Best sellers

Bhikshu Samajaya
භික්ෂු සමාජය - ලෝක ඉතිහාසයේ වාර්තාගත දීර්ඝතම අවිච්චින්න මානව සංවිධානයක් වශයෙන් බෞද්ධ භික්ෂු සමාජය විද්වතුන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වූවකි. එබඳු සංවිධානයක පැවැත්මට මූලාධාර වූ විනය ශික්ෂාවවලින් වර්තමාන සමාජ සංවිධානවලට ගත හැකි ආදර්ශ රාශියකි. එහෙත් විනය ශික්ෂා පිළිබඳ සරල සිංහල භාෂාවෙන් විචාරාත්මකව ලියන ලද ග්‍රන්ථ ඉතා විරලය.
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්‍ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමියන් විසින් රචිත එමෙන්ම නව සංස්කරණයකින් යුක්තව පළ කොට ඇති "භික්ෂු සමාජය" නමැති කෘතිය ඉහත කී අඩුව බොහෝ දුරට සම්පූර්ණ කිරීමට ගත් ප්‍රශස්ථ උත්සාහයක් ලෙස සඳහන් කළ යුතුය. ශාස්ත්‍රීය මෙන්ම ප්‍රායෝගික යන දෙපක්ෂයෙන්ම විනය ශික්ෂා පිළිබඳ ප්‍රාමාණික අවබෝධයකින් යුතු උන්වහන්සේගේ මෙම කෘතිය විද්වත් පාඨක ජනතාවගේ මෙන්ම සාමාන්‍ය බෞද්ධ ජනතාවගේ ද අවධානයට යොමු විය යුතු කෘතියක් බව සඳහන් කරනු කැමැත්තෙමි.
Rs 250.00
Out-of-Stock
Sigiriya Ehi Sithuvam Raja Uyana Ha Anekuth Nagaranga
Out-of-Stock
සීගිරිය එහි සුප්‍රකට සිතුවම්, රජ උයන හා අනෙකුත් නගරාංග - සීගිරිය මුලින්ම ජනාවාස කරන ලද්දේ ප්‍රාග් ඓතිහාසික මානවයා විසිනි. සීගිරි නගරය තුළ ඇති අලිගල නම් ලෙනෙන් මානව අස්ථි යනාදිය ලැබී තිබේ. 
ක්‍රිස්තු පූර්ව 3 සියවසත්, ක්‍රිස්තු වර්ෂ 1 සියවසත් අතර කාලයට අයත් සීගිරියේ ඇති කටාරම් කොටවා සැකසූ ලෙන් බෞද්ධ භික්ෂූන්ගේ වාසය පිණිස වෙන් විය. 
සීගිරියේ වැදගත්ම නෂ්ටාවශේෂ කාශ්‍යප රාජ්‍ය සමයට අයත් ය. සිය පියා වූ ධාතුසේන රජු මැර වූ හෙතම සිය සොයුරු මුගලන් කුමරුට බියව සීගිරියට පළා ආවේ ය. ආරක්ෂිත රැකවලින් අනූන සියලු නගරාංගයන්ගෙන් හෙබි අලංකාර නගරයක් සීගිරිය පර්වතාශ්‍රයේ තැනූ කාශ්‍යප රජු එහි සිට වසර 18ක් දිවයින පාලනය කළේ ය.
සීගිරිය නගරය ප්‍රධාන කොටස් පහකට බෙදිය හැකිය. මධ්‍යයෙහි ඇත්තේ ප්‍රධාන පර්වතය හා ඒ මත පිහිටි රජ මාලිගයයි. සුප්‍රකට සීගිරිය සිතුවම් සහ කැටපත් පවුර අයත් වන්නේ ද මේ කොටසටම ය. පර්වතය වටා බෑවුම් සහිත පෙදෙස ප්‍රකාරයකින් පිරිකෙව් කොට ඇති ඇතුල් නගරයයි. පර්වතයටත් ඇතුල් නගරයත් බටහිර දෙසින් ඇත්තේ රාජකීය විනෝද උද්‍යානයයි. 
ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ, එනම් පර්වතයට නැගෙනහිර දෙස පිට නගරය ලෙස සැළකේ. මෙම සියලු නගරාංග මැදිවන පරිදි පිටතින්ම ඇත්තේ පවුරු සහ දිය අගල් ය. සීගිරිය වැව පිහිටියේ නගරයට වයඹ දෙසිනි.
සීගිරිය නගරය පිළිබඳ ප්‍රමාණික දැනුමක් ලබාදීම මෙම ග්‍රන්ථයේ මුඛ්‍ය අරමුණයි.
