Buddhism

Nivan Maga Soya
මහණෙනි, යමෙක් ඇස කන නාසය දිව ශරීරය සිත සහ ඒවාට අරමුණු වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කෙරෙහි සතුටු නොවෙයිද, ඒවා මම මාගේ වශයෙන් නොගනියිද, එයම සිත තුළ පවතින රාගයේ කෙළවර වෙයි. සිත තුළ පවතින ද්වේෂයේ කෙළවර වෙයි. සිත තුළ පවතින වැරදි දැකීමේ කෙළවර වෙයි. සිත තුළ පවතින සැකයේ කෙළවර වෙයි. මානයේ කෙළවර වෙයි. දඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, කෝළාහළ කිරිම, විරුද්ධව කථා කිරිම, කේළාම් කීම, බොරු කීම යන අකුසලයන්ගේද කෙළවර වෙයි. 
(මධු පිණ්ඩිකසුත්‍රය)
Rs 1,250.00
Gihiyan Wu Apatada Mee Bhavayedi Magapala Sapura Gatha Hakiya
" ගිහියන් වූ අපට ද මෙම භවයේ දී මගඵල සපුරා ගත හැකිය." නමින් ලියැවුණු මෙම ග්‍රන්ථය කුඩා වුව ද ඒ තුළ අන්තර්ගතව ඇත්තේ සත්‍ය ලෙසින් ම ගිහියනට අවැසි වටිනා කාලෝචිත දහම් කරුණු වේ. තව ද මෙම ග්‍රන්ථයේ ඇති විශේෂත්වය නම් කතුවරයාණන්, ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කොට එතුළින් දැන කියා ගත් දහම් කරුණු ත්‍රිපිටක ග්‍රන්ථ හා සූත්‍ර නමින්ම සනාථ කොට තිබීමය. එය ග්‍රන්ථයේ වටිනාකම තිව්‍ර කිරීමට හේතු වී ඇත. බුදු දහම පිළිබඳ විමසන්නා වූ ධම්මකාමී පින්වතුන් හට මෙය මහත් වූ පිටිවහලක් සේ මම දකිමි.
Rs 175.00
Maga Phala Adath Labiya Haakida
බුදුරජාණන් වහන්සේ
"සුභද්‍රය, යම් ශාසනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයා ද නැත, දෙවන ශ්‍රමණයා ද නැත. තුන්වන ශ්‍රමණයා ද නැත. සතරවන ශ්‍රමණයා ද නැත. යම් ශාසනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයා ද ඇත. දෙවන ශ්‍රමණයා ද ඇත. තුන්වන ශ්‍රමණයා ද ඇත. සතරවන ශ්‍රමණයා ද ඇත. සුභද්‍රය, මේ ශාසනයෙහි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්තේය. ඒ නිසා සුභද්‍රය පළමුවන ශ්‍රමණයා ඇත්තේ මෙහි ය. දෙවන, තෙවන, සිව්වන ශ්‍රමණයා ඇත්තේ මෙහි ය. සුභද්‍රය, අනිත් තැන් ශ්‍රමණයන්ගෙන් හිස් ය. "ඉමෙව සුභද්ද භික්ඛු සම්මා විහරෙය්‍යුං න සුඤ්ඤො ලෝකො අරහන්තෙහි අස්ස" සුභද්‍රය, මේ භික්‍ෂුන් මනාකොට වාසය කෙරෙන්නේ නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේ ය.
