Best sellers

Yasodara Watha
සියලූ ජනකාව්‍ය ගණයට අයත් කෘති අතරින් වඩාත් උසස් යැයි සම්මත ”යසෝදරාවත” නම් මෙම කෘතියෙහි උදාන කථාව සහ පුරාණ කාව්‍යය ද අන්තර්ත වී ඇත. 
Rs 150.00
Elipaththa
සිත හීලෑ කළ හැකි අසාමාන්‍ය චරිත ලක්ෂණ ළමා වියේ සිට පලකල, පසුව සියලු සම්පත් අත්හැර පැවිදි බිමට පත්වූ උතුම් මෙහෙණින් වහන්සේ නමකගේ කතාවකි.
Rs 250.00
Budu Sasun Ladiyo
19 වන සියවසේ දී ක‍්‍රිස්තියානි මිෂනාරින්ට සහ අධ්‍යාපන ආයතනයන්ට බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබිණි. එවන් සමයක ඇති වූ බොදු පුනර්ජීවනයෙන් පසු නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයෙහි බොදු කටයුතු සම්බන්ධයෙන් පුරෝගාමීව ක‍්‍රියා කළ ගිහි පැවිදි සැදැහැවතුන් පිරිසක් මේ පොත තුළින් හදුනාගත හැකිවෙයි. 
Rs 125.00
Out-of-Stock
Modern Buddhist Masters
Out-of-Stock
Modern Buddhist Masters - This is one of the most valuable books in print on Theravada Buddhist practice, bringing to the reader the precise instructions of twelve great meditation masters, including Mahasi Sayadaw, Achaan Chah, and U Ba Khin. With lucid introductory chapters and photos.
Soma Devi
සෝමා දේවිය අප රටේ ජීවත් වූ වීර කාන්තාවකි. ඇය වීර කාන්තාවක් බවට පත්වූයේ තැනට සුදුසු නුවණත්, අභීත බවත් නිසාය. සොලීන්ට එරෙහිව කරන ලද සටනින් ජය ගැනීමට ඇගේ උපක‍්‍රමයට හැකිවිය. ඒ රසබර කතා පුවත මෙහි ඇතුළත්ය.
Rs 150.00
Abitha Sinhala Weerayo
දේශයත් ජාතියත් රැකගැන්ම උදෙසා සිය දිවි දෙවෙනිකොට යටත් විජිත ආක්‍රමණ හමුවේ නැගී සිටි අභීත වීරයන් සත් දෙනෙකුගේ ජීවන වෘතාන්තයන්හි ශූර වීර, රසාලිප්ත තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ. 
Rs 350.00
Thotagamuwe Sri Rahula Mahimi
ශ‍්‍රී රාහුල මාහිමියන් පිළිබද නොයෙක් තැන විසිරී ඇති තොරතුරු එක්රැුස් කරමින් එතුමන්ගේ පාණ්ඩිත්‍යයත්, කවීත්නයත් අනාවරණය වන අයුරින් සැකසුණු මෙම කෘතිය එතුමන් පිළිබදව අධ්‍යයනයෙහි යෙදෙන කවරකුට වුවද බෙහෙවින් ප‍්‍රයෝජනවත් වෙයි. 
Rs 125.00
Sonduru Yasodara
සොදුරු යසෝදරා - යසෝදරා තරම් සැමියා වෙනුවෙන් දුක් කදුළු හෙළුෑ තවත් ස්ත‍්‍රියක් පිළිබඳව කොතැනකවත් සඳහන්ව නොමැත. පතිව‍්‍රතාව ඈ ශක්තිමත් කළ ආයුධය විය. ආභරණය විය. පතිව‍්‍රතා බලයෙන් තම සැමියාගේ දිවි ගලවා ගත් වාර අපමණය. ඇය රැකුණ වාර ද අනන්තය. ඇගේ චරිතය ඉතා බලවත්ය. ප‍්‍රබලය. හෙළ වනිතාවට කදිම නිදන් වස්තුවකි. අද අප වනිතාව මේ ගුණදම් රැක ගනිමින් ජීවත් වන්නේ නම් අප සමාජය කෙතරම් සුන්දර වනු ඇද්ද? මෙම කෘතියෙන් ගෙන එන්නේ සිව් බඹ විහරණින් පිරිපුන් ගෘහණියක, බිරිඳක, මාතාවක පමණක් නොව අභිඥානලාභීන්ගෙන් අග්‍ර වූ මහරහත් මෙහෙණියක වූ බිම්බා, භද්දකච්චායනා, රාහුල මාතා යන නම් වලින් හඳුන්වන උතුම් කාන්තා චරිතයක් වූ යශෝදරාවන්ගේ චරිතාපදානය යි.
