Best sellers

-10%Out-of-Stock
Carrying Tales - Jataka Tales 29
Out-of-Stock
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Sandibeeda Jataka.'
Rs 153.00
Rs 170.00
-10%
Dhammapada Artha Wiyakyanaya
ධම්මපද අර්ථ ව්‍යාඛ්‍යානය - බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලදුව මෙහි ඇතුළත් ගාථා සියල්ල ධර්‍ම විනයෙහි නා නා තැන්හි විසිරී තිබී පසුව ඛුද්දක නිකාය නම් ග්‍රන්ථයෙහි ඒ සියල්ල එක්තැන් කොට 'ධම්මපදය' නමින් දක්වා ඇත.
Rs 720.00
Rs 800.00
-10%
Nopenena Sithaka Nopenena Sithiwili Paramparava
නොපෙනෙන සිතක නොපෙනෙන සිතිවිලි පරම්පරාව - සිත හා සිතිවිලි පිළිබඳ ව මැනවින් විස්තර කෙරෙන මෙම ග්‍රන්ථය ලසන්ත රත්නගොඩ මහතා විසින් ඉතා සරල භාෂා ශෛලියකින් ලියා ඇති අතර මෙය හැම කෙනෙකුගේ ම පරිශීලනය සඳහා සුදුසු ධර්‍ම ග්‍රන්ථයක් ය.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock
Abidahama Lihil Hela Basin
Out-of-Stock
අබිදහම ලිහිල් හෙළ බසින් - ඉතාමත් ගැඹුරු විෂයක් වූ අභිධර්මය ලිහිල් බසින් වැටහෙන පරිදි ලිවීමේ අරමුණින් යුතු ව කතෘ සඳසිරි එම්. ලියනගේ මහතා මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය පරිශීලනයේ දී එතුමා ගේ අරමුණ මැනවින් සඵල වී ඇති බව පැහැදිලි වේ. අභිධර්ම විෂය හදාරන ආධුනිකයන්ට මෙය වඩාත් සුදුසු වන අතර ග්‍රන්ථය රචනා කිරීමේ දී මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහා නායක හාමුදුරුවන් වහන්සේගේත්, පණ්ඩිත අතිපූජ්‍ය මාතර ශ්‍රී ධර්මවංශ හාමුදුරුවන් වහන්සේත් විසින් රචනා කොට ඇති ග්‍රන්ථ ද පරිශීලනය කර ඇත.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock
Nirvanaya Saha Sadacharaya
Out-of-Stock
නිර්වාණය සහ සදාචාරය - 'මෙම ග්‍රන්ථය ශාස්ත්‍රවේ දී විශේෂ උපාධි පරීක්ෂණ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත ඉදිරිපත් කරන ලද නිබන්ධනයෙහි සංශෝධිත සංස්කරණයකි. නිර්වාණ පරමාර්ථයෙහි ඇති සදාචාරාත්මක අගය හුවා දක්වන මෙම නිබන්ධනයෙන් වැදගත් වූ ද කාලෝචිත වූ ද කාර්යයක් ඉටු කෙරේ.'
Rs 252.00
Rs 280.00
-10%
Manasa Sasara Saha Nivana
මනස සසර සහ නිවන - මහාචාර්ය කළල්ඇල්ලේ ශේඛර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මවිනය ශබ්ද ශාස්ත්‍ර පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති ප්‍රකට යතිවරයෙකි. සිංහල, පාලි, සංස්කෘත, හින්දි යන පෙරදිග භාෂා මෙන් ම ඉංග්‍රීසි වැනි අපරදිග භාෂා පිළිබඳ මනා දැනුමක් ඇති ස්වාමීන් වහන්සේ නමක් වන අතර උන් වහන්සේගේ නවතම කෘතිය වන 'මනස සසර සහ නිවන' යන මෙම කෘතිය බුදු දහමේ ඉගැන්වෙන කේන්ද්‍රීය සංකල්පයක් වල විමුක්ති මාර්ගය පිළිබඳ කෙරෙන ශාස්ත්‍රීය විග්‍රයක් ලෙස හැඳින් විය හැක.
