Educational Books

Ganga Addara Kale
නවකතාකරුවෙකු කෙටිකතාකරුවෙකු පුවත්පත් කලාවේදියෙකු රූපවාහිනී සහ චිත්‍රපට තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා ගේ ''ගග අද්දර කැලේ'' නවකතාව රචනා කොට ඇත්තේ කුඩා ලමුන් සදහා වන අතර. මෙම කතාවෙහි ඉතා රසවත් කොටසක් පහ ශ්‍රේණියේ සිංහල කියවීම් පොතට ද ඇතුළත් වෙය
Rs 300.00
Business and the Buddha
When it comes to business, everyone wants to do well. But can we do good at the same time? Lloyd Field (and, indeed the Dalai Lama, who provides the foreword here) says, unequivocally, Yes. Field's Business and the Buddha lays out the guidelines for putting ideas about individual and corporate social responsibility into practice without sacrificing the bottom line.
Rs 5,000.00
Jayasumana Shasthriya Lipi Sangrahaya
ජයසුමන ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය නම් මෙම කෘතිය ඉතා වැඩි ශාස්ත්‍රීය වටිනාකමක් ඇති ශාස්ත්‍රීය ලිපි ගණනක එකතුවක් ලෙස හැදින්විය හැකිය
Rs 950.00
Shasana Ithihasaya
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය අපේ සිංහල බෞද්ධ දරුවන්ට පමණක් සීමා වූ විභාගයකි. එම නිසා මෙම විෂයයන් හැදෑරීමට අනුග්‍රහය ලබාදෙන විද්වතුන් ඉතා අඩු වී ඇත. විෂයයන් හතරකින් සමන්විත දහම් පාසල් අවසාන විභාගයේ. එක් විෂයක් වනුයේ ශාසන ඉතිහාසයයි.මෙම විෂයට ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් නොතිබූ බැවින් විභාග දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන 2003 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් යට දොලවත්තේ ජිනසිරි හිමියන් විසින් සැකසීම ඉතා අගනා සේවාවක් බව හදපිරි සතුටින් සිහිපත් කරමි.දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් සපයා දෙමින් අපේ දහම් පාසල් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ගේ ධර්ම ඥානය වැඩිදියුණු කිරීමට ගත් උත්සාහය පිළිබඳ මතුගම ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන් ලෙස අපගේ බලවත් සතුට හා ආශිර්වාදය යටදොලවත්තේ ජිනසිරි හිමියන්ට පළකර සිටිමි.
පංච මහා විහාරාධිපති, පරිවෙණාධිපති, ප්‍රධානාචාර්ය, සමස්ත ලංකා සාම විනිසුරු,  සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය උපරතන ඌරගහ සිරිධම්මාභිධාන කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වලල්ලාවිට කෝරළයේ අධිකරණ සංඝනායක ස්ථවිර සිරිනිවාස විද්‍යායතන පිරිවෙණ
Rs 300.00
Buddha Dharmaya Ha Pali Bhasha Parichaya
ආගමකින්, දර්ශනයකින් ලොවට ඉදිරිපත් කරන ඉගැන්වීම් මගින් සිදුවන්නේ මානව වර්ගයාගේ සංස්කෘතික හා සාරධර්ම තිබෙන පරිදි ආරක්ෂා වීම හෝ නව චින්තනයක් ගොඩනංවා සවිඥානව ලොව දෙස බැලීමට මංපෙත් විවර කිරීමකි. තථාගත ධර්මය එහිලා සුවිශේෂී වේ. අවින්තනිකව ජීවත්වන මානව වර්ගයා සචින්තනික කොට මානසික ජීවනයක් ලබාදී, අවදි කරවීමට බුදු දහමින් දෙන පණිවිඩය අත්‍යන්තරයෙන්ම සාරගර්භය. කුඩා දරුවාගේ පටන් දැනුම් තේරුම්කම් සපුරා ගත් වැඩිහිටියා දක්වාම චින්තනය අවදි කිරීමට බුදු දහමේ ඉගැන්වීම් ප්‍රබලය. දහම් අධ්‍යාපනය මගින් අපේක්ෂිත කාරණයද එයයි. වර්තමාන අධ්‍යාපන සංකල්ප වල ප්‍රමුඛාර්ථය වන්නේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය මගින් නවලොවක් නව අයුරකින් දකින දරුවෙකු බිහි කිරීමයි.
Rs 200.00
Buddha Charithaya
"දහම් පාසල් අවසාන සහතික පත්‍ර පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සංග්‍රහය " කාලීන අවශ්‍යතාවක් පිරිමැසීමක් ලෙස ඉතා වටිනා ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් වන අතර. අද වන විට දහම් පාසල් අවසාන විභාගය කෙරෙහි විශේෂ අවධානයක් සමාජය තුළ යොමු වී ඇතත් අවාසනාවකට එම විභාගය කුමක් සඳහා දැයි යන අර්ථකථනය සමාජගත වී නැත. ඒ නිසාම එම විභාගය කෙරෙහි දක්වන ආකල්පය ඇල්මැරී ගිය එකකි. එය කෙසේ වුව ද, මේ අවශ්‍යතාව තේරුම්ගත් බොහෝ පිරිසක් ද, අප සමාජයේ සිටිති. දහම් පාසල තුළින් ලබා ගන්නා වූ විෂය දැනුමට අතිරේක මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් විභාගය සඳහා විශේෂ සූදානම් වීමක් ශිෂ්‍යයන්ට ලබාගත හැකිය.
Rs 300.00
Manawa sannivedanaya
ජන සන්නිවේදනය මේ වන විට අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වලට ද ඇතුළත් වී ඇත. එම විද‍්‍යාර්ටීන්ට මෙන් ම සරසව් සිසුසිසුවියන්ට ද පොදුවේ මේ විෂය අරබයා උනන්දු වන පාඨකයන්ට ද වැදගත් වන අත්පොතක් ලෙස මානව සන්නි වේදනය කෘතිය හඳුන්වාදිය හැකිය.
Rs 250.00
Shasthreeya Lekanayaka Mulashra Dakvime Widikrama
ශාස්ත්‍රීය ලේඛන මූලධර්ම නමින් පළ කෙරෙන පොත් පෙළක පළමුවැන්න වන මෙය ශාස්ත්‍රීය ලේඛනයක මූලාශ්‍රය දැක්වීමේ විධික්‍රම නිදර්ශන සහිත ව පෙන්වා දෙයි. උසස් අධ්‍යාපනයේ යෙදී සිටින විද්‍යාර්ථීන්ට මෙන් ම ශාස්ත්‍රීය ග්‍රන්ථකරණයේ නියැළෙන්නන්ට ද මේ කෘතිය ප්‍රයෝජනවත් අත් පොතක් වනු ඇත.
Rs 150.00