Home

Denuma Ha Dekuma

දැනුම හා දැකුම - මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ තවත් උසස් කලා කෘතියක් ලෙසින් දැනුම හා දැකුම හැඳින්විය හැක. 
Rs 500.00
Out-of-Stock

Siwru Hera Yama

Out-of-Stock
සිවුරු හැර යැම - බුද්ධ ශාසනය මෙලෙස චිරාත් කාලයක් පවත්වාගෙන ඒමේ ගෞරවය හිමි වන්නේ ස්වාමීන් වහන්සේලාටය. බුද්ධ ශාසනයේ පැවැත්මට අවශ්‍ය මූළික කාරණය වන්නේ සංඝයා වහන්සේලාය. ස්වාමීන් වහන්සේලා සිවුරු හැර යෑම බුද්ධ ශාසනයට විශාල බලපෑමක් එල්ල කරයි. එසේ සිවුරු හැර නොයෑමට කටයුතු සම්පාදනය කිරීම ශාසනඨිතිකාමි සියලු දෙනාගේම වගකීමකි. එම කාරණය මැනවින් තේරුම් ගනිමින් සිවුරු හැර යෑමට සිදුවන්නේ ඇයිද යන්න ගැන සංඝ සමාජය තුළින්ම කරන ලද  විමර්ශනයක කරුණු මත රචිත කෘතියකි සමරසිංහ ගුණසේකරගේ සිවුර හැර යෑම.
Out-of-Stock

Bauddha Bhikshuvage Agamika Ha Samajika Karya Bharaya

Out-of-Stock
බෞද්ධ භික්ෂුවගේ ආගමික හා සාමාජික කාර්ය භාරය - මෙය කතුහිමියන්ගේ පරයේෂණ ග‍්‍රන්ථයකි. ජපානයේ බුදුදහම හා එහි විකාශය පිළිබඳ ව අප‍්‍රකට කරුණු රාශියක් එළිදරව් කරන අතර ජපන් ජාතිකයන් පන්සලට පැමිණෙන්නේ කවර අරමුණු ඉටුකර ගැනීම සඳහා ද යන්නත් පැහැදිලි කර තිබේ. ලංකාවේ සහ ජපානයේ භික්‍ෂූන් ඉටුකරන කාර්්‍යභාරයත් ඉටු කළ යුතු කාර්්‍යභාරයත් විවරණය කරන මෙම මා හැඟි ග‍්‍රන්ථය ගිහි පැවිදි දෙපක්ෂය ම අනිවාර්යෙන් කියවිය යුතු සංස්කරණයකි.

Parinirvanayata Pasu Siyavas Thunak

පරිනිර්වාණයට පසු සියවස් තුනක් - මහා පරිනිර්වාණ සූත්‍රය විෂය කොට ගෙන ලියැවුණු ශාස්ත්‍රීය කෘතියක් ලෙස හඳුන්වා දිය හැක.
Rs 375.00
Out-of-Stock

Lakdiwa Budu Samaye Nuthana Prawanatha

Out-of-Stock
ලක්දිව බුදුසමයේ නූතන ප‍්‍රවණතා - මෙම කෘතිය බුදුසමයේ ඇරඹුමේ සිට වර්තමානය දක්වා ක‍්‍රියාත්මක වූයේ කෙසේද යන කරුණ පිළිබද විචාරාක්ෂිය යොමු කරයි. කෘතියේ විෂය පථය පුළුල් ක්ෂේත‍්‍රයක විහිද ඇති මෙහි විග‍්‍රහය විචාරශීලීය. 
Out-of-Stock

Bauddha Shishtacharaya-Muladharma Saha Wanshakathava

Out-of-Stock
බෞද්ධ ශිෂ්ටාචාරය - භික්‍ෂු සමාජයේ ආරම්භය, සංගායනා, කලා ශිල්ප, බෞද්ධ විශ්වවිද්‍යාල, බෞද්ධ භික්‍ෂුවගේ ධර්ම ශාස්ත‍්‍රීය සේවය, මානව සංවිධාන ආදී විෂයට අදාළ කරුණු රැසක් ගෙනෙන කෘතියකි.
Out-of-Stock

Bauddha Samaja Darshanaya Bauddha Ithihasaya Saha Bauddha Sanskruthiya

Out-of-Stock
බෞද්ධ සමාජ දර්ශනය බෞද්ධ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය - මෙම කෘතිය රචනා කිරීමේ මූලික පරමාර්ථය වන්නේ බෞද්ධ ධර්මාචාර්ය විභාගයට පෙනි සිටින අයවලුන්ගේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ඉතිහාසය පිළිබඳ දැනුම පුළුල් කිරීම හා විභාග අපේක්‍ෂකයන් හට අත්වැලක් වීම සඳහා බව කතු තුමන්ගේ අදහසයි.
Out-of-Stock

