Home

Out-of-Stock

Minisa Kerehi Graha Balapam

Out-of-Stock
 ''Planetary Influences On Human Affairs'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි ජ්‍යෝතීර්ය විද්‍යාව පිළිබද අවබෝධාත්මක තත්වය විමර්ශනයක් ඉදිරිපත් කර ඇත.

Lobsen Rempa Dibbachakkhu

 ''The Third Eye'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය ටිබෙට් ලාමාවරයෙකුගේ ස්වයං ලිඛිත චරිතාපදානයකි. 
Rs 767.00
Out-of-Stock

Wanagatha Bhawana Guruwaraya

Out-of-Stock
අජාන් ලී මහ තෙරුන් භාවනානුයෝගියෙකු ලෙස මුහුණ පෑමට සිදු වූ සිද්ධීන්ද, ඒවාට මුහුණ දුන් ආකාරය ද මෙම කෘතියේ සදහන් වෙයි. මෙය The ''Autobiography of Phra Ajan Lee'' කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Out-of-Stock

Prathipada - 01

Out-of-Stock
අලි, කොටි, වලසුන් හා විෂ ඝෝර නාගයින් වසන තායිලන්තයේ වනාන්තර වලට වී නිර්වාණ මාර්ගය සාක්ෂාත්කරණය සදහා ධූතාංග කමටහන් වඩන භික්ෂූන් වහන්සේලාගේ අනුවේදණීය කතා පුවත් වලින් සම්පාදිත මෙය ''Patipada, Venerable Achariya Mun's Path of Practice'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයෙහි පළමුවන කොටසයි. 

Prathipada - 02

අලි, කොටි, වලසුන් හා විෂ ඝෝර නාගයින් වසන තායිලන්තයේ වනාන්තර වලට වී නිර්වාණ මාර්ගය සාක්ෂාත්කරණය සදහා ධූතාංග කමටහන් වඩන භික්ෂූන් වහන්සේලාගේ අනුවේදණීය කතා පුවත් වලින් සම්පාදිත මෙය ''Patipada, Venerable Achariya Mun's Path of Practice'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයෙහි දෙවන කොටසයි. 
Rs 300.00

Bharatha Yogi Swami Rama

හිමාල වනයේ ජීවත් වූ විස්මිත යෝගීන්ගේ හා සෘෂිවරුන්ගේ ජීවන ප‍්‍රවෘත්ති රැගත් භාරත යෝගී ස්වාමි රාමා නමැති මේ කෘතිය යෝගීන්ගේ හා සෘෂිවරුන්ගේ ආයාසකර ජීවන රටාවත් ඔවුන් විසින් සිදු කරන ලද ඇදහිය නොහැකි තරමේ අරුම පුදුම සිද්ධීන් රැසකින් ද සමන්විතය. මෙය Living With The Himalayan Masters කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 1,100.00

Yogiraj Shama Charan Lahiri Mahasaya

යෝගිරාජ් ෂාම චරන් ලහිරි මහාසාය - මෙතුමා ගිහි ජීවිතයේ රැදී සිටිමින්ම යෝගවඩා ලෝකෝත්තර තත්වයට සැපවත්ව දිවැස්, දිවකන් ලබා රළු ශරීරයෙන් හා සියුම් ශරීරයෙන් ද  ඕනෑම තැනක පෙනී සිටීමේ හැකියාව ලබමින් ජනතාවට විමුක්ති මාර්ගය පෙන්වා දුන්නේ තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මදමානයෙන් මිදී ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කිරීමෙන් විමුක්තිය ලදහැකි බව පසක් කරමිනි. මෙය Yogiraj Shama Churn Lahiree Mahasaya කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 350.00
Out-of-Stock

Thibbatha Lama Ashramayaka Mahanadam Piru Ingireesi Bhikshuwa

Out-of-Stock
මේ කෘතියේ නම තිබ්බතයේ ලාමා ආශ‍්‍රමයක මහණදම් පිරූ ඉංගිරීසි භික්ෂුව වුව ද මෙය චරිතාපදානයක් වශයෙන් ලියැවුණක් නොවන අතර කෘතියේ ඇති කරුණු වලින් බලාපොරොත්තු වන්නේ හිම වැටෙන දේශයේ පවතින බෞද්ධ ධර්මය සෙසු ලෝකයාගෙන් සගවාගත් ඝන කඩතුරාවේ කොණක් ඔසවා එහි සත්‍ය තත්වය ලෝකයාට පෙන්වා දීමයි.

