Home

Out-of-Stock
UGATHAMANA JAPAN BASA
Out-of-Stock
'උගතමනා ජපන් බස' නම් මෙම කෘතිය ආචාර්ය ඒ. ජේ. රුහුණුහේවා මහතා විසින් රචිත කෘතියකි. ජපන් භාෂාවේ එදිනෙදා ව්‍යවහාර කෙරෙන වචන රාශියක් එක්තැන් කොට ඇති මෙම කෘතිය සරල ලෙසත් විද්‍යානුකූල ලෙසත් සකස් කර ඇති අතර මෙම කෘතිය මගින් ජපන් බස හදාරණ සැමට අත්වැලක් වනු නො අනුමානය.
BUDDHISM ON THE SILK ROAD
Buddhism was the first missionary religion of the world it had a spectacular history and the most dominant religion in the world at one point of time in the history of the world. The author of this book explains with evidence gathered from archaeology and literature, how buddhism spread through out the know world via the silk route. a very fascinating book to be read by students of the history of religion
Rs 1,970.00
BUDDOTHPADA DESHAYA
ගෞතම බුදුන් වහන්සේගේ පහළවීම ඉන්දියාවෙහි නොව ලක්දිවෙහි දී සිදු වූ බවට විවිධ පිරිස් විසින් ප්‍රචාරය කරගෙන යනු ලබන පදනම් විරහිත ප්‍රලාප නිශේධනය කර, බුදුන් වහන්සේ පහළ වූ සැබෑ දේශය කුමක් ද යන්න සාධක සහිතව අනාවරණය කර ගැනීමේ අරමුණින් රචනා කරන ලද ''බුද්ධෝත්පාද දේශය'' නම් වූ මෙම කෘතිය ශාස්ත්‍රපති මදුල්ලේ ධම්මවේසි හිමියන් විසින් රචනා කරණ ලද අතර මෙම කෘතිය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ධම්මවිකෘතිකයන්ගේ මිත්‍යාමත නිසා මංමුලාවී සිටින හැමටම නිසිමගක ගොස් නිවැරදි ධම්මාවබොධයක් සදහා මන් පෙත් විවර වේ.
Rs 1,800.00
Mahabhinishkramanaya
සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ මහානිෂ්ක්‍රමණය තේමා කරගනිමින් රචිත මෙම කෘතිය සූරියවැව ධම්මපාල හිමියන් විසින් රචනා කරණ ලද ඉතා වටිනා කෘතියක් වන අතර  තදනුබද්ධ ධර්ම කාරණා රාශියක් සිත්ගන්නා සුළු ආකාරයෙන් පාඨකයා  වෙත ඉදිරිපත් කිරීමට දරන ලද ප්‍රයත්නයක සාර්ථක ප්‍රථිඵලයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,300.00
SHIVA LIKHITHA MUHURTHAYA
මනෝවිද්‍යා උපදේශක දුමින්ද ගුණවර්ධන මහතා විසින් රචිත 'ශිව ලිඛිත මුහුර්තය' නම් මෙම ජ්‍යෙතිෂ ග්‍රන්ථය මගින් ජ්‍යෙතිෂ ශාස්ත්‍රය තුළ නැකත් සෑදීම හෙවත් සුභ මුහූර්තයක් සකස් කර ගන්නා ආකාරයත් ,සුභ දිනයක්, සුභ වේලාවක් සකස් කර ගන්නා අකාරය පිළිබදවත් පැහැදිලිව නිරවුල්ව කරුණු සදහන් ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. 
Rs 500.00
Bharathiya Bauddha Kala Shilpa
කර්තෘ ගෙන්...
පැරණි කලාශිල්ප පිළිබද පොතපත කියවීමෙහිත් ශිල්ප කෘතීන් පිරික්සීමෙහිත් කුඩා කල සිට මා තුළ පැවති ආශාව මේ පොත ලිවීමෙහි මා මෙහෙය විය. භාරතීය බෞද්ධ කලාවේ උපත. පරිණාමය සහ පැතිරීම පිළිබද විචාරණාත්මක විස්තරයක් මේ පොතෙහි අන්තර්ගත වෙයි. මෙහි සදහන් නොයෙක් අදහස් අද මෙරට බෞද්ධ සමාජය පිළිගත් ඒවාට විරුද්ධ විය හැකිය. එහෙත් පර්යේෂකයා සිය නිවහල් හැගීම නො පැකිලි ප්‍රකාශ කළ යුතු වෙයි. 
Rs 350.00
Out-of-Stock
Madarata aithihasika wiharasthana
Out-of-Stock
'මැදරට ඓතිහාසික විහාරස්ථාන' නමැති මෙම ග්‍රන්ථය නූතන මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි ඓතිහාසික වශයෙන් වැදගත්, පූජනීය වූ රජමහා විහාර හා පුරාණ විහාරස්ථාන සම්බන්ධයෙන් වැදගත් කරුණු අනාවරණය කරන කෘතියක් ලෙස පෙන්වාදිය හැකිය.
