Buddhism

Saddharmapundarika Sutraya
මහායාන නවධර්ම ග්‍රන්ථ අතුරින් චීන - ජපාන - නේපාලාදි දේශයන්හි අතිමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇති කෘතිය නම් සද්ධර්ම පුණ්ඩරික - සූත්‍රය යි. පරිවර්ත නමින් හැඳින් වෙන පරිච්ජේද 27කින් හෙබි එහි පස්වැන්න වන ඕෂධී පරිවර්තයට පූජ්‍ය ලේල් වල අරීය ධම්ම හිමියන් සපයා ඇති සිංහල පරිවර්තනය මා දන්නා තරමින් එවන් කෘතියක් ඇසුරින් සම්පාදනය වී ඇති ප්‍රශස්තතම සංස්කරණය යි. ඕෂධී සම්බන්ධ උපමා ආශ්‍රයෙන් බුදුන් වදාළ ධර්මය අන්තර්ගත හෙයින් එනමින් හැඳින්වෙන මෙම පරිවර්තය ඇතැම් විශ්ව විද්‍යාල වල බෞද්ධ ධර්ම සාහිත්‍යය සඳහා නිර්දිෂ්ට ව ඇත. බැලූ බැල්මට ම පූජ්‍ය ලේල් වල හිමියන් ගේ මෙම පරිවර්තනය, වයසින් යොවුන් වුව ද ශාස්ත්‍රීය ඥානයෙන් මුහුකුරා - ගිය, අනාගත පිරිපුන් පඬිවර අංකුරයක ව්‍යායාමයක් බව ප්‍රකට කරයි. ස්වකීය පරිවර්තනයට එහිමියන් සපයා ඇති දීර්ඝ ප්‍රස්තාවනාව සම්‍යක් සම්බුද්ධත්වය, සර්වඥතා ඥානය, ශූන්‍යතාව, නිර්වාණය හා නිවෘතිය, ෂඩ්ගතික සත්ත්ව භව, තථාගතඋපාය-කෞශල්‍ය ඥානය, බෝධි චිත්තය ආදි ධර්ම සංකල්ප අන්තර්ගතඕෂධී පරිවර්තය. බඳුන් කොට ඇති ව්‍යක්ත විවරණයත්, බෞද්ධ මිශ්‍ර සංස්කෘතය පිළිබඳ නිදසුන් සහිතව සිදු කොට ඇති අංග සම්පූර්ණ සාකච්ඡාවන් කෘතියේ අගය නංවා - ලයි. බෞද්ධ මිශ්‍ර සංස්කෘතයේ සෑම පැතිකඩක් ම අලළා කැර ඇති එම විවරණය මෙතෙක් ඒ පිළිබඳ ව සිංහලයෙන් ලියැ වී ඇති ඉතාමත් පරිපූර්ණ විස්තරය බව නොපැකිළ ව පවසමි. එසේ ම, ව්‍යක්ත සිංහලයෙන් සිදු කොට ඇති තමන් ගේ මෙම පරිවර්තනයේ විශ්වසනීය භාවය තහවුරු කිරීම සඳහා, එහිමියෝ මෙතෙක් පළ වී ඇති වෙනත් පරිවර්තන දෙකක් සමග එය සංසන්දනය කැර - පෙන්වති. මෙවන් හරබර ශාස්ත්‍රීය ව්‍යායාම යුගයේ අවශ්‍යතාවකි. බෞද්ධ සංස්කෘතසාහිත්‍යය හදාරන සියලු ම විද‍්‍යාර්ථින් මෙය අනිවාර්යයෙන් කියැවිය යුතු ග්‍රන්ථයක් බව ප්‍රකාශ කරන අතර ම, මෙවන් ශාස්ත්‍රීය කටයුතු ඉදිරියටත් කැරගෙන යාමට පූජ්‍ය ලේල්වල අරීයධම්ම හිමියනට ශක්තියත්, ධෛර්යයත් ලැබේ වා යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
Rs 500.00
Bhawa Duka niwana maga
ඉංජිනේරුවකු වන සිඩ්නි සිරිවර්ධන සූරීහු "භව දුක නිවන මඟ " කෘතියෙන්ඒ මගෙහි සැටි ධර්මානුගත කරුණු ඇසුරින් දකවන්නාහු නූතන ලොවට ද අදාළ කරති. මෙහි ඇතැම් කරුණු හැදෑරීමෙන් නිවැරැදි බුදු දහම පිළිබඳ විමැසිල්ලට මඟ පාදයි. පැවිදි නොපැවිදි දෙපසේ මැ නුවණැස් ඇරැවීමට සමත් "භව දුක නිවන මඟ" දැනුම් මගට දොර විවැරුමක් බව ඉඳුරා කිව හැකියි.
