Out-of-Stock Sinhala Sahithya Grantha Wanshaya Out-of-Stock ආචාර්ය ප්‍රේමදාස ශ්‍රි අලවත්තගේ මහතා සිංහල සාහිත්‍යයට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රයන්ට අයත් ග්‍රන්ථ රාශියක් රචනා කළ සාහිත්‍ය සම්මානලාභී කෘතහස්ථ ලේඛකයෙකි. Rs 950.00 Details View details
Basha Samiksha විවිධ ශාස්ත්‍රීය වාර සගරාවල හා අභිනන්දන ග්‍රන්ථ වලට මවිබසින් ඉදිරිපත් කරන ලද ලිපි අතුරින් ලිපි 28ක් පමණ 'භාෂා සමීක්ෂා' නම් වූ මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇති අතර මෙම ග්‍රන්ථය මහාචාර්‍ය්ය ඩබ්.එස්. කරුණාතිලක මහතා විසින් සකස් කොට මව්බසින් ඉදිරිපත් කරණු ලබන භාෂා කිහිපයක් අන්තර් ගත ලිපි කිහිපයක එකතුවක් ලෙස හැදීන්විය හැකිය. Rs 475.00 Add to cart Buy
Out-of-Stock Sinhala Hodiya Danagan Idura Out-of-Stock 'සිංහල හෝඩිය දැනගන් ඉදුරා' මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා විසින් රචනා කරණ ලද මෙම කෘතිය තුළින් සිංහල හෝඩියේ ඉතිහාසයත්. ඉතිහාසයේ දී හෝඩිය භාවිතා කළ ආකාරයත් වර්ථමානයේදී සිංහල හෝඩිය නිවැරදිව භාවිතා කල යුතු ආකාරයත් පිළිබදව මනා ලෙස විග්‍රහ කල ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය Rs 350.00 Details View details
Liyana kalawa saha Rachana widi krma ලියනගේ අමරකීර්ති මහතා විසින් රචනා කරන ලද 'ලියන කලාව සහ රචනා විධි ක්‍රම' මෙම පොත අධ්‍යයනය කිරීම තුලින් හුදෙක් නිරවද්‍ය වාකය රචනයට පමනක් සීමා වී පැවති ශාස්ත්‍රීය ලේඛනය පිලිබද කතිකාව විවිධ කෝණ ගණනාවකින් දැකිය හැකි අතර ඒ අතර ප්‍රවාදත්මක දැනුම ගවේශනය, විචාරාත්මක චින්තනය, ලේඛනය හා සම්බන්ධ විවිධ ආචාරධර්ම ආදිය පිලිබදව මනා දැනුමක් ලබා ගත හැකිය. Rs 980.00 Add to cart Buy
Nomiyena Mathaka නූතන සිංහල කවීන් අතර අරිසෙන් අහුබුදු ශූරීන් සුවිශේෂ වන බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම ග්‍රන්ථය අරිසෙන් අහුබුදු ශූරීන් විසින් සමාජයට ඵලදායි සේවයක් කල යම් පිරිසකගේ ගුන කවියෙන් වැයීමට යොදා ගෙන ඇති අතර ඉතා භාවමය හා රසවත් අර්ථාන්විත වූ කවි පෙළක් මෙම ග්‍රන්ථයේ අන්තර් ගත වේ. Rs 570.00 Add to cart Buy
Sigiri Gee Nirmana සීගිරි කැටපත් පවුර, සීගිරිය ඇතුළත සීගිරියකි. පැරණි සිංහල නගර නිර්මාණය හා කලාශිල්ප පිළිබද අවබෝධයක් ලබා ගැනීමට සීගිරි නටබුන් හා චිත්‍ර යම් ප්‍රමාණයකට වැදගත්ද පැරණි සිංහල භාෂාව හා සාහිත්‍යය අධ්‍යයනයෙහි ලා කැටපත් පවුරේ එන කුරුටු ගීද ඒ තරමටම වැදගත්ය. මේ ගී බලවත් පරීශ්‍රමයකින් කියවා අර්ථකථනයන්ද සහිතව ප්‍රකාශයට පත් කිරීමෙන්, අභාවප්‍රාප්ත මහචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් කර ඇත්තේ අනල්ප වූ ශාස්ත්‍රීය සේවයකි. Rs 2,000.00 Add to cart Buy
Pirithehi Parinamaya ආචාර්ය ගැමුණු සිරි ගමගේ මහතා විසින් රචනා කරන ලද 'පිරිතෙහි පරිණාමය' නැමැති මෙම කෘතිය චතුභාණවාරපාලිය හා ඒ සමග බැදුණු පිරිත් සජ්ඣායනා ක්‍රමය පිළිබද කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයකි. Rs 480.00 Add to cart Buy
