Best sellers

Out-of-Stock
Piruwana Poth Wahanse
Out-of-Stock
පිරුවනා පොත් වහන්සේ - ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය තුල සජ්ජායනයටත් මහළු වියපත් උපාසක උපාසිකා පරිහරණය උදෙසා විශාල අකුරින් සම්පාදිතයි.භාග්‍යවත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාළ ආරක්ෂක දේශනා " පරිත්‍රාණ  පිරිත් " යයි කියනු ලැබේ.
Pansiya Panas Jathaka Poth Wahanse (සරළ බසින්)
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ (සරල සංක්ෂිප්ත) - පන්සිය පනස් ජාතක පොත් වහන්සේ (සරල සංක්ෂිප්ත) - පන්සිය පනස් ජාතක පොත පරිශීලනයට කළ නොහැකි භවතුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම පොත සකස් කර ඇත.පන්සිය පනස් ජාතක කතාව හරයෙන් යුතුව,උපදේශාත්මකව කියවීමට පහසු වත්මන් බසින් සකස් කර ඇත.
Rs 4,200.00
Out-of-Stock
Kalama Suthraya Saha Chinthana Nidahasa
Out-of-Stock
කාලාම සුත්‍රය සහ චින්තන නිදහස - පුද්ගලයාගේ චින්තන නිදහස බුදුසමය මගින් පිළිගැනෙන බවට ඇති ප්‍රධානතම ත්‍රිපිටක සාධකය වශයෙන් කාලාම සූත්‍රය දැක්විය හැක.ඉතා සරලව ලියැවී ඇති මෙම පොත් පිංච ඕනෑම පුද්ගලයෙකුට කියවා පහසුවෙන්ම තේරුම් ගත හැකිය.
Majjima Nikaya 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන මජ්ඣිම නිකාය 1  කාණ්ඩය වේ . 
Rs 3,330.00
Sinhala Kuddaka Nikaya - 2
සිංහල ඛුද්දක නිකාය 2 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 2,360.00
On sale!-Rs 41,435.00Pack
Tripitaka - 57 Complete Set of Books
ථෙරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටිය දී කළ ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගායනා වලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකය අට්ඨකථා මඟින් අතිරේක කරුණු හා විස්තර කිරීම් සිදු කර ඇත. විනය පිටකය ග්‍රන්ථ 9න් ද, සූත්‍ර පිටකය ග්‍රන්ථ 35න් ද, අභිධර්මය ග්‍රන්ථ 13න් ද යුක්ත අතර සියළු ග්‍රන්ථ 57න් යුක්ත වේ. මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්‍යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වන අපගේ එක් පියවරකි.
මෙම ත්‍රිපිටක කට්ටලයෙහි සම්පූර්ණ මිල රු.136,975.00ක් වන අතර සම්පූර්ණ ත්‍රිපිටක කට්ටලය මිලදී ගන්නේ නම් පමණක් එහි මිල රු. 95,540/- ක් පමණක් වේ.
Rs 95,540.00
Rs 136,975.00
Palipatamanjari (Devana Bagaya)
පාළිපාඨමංජරී (ද්විතීය භාග) - පාලි භාෂාව ඉගෙනීමේ ආරම්භක අවස්ථාවේ සිටින සිසුන් වෙනුවෙන් මෙම කෘතිය සැකසී තිබේ. ප‍්‍රථම භාගය පරිශීලනය අවසන් කිරීමෙන් පසු මෙය භාවිතයට ගැනීම වඩාත් වැදගත් වෙයි. පාලි භාෂාව සහ ව්‍යාකරණ ඉගෙනීමට සුදුසු පසුතලය ආරම්භ කිරීම පිණිස මෙම පොත ප‍්‍රයෝජනයට ගත හැක. පොත අවසානයේ සිංහල - පාලි පරිවර්තනයට සුදුසු ශබ්ද කෝෂයකින් ද පරිපූර්ණව ඇත. 
Rs 580.00
Maranaya Me Tharam Ma Sundarada
අජාන් බ්‍රහ්මවංසො හිමියන් විසින් ''One Life, Many Lives'' මැයෙන් පැවැත්වූ දේශනයේ සිංහල පරිවර්තනයයි. අප ජීවත්වන ලෝකයෙහි අපට මුහුණ පාන්නට සිදුවන බැරෑරුම්වූත්, තීරණාත්මකවූත්, අත්දැකීම් වූ මරණය පිළිබදව, බුදු දහමට අනුකූලව පැවැත්වූ මේ දේශනය මරණය කොතරම් විශ්මිත ද කොතරම් සුන්දර දැයි යන හැගීම අපතුළ ජනිත කරයි. මරණය පිළිබද බිය අප තුළින් අතුරුදහන් කරයි.
Rs 150.00
The Buddha’s Path to Deliverance
This classic anthology from the Pali Canon charts the entire course of spiritual development as prescribed in the most ancient Buddhist texts. Drawing upon the Buddha's own words from the Sutta Pitaka, the compiler has arranged them in accordance with two overlapping schemes of practice: the threefold training in virtue, concentration, and wisdom, and the seven stages of purification. The long chapter on concentration provides sutta sources for all the forty classical subjects of meditation, while the chapter on wisdom cites texts relating to the development of insight. 
