Prices drop

-20%
Maha Ummagga Jataka
Maha ummagga jataka is the lougest among the jataka stories of the buddha, which explain the buddha's saga toward supreme enlightement in his previous incarations.it has been translated into readable english by Mr. viranjeewa weerakkody who has many such translations to his credit, for a connoissenr of religious literature, it forms thrilling and exciting reading.
Rs 840.00
Rs 1,050.00
-10%
Widyawen Opawena Apage Wishwasa Ha Adahili
සිත ගමන් කරන බලවේගයක් බවත්, සිරුරෙන් නික්මෙන නානා කිරණ තරංග, සහ ඒ තුළින් මතු කරන ක්‍රියාකාරීත්වය, කර්ම ශක්තිය ඇති කරන අන්දම විද්‍යාඥයන් ඡායාරූප සටහන් ගත කරනු ලබන අයුරුත්, භාවනාවක දියුණුව ඵලය විද්‍යාඥයන්ට මැනිය හැකි බවත්, මේ පොතෙන් අපට සාක්ෂි සහිතව පෙන්වා දෙයි.එසේම බෝධි පූජාවක දී බෝධිය හා අප අතර ඇතිවන තරංග හුවමාරුවත්, බෝධිය අප හා ආදරයෙන බැඳෙන අයුරුත්, සිත් ගන්නාසුලු ලෙස පැහැදිලිකර ඇත. පිංදීම, අනුමෝදන් වීම, පූජා භාණ්ඩයකට අත ගැසීම, ආදී බොහෝ කරුණු ද, සෙත් කවි, යාඥා මන්ත්‍ර, පිරිත් වතුර ආදියෙහි ඇති ශක්තීන් විද්‍යාත්මකව මැනිය හැකි බව ද මේ ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි.ගුවන් විදුලියෙන් පුවත්පත් මගින් අපගේ ඇදහිලි හා විශ්වාසකොතරම් විදුහුරු දැයි කතුවරයා නගන හඬ ඇත්තෙන්ම විශිෂ්ටය. වසර තිහක් ඉක්ම වූ ගවේෂණ මගින් ලද දැනුමෙන් කොටසක් ඔහු මේ ග්‍රන්ථයෙන් අප වෙත ඉදිරිපත් කරයි.රට දැයට හිතැති බුද්ධිමතුන් බිහිකළ කොළඹ නාලන්දාවේ තවත් එවන් බිහි කිරීමකි. ඒ.එම්. ආර්. බෝපෙගෙදර මහතා.අපගේ ඇදහිලි හා විශ්වාස ගැන උසස් ඇගැයීමක් කරන මේ ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපුරාලයි.
Rs 954.00
Rs 1,060.00
-20%
Nayayebinduva
බෞද්ධ තර්ක ශාස්ත්‍රය පිළිබඳ හැඳින්වීමක් සිදු කෙරෙන ‌මෙම ග්‍රන්ථය අනාදිමත් කාලයක සිට ප්‍රාචීන විභාග සඳහා නිර්දේශිත වටිනා ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකිය.
