Buddhism

Arya Prabandha
සමාජයේ අවධානයට යොමු විය යුතු විවිධ පැතිකඩ රැසක් බුදු දහම ඇසුරින් සාකච්ජාවට බදුන් වී ඇති මෙම ග්‍රන්ථය අධ්‍යාපනඥ නදී අමා ජයසේකර මහත්මිය සහ වෛද්‍ය හසිකා ඩිල්හානි ජයසේකර  මහත්මිය විසින් රචනා කර ඇති අතර නැදිමාල බෞද්ධ හා සංස්කෘතික මධ්‍යස්ථානය විසින්  ඔබ අතට පත් වන ඉතා වටිනා ග්‍රන්ථයකි
Rs 250.00
Gihiyan Wu Apatada Mee Bhavayedi Magapala Sapura Gatha Hakiya
" ගිහියන් වූ අපට ද මෙම භවයේ දී මගඵල සපුරා ගත හැකිය." නමින් ලියැවුණු මෙම ග්‍රන්ථය කුඩා වුව ද ඒ තුළ අන්තර්ගතව ඇත්තේ සත්‍ය ලෙසින් ම ගිහියනට අවැසි වටිනා කාලෝචිත දහම් කරුණු වේ. තව ද මෙම ග්‍රන්ථයේ ඇති විශේෂත්වය නම් කතුවරයාණන්, ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කොට එතුළින් දැන කියා ගත් දහම් කරුණු ත්‍රිපිටක ග්‍රන්ථ හා සූත්‍ර නමින්ම සනාථ කොට තිබීමය. එය ග්‍රන්ථයේ වටිනාකම තිව්‍ර කිරීමට හේතු වී ඇත. බුදු දහම පිළිබඳ විමසන්නා වූ ධම්මකාමී පින්වතුන් හට මෙය මහත් වූ පිටිවහලක් සේ මම දකිමි.
Rs 175.00
Out-of-Stock
Patichchasamuppadaya
Out-of-Stock
බෞද්ධ දර්ශනයෙහි පදනම පටිච්චසමුප්පාදය වේ. එහි මූලික අරමුණ අනුව සසර දුක ප්‍රහාණය වන අයුරින් විවරණය කෙරෙයි. පරම ගම්භීර දේශනාවකි. ධර්මය යනු ලෝක ස්වභාවයකි. දහම අවබෝධ කර ගැනීමට නම් හේතු ඵල පරම්පරාව විදහාලන ආකාරයද හඳුනා ගතයුතුය. පවත්නා කාලයෙහි ප්‍රත්‍යක්ෂ කර ගත හැකි බැවින් සාන්දිට්ඨිකය.
Out-of-Stock
Rathnartha Sudhani Nam Wu Sinhala Dhammapadaya
Out-of-Stock
රත්නාර්ථ සුධනී නම් වූ සිංහල ධම්මපදය ඇතුළත් කර සකස් කරණ ලද සිංහල බෞද්ධයන් සමීපයේ තිබිය යුටු  ඉතා වටිනා ග්‍රන්ථයකි.
Samanera Bana Daham Potha
මහණකම යනු ලොවේ ඇති හැම කමකට ම ව) උතුම් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ උතුම් මහණකම ලැබෙන්නේ පෙර මහ පිනකින් ම ය.කුඩා කල සිට ම යහපත් ගුරු ඇසුරින් හොඳට සිල් සපුරමින් සංවර ව කීකරු ව ඒ පැවිදි දිවිය රැක ගත්තොත් පුර පස වැඩෙන සඳ මඬල මෙන් ඒ පැවිද්දා ලොව එළිය කරන බව බුදුරජාණන් වහන්සේ වදාළ හ. පැවිද්ද ඉතා නිදහස් නොවහල් දිවියකි. පරාර්ථ චර්යාවෙන් පිරුණු දිවියකි.සැදැහැවතුන් ගේ සිවු පසයෙන් යැපුණ ද අභිමානයත් අනතිමානයත් තෘප්තියත් සපිරුණු ජීවන චර්යාවකි. සිල්වත් උගත් ගුණවත් පැවිද්දා දඹරන් කඩක් හා සමානව අගය කළ හැකි, එහෙත් මිල කළ නොහැකි සුපුෂ්පිත පුෂ්පයකි.සිත් පුබුදු කරවන අයුරින් නවතායෙන් යුතුව සැකැසුණු මේ සාමණේර බණ දහම් පොත අපේ පුංචි හාමුදුරුවරුන්ගේ උතුම් ගමන් මඟට මා හැගි එළියක් දල්වන රුවන්මුවා පහන් ටැඹක් ම වන බව ඉතා ළෙන්ගතු ව සඳහන් කරනු කැමැත්තෙමි.