Dahami Divipevethakata Mavatha

Out-of-Stock
දැහැමි දෙවිපෙවෙතකට මාවත - මානව දයාවෙන් පිරි සාධු සංස්කෘතියක් ගොඩනැංවීමේ වෑයමක යෙදෙන ප්‍රේමනාත් හේරත් මහතාණන්, එතුමන් විසින් ලියන ලද පුවත්පත් ලිපි ඇතුලත් කොට මෙම ග්‍රන්ථය ලියන ලදී. මෙම ග්‍රන්ථයෙහි ඇති ලිපි පරිශීලනය කරන්නෙකුට තමන් ලත් මිනිසත් බවෙහි යතාර්ථය කිමෙක්දැයි හඳුනාගත හැකි වෙයි..

Bodu Sirith

බොදු සිරිත් - බෞද්ධයාගේ සිරිත් සහ දැහැමි සිරිත් බොදු සිර්ත් වන අතර, කුඩාකල සිටම යහපත් වූ පෞර්ෂයක් ගොඩනංවා ගැනීම උදෙසා ක්‍රමානුකුලව සිරිත් හැර පද්ධතියක් සමාජයට අවශ්‍ය වෙයි. එයින් පරිනත පුද්ගලයෙකු වීමේ වගකීම අප සතු කාර්යයක් බැවින්, බුදු දහමේ කියවෙන එම සිරිත් ප්‍රයෝගික ජීවිතයට එක් කරගන්නා ආකාරය මෙම ග්‍රන්ථයෙන් උගන්වනු ලබයි..
Rs 118.00
Out-of-Stock

Pohoya Dina Waruna

Out-of-Stock
පොහොය දින වරුණ - හෙල බසේ පොහොය,පෙහෙවස් යන්න උපෝසථ ශබ්දයෙන් තැනුණු වාචනා මාර්ගයයි.පොහෝ යනු උපෝසථයයි.බෞද්ධ විවරණයට අනුව පොහොය අතීතයේ සිටම පැවති සම්මතයකි.බුදුන් වහන්සේගේ නියමයක් පරිදි පොහෝ දිනයන්හි එක් රැස් වී ධර්ම ශ්‍රවනය කිරීම එදා සිටම ආරම්භ වී මේ දක්වාම පැවතී ආහ.පොහොය දිනයන්හී සිදුවූ ශාසනික වැදගත්කම ගැන විවරණය කරන මෙය කාලෝචිතය.
Out-of-Stock

Sri Maha Bodhin Wahanse Ithihasaya Ha Thadanubaddha Sanscruthiya

Out-of-Stock
ශ්‍රී මහා බෝධීන් වහනසේ ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය - බෝධි සංකල්පයත් ශාරීරික,පාරිභෝගික,උද්දේශික ධාතු සංකල්පයත් බෝධි ආගමනයත් ඒ ඒ යුගවලදී බෝධිය රජය සමග සම්බන්ධ වූ අයුරුත් විශේෂ විග්‍රහයකට යොමු කරන්නෙකි මෙම කෘතිය.
Out-of-Stock

Sri Lankave Shishtacharaya 2

Out-of-Stock
ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය 2 - දඹදෙණි යුගයේ සිට මහනුවර යුගය දක්වා දේශපාලන ඉතිහාසය, සමාජ ආර්ථික ජීවිතය, ශාසන ඉතිහාසය, කලා ශිල්ප - වාස්තු විද්‍යාව - ආදී විෂයන් සවිස්තරව විග්‍රහ කරමින් ලියන ලද ඉතිහාස ග්‍රන්ථයකි..
Out-of-Stock

Budu Samaya Saha Jana Jeevithaya

Out-of-Stock
බුදු සමය සහ ජන ජීවිතය  - බුදුදහමේ නියම හරය කුමක්ද? එය ජන ජීවිතයට අදාල කොට ගන්නේ කෙසේද යන්න ඉතා පැහැදිලිව ඉදිරිපත් කරන කෘතියකි.
Out-of-Stock

Budu Sasuna Wanasana Kada Panuvo

Out-of-Stock
බුදු සසුන වනසන කද පණුවෝ - සිංහල බෞද්ධ ජන සමාජයේ පරමාදර්ශය විය යුතු නිර්මල බුදු සසුනට එරෙහිව ක්‍රියාත්මක වන මිථ්‍යා බලවේගයන් සමාජයේ පවතින බවත්, බුදු සසුන වැනසීම පිණිස වූ ඒ දැවැන්ත ශාසන විරෝධී ක්‍රියා පිළිබඳව හෙළිදරව් කිරීමක් මෙම කුඩා ග්‍රන්ථයෙන් කරනු ලබයි..