Rs 200.00
Dhamma sarana
සංස්කාරක සටහන
ධම්ම පිටකත්‍රයෙහි සුලභ වදනකි. අර්ථ සමුදායක් රැගත් ගැඹුරු වදනකි. ධම්ම විවිධාර්ථ හෙයින් තැනට සුදුසු අයුරින් ගතයුතුය. ධාරනාර්ථවාචී ධර ධාතුවෙන් පරම ධම්ම ප්‍රත්‍යයෙන් සංසිද්ධ ධම්ම අර්ථ සමූහයක් ගෙන දෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිරවද්‍ය කරුණු විය යුතු ස්වභාවය යන අර්ථයෙන් ධම්ම නම් වෙයි. සංස්කෘතයේ දරන උසුලන සිහියේ රඳන යන අර්ථ ගෙන දෙන ධර්ම යන ප්‍රකෘතියෙහි එම අර්ථයෙන් බුදුරදුන් වදාළ සියල්ල ධර්මයයි. ධම්ම ක්‍රියාකාරිත්වය අනුව ධම්ම සංකල්පයකි. මෙම සංකල්පයෙහි ව්‍යාප්ත වූ අර්ථ ක්‍ෂේත්‍රයක් ඇති බවත් බෞද්ධ චින්තනයෙහි සර්වප්‍රකාරයෙන්ම වැදගත් වූ අර්ථ ගාම්භීර්යයක් මෙම සංකල්පයෙහි අන්තර්ගත බව ත්‍රිපිටක හා අර්ථකථාවන්හි දක්නට ඇති අර්ථ විවරණවලින් දැකීමට පුළුවන. පෙර අපර දෙදිග පහළ වූ චින්තකයන් දාර්ශනිකයන් රාෂ්ට්‍ර පාලකයන් මෙම සංකල්පය අර්ථ නිරූපණය කර ඇත.
Rs 850.00
Kantha Abhiwurdiya Sandaha Bududahamin Laba Gatha Haki Margopadesha
මහාචාර්ය සිල් වී සේනාධීර දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන්ගේ නැණස පෑදූ විශ්‍රාමික විශ්වවිද්‍යාල ආචාර්ය වරියකි. අධ්‍යාපනවේදය සම්බන්ධයෙන් ග්‍රන්ථ රාශියක් රචනා කළ ප්‍රශස්ත ලේඛිකාවකි. අධ්‍යාපනවේදය විෂය ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගොස් ඇය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික පුස්තකාලයාධිපති වූ දැනට මහනුවර බෞද්ධ ග්‍රන්ථප්‍රකාශන සමිතියේ සිංහල සංස්කාරක වන එන්. ටී. එස්. ඒ. සේනාධීර මහතා විසින් රචනා කරන ලද කාන්තා අභිවෘද්ධිය සඳහා බුදු දහමින් ලබා ගත හැකි මාර්ගෝපදේශ යන මෙම කෘතිය කාලීන සමාජ අර්බුද හමුවේ කාන්තාවගේ භූමිකාව මෙන් ම ඇයගේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් වන බෞද්ධ ඉගැන්වීම මොනවට පිළිබිඹු කරන ග්‍රන්ථයක් බව අපගේ හැඟීමයි. එම දෙපළට අපගේ සුභාශිංසන ද මේ සමග වේ.
Rs 500.00
Patichchasamuppadaya
බෞද්ධ දර්ශනයෙහි පදනම පටිච්චසමුප්පාදය වේ. එහි මූලික අරමුණ අනුව සසර දුක ප්‍රහාණය වන අයුරින් විවරණය කෙරෙයි. පරම ගම්භීර දේශනාවකි. ධර්මය යනු ලෝක ස්වභාවයකි. දහම අවබෝධ කර ගැනීමට නම් හේතු ඵල පරම්පරාව විදහාලන ආකාරයද හඳුනා ගතයුතුය. පවත්නා කාලයෙහි ප්‍රත්‍යක්ෂ කර ගත හැකි බැවින් සාන්දිට්ඨිකය.