Ananada Maithreeya Mahanahimiyange Dina Satahan

ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ දිනපොත් වලින් හෙළිවන්නේ විශිෂ්ටයකුගේ පුද්ගලික ජීවිතයකි. බොහෝ දෙනාගේ පෞද්ගලික ජීවිතය යනු ලොවට අනාවරණය කළ නොහැකි එකකි. එහෙත් උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතය සගවා නොතැබිය යුතු, ලොවට අනාවරණය කළ යුතු වටිනා එකකි. මේ ශ්‍රේෂ්ඨ මහනාහිමියන් කෙතරම් ක‍්‍රමානුකූලව සිය ජීවිතය සැලසුම් කරගෙන තිබිණි ද යන්න අප හැමටම ආදර්ශවත් ය. මේ සටහන් කියවන තැනැත්තා උන්වහන්සේ සමග බලගතු ආදරයකින් බැදෙයි. 
Rs 1,000.00

Me Awasan Sirurai

රහතන් වහන්සේ සහ රහත් මෙහෙණින් වහන්සේ තුන්සිය තිස්හත් නමක සසර ගමන අවසන් කොට ලැබූ ප්‍රීතියේ පිටාර ගැලීමකි.දෙනගම සිරිවර්ධන නිර්වාණ අවබෝධය ලබාගත් ආකාරයත්, එයින් ලැබූ ප්‍රීතියත් පළකරමින්, රහතන් වහන්සේ දෙසිය සැට නමක සහ රහත් මෙහෙණින් වහන්සේ තෙසැත්තෑනමක පළ කළ උදාන සසර ජයගැනීමට මං පාදයි. දහම් මඟෙහි ගමන් කරන පිරිසට මේ උදාන ආලෝක ධාරා සපයයි. මහා රජවරුන්, වියත් බමුණන්, මහ සිටුවරුන්, කුල කතුන් මෙන් ම සැඩොල් කුල පීඩිතයෝ,ගණිකාවෝ,සිඟමනට වැටුණු අබල දුබල මහල්ලෝ පවා නිවන් සුව ලැබ මහත් ප්‍රීතියෙන් සිය උදාන පළ කරති. අපි ඒ හඬට සවන් දෙමු. ඒ අත්දැකීම්, අපේ ම අත්දැකීම් බවට පත් කැර ගනිමු.ඒ ප්‍රීතිය, සුවය අපි දු විඳ ගනිමු. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවට අයත් ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි සහ ථෙරි පාලි කෘතීන් ද භදත්තාචරිය ධම්මපාල මහා ස්ථවිරපාදයන් ලියූ තෙර ගාථා ථෙරි ගාථා අට්ඨ කතා කෘතීන් ද මේ පොත සඳහා උදව් කරගෙන ඇත.
Rs 650.00

Balangoda Maha Nahimi Sabadi Katha - 01

බළන්ගොඩ මහා නාහිමියන්ගේ සුවිශේෂී හැකියාවන්, ධ්‍යාන ශක්තිය හා භාවනා විධි ද මහා නාහිමියන්ගේ විශේෂ බණ දේශනා මෙන්ම උන්වහන්සේ සිය ගෝලයන්ට වදාළ ආදර්ශවත් කතා ද සතිපතා රිවිර පුවත්පතෙහි පළ විය. මේ එම ලිපි මාලාව ආශ‍්‍රයෙන් සම්පාදනය වූ සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 540.00

Maha Rahath Thera Apadana

කුතුහලයෙන් පිරුණු මහරහතන් වහන්සේලාගේ චරිතාපදාන සරල බසින් ඉදිරිපත් කල මෙම කෘතියට පාදක කරගෙන ඇත්තේ ත‍්‍රිපිටක, අටුවා ග‍්‍රන්ථ සහ බෞද්ධ කෘති රැසකි. ප‍්‍රකට මහරහතන් වහන්සේලාගේ මෙන්ම අප‍්‍රකට රහතන් වහන්සේලාගේ චරිතාපදාන රැසක් මෙහි අඩංගුය. 
Rs 300.00
Out-of-Stock

Uthum Buddha Shrawaka Charitha

Out-of-Stock
බුද්ධ ශ්‍රාවක අග තනතුරුලාභී තෙරුන්වහන්සේගේ චරිත සමගින් ඉන්ගත හැකි ජීවිතාදර්ශ විග්‍රහ කරමින් අසූමහා ශ්‍රාවකයන් අතරින් අගතනතුරුලත් උතුම් අග සව්වන් 42 නමගේ චරිත මෙම කෘතියෙහි අන්තර්ගත වේ. 
Out-of-Stock

