Best sellers

Out-of-Stock
Nikaya Sangrahaya Hevath Shasanavatharaya
Out-of-Stock
නිකාය සංග්‍රහය හෙවත් ශාසනාවතාරය - ගම්පොල යුගයෙහි බිහි වූ අමරණීය කෘතියක් හැටියට නිකාය සංග්‍රහය පිළිගෙන තිබේ. නිකායයන්ගේ සංක්ෂිප්ත එක්කිරීම නිකාය සංග්‍රහ යන්නෙන් හැඳින්වේ. ශාසනයට බැසීම යන අරුතින් එය "ශාසනාවතාරය" යනුවෙන් හැඳින්වේ. මෙය රචනා කළේ ගම්පොල අති ප්‍රසිද්ධ පඬිවරයකු වූ ද්විතීය ධර්මකීර්ති මාහිමියි.
බෙහෙවින් ශාසනික ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත්, සාහිත්‍ය ඉතිහාසයත් සමසමව පිරික්සන අයෙකුට නිකාය සංග්‍රහය අත්‍යවශ්‍ය අත්පොතකි. 
Pali Thripitaka Grantha Wanshaya
පාලි  ත්‍රිපිටක ග්‍රන්ථ වංශය  - සකල ලෝක සත්ත්වයින්ගේ සංසාර තරණය පිණිස බුදු රජුන් වදාළ ධර්ම - විනය සංගීතියෙහි මහ තෙරවරුන් විසින් ක්‍රිස්තු වර්ෂයෙනුත් ශත වර්ෂ කීපයකට පෙර පිටකත්‍රයෙහි ලා සංගෘහිත වූ නමුත්, ඒ එක් එක් පිටකයක ඇතුළත් වන පුස්තකයනුත්, එකී පුස්තකයන්හි පිළිවෙළින් අන්තර්ගත වූ සූත්‍රාන්ත ධර්ම දේශනාවනුත් පිළිබඳ විස්තරයක් සිංහල පාඨකයනට පහසුවෙන් වටහා ගත හැකි පරිදි මෙතෙක් සම්පාදනය නොවීමේ අඩුපාඩුව හුදෙක් පිරිමසාලීමේ අදහසින් මෙය පිළියෙල කරන ලදී.
 ත්‍රිපිටකය පිළිබඳ පර්‍යේෂණ පැවැත් වූ පෙර අපර දෙදිගෙහිම පඬිවරුන්ගේ ලිපි ලේඛනාදිය ආශ්‍රයෙන් පාලි භාෂාවේ සම්භවය හා ව්‍යාප්තිය ගැනත්, ධර්ම විනයාන්තර ගත පුස්තකයන්ගේ රචනා කාලයන් ගැනත් සිංහල පොත්වල සඳහන් නුවූ කරුණු රාශියක්ම මෙහි ඇතුළත් ය.
මෙකී සංස්කරණයෙහි විනය පිටකය සම්පූර්ණයෙනුත්, සූත්‍ර පිටකයෙන් දීඝ හා මජ‍්ඣිම නිකායනුත් මෙකල ආධුනිකයනට ප්‍රයෝජනවත් වන ලෙසකින් අන්තර්ගතකොට ඇත්තේ ය.
Rs 250.00
Bhikshu Samajaya
භික්ෂු සමාජය - ලෝක ඉතිහාසයේ වාර්තාගත දීර්ඝතම අවිච්චින්න මානව සංවිධානයක් වශයෙන් බෞද්ධ භික්ෂු සමාජය විද්වතුන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වූවකි. එබඳු සංවිධානයක පැවැත්මට මූලාධාර වූ විනය ශික්ෂාවවලින් වර්තමාන සමාජ සංවිධානවලට ගත හැකි ආදර්ශ රාශියකි. එහෙත් විනය ශික්ෂා පිළිබඳ සරල සිංහල භාෂාවෙන් විචාරාත්මකව ලියන ලද ග්‍රන්ථ ඉතා විරලය.
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්‍ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමියන් විසින් රචිත එමෙන්ම නව සංස්කරණයකින් යුක්තව පළ කොට ඇති "භික්ෂු සමාජය" නමැති කෘතිය ඉහත කී අඩුව බොහෝ දුරට සම්පූර්ණ කිරීමට ගත් ප්‍රශස්ථ උත්සාහයක් ලෙස සඳහන් කළ යුතුය. ශාස්ත්‍රීය මෙන්ම ප්‍රායෝගික යන දෙපක්ෂයෙන්ම විනය ශික්ෂා පිළිබඳ ප්‍රාමාණික අවබෝධයකින් යුතු උන්වහන්සේගේ මෙම කෘතිය විද්වත් පාඨක ජනතාවගේ මෙන්ම සාමාන්‍ය බෞද්ධ ජනතාවගේ ද අවධානයට යොමු විය යුතු කෘතියක් බව සඳහන් කරනු කැමැත්තෙමි.