Rs 400.00
Wap Masa Pura Pasa Mihindu Pura Atawaka
අනුබුදු හිඳු මහරහතන් වහන්සේ ලක්වැසියනට ථෙරවාදී බුදු සමය හඳුන්වා දීමත් සමගම මෙරට ජාතික, ආගමික, සංස්කෘතික හා සාමාජික නවෝදයකට මං පෙත් විවර කෙරිණි. ඒ තුළින් ඉදිරිපත් කළ ජීවන දැක්ම ලක්වැසියන් ගේ හදවත තුළ තදින්ම මුල් බැස ගත්තේය. එය එදාමෙදාතුර නොසිඳී නොබිඳි පැවත එයි. ඒ නිසාම ලක්වැසි ජනතාව බුදුසමය සුරකිමින් ඒ ඔස්සේ ක්‍රියා කරනුයේ අපමණ සැදැහැ සිතකින් යුක්තවයි. ලංකාවාසීන්ගේ සැම ක්‍රියාකාරකමකින් ම හෙළි වන්නේ ලංකාවේ සංස්කෘතිය හැඩගැස්වීමට බුදු සමයෙන් ලැබුණු මනා පිටුවහලයි.
Rs 350.00
Jivana ratawa ha sasara pavathma
ජීවන රටාව හා සසර පැවැත්ම පොත දොළොස්වන මුද්‍රණයේ පටන් ඉදිරියට ප්‍රකාශයට පත්කිරීමේ අයිතිය හා වගකීම මෙවර මුද්‍රණයේ වියදම් දැරූ “සසර පැවැත්ම” භාරයට පවරමි. මෙයින් ලැබෙන ආදායමක් ඇත්නම් එය පොත නොකඩවා පළ කිරීමට සහ හදිසි ආපද‍ාවන් නිසා පවුල් බර දරා ගැනීමට අපහසු වී සිටින අය සොයා පරිත්‍යාග කිරීමට ද යොදා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
බෙල්ලන ඤාණවිමල මහානායක ස්‌ථවිර
Rs 300.00
Wishwaye Asiriya
කතෘගෙන්...
සත්ත්ව ශරීර නිර්මාණය වන්නේ භෞතික පදාර්ථ වලිනි. මෙම පදාර්ථ වල ශක්තිය, ජීවය යන සාධකවලට අතිරේකව විඤ්ඤාණය නමැති විශේෂ ශක්තියක් අන්තර්ගත ය. භෞතික වේවා, රසායනික වේවා ශක්තිය (Eනෙර්ග්ය්) යනු සෑම පදාර්ථයක ම අන්තර්ගත පියෙවි ඇසට නො පෙනෙන බලවේගයකි. එහෙත් විඤ්ඤාණ ශක්තිය භෞතික පදාර්ථ ගණයට ගත නො හැකි බැවින් විඤ්ඤාණය නාම ධර්මතාවයේ ලා සැලකේ. " විශ්වයේ අසිරිය " නමැති මෙම ග්‍රන්ථය රචනා කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ද තත් කරුණු පිළිබඳ පාඨකයාට නිරවුල් දැනුමක් ලබාදීමට ය. එමගින් මා ලබන සතුට අපමණ ය
Rs 200.00
Budun Wahanse Dutu Wishwaya
'බුදුන් වහන්සේ දුටු විශ්වය' නම් වූ ග්‍රන්ථයෙහි ඇතුළත් ලිපිවලින් බෞද්ධ දර්ශනය ද ඊට අනුබද්ධ මාතෘකාවන් ද මැනවින් විග්‍රහ වන අතර ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකි කෘතියකි.