Naluwala ananda nahimi රොඩ්නි විදානපතිරණ මහතා විසින් රචිත 'නළුවෙල ආනන්ද නාහිමි' නමැති මෙම චරිතා ප්‍රධාන කෘථිය මගින් නළුවෙල ආනන්ද නාහිමියන් වහන්සේ විසින් ඉන්දියාවේ විශේෂයෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අප මහා තතාගතයන් වහන්සේ වන අමා මෑනී බුදු පියාණන් වහන්සේ දේශනා කරණ ලද ඒ සුමදුරු දහම ප්‍රචාරනය කළ අයුරුත් එම ධර්මප්‍රචාරණයේ දී ආනන්ද මාහිමියන් විසින් කළ කැපකිරීමත් එසේම උන්වහන්සේ විසින් ශ්‍රී ලංකාකිය දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට කල කැපකිරීමත් පාඨකයා හට බුද්ධලම්බන ප්‍රීතියෙන් යුතුව රස විදීමට රචකයා විසින් ඉඩ ප්‍රස්තාව වෙන් කර දී ඇත Rs 750.00 Add to cart Buy
Out-of-Stock Viritha Ha Arutha Out-of-Stock භාෂා ශාස්ත්‍රීයට විශිෂ්ට සම්ප්‍රද්‍රනයක් සිදු කර ඇති අද්විතීය ප්‍රාඥයකු වන මහාචාර්ය විමල් දිසානායක විද්වතාත් ශාස්ත්‍රාධ්‍යනයෙහි නියුත්ත ගවේෂකයකු වන ශ්‍රීනාත් ගණේවත්ත විද්වතාත් සම්ප්‍රදාය දෙකකින් බිහි වූ දෙදෙනෙකු වුවත් මේ දෙදෙනා ගේ බුද්ධිමය හමුවෙහි සාර්ථක ප්‍රතිඵලයක් ලෙස 'විරිත හා අරුත ' මෙම තුලනාත්මක ග්‍රන්ථය හැදින්විය හැකිය.මෙම ග්‍රන්ථය කාව්‍ය නිර්මාණ පිලිබද උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයෙකු හට පරිශිලනය කල හැකි ඉතා වටිනා ග්‍රන්ථයකි. Rs 350.00 Details View details
Samaja Widyathmaka Danuma Nayaya Saha Wayawaharaya සමාජ විද්‍යාව බිහිවිම පරිනාමය හා සිද්ධාන්ත පිලිබද බොහෝ කරුනු මෙහි අඩංගු වන අතර විවිද සමාජ ගැටලු සම්බන්දයෙන් කෘතය්වාදී, සංඝට්ටනවාදී, අන්තර් ක්‍රියාවාදි සහ ස්ත්‍රිවාදී වශයෙන් සමාජ විද්‍යාත්මක පර්යාලොකයන් යොමු වන ආකාරය සවිස්තරාත්මකව දැක්වේ. Rs 2,240.00 Add to cart Buy
Guru Boomikava ගුරුවරයා යන්නෙන් සිසුන්ගේ අධ්‍යාපනය පිලිබද වගකීම භාරව පාසල්වල සිටින සියලුම දෙනා අදහස් කරයි. අතීතයේදී දැනුම ලබාදෙන තැනැත්තා අදහස් කළ අතර වර්තමානයේ ''මග පෙන්වන තැනැත්තා'' බවට අර්ථකතන වෙනස් වී තිබේ. මෙය ''ඉගනීමට ඉගැන්වීමට දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනයට අවස්ථාව උදා කරදීම වැනි නව අර්ථකථනවලින් ගුරුවරයාගෙ කාර්යභාර්යේ භාරදූර බව විග්‍රහ වේ. මෙම කෘථිය අධ්‍යනය කිරීම තුළින් නිවැරදි ගුරු භූමිකාවක් කළ යුතු ආකාරය පිළිබද මනා දැනුමක් ලබා ගත හැකිය. Rs 290.00 Add to cart Buy
Ithihasaya Saha Danuma Pilibada rasalge mathaya බුද්ධිමය ජන සමාජයේ පුරවැසියෙකු වීම සදහා මිනිසෙකු විසින් අවශයෙන්ම අධ්‍යනය කළ යුතු සියලු විෂයන් අතර ඉතිහාසය තරම් වැදගත් වෙනත් විෂයක් නොමැති තරම්ය. පරිවර්ථකයා විසින් මෙම කෘතිය සදහා 'රසල්ගෙ' 'ද ඉන්ඩිපෙන්ඩෙඩ් රිවීව්' නැමැති සගරාවේ ඉතිහාසය නැමැති කෘතියෙ සිංහල පරිවර්ථනය උපයෝගී කර ගෙන ඇති අතර මෙම කෘතිය කේ.ඒ.එන්. පෙරේරා මහතා විසින් සිංහලට පරිවර්ථනය කරන ලද කෘථියක් වන අතර මෙම කෘතිය රස විදින පාඨකයා හට ඉතිහාසය තුලින් යහපත් දේ උකහා ගෙන ඉන් වර්තමානය නිර්මාණය කර ගැනීම සදහා මනා පිටුවහලක් වේ. Rs 380.00 Add to cart Buy
