Educational Books

The Buddhist Way Of Life (For Grade 9 Students)

Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 975.00

The Buddhist Way Of Life (For Grade 10 Students)

Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 875.00

The Buddhist Way Of Life - (For Grade 11 Students)

The Buddhist Way Of Life - (For Grade 11 Students) - Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 1,100.00
Out-of-Stock

Sinhala Hodiya Danagan Idura

Out-of-Stock
'සිංහල හෝඩිය දැනගන් ඉදුරා' මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා විසින් රචනා කරණ ලද  මෙම කෘතිය තුළින් සිංහල හෝඩියේ ඉතිහාසයත්. ඉතිහාසයේ දී හෝඩිය  භාවිතා කළ ආකාරයත් වර්ථමානයේදී සිංහල හෝඩිය නිවැරදිව භාවිතා කල යුතු ආකාරයත් පිළිබදව මනා ලෙස විග්‍රහ කල ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය
Out-of-Stock

Sampradayika Tharka Shasthraya Bharathiya

Out-of-Stock
කැනිෂියස් පලිහවඩන මහතා විසින් රචනා කරණ ලද සම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය නම් මෙම කෘථිය තර්ක ශාස්ත්‍රය විෂය පිළිබදව අධ්‍යනය කරණු ලබන උසස් පෙළ සිසුනට මෙන්ම සරසවි සිසුනටත් ගුරු භවතුන්ටත් විෂය සම්බන්ධ උනන්දුවෙන් පසුවන ඕනැම කෙනෙකුටත් අධයනය කිරීමෙන් තර්ක ශාස්ත්‍රය විෂය පිලිබද මනා දැනුමක් ලබා ගත හැකි ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. 
Out-of-Stock

Janashruthi Vidya Paryeshana Nyayika Ha Prayogika Bhawithaya

Out-of-Stock
'ජනශ්‍රැති විද්‍යා පර්යේෂණ න්‍යායික  හා ප්‍රයෝගික භාවිතය' මෙම කෘථිය ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක් වන සුනන්දා ප්‍රේමසිරි මහත්මිය විසින් රචනා කරණ ලද කෘථියකි. ජනශ්‍රැති පර්යෙක්ෂකයන්ට සිය පර්යේෂන අනාවරණය විග්‍රහාත්මකව සහ තුලනාත්මකව විමර්ශනය කිරීමේදි න්‍යායාත්මක දැනුම ප්‍රයෝජනයට ගත හැකි ආකාරය නිදර්ශනාත්මකව පැහැදිලි කිරීමට දරන ලද ප්‍රයත්නයක් වශයෙන් මෙම කෘතිය හදුන්වා දිය හැකිය.
එහිදී හුදු ලේඛන මත පදනම් වූ ඓතිහාසික ජනශ්‍රැති අධ්‍යන ප්‍රවේශය තුළ පමණක් හිර වී  නොසිට සමකාලීන අධ්‍යන ප්‍රවේශය ද උපයෝගී කොට ගනිමින් පර්යේෂණ සදහා යොමු වීමේ ඇති වැදගත්කම නිදර්ශනාත්මකව පෙන්වා දීම මෙම කෘතියෙහි මූලික අරමුණයි.

Bauddha Adyayana Lekhana Mala

'බෞද්ධ අධ්‍යයන ලේඛන මාලා (ප්‍රථම භාගය )' මෙම ග්‍රන්ථය ඕපාත සමිත හිමියන් විසින් සම්පාදිත ග්‍රන්ථයක් වන අතර දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන ග්‍රන්ථයකි . 
Rs 144.00
Out-of-Stock

