගේ ද යහපත උදෙසා සම්පාදනය කරන ලද්දකි.
Budu Dahame Adhyathmaya (Mulapariyaya Suthraya)
සූත‍්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයෙහි මූල පරියාය වග්ගයට අයත් ශ‍්‍රී මුඛ දේශනාවකි. මිනිසා ඇතුළු සජීවී, අජීවී සියලූ වස්තු හැදෙන හැටි සහ කැඩෙන හැටිත් දුකින් මිදීම සදහා අවශ්‍ය දේ හදන හැටි සහ කඩන හැටිත් මෙයින් පෙන්වා දෙන බැවින් දුකින් නිදහස් වීමට උත්සාහ දරන්නාට මේ සූත‍්‍රයේ කරුණු මහත් සේ ප‍්‍රයෝජනවත් වේ. 
Rs 150.00
Palibhashawatharanaya 2 Potha
පාළිභාෂාවතරණය (දෙවැනි පොත) - සන්ධි - සමාස - තධිත - කිතකයන් පිළිබද විස්තර ද ආඛ්‍යාතය පිළිබද වැඩි විස්තර ද මෙම පොතෙහි ඇතුළත් වෙයි.
Rs 500.00
Patichcha Samuppada Vivaranaya
පටිච්ච සමුප්පාදය යනු බුදු දහමේ ඇති මූලික ඉගැන්වීම්වලින් එකකි. මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඉතා අපහසු කාර්යයකි. ඊට හේතුව නම් ධර්‍මයෙහි ඇති ගැඹුරු ස්වභාවයයි. තත්ත්වය එසේ වුවද පටිච්ච සමුප්පාදය පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගැනුමට පියවරෙන් පියවර මෙම ග්‍රන්ථයෙහි විස්තර කර ඇත. එහිදි බුදු දහම අධ්‍යයනය කරන්නන්ට සහ ධර්‍මය අවබෝධ කර ගැන්මට වෙර දරන්නන්ටද ධර්‍ම‍යෙහි සඳහන් වන පටිච්චාද සමුප්පාදය පිළිබඳ ඇතිවන ගැටළු සහ එම ගැටළු ඇති වීමට හේතු ද දක්වා ඇති බැවින් අන් ග්‍රන්ථයන්ට වඩා මෙම ග්‍රන්ථය මගින් ඒ පිළිබඳ අවබෝධ කර ගැන්ම ඉතා පහසුය.
Rs 510.00
chathurarya Sathyaya
බුද්ධ දර්ශනයේ පරම සාරය වන්නේ චතුරාර්ය සත්‍යයි. නියම බෞද්ධයෙකු එය යම් පමණකට හෝ දැන සිටීම අත්‍යවශ්‍යය කරුණකි. ඉතා ගැඹුරු දහමක් වූ මේ චතුරාර්ය සත්‍යය ධර්‍මයන් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීම කිසිවකුගේ මග පෙන්වීමක් නොමැතිව කළ නොහැක්කකි. මේ පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගැනීමට මේ ග්‍රන්ථයෙහි කරුණු පියවරෙන් පියවර පෙළ ගස්වා ඇත. මේ ධර්‍ම කරුණු පිළිබඳ දැක්වීමේදී අලුත් දහම් පදයන් පිළිබඳව ද පහසු ලෙස තේරුම් ගැනීමට හැකි වන පරිදි විස්තර කර ඇති බැවින් මේ ග්‍රන්ථය සියලු බෞද්ධ සියලු දෙනාටම අතිශයින් වැදගත් ග්‍රන්ථයකි. 
Rs 400.00
Pattana Maha Prakarana Sannaya
බුදුන් වහන්සේ හේතුඵල දේශනය සිදු කර ඇත්තේ එක් ක්‍රමයකට නොව ක්‍රම තුනකිනි. එනම් ආර්ය සත්‍යය ක්‍රමය, පටිච්ච සමුප්පාද ක්‍රමය සහ පට්ඨාන ක්‍රමය යනුවෙනි.  එලෙසම පටිච්ච සමුප්පදාය තුළ ද දොළොස් ආකාර වූ හේතුඵලයන් දක්වා ඇත. එහෙත් ඒ කිසි තැනක තෘෂ්ණාව ආදි ධර්‍ම ඵලයට හේතුවන සැටි විනා එලෙස හේතුවන්නේ ඇයි දැයි විස්තර කර නොමැත. නමුත් පට්ඨාන ප්‍රකරණය යනු එලෙස කුඩා ධර්‍ම කොටසක නොනැවතී සිට සෑම හේතුඵල ධර්‍මයන් පිළිබඳව ම බුදුරදුන් කර ඇති දේශනාවයි. මෙය හුදෙක් තවත් ග්‍රන්ථයක් නොව මෙය ඉතා ගැඹුරු වූ ද විශාල වූ ද ධර්‍ම කොටස් නොයෙක් ක්‍රම මගින් විස්තර කොට ඇති හේතුඵල දේශනයයි. එබැවින් නුවණැත්තන් කියවා අවබෝධ කර ගත යුතු ග්‍රන්ථයක් වන මෙම පට්ඨාන ප්‍රකරණ ග්‍රන්ථය  ඉතා ගැඹුරු වූ අර්ථ ඇති බැවින් අවබෝධයෙන් යුක්තවම කියවීම ඉතා වැදගත්ය.මක්නිසාද යත් මෙය එකී පට්ඨාන ප්‍රකරණ පාලි ග්‍රන්ථයට නිර්මාණය කරන ලද සිංහල අනුවාදය බැවිනි.
Rs 1,880.00
Mind Unshaken
Mind Unshaken - This is an introductory book on Buddhism outlining its basic tenets as well as how it is unique in the context of world religions. Especially useful for those seeking an elementary and a comparative knowledge of Buddhist doctrine.
Rs 300.00
Keles Ekdahas Pansiyaya
කෙලෙස් යනු සිත කිළිටි කරන, නිර්වාණ මාර්ගය අඳුරු කරන අපේ සිතේ නිතර ඇතිවන සිතුවිලිය. ධර්මය පිළිබඳ නොදන්නා පුද්ගලයන්ගේ සිතු තුළ මෙම ක්ලේශයන් නිතර වර්ධනය වේ. නිවන් දැකීමට වෙර දරන පුද්ගලයන් විසින් තම සිත කෙලෙසුන්ගෙන් මිදි පිරිසිදු කර ගැනමට නම් ඒ කෙලෙස් පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලැබිය යුතුය. කෙලෙස් එක්දහස් පන්සියය ග්‍රන්ථය යනු එම කෙලෙස් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීමට අපට ඇති එකම ග්‍රන්ථය වේ.
Rs 570.00
Sinhala Deegha Nikaya
සිංහල දීඝ නිකාය - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 1,300.00