Books

Adhirajya Kumaravarunge Lankava Nam Wu Kelibima
අධිරාජ්‍ය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම - මෙම ග්‍රන්ථයට වස්තු විෂය වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරවරුන්ගේ සංචාර තුනක් හා රුසියාවේ ඔටුන්න හිමි කුමාරයකුගේ සංචාරයකි.එහෙත් මෙය ඒ සංචාරකයන්ගේ තොරතුරු පමණක් ගෙන හැර පෑමට සීමා වී නැත. ඉතා දුර්ලභ ඓතිහාසික කරුණු පවා මෙහි ඇතුළත් ය.
Rs 560.00
Sri Lankave Rajavaru, Aandukaravaru, Agamathivaru Saha Janadhipathivaru
ශ්‍රි ලංකාවේ රජවරු, ආණ්ඩුකාරවරු, අගමැතිවරු සහ ජනාධිපතිවරු - මෙම ග්‍රන්ථය පහසුවෙන් කියවා තේරුම් ගත හැකි ආකාරයට ලියා ඇත. නූතන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිසු දරු දැරියන්ගේ ඉතිහාසය විෂය පිළිබඳ දැනුමට මෙම වටිනා ග්‍රන්ථය ඉමහත් පිටුවහලක් වන බව මගේ අවංක අදහසයි. 
Rs 400.00
Pruthugeesin Ha Lankava (1597 - 1658)
පෘතුගීසීන් හා ලංකාව (1597-1658) - සරල මටසිලුටු බසින් ලියා ඇති පෘතුගීසින් හා ලංකාව විශ්වවිද්‍යාල ශිෂ්‍යයනට මෙන් ම සිංහල ඉතිහාසය ගැන අවබෝධයක් ලබනු රිසි සිංහල පාඨක ලෝකයාට ද ඉවත නොදමා කියවිය හැකි රසාලිප්ත ග්‍රන්ථයකි.
Rs 450.00
Out-of-Stock
Ithihasa Tharanga
Out-of-Stock
ඉතිහාස තරංග  - මෙම කෘතිය ඈත අතීතයේ සිට යුරෝපීයයන් පැමිණීම දක්වා වූ කාල පරිච්ඡේදයෙහි ශ්‍රී ලංකාවේ මුඛ්‍ය සංස්කෘතිකාංග සමාලෝචනය කරයි.
Jambuka Maha Rahathan Wahanse
ජම්බුක මහ රහතන් වහන්සේ - මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "ජම්බුක" නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි.
Rs 220.00
Bharadvajagoththa Maha Rahathan Wahanse
භාරද්වාජගොත්ත මහා රහතන් වහන්සේ - මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "භාරද්වාජගොත්ත" නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි.
Rs 180.00
12-13 Shreni Udesa Sri Lanka Ithihasaya
12-13 ශ්‍රේණි උදෙසා ශ්‍රී ලංකා ඉතිහාසය - 12, 13 ශ්‍රේණිවල උසස් පෙළ ලංකා ඉතිහාසය විෂය නිර්දේශය ආවරණය වන ලෙස, ඓතිහාසික කෙටි සටහන් ද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ද ඇතුළත් කරමින් මෙම ග්‍රන්ථය සැලසුම් කර ඇත.
Rs 250.00
Out-of-Stock
Lanka Ithihasayen Kathandara
Out-of-Stock
ලංකා ඉතිහාසයෙන් කතන්දර - මුල් කෘතියේ සඳහන් අන්දමින් ම මාරි මියුසියස් හිගින්ස් මැතිනිය ගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත "STORIES FROM THE HISTORY OF CEYLON" නමැති කෘතිය තනි පොතක් ලෙසින් "ලංකා ඉතිහාසයේ කතන්දර" මැයෙන් මෙ සේ සිංහල සාහිත්‍ය හා සබැඳේ. රාම - සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා යනුයේ කුතුහලය ද දනවමිනි. තම මවු බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම කෘතිය විටෙක ත්‍රාසජනක ප්‍රබන්ධ කතාවක් ලෙසින් ද රස විඳිය හැකි ය. පාසල් සිසුනට, ගුරුවරුනට පමණක් නො ව සාමන්‍ය පාඨකයාට ද අතිශයින් ම වැදගත් වන මෙම ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපුරන බව ද අවධාරණය කිරීම වටී.
Heladivehi Wasara Ekolahak
හෙළදිවෙහි වසර එකොළහක් - මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නිසා ම ඔහු දැනුවත් ගවේෂණාත්මක කාර්යයක යෙදී සිට ඇත. ඒ අතරේ ඔහු අලි දඩයමට ද එක්ව තිබේ. මේ කෘතිය ඉවසිල්ලෙන් කියවන පාඨකයෙකුට ලංකා ඉතිහාසය පිළිබඳ මහත් දැනුමක් මෙන් ම සතුටක් ද ලැබෙනු ඇත.
Rs 1,700.00
Out-of-Stock
Dasamaha Yodhayo
Out-of-Stock
දසමහ යෝධයෝ - මෙම ග්‍රන්ථය ඉතිහාස විෂය හදාරන පාසැල්වල දහතුන්වන වසර දක්වා පංතිවල සිසුටත්, පිරිවෙන් විශ්ව විද්‍යාල ආදී වූ අධ්‍යාපන ආයතයන්හි අධ්‍යාපනය ලබන සිසුන්ටත් අතිරේක කියවීම් පොතක් ලෙස පරිශීලනයට සුදුසු ග්‍රන්ථයකි.
Nuthana Ithihasaya Desa Hari Baleemak
නූතන ඉතිහාසය දෙස හැරී බැලීමක් - මෙම කෘතිය මගින් ප්‍රකාශවන්නේ ආත්මාර්ථකාමී දේශපාලනයක යෙදුණු ස්වදේශීය ප්‍රභූවරුන්ගේ කතා පෙළකි.
Rs 450.00
Deepavansaya
දීපවංසය - දීපවංසය පිළිබඳව අධ්‍යයනයෙහි යෙදෙන පාසල් ශිෂ්‍ය ප්‍රජාවට, විශ්වවිද්‍යාල සිසුනට පමණක් නොව ප්‍රවීණයන්ට ද මෙම ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් වේ.
Rs 600.00
Wansaththappakasinee
වංසත්ථප්පකාසිනී - වංසත්ථප්පකාසිනිය "මහාවංසයේ ටීකාවකි" යන විද්වතුන්ගේ ප්‍රචලිත අදහසත්, එහි රචනා කාලය ඇතුළු විවිධ ගැටලු පිළිබඳවත්, මෙතෙක් පළ වී ඇති මතවාදවල යුක්ති යුක්ත බව ගැනත් මෙම කෘතියෙහි කතුවරයා පුළුල් සංවාදයකට හා නවතම ප්‍රවේශයකට අප යොමු කරවයි.
Rs 325.00
Sri Lankave Karrmantha Puranaya
ශ්‍රී ලංකාවේ කර්මාන්ත පුරාණය - කර්මාන්ත පිළිබඳව තැන තැන විසිර පැවති සියළුම තොරතුරු එක් තැනකට ගෙන තිබීම මෙම පොතේ ඇති විශේෂයයි.
Rs 590.00