Rs 300.00
Dharmashoka Dambadiva Bauddha Adhirajya
ආර්.ජේ.ද. සිල්වා මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය සැකසීමට ඉන්දියාවේ පළ වී ඇති ඉතා වටිනා ග්‍රන්ථ ගණනාවක් ම උපයෝගී කරගෙන ඇත. මෙම තොරතුරු ඇතුළත් කරමින් මෙතුමා විසින් නවකතා ශෛලියක් අනුගමනය කරමින් රචනා කරන ලද මෙම අගනා කෘතිය සාමාන්‍ය මහජනතාව, දහම් පාසල් ශිෂ්‍ය - ශිෂ්‍යාවන් මෙන් ම දඹදිව වන්දනාවේ යෙදෙන සියලුම සැදැහැවතුන් වන්දනා ගමනට පෙර කියවීමෙන් ධර්මාශෝක රජු සහ ඔහු විසින් බුද්ධ ශාසනය නඟා සිටුවීමට කර ඇති මෙහෙය ගැන ඉතා වැදගත් වෙතිහාසික තොරතුරු රාශියක් අනාවරණය කර ගත හැකි වනු ඇත. 
Rs 1,600.00
New
Araya Ashtangika Margaya
සම්මානිත මහාචාර්ය ඔලිවර් අබේනායකයන් මෑතකාලීන පාලි හා බෞද්ධ අධ්‍යයන විෂයයෙහි තම උපරිමය දායාද කළ ශාස්ත්‍රීය යුග පුරුෂයෙකි. එතුමන්ගේ භාෂා ප්‍රාගුණ්‍යයට නො දෙවනි විචාරාක්ෂිය බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රයෙහි නව මංපෙන් වෙන දොරගුලු විවර කළ යතුරක් විය. තමන්ට ම ආවේණික ලේඛන හා භාෂණ ශෛලියකට උරුමකම් කියන එතුමා ශාස්ත්‍රීය රචනාවන්ගෙන් මෙන් ම ක්‍ෂේත්‍රයට පිරිමසින ශිෂ්‍ය සමූහයක් නිර්මාණය කිරීමෙන් ද අද්විතීය මෙහෙවරක් කළ ආචාර්ය වරයෙකි. මහාචාර්යතුමන්ගේ විචාරශීලි ගුණයෙහි ප්‍රාමාණිකත්වය විදහා දක්වන ආර්යෂ්ටාංගික මාර්ගය නම් වන මෙම සාකච්ඡා ස්වරූපී කෘතිය බුදු දහමෙහි එන දාර්ශනික සහ ප්‍රායෝගික ඥාන ධාරාව ශාස්ත්‍රීය ස්ථරයේ පටන් සාමාන්‍ය පාඨකයා දක්වා සමස්ත සමාජය ම ඉලක්ක කළ කෘතියකි. අනාශය නොදු මාතෘකාවක් වුවන් මෙහි විවරණය කෙරෙන ධර්ම පර්යාය විශ්මයා වන ය. මෙය සෑම බෞද්ධයකු ම කියවිය යුතු කෘතියක් බවට මෙහි ලා අවධාරණය කරනු කැමැත්තෙමි.
මහාචාර්ය, පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමිපාණෝ බෞද්ධ අධ්‍යයනාංශය, කොළඹ විශ්ව විද්‍යාලය
Rs 300.00
New
Sathuta Genadena Piyawara Ata
බුදුන් වහන්සේ ඉදිරිපත් කළ ඉතා ගැඹුරු ඉගැන්වීමක් වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය, ගුණරතන හාමුදුරුවන් විමසා බලන්නේ දැඩි වෙහෙසක් දරමිනි. ගුරුවරුන්ගේත් ගුරුවරයකු ලෙස ප්‍රකට උන්වහන්සේ, සිහිය දියුණු කරගැනීම පිළිබඳව ලබා දෙන්නේ සරල, පරිපූර්ණ, සුවිශේෂ උපදෙසකි. එකිනෙකක් ආර්ය සත්‍යයක් පුහුණුව හා සම්බන්ධ පැහැදිලි, සුව්ශේෂ යෝජනා සමඟ බැදුණු අරුත්බර නිදසුන් ගලපමින් ඉදිරිපත් කෙරෙන මේ පොත තෘප්තිමත් භාවය අත්පත් කරගැනීමට බුදුන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගය කෙරෙහි උනන්දුවක් දක්වන කාටත් ආශිර්වාදයකි.
