History of Sri Lanka

Jathiyen sagavee yana polonnaruwe bithusithuwam
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දෙවන රාජධානිය වන පොළොන්නරු රාජධානියෙහි කලා නිර්මාණ අතර බිතුසිතුවම් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මහියංගනය, දිඹුලාගල, පුල්ලිගොඩ, ගල් විහාරය, ලංකාතිලකය, තිවංක පිළිමගෙය හා දැදිගම කොටවෙහෙර ආදී බොහෝ ස්ථාන වල මෙම යුගයට අයත් සිතුවම් දැකගත හැකිවන අතර ඒවාට ම අනන්‍ය වූ කලාත්මක අංග භාවිත කර ඇති බවක් ද පෙනේ. විශේෂයෙන් ම දකුණු ඉන්දීය හින්දු බලපෑම මෙම යුගය තුළ සුලබව සිදු වූ නිසා සිතුවම් කලාවට ද එම ආභාෂය ලැබී ඇති බව පෙනේ.
'ජාතියෙන් සැඟවී යන පොළොන්නරු යුගයේ බිතු සිතුවමි' යන මැයෙන් රචිතමෙම ග්‍රන්ථය පූජ්‍ය පිටිහාරාවේ සුගතඥාන හිමියන් විසින් රචිත ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්වීය හැකිය.
Rs 800.00
Nawathama shilalipi gaveshanaya
සුගිය කාලය තුළ වගකිවයුතු කිසිවකුගේ ඇස නොගැටුනු මේ ග්‍රන්ථයෙහි එන වැඩි පමණක් ලිපි ගැමියන් මගින් අපට සොයා ගැනීමට හැකිවිය. පුන්‍යාඩි ලිපි හමුදා සෙබල මුළු විසින් රැකවරණය කරන ලද්දේය. මේ නිසා මේවා සොයා ගැනීමේ ගෞරවය ඔවුන් වෙත පිදිය යුතු වෙයි.මෙම ගෞරවය ලැබීමට පණ්ඩිතම්මන්‍යයට හිමි නැත. අපදු කළේ ඒවා පිටපත් කර අරුත් දක්වා පළමු වරට ලොවට දීමකි. මේ අතර අපේ ඇස මිස එවන් කිසිවෙකුගේ ද ඇස නොගැටුනු ලිපි ද වෙයි.ඒවා සොයාගන්නා ලද්දේ අපම විසිනි. දියතිත්ත වැව, මදයා කන්ද, බෙරවායාකන්ද ලිපි ඉන් ප්‍රධානය. මේ සියලු ලිපි ඉතිහාසයේ නව පිටුවක් පෙරලනු ඇත. මේ ලිපි සොයාගෙන මාධ්‍යවලට විස්තර දැක්වූයේ 2006 ජනවාරි මස දීය.
Rs 800.00
Sinhala Dewa Puranaya
කතෘගෙන්..
සිංහල ජනතාව අතර පුද පූජාවට ලක් වූ දෙවි දේවතාවුන් පිළිබඳ නාමාවලියක් සකස් කිරීමේ අරමුණින් මෙම අධ්‍යයනය ආරම්භ කරන ලදී. සාහිත්‍යගතව මෙන් ම මුඛ පරම්පරාගතව ද එන දෙවි දේවතා විත්ති අකාරාදි පිළිවෙළට මෙහි සංහිතා ගත කර ඇත. අපේ දෙවි දේවතාවුන් ගැන මෙ බඳු පුළුල් අධ්‍යයනයක් සිදුවන පළමු අවස්ථාව මෙය යි. මේ අධ්‍යයනය සර්ව සම්පූර්ණ යැයි නො කියමු. එහෙත් මෙහි ඇතුළත් අන්දමට අති විශාල දෙවි දේවතා සමූහයක් පිළිබඳ තොරතුරු එක්තැන් කිරීමට ලැබීම ශාස්ත්‍රීය වශයෙන් වටිනා කාර්යයකැයි සිතන්නෙමු.මෙම ග්‍රන්ථයේ ආමුඛයෙහි මූලාශ්‍ර පිළිබඳ හැඳින්වීමක් ඇත. එම මූලාශ්‍ර අංක අනුව දක්වා ග්‍රන්ථයේ පසුව එම අංකයෙන් මූලාශ්‍රය කවරේද යන්න සඳහන් කරනු ලැබේ. බේ. අනතුරුව පිටු අංකය ද දක්වා ඇත.ග්‍රන්ථයේ පළමු කොටසෙහි දී හැඳින්වීමක් වශයෙන් සිංහල දේව විශ්වාස පිළිබඳ ඓතිහාසික මෙන් ම සමාජ විද්‍යාත්මක විමර්ශනයක් ඉදිරිපත් කොට තිබේ. දෙවන කොටස දේව නාමාවලිය සඳහා ඇරුණේ ໖.මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් දෙවි දේවතාවුන්ට අමතරව වෙනත් කිසියම් දෙවි දේවතාවුන් පිළිබඳ තොරතුරු හෝ මෙහි ඇතුළත් තොරතුරු වලට නැතහොත් වෙනස් තොරතුරු හෝ කිසියම් පාඨකයෙකු සතුව ඇත් නම් එය දන්වන ලෙස කරුණා ධ්‍යාසයෙන් ඉල්ලා සිටිමු.