WIDYODAYA HA WIDYALANKARA GURUKULA ATHARA PAWATHI SHRASHTHRIYA WAADA WIWAADA

Out-of-Stock
සිංහල ව්‍යාකරණ මතවාද පිළිබද ව අධ්‍යනය කිරීම වර්තමානයේ සිදු කෙරෙන්නේ ඉතා අල්ප වශයෙනි. එවැනි කාලයක එම්. කේ. සුසන්ත සේනාධිරලංකාර මහතා විසින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයයේ දර්ශනපති උපාධිය සදහා ඉදිරිපත් කරන ලද ''විදුදය විදුලකර ගුරුකුල ඇසුරින් ඒවා අතර පැවති ශාස්ත්‍රීය වාද විවාද පිළිබද අධ්‍යනයක්'' යන මාතෘකාව යටතේ කරන ලද පර්යේෂණය ඉතා වැදගත් බව සදහන් කළ යුතුය. එම පර්යේෂණය ඇසුරින් සම්පාදනය කරන ලද ''විද්‍යාදය හා විද්‍යාලංකාර ගුරුකුල අතර පැවති ශාස්ත්‍රීය වාද විවාද'' නමැති මෙම ග්‍රන්ථය ''ගුරුකුල ප්‍රභවයට මූලික වූ අෂ්ටායතන '' ගුරුකුලවලින් ප්‍රභාවිත පිරිවෙන්වල ප්‍රභවය සහ විකාසනය'' ''විද්‍යාදය, විද්‍යාලංකාර ගුරුකුල මතවාද හා තදන්‍ය වාද විවාද'', ගුරුකුලාගත අක්ෂර වින්‍යාස මතවාද'' යනුවෙන් පරිච්ජේද හතරකින් යුක්ත වෙයි.

Sarasavi shastriya sangrahaya (dewana kandayama)

විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂක විද්‍යාර්ථීන්ගේ දැනුම වඩාත් සංවර්ධනය කර ගැනීමට ඉවහල් වන පරිදි විෂය කිහිපයක් පාදක කරගෙන මෙම ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය ගොනුකර ඇත.
සිංහල සාහිත්‍යය, සංස්කෘත සාහිත්‍යය, පාලි සාහිත්‍යය, ඉතිහාසය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, සීගිරි පද්‍ය, ගිරා සන්දේශය, බුද්ධ චරිතය, ප්‍රාකෘත භාෂා, අශෝක අධිරාජයාගේ සුවිශේෂත්වය, බෞද්ධ සංස්කෘත සාහිත්‍ය, ප්‍රාකෘත භාෂාවන්ගේ පූර්ව ක්‍රියාපදය, සංස්කෘත රත්නාවලී නාට්‍යය, සංස්කෘත උපනිෂද් කාව්‍යය සහ වීර කාව්‍යය මේ ආදී ඒ ඒ විෂයන් වලට ප්‍රමාණික විෂය අවබෝධයක් පහසුවෙන් ලබාගැනීමට හැකිවන පරිදි මෙම ලිපි සංග්‍රහය සම්පාදනය කර ඇති අතර. මෙම ලිපි පෙළ මගින් උසස් විභාග සදහා පෙනී සිටින විද්‍යාර්ථයින්ගේ විෂය දැනුම් සම්භාරය වැඩිදියුණු කර ගැනීමට හැකිය.
Rs 500.00

Ganga Addara Kale

නවකතාකරුවෙකු කෙටිකතාකරුවෙකු පුවත්පත් කලාවේදියෙකු රූපවාහිනී සහ චිත්‍රපට තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා ගේ ''ගග අද්දර කැලේ'' නවකතාව රචනා කොට ඇත්තේ කුඩා ලමුන් සදහා වන අතර. මෙම කතාවෙහි ඉතා රසවත් කොටසක් පහ ශ්‍රේණියේ සිංහල කියවීම් පොතට ද ඇතුළත් වෙය
Rs 300.00

Business and the Buddha

When it comes to business, everyone wants to do well. But can we do good at the same time? Lloyd Field (and, indeed the Dalai Lama, who provides the foreword here) says, unequivocally, Yes. Field's Business and the Buddha lays out the guidelines for putting ideas about individual and corporate social responsibility into practice without sacrificing the bottom line.
Rs 5,000.00

Jayasumana Shasthriya Lipi Sangrahaya

ජයසුමන ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය නම් මෙම කෘතිය ඉතා වැඩි ශාස්ත්‍රීය වටිනාකමක් ඇති ශාස්ත්‍රීය ලිපි ගණනක එකතුවක් ලෙස හැදින්විය හැකිය
Rs 950.00
Out-of-Stock

