Baudda puja vidhi saha seth pirith
ඇතැම් රෝගීන් වෛද්‍යවරයා හමුවට යන්නේ ද හමුවී පැමිණෙන්නේ ද ඔහුගේ එක ම බෙහෙත් වේලකින් වුව රෝගය සුවපත් වන බව පවසමිනි. මෙයට හේතු වශයෙන් දක්වන්නේ එම වෛද්‍යවරයාගේ කාරුණිකත්වයත්, හොදින් රෝගියා පරීක්ෂා කිරීමත්, යහපත් ලෙස ආමන්ත්‍රණය කිරීමත් යනාදිය ය. මෙහි ඇති එකම දෙය රෝගියාගේ සිත සුවපත් කිරීමයි. සුවපත් වූ සිතින් ගන්නා ඖෂධ රෝගය සුවපත් කරයි.මේ අනුව සිංහල ශාන්ති කර්ම වලදීත්, බටහිර වෛද්‍ය ක්‍රමයේදීත් අනුගමනය කර ඇත්තේ බුදුන් වහන්සේගේ සත්‍ය වචනය යි. සත්‍ය ධර්මයයි. එනම්: ඕනෑ ම පුද්ගලයකුගේ සිත සුවපත් කිරීම ඕනෑ ම රෝගයකට එකම ඖෂධය බවයි.මේ අනුව බෞද්ධ පූජා විධි මගින් ද, සෙත් පිරිත් මගින් ද සිදු කරනුයේ රෝගියාගේ සිත සුවපත් කිරීමයි. එය රෝගියාට යහපත සලසයි. ශාන්තිය උදා කරයි.
Rs 700.00