Rs 960.00
Rs 1,200.00
-10%Out-of-Stock
Abhidharma Chiththavithi Sangrahaya
Out-of-Stock
අභිධර්ම චිත්තවීථි සංග්‍රහය - "අභිධර්ම චිත්තවීථි සංග්‍රහය" නමැති කෘතිය රචනා කිරීමට අදහස් කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි අභිධර්මය පිළිබඳ දේශන පැවැත්වීමට කරුණු එකතු කිරීමේ ව්‍යායාමයෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
Rs 1,080.00
Rs 1,200.00
Kankhavitharani Nama Pathimokkha Warnanana
කංඛාවිතරණී නාම පාතිමොක්ඛ වර්ණනා - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,200.00
-10%Out-of-Stock
Lama manovidyawa ha lama arakshaka
Out-of-Stock
ළමා මනෝවිද්‍යාව විෂය ක්‍ෂේත්‍රය මෑත අවධියේ බෙහෙවින් ජනප්‍රිය හා අත්‍යවශ්‍ය විෂය ක්ෂෙත්‍රයකි. ඇල්ෆා පරම්පරාව (Generation Alpha) ලෙස නම් කර ඇති වර්තමාන ළමයින් මෙලොවට බිහිවනුයේ අප පෙර දී නුදුටු නව ලෝකයකට ය. ඉපදීමට පෙර සිට ම තාක්ෂණික මෙවලම් පරිහරණය කරන ශබ්ද, ගර්භාශයේ සිටිය දී ම දරුවන්ට ඇසී ඇත. උපත ලබා පා තබනුයේ සයිබර් අවකාශයකට ය. රූපවාහිනිය, පරිගණකය, ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය, කැසට්, වීඩියෝ, වර්ණ සහිත තිර වල රූප දකින නවතම ලෝකයකට ය. නව ලොවට පා තබන නව දරුවන්ට කෙසේ ඉගැන්විය යුතු ද? සිදුවිය හැකි ව්‍යසන කවරේ ද? ඔවුන් බලාගෙන සිටින දර්ශන වලින් කුමක් තෝරාබේරා ගන්නේ දැයි වැටහීමක් ඔවුනට නැත. නව ඩිජිටල් යුගයෙහි ස්වභාවය හා අර්බුදකාරී බව Eric Schmidt හා Jared Cohen විසින් තම "New Digital Age" පොතෙන් හඳුන්වා ඇත්තේ Vuca Age (Violence, Uncertainty, Complexity And Ambiguity) (කැරලි සහිත බව, අවිනිශ්චිත බව, පැටලිලි සහිත සහ අවුල් සහිත බව සහ ව්‍යාකූලතාවෙන් පිරි) අවධියක් බව යි. බාහිර පරිසරයෙන් ලැබෙන මෙම ව්‍යාකූල බව නිසා මිනිස් මනස ද නොසන්සුන්ව නිතරම දොඩමළු වෙමින් ඇත. මේ නිසා මනස ද අවුල් ය. සතිමත් බවක් නැත. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස විකෘති සමාජයක් බිහි වෙමින් ඇත. 
Rs 1,080.00
Rs 1,200.00
-10%
Lama Manovidyawa - Lama Sanwardhanaya Ha Lama Arakshanaya

 පෙර පාසල් ගුරුවරියන්ට 
ගුරු පුහුණු පාඨමාලා - හදාරන ගුරුවරුන්ට 
දරුවන් හොඳින් හදා වඩා ගන්නට උනන්දු වන දෙමාපියන්ට අත්පොතකි. 

ළමයින් හදා වඩා ගැනීමේ දී ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවන් හා අවශ්‍යතාවන් පිළිබඳව නිවැරදි වැටහීමක් දෙමාපියන් තුළ තිබිය යුතු ය. පුර්ණ පෞරුෂ වර්ධනයකින් යුතු ළමයෙකු හදා වඩාගත හැකි වනුයේ ළමයා ගේ කායික, බුද්ධිමය, චිත්තවේගික හා සාමාජික යන අංශයන්හි වර්ධනය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති විට පමණි. ළමයින්ගේ වර්ධන රටාව සහ ස්වරූපය පිළිබඳව පැහැදිලිව දැන ගැනීමට සිංහල පාඨකයන්ට තිබූ අවහිරය මේ පොත නිසා මගහැරී යයි. නූතන පර්යේෂණ වලින් හෙළි වූ නව තොරතුරු ද ඇතුළත් කොට, ළමා මනෝ විද්‍යාව පිළිබඳ නව දැනුම සරල, සුගම බසින් සිංහල පාඨක ලෝකයා වෙතගෙන ඒමට කතුවරු සමත්ව සිටිති. දරුවන් හදා වඩා ගැනීමෙහි නියැලි සැම දෙනා ළඟ ම තිබිය යුතු පොතකි. 