Muwadewdawatha
අනුරපුර යුගයෙහි සිටම ජාතකකථා වස්තුකොටගනිමින් කාව්‍ය රචනයෙහි නිරත වීම සිංහල කවීන් ප්‍රිය කළ බවට බොහෝ හේතු සාධක ඇති අතර. එහෙත් දැනට අප හමුවෙහි ඇති එවන් කාව්‍ය අතුරින් පැරැණිම කාව්‍යය වශයෙන් සැලකිය හැක්කේ පොලොන්නරු යුගයෙහිදී ලියැවී ඇතැයි සැලැකෙන මුවදෙව්දාවතයි.
Rs 3,245.00
Out-of-Stock
Bhikshu Abhimathartha Sadhanayehila Guru Shishaya Sambandathawe Upayogitha
Out-of-Stock
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් සේ සසුන් ගතවන පුද්ගලයා ආරභයේදී ම සාමණේර නමින් හදුන්වනු ලබන අතර තිසරණ සමාදානයෙන් හා දාශශීල ශික්ෂණයෙන් ඔහු සසුනට ඇතුළත් වේ. උපතේ පටන් අවුරුදු විස්සක වයස් ප්‍රමාණයට පැමිණි සාමණේරවරයාට සංඝයාගෙන් භික්ෂුත්වය ඉල්ලා සිටිය හැකිය. ඒ සදහා සපුරාලිය යුතු සුදුසුකම් රාශියකි. විනය ග්‍රන්ථයන්හි ඒවා පැහැදිලි කර ඇත.
Dharmashalave kiyawana mahasathipattana poth wahanse
මුංවත්තේ සිරිධම්ම හිමියන් විසින් රචිත 'ධර්ම ශාලාවේ කියවන මහාසතිපට්ඨාන පොත් වහන්සේ' නම් මෙම කෘතියෙහි බුදුරජාණන් වහන්සේ කුරු රට වැඩ වාසය කරන සමයේ දී භික්ෂුන් වහන්සේලා අමතා දේශනා කරන ලද මහාසතිපට්ඨාන නම් වූ සූත්‍ර දේශනාව අන්තර් ගත අතර මෙම සූත්‍රය මගින් විමුක්තිය ලගාකර ගැනීම සදහා මාර්ගය කියාදෙන බෞද්ධ දර්ශනය මැනවින් පිළිබිඹු වේ.
Rs 950.00
Out-of-Stock
SULU KALINGU DA WATHA
Out-of-Stock
ක්‍රි.ව 12 සියවසෙහි ගුරුළුගෝමි විසින් විරචිත ධර්මප්‍රදීපිකා පරිකථාවේ උද්ධරණයක් වන 'සුළු කලිගු දා වත' නම් මෙම ගද්‍ය කාව්‍යය තුළින් උසස් ප්‍රේමකාව්‍යයක දක්නට ලැබෙන කලාත්මක ලක්ෂණයන් ඉස්මතු කෙරෙන අතර මෙම කාව්‍ය මගින් කලිගු කුමරුන්ගේ කථා ප්‍රවෘත්තිය විස්තර වේ.
Out-of-Stock
Sakwa Lihini
Out-of-Stock
කවියකු, ගීත රචකයකු, නවකතා කරුවෙකු, කෙටි කතා කරුවෙකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතළ ලංකාවෙන් බිහි වු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකෙන මහගම සේකර මහතා සිංහල නිසඳැස් පද්‍ය කලාවේ සුවිශේෂී සලකුණක් තැබූ පුද්ගලයෙකු වන අතර ඔහුගේ 'සක්වා ලිහිණි' නම් මෙම පද්‍ය සංග්‍රාහය හරහා ඔහු විසින් සමාජයේ බොහෝ කතිකාවට නොගත් මාතෘකා ගැන හරවත් කාව්‍යමය විශ්ලේෂණයක යෙදෙයි.
Shasthreeya Lekanayaka Mulashraya Dakvime Kramawedaya
'ශාස්ත්‍රීය ලේඛනයක මූලාශ්‍රය දැක්වීමේ ක්‍රමවේදය' නම් මෙම කෘතිය දඹුල්ලේ සුදේව හිමියන් විසින් රචිත අතර සුදේව හිමියන් විසින් මෙම කෘතිය තුළින් ශාස්ත්‍රීය ලේඛනයක ඉතා වැදගත් අංගයක් වන මූලාශ්‍රය සදහන් කිරීම පිළිබද ක්‍රමවත් ශෛලිමය විධික්‍රමයක් හදුන්වා දෙන අතර එහිලා කතු හිමියෝ චිකාගෝ ශාස්ත්‍රීය රචනා අත්පොතෙහි එන ජාත්‍යන්තර ශෛලිය භාවිතයෙන් කෘතිය රචනා කර ඇත.