මෙම ග්‍රන්ථය සකස් කිරීමේ දී ඊට නොමසුව ආධාර කළ සුධීන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. මුලාශ්‍ර සටහනේ ඔවුන්ගේ නම් සඳහන් වේ. ඒ අතුරෙන් විශේෂයෙන් සඳහන් කළ යුත්තෙක් නම් බොහෝ තොරතුරු සපයා දී මෙහි නම් ද යෝජනා කළ පියසේන කහඳගමගේ මහතායි. ඒ මහතා ඇතුළු සුධීන්ට අපගේ හෘදයංගම ස්තුතිය පුද කරමු.ග්‍රන්ථය මුද්‍රණය කිරීමේ කටයුක්ත භාරගෙන එය මනාව ඉටු කළ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිහාල් අතුකෝරළ මහතා සහ ප්‍රකාශන අංශයේ නිලධාරි මහතුන් ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තුතිය හිමි වේ.අත්පිටපත සකස් කිරීමේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අර මුදලින් ලැබුණු අනුග්‍රහය කෘතවේදීව සිහිපත් කරමු.
Rs 1,250.00
Sri Lankawe Jana Jeevithaya Haa Bandunu Aagamika Puda Puja
ආගමික පුද පූජා දේශීය සංස්කෘතිය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බව පැහැදිලි කරුණකි. අනාදිමත් කාලයක සිට පවතින නොයෙකුත් ආකාරයේ අභිචාර හා පූජා පිළිබඳ ලෝක මට්ටමෙන් විවිධ බුද්ධිමතුන් කරන ලද අධ්‍යයතද සුළුපටු නොවේ. එහෙත් අපේ රටේ ඒ හා සාපේක්ෂව කර තිබෙන අධ්‍යයන සීමා සහිත යැයි සඳහන් කළ හොත් ඒ නිවැරදි වනු ඇත." ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා බැඳුණු ආගමික පුද පූජා " නමින් පූජ්‍ය මහව සංඝරතන හිමියන් විසින් ලියා ඇති මෙම කෘතිය මගින් ආගමක හැගීම පහළ වී ඇති අයුරු හා ආගමික පුද පූජාවල අවශ්‍යතාව ගැන පමණක් නොව පූජකයන් හා ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳවත් පළමු පරිච්ඡේද දෙක යටතේ මාහැගි කරුණු ගණනාවක් ඉදිරිපත් කර තිබේ. අපේ අනුරාධපුර, පොළොන්නරු යුගයේ ආගමික ඇදහිලි මෙන්ම ප්‍රාග් බෞද්ධ ඇදහිලි ගැන මෙන්ම ලංකාවේ පුද පූජා ලබන දෙවි දේවතාවුන් සම්බන්ධයෙන් ශාස්ත්‍රීය අගයකින් කරුණු එක් රැස් කිරීමක් මෙහි දක්නට ලැබේ.
