Buddhist Poems

-10%Out-of-Stock

Ahinsa

Out-of-Stock
අහිංසා - රඝු වීරා නම් ඉන්දියානු ලේඛකයා විසින් අහිංසාව මාතෘකා කොට ගනිමින් සංග්‍රහ කරන ලද 'අහිංසා' නම් වූ කාව්‍ය සංග්‍රහය සත්ත්ව ඝාතනය පිළිකුලෙන් හෙළා දකින විශිෂ්ට නිර්මාණ සංග්‍රහයකි. අපි ශිෂ්ට සම්පන්න ජාතියකැයි කියා ගනිමු. එහෙත් ඒ ශිෂ්ට සම්පන්න ජාතියේ අපි තවමත් සතුන් මරා ගිජු ලෙස අනුභව කරමු. මෙම කෘතිය කියවා බලන ඕනෑම කෙනෙකුට මස් කෑම හා සතුන් මැරීම මොනතරම් පහත් ක්‍රියාවක්දැයි වැටහෙනු ඇත.
Rs 180.00
Rs 200.00
-10%

Kavikaramaduva

කවිකාරමඩුව - රාජරාජමහාමාත්‍යාදීන්ගේ ඉසුරුමත් ජීවිත කාව්‍ය රසයෙන් සන්තර්පණය කළ හෝ දළදාවහන්සේ අරබයා වූ පුදපූජා විදීන් විභූෂණය කළ හෝ කාව්‍යක්කාර කණ්ඩායමක ස්වරූපයෙන් ක්‍රියාත්මක වූවකි.
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Nibbutha Pada

Out-of-Stock
නිබ්බුත පද - නිබ්බුත පද කියැවීමෙන් සහෘදයන් මහත් ආස්වාදයක් ලබනු මෙන්ම නව දෘෂ්ටියකින් ජීවිතය නිරීක්ෂණය කරනු ඇතැයි ද අපේක්ෂා කළ හැකිය. මහත් අභිරුචියෙන් කියවා රස විඳිය හැකි මෙම කාව්‍ය සමුච්චයකි.
Rs 315.00
Rs 350.00
-10%

Sinhala Padya Mala

සිංහල පද්‍ය මාලා
Rs 405.00
Rs 450.00
-10%

Lama Kav Saraniya

ළමා කව් සරණිය
Rs 162.00
Rs 180.00
-10%

Sith Meth Suva

සිත් මෙත් සුව - මෙහිදී වර්තමාන මිනිස් ජීවිත තුළින් අල්ප වශයෙන් ඉස්මතු වන ආධ්‍යාත්මික ගුණයන් මතු කර පෙන්වා දී ඇත්තේ ඔබව ද එමගට යොමු කිරීමේ පවිත්‍ර වූ චේතනාවෙනි. ඒ අනුව තවත් අයකුගේ ජීවිතයක් තුළට එබී බලමින්, එම ජීවිත අත්දැකීම ඔබගේ දිවි මගෙහි සාර්ථකත්වය සඳහා යොදා ගැනීමේ හැකියාවක් තිබේ දැයි මෙහිදී ඔබටම නිගමනය කළ හැකි වනු ඇත. එහෙත් එය මහත් ආයාසයකින් මෙත් සිත් පෙර දැරිව සිදු කළ යුතු ක්‍රියාවක් වුවත්, ඉන් ලැබෙන මානසික සුවය නම් අමිලය. ඒ අනුව පවතින සමාජ ක්‍රමයෙන් මඳකට ඈත්ව, මානව සමාජය තුළ ජීවත් වන මිනිසා, මිනිසාටම එරෙහිව නැගී සිටීමේ පටු චේතනාවන්ගෙන් ඈත් විය හැකි ක්‍රමයක් ඇතැයි සිතීමට මෙමගින් ඔබට අවකාශ සලසා දී ඇත.
Rs 135.00
Rs 150.00
-10%

Kavya Pushkarani (Maha Hansa Jathakaya)

