Home

Kanda Uda Rata Satan

කන්ද උඩ රට සටන් - කන්ද උඩ රට ආක්‍රමණ පිළිබඳ කළ ගවේෂණයකින් අනතුරුව රචිත Kandyan Wars ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය මෙය වේ.
Rs 1,380.00

Pembara Lanka

1929 දී ප්‍රකාශයට පත් කරන ලද Romantic Ceylon නම් කෘතියේ සිංහල පරිවර්තනය ලෙස මෙම ග්‍රන්ථය පාඨක ඔබ වෙත හඳුන්වා දිය හැක.
Rs 680.00

Budu Hamuduruwo

බුදුහාමුදුරුවෝ - බුද්ධ චරිතය පාදක කොට ගෙන බොහෝ කෘති සම්පාදනය වී ඇත. එහෙත් මේ කෘතිය බුදුන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මයේ ඇති මාහැඟි බව කොතරම්දැයි පාඨකයාට මැනවින් අවබෝධ කරදෙයි.
Rs 750.00
Out-of-Stock

Sambudu Siritha

Out-of-Stock
සම්බුදු සිරිත  - සියල්ලෝ සතුන් වෙත පතළ මහා කරුණාවෙන් පරම සත්‍ය ධර්මය දෙසා වදාළ ගෞතම බුදු රජාණන් වහන්සේගේ චරිතාපදානය මේ ග‍්‍රන්ථයෙහි සටහන් වී ඇත. බුදුන් වහන්සේ විසින්ම දෙසන ලද ත‍්‍රිපිටක ධර්මයත්, ඊට අමතරව පාලි අටුවාත්, සංස්කෘත, චීන, තිබ්බතීය හා බුරුම ග‍්‍රන්ථයනුත් ඇසුරු කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
Out-of-Stock

Savisthara Sri Shakya Munindra Gauthama Buddha Charithaya

Out-of-Stock
සවිස්තර ශ්‍රී ශාක්‍ය මුනින්ද්‍ර ගෞතම බුද්ධ චරිතය - වර්තමාන සමාජ ජීවිතයට ආදර්ශයක් හා උපදේශනයක් සැපයෙන පරිදි ආගමික පොතපත සම්පාදනයේ යෙදෙන යතිවරයන් වහන්සේනමක වශයෙන් පූජ්‍ය අම්බලන්ගොඩ සුමේධානන්ද හිමියන් හඳුන්වාදිය හැකිය. අභිනවයෙන් ජීවිතයට එකතුවන අත්දැකීම් පාලි හා සිංහල ආගමික ග්‍රන්ථවලට ආදේශ කරගන්නා එහිමියෝ උසස් ආගමික හා සමාජ මෙහෙවරක නිරත වෙති. 
මේ වන විට එවන් ග්‍රන්ථ විශාල සංක්‍යාවක් රචනා කර ඇති උන්වහන්සේ "සවිස්තර ශ්‍රී ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම බුද්ධ චරිතය" නමින් කළ මෙම ග්‍රන්ථය ආගමික චින්තනය මැනවින් ප්‍රකාශිත කෘතියක් ලෙස හැඳින්විය හැකිය. 

Budu Himi

බුදු හිමි -  බුදුරජාණන් වහන්සේ පිළිබද හදවතෙහි ශ‍්‍රද්ධා භක්තිය උපදින ආකාරයෙන් සම්පාදනය කොට ඇති මෙම ග‍්‍රන්ථය කියවන ඔබේ සිත තුළ බුද්ධානුස්සති භාවනාව වැඩෙනු ඇත. 
Rs 650.00
Out-of-Stock

Siddhartha Gauthama Budurajano

Out-of-Stock
සිද්ධාර්ථ ගෞතම බුදුරජාණෝ - බුද්ධ කාලයට පෙර පුරාණ දඹදිව පැවති සාමාජික, ආර්ථික තොරතුරු මෙන්ම ආගමික ඇදහිලි හා විශ්වාස පිළිබදවත්, බුද්ධ චරිතය සහ එතුමාගේ ශාසනික සේවාව, බුදු දහමේ ව්‍යාප්තිය පිළිබදවත් මෙහි ඇතුළත් තොරතුරු පාසැල් හා දහම් පාසල් දරු දැරියන්ට පමණක් නොව පොදු පාඨකයාට වුවද බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත. 

