Prices drop

-20%
The Buddhist Way Of Life - (For Grade 11 Students)
The Buddhist Way Of Life - (For Grade 11 Students) - Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 880.00
Rs 1,100.00
-10%
Athathiya - Api Dawemuda, Niwemuda
ලෝක ප්‍රකට වෛද්‍ය විද්‍යා ලේඛක විනායි ජෝෂි ගේ 'STRESS - Form Burnout to Balance' කෘතියේ සිංහල අනුවර්තනය ලීලනන්ද ගමච්ච් මහතා විසින් ' ආතතිය අපි දැවෙමුද? නිවෙමු ද?' ලෙස සිංහලයට අනුවර්තනය කර ඇති අතර මෙම කෘතියේ  සුවිශේෂී ප්‍රබලතාවක් වන්නේ, ආතතියේ හැම අංශයක්ම ජීවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි. එසේම, පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විෂාදය, ස්මෘතිය, වියපත් වීම, දිය වැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලැකිලිමත් වෙමින් ග්‍රන්ථය රසවිදින පාඨකයාහට ඉතා ඉහල රසවින්දනයකින් යුතු ග්‍රන්ථයක් නිර්මාණයක් ඉදිරිපත් කර ඇත.
Rs 792.00
Rs 880.00
-10%
Manasa Puhunu Kireema
කර්තෘ ගෙන්...
‛සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණ වේ. ඔබ සෞඛ්‍යය දියුණු කර ගැනීම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනීම ගැන, මතකය තහවුරු කර ගැනීම ගැන, සිතෙහි එකඟ කම ඇති කර ගැනීම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්මය පරිපූර්ණ කර ගැනීම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සන්තුෂ්ටිය ගැන උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔබට උදවු වෙයි.’ 
Rs 792.00
Rs 880.00
-10%
Gee Madu Puranaya
ලාංකේය දේව ඇදහිලි පද්ධතියේ ශක්තිමත්ම කාන්තා දේවතාවිය සත් පත්තිනි මැණියන්ය. සිය විදේශිය අන්‍යයතාව, දේශසීමා පසෙකලා දේශියකරණයට පත්වීමට තරම් භාගයවත් වුයේ පතිවතාව නම් ප්‍රබල ආසියානු මෙවලම ඇය සියතට ගත් නිසාවෙනි. රමිත් චන්ද්‍රසේකර නම් නූතන පරපුරේ රචකයා විසින් රචිත 'ගී මඩු පුරාණය' නම් පර්යේක්ෂන ග්‍රන්ථයෙන් අධ්‍යනය කරනුයේ ප්‍රධානම පන්තිස් කෝල්මුර සාහිතයට අයත් මඩු පුර පදයවලියේ අන්තර්ගත කරුණු පිලිබදවය.
Rs 882.00
Rs 980.00
-10%
Minis Diwiye Arutha Soya
මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ට, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්‍යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජිවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕස්විවිටස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ ආධ්‍යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන්ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුඛවාදී එළැඹුමක් වේ. 
" පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද්‍යා චින්තනයට කරන ලද ප්‍රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය " 
කාර්ල් ආර්. රොජර්ස් (ප්‍රකට මනෝ විද්‍යාඥ )
Rs 882.00
Rs 980.00
-10%
Subodhalankaraya-Sri Gunananda Abhinava Wyakyava
සුබොධාලංකාරය -  ගද්‍ය පද්‍ය කාව්‍ය අලංකරණය සම්බන්ධ විවිධ නීති, රීති, විශිෂ්ට ජන කාව්‍ය, ශෙලෂාලංකාර ප‍්‍රභේද, කාව්‍ය දෝෂ, උත්කෘෂ්ට ලක්ෂණ ගුණ ප‍්‍රභේද, භාව, ලක්ෂණ, සාත්වික භාව, නවනළු රසය, ශාංගාර රතිලක්ෂණ සහිතව ලියැවුණු පොතකි. 
Rs 1,665.00
Rs 1,850.00
-20%
Asu Maha Shravakayo
අසු මහ ශ්‍රාවකයෝ - මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
Rs 720.00
Rs 900.00
-20%
Piruvana Poth Wahanse
පිරිත යනු ‌සැදැහැති බෞද්ධ ජනයාගේ ජීවිතයේ ඉතා සුවිශේෂී තැනක් හිමිකරගෙන සිටින වටිනා ම ධර්ම කොට්ඨාශයකි. එම පිරිත් දේශනාවන් අන්තර්ගත කොට මෙම පොත් වහන්සේ සම්පාදනය කර ඇත.