Rs 144.00
Rs 160.00
-10%
Chiththaya - Karmaya Karma Wipakaya
චිත්තය - කර්මය කර්ම විපාකය - "මෙම පොත අභිධර්මාර්ථ සංග්‍රහයට අනුව යමින් සම්පාදනය කරන ලද ලද්දකි. අභිධර්ම පිටකයට අයත් සප්තප්‍රකරණයන්හි ඇතුළු වූ ධර්මාර්ථයන් පිඬු කොට ත්‍රිපිටකධර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිර්මාර්ථ සංග්‍රහය නම් ග්‍රන්ථය බොහෝ කලෙක සිට අභිධර්මය උගන්වුනට මහෝපකාරී විය."  
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock
Maliyadeva Maharahathan Wahanse Saha Sinhala Janashruthi
Out-of-Stock
මලියදේව මහරහතන් වහන්සේ සහ සිංහල ජනශ්‍රැති - ලක්දිව වැඩ වාසය කළ අවසන් රහතන් වහන්සේ ලෙස ජනප්‍රවාදයේ සඳහන් වන්නේ 'මලියදේව මහරහතන්වහන්සේ' ය. එතුමන් වහන්සේ 'මලියදේව මහ රහතන්වහන්සේ' යනුවෙන් ම ජන ව්‍යවහාරයෙහි පවතින්නේ සිංහලයා එතුමන් කෙරෙහි දැක් වූ විශේෂ ගෞරවය නිසාවෙනි. සම්භාව්‍ය බෞද්ධ ග්‍රන්ථ මෙන් ම ජන ශ්‍රැතිය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කරමින් රාජකීය පණ්ඩිත පූජ්‍ය පදියතලාවේ අමරවංශ හිමියන් විසින් විද්වත් පර්යේෂණයක් ලෙස ඉදිරිපත් කොට ඇති 'මලියදේව මහ රහතන්වහන්සේ සහ සිංහල ජනශ්‍රැති' නමැති ශාස්ත්‍රීය ග්‍රන්ථය අමරවංශ හිමියන්ගේ නවතම කෘතිය වේ.
Rs 954.00
Rs 1,060.00
-10%
Rahula Maha Rahathan Wahanse
රාහුල මහ රහතන් වහන්සේ - රාහුල මහ රහතන් වහන්සේ වනාහි සිද්ධාර්ථ බොසතුන්ගේ පුත්‍රයා ය. මේ ග්‍රන්ථයට හැකි තරම් දුරට යොදා ගෙන ඇත්තේ විනය පිටකයෙත් සූත්‍ර පිටකයෙත් තදනුගත අට්ඨකථාවලත් තැනින් තැන විවිධ ප්‍රමාණවලින් විසිරී පවතින උන් වහන්සේගේ චරිතය සම්බන්ධ කතා පුවත් ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි එකොළොස් වැනි ග්‍රන්ථය "රාහුල මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 405.00
Rs 450.00
-10%
Lakuntaka Bhaddiya Maha Rahathan Wahanse
ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ - ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ මිහිරි හඬ ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබ බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර සත් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි දහනව වැනි ග්‍රන්ථය "ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 180.00
Rs 200.00
-10%
Soreyya Maha Rahathan Wahanse
සෝරෙය්‍ය මහ රහතන් වහන්සේ - සෝරෙය්‍ය මහ රහතන් වහන්සේ ගෞතම බුදු සසුනේ අසූ මහා ශ්‍රාවකයින් වහන්සේලා අතරට අයිති නොවන මුත් බුදුසසුනේ ඉතා ප්‍රකට මහරහතන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළිබඳ ව මෙම ධර්‍ම ග්‍රන්ථයේ විස්තර  ලක් වේ.