Rs 1,080.00
Rs 1,200.00
-10%
Pohosath Wanna Sathutin Sitinna
මෙම ග්‍රන්ථයෙන් කියැවෙන වැදගත් පනිවුඩ කීපයක්ම ඇත. ඉන් පළමු වැන්න වත්මන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය. දෙවැනි පනිවුඩය වන්නේ මේ ලෝකය තුළ කිසිවක් හිඟ නැති බවය. හිඟයක් ඇත්නම් එයට හේතුව හරියට වැඩ නොකිරීමය. තුන්වන පනිවුඩය වන්නේ මුදල් අත්‍යවශ්‍ය වුවත් මුදලට සතුට අත් කර ගැනීමට නොහැකි බවය. මුදල් වලට අමතරව වෙනත් යමක් අත්කර ගත යුතු බව කතුවරයාගේ හැඟීමය. ඒ කුමක්ද යන්න මෙම ග්‍රන්ථය කියවීමෙන් දැනගත හැක. මෙම කෘතිය සැබෑ ලෙසටම කතුවරයාගේ අත්දැකීම් මත රචනා කරන ලද්දක් වීම ද තවත් වැදගත් කාරණයකි. 
Rs 1,080.00
Rs 1,200.00
-10%
Wishva Akarshana Neethiya
කර්තෘ ගෙන්...
ඔබේ යටි හිත විශ්වයේම කොටසකි. එයට අපිරිමිත බලයක් ඇත. මුලින්ම අප එය හඳුනාගත යුතුය. එය විශ්වාස කළ යුතුය. විශ්ව ආකර්ෂණ නීතිය යනු ඔබ, ඔබගේ යටි හිත මගින් ඔබේ අරමුණු සාක්ෂාත් - කරගන්නා ප්‍රබල ක‍්‍රමවේදයකි. මේ තුළ යම් අදෘෂ්‍යමාන ස්වභාවයක් තිබෙන බව පෙනෙන නමුත්, මෙය විද්‍යාත්මක සංකල්පයක් සහ ක්‍රියාවලියකි
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock
Hidden Treasures And Secret Lives
Out-of-Stock
"Hidden Treasures And Secret Lives" is a captivating exploration into the enigmatic world of hidden treasures and the clandestine lives of those who seek them. From lost cities to buried artifacts, this book delves into the mysteries surrounding these elusive treasures and the intriguing stories behind them. Through meticulous research and vivid storytelling, readers are taken on a journey through history, uncovering tales of adventure, greed, and discovery. Whether it's the search for sunken ships laden with gold or the quest for ancient relics hidden deep within remote landscapes, "Hidden Treasures And Secret Lives" offers a fascinating glimpse into the thrilling pursuit of the unknown.
Rs 981.00
Rs 1,090.00
-10%
Sathara Paramartha Dharma Wigrahaya
බුදු දහමේ සම්පූර්ණ වශයෙන් ඇතුළත් වන විනය පිටකය, සූත‍්‍ර පිටකය, අභිධර්ම පිටකය යන ත‍්‍රිපිටකයට අයත් අභිධර්මයත්, අභිධර්මයෙහි ප‍්‍රධාන වශයෙන් අඩංගු වන චිත්ත, චෛතසික, රූප, නිබ්බාන යන පරමාර්ථ ධර්ම සතරත් ඉතා පැහැදිලි ලෙස මෙහි විස්තර කර තිබේ. මෙම පොත කියවීමෙන් එම අභිධර්ම පිටකය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැක. එසේම සිත දියුණු කර ගැනීම තුළින් නිවන් අවබෝධ කර ගැනීමේ පිළිවෙල සහ ඊට අනුගත වන ආකාරය ද මෙයින් පැහැදිලි වේ. නිවන් අවබෝධය අපේක්ෂිත සෑම අයෙකු විසින් ම කියවිය යුතු පොතකි. 