Rs 800.00
Rs 1,000.00
-10%Out-of-Stock
An Astrological Guide To Heal Yourself
Out-of-Stock
An Astrological Guide To Heal Yourself - Health is a personal responsibility, and the fulfillment of that responsibility includes regular consultation with health professionals. However, many healing decisions are made in the kitchen and the herb garden, and it is to that awareness that this book is dedicated.
Rs 720.00
Rs 800.00
Buddhavansa Attakatha
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,070.00
Ithiuththa Attakatha
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,820.00
-10%
Illustrated Children's Dictionary English-Sinhala
සිතුවම් සහිත ඉංග්‍රීසි - සිංහල ළමා ශබ්දකෝෂය - යනු ඉංග්‍රීසි වචන සහ ඒවායේ සිංහල පරිවර්තන ඇතුළත් ළමුන් සඳහා නිර්මාණය කර ඇති ද්විභාෂා ශබ්ද කෝෂයකි. දරුවන්ට වචනවල අර්ථය දෘශ්‍යමය වශයෙන් තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා වර්ණවත් රූප සටහන් එහි ඇතුළත් වේ. මෙම ශබ්දකෝෂය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම තම භාෂා කුසලතා වර්ධනය කර ගන්නා තරුණ ඉගෙනුම ලබන්නන්ට වටිනා සම්පතකි. වචන මාලාව පුළුල් කිරීමට සහ භාෂා ප්‍රවීණතාවය වැඩි දියුණු කිරීමට එය නිවසේ හෝ අධ්‍යාපනික සැකසුම් තුළ භාවිතා කළ හැක.
Rs 810.00
Rs 900.00
-10%
Akarshana Neethiya
බටහිර සංස්කෘතිය මගින් අපට ගත යුතු ගත හැකි වැදගත් බොහෝ දේවල් අත පසු වන කාල සමයක ප්‍රදීප්කුමාර බාලසූරිය නම් අසහාය අනුවර්තකයා විසින් බොහෝ කෘති ප්‍රමාණයක් සිංහල බසට පරිවර්තනය කරමින් සිටී. 'ආකර්ෂණීය නීතිය' නම් මෙම කෘතිය 'රොහොන්ඩා බ්‍රිරින්' මහත්මා විසින් රචිත 'ද සීක්‍රට්' නම් කෘතියේ සිංහල පරිවර්නථයයි.
Rs 810.00
Rs 900.00
-10%
Sulalitha Athmayakata
'සුලලිත ආත්මයකට' නම් මෙම කෘතිය 'රොබින් ශර්මාගේ' 'මෙගා ලිවින්ග්' නම් කෘතිය ඇසුරින් ගාමිණි කුමාර විතාන මහතා විසින් සිංහලට පරිවර්ථනය කරණ ලද ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 810.00
Rs 900.00
-10%
Pali - Shasthreeya Sangrahaya 2015
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන සංසදය මගින් එළි දක්වනු ලබන ''පාලි ශාස්ත්‍රීය සංග්‍රහය 2015'' නම් මෙම කෘතිය පාලි භාෂාව අධ්‍යනයට ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
Rs 810.00
Rs 900.00
-10%
Igenum Manovidyave Nava Pravanatha 1
ඉගෙනුම් මනෝවිද්‍යාව පසුගිය දසක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය ක්ෂෙත්‍රයක් වන අතර එම නව දැනුම කරා අපරට විද්‍යාර්ථින් රැගෙන යාමට ගන්නා ලද සාර්ථක උත්සාහයක් ලෙස " ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා '' නම් වූ මෙම කෘතිය සැලකිය හැකිය. මෙය සාම්ප්‍රදායික රටාවේ තවත් අධ්‍යාපන මනෝ විද්‍යා පෙළ පොතක් නොව, ඉගෙනුම් මනෝවිද්‍යාව ආශ‍්‍රිතව ජාත්‍යන්තර දැනුම් ගබඩාවේ ලොව වඩාත් ප්‍රචලිතව සාකච්ඡාවට බඳුන් වූ තේමා 10ක් අන්තර්ගත වූ අපූර්ව සංකලනයකි. ශාස්ත්‍රීය ග්‍රන්ථයක තිබිය යුතු ජීව ගුණය රැකගනිමින් ප්‍රායෝගික ව්‍යවහාරාත්ම කුසලතා පාඨකයාට පහසුවෙන් අර්ථ ගැන්වෙන ආකාරයට පුළුල් පරාසයකින් හෙබි තේමා ගොනුව නිර්මාණාත්මකව මෙන්ම සරල සුගම බස් වහරින් ද පෝෂණය වී ඇත. මෙම අගනා කෘතිය ගුරුවරුන් වන සියලු දෙනාටත්, මනෝ විද්‍යාව විෂය ඉගෙනුම ලබන විද්‍යාර්ථින්ට මෙන්ම උගන්වනු ලබන කථිකාචාර්යවරුන්ට, අධ්‍යාපන ප්‍රතිපත්ති කළමනාකරුවන්ට රිසි සේ පරිශීලනයට ඉතා වටිනා වින්දනාත්මක කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 900.00
Rs 1,000.00
-10%
Jayasrimaha Bodhi Warnanawa
" ත්‍රිපිටක ධර්මය අර්ථ කථා, ටීකා සහිත ව හදාරා ධර්මය, විනය, පාලි භාෂාව පිළිබද හසල අවබෝධයක් ඇත්තා වූ අගනා ධර්ම ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළ කෘතහස්ත ග්‍රන්ථ කර්තෘවරයෙක් වන සත්ගුණවත් ගයාගේ වානුක විදානපතිරණ මහත්මයා විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සම්බන්ධ ව දීර්ඝ විස්තර වර්ණනා සහිත ව සම්පාදිත මෙම ග්‍රන්ථයෙහි අගය, වටිනාකම අසීමත ය.