Rs 250.00
Budun Dakeema
බුදුන් දැකීම - මහාචාර්‍ය රේරුකානේ චන්දවිමල නායක වස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද"සූවිසි මහ ගුණය" සහ ගණේගම සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද "බුදු හාමුදුරුවෝ" මෙන්ම ත්‍රිපිටකය යන ග්‍රන්ථය යනාදිය උපකාරයෙන් කරුණු එකතු කර ගනිමින් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.
Rs 350.00
Out-of-Stock
Maha Sathipatthana Sutraya Samaga Damsak Pavathum Suthraya
Out-of-Stock
මහා සතිපට්ඨාන සූත්‍රය සමග දම්සක් පැවතුම් සූත්‍රය - දම්සක් පැවතුම් සූත්‍රය හා සතිපට්ඨාන සූත්‍ර දේශනා දෙකම නිසි පරිදි භාවිතා කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
Bhavana Karana Obata Prashna- Uththra Magin Athvalak
භාවනා කරන ඔබට ප්‍රශ්න- උත්තර මගින් අත්වැලක් - මේ පුංචි අත්පොත කියවීමෙන්, යමෙක් නිවැරදි බෞද්ධ භාවනා ක්‍රමය හඳුනාගෙන ඊට අනුව තම සිත මෙහෙයවන්නේ නම් බුදුරජාණන් වහන්සේ විසින් ආනාපාන පබ්බයේ දී සඳහන් කරන මූලික සන්සුන් සිත, සමාධි සිත, තමා තුළින්ම ප්‍රත්‍යක්ෂයෙන් දැක ගැනීමට හැකි වන්නේමය.
Rs 100.00
Jathivadaya Gana Budurajanan Wahanse Wadale Kumakda
ජාතිවාදය ගැන බුදු රජාණන් වහන්සේ වදාළේ කුමක්ද ? - ජාතිය නම් මිථ්‍යාව මුල් කරගෙන, එකම රටක වෙසෙන මනුෂ්‍ය වර්ගයා අතර, විවිධ අවස්ථාවල ගැටුම් ඇති වීම ශ්‍රී ලංකාව මුහුණ පාන බරපතල ප්‍රශ්නයකි. අප්‍රමාණ වූ ජීවිත හානි හා දේපල හානි ද සිදු වී කුඩා දූපතක වෙසෙන මනුෂ්‍ය වර්ගයා උනුන් ගැන සැක‍යෙන් හ බියෙන් ජීවත්වීමට සලස්වන මේ ජාතිවාදය නම් මුලාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ වාසෙට්ථ සූත්‍රය හා එහි සිංහල තේරුම මෙම කුඩා ග්‍රන්ථයේ ඇතුලත් වේ.
Rs 80.00
Social Values In The Metta Sutta
This book is a great gift from Bhante Dewananda in conveying his ideas on the Metta Sutta. A pearl is hidden inside the shell of an oyster. While most deliverances of the Metta Sutta are given in the shape of an oyster, Bhante Dewananda has peeled the layers away in order for us to see the beauty of the pearl within. This is the greatest gift that one can receive.
Rs 350.00
Satipatthana & Samadhi
One of the most common unquestioned assumptions among Buddhist meditators is that Satipatthana is synonymous with Vipassana. This assumption, it seems, often is a result of reading the Satipatthana Suttas in isolation without carefully considering the context in which satipatthana is used throughout the Sutta. When the broader view of the entire Sutta Pitaka is taken into account, it becomes clear that such an assumption, at best, is only partially correct. In this short study he will investigate the various contexts in which satipatthana appears and particularly consider is relationship with samadhi.
Rs 30.00
The Benefits of Reading the Suttas
In this booklet we will discuss why we should take an interest in what the Buddha taught and the significance of these teachings as part of Buddhist practice. Hopefully some of you will get encouraged to start reading the sutta and get inspired by the very words of the Buddha himself. 
Rs 30.00
Thrisvabhavanirdeshaya
මහා දාර්ශනික වසුබන්ධු තෙරුන් විසින් රචිත ත්‍රිස්වභාවනිර්දේශය පෙළ, සිංහල පරිවර්තනය හා අර්ථ විවරණය - වාසුබන්දු තෙරුන් වහන්සේ බෞද්ධ ලෝකයාට සුවිශාල චින්තනමය වෙනසක් ඇතිකර ගැනීමට මඟ පෑදූ සහ ලෝක දර්ශන කේෂේත්‍රය තුළ බොහෝ සෙයින් ගෞරවයට හා සැලකිල්ලට පාත්‍ර වන ප්‍රබල ගණයේ දාර්ශනික පරිණතභාවයකින් යුක්ත වූ තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේගේ කෘතියක් වන ත්‍රිස්වභාවනිර්දේශය තුළ අඩංගු වන්නේ විඥප්තිමාත්‍රතා දර්ශනයේ පදනම සැකසී ඇති ආකාරය පැහැදිලි කරන දාර්ශනික සාකච්චාවකි.