Rs 1,755.00
Rs 1,950.00
-10%
Soyiliyas Mandisge Nava Kelani Wihara Sithuvam
සොයිලියස් මැන්දිස්ගේ නව කැලණි විහාර සිතුවම් - තත්කාලීන යටත්විජිත සමාජ - දේශපාලනික බලවේග, දෘෂ්ටිවාද කතිකා ආදී සමස්ත පසුතලය සැලකිල්ලට ගනිමින් නව කැලණි විහාර සිතුවම් කියවීමට සහ අවබෝධ කර ගැනීමට මෙම ග්‍රන්ථය උපයෝගී කරගත හැකිය.
Rs 1,035.00
Rs 1,150.00
-10%Out-of-Stock
The Spread Of Theravada Buddhism In South India
Out-of-Stock
The Spread of Theravada Buddhism in South India - offers an in-depth exploration of the historical, cultural, and religious factors that contributed to the dissemination of Theravada Buddhism in the southern region of India. Authored by scholars with expertise in Buddhist studies and South Indian history, this book examines the emergence and growth of Theravada Buddhism in South India, tracing its origins, development, and interactions with other religious traditions. It explores the role of key figures, monastic institutions, trade routes, and royal patronage in facilitating the spread of Theravada Buddhism in the region. Through meticulous research and analysis of textual sources, inscriptions, archaeological evidence, and historical records, the book sheds light on the unique characteristics and dynamics of Theravada Buddhist communities in South India. Whether you're a student, scholar, or enthusiast of Buddhism or South Indian history, "The Spread of Theravada Buddhism in South India" offers valuable insights into the rich and diverse religious landscape of the region.
Rs 1,035.00
Rs 1,150.00
-10%Out-of-Stock
The Kandyan Kingdom Of Sri Lanka 1707-1782
Out-of-Stock
The Kandyan Kingdom of Sri Lanka 1707-1782 - provides a detailed examination of one of the most significant periods in Sri Lankan history. Through meticulous research and scholarly analysis, the book explores the political, social, and cultural dynamics of the Kandyan Kingdom during the 18th century. From the consolidation of power under King Vimaladharmasuriya I to the challenges posed by European colonial powers, the authors delve into the complex interactions that shaped the kingdom's trajectory. With insights into governance, warfare, trade, and religious practices, this authoritative work offers readers a comprehensive understanding of the Kandyan Kingdom's rise to prominence and eventual decline. Rich in historical detail and academic rigor, "The Kandyan Kingdom of Sri Lanka 1707-1782" is an essential resource for anyone interested in the history of Sri Lanka and the broader Indian Ocean world.
Rs 1,035.00
Rs 1,150.00
-10%Out-of-Stock
Pali - Sinhala Shabdakoshaya
Out-of-Stock
පාලි - සිංහල ශබ්දකෝෂය - යනු ථෙරවාදී බෞද්ධ ග්‍රන්ථවල භාෂාව වන පාලි භාෂාවෙන් සිංහලට පරිවර්තන සපයන පුළුල් විමර්ශන කෘතියකි. මෙම ශබ්දකෝෂය බෞද්ධ ග්‍රන්ථවල භාවිතා වන පාලි පද පිළිබඳ නිවැරදි නිර්වචන සහ පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන උගතුන්ට, ශිෂ්‍යයින්ට සහ බුද්ධාගමෙහි නියැලෙන්නන්ට අගනා සම්පතකි. පාලි ග්‍රන්ථ අධ්‍යයනය කරන හෝ සිංහලට පරිවර්තනය කරන ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස එය ක්‍රියා කරයි.