Budu Himi Wada Siti Deshaya Sri lankawa wiya hakida 'බුදු හිමි වැඩසිටි දේශය ශ්‍රී ලංකාව විය හැකිද' මෙම කෘතිය ආර්ය කීර්ති කුමාරසේන මහතා විසින් රචිත කෘතියක් වන අතර නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් කරණ ලද කෘථියකි. Rs 675.00 Add to cart Buy
Dhanavath Wimata Bauddha Upadeshanaya තෙරුන්නාන්සේගම කෝසල හිමියන් විසින් රචිත 'ධනවත් විමට බෞද්ධ උපදේශනය' නම් මෙම කෘතිය දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් පාඨක ඔබ අතට පත් වීමට කටයුතු කර ඇත. Rs 520.00 Add to cart Buy
Pirimi Saha Gahanu Metharam Wenas Ayi ආරියරත්න චන්ද්‍රවංශ මහතා විසින් පරිවර්තනය කරන ලද 'පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි' යන මෙම කෘථිය 'බබාර සහ ඇලන් පීස්' යන දෙදෙනාගේ 'වයි මෙන් ඩොන්'ට් ලිස්ටන් ඇන්ඩ් වොමෙන් කාන්ට් රීඩ් මැප්'යන කෘතියේ සිංහල පරිවර්තනය වන අතර. මෙම කෘතිය මගින් ඔබට විරුද්ධ ලිංගිකයන් හා බැදිම ඇතිකර ගැනීමට හා පවත්වා ගැනීමට පමණක් නොව එය ඔබ ගැනම අවබෝධ කර ගැනීමටත් උදව් වෙයි. එමගින් ඔබ දෙදෙනාටම වඩාත් ප්‍රීතිදායක සුවදායක හා සැනසිලිදායක ජිවිතයක් ගත කිරීමටත් සහාය වේ. Rs 1,100.00 Add to cart Buy
Out-of-Stock Hudakalawe siyawasarak Out-of-Stock හුදකලාවේ සියවසරක් නැමැති මෙම කෘතිය මුල් රචනය 'ගබ්‍රියෙල් ගාර්සියාමර්කෙස්' විසින් කල අතර සාගර විජේසේන පරිවර්තකයා විසින් සිංහලට පරිවර්තනය කරණ ලදි.මෙම කෘථිය භාෂා 46කට නැගී ඇති අතර පිටපත් මිලියන 50කට අදික ප්‍රමාණයක් අළවි වී ඇත. Rs 1,500.00 Details View details
Out-of-Stock Sathuta Out-of-Stock මෙම කෘතිය බර්ට්‍රන්ඩ් රසල් නම් දාර්ශනිකයා විසින් රචිත අතර කේ.ඒ. එන්.පෙරේරා මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද කෘතියකි. මෙම කෘතිය අධ්‍යයනය කිරීම තුලින් ඔබට ජිවිතයේ සතුටින් ගත කිරීම සදහා අනුගමනය කල හැකි අත්දැකීම් හා නිරීක්ශන මත පදනම්ව ඒ මගින් තහවුරු කර ගන්නා ලද ක්‍රම වේදයන් අන්තර්ගත කරමින් රචනා කර ඇති අතර. එසේම සතුට පිළිබද සරල විග්‍රහයක් මගින් ජිවිතයේ සතුට රැදි තිබෙන ආකාර පිළිබද මනා අවබෝධයක් සහිතව ජිවිතය සතුටින් ගත කිරීම සදහා මෙම කෘථිය රස විදීන පඨකයා හට අවස්ථාව හිමි වේ. Rs 1,290.00 Details View details
Jathivadaya JAthivathsalyavadaya ha budu dhama 'ජාතිවාදය ජාතිවාත්සල්‍යවාදය හා බුදුදහම' මෙම කෘතිය දැනට රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් වන ඩී.ජී.අප්සරා කුමුදු කුමාරි මහත්මිය විසින් රචනා කර ඇති අතර මෙම කෘතියෙහි ඇති විශේෂත්වය නම් ජාතිවාදය ජාතිවාත්සල්‍යවාදය හා බුදුදහම පිළිබදව සුවිශේෂ පැතිකඩක් ශාස්ත්‍රීය පදනමක පිහිටා ඉදිරිපත් කිරීමයි. Rs 531.00 Add to cart Buy
