Best sellers

chathurarya Sathyaya
බුද්ධ දර්ශනයේ පරම සාරය වන්නේ චතුරාර්ය සත්‍යයි. නියම බෞද්ධයෙකු එය යම් පමණකට හෝ දැන සිටීම අත්‍යවශ්‍යය කරුණකි. ඉතා ගැඹුරු දහමක් වූ මේ චතුරාර්ය සත්‍යය ධර්‍මයන් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීම කිසිවකුගේ මග පෙන්වීමක් නොමැතිව කළ නොහැක්කකි. මේ පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගැනීමට මේ ග්‍රන්ථයෙහි කරුණු පියවරෙන් පියවර පෙළ ගස්වා ඇත. මේ ධර්‍ම කරුණු පිළිබඳ දැක්වීමේදී අලුත් දහම් පදයන් පිළිබඳව ද පහසු ලෙස තේරුම් ගැනීමට හැකි වන පරිදි විස්තර කර ඇති බැවින් මේ ග්‍රන්ථය සියලු බෞද්ධ සියලු දෙනාටම අතිශයින් වැදගත් ග්‍රන්ථයකි. 
Rs 400.00
Sathbudu Puja Sahitha Bodhi Puja
සත්බුදු පූජා සහිත බෝධි පූජාවක් පවත්වා ගැනීමට සාමාන්‍ය වශයෙන් අවබෝධයක් ලබාගැනීමට මෙම අගනා දහම් පොත ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. 
Rs 150.00
Suthra Pitaka Saraya
සූත‍්‍ර පිටක සාරය - සූත්‍ර පිටකයෙහි නිකාය පඤ්චකයට අයත් සූත්‍රයන්හි වඩාත් වැදගත්ම දහම් කොටස් මොනවාදැයි ගෙනහැර දක්වමින් ධර්මගවේෂීන්ට පහසු මගපෙන්වීමක් මෙමගින් සිදුකොට ඇත. සූත්‍රයකට වඩාත් ම වැදගත් දහම් කරුණු ගෙනහැර දක්වන බැවින් පරිශීලනය පහසුය. අවබෝධය සුගමය. සූත්‍ර පිටක සාරය යන නමින් දක්වන පරිදි ම ධර්මයේ සාරය මෙහිදී ඔබට මුණ ගැසෙනු ඇත. 
Rs 890.00
Kosol Raja Dutu Sihinaya
කොසොල් රජ දුටු සිහින - කොසොල් රාජ්‍යයේ අගරජු පසේනදී කොසොල් රජතුමා  දකින ලද සිහින 16 සම්බන්දයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා ඩී ඇති අනාවැකි විස්ටර කරමින් ආචාර්ය විලේගොඩ අරියදේව හිමියන් විසින් සම්පාදිත පොතෙන් උපුටා ගන්න ලද අධාර්මික දේශපාලනයෙන් සියල්ල උඩු යටිකුරු වන අන්දම මෙම පොතෙන් කෙටියෙන් පැහැදිලි කෙරේ.
Rs 75.00
Pattana Maha Prakarana Sannaya
බුදුන් වහන්සේ හේතුඵල දේශනය සිදු කර ඇත්තේ එක් ක්‍රමයකට නොව ක්‍රම තුනකිනි. එනම් ආර්ය සත්‍යය ක්‍රමය, පටිච්ච සමුප්පාද ක්‍රමය සහ පට්ඨාන ක්‍රමය යනුවෙනි.  එලෙසම පටිච්ච සමුප්පදාය තුළ ද දොළොස් ආකාර වූ හේතුඵලයන් දක්වා ඇත. එහෙත් ඒ කිසි තැනක තෘෂ්ණාව ආදි ධර්‍ම ඵලයට හේතුවන සැටි විනා එලෙස හේතුවන්නේ ඇයි දැයි විස්තර කර නොමැත. නමුත් පට්ඨාන ප්‍රකරණය යනු එලෙස කුඩා ධර්‍ම කොටසක නොනැවතී සිට සෑම හේතුඵල ධර්‍මයන් පිළිබඳව ම බුදුරදුන් කර ඇති දේශනාවයි. මෙය හුදෙක් තවත් ග්‍රන්ථයක් නොව මෙය ඉතා ගැඹුරු වූ ද විශාල වූ ද ධර්‍ම කොටස් නොයෙක් ක්‍රම මගින් විස්තර කොට ඇති හේතුඵල දේශනයයි. එබැවින් නුවණැත්තන් කියවා අවබෝධ කර ගත යුතු ග්‍රන්ථයක් වන මෙම පට්ඨාන ප්‍රකරණ ග්‍රන්ථය  ඉතා ගැඹුරු වූ අර්ථ ඇති බැවින් අවබෝධයෙන් යුක්තවම කියවීම ඉතා වැදගත්ය.මක්නිසාද යත් මෙය එකී පට්ඨාන ප්‍රකරණ පාලි ග්‍රන්ථයට නිර්මාණය කරන ලද සිංහල අනුවාදය බැවිනි.