Rs 990.00
Rs 1,100.00
-10%
Mul Lamaviya Sanvardhanaya Ha Adyapanaya
මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය - මුල් ළමාවිය, ළමා මනෝවිද්‍යාව හෝ ළමා සංවර්ධනය ගැන හැදෑරීමට අවශ්‍ය සෑම පාඨමාලාවකටම මෙම කෘතිය නිර්දේශිත වූවකි. එසේම සියලු පෙර පාසල් ගුරුවරියන්ට මෙය අත්පොතක් වශයෙන් ද භාවිත කළ හැකිය. ඊටත් අමතරව මුල් ළමාවියේ දරුවන් සිටින හෝ දරුවන් අපේක්ෂිත දෙමාපියන්ට තම දරුවන් සංවර්ධනය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ගුරුහරුකම් රැසක් මෙම කෘතියෙහි අඩංගු වේ.
Rs 1,890.00
Rs 2,100.00
-10%
Sinhala Kula Kramaya
'සිංහල කුල ක්‍රමය' මෙම ග්‍රන්ථය ආචාර්ය සේපාලී මායාදුන්නේ මහත්මිය විසින් රචිත අතර ලංකාවේ පුරාතණ කාලයේ සිට පැවත ආ කුල ක්‍රමය පිළිබද සියලුම විස්තර මෙහි ඇතුලත් වන අතර කෂත්‍රිය,බ්‍රාහ්මණ, වෛශය, ශුද්‍ර යන චතුර් වර්ණ කුළ ක්‍රමයක් ඒ වන විට  භාරතයේ පැවති අතර. බොහෝ විට භාරතය අනුකරණය කළ මෙරට එසේ වු කුල ක්‍රමයක් පුරාතන අනුරාධපුර රාජධානියේ පැවති බවට සාධක නැතත්. සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ සමගින් අටලොස් කුලයක ජනතාව මෙරටට පැමිණි බවක් වංශකථාවල සදහන් වන අතර එම කුල මහාබෝධි සත්කාරය සදහා පමණක් පැවතියේ යැයි ජනප්‍රවාද වල සදහන් වේ.
මේ ග්‍රන්ථය අධ්‍යයන තුළින් කුල ක්‍රමයේ වර්ධනය ක්‍රමිකව  දඹදෙනි රාජධානි යුගයේ සිට කුරුණෑගල, ගම්පොළ ඔස්සේ සෙංකඩගල රාජධානිය දක්වා පැමිණ විකාශනය වූ ආකාරය ඉතා පැහැදිලි සහ නිරවුල් ලෙස අධ්‍යයන කළ හැකිය. 
Rs 990.00
Rs 1,100.00
-10%
Pirimi Saha Gahanu Metharam Wenas Ayi
ආරියරත්න චන්ද්‍රවංශ මහතා විසින් පරිවර්තනය කරන ලද 'පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි' යන මෙම කෘථිය 'බබාර සහ ඇලන් පීස්' යන දෙදෙනාගේ 'වයි මෙන් ඩොන්'ට් ලිස්ටන් ඇන්ඩ් වොමෙන් කාන්ට් රීඩ් මැප්'යන කෘතියේ සිංහල පරිවර්තනය වන අතර. මෙම කෘතිය මගින් ඔබට විරුද්ධ ලිංගිකයන් හා බැදිම ඇතිකර ගැනීමට හා පවත්වා ගැනීමට පමණක් නොව එය ඔබ ගැනම අවබෝධ කර ගැනීමටත් උදව් වෙයි. එමගින් ඔබ දෙදෙනාටම වඩාත් ප්‍රීතිදායක සුවදායක හා සැනසිලිදායක ජිවිතයක් ගත කිරීමටත් සහාය වේ.
Rs 990.00
Rs 1,100.00
-10%Out-of-Stock
Nowa Paraniya Wana Ramaniya Siyak Wathin Thihak
Out-of-Stock
කතෘගෙන්..
