History & Culture

Sri Lankawe Jana Jeevithaya Haa Bandunu Aagamika Puda Puja
ආගමික පුද පූජා දේශීය සංස්කෘතිය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බව පැහැදිලි කරුණකි. අනාදිමත් කාලයක සිට පවතින නොයෙකුත් ආකාරයේ අභිචාර හා පූජා පිළිබඳ ලෝක මට්ටමෙන් විවිධ බුද්ධිමතුන් කරන ලද අධ්‍යයතද සුළුපටු නොවේ. එහෙත් අපේ රටේ ඒ හා සාපේක්ෂව කර තිබෙන අධ්‍යයන සීමා සහිත යැයි සඳහන් කළ හොත් ඒ නිවැරදි වනු ඇත." ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා බැඳුණු ආගමික පුද පූජා " නමින් පූජ්‍ය මහව සංඝරතන හිමියන් විසින් ලියා ඇති මෙම කෘතිය මගින් ආගමක හැගීම පහළ වී ඇති අයුරු හා ආගමික පුද පූජාවල අවශ්‍යතාව ගැන පමණක් නොව පූජකයන් හා ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳවත් පළමු පරිච්ඡේද දෙක යටතේ මාහැගි කරුණු ගණනාවක් ඉදිරිපත් කර තිබේ. අපේ අනුරාධපුර, පොළොන්නරු යුගයේ ආගමික ඇදහිලි මෙන්ම ප්‍රාග් බෞද්ධ ඇදහිලි ගැන මෙන්ම ලංකාවේ පුද පූජා ලබන දෙවි දේවතාවුන් සම්බන්ධයෙන් ශාස්ත්‍රීය අගයකින් කරුණු එක් රැස් කිරීමක් මෙහි දක්නට ලැබේ.
Rs 450.00
Out-of-Stock
Lakdiwa Uthurukaraye Arya Sabyathwaya
Out-of-Stock
අතීතයේ ලක්දිව පුරා එක ම සංස්කෘතියක් අඛණ්ඩ ව පැවති බවට පිළිගත හැකි සාක්ෂ්‍ය බොහෝ ය. එහෙත් ඇතැම් දෙමළ ශාස්ත්‍රඥයෝ ද ඔවුන් අනුව යමින් කටයුතු කරන සමහර ශාස්ත්‍රඥයෝ ද දිවයිනේ උතුරු කරයේ වෙන ම රාජ්‍යයක් පැවතියේය යන්න සනාථ කිරීමට කලක පටන් උත්සාහ ගනිමින් සිටිති. දකුණු ඉන්දීය රාජ්‍යයන්ගේ ආක්‍රමණ වලට වරින් වර ලක් වුව ද ඔවුන් පලවා හැර තම රාජ්‍යයේ සහ සංස්කෘතියේ ස්වාධීනත්වය රැක ගැනීමට ශ්‍රී ලාංකේය රජවරු සමත් වූහ. දීර්ඝ කාලයක් තිස්සේ ඒ ආක්‍රමණිකයන් තාවකාලිකව හෝ දිවයින යටත් කර ගැනීම නිසාත් ආසන්න රාජ්‍ය සමග පැවති වෙළඳ, ආරක්ෂක සහ සංස්කෘතික සබඳතා නිසාත් භාරතීය සංස්කෘතික ආභාසය නිරන්තරයෙන් මෙරටට ලැබිණි. එහෙත් ඒ ආක්‍රමණ සහ සංස්කෘතික ආභාස වලින් උතුරු කරයේ ආර්ය සංස්කෘතික ලක්ෂණ මුළුමනින් ම යටපත් නොවුණේය.දිවයින තුළ බොහෝ කලකට පෙර සිට ස්වාධීන දෙමළ රාජ්‍යක් පැවති බව සනාථ කිරීමට ප්‍රයත්න දරන අධ්‍යයන රාශියක් මේ වන විට සිදු කෙරී ඇත. තම වර්තමාන දේශපාලන අභිලාෂ මත පිහිටා කෙරුණු බව පෙනෙන මෙම අධ්‍යයන තුළ දෙස් විදෙස් සාහිත්‍යය මූලාශ්‍රය. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය මෙන්ම ගවේෂණ වලින් හමු වූ පුරාවස්තු පක්ෂග්‍රාහී අර්ථකථන වලට බඳුන් කර තිබේ. ඒවා කියවනු ලබන පාඨකයන් මේ පිළිබඳව උන්දුවක් දක්වන දෙස් විදෙස් පර්යේෂකයන් ද මෙම කෘති මඟින් නොමඟ ගොස් තිබේ.