Rs 1,470.00
New
Arya Ashtangika Margya
දිවයිනේ සුප්‍රකට ග්‍රන්ථ කර්තෘන් වහන්සේ නමක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ආරාධිත කථිකාචාර්ය, ආචාර්ය පැලැන්වත්තේ ධම්මතිලක නායක ස්වාමින් වහන්සේර්, බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රය උදෙසා ලබා දෙන දායකත්වය අතිශයින් ප්‍රශංසනීය වේ. හුදී ජන පහන් සංවේගය උදෙසා ධර්ම ග්‍රන්ථ මෙන්ම, බෞද්ධ පර්යේෂණ ග්‍රන්ථ රාශියක් ප්‍රකාශ කොට ඇති උන්වහන්සේ විශ්ව විද්‍යාල විද්‍යාර්ථින්ගේ මෙන්ම අනිකුත් ශාස්ත්‍රාභිලාෂීන්ගේ මනදොළ සපුරාලීම සඳහා අභිනවයෙන් රචනා කරන ලදළ “ආර්ය අෂ්ඨාංගික මාර්ගය" ග්‍රන්ථය බොහෝ දෙනාගේ අවධානයට ලක්විය යුත්තකි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ශ්‍රී ධර්ම මහං සංඝ සභාවේ ගල්ගොඩ විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක පදවිය සඟ තත් සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මචාර්යන් වහන්සේ නමක් ද වන උන්වහන්සේ, අනෙකුත් ශාසනික කාර්යයන්හි ද අනලස්ව යෙදෙමින් සිදුකරනු ලබන ධර්ම ශාස්ත්‍රීය සේවාව පැසසිය යුත්තකි.
Rs 200.00
New
Arya ashtangika margaya duka niveeme maga
සංස්කාරකගේ පෙරවදන
බුදුරදුන් වදාළ ධර්මය ප්‍රධාන මූලධර්ම දෙකක් මතමධ්‍යගත වන බව පූජ්‍ය බෝධි හිමියෝ පැහැදිලි කරති. ඉන් ප්‍රධාන මූලධර්මය වන්නේ චතුරාර්ය සත්‍යය නමින් හැඳින් වෙන ආර්ය සත්‍ය සතරයි. එම මුලධර්මය මගින් නොකඩවාම පවතින දුක පිළිබඳ ප්‍රශ්නය හඳුනාගනු ලබන අතර, ඊට පිළියම් ද සොයාගනු ලැබේ. දෙවන මුලධර්මය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉන් පැහැදිලි කරනුයේ දුක පිටු දැකීම හෙවත් නිවන අත්කරගනු සඳහා අනුගමනය කළ යුතු ආර්ය මාර්ගයයි. ආර්ය මාර්ගයෙහි මාර්ග අංග අට සහ එහි කොටස්වල සුසංයෝගය ගැඹුරින් අර්ථ කථනය කිරීම මෙම අගනා ග්‍රන්ථයෙහි අරමුණයි. මෙය කියවන පාඨකයන්ට බුදු දහමෙහි හරය පිළිබඳව මෙතෙක් දැක නැති අලුත් දැක්මක් අත්විඳීමට හැකි වෙයි.
Rs 140.00
New
Pasmarun Dinannata
2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අනුස්‌මරණය කරමින්, ථෙරවාද බුදු දහමෙහි ඉගැන්වෙන මාර සංකල්පය පිළිබඳ ධර්මානුකූල විවරණයක් ඉදිරිපත් කොට තිබෙන මෙම ධර්ම සංග්‍රහය, මාරාය ජයගනු කැමැති දිරීමතුනට මෙන් ම බුදු දහම හදාරන නැණවතුනට ද මහඟු එළියක් වනු ඇත.
Rs 125.00
Theravada Thripitakanugatha Sri Gouthama Buddha Charithaya
ථේරවාද ත්‍රිපිටකානුගත ශ්‍රී ගෙෳතම බුද්ධ චරිතය - බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඇසුරු කොට ගනිමින් ශ්‍රී ගෞතම බුද්ධ චරිතය මුල සිට අගට සරලව විදහා දක්වමින් ලියැවුණු කෘතියක් ලෙසින්ද බුද්ධ චරිතය සවිස්තරාත්මකව දැනගැනීමට අවැසි බෞද්ධ අබෞද්ධ ඕනෑම අයෙකු සඳහා පරිශීලනයට සුදුසු ග්‍රන්ථයකි.