Rs 250.00
Selena Manasata Sathara Sathipattana Bhawana Vidhi
සැලෙන මනසට සතර සතිපට්ඨාන භාවනා විධි - සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන්නට පැහැදිලිව මග පෙන්වන මාහැගි අත්පොතකි.
Rs 879.10
Anagatha Wanshaya Hewath Methe Budu Siritha
අනාගතවංශය හෙවත් මෙතේ බුදුසිරිත - මෛත්‍රිය බුදුන්වහන්සේ පිළිබඳ කතා පුවත ඉදිරිපත් කිරීම මුඛ්‍ය පරමාර්ථය කර ගත් කතුවරයාණන් වහන්සේ සිංහල අනාගත වංශය පාළි භාෂාවෙන් ලියැවුණු අනාගත වංස හා සමන්තභද්‍රිකා යන අටුවා ග්‍රන්ථ මූලාශ්‍ර කරගෙන ලියැවුණකි.
Rs 550.00
Sinhala Suthra Sangrahaya
සිංහල සූත්‍ර සංග්‍රහය - බුද්ධකාලීන බුද්ධශ්‍රාවකයන් අතර විදර්ශනාධූර හා ග්‍රන්ථධූර නමින් කිසියම් බෙදීමක් පැවති බව ධම්මපදඨකථාවෙහි සඳහන්ව ඇත.මෙම කෘතිය එම ධූර දෙකම විස්තර කෙරෙන සූත්‍ර සමූහයකින් නිර්මිතය.
Rs 365.80
Sinhala Kuddaka Nikaya - 5
ඛුද්දක නිකාය 5 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 1,121.00
The Mirror Of The Dhamma
Our aim in publishing a "Mirror OF Dhamma" is to circulate amongst all interested, an authentic illustration of religious devotion as practised in Sri Lanka, Burma and Siam - lands where pure and practically unadulterated Buddhism of the Theravada or original Teaching yet regins.
Rs 118.00
Out-of-Stock
The Dhammapada The Buddhas Path of Wisdom
Out-of-Stock
The most beloved Buddhist classic of all time, the Dhammapada is an anthology of over 400 verses on the ethics, meditation, and wisdom of Buddhism. This translation by a long-term student of the work transmits the spirit and content as well as the style of the original. 
Satipatthana Vipassana-Savimath Bava Thulin Avabodaya
සතිපට්ඨාන විපස්සනා (සතිමත්බව තුළින් අවබෝධය) -  Satipatthana Vipassana : Insight Through Mindfulness නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි විපස්සනා භාවනාව පිළිබද ගැඹුරු කරුණු බොහෝ දෙනාට තේරුම් ගතහැකි ලෙස සරල බසින් ඉතා කෙටියෙන් පැහැදිලි කර ඇත. 
Rs 250.00
Anapana Sathi Suthraya
ආනාපානසති සූත‍්‍රය - හුස්ම උපයෝගී කරගෙන භාවනාව දියුණු කරගන්නා ආකාරය ආනාපානසති සූත‍්‍ර දේශනයට අනුව මෙහිලා සංග‍්‍රහ කොට ඇත. භාවනාව තුළින් ප‍්‍රතිඵල ලබන ආකාරයත් එහි ඇති සියුම් බවත් විදර්ශනා ඥාණය දක්වා භාවනා ක‍්‍රියාවලිය ක‍්‍රමාණුකූලව දියුණු කරගන්නා ආකාරයත් මින් විස්තර කෙරේ.
Rs 150.00
Out-of-Stock
Rahula Podi Hamuduruwan Samaga Gamanak
Out-of-Stock
''Rahula Leads The Way'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය කුඩා දරුවන් තුළ බෞද්ධ සාරධර්ම වර්ධනය සදහා ලියැවුනු අගනා ළමා කතන්දර පොතකි. 
Pohoya Dinaya
පොහොය දිනයන්හි සිල් සමාදන් වන බොහොමයක් සැදැහැවතුන් වෙනුවෙන්ම සැකසුන මෙම ග්‍රන්ථය පොහොය දිනයකදී සිල් සමාදන් වූ සැදැහැතෙකු විසින් කළ යුතු කාර්යයන් සියල්ල නිවැරදිව පෙළ ගස්වා ඇත.එපමණක් නොව සිල්වතෙකුගේ සිල්වත් භාවය වැඩි දියුණු කර ගැනීම සඳහා වන බොහොමයක් ධර්ම කරුණුද මෙම ග්‍රන්ථය තුළ සවිස්තර කොට ඇත. නිවැරදිව අවබෝධයෙන් යුතුව පොහොය දින ගත කිරීම සඳහා සිල් සමාදන් වන සැදැහවතුන් නිතර පරිශීලනය කළ යුතු ග්‍රන්ථයකි ‘පොහොය දිනය‘ ග්‍රන්ථය.
Rs 360.00
Dhamasanganippakarana Attakatha
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,940.00
Piruwana Poth Wahanse (SOFT)
පිරුවානා පොත් වහන්සේ - පිරුවානා පොත් වහන්සේ - ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්‍රයෝජනවත්ය.
Rs 1,888.00