Losakathissa Maha Rahathan Wahanse
මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුත් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවුවද ගෞතම බුදුසසුන තුළ අතිශයින් ම ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි. මේ ගොතම සම්මා සම්බුද්ධ ශාසනයේ සිව්පසලාභී භික්‍ෂූන් වහන්සේලා සැලකීමේ දී සීවලී මහ රහතන් වහන්සේ බෞද්ධ සෑම දෙනා අතර ත් අබෞද්ධ බොහෝ දෙනා අතර ත් හිරු සදු මෙන් අතිශයින් ම ප්‍රකට ය. එසේ ම මේ ගෞතම බුදු සසුන තුළ කිසිදු ලාභී බවක් නොමැති සිව්පසය අන්තයට ම පිරිහී ගිය භික්ෂූන් අතර මේ ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ ඉතා ප්‍රකට ය. මේ මහා මුතිවරයන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතයෙන් අපට අතිශයින් ම වැදගත් වූ පණිවිඩයක් ගෙණ දෙයි. එනම්, ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකුගේ බාහිර පෙනුම, සමේ පාට, පිට ඔපය, පැහැපත් බව, ධනවත් වීම, භව භෝග සම්පත් වලින් පිරිපුන් වීම ආදී කරුණු බල තොපාත බවයි. අන්ත අසරණ වී කාත් කවුරුවත් නොමැති ව මහ මග හිගා කන මට්ටමට ඇද වැටුණ ද ලෞකික සැප විඳීමට කිසි පිනක් තොමැති වුව ද එය ධර්මාවබෝධය සඳහා බල නොපාත බවයි. පුරන ලද පාරමිතා සහිතනම් පින සම්පූර්ණ නම් ප්‍රඥාව සහිත නම් ඔහු කවර තත්වයේ සිටිය ද තථාගතසද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි."
Rs 250.00