Rs 1,880.00
Keles Ekdahas Pansiyaya
කෙලෙස් යනු සිත කිළිටි කරන, නිර්වාණ මාර්ගය අඳුරු කරන අපේ සිතේ නිතර ඇතිවන සිතුවිලිය. ධර්මය පිළිබඳ නොදන්නා පුද්ගලයන්ගේ සිතු තුළ මෙම ක්ලේශයන් නිතර වර්ධනය වේ. නිවන් දැකීමට වෙර දරන පුද්ගලයන් විසින් තම සිත කෙලෙසුන්ගෙන් මිදි පිරිසිදු කර ගැනමට නම් ඒ කෙලෙස් පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලැබිය යුතුය. කෙලෙස් එක්දහස් පන්සියය ග්‍රන්ථය යනු එම කෙලෙස් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීමට අපට ඇති එකම ග්‍රන්ථය වේ.
Rs 570.00
Dhammapada -The Way of Truth
This book contains a fresh translation of the classic and popular Buddhist text called Dhammapada. Dr. Feldmeier’s readable translation balances accessibility and accuracy.
Rs 175.00
Nirwana Vinishchaya
නිවන පිළිබඳව සොයන සැදැහෙවතුන් බොහොමය. එහෙත් ඒ පිළිබඳ තත්ත්වාකාරයෙන් ලියැවුණ පොත පත අල්පය. ත්‍රිපිටකය පුරා හඳුන්වා දී ඇති නිර්‍වාණ ධර්මය පිළිබඳ කරුණු මේ පොතින් සාකච්ඡා කොට ඇති අතර ඒ පිළිබඳව ඇති වූ ආචාර්ය වාදයන් සහ පුනරුප්පත්තිය පිළිබඳව විස්තර කෙරෙයි. නිර්‍වාණය පිළිබඳ තත්ත්වාකාරෙයන් ප්‍රමාණාත්මක අවබෝධයක ලබා ගැන්මට මෙම ග්‍රන්ථය උපකාරී වේ. එහෙත් නිර්‍වාණය යනු ගැඹුරු දහමක් බැවින් මධ්‍යම පඥාව ඇත්තවුන්ට වුවද මෙම කරුණු තේරුම් ගැන්මට නම් නොපසුබට උත්සහයෙන් සිහිනුවණින් යුක්තව වරදක් දෙවරක් නොව කිහිප වාරයක් කිය විය යුත්තේමය.
Rs 390.00
Sathimath Bawehi Balaya
''The Power of Mindfulness'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙයින්, සති සංකල්පය බෞද්ධ භාවනාවේ නිරතවන්නන්ට තවදුරටත් තේරුම්කර දෙමින්, ක්‍රමිකව දියුණුකරගත් නිවැරදි කුසල් සහගත  අවධානය ප්‍රබල බලශක්තියක් ලෙස මානසික අභ්‍යාසයෙහි යොදාගත හැකි ආකාරය විමසා බලයි. 
Rs 150.00
Palibhashawatharanaya 1 Potha
පාළිභාෂාවතරණය (පළමුවැනි පොත) - මෙය වනාහි ආධුනිකයන්ට සිංහලෙන් පාලි ඉගැන්වීම සදහා සම්පාදිත පොතකි. මෙහි ගෙන තිබෙන පිළිවෙල නම් වාක්‍යරචනා මාර්ගයෙන් භාෂාව ඉගැන්වීමේ අභිනව ක්‍රමයකි. පාඩම් ක්‍රමයෙන් ගැඹුරුවනසේ ද අභ්‍යාසයෙන් ඉගෙනිය යුතුසේද සම්පාදිතය.