Sinhalaye Arakshaka Balakotuwa Aithihasika Rohanaya
පැරණි රුහුණු රාජ්‍යය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ දකුණ හා අග්නි දිග ප්‍රදේශය දේශීය සමාජ සංස්කෘතික ඉතිහාසයේ වැදගත් ක්‍රියාවලියකට සම්බන්ධව තිබුණි. විශේෂයෙන්ම දේශපාලන බලය වර්ධනය වීමේ ඉතිහාසය සම්බන්ධයෙන් ඒ ප්‍රදේශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවිධානාත්මක යුධ ව්‍යාපාරය සංවිධානය වීම ආරම්භ වන්නේ රුහුණු ප්‍රදේශයෙනි. ඒ දුටුගැමුණු රජුගේ නායකත්වයෙනි. එතැන් පටන් සංග්‍රාමික ව්‍යාපාර සම්බන්ධයෙන් රුහුණු ප්‍රදේශය වැදගත් වන ආකාරය පළමු වන විජයබාහු රජු චෝළ ජාතිකයන්ට එරෙහි සංග්‍රාමය සංවිධානය කරන ආකාරය මගින් පැහැදිලි විය. ඓතිහාසික මූලාශ්‍රය ඔස්සේ නොයෙක් අවස්ථා වලදී විස්තර කරන එවැනි සාහිත්‍යමය විස්තර කිරීමි සනාථ කරන ආනුභාවික සාක්‍ෂි පුරාවිද්‍යාත්මක භාවිතයෙන් තහවුරු කර තිබේ. එබැවින් රුහුණ ඓතිහාසික සංග්‍රාමික භූමි දර්ශනය අධ්‍යයනය කිරීම වැදගත් විශ්ලේෂණ ඒකකයක් බවට පත් කරයි.
Rs 1,250.00
Out-of-Stock
Sri Lankawe Purana Dhaja Pathaka
Out-of-Stock
ශ්‍රි ලංකාවේ පුරාණ කොඩි, ධජ, පතාක, ඉතිහාසය කා හටත් ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය ප්‍රවීණ ලේඛක ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ සාර්ථක පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස හැදින්විය හැකි අතර
ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ ඝණයේ කොඩි රැසක් මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත. පිටු දහස් ගණනක නිබන්ධනයක ඇතුළත් කළ හැකි දේවල් රැසක් මෙම කුඩා ග්‍රන්ථයෙන් ඉදිරිපත් කිරීම තුළින් ග්‍රන්ථය පරිශීලනය කරණු ලබන පාඨකයා හට පුරාණ ධජ පිළිබදව ඉතා පුළුල් දැනුම මට්ටමක් වර්ධනය කර ගත හැකිය.
Out-of-Stock
Senkadagala Yugaye Wew Jalasha Ha Wari Karmanthaya
Out-of-Stock
“ සෙංකඩගල යුගයේ වැව් ජලාශ හා වාරි කර්මාන්ත " උප ග්‍රන්ථ දෙකක් සහිත ශාස්ත්‍රීය ගවේෂණයකි. සෙංකඩගල යුගයේ ඉදි කළ වැව් ජලාශ හා වාරි කර්මාන්ත ගැන මූලාශ සිය ගණනක් දිගු කලක් ගෙන පරීක්ෂා කොට සකස් කළ නිබන්ධනයක් වන අතරමෙහි උප ග්‍රන්ථ ලෙස තවත් මේ යුගයට අයත් අංග හතක් එකතු කර ඇත.
Ribeiro Dutu Lankawa
'Ribeiro History Of Ceilao' නම් වූ මෙම ග්‍රන්ථය පෘතුගීසි භාෂාවෙන් මුලින්ම ලියැවුණේ දාසය වන ශතවර්ෂයේ දී  වන අතර එය ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණේ විද්වත් පී.ඊ. පීරිස් දැරණියගල මහතා විසිනි. මෙම ග්‍රන්ථය ඉතා දුර්ලභ ග්‍රන්ථයක්ව පැවති සමයක රත්නපුර, නීතීඥ වෝල්ටර් සිල්වා මහතාගේ පෞද්ගලික පුස්තකාලයේ ඉතා ආරක්ෂිතව පැවති හෙයින් වර්ථමාන පාඨකයා හට රස විදීම සදහා එම අවස්ථාව උදා වන අතර මෙම ග්‍රන්ථය තුළ මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලනය පිළිබද කරුණු බොහෝමයක් ගම්‍ය වේ.