Rs 1,650.00
Out-of-Stock
The Buddha and His Teachings
Out-of-Stock
This book Provides the percipient reader an insight of the teachings of the Buddha, composed from suttas and related texts, along with copious annotations for further study, and a glossary of Pali words used in the Dhamma - all written in a lucid style.
Buddhagaya Bomada Kara
බුද්ධගයා බෝමැඩ කරා - ඉපැරණි බෞද්ධ භාරතයේ ඓතිහාසික සිද්ධස්ථාන රැසක අප්‍රකට තතු හෙලි කරමින්, භාරතීය බෞද්ධ උරුමයෙහි ගුණ රුව හුවා දක්වමින් ලියැවුණු මෙම කෘතිය භාරතීය බෞද්ධ ඉතිහාසය කෙරෙහි විමසුම් ඇස හෙළන විද්‍යාර්ථීන් අවදි කරන පර්යේෂණාත්මක නිබන්ධනයක් ලෙසින් පාඨක ඔබට ඉදිරිපත් කළ හැක. 
Rs 350.00
Hand Book For Novices
A good companion for novices containing all the essentials of their duties and responsibilities..
Rs 135.00
Kulavaka Jathakaya
කුලාවක ජාතකය - මෙහි සඳහන්ව ඇත්තේ මඝ මානවක කතා වස්තුවයි. සමාජ සුභසාධනය දැහැමි වූ මාර්ගය කරගත් මඝ මානවක මුළු මහත් සමාජයට ම දුන් යහපත් වූ ආදර්ශය මෙම කුලාවක ජාතකයෙන් පැහැදිලි වෙයි..
Rs 150.00
Out-of-Stock
Gothama Budurajananvahanse
Out-of-Stock
ගෝතම බුදුරජාණන්වහන්සේ - බුද්ධ චරිතය පිළිබඳ විචාරාත්මක පොත පත සුලභව ඇති මෙකල, ඉතා පැහැදිලි වූ අධ්‍යනයකින් ශාස්ත්‍රීයව ලියා ඇති මෙම ග්‍රන්ථයෙහි ගෞතම බුදුරජුන්ගේ ජීවන ගමන්මග කෙසේ වීදැයි විවරණය කරන ලදී..
Sidhartha Gauthama Sambuddha
සිද්ධාර්ථ ගෞතම ශ්‍රී  සම්බුද්ධ - "සිද්ධාර්ථ ගෞතම ශ්‍රී  සම්බුද්ධ" නම් මෙම ග්‍රන්ථය බුදු හිමි කෙරේ අපරිමිත ශ්‍රද්ධාවකින් යුතුව උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතාපදානය ඇසුරින් උන්වහන්සේ වසරින් වසර ගත කල ආකාරය සහ ඒ ඒ කාලවලදී සිදු වූ විශේෂ සිදුවීම් අන්තර්ගත කර පරිකල්පිත නිර්මාණයක් වශයෙන් මෙම ග්‍රන්ථය ප්‍රතිනිර්මාණය කර ඇත..
Rs 900.00
Ape Buduhamuduruwo
අපේ බුදුහාමුදුරුවෝ - තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිය ජීවන චරිතය මුල සිට අගට විදහා දක්වමින් උන් වහන්සේ වදාළ ශ්‍රී ධර්මස්කන්ධය සංක්‍ෂිප්ත වශයෙන් ගෙනහැර දක්වමින් රචනා කරන ලද්දක් ලෙස “අපේ බුදුහාමුදුරුවෝ” ග්‍රන්ථය හඳුන්වා දිය හැක.
Rs 600.00
Katinaya Ha Thadanubaddha Winaya Karma
කඨිනය හා තදනුබද්ධ විනය කර්ම - උපසපන් භික්‍ෂූන් වහන්සේලා වස්සාන ශික්‍ෂාව සමාදන්ව එය ආරක්‍ෂාකොට පවාරණය කිරීමෙන් අනතුරුව, සැදැහැති උවැසි උවැසියන් විසින් සංඝයා වහන්සේලාට කඨින චීවරය පූජා කිරීම පිළිබඳ හා සරලව විනය කර්ම විග්‍රහ කිරීම ‘කඨිනය හා තදනුබද්ධ විනය කර්ම’ කෘතිය මගින් විවරණය කරනු ලබයි.
Rs 260.00