Sil Suwada "ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?" "මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ." "බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?"... ජයසේන ජයකොඩි මහතාගේ නව කතාවකි. Rs 900.00 Add to cart Buy
Sudu Neluma "මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ." "ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ." "මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?" "මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ." මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය. "අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ." ජයසේන ජයකොඩි මහතා විසින් රචිත නව කතාවකි "සුදු නෙළුම්". Rs 750.00 Add to cart Buy
Thera Tharanaya SUDU NELUMA -2 තෙර තරණය (සුදු නෙළුම-2) - ඉතාමත් රසවත් නවකතා මාලාවක අවසානය සනිටුහන් කරනු ලබන කතුවරයා රාහුල හිමියන්ගේ චරිතය බෞද්ධ භික්‍ෂුවකගේ අවැසිම සෑම පැතිකඩක්ම පාඨක ඔබ අපට ඉදිරිපත් කිරීමෙහිලා ගෙන ඇති වෑයම අති සාර්ථක වේ. Rs 450.00 Add to cart Buy
Out-of-Stock Suwa Asapuwa Out-of-Stock සුව අසපුව - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත මෙම පොත දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි. Rs 450.00 Details View details
Out-of-Stock Araliya Mal Aramaya Out-of-Stock අරලිය මල් ආරාමය - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත පිච්ච මල නවකතා මාලාවට අයත් තවත් නව කතාවකි 'අරලිය මල් ආරාමය'. නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය ද කදිම ග්‍රන්ථයක් වේ. Rs 650.00 Details View details
Mahamera "අර ගෑනි මහ හදිස්සියකට වාගේ දුවගෙන අවිත්, කවුරු එනවා කියල ද කිව්වේ හාමුදුරුවනේ?" "පාදිලිතුමෙක්" "මොනවා හාමුදුරුවනේ... පාදිලියො පන්සල්වලට එනවැයි?" "කාරි නෑ නොවැ. ඉස්සර මේ අපේ උන්නාන්සේලයි ඒ ඇත්තොයි අතර වාද භේද වාද විවාද බොහොමයි. දැන් ඒවා සමනය වෙලා ඇයි හොඳයිකම් පවා පවත්වනවා. මම ඒ ඇත්තොත් එක්ක තවමත් කතාබහ කර නැහැ. නමුත් එ් ඇත්තො දැනුම් තේරුම් තිබෙන යහපත් උදවිය බව අසා තියෙනවා." "ඕකනෙ කියන්නෙ... ඕනෑ වසවර්තියෙක් හාමුදුරුවන්ට හොඳයි. මං අහගෙනයි. පියදාසටත් එන්නෙයි කියලා කියනවා? ඌ එදා කියාපුවා හාමුදුරුවන්ට මතක නම් එන්නෙයි කියලා කියනව ද එහෙම?" "මට ඒවා අමතක යි සිංඤප්පු උන්නැහැ." ජයසේන ජයකොඩි මහතා විසින් රචිත ග්‍රන්ථයකි. Rs 550.00 Add to cart Buy
Pichchamala පිච්චමල - නවකතා මාලාවේ පළමුවැන්න මෙය වේ. රසවත් ගැමි බස් වහරක් යොදා ගෙන රචිත මෙය ඕනෑම අයෙකුට කියවා රස විඳිය හැක. මෙයට පසුව එන අරලිය මල් ආරාමය හා බැදේ. Rs 600.00 Add to cart Buy
Sen Bodu Katha සෙන් බොදු කතා - පරිණත ලේඛකයෙකු වූ පර්සි ජයමාන්න තම මාධ්‍ය වූ පුවත්පත් කලාවෙන්, කර්තෘත්වයෙන් එදා මෙදා තුර ගිණිය නොහෙන පිරිසකට අතහිත දුන්නේය. 'නස්රුදීන් සහ සුෆී' උපමා කතාවන්ගෙන් අපට අර්ථවත් රසයක් දායාද කළ මේ ලේඛකයා සෙන් දහම සම්බන්ධ සුනිශිත කතා පෙළකින් පාඨකයාට අනර්ඝ සංග්‍රහයක් කරයි. ධ්‍යාන නම් වූ අර්ථ විශද කරන සෙන් කතා ලෝකයේ බොහෝ දෙනෙකුට සැනසීම සැහැල්ලුව හා ඤාණ මාර්ගය විවෘත කර ඇත. විවෘත මනසකින් මේ කතා කියවා රස විඳින කලිහි පාඨකයාගේ ගුණ නැණ අවදි වෙයි. සිත කය වදන යන තුන්දොර සංවර වෙයි. ශික්ෂිත පුද්ගලයා තමන්ටත් ලෝකයාටත් මහඟු දායාදයකි. සරලව සිංහල බසට නඟා ඇති මේ සෙන් බොදු කතා දැඩි රුචියෙන් කියවා බලා එහි රසරුත් උකහා ගත හැකි ය. මේ මනරම් කතා කියවන පාඨකයාට ලැබෙන ප්‍රයෝජන අපමණ ය. Rs 750.00 Add to cart Buy
Out-of-Stock Dharmaya Soya Walata Giya Palakaya Out-of-Stock ධර්මය සොයා වලට ගිය පාලකයා - බෞද්ධ සාහිත්‍ය ඇසුරින් ලියැවුණ සදහම් කෙටිකතා එකතුවක් ලෙසින් මෙම කෘතිය සෝමා ජයකොඩි මහත්මිය විසින් රචනා කොට ඇති අතර මෙහි එන කතා ඉරිදා දිවයින සංග්‍රහයෙහි ද වරින් වර පළ විය. Rs 200.00 Details View details
Out-of-Stock Nanda Ha Sarana Out-of-Stock නන්ද හා සරණ - ප්‍රවීණ නවකතාකාරියක වන අනුල ද සිල්වා විසින් රචිත නන්ද හා සරණ කෘතිය 2015 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොදම යොවුන් නවකතාවට හිමි සම්මානය දිනා ගනු ලැබිණි Rs 375.00 Details View details
Out-of-Stock Vijayaba Kollaya Out-of-Stock විජයබා කොල්ලය - ඩබ් ඒ සිල්වා සූරීන්ගේ සැම දෙනා අතරම ප්‍රසිද්ධ විශිෂ්ටතම කලා නිර්මාණයකි. Rs 649.00 Details View details
Lanka Urumaya ලංකා උරුමය - ලංකා උරුමය නම් ග්‍රන්ථය ලංකාද්වීපයේ අතීත කතාවන් ඉතාමත් රසැති බස යොදා ගනිමින් ඕනෑම අයෙකු සඳහා කියවා තේරුම් ගත හැකි වන පරිදි ලියැවුණු අගනා කෘතියකි. Rs 200.00 Add to cart Buy