Rs 450.00
NewOut-of-Stock
Lakdiwa Uthurukaraye Arya Sabyathwaya
Out-of-Stock
අතීතයේ ලක්දිව පුරා එක ම සංස්කෘතියක් අඛණ්ඩ ව පැවති බවට පිළිගත හැකි සාක්ෂ්‍ය බොහෝ ය. එහෙත් ඇතැම් දෙමළ ශාස්ත්‍රඥයෝ ද ඔවුන් අනුව යමින් කටයුතු කරන සමහර ශාස්ත්‍රඥයෝ ද දිවයිනේ උතුරු කරයේ වෙන ම රාජ්‍යයක් පැවතියේය යන්න සනාථ කිරීමට කලක පටන් උත්සාහ ගනිමින් සිටිති. දකුණු ඉන්දීය රාජ්‍යයන්ගේ ආක්‍රමණ වලට වරින් වර ලක් වුව ද ඔවුන් පලවා හැර තම රාජ්‍යයේ සහ සංස්කෘතියේ ස්වාධීනත්වය රැක ගැනීමට ශ්‍රී ලාංකේය රජවරු සමත් වූහ. දීර්ඝ කාලයක් තිස්සේ ඒ ආක්‍රමණිකයන් තාවකාලිකව හෝ දිවයින යටත් කර ගැනීම නිසාත් ආසන්න රාජ්‍ය සමග පැවති වෙළඳ, ආරක්ෂක සහ සංස්කෘතික සබඳතා නිසාත් භාරතීය සංස්කෘතික ආභාසය නිරන්තරයෙන් මෙරටට ලැබිණි. එහෙත් ඒ ආක්‍රමණ සහ සංස්කෘතික ආභාස වලින් උතුරු කරයේ ආර්ය සංස්කෘතික ලක්ෂණ මුළුමනින් ම යටපත් නොවුණේය.දිවයින තුළ බොහෝ කලකට පෙර සිට ස්වාධීන දෙමළ රාජ්‍යක් පැවති බව සනාථ කිරීමට ප්‍රයත්න දරන අධ්‍යයන රාශියක් මේ වන විට සිදු කෙරී ඇත. තම වර්තමාන දේශපාලන අභිලාෂ මත පිහිටා කෙරුණු බව පෙනෙන මෙම අධ්‍යයන තුළ දෙස් විදෙස් සාහිත්‍යය මූලාශ්‍රය. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය මෙන්ම ගවේෂණ වලින් හමු වූ පුරාවස්තු පක්ෂග්‍රාහී අර්ථකථන වලට බඳුන් කර තිබේ. ඒවා කියවනු ලබන පාඨකයන් මේ පිළිබඳව උන්දුවක් දක්වන දෙස් විදෙස් පර්යේෂකයන් ද මෙම කෘති මඟින් නොමඟ ගොස් තිබේ.
New
Sinhalaye Arakshaka Balakotuwa Aithihasika Rohanaya
පැරණි රුහුණු රාජ්‍යය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ දකුණ හා අග්නි දිග ප්‍රදේශය දේශීය සමාජ සංස්කෘතික ඉතිහාසයේ වැදගත් ක්‍රියාවලියකට සම්බන්ධව තිබුණි. විශේෂයෙන්ම දේශපාලන බලය වර්ධනය වීමේ ඉතිහාසය සම්බන්ධයෙන් ඒ ප්‍රදේශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවිධානාත්මක යුධ ව්‍යාපාරය සංවිධානය වීම ආරම්භ වන්නේ රුහුණු ප්‍රදේශයෙනි. ඒ දුටුගැමුණු රජුගේ නායකත්වයෙනි. එතැන් පටන් සංග්‍රාමික ව්‍යාපාර සම්බන්ධයෙන් රුහුණු ප්‍රදේශය වැදගත් වන ආකාරය පළමු වන විජයබාහු රජු චෝළ ජාතිකයන්ට එරෙහි සංග්‍රාමය සංවිධානය කරන ආකාරය මගින් පැහැදිලි විය. ඓතිහාසික මූලාශ්‍රය ඔස්සේ නොයෙක් අවස්ථා වලදී විස්තර කරන එවැනි සාහිත්‍යමය විස්තර කිරීමි සනාථ කරන ආනුභාවික සාක්‍ෂි පුරාවිද්‍යාත්මක භාවිතයෙන් තහවුරු කර තිබේ. එබැවින් රුහුණ ඓතිහාසික සංග්‍රාමික භූමි දර්ශනය අධ්‍යයනය කිරීම වැදගත් විශ්ලේෂණ ඒකකයක් බවට පත් කරයි.
Rs 1,250.00
New
Sri Lankawe Purana Dhaja Pathaka
ශ්‍රි ලංකාවේ පුරාණ කොඩි, ධජ, පතාක, ඉතිහාසය කා හටත් ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය ප්‍රවීණ ලේඛක ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ සාර්ථක පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස හැදින්විය හැකි අතර
ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ ඝණයේ කොඩි රැසක් මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත. පිටු දහස් ගණනක නිබන්ධනයක ඇතුළත් කළ හැකි දේවල් රැසක් මෙම කුඩා ග්‍රන්ථයෙන් ඉදිරිපත් කිරීම තුළින් ග්‍රන්ථය පරිශීලනය කරණු ලබන පාඨකයා හට පුරාණ ධජ පිළිබදව ඉතා පුළුල් දැනුම මට්ටමක් වර්ධනය කර ගත හැකිය.