Rs 600.00
Budun Wadala Dharmaya
 බුදුන් වදාළ ධර්මය - ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
Rs 725.00
The Buddhist Way Of Life (For Grade 10 Students)
Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 700.00
Bharatha Yogi Swami Rama
හිමාල වනයේ ජීවත් වූ විස්මිත යෝගීන්ගේ හා සෘෂිවරුන්ගේ ජීවන ප‍්‍රවෘත්ති රැගත් භාරත යෝගී ස්වාමි රාමා නමැති මේ කෘතිය යෝගීන්ගේ හා සෘෂිවරුන්ගේ ආයාසකර ජීවන රටාවත් ඔවුන් විසින් සිදු කරන ලද ඇදහිය නොහැකි තරමේ අරුම පුදුම සිද්ධීන් රැසකින් ද සමන්විතය. මෙය Living With The Himalayan Masters කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 1,100.00
Jataka Tales Of the Buddha
Jataka Tales Of the Buddha - After the enlightenment under the Bodhi tree, The Gotama Buddha was able remember all this previous lives, during the forty five years the Buddha's taught. He referred to experiences in those earlier lives & told stories from them to illustrate various points of Dhamma & encourage His followers through these jataka tales.
Rs 2,500.00
Me Mohotha Dakeema
මේ මොහොත දැකීම - භාවනානුයෝගීන් සඳහා නිර්මාණාත්මක මග පෙන්වීමකි.
Rs 400.00
Bhikshuva Saha Darshanikaya
භික්ෂුව සහ දාර්ශනිකයා - එක් කලෙකදී විද්‍යාවට සම්බන්ධ උගතුන් හා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශනය පිළිබඳ යම් යම් කතාබහ ඇතිවුණ යුගයක බටහිර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු තම සියළු සැප සම්පත් අතහැර තිබ්බතයට ගොස් නිවැරදි ගුරු හරුකම් ඔස්සේ බුදු දහම කුමක්දැයි සොයන්නට තීරණය කරන ලදී. පසු කාලීනව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම බෞද්ධ භික්‍ෂුවක වූ තම පුතු සොයා විශිෂ්ට දාර්ශනිකයෙකු වූ පියාණන් පැමිණ සිදු කරනු ලබන සාකච්ඡාවක් මෙලෙසින් ග්‍රන්ථයක් බවට පත් වී ඇත. මෙම ග්‍රන්ථය 21 වන සියවසේදි මිලින්ද ප්‍රශ්නය වසයෙන් හැදින්වීමට උචිත බව පරිවර්තක තුමාණන්ගේ අදහසයි.
Rs 1,450.00
Vidarshana Bavama Kramaya
විදර්ශනා භාවනා ක්‍රමය - විදර්ශනාව යනු නිවන් දැකීමට වර්ධනය කර ගත යුතු භාවනා මාර්ගයයි. එබැවින් විදර්ශනා භාවනා ක්‍රමය වැඩි දියුණු කරන්නන් හට මෙ ග්‍රන්ථය හස්තසාර ග්‍රන්ථයකි. එහෙයින්  බුදු දහමේ පරම නිෂ්ඨාව වූ නිවන් දැකීම සිදු කර ගත හැකි එකම මාර්ගය වූ විදර්ශනාව වැඩීමට උත්සාහ වන සැදැහැවතුන්ට විදර්ශනාව වැඩීම පිළිබඳ නිවැරදි අවබෝධය ලබා ගැන්මටත්, එම අවස්ථාවන්හි ඇතිවන ගැටළු වලට පිළිතුරු ලබා ගැනීමටත්,  මෙම ග්‍රන්ථය තුළින්  ලද හැකි උපකාරය අප්‍රමාණය. 
Rs 500.00
Nisala Vila
නිසල විල - ''Still Forest Pool'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය අචාන් චා හිමියන්ගේ දේශනාවල එකතුවකින් සම්පාදනය කරන ලද්දකි.
Rs 275.00
Sinhala Anguththara Nikaya - 2
සිංහල අඞගුත්තර නිකාය 2  - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.    
Rs 1,050.00
The Buddhist Way Of Life - (For Grade 11 Students)
The Buddhist Way Of Life - (For Grade 11 Students) - Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 1,100.00