Rs 162.00
Rs 180.00
-10%
Rattapala Maha Rahathn Wahanse
රට්ඨපාල මහ රහතන් වහන්සේ - රට්ඨපාල මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදු සසුනේ ශ්‍රද්ධාවෙන් පැවදි වූ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබා ගෙන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිඑක් වැනි ස්ථානයේ වැඩ සිටින රහතන් වහන්සේ යි. උන්වහන්සේ පිළිබඳ ව මෙම ග්‍රන්ථයේ සාකච්ඡාව‌ට ලක් වේ.
Rs 315.00
Rs 350.00
-10%
Pilindivachcha Maha Rahathan Wahanse
පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ - පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදු සසුනේ දෙවියන්ට ප්‍රියමනාප වූ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබා ගෙන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිහය වැනි ස්ථානයේ වැඩ සිටින රහතන් වහන්සේ යි. උන්වහන්සේ පිළිබඳ ව මෙම ග්‍රන්ථයේ සාකච්ඡාව‌ට ලක් වේ.
Rs 180.00
Rs 200.00
-10%
Sundari Nanda Maha Rahath Theraniya
සුන්දරී නන්ද මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සොහොයුරිය වූ  ‌ගෞතම බුදුසසුනේ ධ්‍යානයෙහි ඇලුණු  භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ද ලබා ගත්, 'නන්දා', 'රූප නන්දා' යන නම් වලින් ද ප්‍රකට, මහ රහත් තෙරණිය වන 'සුන්දරී නන්දා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ. 
Rs 360.00
Rs 400.00
-10%
Kondadeniye Hamuduruvange Wiskam
කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ විස්කම් -'අනන්ත අප්‍රමාණ කාල පරිශ්‍රයක සිට මෙරට පැවති දැනුදු පවත්නා යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් ආදියෙහි යම් කිසි ගුප්ත එහෙත් තම ජීවින රටාවලිය සමග රැදුන සබඳතාවක් පිළිබඳ එක්තරා විශ්වාසයක් පැවැත්විණ. එබඳු පරිසරයක යෙදෙමින් ප්‍රායෝගිකව අත්හදා බැලීමක නිමග්න වූ හිමි නමක ලෙස කොණ්ඩදෙනියේ සීලරතන හිමිපාණන් මුළුමහත් දේශයටම මෑත යුගයේ පහළ වූ දැවැන්ත චරිතයක් බව‌ට පත් ව ඇත.' මෙම කෘතිය උන්වහන්සේගේ චරිත කතාව ඉදිරිපත් කරයි.
Rs 495.00
Rs 550.00
-10%
Aggamaha Panditha Polwaththe Buddhadaththa Maha Nahimi Charithapadanaya
අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධත්ත මහා නාහිමි චරිතාපදානය -විශ්ව කීර්තිය‌ට පත්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අතිමහත් සේවාවන් ඉටු කළ අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත ම‌හා ස්ථීවරයන් වහන්සේගේ චරිතාපදානය මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරයි.
Rs 135.00
Rs 150.00
-10%
Baththaramulle Sri Subhuthi Maha Svamindra Charithaya
බත්තරමුල්ලේ ශ්‍රී සුභූති මහා ස්වාමින්ද්‍ර චරිතය - මේ පොතේ අන්තර්ගත වන්නේ මහාකවි චක්‍රවර්කී, කවිකුලතිලක, මයාකවි ධනුර්ධරාචාර්ය අතිපූජ්‍ය බත්තරමුල්ලේ ශ්‍රී සුභූති මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ චරිත කතාව යි. මෙහි උන්වහන්සේගේ සම්පූර්ණ චරිත කථාව ම නොව උන් වහන්සේගේ චරිතය පිළිබඳ දැන ගත යුතු මූලික, ඉතා වැදගත් කරුණු විස්තර කෙරේ.