Rs 390.00
New
Senkadagala Yugaye Wew Jalasha Ha Wari Karmanthaya
“ සෙංකඩගල යුගයේ වැව් ජලාශ හා වාරි කර්මාන්ත " උප ග්‍රන්ථ දෙකක් සහිත ශාස්ත්‍රීය ගවේෂණයකි. සෙංකඩගල යුගයේ ඉදි කළ වැව් ජලාශ හා වාරි කර්මාන්ත ගැන මූලාශ සිය ගණනක් දිගු කලක් ගෙන පරීක්ෂා කොට සකස් කළ නිබන්ධනයක් වන අතරමෙහි උප ග්‍රන්ථ ලෙස තවත් මේ යුගයට අයත් අංග හතක් එකතු කර ඇත.
Rs 390.00
New
Ribeiro Dutu Lankawa
'Ribeiro History Of Ceilao' නම් වූ මෙම ග්‍රන්ථය පෘතුගීසි භාෂාවෙන් මුලින්ම ලියැවුණේ දාසය වන ශතවර්ෂයේ දී  වන අතර එය ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණේ විද්වත් පී.ඊ. පීරිස් දැරණියගල මහතා විසිනි. මෙම ග්‍රන්ථය ඉතා දුර්ලභ ග්‍රන්ථයක්ව පැවති සමයක රත්නපුර, නීතීඥ වෝල්ටර් සිල්වා මහතාගේ පෞද්ගලික පුස්තකාලයේ ඉතා ආරක්ෂිතව පැවති හෙයින් වර්ථමාන පාඨකයා හට රස විදීම සදහා එම අවස්ථාව උදා වන අතර මෙම ග්‍රන්ථය තුළ මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලනය පිළිබද කරුණු බොහෝමයක් ගම්‍ය වේ.
Rs 1,980.00
Rawana Shishtacharaya
දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියා පල කළ 52 වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථය " රාවණ ශිෂ්ටාචාරය " යි. ඇමෙරිකා මහද්වීපයේ සහ යුරෝපයේ, ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ යක්ෂ ගෝත්‍රිකයන් - හෙළයන් -අද දක්වා උසස් සමාජ තලයේ ජිවත් වන බැව් ඉතා පැහැදිලි ලෙස මෙම ග්‍රන්ථයේ සඳහන් වේ
Rs 450.00
Out-of-Stock
Ravanavatha
Out-of-Stock
රාවණවත - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් හමුවී සාකච්ඡා කරන ලද තොරතුරු පදනම් කර ගනිමින් නන්දන තෙන්නකෝන් මහතා විසින් මව්බිම ඉරිදා සංග්‍රහයට ලියන ලද ලිපි පෙල මෙලෙස රාවණාවත ලෙසින් පාඨක ඔබට පරිශිලනය සඳහා ග්‍රන්ථයක් ලෙසින් ලබා දී ඇත.   
Hela Isiwara Maha Rawana
හෙළ ඉසිවර මහ රාවණ - ලක් ඉතිහාසයෙන් වසන් කළ වීරවරයාගේ පුනරාගමනය නොහොත් "හෙළ ඉසිවර මහ රාවණ" කෘතිය මුළු ජාතියේ ම පියවී තිබුණු දෑස් අරවන්නට සමත් වනු නොඅනුමානය. සරළ වහරින් කථා ස්වරූපයෙන් ලියා ඇති මෙය සත්‍යය සොයන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක ලෙස රසවිදිය හැකි අනර්ඝ කෘතියකි.
Rs 160.00
Yaksha Gothrikayo
යක්ෂ ගෝත්‍රිකයෝ - ආචර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් ලංකාදීප පත්‍රයට වරින් වර සපයන ලද යක්ෂ ගෝත්‍රිකයෝ නමින් පළ වූ අන්තර්ගත ලිපි පෙළ මෙලසින් යක්ෂ ගෝත්‍රිකයෝ යන මැයෙන් ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කොට ඇත. රූප සටහන් සහිතව නිරවුල් ව, පැහැදිලි ව කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය ප්‍රශංසනීය ය.
Rs 350.00