Sidhartha Gauthama Buddha Charithaya

සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය -   ස්දධාර්ථ ගෞතමයන් වහන්සේගේ පහළ වීම, උන්වහන්සේගේ ජීවන චරිතය හා බුද්ධත්වයට පත්වීම ඇතුළු සියලූ තොරතුරු අඩංගු මෙම බුද්ධ චරිතය, පෙහෙවස් සමාදන් වූ අයට කියවීමට අත්ශයින් සුදුසු අගනා පුස්තකයකි. බුදුන් වහන්සේ සහ බුද්ධ ධර්මය පිළිබඳ වටිනා තොරතුරු රාශියක් විස්තර කරන මෙම ග‍්‍රන්ථය දඹදිව වන්දනා කිරීමට යන අයට වැදගත් ය. දඹදිව වැදගත් සියලූම සිද්ධස්ථාන පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් වේ. 
Rs 1,200.00

Maha Rahathun Wadala Buddha Charithaya

මහ රහතුන් වදාළ බුද්ධ චරිතය - මෙහි, ත්‍රිපිටකයෙහි සූත්‍ර දේශනා සහ විනය පිටකය ඇසුරින් මතුකර ගන්නා ලද ශ්‍රී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ චරිතය හා සම්බන්ද සිදුවීම් රැසකි. ලෝකවාසී සියළුම බෞද්ධයන්ට එකසේ ග්‍රහනය කරගැනුමට හැකි නවකතා ශෛලිය අනුගමනය කර ගනිමින් ඓතිහාසික නවකතා ස්වරූපයෙන් නිර්මාණය කර ඇත.Thus We Heard Recollections Of The Life Of The Buddha-කෘතියේ පරිවර්තනය.
Rs 2,714.00
Out-of-Stock

Jinaraja Wanshaya Hevath Gauthama Buddha Charithaya

Out-of-Stock
ජිනරාජ වංශය හෙවත් ගෞතම බුද්ධ චරිතය - දිනන ලද ඉඳුරන් ඇත්තහුගේ වංශය යන අර්ථයෙන් ජිනරාජ වංශය යැයි ද, ගෞතම ගෝත්‍රයේ උපන් බුදුන්ගේ ජීවිත කතාව යන අර්ථයෙන් ගෞතම බුදු සිරිත යැයි ද, බුද්ධ චරිතයේ සියලු කුසු මහත් සිදුවීම් සැකෙවින් මෙහි අන්තර්ගත කොට තිබේ..

Ashoka Shila Lakhana

අශෝක ශිලා ලේඛන - මෙය පොතේ තුන්වන සංස්කරණ මුද්‍රණයයි. ඒ අනුව මෙහි ඇති වැදගත්කම ඔබට අවබෝධ වනු ඇත. අශෝක රජතුමා විසින් භාරත දේශයේ පිහිටුවන ලද විවිධ ටැම් ලිපි, ගිරි ලිපි, ගුහා ලිපි ආදියෙන් ප‍්‍රකාශ වන ඓතිහාසික තොරතුරු රාශියක් මෙම පොතෙන් අනාවරණය කර තිබේ. අපේ ඉතිහාසයට සංස්කෘතියට බොහෝ දුරට සම්බන්ධ කෘතියකි. 
Rs 375.00
Out-of-Stock

Wimarshanathmaka Sinhala Shilalipi Mala

Out-of-Stock
විමර්ශනාත්මක සිංහල ශිලා ලිපි මාලා  -  තෝනිගල, වෙස්සගිරි ආදී පැරණි ශිලා ලේඛන සම්බන්ධයෙන් කෙරෙන විග‍්‍රහයකි. ඒවා පිහිටි ස්ථාන, කාලය, කර්තෘ, අන්තර්ගතය සිංහල තේරුම සහ ව්‍යාකරණ විභාග පැහැදිලි කර ඇති බැවින් ඒ සම්බන්ධ ව ඉගෙන ගන්නා අයට සහ සැලකිල්ලක් දක්වන අයට ඉතාමත් ප‍්‍රයෝජනවත් ග‍්‍රන්ථයකි. එසේ ම උසස් අධ්‍යාපනය හදාරන අයට හා පුරාවිද්‍යාවට සම්බන්‍ධ අයට අතිශය ප‍්‍රයෝජනවත් ග‍්‍රන්ථයක් ලෙස හදුන්වමු.  