Rs 550.00
Out-of-Stock
Mauryawanshika Dayadaya Asirimath Mihindu Himiyo
Out-of-Stock
මෞර්ය වංශික ධර්මාශෝක රජුන් තම අදිසි මිතු ලක්දිව තිස්ස රජුන් වෙත මෞර්යවංශික උත්තරීතර දායාදයන් පුද කළේය. යථොක්ත ඓතිහාසික සත්‍යය පිළිබද සාම්ප්‍රදායික සම්මත වෘත්තාන්ත එක්රැස් කරමින් සරල බසින් රචනා කරන ලද අගනා කෘතියකි. 
Yogiraj Shama Charan Lahiri Mahasaya
යෝගිරාජ් ෂාම චරන් ලහිරි මහාසාය - මෙතුමා ගිහි ජීවිතයේ රැදී සිටිමින්ම යෝගවඩා ලෝකෝත්තර තත්වයට සැපවත්ව දිවැස්, දිවකන් ලබා රළු ශරීරයෙන් හා සියුම් ශරීරයෙන් ද  ඕනෑම තැනක පෙනී සිටීමේ හැකියාව ලබමින් ජනතාවට විමුක්ති මාර්ගය පෙන්වා දුන්නේ තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මදමානයෙන් මිදී ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කිරීමෙන් විමුක්තිය ලදහැකි බව පසක් කරමිනි. මෙය Yogiraj Shama Churn Lahiree Mahasaya කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 350.00
Out-of-Stock
Shubha Muhurthi Widhi
Out-of-Stock
 ශුභ මුහුර්ති විධි - නක්‍ෂත‍්‍රය පිළිබඳ ව ප‍්‍රධාන අංග පහ වන දින, නැකත, තිථිය, යෝගය, කරණය පිළිබඳ හා විවාහ, පැවිදි කිරීම, නිවාස ඉදිකිරීම, අවස්ථාවන් සඳහා සුදුසු නැකැත් ද ඇතුළත්  මුහුර්ති විධි පොතකි.  
Sihina Diganthaya Saha Sihina Phalapala
රත්න දේශප්‍රිය අමරසූරිය විවිධ විෂයන්ගෙන් පොත්පත් ලියන කර්තෘවරයෙකු වූ රත්න දේශප්‍රිය අමරසූරිය සූරීන් "සිහින දිගන්තය සහ සිහින ඵලාපල" ග්‍රන්ථයෙන් විවිධ කරුණු ඉදිරිපත් කර ඇත. ඉතා ඈත අතීතයේ සිට සිහින ඵලාපල පිලිබඳ අප රට ජනතා අවධානය ඉතා විශාලය. එවන් මොහොතක මෙවන් ග්‍රන්ථයක් මගින් සිහිනය කුමක්ද? පිලිබඳ සවිස්තරවලින් ඒ බව මනාව දක්නට ලැබේ. ගුවන්විදුලියෙන් ද රාත්‍රී පෙනෙන සිහිනය පිලිබඳ උදේට ඵලාපල කී මොහු විටින් විට ජන හදවත් පුබුදු කරන පොත් ලියන්නකු වශයෙන් ද ප්‍රසිද්ධියක් ලබා ඇත.
