Manasika Suvathava Sadaha Sarala Bavana Abyasa
තමා කරනු ලබන කාර්යය සඳහා සිත සංකේන්ද්‍ර කරගෙන, මනස සංසුන් කරගනිමින්, සිතසතිමත්ව තබා ගැනීම, අධ්‍යාපන සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. නව තාක්ෂණ විද්‍යාත්මක ලෝකයේ අප කිසිවකුට බාහිර පරිසරය හෝ භෞතික ලෝකය හෝ පාලනය කළ නොහැකි බවට සැකයක් නැත. පණිවුඩ චන්ද්‍රිකා හරහා හුවමාරු වන පණිවුඩ කෝටි ගණනක් මේ මොහොතේ ද ක්‍රියාත්මක වේ. බාහිර සාධකවල බලපෑම වැඩි වීම නිසා ශිෂ්‍යයන්ගේ ඇතුළතසාමය යටපත් වී ඇත. මෙම මානසික අර්බුදය, අසහනකාරී බව සමග සිත සංසුන් කර තබාගෙන, සිත ඒකාග්ර කරගෙන ඉගෙන ගැනීමට අපහසු ය. මෙම පොතෙන් ඉදිරිපත් කරන මානසික සුවතාව සැඳහා සරල භාවනා අභභ්‍යාස ඇතුළාන්තසිත සංසුන් කර, චිත්ත බලය ශක්තිමත් කර, මනෝ සංවර්ධනය සඳහා අවශ්‍ය නිසි මග පෙන්වීම කරනු ඇත. ළමයින් මානසික ව වික්ෂිප්ත ව, මත් පැන්, මත්ද්‍රව්‍ය, දුම්පානයට හා අපවාරයට සාමට පෙර. නවීන සන්නිවේදන මාධ්‍ය වල බාල බොළඳ විසුක දසස්න වලට හසු වීමට පෙර, අපේ දරුවන් බේරාගත යුතුම ය. සියල්ල වැරදුනාට පසු දරුවන්ට හෝ වෙනත් බාහිර ආයතන වලට හෝ දොස් කීමෙන් පලක් නැත. අඳුරට කෙතරම් සාප කරමින් සිටියත්, එහි ආලෝකයක් හට නොගනු ඇත. අප සුළුවෙන් හෝ ඉටිපන්දමක් පත්තු කළ යුතුම ය. මේ පොත එම අවිඳු අඳුර පලවා හැරීමට යෝග්‍ය විදක ආලෝකයක් වනු ඇත.
Rs 600.00