Rs 810.00
Rs 900.00
-10%
Krurathvayen Mideema
ක්‍රෑරත්වය මිනිස් ආධ්‍යාත්මය මුල්බැසගත් ලක්ෂණයකි. මිනිස් සන්තානයෙන් ක්‍රෑරත්වය බැහැර කරගන්නා අන්දමත් ක්‍රෑරත්වයෙන් විනිර්මුක්ත සිත ළඟා කරගන්නා ආධ්‍යාත්මික සුවය පිළිබඳවත් ක්‍රිෂ්ණමූර්ති සිය BEYOND VIOLENC කෘතියෙන් මනාව විග්‍රහ කර ඇත. එම කෘතිය සිංහලට පරිවර්තනය කිරීම ඉතාමත් ප්‍රයෝජනවත්ය. ක්‍රිෂ්ණමූර්ති දාර්ශනිකයාගේ විශිෂ්ට කෘතියක් සිංහලට පරිවර්ථනය කර පාඨකයන් වෙතලබාදීම ගැන ජයරාජ් කපිල කුලසිංහ මහතාට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය
Rs 810.00
Rs 900.00
-10%
E Bhawanamaya Margaya
ඒ භාවනාමය මාර්ගය - ''The Meditative Path Of Master John Ciancioci    '' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙය භාවනාවට පිවිසීමට පෙර පරිශීලනය කළ යුතු හොදම අත්පොතකි. 
Rs 1,008.00
Rs 1,120.00
-10%
Punaruthpaththiya Pilibanda Yuropiya Wishwasa
පුනරුප්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස - පුනුරුප්පත්තිය, පුනර්භවය හා නැවත ඉපදීම යනාදී සිංහල යෙදුම් සඳහා යොදා ගන්නා Reincarnation යන ඉංග්‍රීසි වදනින් අර්ථවත් කරන සංසිද්ධිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කළ මහාචාර්ය ස්ටීවන්සන්ගේ European Cases of Reincarnation Type කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 855.00
Rs 950.00
-10%
Heen Saraya
'හීන් සැරය' ළමා ලෝකයේ අතිවිශිෂ්ට භූමිකාවක් නිරූපණය කරන්නකි. රසවත් කතා තුළින් දෙස බස රැස පිළිබඳ මහත් උනන්දුවක් ඇති කරන හීන් සැරය වැනි කතා කියවීමෙන් රසවිඳීමෙන් අවසන් නොකර විවිධ වියරණ නීති ඉගෙනීමද වැදගත් වේ.
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock
Gunasena Sinhala-Sinhala Shabdakoshaya
Out-of-Stock
හෙළ බස,ලොව අනෙක් ජීව භාෂා හා සසඳන කල්හි ලඝු කොට සැලකිය හැක්කක් නොවේ.අද ද හෙළ බසෙහි උපදින ශබ්ද,වදන් බොහෝය.ඒ සියල්ල එක් තැන් කොට අරුත් සැපයීම සුළු පටු කාර්යයක් නොවේ.අභිමානවත් වූ හෙල බසෙහි අපමන වූ වදන් රැසක් එක්කර 2005 වසරේදී ගුණසේන මහා ශබ්දකෝෂය එළි දකින්නේ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග සූරීන්ගේ සම්පාදකත්වයෙනි.එහෙත් එම ශබ්දකෝෂයේ විශාලත්වය දෛනික පරිශීලනයේදී තරමක් අපහසු කාර්යයක් බව පාඨකයන්ගේ අදහස විය.ඊට විසඳුමක් ලෙස මෙම ශබ්දකෝෂය හඳුන්වාදිය හැක.
Rs 855.00
Rs 950.00