Sonduru Yasodara
Out-of-Stock
සොදුරු යසෝදරා - යසෝදරා තරම් සැමියා වෙනුවෙන් දුක් කදුළු හෙළුෑ තවත් ස්ත‍්‍රියක් පිළිබඳව කොතැනකවත් සඳහන්ව නොමැත. පතිව‍්‍රතාව ඈ ශක්තිමත් කළ ආයුධය විය. ආභරණය විය. පතිව‍්‍රතා බලයෙන් තම සැමියාගේ දිවි ගලවා ගත් වාර අපමණය. ඇය රැකුණ වාර ද අනන්තය. ඇගේ චරිතය ඉතා බලවත්ය. ප‍්‍රබලය. හෙළ වනිතාවට කදිම නිදන් වස්තුවකි. අද අප වනිතාව මේ ගුණදම් රැක ගනිමින් ජීවත් වන්නේ නම් අප සමාජය කෙතරම් සුන්දර වනු ඇද්ද? මෙම කෘතියෙන් ගෙන එන්නේ සිව් බඹ විහරණින් පිරිපුන් ගෘහණියක, බිරිඳක, මාතාවක පමණක් නොව අභිඥානලාභීන්ගෙන් අග්‍ර වූ මහරහත් මෙහෙණියක වූ බිම්බා, භද්දකච්චායනා, රාහුල මාතා යන නම් වලින් හඳුන්වන උතුම් කාන්තා චරිතයක් වූ යශෝදරාවන්ගේ චරිතාපදානය යි.
Rs 550.00