Himala Wanaye Thawuseku Wee

Out-of-Stock
හිමාලයේ තවුසකු වී දිවි ගෙවන ස්වාමි රාමා විසින් අත්දකින සහ තම ජීවිතයට එකතු කර ගන්නා විවිධාකාර දැනුම මේ පොතේ රසවත් කතාන්තරයක් ලෙසින් දිග හැරෙයි. මෙය ''Living With the Himalayan Masters'' කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Out-of-Stock

Sariyuth Hamuduruwo

Out-of-Stock
 සියලූ බෞද්ධයන්ට ආදර්ශ ගතයුතු වඩාත්ම වටිනා ශ‍්‍රාවක චරිතයක් වන සාරිපුත‍්‍ර මහ රහතන් වහන්සේ පිළිබද ලියැවුණු චරිතාපදානයකි. 

Ananda Hamuduruwo

අසූ මහා සව්වන්ගෙන් කෙනෙක් වූ ද ධර්ම භාණ්ඩාගාරික වූ ද අග්‍රොපස්ථායක වූ ද ආනන්ද මහා තෙරුන් වහන්සේගේ චරිත කතාව විවරණය කෙරෙන මෙම කෘතිය බුදුන් වහන්සේ සහ බුද්ධ ශාසනය පිළිබඳව තොරතුරු ද පාඨකයාට ලබාදෙයි.
Rs 600.00
Out-of-Stock

Mauryawanshika Dayadaya Asirimath Mihindu Himiyo

Out-of-Stock
මෞර්ය වංශික ධර්මාශෝක රජුන් තම අදිසි මිතු ලක්දිව තිස්ස රජුන් වෙත මෞර්යවංශික උත්තරීතර දායාදයන් පුද කළේය. යථොක්ත ඓතිහාසික සත්‍යය පිළිබද සාම්ප්‍රදායික සම්මත වෘත්තාන්ත එක්රැස් කරමින් සරල බසින් රචනා කරන ලද අගනා කෘතියකි. 

Sonduru Yasodara

සොදුරු යසෝදරා - යසෝදරා තරම් සැමියා වෙනුවෙන් දුක් කදුළු හෙළුෑ තවත් ස්ත‍්‍රියක් පිළිබඳව කොතැනකවත් සඳහන්ව නොමැත. පතිව‍්‍රතාව ඈ ශක්තිමත් කළ ආයුධය විය. ආභරණය විය. පතිව‍්‍රතා බලයෙන් තම සැමියාගේ දිවි ගලවා ගත් වාර අපමණය. ඇය රැකුණ වාර ද අනන්තය. ඇගේ චරිතය ඉතා බලවත්ය. ප‍්‍රබලය. හෙළ වනිතාවට කදිම නිදන් වස්තුවකි. අද අප වනිතාව මේ ගුණදම් රැක ගනිමින් ජීවත් වන්නේ නම් අප සමාජය කෙතරම් සුන්දර වනු ඇද්ද? මෙම කෘතියෙන් ගෙන එන්නේ සිව් බඹ විහරණින් පිරිපුන් ගෘහණියක, බිරිඳක, මාතාවක පමණක් නොව අභිඥානලාභීන්ගෙන් අග්‍ර වූ මහරහත් මෙහෙණියක වූ බිම්බා, භද්දකච්චායනා, රාහුල මාතා යන නම් වලින් හඳුන්වන උතුම් කාන්තා චරිතයක් වූ යශෝදරාවන්ගේ චරිතාපදානය යි.
Rs 550.00

Pasenadee

මෙම කෘතියට පදනම් වී ඇත්තේ පසේනදී කොසොල් රජ බුදුරදුන් වෙත පැමිණ ඔහු විසින් පවත්වන ලද විවිධ සාකච්ඡවනට ඇතුළත් ව ඇති කරුණුය. ඒ අනුව ඒවා තත්කාලීන සමාජ, ආගමික ආදී අංශයනට අදාළ වැදගත් තොරතුරු රැසක් හෙළි කරයි.
Rs 100.00

Budu Maha Sauwo

බුදුන් වහන්සේ සමයෙහි සසර අග දිනූ ශ්‍රාවක ශ්‍රාවිකා චරිතයන් සරල බසින් මෙසේ ලියැවෙන්නේ හුදෙක් දහම් මග දකිනු රිසි පාඨක සහෘදයන් වෙනුවෙනි. 
Rs 550.00
Out-of-Stock

Yasodarawatha

Out-of-Stock
සිද්ධාර්ථ කුමරුගේ දේවිය යසෝදරාවන් පිළිබඳ ව ජනකවියකු අතින් ලියැවුණු මහනුවර යුගයේ සාහිත්‍ය පුවත හා යසෝදරාවගේ වස්තු සන්දර්භය, එහි රසභාව විභාවනය, කාව්‍යයේ හමුවන වාක්චිත‍්‍ර හදුනා ගැනීම, රිද්මය හා රසභාව උද්දීපනය, කවියාගේ චින්තනය ආදිය ද සඳහන් වේ.