Yaksha Gothrikayo

යක්ෂ ගෝත්‍රිකයෝ - ආචර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් ලංකාදීප පත්‍රයට වරින් වර සපයන ලද යක්ෂ ගෝත්‍රිකයෝ නමින් පළ වූ අන්තර්ගත ලිපි පෙළ මෙලසින් යක්ෂ ගෝත්‍රිකයෝ යන මැයෙන් ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කොට ඇත. රූප සටහන් සහිතව නිරවුල් ව, පැහැදිලි ව කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය ප්‍රශංසනීය ය.
Rs 350.00

Matha Kalina Sri Lankeya Budusamaya

මෑත කාලීන ශ‍්‍රී ලාංකේය බුදුසමය - බුදු සමයේ මෑතකාලීන විපර්යාසයන් ඇතිවීම කෙරෙහි බලපෑ, බලපාන දේශපාලන හා ආර්ථික රටාව, ඒ තුළින් බුදු සමයේ ඇති වූ, ඇතිවන වෙනස්කම්, බුදු සමයට එල්ල වු, එල්ල වන මූලධර්මවාදී බලපෑම්, එම වෙනස්කම් හමුවේ නූතන භික්ෂුවගේ කාර්‍යභාරය, නූතන සමාජ හා මානසික ගැටලූ නිරාකරණය කර ගැනීමෙහිලා බුදුසමයෙහි උපයෝගීතාව වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් රචනා වූ ශාස්ත‍්‍රීය ලිපි එකොළොසක් මෙහි අන්තර්ගත වේ.
Rs 650.00
Out-of-Stock

Pohoya Warnanava

Out-of-Stock
පොහොය වර්ණනාව - අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක මාහිමියන්ගේ වටිනා දීර්ඝ ප‍්‍රස්තාවනාවකින් යුත් මෙය පොතේ නවතම මුද්‍රණයයි. දුරුතු පොහොයේ සිට සියලූ පොහෝ දිනවල ඓතිහාසික වටිනාකම ඒ ඒ පොහෝ දිනවල කෙරෙන පුණ්‍ය කර්ම චාරිත‍්‍ර විධි ආදී කරුණු රාශියක් අඩංගු මෙම මාහැඟි පොත පාසල් සිසුන් ඇතුළු හැම දෙනෙකු විසින් ම කියවිය යුතු එකකි. 

Ape Urumaya ha Bhikshun wahanse

අපේ උරුම‍ය හා භික්ෂූන් වහන්සේ - බෞද්ධ දර්ශනය ඉදිරියට ගෙන යාම සඳහා පොත පත රචනා කරමින් පිරිවෙන්හි වඩකටයුතු සිදු කරමින් ඉමහත් උනන්දුවෙන් කටයුතු කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් පිළිබඳ බොහෝ තොරතුරු ඉදිරිපත් කරමින් රචිත ග්‍රන්ථයකි.
Rs 325.00

Budurajanan Wahanse Ha Brahmana Samajaya

බුදුරජාණන් වහන්සේ සහ බ‍්‍රාහ්මණ සමාජය - බ‍්‍රාහ්මණ චින්තනය, බෞද්ධ දර්ශනය හා සමග තුලනාත්මක ඇගයීමක් වූ මේ ග‍්‍රන්ථය, භාරත ඉතිහාසය, බෞද්ධ දර්ශනය හදාරණ අයට ඉතා වැදගත්ය. 
Rs 350.00

Banakatha Sahithyaya

බණ කතා සාහිත්‍යය - "ජාතක පොත විචාර බුද්ධියෙන් කියවීමෙන් අත්දැකීම් ලබා වඩාත් හොඳ තැන්පත් නුවණැත්තකු වන අතර හොඳ නවකථා කියවීමෙන් ලබන රසාස්වාදයට ළංවන ආස්වාදයක් ද ලැබීය හැකි ය. දෙසීයක් අවුරුද්දක් ජීවත්වීමෙන් ලැබිය හැකි අත්දැකීමටත් මානව චරිතය පිළිබඳ දැනුමටත්, තැන්පත් නුවණටත් වැඩි ඇත්දැකීමක්, මානව චරිත දැනුමක් හා තැන්පත් නුවණක් ද ජාතක පොත උගැන්මෙන් ලැබිය හැකි ය."  (ජාතක කතා විමසුමෙන්)
Rs 650.00

Nivan Muhunuvara Ha Bamunu Dittiya

නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය - නිදහස් බෞද්ධ සම්ප්‍රදායක පැතිකඩ කිහිපයක් විමසුමට හසු කරමින් මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ අගනා නිබන්ධ දහසයක් මේ පොතට ඇතුළත් වෙයි.
Rs 700.00