Out-of-Stock Samaja WagVidyawa Saha Sri Lankawe upa bhasha Out-of-Stock 'සමාජ වාග්විද්‍යාව සහ ශ්‍රී ලංකාවේ උපභාෂා' මෙම කෘථිය ආචාර්ය ඩබ්ලිවි.ඕ.තිලකරත්න මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘථිය අධ්‍යනය තුළින් වාග් විද්‍යාව සහ සමාජ විද්‍යාව යනු කුමක්ද යන්නත්. ලංකාවේ ප්‍රධාන භාෂාව මවි භාෂාවෙන් පසුව විවිධ ප්‍රදේශ වලට ආවේනිකව පවතින ප්‍රාදේශීය ව්‍යවහාර භාෂා පිළිබදවත් කමත්,කැලෑ,හේන්,පතල්,ධීවර ආදී විවිධ වෘත්තීන් හි භාවිතා කරණ භාෂා පිළිබදවත් දැනුම වර්ධනය කර ගැනීම සදහා ඉතා වටිනා කෘථියක් ලෙස හැදින්විය හැකිය. Rs 1,500.00 Details View details
Out-of-Stock Baudda Kalawe Deshapalanaya Out-of-Stock සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ මහාචාර්යවරයෙකු වන වජිර ජයතිලක මහතා විසින් රචනා කරණ ලද බෞද්ධ කලාවේ දේශපාලනය නැමැති මෙම ග්‍රන්ථය තුළ යටත් විජිත සමයේ ශ්‍රි ලංකාව තුළ පැවති බෞද්ධ කලාවේ සුවිශේෂි සංසිද්ධියක් ලෙස සැලකිය හැකි පහතරට විහාරස්ථාන වල දක්නට ලැබෙන බ්‍රිතානය රාජ්‍ය ලාන්ඡන සහ රාජකීයන්ගෙ ප්‍රතිරූප පාදක වී ඈත. Rs 1,940.00 Details View details
Out-of-Stock Sampradayika Tharka Shasthraya Bharathiya Out-of-Stock කැනිෂියස් පලිහවඩන මහතා විසින් රචනා කරණ ලද සම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය නම් මෙම කෘථිය තර්ක ශාස්ත්‍රය විෂය පිළිබදව අධ්‍යනය කරණු ලබන උසස් පෙළ සිසුනට මෙන්ම සරසවි සිසුනටත් ගුරු භවතුන්ටත් විෂය සම්බන්ධ උනන්දුවෙන් පසුවන ඕනැම කෙනෙකුටත් අධයනය කිරීමෙන් තර්ක ශාස්ත්‍රය විෂය පිලිබද මනා දැනුමක් ලබා ගත හැකි ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. Rs 410.00 Details View details
Janashruthi Vidya Paryeshana Nyayika Ha Prayogika Bhawithaya 'ජනශ්‍රැති විද්‍යා පර්යේෂණ න්‍යායික හා ප්‍රයෝගික භාවිතය' මෙම කෘථිය ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක් වන සුනන්දා ප්‍රේමසිරි මහත්මිය විසින් රචනා කරණ ලද කෘථියකි. ජනශ්‍රැති පර්යෙක්ෂකයන්ට සිය පර්යේෂන අනාවරණය විග්‍රහාත්මකව සහ තුලනාත්මකව විමර්ශනය කිරීමේදි න්‍යායාත්මක දැනුම ප්‍රයෝජනයට ගත හැකි ආකාරය නිදර්ශනාත්මකව පැහැදිලි කිරීමට දරන ලද ප්‍රයත්නයක් වශයෙන් මෙම කෘතිය හදුන්වා දිය හැකිය. එහිදී හුදු ලේඛන මත පදනම් වූ ඓතිහාසික ජනශ්‍රැති අධ්‍යන ප්‍රවේශය තුළ පමණක් හිර වී නොසිට සමකාලීන අධ්‍යන ප්‍රවේශය ද උපයෝගී කොට ගනිමින් පර්යේෂණ සදහා යොමු වීමේ ඇති වැදගත්කම නිදර්ශනාත්මකව පෙන්වා දීම මෙම කෘතියෙහි මූලික අරමුණයි. Rs 640.00 Add to cart Buy
Bauddha Adyayana Lekhana Mala 'බෞද්ධ අධ්‍යයන ලේඛන මාලා (ප්‍රථම භාගය )' මෙම ග්‍රන්ථය ඕපාත සමිත හිමියන් විසින් සම්පාදිත ග්‍රන්ථයක් වන අතර දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන ග්‍රන්ථයකි . Rs 225.00 Add to cart Buy
Sinhala Kawaya Rasa - Bhawa - Alankara - Shasthraya එච්. බී .ආර්. වෑගන්තලේ මහතා විසින් රචිත මෙම කෘතිය ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ මධ්‍යම හා අවසාන විභාග සදහා විශේෂයෙන් සකස් කර ඇති කෘතියකි. Rs 450.00 Add to cart Buy