Wessanthara Kathawa

වෙස්සන්තර කථාව සිංහල සාහිත්‍යයට පිවිසෙන්නේ පන්සිය පනස් ජාතක පොත ඇසුරිනි. අනාදිමත් කාලයක් මෙම කතා පුවත ජනයා අතර ප‍්‍රකටය. පාසල් පද්ධතිය තුළත්, උසස් විභාගවලටත් මෙම කතා නිර්දේශිතය. එයට සරිලන ලෙස මෙය සම්පාදිතය.
Rs 350.00
Out-of-Stock

Sangaraja Sadu Chariyawa

Out-of-Stock
ප‍්‍රාචීන පාරම්භ විභාගයට නියමිත මෙම පොත මාතෘකා 67කින් සමන්විත වන අතර විශේෂ ලූහුඩු සටහන් සහිත උපග‍්‍රන්‍ථයකින් ද පසුගිය විභාග ප‍්‍ර‍්‍රශ්න මාලාවකින් සහ ආදර්ශ පිළිතුරු වලින් ද ගැටපද විවරණයකින් ද පරිපූර්ණ ව සැකසී ඇත. සිසුන්ගේ අවශ්‍යතාව අනුව පමණක් නොව බෞද්ධ කවුරුන් විසින් වුවද කියවිය යුතු පොතකි. 
Out-of-Stock

An Astrological Guide To Heal Yourself

Out-of-Stock
An Astrological Guide To Heal Yourself - Health is a personal responsibility, and the fulfillment of that responsibility includes regular consultation with health professionals. However, many healing decisions are made in the kitchen and the herb garden, and it is to that awareness that this book is dedicated.
Out-of-Stock

Thotagamuwe Sri Rahula Mahimi

Out-of-Stock
ශ‍්‍රී රාහුල මාහිමියන් පිළිබද නොයෙක් තැන විසිරී ඇති තොරතුරු එක්රැුස් කරමින් එතුමන්ගේ පාණ්ඩිත්‍යයත්, කවීත්නයත් අනාවරණය වන අයුරින් සැකසුණු මෙම කෘතිය එතුමන් පිළිබදව අධ්‍යයනයෙහි යෙදෙන කවරකුට වුවද බෙහෙවින් ප‍්‍රයෝජනවත් වෙයි. 
Out-of-Stock

Thotagamuwe Sri Rahula Sangaraja Mahimipano

Out-of-Stock
තොටගමුවේ ශ‍්‍රී රාහුල සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ උපතේ සිට විපත දක්වා  වූ තොරතුරු සමුදාය සුවිශේෂිත අයුරින් චරිතකථා සම්ප‍්‍රදායෙන් ඔබ්බට ගොස් විමසා ඉදිරිපත් කිරීමක් ලෙසින් දැක්විය හැකි කෘතියකි.

Abitha Sinhala Weerayo

දේශයත් ජාතියත් රැකගැන්ම උදෙසා සිය දිවි දෙවෙනිකොට යටත් විජිත ආක්‍රමණ හමුවේ නැගී සිටි අභීත වීරයන් සත් දෙනෙකුගේ ජීවන වෘතාන්තයන්හි ශූර වීර, රසාලිප්ත තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ. 
Rs 350.00
Out-of-Stock

Keerthi

Out-of-Stock
පළමුවන විජයබාවන් ගේ චරිතය වටා ගෙතුණු, ඉතිහාසයට බල නොපාන කල්පිත කතාවක් අශෝක කරුණාරත්න මහතානන් විසින් මෙසේ ඉදිරිපත් කරනු ලැබේ. 
Out-of-Stock

Mahathma Gandhi

Out-of-Stock
මහත්මා ගාන්ධි නම් අසහාය මිනිසා සමස්ත මානව සංහතියටම සූර්ය මඬලක් බඳු ජන නායකයෙකි. අවිහිංසාවාදය තුළින් ඉන්දියානු නිදහස් අරගලයට ප‍්‍රාණය දුන් ගාන්ධි, අධිරාජ්‍යවාදීන් හමුවේ නොසැලූණු, නොනැමුණු අභීත ජාතික වීරයෙකි. මේ ගාන්ධිගේ උදාර චරිතයයි.