Rs 300.00
New
Rathnartha Sudhani Nam Wu Sinhala Dhammapadaya
රත්නාර්ථ සුධනී නම් වූ සිංහල ධම්මපදය ඇතුළත් කර සකස් කරණ ලද සිංහල බෞද්ධයන් සමීපයේ තිබිය යුටු  ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 225.00
New
Buddhasthupa
" නව අරහාදී බුදු ගුණයෙන් නුවණින් සිහි කරත් සිහි කරත් ම, සැදැහැවත් බැතිමතාගේ හෘදයාභ්‍යන්තරයෙහි රමණීය බුද්ධස්තූපයක් නිර්මාණය වෙයි. හැම සැදැහැවත් හදවතක් (සිතක්) තුළම එබඳු බුදු ගුණ සෑයක් නිමවා ගැනීම සඳහා උපකාරක ආකෘතියක් සෙයින් නිබැඳුණකි, මේ ' බුද්ධස්තූප ' ග්‍රන්ථය "
සම්පාදක හිමියන් විසින් ග්‍රන්ථාරම්භයෙහි ඉදිරිපත් කර ඇති මෙම කෙටි සටහන බුද්ධස්තූප ග්‍රන්ථයේ නිමිත්ත, අන්ත‍්‍රගතය ආකෘතිය හා ප්‍රයෝජනය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීමට උපකාරවත් වේ. අරහං, සම්මා සම්බුද්ධ, විජ් ජාචරණ සම්පන්න, සුගත ආදී නව බුදුගුණ විස්තර කෙරෙන පරිච්ඡේද නවයෙකින් සමන්විත මෙම ග්‍රන්ථය එක් එක් බුදු ගුණය විස්තර කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කළ සූත්‍ර ධර්ම ආශ්‍රිත කරුණු ඉදිරිපත් කරමින් බුද්ධානුස්සති භාවනාව වඩනු කැමති, එමගින් සාර්ථක ප්‍රතිඵල ලබනු කැමති බෞද්ධ ජනතාවට මෙහි අන්තර්ගත ධර්ම කාරණා බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
Rs 350.00
New
Pretha Wasthuwa
මේ ප්‍රේත වස්තුව පාලි පේතවත්ථු අටුවාව සරල සිංහලයට නැඟීමෙහි ප්‍රතිඵලයකි. ඒම නිසා ප්‍රේත වස්තු කථා පහසුවෙන් තේරුම් ගැනීමට මේ ග්‍රන්ථය සහාය වෙයි.ප්‍රේත වස්තුවෙහි කථාවස්තු අතර ගාථාද දක්නට ලැඛෙයි. මේ ග්‍රන්ථයෙහි ගාථා කථා වස්තු වලට ඇතුළත් නොකොට ගාථාවන්හි අර්ථ සපුරා සිංහලයට නගා ඇත. එහෙත් ග්‍රන්ථය අවසානයෙහි ප්‍රේත වස්තුවේ සියලු ගාථා අර්ථ සමඟ දක්වා ඇත. ග්‍රන්ථයෙහි කථාවස්තූන්හි සඳහන් කොට ඇති අංක මඟින් එයින් පැවසෙන අර්ථය සහිත ගාථාව කුමක්ද යනු හඳුනාගත හැකි ආකාරයට මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 1,850.00
New
Deviyo Saha Prethayo
සූත්‍ර පිටකයට දීඝ නිකාය, මජ්ඣිමනිකාය, සංයුක්ත නිකාය, අංගුත්තරනිකාය, ඛුද්දකන්කාය යැ' යි පෙළ පොත් පහක් ඇත. එයින් ඛුද්දකනිකායට ඛුද්දක පාඨ, ධම්මපද, සුත්තනිපාත, විමානවත්ථු, පේතවත්ථු, ථේර ගාථා, නිද්දේස, පටිසම්භිදාමග්ග, අපදාන, බුද්ධවංස, පොත් පහළොවක් අන්තර්ගත වේ. ඒ ග්‍රන්ථ විමානවත්ථුපාළි සහ පේතවත්ථු පාළි යන පොත් දෙකේ ම ඇතුළත් වන්නේ දෙවිවරුන් සහ ප්‍රේතයන් පිළිබඳ කථාන්තරය. එම කථා සංක්ෂිප්ත ව පාලි ගාථා වලින් විමානවත්ථු පාළි හා පේතවත්ථු පාළි පොත් දෙකේ දැක්වේ. ඒ කථා විස්තර සහිත ව අන්තර්ගත වෙන්නේ විමානවත්ථු අට්ඨ කථාවේ සහ පේතවත්ථු අට්ඨ කථා නම් පොත් දෙකේය. මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමියන් විසින් රචිත මෙම කෘතිය මගින් එම කරුණු ඉතා සංශිප්ත ලෙස ඉදිරිපත් කරණු  ලබයි.
Rs 300.00