Shasana Ithihasaya

Out-of-Stock
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය අපේ සිංහල බෞද්ධ දරුවන්ට පමණක් සීමා වූ විභාගයකි. එම නිසා මෙම විෂයයන් හැදෑරීමට අනුග්‍රහය ලබාදෙන විද්වතුන් ඉතා අඩු වී ඇත. විෂයයන් හතරකින් සමන්විත දහම් පාසල් අවසාන විභාගයේ. එක් විෂයක් වනුයේ ශාසන ඉතිහාසයයි.මෙම විෂයට ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් නොතිබූ බැවින් විභාග දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන 2003 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් යට දොලවත්තේ ජිනසිරි හිමියන් විසින් සැකසීම ඉතා අගනා සේවාවක් බව හදපිරි සතුටින් සිහිපත් කරමි.දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් සපයා දෙමින් අපේ දහම් පාසල් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ගේ ධර්ම ඥානය වැඩිදියුණු කිරීමට ගත් උත්සාහය පිළිබඳ මතුගම ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන් ලෙස අපගේ බලවත් සතුට හා ආශිර්වාදය යටදොලවත්තේ ජිනසිරි හිමියන්ට පළකර සිටිමි.
පංච මහා විහාරාධිපති, පරිවෙණාධිපති, ප්‍රධානාචාර්ය, සමස්ත ලංකා සාම විනිසුරු,  සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය උපරතන ඌරගහ සිරිධම්මාභිධාන කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වලල්ලාවිට කෝරළයේ අධිකරණ සංඝනායක ස්ථවිර සිරිනිවාස විද්‍යායතන පිරිවෙණ
Out-of-Stock

Buddha Dharmaya Ha Pali Bhasha Parichaya

Out-of-Stock
ආගමකින්, දර්ශනයකින් ලොවට ඉදිරිපත් කරන ඉගැන්වීම් මගින් සිදුවන්නේ මානව වර්ගයාගේ සංස්කෘතික හා සාරධර්ම තිබෙන පරිදි ආරක්ෂා වීම හෝ නව චින්තනයක් ගොඩනංවා සවිඥානව ලොව දෙස බැලීමට මංපෙත් විවර කිරීමකි. තථාගත ධර්මය එහිලා සුවිශේෂී වේ. අවින්තනිකව ජීවත්වන මානව වර්ගයා සචින්තනික කොට මානසික ජීවනයක් ලබාදී, අවදි කරවීමට බුදු දහමින් දෙන පණිවිඩය අත්‍යන්තරයෙන්ම සාරගර්භය. කුඩා දරුවාගේ පටන් දැනුම් තේරුම්කම් සපුරා ගත් වැඩිහිටියා දක්වාම චින්තනය අවදි කිරීමට බුදු දහමේ ඉගැන්වීම් ප්‍රබලය. දහම් අධ්‍යාපනය මගින් අපේක්ෂිත කාරණයද එයයි. වර්තමාන අධ්‍යාපන සංකල්ප වල ප්‍රමුඛාර්ථය වන්නේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය මගින් නවලොවක් නව අයුරකින් දකින දරුවෙකු බිහි කිරීමයි.

Buddha Charithaya

"දහම් පාසල් අවසාන සහතික පත්‍ර පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සංග්‍රහය " කාලීන අවශ්‍යතාවක් පිරිමැසීමක් ලෙස ඉතා වටිනා ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් වන අතර. අද වන විට දහම් පාසල් අවසාන විභාගය කෙරෙහි විශේෂ අවධානයක් සමාජය තුළ යොමු වී ඇතත් අවාසනාවකට එම විභාගය කුමක් සඳහා දැයි යන අර්ථකථනය සමාජගත වී නැත. ඒ නිසාම එම විභාගය කෙරෙහි දක්වන ආකල්පය ඇල්මැරී ගිය එකකි. එය කෙසේ වුව ද, මේ අවශ්‍යතාව තේරුම්ගත් බොහෝ පිරිසක් ද, අප සමාජයේ සිටිති. දහම් පාසල තුළින් ලබා ගන්නා වූ විෂය දැනුමට අතිරේක මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් විභාගය සඳහා විශේෂ සූදානම් වීමක් ශිෂ්‍යයන්ට ලබාගත හැකිය.
Rs 300.00

Manawa sannivedanaya

ජන සන්නිවේදනය මේ වන විට අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වලට ද ඇතුළත් වී ඇත. එම විද‍්‍යාර්ටීන්ට මෙන් ම සරසව් සිසුසිසුවියන්ට ද පොදුවේ මේ විෂය අරබයා උනන්දු වන පාඨකයන්ට ද වැදගත් වන අත්පොතක් ලෙස මානව සන්නි වේදනය කෘතිය හඳුන්වාදිය හැකිය.
Rs 250.00