කාව්‍ය පුෂ්කරණි (මහා හංස ජාතකය) - බෞද්ධ සාහිත්‍යයේ මුදුන් මල්කඩක් වූ පන්සිය පනස් ජාතකයේ මහා හංස ජාතක කථාව ඇසුරෙන් ප්‍රබන්ධ කරන ලද මෙම කාව්‍ය මටසිලිටි බසින් චිරාගත සම්ප්‍රදාය අනුගමනය කර ප්‍රතිභා ශක්තියෙන් යුතුව තමාට ආවේනික වූ ශෛලියකින් නිර්මාණය කර ඇත.
Rs 99.00
Rs 110.00
-10%

Bhakthi Geetha

භක්ති ගීත - මේ පාළි ගීත ගෙතුණේ, භක්තිය නිසාය. විනෝදය සඳහාය. භක්තිය නිසාම පුද්ගලයකු හැදෙන තරමත්, පුද්ගලයකුගෙන් සිද්ද විය හැකි හොඳ වැඩවල තරමත්, අත් දැකපු භික්ෂුවක් වශයෙන් භක්තිය නැති අය තුළ ඇතිවීමත්, ඇති අය තුළ තව තව වැඩි දියුණු වීමත්, පතමින් හිතවතුන්ගේ ඉල්ලීම නිසා මෙය භක්ති ගීත පොතක් බවට හැරවිනි.
Rs 247.50
Rs 275.00
-10%

Angeerasa Rasodanaya

අංගීරස රසෝදානය - බුද්ධ චරිතය ආශ්‍රයෙන් රචනා කරන ලද කාව්‍යමය උදානයකි.
Rs 45.00
Rs 50.00
-10%

Aththudave Siri Rahula Pabanda

අත්තුඩාවේ සිරි රාහුල පබඳ - රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති සාහිත්‍ය සූරී අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමියන් වහන්සේ විසින් වරින් වර ලියා පළ කරන ලද කුඩා කවිපොත් පහක එකතුවකි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Ekathu Kala Kavi - 1

Out-of-Stock
එකතු කළ කවි - 1 - අල්විස් පෙරේරාගේ විපුල වූත් මහරු වූත් කවි මහිමය, විශ්මයාවහ වෙයි. සිංහල කවිය කෙරෙහි ඔහුගේ කැපවීමත්, ඒ පිළිබඳ ඔහු තුළ වූ ඉමහත් සාදර භක්තියත් විශිෂ්ට වූයේය. දශක තුනකට මඳක් වැඩි කෙටි කාලපරිච්ඡේදයක් තුළ ඔහුට පසළොස් දහසක් ඉක්මවන තරම් වූ විශාල කවි සංඛ්‍යාවක් ලියන්නට හැකිවීමෙන් පෙනී යන්නේ, ඉඥල කවිය පිළිබඳ ඔහුගේ ඉමහත් කැපවීමය.
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock

Lakunusara Wisithura

Out-of-Stock
ලකුණුසර විසිතුර - හෙවත් ලක්ෂණ සාරය නම් වූ විචිත්‍ර ග්‍රන්ථය ප්‍රමාණයෙන් කුඩා වුවත් සියවස් ගණනක සිට මෙරට වියත් හෙළ කිවියන් අතර භාවිත වන්නකි. මෙය ඡන්දස් කාව්‍යාලංකාරාදිය පිළිබඳ වූවක් නොව ඉෂ්ට කාව්‍ය බන්ධනය පිළිබඳව ලක්ෂණ හඳුන්වාලීමට ලියන ලද්දකි.
Rs 270.00
Rs 300.00
-10%

Bauddha Geetha Mangjaree

බෞද්ධ ගීත මඤ්ජරී - නම් වූ මෙම ගීත එකතුව 2550 සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් ඔබ අතට පිරිනමනු ලබන්නේ ඉමහත් සතුටකිනි. අපරිමිත භක්තියෙන් හා ශ්‍රද්ධාවෙනි. බුදු ගුණයෙන් ජීවය ලබා බොදු බැතියෙන් සම්භවය ලබා නිර්මාණය වූ මෙම බෞද්ධ භක්ති ගීත සංග්‍රහය සිංහල සාහිත්‍යය තුළ දිගු කලක් තිස්සේ පැවැති බලවත් අඩුපාඩුවක් සම්පූර්ණ වීමකැයි විශ්වාස කළ හැකිය.
Rs 315.00
Rs 350.00
-10%