තිරිකුණාමලේ ආනන්ද මහ තෙර
Rs 250.00
Out-of-Stock
Maha Sathipattana Suthra Sajjayanaya
Out-of-Stock
ආචාර්ය පූජ්‍ය හේනේපොල ගුණරතන නාහිමි
මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය
ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය මට මුලින්ම අහන්න ලැබුණේ අහඹු ලෙස යූ ටියුබය ඔස්සේය. ඒ සජ්ඣායනය තුළ තිබූ විශේෂත්වය මට එකවරම දැනුණි. ඒ සජ්ඣායනය භාවනාවට යොදාගත හැකි බව වැටහුණු නිසා මම සෝභිත හිමියන්ට දුරකතනයෙන් සම්බන්ධ කරගෙන සම්පුර්ණ සූත්‍ර සජ්ඣායනය ගෙන්වා ගත්තෙමි.උන්වහන්සේගේ සජ්ඣායනාවේ විශේෂත්වයන් කිහිපයක් මම දකිමි. එකක් නම් උන්වහන්සේගේ සජ්ඣායනා ස්වරය යි. එය ගායනාවක් නොවේ. එසේම සූත්‍රය හුදු කියවාගෙන යාමකුත් නොවෙයි. ඒ දෙකටම අයත් නොවන සූත්‍ර දේශනයකට අනුකූල ස්වරයක් රටාවක් ඒ තුළ ඇත. එය නියම අර්ථයෙන්ම සඣායනාවකි. එසේම උන්වහන්සේගේ පාලි උච්ඡාරණය ඉතාම නිවැරදි ය. එසේම පැහැදිලි ය. අද වන විට අන්තර්ජාලයේ හා විවිධ මාධ්‍ය තුළ පාලි ගාථා හා පිරිත් සජ්ඣායනා බොහොමයක් විකාශනය වෙතත්, බොහෝ විට ඒවායේ උච්ඡාරණයන් නිවැරදි නැත. සෝභිත හිමියන්ගේ පාලි භාෂා උච්ඡාරණය අනෙකුත් දේශකයන්ටත් ආදර්ශයකි.
තවද උන්වහන්සේගේ සජ්ඣායනාව තුළ එක් කොටසක් සජ්ඣායන කර අවසන් වූ විට කෙටි නිහඬ බවක් ඇත. එය ඉතාම වටිනා අංගයකි. දේශනා කළ කොටසේ අර්ථ නැවත මෙනෙහි කිරීමට එය හොඳ අවස්ථාවකි. උන්වහන්සේගේ දේශනා ශෛලිය තුළ සජ්ඣායනා කරන දෙයෙහි අර්ථය තේරුම් ගෙනම දේශනා කරන බව වැටහේ. අර්ථ දැනම දේශනා කරන නිසා අවශ්‍ය තැන්වල දී හඬ උස් පහත් කිරීමටත් අවශ්‍ය තැන් වල දී කෙටි නිහඬ බවක් ඇතුළත් කිරීමටත් උන්වහන්සේට හැකියාව ලැබී ඇත. මම දිනපතාම පාහේ මේ සජ්ඣායනාවට සවන් දෙමි. මහා සතිපට්ඨාන සූත්‍රයේ එන වටිනා දහම් කරුණු නැවත නැවත සිහිපත් කරගැනීමට එහි අරුත් විමසීමට උන්වහන්සේගේ සජ්ඣායනාව මහත් උපකාරී වේ.අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ විමුත්තායතන සූත්‍රයේ දහම පුහුණු කරන කෙනෙක් කෙළෙස් ප්‍රහීණ කොට විමුක්තියට පත්විය හැකි අවස්ථා පහක් දැක්වේ. දහම් ශ්‍රවණය කරන අවස්ථාව දහම් දෙසන අවස්ථාව, ඇසූ දහම විස්තර වශයෙන් සජ්ඣායනා කරන අවස්ථාව, ඇසූ දහම මනසින් මෙනෙහි කරන අවස්ථාව හා මැනවින් සිතසමාධිගත වූ අවස්ථාව යනු එම විමුත්තායතනයන් ය. එබැවින් සූත්‍ර ධර්ම නිවැරදිව සජ්ඣායනා කිරීම හා එම සජ්ඣායනා වලට සවන් දීම අපේ සිතේ කෙළෙස් දුරුකරන විමුක්තියට මග පාදන අවස්ථාවන් ය. පුජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමිපාණන්ගේ මහා සතිපට්ඨාන දේශනාව බොහෝ දෙනෙකුගේ සද්ධාව වැඩි දියුණු කිරීමටත්, දහම් අවබෝධය වැඩි දියුණු කිරීමටත් හේතු වේවා.!