Rs 300.00
Sri Lankeya Perahara Ha Sanskruthika Sanjananaya
ශ්‍රී ලාංකේය පෙරහර හා සංජානනය පිළිබද සිංහලෙන් ප්‍රකාශ වන ප්‍රථම කෘතිය ලෙස 'ශ්‍රී ලාංකේය පෙරහර හා සංස්කෘතික සංජානනය' නම් මෙම කෘතිය සැලකිය හැකි අතර , මේ වූ කලී පාඨක ඔබට පෙරහැර පිළිබද නව අත්දැකීමක්, නවමු හැගීමක් හා නව චින්තන ධාරාවක් උත්පාදනය කෙරෙන කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 720.00
Out-of-Stock
Karathota Watha Ha Morathota Watha
Out-of-Stock
කරතොට වත අප්‍රකට තොරතුරු ඇතුළත් ඉතිහාස ග්‍රන්ථයක් වන අතර එකල දකුණු පළාතේ සැගවුණු ඉතිහාසය, රජමහ විහාර, මහා තෙරවරු, පඩිවරු ආදී අප්‍රමාණ තොරතුරු මෙහි කෙටියෙන් විස්තර කර ඇති අතර එසේම මොරතොට ධම්මක්ඛන්ධ හිමියන්ගේ ගුණ වැනුම් වශයෙන් කළ කවි 116 ක් ද ඇතුළත් ග්‍රන්ථයකි.
Kanda Udarata Janappriya Wu Dewa Sankalpa Ha Ithihasika Dewala
"කන්ද උඩරට ජනප්‍රිය වූ දේව සංකල්ප හා ඓතිහාසික දේවාල ' නමැති මෙම ග්‍රන්ථය නූතන මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි ජනප්‍රිය වූ දේව සංකල්ප හා ඓතිහාසික වශයෙන් වැදගත්, පූජනීය වූ සතර මහා දේවාල හා අනෙකුත් දේවාල සම්බන්ධයෙන් වැදගත් කරුණු අනාවරණය කරන කෘතියකි.
Rs 550.00
Out-of-Stock
Upavidibhavaya
Out-of-Stock
භික්ෂුව වූ කලී ලාංකීය ජන සමාජයේ සුවිශේෂි චරිතයකි. සමාජ, ආගමික, ජාතික, දේශපාලනික, අධ්‍යාපනික භූමිකාවන්වල පෙරටුගාමී චරිතයක් වන්නේ ද භික්ෂුවයි. මහින්දාගමනයෙන් පසුව බෞද්ධ රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයන් විසින් අවවාද අනුශාසනා ලැබුවේ ද භික්ෂුවගෙනි. බොහෝ විට ස්වකීය අභිමතාර්ථ පසෙකලා පොදු මහජනයාගේ සුභසෙත උදෙසා භික්ෂුව ක්‍රියාශිලීව කටයුතු කරනු ලබයි.
Ganga Addara Kale
නවකතාකරුවෙකු කෙටිකතාකරුවෙකු පුවත්පත් කලාවේදියෙකු රූපවාහිනී සහ චිත්‍රපට තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා ගේ ''ගග අද්දර කැලේ'' නවකතාව රචනා කොට ඇත්තේ කුඩා ලමුන් සදහා වන අතර. මෙම කතාවෙහි ඉතා රසවත් කොටසක් පහ ශ්‍රේණියේ සිංහල කියවීම් පොතට ද ඇතුළත් වෙය
Rs 300.00
Out-of-Stock
Pujavaliya
Out-of-Stock
දඹදෙණි යුගයේ ඇරඹි ආවලී ග්‍රන්ථවලට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. පූජා වලිය,ප්‍රයෝගරත්නාවලිය,සද්ධර්මරත්නාවලිය, රාජාවලිය, ප්‍රාතිභාර්යාවලිය බදු ග්‍රන්ථයන්ගෙන් ඒ බව පෙන්නුම් කරණ අතර මෙම ආවලී ග්‍රන්ථ අතර පූජාවලියට හිමිවන්නේ විශේෂ තැනකි. 
Out-of-Stock
Pali - Shasthreeya Sangrahaya 2014
Out-of-Stock
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන සංසදය මගින් එළි දක්වනු ලබන ''පාලි ශාස්ත්‍රීය සංග්‍රහය 2014''  මෙම කෘතිය පාලි භාෂාව අධ්‍යනයට ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
Pali - Shasthreeya Sangrahaya 2015
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන සංසදය මගින් එළි දක්වනු ලබන ''පාලි ශාස්ත්‍රීය සංග්‍රහය 2015'' නම් මෙම කෘතිය පාලි භාෂාව අධ්‍යනයට ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
Rs 900.00
Out-of-Stock
Parani Aushadha Wattoru
Out-of-Stock
පැරණි ඖෂධ වට්ටෝරු නැමැති මෙම පොත මගින් පරම්පාරිකව පවත්වාගෙන ආ සිංහල වෙද ක්‍රමය මගින් රෝග ගණනාවක් සුව කර ගැනීමට ඔබට ප්‍රයොජනවත් වේ.