මේ සටහන්වලට ඇතුළත් වන්නේ මට ඇසුරු කිරීමට ලැබුණු පුද්ගල සමූහයකි. ඒ සෑම කෙනෙකුගෙන් ම මට කිසියම් ආභාසයක් ලැබී ඇතැයි කල්පනා වේ. එබැවින් මේ හැම ඇසුරකින් ම මට හැගී ගියේ සටහන් කොට තැබිය යුතු ඒවා ලෙසයි. එසේ ම ඒවා කිසිලෙසකින් පරිපුන් අපදාම ලෙස නොසැලකිය යුතුය. ඒවායේ විටෙක මුලක්, මැදක්, හා අගක් සම්මත ගණයේ චරිත කතාවක මෙන් දැකගත නොහැකිවෙනු ඇත. එබැවින් මේ සටහන් පෙළ චරිතකතා ගණයේ ලා සම්මත ලෙස ගිණිය නොහැකිය. විටෙක ඒවා චරිතාංශු ලෙස දැක්විය හැකිය. තවත් විටෙක 'සිද්ධි' හා 'අවස්ථා' ලෙස දැක්විය හැකිය. මගේ සමහර ගුරුවරු මෙහි හමුවෙති. කලාකරුවෝ හමුවෙති. මිතුරෝ හමුවෙති. මට මෙහි හමුවෙන අය, මගේ ජිවිත කාලයෙන් අඩ සියවසකය වැඩි කලක් ඇතුළත දී හමු වූ අය වෙති. කිසියම් අභ්‍යන්තර පෙලඹීමක් නිසා ඔවුන් පිළිබද මෙබදු සටහන් ලිවිය යුතු යයි මට සිතුණු වාර අපමණය.
Rs 990.00
Rs 1,100.00
-10%
Punarbawaya ha Nirwanaya
කතෘ ගෙන්..
"පුර්ණර්භවය හා නිර්වාණය” නමැති මේ බණපොතසැපයුනේ - කාගේවත් ආරාධනයක් නිසා නොවේ. කලක පටන් මා සිත තුළ ජනිතව පැවැති අදහසක් මුදුන් පමුණුවා ගැනීම පිණිසය.
හැදීගන වැඩීගන යන තරුණ පෙළ අතර පහළ වේගන යන ධර්‍ම විරෝධී අදහස් දුරු කොට - ඔවුන් මිථ්‍යා දෘෂ්ටියෙන් මුදවා සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටුවීම ම මේ පොත ලිවීමේ එක ම පරමාර්ථය වෙයි. "පුනර්භවයක් නැහැ. (පුනරුත්පත්තියක්) අපායවල්, දිව්‍ය බ්‍රහ්මලෝක නැහැ. කර්‍මවලට පල විපාක නැහැ. රහතන්ය, බුදුවරුන්ය කියා සැනසුන උතුමෝ ලෝකයේ නැහැ.” යනාදී වශයෙන් අද සමාජයේ සමහරුන් අතර පවත්නා දුර්මත - මේ පොත කියවීමෙන් තරමක් දුරටවත් නිරාකරණය කරගත හැකිය.
Rs 990.00
Rs 1,100.00
-10%
Bauddha Samaja Widya Praweshaya
බෞද්ධ සමාජ විද්‍යා ප්‍රවේශය නමැති ග්‍රන්ථය පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්‍ෂේත්‍රයට සිංහල භාෂා මාධ්‍යයෙන් කරන මාහැඟි ප්‍රදානයකි. විද්‍යාත්මක සමාජ විද්‍යා දෘෂ්ටි කෝණයකින් මුල් බුදුසමයේ එන ඇතැම් කරුණු විග්‍රහ කොට දැක්වීමට ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා දරා ඇති උත්සාහයට සමාන උත්සාහයක් සිංහල භාෂාවෙන් ලියැවී ඇති අනෙක් ග්‍රන්ථයක දක්නට නොලැබෙන බව කිය යුතුය. ඒ බව මේ කෘතියේ එන පරිච්ඡේද නාම විමසීමෙන් ම පැහැදිලි වේ.