Budun Dakeema
බුදුන් දැකීම - මහාචාර්‍ය රේරුකානේ චන්දවිමල නායක වස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද"සූවිසි මහ ගුණය" සහ ගණේගම සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද "බුදු හාමුදුරුවෝ" මෙන්ම ත්‍රිපිටකය යන ග්‍රන්ථය යනාදිය උපකාරයෙන් කරුණු එකතු කර ගනිමින් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.
Rs 350.00
Satipatthana & Samadhi
One of the most common unquestioned assumptions among Buddhist meditators is that Satipatthana is synonymous with Vipassana. This assumption, it seems, often is a result of reading the Satipatthana Suttas in isolation without carefully considering the context in which satipatthana is used throughout the Sutta. When the broader view of the entire Sutta Pitaka is taken into account, it becomes clear that such an assumption, at best, is only partially correct. In this short study he will investigate the various contexts in which satipatthana appears and particularly consider is relationship with samadhi.
Rs 30.00
Ambalama Saha Samajaya
අම්බලම සහ සමාජය - මෙය ශ්‍රී ලංකාවේ පුරාණ අම්බලම් පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණ ග්‍රන්ථයකි. අම්බලම්වල ගෘහ නිර්මාණ ලක්ෂණ හා අම්බලම් ජන ජීවිතය‌ට සම්බන්ධ වූ ආකාරය වැනි අංශ පිළිබඳ ව විධිමත් පැහැදිලි කිරීම් සිදු කර ඇති ශාස්ත්‍රීය කෘතියක් වශයෙන් ද හැඳින්විය හැකි ය.
Rs 885.00
Piduru Gahe Wiplavaya
පිදුරු ගහේ විප්ලවය - "මෙම ග්‍රන්ථය ගොවිතැන ගැන පමණක් ලියවුණු එකක් ලෙස ගෙන බලන පාඨකයන් පුදුමයට පත් කරන්නේ ආහාරය, සෞඛ්‍යය, සමාජ හර පද්ධතීන්, මිනිස් දැනුමේ සීමාවන් යන විවිධ මාතෘකා පිළිබඳ තොරතුරු ද එහි ඇතුළත් වන බව දුටු විටය. දාර්ශනික ග්‍රන්ථයක් ලෙස සිතා ග්‍රන්ථය කියවන අය පුදුමයට පත් වන්නේ, ජපන් ගොවිපලක වී, ශීත කාලයේ ධාන්‍ය, පැඟිරි සහිත පළතුරු එළවළු ආදිය වැවීම පිළිබඳ ඉතා ප්‍රායෝගික තොරතුරු එහි ඇතුළත් වන ආකාරය දුටු විට ය." 
Rs 480.00
Dhammapada Artha Wiyakyanaya
ධම්මපද අර්ථ ව්‍යාඛ්‍යානය - බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලදුව මෙහි ඇතුළත් ගාථා සියල්ල ධර්‍ම විනයෙහි නා නා තැන්හි විසිරී තිබී පසුව ඛුද්දක නිකාය නම් ග්‍රන්ථයෙහි ඒ සියල්ල එක්තැන් කොට 'ධම්මපදය' නමින් දක්වා ඇත.
Rs 800.00
Buddhacharithaya
බුද්ධචරිතය - බුදුන් වහන්සේගේ උපතේ සිට පරිනිර්වාණය තෙක් චරිතාපදානය ද එතැන් පටන් තුන් වන ධර්මසංගායනාව තෙක් ශාසන ඉතිහාසය ද මෙහි සවිස්තරව දැක්වේ.
Rs 2,300.00
Bahiya Daruchiriya Maha Rahathan Wahanse
බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ - බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ වහා දහම් අවබෝධය කළ (ඛිප්පාභිඤ්ඤ) භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබ බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිහත් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි දහ වැනි ග්‍රන්ථය "බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 150.00
Bakkula Maha Rahathan Wahanse
බක්කුල මහ රහතන් වහන්සේ - බක්කුල මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ නීරෝගී භික්ෂූන් (අල්පාබාධ ඇති භික්ෂූන්) අතර අග්‍රස්ථානය ලැබ බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර තිස්තුන් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි අට වැනි ග්‍රන්ථය "බක්කුල මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 500.00
Puthigaththathissa Maha Rahathan Wahanse
පූතිගත්තතිස්ස මහ රහතන් වහන්සේ - පූතිගත්තතිස්ස මහ රහතන් වහන්සේ ගෞතම බුදු සසුනේ අසූ මහා ශ්‍රාවකයින් වහන්සේලා අතරට අයිති නොවන මුත් බුදුසසුනේ ඉතා ප්‍රකට මහරහතන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළිබඳ ව මෙම ධර්‍ම ග්‍රන්ථයේ විස්තර  ලක් වේ.