Rs 1,980.00
Out-of-Stock
Ruwanweli Maha Seya
Out-of-Stock
තුන් ලෝකයෙහි ම වැඩි ම සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින ස්වර්ණමාලි නම් පූජනීය චෛත්‍යයෙහි කථා ප්‍රවෘත්තිය, රුවන්වැලි මහා සෑය නම් මෙම සදහම් ග්‍රන්ථය තුළින් කියවේ. මෙම ග්‍රන්ථය කියවා අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් යුතු ව චෛත්‍යය වන්දනාවේ යෙදීම තුළින් ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කළා සේ ම පින්දහම් රැස් කර ගත හැකි ය.
Madyama Lanka Pura wurtha
පෙර පැවති පිළිවෙළ පිළිබඳ පුවත් ' පුරා වෘත්තය ' යි සැලකෙයි. අන්තිම සිංහල රාජධානිය වූ සෙංකඩගලපුරය ඇතුළු ප්‍රදේශත්‍රයකින් සමන්විත මධ්‍යම ප්‍රදේශය පිළිබඳ එබඳු පුවත් ඇතුළත් මෙම ග්‍රන්ථය මධ්‍යම ලංකා පුරාවෘත්ත නම් වේ.
Rs 850.00
Ahalepolage jeevitha kathawa
මෙම කුඩා පොත එක්තරා ඉලක්කයක් සහිතව ලියවී ඇත. එම ඉලක්කය නම් 'ඇහැලෙපොලගේ ජීවිතය පිළිබද ව පොදුවේ පිළිගත් හා නිරවද්‍ය විස්තරයක් සැපයීමයි. ඔහුගේ ජීවිත කාලයෙහි කන්ද උඩරට රජවාසලෙහි සිටි ශ්‍රේෂ්ඨතම චරිතය විය. කන්ද උඩරට පළාත් බ්‍රිතාන්‍යයන්ට පවරා දීම සහතික කිරීම පිණිස කටයුතු කිරීමේ දී ඔහු නිසැකව ම ප්‍රමුඛ කාර්යභාර්යක් ඉටු කලේ ය. ඉතිහාසයේ පිටු මත නොමැකෙන අදුරු පැල්ලමක් ඇති කළ ඛේදවාචකයක දුක් පීඩා විදීමට ලක් වූ තැනැත්තකු ලෙස ඔහුගේ නම ලංකා ඉතිහාසයේ සිහි කටයුතු එකක් බවට පත් ව ඇත. අත්තනෝමතික රජකු විසින් ඇහැලේපොලගේ පවුලේ සාමාජිකයන්ගෙන් ගන්නා ලද අමානුෂික පළිගැනීම, දිවයිනේ ජනප්‍රියතම සිංහල නඩගමක තේමාව බවට පත් ව තිබේ.
Rs 480.00
Wanni Distrikkawala Athpotha
'වන්නි දිස්ත්‍රික්කවල අත්පොත' නමැති මෙම කෘතිය ජායානුගත පරිවර්තන කෘතියක් වන අතර එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා විසින් මෙය පරිවර්ථනය කර ඇති අතර කිසිදු විශේෂිත අවුරුද්දකට සීමා නොකොට දීර්ඝ කාල පරාසයක් සදහා සකස් කරණ ලද  පරිපාලන වර්තාවක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 1,600.00
Ceylon Diwaine Sancharayak (Voyage a Ceylan)
දා හත්වන සහ දහ අටවන සියවසේදී බොහෝ යුරෝපීය ජාතිකයන් සංචාරකයන් ලෙස ලංකාවට පැමිණියහ. ඔවුන් ලංකාවේ සොබා සෞන්දර්යයට කැමැත්තක් දැක් වූ අතර, ඒ වන විට රට පුරා තිබූ වනාන්තර ඔවුන්ගේ ගවේෂණ වලට ලක්වූයේ ය.