Rs 360.00
Rs 400.00
-10%
Bharatheeya Jothishya Widyava
ජ්‍යොතිෂය උගෙනීමට භාරතීය ජ්‍යොතිෂ විද්‍යාව - මෙම කෘතිය භාරතීය ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ විශිෂ්ඨතම සම්පාදනයක් වේ. ජ්‍යොතිෂයේ ශාඛා, එනම් ග්‍රහ දශා, භාව - ප්‍රභාව, වර්ෂාධිපති නිගමන, අනාගත දර්ශන, ජාතක ඵල, අනිෂ්ට නිවාරණ ආදී තවත් බොහෝ කරුණු පිළිබඳ සවිස්තර විවරණ මෙයට ඇතුළත් ය. මෙමඟින් සෑම කෙනෙකුට ම තමන්ගේ වර්තමාන ග්‍රහ තත්වය, අනාගත ජීවන පැවැත්ම, මරණින් මතු ජීවිතය වැනි කරුණු පිළිබඳ නිසැක තොරතුරු ද දැනගැනීමට හැකි වේ. සම්පූර්ණ භාරතීය ජ්‍යොතිෂ විද්‍යාවේ සාරය ඉදිරිපත් වී ඇති බැවින් මෙය ශ්‍රී ලාංකික ‌ජ්‍යොතිෂ ප්‍රේමීන්ට අතිශයින් ම ප්‍රයෝජවත් ග්‍රන්ථයක් බව පැවසිය යුතු ය.   
Rs 450.00
Rs 500.00
-10%
Jothishya Saha Menik Bhavithaya
ජ්‍යොතිෂය සහ මැණික් භාවිතය - සුවපත් දිවියක් සඳහා මැනික් ගල් භාවිතා කළ යුතු නිවැරදි ආකාර පිළිබඳ මඟ පෙන්වීමක් වශයෙන් ඩී.එම්. නිලත්ත කුමාර ධනසේකර මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය ‌ජ්‍යොතිෂය හා මැනික් විද්‍යාව පිළිබඳ ව අනාගතය‌ට දායාද කරන තිළිණයක් වැනි ය.
Rs 315.00
Rs 350.00
-10%
Siddhartha Gauthama Buddha Charithaya 3
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය 3 - මේ පොත් පෙළ මඟින් සිදුහත් කුමාර උපතේ සිට බෝසතුන් බුද්ධත්වය‌ට පත් වීම දක්වා සිද්ධීන් දරුවන්ට තේරුම් ගැනීමට පහසු අයුරින් කතන්දරයක් ලෙස සිතුවම් සමඟ ඉදිරිපත් කර තිබේ. මෙය එම පොත් පෙළෙහි තෙවන පොතයි.  මෙහි සත් සතිය, තපස්සු-භල්ලුක වෙළෙන්දන්ගේ දානය, දහම් දෙසීමට මහ බඹුගේ ආරාධනය, බුදුරදුන් ඉසිපතනයට වැඩීම, උපක ආජීවකයා හමුවීම, පස්වග තවුසන්ට පළමු ධර්ම දේශනාව, යස කුලපුත්‍ර පැවදි වීම, පළමු රහතන් වහන්සේ හැටනම දෙනා, භද්‍ර කුමාරවරුන් තිස් දෙනෙකු පැවිදිවීම, ජටිලයින් පැවදිවීම, බුදුරදුන් පළමුවරට ලක්දිවට වැඩීම, සමන් දෙවියන් සෝවාන් වීම, බුදුරජුන් රජගහ නුවරට වැඩීම සහ බිම්බිසාර රජු සෝවාන් වීම යන සිද්ධීන් මෙහි ඇතුළත් වේ.
Rs 270.00
Rs 300.00
-10%
Kammalikama
කම්මැලිකම - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 315.00
Rs 350.00
-10%
Suba Udasanak
සුබ උදෑසනක් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 315.00
Rs 350.00
-10%
Nariya Saha Midi Wela
නරියා සහ මිදි වැල -  මෙය ඊසොප්ගේ උපමා කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock
Abhidharma Chiththavithi Sangrahaya
Out-of-Stock
අභිධර්ම චිත්තවීථි සංග්‍රහය - "අභිධර්ම චිත්තවීථි සංග්‍රහය" නමැති කෘතිය රචනා කිරීමට අදහස් කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි අභිධර්මය පිළිබඳ දේශන පැවැත්වීමට කරුණු එකතු කිරීමේ ව්‍යායාමයෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
Rs 1,080.00
Rs 1,200.00