Shasthreeya Lekanayaka Mulashra Dakvime Widikrama

ශාස්ත්‍රීය ලේඛන මූලධර්ම නමින් පළ කෙරෙන පොත් පෙළක පළමුවැන්න වන මෙය ශාස්ත්‍රීය ලේඛනයක මූලාශ්‍රය දැක්වීමේ විධික්‍රම නිදර්ශන සහිත ව පෙන්වා දෙයි. උසස් අධ්‍යාපනයේ යෙදී සිටින විද්‍යාර්ථීන්ට මෙන් ම ශාස්ත්‍රීය ග්‍රන්ථකරණයේ නියැළෙන්නන්ට ද මේ කෘතිය ප්‍රයෝජනවත් අත් පොතක් වනු ඇත.
Rs 177.00

Asiyave Prabodhaya

'ආසියාවේ ප්‍රබෝධය' නම් මෙම කෘතිය මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලි හිමියන් විසින් රචිත අතර මෙම කෘතිය මගින් ප්‍රධාන වශයෙන් ආසියාතිකයන්ගේ දේශපාලන අවබෝධය කොතරම් දැයි විමර්ශනය කරණ අතරම එම දේශපාලන ප්‍රභවය මුලු ආසියාව පුරාම විහිදී ගිය ආකාරය පිළිබදවද විමර්ශනය කරණු ලැබේ.
Rs 300.00

Bauddha Dharmacharya Wibhagaya Sadaha Sva Adhyana Patamalava

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් බෞද්ධ දහම් පාසැල් වල විද්‍යාර්ථීන් සඳහා වාර්ෂිකව පවත්වනු ලබන බෞද්ධ ධර්මාචාර්ය විභාගයට නියමිත ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්, බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය, අභිධර්මය, බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය, බෞද්ධ සමාජ දර්ශනය යන විෂය නිර්දේශයන් ආවරණය වන පරිදි ප්‍රශ්නෝත්තර ස්වරූපයෙන් ගුරුපදේශ රහිතව ස්ව අධ්‍යයන පාඨමාලාවක් ලෙස කේ. ජී. දිසානායක මහතා විසින් පළකරන ලද මෙම ග්‍රන්ථය  පාසැල් වල විද්‍යාර්ථීන් හට මහගු පිටුවහලක් වනු ඇත. 
Rs 1,200.00

Buddha Dharmaya - 12 Shreniya Usas Pela

කෘතිය ඇසුරෙන්...
බුදු දහම පිළිබඳ ලියැවී ඇති පතපොත අති විශාල ය. ඒ කොතෙක් ලියා තිබුණත්, මහ මුහුදක් සේ ගැඹුරු වූ ධර්මය ගැන කෙනෙකුට ලියා කියා අවසන් කළ නොහැක. පූජ්‍ය පදලංගල අස්සජි හිමියන් අනාගත සම්බුදු සසුන බබළවන මහා වියතකු වනවාට නිසැක ය. උන් වහන්සේ විසින් මෙතෙක් ලියා ප්‍රකාශිතග්‍රන්ථ ගණනාවෙන් ඒ බව සනාථ වේ. අප රුහුණ විශ්ව විද්‍යාලයෙන් පන්ති සාමාර්ථ සහිතව ශාස්ත්‍රවේදී උපාධියත්, කැළණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලැබූ උන් වහන්සේ අ.පො.ස. උසස් පෙළ බුද්ධ ධර්මය නව විෂය නිර්දේශය ඉලක්ක කොට සම්පාදනය කළ මෙම ග්‍රන්ථය, ඒ සඳහා සාර්ථක වූ ප්‍රාමාණික වූ ග්‍රන්ථයක් බව සහතික කිරීමට නොපැකිළෙමි. එපමණක් නොව මෙම මා හැඟි ග්‍රන්ථය, දහම් දැනුම සොයන දහම් පිපාසයෙන් පෙළෙන ගවේෂකයන්ට ඉමහත් හස්තසාර ග්‍රන්ථයක් ලෙස ද හඳුන්වනු කැමැත්තෙමි.පාසල් විෂය ධාරාවට සීමා නොවී, උන්වහන්සේගේ හැකියාවන් දැහැමි ලෝ වැසියා වෙත දහම් ග්‍රන්ථකරණය කෙරෙහි ද යොමු වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
මහාචාර්ය විලේගොඩ අරියදේව ස්ථවිර
Rs 760.00