මේ කෘතියේ සඳහන් වන්නේ එවැනි සංචාරකයන් පිරිසක් යුරෝපයේ සිට ලංකාව බලා පැමිණීම යි. ඔවුන් යුරෝපයේ සිට දකුණු අප්‍රිකාවටත්, එතැන් සිට මාලදිවයින හරහා මුහුදු මාර්ගයෙන් ලංකාව බලා පැමිණෙති. ඔවුන්ගේ මුහුදු ගමන අතරතුර සිදුවන සිද්ධීන් ද, මාලදිවයින් දූපත් වලදී මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්වී අවසානයේ ඔවුන්ගෙන් ගැලවී පලා යාම ද කතුවරයා විසින් සිත්ගන්නා ලෙස විස්තර කර ඇත. ලංකාවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ විවිධාකාර වූ ගවේෂණ පිළිබඳව ද කතුවරයා විසින් සිත් ගන්නා සුළු ආකාරයට විස්තර කර ඇත.
Rs 900.00
Lakdiwa Eda saha Ada (Ceylon Past and Presesnt)
'ලක්දිව  එදා හා අද' කෘතිය කොලින් මෙට්කාෆ් එන්‍රිකස් මහතා විසින් රචනා කර ඇති අතර   ඔහු  ශ්‍රී ලංකාවට පැමිණ ඒ සංචාරය පිළිබඳව තැබූ සටහනයි. ලංකාවේ භූ විද්‍යාත්මක ඉතිහාසය සහ මානව ඉතිහාසය, පුරාණ රාජවංශ, මහින්ද යුගය, අනුරාධපුරය, සිගිරිය, පොළොන්නරුව, යාපහුව, කුරුණෑගල, යුරෝපීය ආක්‍රමන, සහ ව්දේශයන්හි සිංහල බලපෑම ඇතුළුව එවකට ලංකාවේ පැවති යටත් විජිත පාලනය පිළිබඳව පැහැදිලි විස්තරයක් ලබා දෙයි. එසේම ඔහු දිවයිනේ දකුණු වෙරළ, ඌව පළාත, උස්බිම්, ආදම්ගේ කඳු මුදුන, පේරාදෙණිය, මහනුවර, ත්‍රිකුණාමලය, යාපනය, සහ ලංකාවේ ජනවාර්ගිකත්වය පිළිබඳව අවධානය යොමු කරන්නේ, ලංකාවේ යටත් විජිත ලේකම්ව සිටි ශ්‍රීමත් එමසන් ටෙනන්ට් විසින් රචිත 'ද සිලොන්' කෘතිය වැඩි දුරටත් පරිශීලනය කරමිනි.
එසේම ඔහු සැමවිටම ලංකාවේ බුදු දහමේ ඉතිහාසය හා සිදුවීම් එවකට ඔහු ජීවත් වූ බුරුමයන් (අද මියන්මාරය) සමඟ සසදන්නට අමතක නොකරයි. සැබෑ පරිසරවේදියෙකු මෙන්ම සමනලුන් එකතු කරන්නෙකු වූ කෙලින් මෙකාෆ් වන්රිකස් මෙම කෘතියේ අවසානයේ ලංකාවේ තමාට හමු වූ සමනලූන් පිළිබඳව වැදගත් සටහනක් ද තබා ඇත. 
Rs 1,300.00
Lankawe Sudu Palanayata Erehi Wu Sudda
1936 අප්‍රේල් මාසයේ දිනෙක ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි මාක් බ්‍රේස්ගර්ඩ්ල් ලංකාවට ගොඩ බැස්සේය. ඒ තේ වැවිලි කර්මාන්තය ඉගෙනගනු පිණිසය.නමුත් හාම්පුතුන් කම්කරුවන්ට සලකන කෲර ආකාරයන් දකිමින් බ්‍රේස්ගර්ඩ්ල් වතු පාලකයන්ට එරෙහිව නැගුණේය. ලංකාවේ යටත් විජිත ආණ්ඩුව එය දුටුවේ තමන්ට එරෙහිව නැගීමක් ලෙසිනි. බ්‍රේස්ගර්ඩ්ල් සිදුවීම ලංකාවේ නිදහස් සටන ඇවිළෙන්නට වැටුණු එක් ගිනි පුපුරක් වූයේය.
Rs 1,300.00
Lakdiwa Gena Liyu Wideshikayo
දුරාතීතයේ පටන් විවිධ ජාතීන්ට අයත් විදේශිකයෝ ලංකාව පිළිබඳව ඇසූ දුටු තොරතුරු සටහන් කොට තැබූහ. මෙවන් සටහන් අපේ ඉතිහාසය පිළිබඳ නිවරද තොරතුරු සොයායන ඉතිහාස ගවේෂකයනට ලබා දෙන්නේ නොමඳ ආලෝකයෙකි.