Great Female Disciples Of The Buddha
Females were no less capable than their male counterparts in spiritual attainments. In the spiritual firmament of 2600 years ago India, the world's first order of nuns was instituted. These nuns reached the acme of spiritual perfection and also gained higher powers and faculties. The first Buddhist nun was none other than the Buddha's foster mother, Maha Pajapati Gotami. Regarding her status and achievement, the Buddha boldly declared, "She is wise, of acute intelligence and understanding, compassionate and of great intuition."
Rs 600.00
Sri Lankeya Shasanika Mathagatum Ha Nirakarana Krama
ශ්‍රී ලාකේය ශාසනික මත ගැටුම් හා නිරාකරණ ක්‍රම (අනුරාධපුර සහ පොළොන්නරු යුගය ඇසුරෙන්) මෙම පර්යේෂණාත්මක කෘතිය පුරාණ ශ්‍රී ලංකාවේ අතිශයින් තීරණාත්මක යුග දෙකක් තුළ භික්ෂු සමාජයෙහි උද්ගත වූ සංකීර්ණතා ගැටලු, ගැටුම් හා ඒවා නිරාකරණය කිරීම විෂයෙහි එවකට පැවති දේශපාලන තන්ත්‍රය හා ඒකාබද්ධව ශාසන භාරධාරී තෙරවරුන් විසින් අනුගමනය කළ ධර්ම විනයානුකූල ක්‍රියාමාර්ග පිළිබඳ වැදගත් කරුණු රාශියක් අනාවරණය කරයි. ඒවා ශාස්ත්‍රීය පදනමකින් යුතුව ඉදිරිපත් කිරීම කරුණු කිහිපයක් නිසා වැදගත් වන අතර අතීත සංසිද්ධීන් ප්‍රාමාණික පරිදි ඉස්මතු කිරීම. වර්තමාන ගැටලු නිරාකරණය සඳහා උපස්තම්භක වීම, ඉදිරි පර්යේෂකයන් සඳහා මාර්ගෝපදේශ සැපයීම මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි නියුක්ත ආචාර්ය ශිෂ්‍ය දෙපක්ෂයට ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වීම යනාදී ප්‍රතිලාභ රාශියක් මෙම කෘතිය ඇසුරින් ලබා ගත හැකිය.
Rs 1,500.00
Poya Dolaha
පෝය දොළහ නම් මෙම කුඩා පොත්පිංච බටුවත්තේ රාහුල හිමියන් විසින් රචනා කරන ලද අතර මෙම ග්‍රන්ථය තුළ පෝය දොළහ පිළිබදව ඉතා සංශිප්ත ලෙස විස්තර කර ඇති ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. බෞද්ධයකු සුරතව නිසැකව  තිබිය යුතු කුඩා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 180.00
Out-of-Stock
Thun suthraya sahitha seth pirith
Out-of-Stock
තුන් සුත්‍රය සහිත සෙත් පිරිත් නම් මෙම කුඩා ග්‍රන්ථය පූජ්‍ය බටුවත්තේ රාහුල හිමියන් හා පූජ්‍ය ඕමන්තේ සෝභිත හිමියන් විසින් රචිත ඉතා වටිනා ග්‍රන්ථයක් වන අතර මෙහි තුන් සුත්‍රය සහිත සෙත් පිරිත් හි සිංහල තේරුමද අන්තර්ගත වේ.
Thun Suthraya Sahitha Bodhi Puja Saha Buddha Wandana
දහසක් කරදර බාධක මැදින් සහනය සොයා ජීවිත යාත්‍රාව ගෙනයන මිනිසාට බෝධි පූජාව හා බුද්ධ වන්දනාව වනාහි අතිශයින්ම මානසික ඖෂධයකි. චිත්ත අවිවේකීතාවය, මානසික අසහනය ආදි දැයින් පිරී ඇති සිත පාරිශුද්ධතාව කරා ගෙන යන උතුම් වූ අධ්‍යාත්මය සුවපත් කරලීමේ වැඩ පිළිවෙළක් ලෙසද එය හැදින්විය හැකිය. පූජ්‍ය නෙල්ලියද්දේ ධම්මකිත්ති හිමියන් විසින් රචිත තුන් සූත්‍රය සහිත බෝධි පුජා සහ බුද්ධ වන්දනා නම් මෙම ග්‍රන්ථය තුළින් ශ්‍රාවකයා නිසි මගට යොමු කොට චල බවින් අචල බවට ගමන් කරලීමට මග පාදනු නොඅනුමානය.