Rs 180.00
Angulimala Maha Rahathn Wahanse
අංගුලිමාල මහ රහතන් වහන්සේ - අංගුලිමාල මහ තෙරුන් වහන්සේ ගෞතම බුදු සසුනේ විශේෂ අග්‍රස්ථානයක් ලැබූ තෙරුන්වහන්සේ නමක් නොවෙයි. නමුත් බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයින් අතරින් එක් නමකි. අසූ මහා ශ්‍රාවක නාම ලේඛනයේ මුන් වහන්සේගේ නම හැත්තෑහය වන ස්ථානයේ සඳහන් ය. "ගර්මගමන්තානීපුත්ත" යන නමින් ද හඳුන්වන උන්වහන්සේ පිළිබඳ තොරතුරු මෙම ධර්‍ම ග්‍රන්ථයේ සඳහන් වේ.
Rs 550.00
Radha Maha Rahathan Wahanse
රාධ මහ රහතන් වහන්සේ - රාධ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදු සසුනේ පටිභානෙය්‍යක භික්ෂූන් ගෙන් අග්‍රස්ථානය ලබා ගෙන බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර හතළිස් වැනි ස්ථානයේ වැඩ සි‌ටින මහ රහතන් වහන්සේ ය. මෙහි "පටිභානෙය්‍යක" යනු "බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය විවිධ නය ක්‍රමයන් ගෙන් ඉතා ඉක්මණින් වටහා ගැනීමේ හැකියාව ඇති" යන්න යි. එම හැකියාව ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබා ගත්‌තේ මෙ රාධ මහ රහතන් වහන්සේ ය.
Rs 300.00
Chunda Maha Rahathan Wahanse
චුන්ද මහ රහතන් වහන්සේ - ගෞතම බුද්ධ ශාසනයේ අසූ මහා ශ්‍රාවයන් වහන්සේලා අතරින් හතළිස් අට වැනි ස්ථානය හිමි චුන්ද මහ රහතන් වහන්සේ පිළිබඳ ව මෙම ග්‍රන්ථයෙන් විස්තර කෙරේ. මෙහි හැකි තරම් දුරට යොදා ගෙන ඇත්තේ විනය පිටකයෙත් සූත්‍ර පිටකයෙත් තදනුගත අට්ඨකථාවලත් තැනින් තැන විසිරී පවතින උන්වහන්සේගේ චරිතය වටා සම්බන්ධ කතා පුවත් ය.
Rs 250.00
Sigalakamatha Maha Rahath Theraniya
සිගාලකමාතා මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රද්ධා සම්පන්න භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණිය වන 'සීගාලකමාතා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ.
Rs 350.00
Sri Deepankara Buddha Charithaya
ශ්‍රී දීපංකර බුද්ධ චරිතය - මෙම බෞද්ධ පර්යේෂණ ග්‍රන්ථය මඟින් ගෙන එන්නේ ශ්‍රී දීපංකර බුද්ධ චරිතයයි. බෞද්ධ පාඨකයට වැදගත් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත්තේ ලීල් අදිකාරී මහතා ය.
Rs 150.00
Out-of-Stock
Asirimath Budu Siritha
Out-of-Stock
අසිරිමත් බුදු සිරිත - බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් චිත්‍රයට නඟා සිංහල ඉංග්‍රීසි හැඳින්වීම් සහිත ව මෙම කෘතිය සම්පාදනය කර ඇත.
Siddhartha Gauthama Buddha Charithaya 1
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය 1 - මේ පොත් පෙළ මඟින් සිදුහත් කුමාර උපතේ සිට බෝසතුන් බුද්ධත්වය‌ට පත් වීම දක්වා සිද්ධීන් දරුවන්ට තේරුම් ගැනීමට පහසු අයුරින් කතන්දරයක් ලෙස සිතුවම් සමඟ ඉදිරිපත් කර තිබේ. මෙය එම පොත් පෙළෙහි පළමු පොතයි.
Rs 450.00
The Wedding Feast
The Wedding Feast - Cumarathunga Munidasa was a renown, linguist, grammarian, commentator, writer, poet, and journalist, having published many folk tales in the country. The book is also considered a classic and is used by many schools in the country.
Rs 600.00
The Explanation Of The Factors Of Enlightenment
The Explanation of The Factors of Enlightenment - An in-depth exploration of the factors of Enlightenment which are 37 in all by one of the leading exponents of Buddhist philosophy in Sinhalese; the book is a translation from the Sinhala original.
Rs 600.00
The Discourse On The Fruits of Recluseship
The Buddha traces the entire progress of a disciple from the first step on the path to the attainment of Nibbana in this second sutta of the Sutta Pitaka, one of the most elevating of the Buddha's discourses. The work is not only a great spiritual classic, but also a literary gem distinguished by its beauty of poetic imagery.
Rs 250.00