පොළොන්නරුවට මුලින් ම පැමිණ ගවේෂණාත්මක සටහනක් තැබූ බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ලන්දේසි හමුදා සමඟ පැමිණි ජර්මන් ජාතික ක්‍රිස්ටෝපර් වෙයිසර්, ඉංගිරිසි හමුදා සමඟ පැමිණි ප්‍රංශ ජාතික ෂොන්විල, ඉන්දියාවේ සිට ලංකාවේ ඉතිහාසය පිළිබඳව වැදගත් තොරතුරු ලියූ පෘතුගීසි ජාතික ෆරිනා ඕ දී කීරෝස් සහ ලන්දේසි හමුදාවේ සේවය කළ ජර්මන් ජාතික ඇල්බර්ටි හර්පොට් පිළිබඳ තොරතුරු මෙම කෘතියට ඇතුළත් ය.
Rs 500.00
Sri Lankeya Brahmi Shila Lekhanavalin Helivana Devanampiya MahaRajavaru
පුරාණ සෙල්ලිපි යනු එක් අතකින් තථ්‍යකාල වර්තා ලෙස සැලකිය හැකි මූලාශ්‍ර ප්‍රභේදයකි. එවැනි වාර්තාවක් සංශෝධනය වීමට තිබෙන ඉඩ ඉතා සීමිතය. මහාධිරාජඅශෝක වරක් තමා විසින් තොටවන ලද සෙල්ලිපි හැඳින්වීම ටිවිරස්ථිතික යන යෙදුම භාවිත කලේය . එහි අරුත සදාකල්හිම පවත්නා යන්න යි.
ඉනෝකා මන්නිලක විසින් රචනා කර තිබෙන මෙම කෘතිය ග‍්‍රී ලංකාවේ පැරණිතම සෙල්ලිපි තේමා කර ගැනීමෙන් රචනා කරන ලද්දකි. එම සෙල්ලිපිවල සඳහන් වන රාජ අභිධාන සහ ඒ ඒ රජ පවුල්වල අනුපිළිවෙල ඒ ඇසුරින් පහදා දීමට ඇය විසින් සැලකිය යුතු වෙහෙසක් දරා තිබේ. ඇයගේ උත්සාහය ශාස්ත්‍රීය දෘෂ්ටිකෝණයකින්  බලන විට වඩාත් වැදගත් වනුයේ එමගින් ශ්‍රී ලංකාවේ සෙල්ලිම පර්යේෂණ  පිළිබඳ උනන්දුවන්නේකුට ඒ සඳහා කල්පනා කිරීමට සරිලන නව ඉසව්වක් විවෘත කර තිබෙන නිසාය. ඕනෑම කාලයක පුද්ගලයෙකු විසින් භාවිත කරන අභිධාන, ධුරාවලී නාට, ආදි දේ සංශාතාත්මකය. ඉන් සන්නිවේදනය කරන විවිධ අරුත් තිබිය හැකිය. ප්‍රායෝගිකව දුෂ්කර වුවත්, ඒවා විකේතනය කිරීම යනු ඉතිහාසය වටහා ගැනීමට ඉවහල් වන, වැදගත් ප්‍රවේශයකි කතුවරිය මෙම කෘතියේ දී ඊට මූලික පියවරක් ගෙන තිබේ. මෙරට ඉතිහාසයෙවිසූ පාලකයින්ගේ අන්වය පිළිබඳ තවමත් නොවිසඳුනු ගැටලු කිහිපයක් තිබේ. අනාගතයේ දී ඒවා විසදීමට අරමුණු කර ගන්නා පර්යේෂකයෙකුට මෙම කෘතිය යම් ආදර්ශයක් සපයනු ඇත යන්න මගේ විශ්වාසය යි. සෙල්ලිපි ගැන උනන්දු වන සාමාන්‍ය පාඨකයෙකුට මෙවැනි කෘති මගින් අගය කළ යුතු මෙහෙයක් ඉටු කරනු ඇත.

පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්ය 
රාජ් සෝමදේව 
Rs 690.00
Sri Lankawe Shila Lipi Sannivedanaya
ශ්‍රී ලංකාවේ ශිලාලිපි හා සන්නිවේදනය පිළිබද සිරිසමන් විජේතුංග මහතා විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය ඉතා වැදගත් කෘතියක් වන අතර මෙම කෘතිය මගින් ඉතා වටිනා ශාස්ත්‍රීය සේවාවක් සිදු වන අතරේම ශිලාලිපි හා සන්නිවේදනය පිළිබද එක් දේශයක් කෙරෙහි නවමු අලෝක ධාරාවක් යොමුකරමින් ශිලාලිපි හා සන්නිවේදනය අතර පවත්නා සම්බන්ධය මෙලෙස අනාගත විද්‍යාර්ථීන්ට ගෞරවයෙන් ඉදිරිපත් කරනු ලබයි...
Rs 750.00
New
Cunningham's Erroneous Accounts Of Buddhist History
Drawing on colonial records and overlooked evidence, the author reveals how British authorities, confronted by strong resistance from Sri Lankan communities and the unifying influence of the Buddhist Sangha, came to regard Buddhism itself as a source of national cohesion. In response, colonial scholarship gradually shifted key elements of the Buddha's life and legacy away from Sri Lanka, weakening the island's historical and spiritual centrality to the tradition.
Rs 1,750.00
New
Mutti Mangallaye Sanskruthikawalokana
අතීතයේ වන්නි හත් පත්තුව නමින් ප්‍රකට භූගෝලීය කලාපයට ආවේණික චිර ප්‍රකට 'මුට්ටි මංගල්ලය' තද් ප්‍රදේශයේ කෘෂක ජන සමාජවාසී සංස්කෘතියේ අභ්‍යන්තරය විනිවිද දැකිය හැකි සංස්කෘතික සංස්පර්කයකි. ශ්‍රී ලාංකේය අස්පර්ශනීය සංස්කෘතික උරුමයේ ඒක දේශයක් නියෝජනය කෙරෙන තද් 'මංගල්ලය' පිළිබඳ ප්‍රාමාණික පර්යේෂණ සිදු වී නොමැති විපරීත සමාජ සංදර්භයක් තුළ සමාජ හා සමාජ මානව විද්‍යා විෂය ක්‍ෂේත්‍රය අරභයා පේරාදෙණිය විශ්වවිද‍්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපාලි වීරකෝන් විසින් රචිත 'මුට්ටි මංගල්ලයේ සංස්කෘතිකාවලෝකන' නම් පර්යේෂණාත්මක ශාස්ත්‍රීය කෘතිය තව දුරටත් මානව වංශ සංගීත විද්‍යාල ජනශ්‍රැතික විද්‍යා වල සමාජ මානව විද්‍යා වල සමාජ විද‍්‍යාව විෂය ක්ෂේත්‍ර පෝෂණය කිරීමට දායක වන්නේ මෙවැනි පසුබිමකයි. චිරාත් කාලයක් සමාජයේ නොනැසී පවත්වා ගෙන එනු ලබන වැව, කෘෂි ජීවනෝපාය සහ ස්වභාව ධර්මය සමඟ බැඳුණු සම්ප්‍රදායික ජන විශ්වාස මතපදනම් වූ මුට්ටි නැමීමේ මංගල්ලය ගැන ගැඹුරු විචාරාත්මක කරුණු අතිශයින් දුර්ලභ සමයක. සමාජ වෙනස්වීම් හා පරිවර්තන ක්‍රියාවලීන් අභිමුඛව හිඳින සමාජයක සම්ප්‍රදායික සිරිත් විරිත් පිළිබඳ ගවේෂණය ප්‍රශංසනීය දෙයකි. මෙවැනි මහඟු විශ්වාස පද්ධති ලේඛණ ගත කිරීමෙන් එහි සුරක්‍ෂිතතාව මෙන්ම අනාගත පරපුරට සම්ප්‍රේෂණය කිරීමේ ප‍්‍රවේශයක් ද සපයයි.
සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක
Rs 1,800.00
New
Lenad Wulf Baddegama Saha Wulf Noki Baddegama Namal Prasantha Dayawansha
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නාමල්ගේ මෙම කෘතිය ලෙනාඩ් වුල්ෆ් වටා ගෙතුණ බොහෝ අගනා තොරතුරු එක්රැස් කොට සිංහල පාඨකයා වෙනුවෙන් රචනා කරන ලද අනගි නිර්මාණයකි. අප රටේ බොහෝ දෙනා දැන සිටියේ, වසර හතක වුෆ්ගේ උප දිසාපති භූමිකාව හා ඔහු විසින් රචනා කරන ලද 'බැද්දේගම ' නවකතාව ගැන පමණකි. වුල්ෆ් චරිතය ඇසුරු කර සහ ඔහු ගැන ලියූ දෙස් විදෙස් ලේඛකයන්ගේ කෘති සේවනය කරමින්, යටත් විජිතයුගයේ ලංකාවේ සිටි පරිපාලකයෙකු හැටියටත්, ලිබරල්වාදී චින්තකයෙකු හැටියටත් ඔහුගේ පසුකාලීන ක්‍රියාකාරීත්වය මෙහි පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වෙයි. අධිරාජ්‍යවාදී අදහස් ඒ අයුරින් නොගෙන මානව හිතවාදී දෘෂ්ටියකින් ලෝකය දෙස බලා ඔහු කටයුතු කර ඇති ආකාරය මෙහි දක්වා තිබීම ඉතා වැදගත්ය. බ්‍රිතාන්‍ය වාමාංශික ව්‍යාපාරයේ හා කම්කරු පක්‍ෂයේ ක්‍රියාකරුවකු වූ වුෆ්ගේ මෙකී දේශපාලන උද්යෝගය එක්සත් ජාතීන්ගේ සංගමයේ මූලාරම්භයට යම් දායකත්වයක් සැපයිණි.
එසේම ඔහුගේ බිරිඳ වූ වර්ජිනියා වුෆ්ගේ සාහිත්‍ය ව්‍යාපාරය පිළිබඳව හා ඒවා ඇසුරින් නිර්මාණය වූ විවාදාපන්න චිත්‍රපට පිළිබඳව ලේඛකයා සිදුකරන එළිදරව් කිරීමේ ද ඉතා වැදගත් ය. වුල්ෆ් යුවළගේ සාහිත්‍ය, සමාජ, දේශපාලන යන ක්ෂේත්‍ර වල බලපෑම බ්‍රිතාන්‍යයට පමණක් සීමා නොවූ අතර ප්‍රංශය ඇතුළු යුරෝපීය රට වලට ද එහි බලපෑම ඇති විය. එහෙයින් මෙම නව විද්වත් රැඩිකල් අදහස් එම ශත වර්ෂයේ ආරම්භයේ යුරෝපයේ ජනයාගේ බුද්ධිය පුබුදු වන ලද ප්‍රබල දේශපාලන හා සාහිත්‍ය සංවාද හැටියට සැලකිය හැකිය.මෙම කෘතිය ඉතා වෙහෙස මහන්සිව රචනා කිරීමෙන් නොමල් සිදුකර ඇත්තේ ලාංකීය ප්‍රජාවගේ බුද්ධිමය ප්‍රබෝධය හා දැනුම පුළුල් කරන වටිනා වූත් සුවිශේෂ වූත් අපදාන කෘතියක් ලාංකීය පාඨකයාට ප්‍රදානය කිරීමකි.
සේවාර්ජිත මහාචාර්ය සෝමරත්න බාලසූරීය
Rs 1,700.00
New
Kanda udarata gaman viththi
කන්ද උඩරට රාජධානියේ පිහිටි දැක බලා ගත යුතු අපමණ තැන්වලින් තෝරාගත් පෞරාණික සහ සුන්දර තැන් කිහිපයක් සොයා ගිය ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම කෘතිය රචනා කර ඇති අතර. මේ සෑම තැනක් සමඟම බැඳී පවතින්නේ කුතුහලය දනවන කතා පුවතක්ය.
බලන කපොල්ල, දිවිදොස්ගල දැක බලා ගෙන සුද්දන් ඉදිකළ පැරණි පාලම් වලින් මහනුවරට ඇතුළු වන කතුවරයා ලේවැල්ල කොටුතෙළ හරණය කර කුණ්ඩසාලේ නුවර දැක බලා ගෙන මැද මහනුවරට පැමිණෙයි. දුම්බර පුරාණ අමිබලම්වල නවතිමින් හිල්ඩය, ලැමසූරියගම, නිල්ලඹ නුවර, මන්දාරම් නුවර, සගම රජමහා විහාරය, එළදැක්කේ නොක්ස්ගේ ගම, වියන් ඇල්ල ඇතුළු තැන් රැසක් සොයා වාරිකා කරයි.
Rs 1,050.00