Rs 320.00
Sathara Paramartha Sahitha Buddha Dharmaya
'සතර පරමාර්ථ සහිත බුද්ධ ධර්මය' යන මෙම කෘතිය මගින්  අභිධර්මයෙහි මූලික ඉගැන්වීම් වන චිත්ත, චෛතසික, රූප සහ නිර්වාණ යන සතර පරමාර්ථයන් මෙහි විස්තර කර ඇත්තේ ඒවාට අදාළ සූක්ෂම මනෝ විද්‍යාත්මක අංශයන් නිදසුන් මගින් හැකි තරම් සරල ව ඉදිරිපත් කිරීමෙනි. ඒවා මෙ තරම් සරල ව සිංහලෙන් විස්තර කර ඇති වෙනත් තැනක් නැති තරම් ය. බොහෝ දෙනෙකුට මේවා ඉගෙනීමට ඇති පසුබැස්ම ජය ගනිමින් උද්‍යෝගීමත් ව ඒවා හැදෑරීමට ඔවුන් පෙළඹවීමට මෙම විස්තර සමත් වනු නොඅනු මානය.
Rs 300.00
E Ama Niwan Suwa Boho Dura Nowe
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත 'ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ ' යන මෙම කෘතිය මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් විරචිත අතර නිවැරදි ධර්මඤානයක් අවබෝධ කර ගැනීම සදහා ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,050.00
Manasa Pilibada Akruthiyaka Thibiya Yuthu Lakshana
'මනස පිළිබඳ අකෘතියක තිබිය යුතු ලක්‍ෂණ' නම් මෙම කෘතිය ආර්ය කීර්ති කුමාරසේන මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය තුළ මනස පිළිබද ඉතා දීර්ඝ විස්තරයක් සිදු කර ඇත. බුද්ධ කාලීන සමාජය අභාෂයට ගනිමින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සහ ඉන් පෙරද ආදර්ශය කර ගනිමින්  කෘතිය පරිශීලණය කරන පරිශීලකයගේ මනස නිරවුල් වන ආකාරයට රචනා කරණ ලද කෘතියක් ලෙස හැදින්විය හැකිය.         
Rs 700.00
Out-of-Stock
Philosophy & Psychology in the Abhidharma
Out-of-Stock
The study of the Abhidharma is indispensable for understanding the history of Buddhist philosophy and practice. This book gives a synoptic view of the significance of the Abhidharma as presented by the Theravadins and brought to its climax by the Vaibhasikas and Yogacara-Vijnanavadins. It analyzes the concepts of Mind and its States with reference to healthy and unhealthy attitudes towards life and deals with the psychological factors and problems in Meditation which is geared to an individual's capacity and temperament.Theories of perception, a predominant feature of Indian and Buddhist philosophies, are discussed together with the interpretation of the world on the basis of these theories as well as their critiques.The discussion of the Path as conceived by the various schools concludes this survey of the Abhidharma. Of particular significance are the accompanying tables of the structure of mind in Buddhist philosophy.
Niwana Dura Nowe
එක්තරා වනවාසී ආරණ්‍ය සේනාසනයක පැවති ඉතා දුර්ලභ * සීල භාවනා" වැඩසටහනකදී විග්‍රහ වූ දහම් කාරණා ඇසුරින් මෙම පොත සකස් කෙරිණි. ඊට ප්‍රධාන තේමාව වූයේ ද "නිවන දුර නොවේ'' යි. එබැවින් ඒ නමින් ම ග්‍රන්ථය සකස් කළෙමි. බෞද්ධයින්ගේ පරම නිෂ්ටාව වූ නිර්වාණය හා ඊට අදාළ ප්‍රතිපදාවන් බොහෝ දුරට මෙයට ඇතුළත් කර ඇත. විශේෂයෙන් ම, නිවන් මගට අදාළ සූත්‍ර දේශනා ඇසුරින් මෙය ඉදිරිපත් කර ඇත.
Rs 300.00
Adhyathmiya Sanhidiyawa
කතෘගෙන්...