Piyek Pudana Siyak Geetha

පියෙක් පුදන සියක් ගීත - නිර්මාණශීලී තරුණයකු වන ලලිත් ප්‍රියංකර විසින් සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය සිංහල ගීත සාහිත්‍යයේ ප්‍රබල අඩුවක් පිළිබඳ නවමු කතිකාවතක් ඇති කරවීමට පදනම සකස් කිරීමක් වැනි ක්‍රියාවලියකි. සාමන්‍යය රසිකයෙකුට විනා ගීත නිර්මාණ පිළිබඳ පර්‍යේෂණයක නිරතවන කෙනෙකුට පවා පිය ගුණ ගී සියයක් සොයා එකතු කිරීම යනු එතරම් පහසු වූ සුරම්‍ය කටයුත්තක් ලෙස සැලකිය හැකි නොවේ. එයට හේතුව එය එතරම්ම අපහසු නිසාය. 
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Sanna Sahitha Gupthila Kavya

Out-of-Stock
සන්න සහිත ගුප්තිල කාව්‍යය - තොටගමුවේ රාහුල හිමියන්ගේ ශිෂ්‍ය හිමි නමක් වූ වෑත්තෑවේ හිමියන් විසින් රචනා කරන ලද ගුත්තිල මහා කාව්‍යය සඳහා ජාතක පොතේ 237 වැනි ජාතක කථාව වූ ගුත්තිල ජාතකය පාදක වී තිබේ. ගුත්තිල කාව්‍ය තුළ පද්‍ය 511ක් ඇතුලත් වී ඇති අතර වෑත්තෑවේ හිමියන් විසින් වායු ගණය මුල් කොට ගෙන රචනා කර ඇත. ජාතික කථා පුවත් පදනම් කොට ගෙන කෝට්ටේ සමයේ දී ලියැවී ඇති කාව්‍ය කෘති දෙකෙන් දෙ වැන්න ගුත්තිල කාව්‍යයයි. රචනා කර ඇති විරිත සමුද්‍ර ඝෝශ යයි. එනම් සමුදුරෙ රිද්මයටයි. කෝට්ටේ යුගයට අයත් මෙම කාව්‍ය සංග්‍රහය තුළින් බෝසතුන් 'ගුත්තිල' නම් වීණා වාදකයාව ඉපිද 'මූසිල' නම් තම ගෝලයා සමඟ වාද කළ අයුරු නිරුපණය කෙරේ. කතුවරයා මෙම කෘතියට විශේෂ නාමයක් ලබා දී නොමැති අතර, එම නිසා ජාතක පොතෙහි එන ගුත්තිල නාමය ම මේ සඳහා භාවිත වේ. වෑත්තෑවේ හිමියන්, තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ ගෝලයෙකි. කාව්‍යාකරණයෙහි තම ගෝලයා තුල තිබු හැකියාව දුටු රාහුල හිමි ඒ කෙරෙහි තමා තුල පවතී අප්‍රසාදය පල කිරීමට තම අතවැසියෙකු විසින් වෑත්තෑවේ හිමියන්ට දිනපතා පලා කොළ 3 පංගුවක් බෙදන ලෙස උපදෙස් දුන්නේය. මෙසේ 'පල නො කියා පලා බෙදන' බව වටහා ගත් වෑත්තෑවේ හිමි පෙරලා ගමට වැඩි අතර, තම අකෘතඥයකු නොවන බව ගුරුතුමාට හැගවීම සදහා ගුත්තිල කාව්‍ය රචනා කරන ලදී. ලෙන් බැහැර ව ගිය වෑත්තෑවේ හිමියන් තමන් ගුරු ද්‍රෝහියකු නොවන බව පෙන්වීම පිණිස ගුත්තිල කාව්‍යය රචනා කළ බවත් පැවසේ. හය වැනි පරාක්‍රමබාහු රජ සමයේ (කෝට්ටේ යුගයේ) මෙය ලියැවුණු බවට සැලකෙන ගුත්තිල කාව්‍යය, සිංහල සාහිත්‍ය ඉතිහාසයේ සුවිශේෂී නිර්මාණයක් ලෙසින් ද සිංහල පද්‍ය සාහිත්‍ය පෝෂණය කළ උසස් රසවත් ග්‍රන්ථයක් ලෙසින් ද ඉමහත් ප්‍රසාදයට ලක් වී ඇත. තවද සංසාර නෞකා වූ සර්වඥයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි දේවදත්ත නම් ස්ථරවීරයන් වහන්සේ අරභයා මෙය දක්වන ලදි.
Rs 234.00
Rs 260.00
-10%Out-of-Stock