Sinhala Sirith Wirith

සිංහල සිරිත් විරිත් - බිළිඳකුට රන්කිරි කට ගැමේ සිට, පුද්ගලයෙකුගේ මරණය දක්වා කාලය අතරතුරු සිදුවන අකුරු කියවීම,විවහය,ගෙවල් තැනීම,ගෙවදීම,ශාන්ති කර්ම ආදී සියලු කටයුතු වලදී ඈත අතීතයේ සිට අනුගමනය කළ සිරිත් විරිත් උගන්වන පොතකි.එදිනෙදා ජීවි ගැටලුවලදි විශේෂයෙන් ප්‍රයෝජනවත් වන මෙම පොත සෑම සිංහල ගෙදරකම තිබිය යුතු අත් පොතක් වශයෙන් සකස් කර ඇති කාලීන ග්‍රන්ථයකි. 
Rs 390.00
Out-of-Stock

Daham Guruvarayage Athpotha

Out-of-Stock
දහම් ගරුක බෞද්ධ සමාජයෙන් සහ ගුණ ගරුක දරු පරපුරක් බිහිකිරීම සඳහා දහම් ගුරුවරයකුගෙන් සිදුවන සේවාව සුළුපටු නොවේ. එහෙයින් මෙම ග්‍රන්ථය මගින් දහම් ගුරුවරයාගේ ගුණවත් බව හා නැණවත් යන කරුණු තුනක් ඔස්සේ, ගුරුවරයා කෙබඳු අයෙක් විය යුතු දැයි පැහැදිලි කරනු ලබයි..
Out-of-Stock

Bauddha Shishtacharaya Ha Arthika Darshanaya

Out-of-Stock
බෞද්ධ ශිෂ්ටාචාරය හා ආර්ථික දර්ශනය - බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයක් වශයෙන් හැදෑරීමට සූදානම් වන සිසු-සිසුවියන්ටත්,ගුරු භවතුන්ගේ පහසුවටත්.මෙම විෂය පිළිබදව උනන්දුවක් දක්වන අයටත්,බෞද්ධ ශිෂ්ටාචාරයේ කාලීන හා ප්‍රායෝගික වැදගත්කම ඉස්මතු කොට,මූලාශ්‍ර පිළිබදව,දැනුම ලබාගැනීමට උපකාරවත් වන පරිදි ලියා ඇත.

Katina Katinanisansa

කඨින කඨිනානිසංස - වස් සමාදානයට සුදුසු කාලය, වස් සමාදානයට සුදුසු ස්ථාන, වස් ආරාධනාව සම්බන්ධ සිරිත් විරිත්, වස් පවාරණය, කඨින චීවර පූජාව, අටමහ කුසල්, වස් සමාදානයේ පසුබිම, වස් විසීම, කඨින චීවර පූජා කළ යුතු ආකාරය, එහි ආනිසංස ඇතුළු සංඝයා වහන්සේලාට මෙන් ම දායක පක්‍ෂයට ද වැදගත් කරුණු රැසක් මෙහි සඳහන් වේ. කඨිනානිසංස පිළිබඳ දැක්වෙන ප‍්‍රසිද්ධ කතා පුවතක් ද මෙහි සඳහන් ව ඇත.
Rs 150.00
Out-of-Stock

Asu Maha Shravaka Shravikavo

Out-of-Stock
අසූ මහා ශ‍්‍රාවිකාවෝ - බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවධියේ වූ එම අසූමහා ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් පිළිබඳ අතිශය වැදගත් තොරතුරු ඇතුළත් වටිනා ග‍්‍රන්ථයකි. ඔබ නොඇසූ තොරතුරු රාශියක් අසූමහ ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් පිළිබඳ ව දැනගැනීමට මෙම පොත කියවිය යුතුමය. එක් එක් හැකියාවන් ලැබුවා වූ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට දී ඇති ශාසනික තනතුරු පිළිබඳ ව මෙහි සඳහන් කර ඇති නිසා දහම් දැනුම දියුණු කර ගැනීමට ද ප‍්‍රශස්ත ග‍්‍රන්ථයකි.
Out-of-Stock

Paul Sansthava Saha Bauddha Sankalpa

Out-of-Stock
පවුල් සංස්ථාව සහ බෞද්ධ සංකල්පය - විවිධ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් පවුල් සංස්ථාව පිළිබඳ බෞද්ධ සංකල්පය මැනවින් විදහා දක්වනු වස් මෙම කෘතිය කදිම නිදසුනකි.