Rs 250.00
Bauddha Rajya Paripalana Muladharma Saha Bhawithaya
ත්‍රිපිටක මූලාශ්‍ර හා දේශීය විදේශීය බොහොමයක් මූලාශ්‍ර විචාරයට ගනිමින් දැහැමි රාජ්‍ය පාලනයක් ගොඩනැඟීමට අවැසි මග පෙනවීම මෙම කෘතිය තුලින් මනා කොට පිළිබිඹු කරමින් රචිත බෞද්ධ රාජ්‍ය පරිපාලන මූලධර්ම සහ භාවිතය යන ග්‍රන්ථය වජිර නාරම්පනාව මැතිඳුන්ගේ අගනා කලා නිර්මාණයකි. 
Rs 1,000.00
Degaldoruwa - Rataka Mahima 3
ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක් වන ඉසුරුමුණි රජමහ වෙහෙරෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි. 
Rs 300.00
Prathyakshaya Saha Wishwasaya

අද සමාජය වන විට නැවතත් දේව සංකල්ප සහ අමුනුෂ්‍ය සංකල්ප වරින් වර හිස ඔසවන බවක් පෙනි යයි. මේ පිළිබඳ ඇති බෞද්ධ සංකල්පය පිළබඳ විග්‍රහයක් ප්‍රත්‍යක්‍ෂය සහ විශ්වාසය කෘතිය මගින් ගම්‍ය වේ.
Rs 400.00
E Bhawanamaya Margaya
ඒ භාවනාමය මාර්ගය - ''The Meditative Path Of Master John Ciancioci    '' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙය භාවනාවට පිවිසීමට පෙර පරිශීලනය කළ යුතු හොදම අත්පොතකි. 
Rs 1,120.00
Bauddha Nuthanathwa Adhyanaya
නූතනත්වය පිළිබඳ අභියෝගය සෑම ආගමක්ම පාහේ මුහුණ දී ඇති ගැටලුවකි. බුදු සමයේ ඉතිහාසය, වර්ධනය, පරිවර්තනය සහ පරිවර්තනීය ගැටලු පිළිබඳ අධ්‍යයනයේ නිරත වන පාඨකයනට සුදුසු කෘතියකි.
Rs 1,029.00
Niwaradi Sinhalaya
කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා විසින් නිවැරදි සිංහලයෙන් ලිවීමට කැමැත්තක් දක්වන නිවැරදි වහර නොදන්නා ආධුනිකයන් අරබයා නිවැරදි වහර ආධුනිකයන්ට සරලව හා පහසුවෙන් උගත හැකි ලෙස රචනා කරල ලද කෘතියකි නිවැරදි සිංහලය.
Rs 1,250.00
Senasuru Saha Erashtaka
සෙනසුරු සහ ඒරාෂ්ටක - සෙනසුරු සහ ඒරාෂ්ටක සම්බන්ධයෙන් ඉරිදා රිවිර හා රිවිරිසි පුවත්පත්වල පලකල ලිපි මාලාවක් ඇසුරෙන් සම්පාදනය කළ ග්‍රන්ථයකි. 
Rs 410.00
Bauddha Maha Purusha Sankalpaya
බෞද්ධ මහා පුරුෂ සංකල්පය - බුදුන් වහන්ගේ ශරීරයෙහි සුවිශේෂී ලක්ෂණ තිස් දෙකක් පිහිටා ඇති නිසා උන් වහන්සේ මහාපුරිස යනුවෙන් හැඳින්වෙන බව බෞද්ධ සාහිත්‍යයේ ඉතා ප්‍රකට ය. එම ලක්ෂණ තිස් දෙක පිළිබඳ මනා විග්‍රහයක් මෙම කෘතිය මගින් සිදුකොට ඇත.
Rs 600.00
Sangna
රූපය, වේදනාව, සංඛාරය සහ විඥානය පිළිබඳ පොත් ලියවී ඇති නමුත් සංඥාව ගැන විශේෂ සාකච්ඡාවක් මේ වන තුරුත් සිදු වී නැති බව පවසන, සංඥාව පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීමට අත්‍යවශ්‍ය සෑම අයෙකුටම සුදුසු කෘතියකි.
Rs 410.00