සම්මා සම්බුද්ධ යනු කවර පුද්ගලයෙක්ද යන්න තේමා කරගනිමින් මනුෂ්‍ය භවයන් ලැබීම, සංසාර චක්‍රය කෙළවර සොයා සම්මා සම්බුද්ධත්වයට පත්වීම හා බුද්ධකෘත්‍ය නිමකර උන්වහන්සේගේ සංසාර ගමනෙහි කෙළවර ස්කන්ධ පරිනිර්වාණය දක්වා වූ අනන්ත ගුණ කදම්බයන් අතරින් ස්වල්පයක් මට වැටහුණු අයුරින් මෙහි සටහන් කළෙමි.අභිධර්ම දේශනාවට අනුව දේව-මනුෂ්‍යාදී සත්ත්ව විවිධත්වය ඇතිවූ අයුරු පෙන්වීමට උත්සාහ කළෙමි. අතීත, වර්තමාන හා අනාගතයන කාල තුනෙහි ස්කන්ධ අතර සම්බන්ධය පෙන්වීමට උත්සාහ කළෙමි. ධර්මරත්නයේ වටිනාකම පෙන්වීමට උත්සාහ කළෙමි. එය මෙසේ කියන්නෙමි.අතීත ස්කන්ධය හේතුකොට ලැබූ ඵලය වර්තමාන ස්කන්ධයයි. වර්තමාන ස්කන්ධය හේතුකොට ලබන ඵලය. අනාගතස්කන්ධයයි.එසේ නම් ධර්මයට අනුව නොනිවුණු සංහිඳියාවක් ඇතිවේද අනාගත ස්කන්ධය දැකිය හැකියි. නිවුණු සංහිඳියාවක් ඇතිකර ගනියිද අනාගත ස්කන්ධය දැකිය හැකියි.අතීත ස්කන්ධයේ සුව සැප වර්තමාන ස්කන්ධය නම්, සිතදමනය කළොත් අනාගත ස්කන්ධය කෙසේ දකියිද, සිත දමනය නොකළොත් අනාගත ස්කන්ධය කෙසේ දකියිද කියා ආධ්‍යාත්මීය සංහිඳියාව නම්වූ මෙම ග්‍රන්ථය කියවාම බලමු.
Rs 550.00
Chathurarya Sathya
රත්න පොත් ප්‍රකාශකයන් විසින් ගෙන එන චතුරාර්‍ය සත්‍යය නම් මෙම ධර්ම ග්‍රන්ථයෙහි චතුරාර්‍ය සත්‍යය පිළිබදව ඉතා වටිනා පැහැදිලි කිරීමක් සිදු කර ඇත.
Rs 80.00
Saththis Bodhi Pakshika Dharma
සසර දුක නැති කිරීමට ඇති ඒකායන මාර්ගය නම් නිවන් අවබෝධ කර ගැනීමයි. එය කළ හැක්කේ ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමෙනි. මේ ලෝකෝත්තර මාර්ග ඥානය බෝධි යනුවෙන් හඳුන්වනු ලැබේ. එම ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමට උපකාර වන ධර්ම "බෝධි පාක්‍ෂික ධර්ම” යනුවෙන් හඳුන්වන අතර මෙම ග්‍රන්ථය තුළ බෝධි පාක්ෂික ධර්මය පිළිබදව ඉතා පැහැදිලි හැදින්වීමක් සිදු කර ඇත.
Rs 100.00
Chiththa Niyama Dharma
මෙම කෘතිය මගින් ලෝකය හා සත්වයා කෙරෙහි බල පවත්වන උතු නියාමය, බීජ නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය, චිත්ත නියාමය යන නියාම ධර්ම පහක් පිළිබදව වෙන වෙනම පැහැදිලි විග්‍රහයක් මගින් කර්මය අනුව සත්ත්වයෙකුගේ උපත පිළිබදව ඉතා පැහැදිලි අර්ථ කතනයක් ඉදිරිපත් කර ඇති   කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 148.00
Abhidharmawabodhaya - 2
''අභිධර්මාවබෝධය - 2'' නම් වූ මෙම  ග්‍රන්ථය තුළින් සිත කර්මය හා කර්ම විපාක ප්‍රඥාව හෙවත් දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව බුදු දහම නැතහොත් බෞද්ධ දර්ශනය අවධාරණය කරන අතර.මෙම අභිධර්මාවබෝධය නම් ග්‍රන්ථය තුළ සිත, සිතේ ස්වභාවය, සිත තුළ හටගන්නා චෛතසික නැතහොත් සිතුවිලි අභිධර්මයේ විස්තර වන ආකාරයෙන්ම සංග්‍රහ කර ඇත.මෙම ග්‍රන්ථය බුදු දහම හදාරණ පාඨකයිනට පමණක් නොව විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳ ලැදියාවක් දක්වන බුද්ධිමත් සැදැහැවතුනටද ඉතාමත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Rs 300.00