Gangarohana Warnanava

Out-of-Stock
ගංගාරෝහණ වර්ණාව - ඉතා කලාතුරකින් දැක ගැනීමට අවස්ථාවක් ලැබිය හැකි ගංගා රෝහණ වර්ණනාව අපූර්ව පින්කම් වැනුමකි. ඉන් පින්සිත ද කවි සිත ද පිනවයි. සනහයි. බුදු දහමේ නව ප්‍රබෝධයක් ඇති ව විවිධ මාදිලියේ පුද පින්කම් පැවැත්වෙන මෙවන් ප්‍රබෝධයක් ඇතිව, විවිධ මාදිලියේ පුද පින්කම් පැවැත්වෙන මෙවන් වකවානුවක වී. ඩී. එස්. ගුණවර්ධනයන් සංස්කරණය කළ මෙම ගංගාරෝහණ වර්ණනාව සාමාන්‍ය පාඨක ජනතාවට මෙන් ම බෞද්ධ පාඨක පිරිසටද එකසේ වැදගත් කෘතියක් වනු නොඅනුමාන ය.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Wana Rajadahana

Out-of-Stock
වන රජදහන - විෂ්ණුශර්ම පාදයන්ගේ පංචතන්ත්‍රයේ සිංහල කාව්‍යානුවාදයකි. සරල පද්‍යයෙන් ඉදිරිපත් කර ඇති මෙම ග්‍රන්ථය සිංහල පාඨකයින්ට ඉතා වැදගත් වන ග්‍රන්ථයකි.
Rs 585.00
Rs 650.00
-10%

Nomiyemi

නොනියෙමි
Rs 1,008.90
Rs 1,121.00
-10%

Subhashithaya

සුභාෂිතය - සුභාෂිතය යනු සීතාවක යුගයේ විසු කවියකු වන අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචිත උපදේශ කාව්‍ය සංග්‍රහයකි. කාව්‍යය මගින් කුසලයෙහි අගය, සුදන දුදන ගුණ, බොරු නොකීමේ අගය, උඩගු නොවීම, උගතුන්ගේ ස්වභාවය ආදිය පැහැදිලි කෙරේ. මුලින් බෞද්ධයෙකු වූ මුකවෙටිතුමා පසුකාලීනව කිතුනු ආගමට යොමු වූවෙක් වූයේ ය. සුභාෂිතය වැනි බොදු පසුබිමක් සහිත නිර්මාණ මුලින් බිහි කළ ඔහු පසුකාලීන ව කොන්ස්තන්තීනු හටන, පරංගි හටන වැනි හටන් කාව්‍ය නිර්මාණය කළේ එනිසා විය හැක. පොදු ජන ජිවිතයේ සෑම අංශයක් කෙරෙහිම බලපාන ප්‍රකට කාරනා හා උපමා සුභාශිතය පුරා විහිදී ඇත.
Rs 234.00
Rs 260.00
-10%