Rs 450.00
Anuradhapura Yugaye Bithu sithuwam
අනුරාධපුර යුගයේ බිතුසිතුවම් - දර්ශනපති උඩුගම මෝහාන් නන්දන නානායක්කාරයන් ප්‍රවීණ චිත්‍ර කලා ශිල්පියෙකු ලෙසත්, චිත්‍ර කලා නිර්මාණකරුයෙකු ලෙසත්, චිත්‍ර කලාව පිළිබඳ ප්‍රවීණ විචාරකයෙකු ලෙසත් දක්ෂිණ ලංකාවේ පමණක් නොව ඉන් බැහැරවත් අගනා නමක් දිනාගෙන ඇත. කලා ශිල්ප, චිත්‍ර, මූර්ති පිළිබඳ ව ග්‍රන්ථ කිහිපයක් නිර්මාණය කර ප්‍රකාශයට පත් කර ඇති මෝහාන් නන්දන සූරීන්ගේ නවතම කෘතිය මෙය වේ.
Rs 250.00
Bauddha Ithihasaya Ha Sanskruthiya
බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය - පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I,II - දහම් පාසල් බෞද්ධ ධර්මාචාර්ය බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය යන විෂය‌ට ප්‍රශ්නෝත්තර සංග්‍රහය දහම් අධ්‍යාපනය ලබන දරුවන්ට තම විභාග ඉලක්ක ජය ගන්නට මහත් අත්වැලකි. මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් පිළිතුරු ගොනු කළ ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගත හැකි ය.
Rs 300.00
Sen Dunu Shilpaya
සෙන් දුනු ශිල්පය - සෙන් දුනු ශිල්පය ද සෙන් දහම ප්‍රායෝගිකව පුහුණු කිරීමේ එක් ක්‍රමෝපායක් පමණි. එසේ නොමැති ව වෙනත් අයෙකු විනාශ කිරීමේ අදහසක් එහි නැත. එබැවින් මෙම සෙන් දුනු ශිල්පය යනු කුමක්දැයි හරිහැටි ප්‍රත්‍යක්ෂයක් ලැබීමක් වන්නේ ම ය. ඒ සඳහා මෙම ග්‍රන්ථය මහඟු උපකාරයක්වනු නොඅනුමාන ය.
Rs 320.00
Dhammapada Artha Wiyakyanaya
ධම්මපද අර්ථ ව්‍යාඛ්‍යානය - බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලදුව මෙහි ඇතුළත් ගාථා සියල්ල ධර්‍ම විනයෙහි නා නා තැන්හි විසිරී තිබී පසුව ඛුද්දක නිකාය නම් ග්‍රන්ථයෙහි ඒ සියල්ල එක්තැන් කොට 'ධම්මපදය' නමින් දක්වා ඇත.
Rs 800.00
Nopenena Sithaka Nopenena Sithiwili Paramparava
නොපෙනෙන සිතක නොපෙනෙන සිතිවිලි පරම්පරාව - සිත හා සිතිවිලි පිළිබඳ ව මැනවින් විස්තර කෙරෙන මෙම ග්‍රන්ථය ලසන්ත රත්නගොඩ මහතා විසින් ඉතා සරල භාෂා ශෛලියකින් ලියා ඇති අතර මෙය හැම කෙනෙකුගේ ම පරිශීලනය සඳහා සුදුසු ධර්‍ම ග්‍රන්ථයක් ය.
Rs 300.00
Out-of-Stock
Abidahama Lihil Hela Basin
Out-of-Stock
අබිදහම ලිහිල් හෙළ බසින් - ඉතාමත් ගැඹුරු විෂයක් වූ අභිධර්මය ලිහිල් බසින් වැටහෙන පරිදි ලිවීමේ අරමුණින් යුතු ව කතෘ සඳසිරි එම්. ලියනගේ මහතා මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය පරිශීලනයේ දී එතුමා ගේ අරමුණ මැනවින් සඵල වී ඇති බව පැහැදිලි වේ. අභිධර්ම විෂය හදාරන ආධුනිකයන්ට මෙය වඩාත් සුදුසු වන අතර ග්‍රන්ථය රචනා කිරීමේ දී මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහා නායක හාමුදුරුවන් වහන්සේගේත්, පණ්ඩිත අතිපූජ්‍ය මාතර ශ්‍රී ධර්මවංශ හාමුදුරුවන් වහන්සේත් විසින් රචනා කොට ඇති ග්‍රන්ථ ද පරිශීලනය කර ඇත.