Rs 990.00
Rs 1,100.00
-10%
Senakanda Bisobandara Puwatha
මධ්‍යම පලාතේ උඩුනුවර, ගම්පොළ -උඩ පළාත, යටිනුවර, කඩුගන්නාව, දුම්බර, හඟුරන්කෙත, වලපනේ, කොත්මලේ, හේවාහැට ආදි ප්‍රදේශවල ප්‍රචලිත දේව පුරාවෘත්තයක් වන සෙනකඳ බිසෝබණ්ඩාර දේවිය පිළිබඳ ප්‍රවෘත්තිය, අතිශය විස්මිත අධිභෞතික සිදුවීම් වලින් පිරී තිබේ. ජනප්‍රවාදානුගත විශ්වාසය පරිදි ගම්පොළ රජ කළ තුන්වැනි වික්‍රමබාහු රජුගේ මෙහෙසිය වශයෙන් සැලකෙන ඇගේ උපත බෙලි ගෙඩියකින් සිදු වූ ඕපපාතික ජන්මයකැ'යි කියනු ලැබේ. ප්‍රාදේශීය වශයෙන් අනන්‍ය දේවතා සංකල්පයක් වන සෙනකඳ බිසෝබණ්ඩාර දේවතාවිය පදන නම් කරගනිමින් ගොඩනැගී ඇති උප සංස්කෘතික ලක්ෂණ රැසක් නිසා ශතවර්ෂ කිහිපයක් පුරාවට මෙම දේව ඇදහිල්ල නොනැසී පවතින බව පෙනෙන්නට ඇත. එම පුරාවෘත්තය පිළිබඳ පුළුල් විමසුමක් මෙම ග්‍රන්ථය මගින් ඉදිරිපත් කෙරේ. සෙනකඳ බිසෝ බණ්ඩාර දේව වෘත්තාන්තය පිළිබඳව මෙතෙක් සිදු කර ඇති එක ම ශාස්ත්‍රීය විමැසුම මෙම ග්‍රන්ථය වන අතර, පුස්කොළ අත්ලිපි, ජනප්‍රවාද සහ ජනශ්‍රැති, ස්ථානීය නිරීක්ෂණ, දේව ස්තෝත්‍ර හා යාතිකා ආදි මූලාශ්‍ර මෙහි ලා පරිශීලනය කර ඇත.
Rs 990.00
Rs 1,100.00
-10%
Sathipattana Bauddha Bhawanawe Hadawatha - 'The Heart of Buddhist Meditation'
මෙම පරිවර්තනයේ මුල් ග්‍රන්ථය වන ඤාණපෝණික හිමියන්ගේ 'The Heart of Buddhist Meditation' නම් කෘතිය දැනට වර්ෂ හතළිස් පහකට අධික කාලයක් තිස්සේ මුද්‍රණය වෙමින් පවතින, එමෙන්ම භාෂා දහයකට පමණ පරිවර්තනය වී ඇති ආධ්‍යාත්මික ගුණයෙන් අනූන සම්භාව්‍ය ග්‍රන්ථයකි.
Rs 990.00
Rs 1,100.00
-10%
Sithaka wehesa
සිතක වෙහෙස ස්වාමිපුරුෂයන්ගේ පැමිණිලි නමින් මීට ප්‍රථම මා විසින් පොතක් පළ කරන ලදී. "සිතක වෙහෙස නැමැති මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයකට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයත්ය. ආවර්ජනයන්ය. එබැවින් මේ පොත" සිතක වෙහෙස " භාර්යාවන්ගේ පැමිණිලි යනුවෙත් නම් කළෙමි. ඇතැම් කාන්තාවන් උගත් කමින්. සමාජ ආර්ථික මට්ට වලින් විවිධ වෙනස්කම් පළ කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිළිබඳව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය. ආදරය ගැන අවබෝධයක් නොමැති කම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන් ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ. මෙහි අන්තර්ගත විස්තර කියවන කවරෙකුට වුව එය පැහැදිලිවනු ඇත. 
Rs 1,107.00
Rs 1,230.00