Lovada Sangarava

ලෝවැඩ සඟරාව
Rs 144.00
Rs 160.00
-10%Out-of-Stock

Lovada Sangarava

Out-of-Stock
ලෝවැඩ සඟරාව - වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. හයවන පැරකුම්බා රජු දවස කි‍්‍ර. ව. 1412 - 1467 කාල වකවානුවේදී ලෝවැඩ සඟරාව රචනා කර තිබේ. බෞද්ධ සමාජයේදී පොදු ජනයා අතර යහපත් ගුණ ධර්ම වඩවාලීම අරබයා ලෝවැඩ සඟරාව උන් වහන්සෙ රචනා කර තිබේ. "පාලි ධර්මය නොදන්නා සාමාන්‍ය ගැමි ජනතාවට පින් සහ පව් වල විපාක මෙසේ යයි අවබෝධ කරලීම මූලික අරමුණු කරගෙන ලොවැඩ සඟරාව රචනා කළෙමි" යන්න "වෙසෙසින් පෙළදම් නොමදත් දනහටපවසම් කළ කම් පල දැන්හෙළුකොට" යනුවෙන් හා "නොදැනෙනුවන්හට පව්පින් නියම කොටබඳ ලෝවැඩ සඟරා පිණෙනි හැම විට" දක්වා තිබීමෙන් මනාව පැහැදිලි වේ. බුද්ධ වර්ෂ 2015 දී පමණ රචනා කරණ ලද ලෝවැඬ සඟරාව කියවීමෙන් මෙලොව පරලොව දෙලොවම සෙත සලසා ගත හැකි උපදෙස් අපට ලබා ගත හැක. මිනිසාගේ දෙලෝ අභිවෘද්ධියටම හේතු වන මහා අනර්ග ධර්ම අවවාද රාශියක් කැටිකොට ගොතන ලද කවි 140 ට උචිත ලෙස ලෝවැඩ සඟරාව නමින් මේ කෘතිය නම් කොට තිබේ. එම්.කේ. සුසන්ත සේනාධිලංකාරගේ අසම්පූර්ණ සංස්කරණවලින් යටපත්වූ වීදාගම මෛත්‍රිය හිමිගේ ලෝවැඩසඟරාව නමැති ග්‍රන්ථයේ ලෝවැඩසඟරාවේ පද්‍ය 271ක් දක්වා තිබේ. මෙය විශිෂ්ට පර්යේෂණයකි. වීදාගම මෛත්‍රිය හිමි තරුණ හිමිනමකව සිටියදී ලෝවැඩසඟරාව රචනා කළ බවත්, උන්වහන්සේ මහනෙත්පාමුළ අධිපතිවීමෙන් පසුව ඒබව සඳහන් කරමින් ලෝවැඩසඟරාව නැවත සංස්කරණය කරන ලද බව සෙන්ධිලංකාරගේ පර්යේෂණයේ සඳහන්වෙයි.
Rs 292.50
Rs 325.00
-10%

Saliya asokamala mahakavya

පාලි සාහිත්‍යාවලියෙහි දුලභ අංගයක් වූ මහාකාව්‍ය ග්‍රන්ථ සමූච්චියට අන්තර්ගත කළ හැකි වන පරිදි එම කාව්‍ය ලක්ෂණවලින් අනූනව රචනා කර තිබෙන ''සාලියාසොකමාකා'' නමැති පාලි පද්‍ය සංග්‍රහය පූජ්‍ය පාළුකඩවල සාරානන්ද හිමියන්ගේ කෘතියකි.
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock

SULU KALINGU DA WATHA

Out-of-Stock
ක්‍රි.ව 12 සියවසෙහි ගුරුළුගෝමි විසින් විරචිත ධර්මප්‍රදීපිකා පරිකථාවේ උද්ධරණයක් වන 'සුළු කලිගු දා වත' නම් මෙම ගද්‍ය කාව්‍යය තුළින් උසස් ප්‍රේමකාව්‍යයක දක්නට ලැබෙන කලාත්මක ලක්ෂණයන් ඉස්මතු කෙරෙන අතර මෙම කාව්‍ය මගින් කලිගු කුමරුන්ගේ කථා ප්‍රවෘත්තිය විස්තර වේ.
Rs 585.00
Rs 650.00
-10%Out-of-Stock