Out-of-Stock
Nirvanaya Saha Sadacharaya
Out-of-Stock
නිර්වාණය සහ සදාචාරය - 'මෙම ග්‍රන්ථය ශාස්ත්‍රවේ දී විශේෂ උපාධි පරීක්ෂණ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත ඉදිරිපත් කරන ලද නිබන්ධනයෙහි සංශෝධිත සංස්කරණයකි. නිර්වාණ පරමාර්ථයෙහි ඇති සදාචාරාත්මක අගය හුවා දක්වන මෙම නිබන්ධනයෙන් වැදගත් වූ ද කාලෝචිත වූ ද කාර්යයක් ඉටු කෙරේ.'
Manasa Sasara Saha Nivana
මනස සසර සහ නිවන - මහාචාර්ය කළල්ඇල්ලේ ශේඛර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මවිනය ශබ්ද ශාස්ත්‍ර පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති ප්‍රකට යතිවරයෙකි. සිංහල, පාලි, සංස්කෘත, හින්දි යන පෙරදිග භාෂා මෙන් ම ඉංග්‍රීසි වැනි අපරදිග භාෂා පිළිබඳ මනා දැනුමක් ඇති ස්වාමීන් වහන්සේ නමක් වන අතර උන් වහන්සේගේ නවතම කෘතිය වන 'මනස සසර සහ නිවන' යන මෙම කෘතිය බුදු දහමේ ඉගැන්වෙන කේන්ද්‍රීය සංකල්පයක් වල විමුක්ති මාර්ගය පිළිබඳ කෙරෙන ශාස්ත්‍රීය විග්‍රයක් ලෙස හැඳින් විය හැක.
Rs 160.00
Chiththaya - Karmaya Karma Wipakaya
චිත්තය - කර්මය කර්ම විපාකය - "මෙම පොත අභිධර්මාර්ථ සංග්‍රහයට අනුව යමින් සම්පාදනය කරන ලද ලද්දකි. අභිධර්ම පිටකයට අයත් සප්තප්‍රකරණයන්හි ඇතුළු වූ ධර්මාර්ථයන් පිඬු කොට ත්‍රිපිටකධර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිර්මාර්ථ සංග්‍රහය නම් ග්‍රන්ථය බොහෝ කලෙක සිට අභිධර්මය උගන්වුනට මහෝපකාරී විය."  
Rs 400.00
Out-of-Stock
Maliyadeva Maharahathan Wahanse Saha Sinhala Janashruthi
Out-of-Stock
මලියදේව මහරහතන් වහන්සේ සහ සිංහල ජනශ්‍රැති - ලක්දිව වැඩ වාසය කළ අවසන් රහතන් වහන්සේ ලෙස ජනප්‍රවාදයේ සඳහන් වන්නේ 'මලියදේව මහරහතන්වහන්සේ' ය. එතුමන් වහන්සේ 'මලියදේව මහ රහතන්වහන්සේ' යනුවෙන් ම ජන ව්‍යවහාරයෙහි පවතින්නේ සිංහලයා එතුමන් කෙරෙහි දැක් වූ විශේෂ ගෞරවය නිසාවෙනි. සම්භාව්‍ය බෞද්ධ ග්‍රන්ථ මෙන් ම ජන ශ්‍රැතිය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කරමින් රාජකීය පණ්ඩිත පූජ්‍ය පදියතලාවේ අමරවංශ හිමියන් විසින් විද්වත් පර්යේෂණයක් ලෙස ඉදිරිපත් කොට ඇති 'මලියදේව මහ රහතන්වහන්සේ සහ සිංහල ජනශ්‍රැති' නමැති ශාස්ත්‍රීය ග්‍රන්ථය අමරවංශ හිමියන්ගේ නවතම කෘතිය වේ.
Rahula Maha Rahathan Wahanse
රාහුල මහ රහතන් වහන්සේ - රාහුල මහ රහතන් වහන්සේ වනාහි සිද්ධාර්ථ බොසතුන්ගේ පුත්‍රයා ය. මේ ග්‍රන්ථයට හැකි තරම් දුරට යොදා ගෙන ඇත්තේ විනය පිටකයෙත් සූත්‍ර පිටකයෙත් තදනුගත අට්ඨකථාවලත් තැනින් තැන විවිධ ප්‍රමාණවලින් විසිරී පවතින උන් වහන්සේගේ චරිතය සම්බන්ධ කතා පුවත් ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි එකොළොස් වැනි ග්‍රන්ථය "රාහුල මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 550.00