GANGARU PUDA KAVI

Out-of-Stock
මේ කාව්‍යයෙහි ඇතුළත් වන්නේ මාතර දෙ සරම් මුදලි මහතා  විසින් නිල්වලා ගගෙහි පස්වැනි වරටත් පවත්වන ලද ගංගාරෝහණ පූජාව පිළිබද වර්ණනයකි. එහිදී කවීන් ක්කීප දෙනකු සිවුපද පැදිය උපයෝගී කරගනිමින් ගංගාරෝහණ පූජාවෙහි ස්වරූපයත්, එය නැරඹීමට පැමිණි ජනයාගේ විවිධ හැසිරීම් විලාසයනුත් අව්‍යාජව කියා පෑමට උත්සාහ කොට ඇත. ඒ මගින් එදා ජන සමාජය පිළිබදව අප නොදන්නා නොයෙක් පැති පිළිබදව විවිධ තොරතුරු දැනගැනීමටද මේ ගගරු පුද කවි අපට ප්‍රයෝජනවත් වේ.
Rs 585.00
Rs 650.00
-10%

Jathaka Shathakaya

 ඒ ඒ මාධ්‍යයන්හි නිරත වූ විවිධ දක්ෂතා ඇති නිර්මාණ කරුවෝ බුද්ධ පරිනිර්වාණයේ සිට අද දක්වා නොව හෙට දිනත් ජාතක කථා කියවා රසවිඳ එම රසය තම පන්හිඳෙන්, තෙලිතුඩෙන්, ගායනයෙන්, වාදනයෙන්, සාහිත්‍ය ලෝකය වර්ණවත් කරමින් මහ පෙරහරක සැමදා ගමන් කරති. පොතුපිටියේ අමරසේකර පහළ විතාන කවියා ද, මේ ජාතක ශතකය නම් කාව්‍ය නිර්මාණය සමග එම පෙරහැරට එක් වී සිටියි. මේ ඔහුගේ 24 වැනි දිගහැරුමයි.
Rs 2,025.00
Rs 2,250.00
-10%

Bhikkuni seela sampanna

වසර තිස් පහකට අධික කාලයක් ලේඛන කලාවේ නියුතු මෙම කතුවරිය ස්වයං නිර්මාණ සහ පරිවර්තන ගණනාවක් එළිදක්වා ඇත. සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම පුවත්පත් හා සගරාවලට ලිපි ලේඛන සම්පාදනය කරයි. සම්භාව්‍ය නවකතා සහ කෙටිකතා සංග්‍රහයන් හෙළ බසින් දැක්වීමෙන් ඇය විසින් මහගු මෙහෙවරක් ඉටු කර ඇත.
Rs 876.60
Rs 974.00
-10%Out-of-Stock

E Ama Niwan Dutu Rahathan Wahansela

Out-of-Stock
කතෘ හිමියන්ගෙන්....
ඔබ මේ උතුම් ග්‍රන්ථය කියවන විට ඒ රහතන් වහන්සේලා ඔබ ඉදිරියේ මැවී පෙනෙනු ඇත. ඔබ සමඟ කථා බස් කරන අයුරු ඔබට දැනෙනු ඇත. ඒ රහතන් වහන්සේලාගේ පරම පිවිතුරු හදමඬල ඔබ ඉදිරියේ විදහා දක්වන අයුරු ඔබට ම දැක ගත හැකි වනු ඇත.ඒ පිරිසිදු බුද්ධ වචනය කොතරම් ගෞරවයකින් ද උන්වහන්සේලා දරා ගෙන සිටියේ. පුද්ගලික අර්ථ විවරණයන් ගෙන් බුද්ධ වචනය දූෂණය කරමින් සිටින වර්තමාන බොහෝ ගිහි -පැවිදි පිරිසට පවා බුදු රජුන්ගේ සැබෑ ශ්‍රාවකයින්ගේ ස්වභාවය මේ ථේර - ථේරී ගාථා තුළින් පැහැදිලි ව තේරුම් ගත හැකි ය.අප කවුරුත් "සංඝං සරණං ගච්ඡාමි” කියමින් සරණ යන අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සඟරුවතේ පිවිතුරු ජිවිත හඳුනා ගැනීමට මේ ථේර - ථේරී ගාථාවන් විස්මිතකැඩපතක් වැන්න
Rs 810.00
Rs 900.00
-10%

Sumadura Kavi Bana

කවිබණ පොත ගැන...
කවිය හා බුදු දහම අතර ඇත්තේ අභේද්‍ය සම්බන්ධතාවයකි. සිදුහත් මහ බෝසත්තුමා උපත ලබා පියුම් පිට සත් පියවරක් ගමන් කොට කීවේ "අගෝ හමස්මි ලෝකස්ස' යනුවෙන් කවියකි. බුද්ධත්වයට පත් ව කළ උදන් ඇනීම ද "අනේක ජාති සංසාරං" යනුවෙන් රසවත් කවියකින් කොට ඇත. මේ නිසා රහත් තෙර තෙරණියෝ ද ස්වභාව සෞන්දර්යයෙන් උදම් ව රසවත් කවි කීහ. වංගීස මහරහතන් වහන්සේ ප්‍රතිභා පූර්ණ කවියන් අතුරෙන් අග්‍රස්ථානය ලබා ගත්හ. එදා මෙදාතුර කවිය බුදුදහම සමග පවතින සම්බන්ධතාව අඛණ්ඩ ව පැවත එයි. ඒ ඒ වකවානුවල හෙළ කවියේ උන්නතිය හා අවනතිය දක්නට ඇත. නූතන යුගයේ ද සනිටුහන් වී ඇත්තේ හෙළ කවියේ පරිහානිය යි. කවිය නගා සිටුවීමේ කාර්යභාරය ගිහි පැවිදි දෙපක්ෂය ම දැරිය යුතු ය.
කවිබණ දේශකයන් වහන්සේ අතින් එළිසම කාව්‍ය පෝෂණයට ලැබෙනුයේ අමිල දායාදයෙකි. උත්පත්තියෙන් මිහිරි කටහඬක් දායාද කොට ඇති හිමිවරු කවිබණ දේශනයට පෙලඹෙති. එහෙත් බොහෝ කවිබණ දේශක හිමිවරුන්ට පද්‍ය බන්ධනයෙහි හැකියාව අඩු ය. එහෙයින් උන්වහන්සේට අතදීමක් වශයෙන් මම "සුමිහිරි කවිබණ " නමින් කවි බණ දහයක් සංග්‍රහ කොට මරදානේ රත්න පොත් ප්‍රකාශකයන්ට භාරදී පොතක් වශයෙන් එළිදැක්වීමි. ඊට පසු "සවණීය බුදුබණ ", "මේ කාලේ කවිබණ, '' '' සත්සිත් සනසන පන්සිල් කවිබණ " නමින් පොත් තුනක් එළි දැක්වීමි. "සුමධුර කවිබණ " මගේ පස්වැනි කවිබණ පොත යි.
Rs 378.00
Rs 420.00
-10%

Sumihiri Kavi Bana

දයා අංහෙට්ටිගම මහතා විසින් රචනා කරණ ලද ' සුමිහිරි කවි බණ' නම් මෙම කෘතිය තුළ මට්ටකුන්ඩලී,නන්ද තෙරුනුවෝ, ආලවක දමනය, පිතෘ උපස්ථාන වැනි අද සමාජයේ බොහෝ විට සාකච්චා නොවේන ඉතා වටිනා මාතෘකාවන් කවිය තුළින් ජිවිතයට උපදේශයක් එක් කර ගත හැකි ලෙස ලොකු කුඩා සියලු දෙනාටම ප්‍රිය උපදවන ආකාරයට රචනා කරන ලද ඉතා වටින කාව්‍ය මය කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 387.00
Rs 430.00