Prices drop

-10%
Jayasumana Shasthriya Lipi Sangrahaya
ජයසුමන ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය නම් මෙම කෘතිය ඉතා වැඩි ශාස්ත්‍රීය වටිනාකමක් ඇති ශාස්ත්‍රීය ලිපි ගණනක එකතුවක් ලෙස හැදින්විය හැකිය
Rs 855.00
Rs 950.00
-10%
Dhathu wistharaya
ධර්මය සහ ධාතු යන වචන ද්වයය ම දැරීමේ අර්ථයෙන් සාම්‍යයක් උසුලයි. සත්ත්‍වයා සතර අපායට වැටෙනු හොදී දරනු ලබන්නේ ධර්මය විසින් වන අතර මූලික කාරක ශක්තිය හෝ පුජනීය ශ්‍රේෂ්ඨ විචිත්‍ර තත්ත්‍වය හෝ රැඳී ඇත්තේ යම් බඳු තැනෙක්හි ද එය ධාතු නම් වෙයි. ධර්මජ ධර්ම භූත භාග්‍යවත් සම්බුද්ධ චරිතාබද්ධ විවිධ භෞතික ද්‍රව්‍යාත්මක කොටස් ද ධාතු ලෙසින් සම්භාවිත වී ඇති අතර එකී සම්බුද්ධ ධාතු වර්ණනාව ලේඛන දේශන චින්තන විෂයය අතික්‍රාන්තවන බව සත්‍යයකි.නානාවිධ තිරශ්චීන සත්ත්‍වයන්ගේ දත්ත, තබ, චර්ම, රෝම ආදිය මිනිසුන් සඳහා ලෞකික වශයෙන් පමණක් උපකාරක වෙද්දි ශ්‍රී සර්වඥ ශාරීරික සහ පාරිභෝගික ධාතු ඔස්සේ ලෞකික සහ ලෝකෝත්තර සුබ සාධනය කවරෙකුට කෙසේ වත් වාරණය කළ නොහැකි ය.කැලණිය විශ්ව විද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්ය, කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ ආචාර්ය ගයාත් චානුක විදානපතිරණයන්ගේ ධර්මමය රචනා චාතූර්යය පිළිබඹු කරන නවතම කැඩපත වූ " ධාතු විස්තරය ” නම් ග්‍රන්ථය සැබැවින් ම ග්‍රන්ථ ධාතුවකි. සම්බුද්ධ ධාතු පිළිබඳ ප්‍රාමාණික වූ ද දුර්ලභ වූ ද අග්‍රගණ්‍ය වූ ද ශුද්ධෝත්පාදක වූ ද තොරතුරු සමුදායයකින් මෙම ග්‍රන්ථය විසිතුරු වෙයි. තවද එකී ධාතු ස්ථාපිතපූජ්‍යස්ථානයන්ට අදාළ වර්ණවත් ඡායාරූපාවලියකින් ද කෘතිය සමලංකෘතවී ඇත. විද්වද් ජනයාගේ නැණ පමණක් නොව ගුණ ද සද් ජනයාගේ ගුණ පමණක් නොව නැණ ද පුබුදුවාලීමට සමත් "ධාතු විස්තරය " "ථූපාරහ' නොවේ යයි කොට නම් කිව හැකිද?
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි
Rs 855.00
Rs 950.00
-10%
Athipujya Wasakaduve Sri Subhuthi Svamindra Charithaya
"මෑත කාලීන ඉතිහාසයේ ලක්දිව සම්බුද්ධ ශාසනය බැබළවීමට මුල් වී ක්‍රියා කළ මහ තෙරුන් වහන්සේලා ගේ චරිත කථා පිළිබඳ ව අපේ සැදැහැතියන් ගේ දැනීම ඉතා අල්ප බව ඔවුන් හා කථා බස් කිරීමේ දී පෙනී ගියේය. බොහෝ දෙනා චරිත කථාව කෙසේ වෙතත් ඇතැම් මහ තෙරුන් වහන්සේලා ගේ නම වත් අසා නැත. එම මහ තෙරුන් වහන්සේලා ගේ චරිත කථා මේ ලක් දෙරණින් අතුරුදහන් වී යෑමට අවශ්‍ය සකලාංගයන් ම දැන් සම්පූර්ණ වී තිබේ.කරුණු මෙසේ පවතින බැවින් මෑත කාලයේ ලක්දිව බුදු සසුන බැබළවීමට මුල් වී ක්‍රියා කළ ඒ මහ තෙරුන් වහන්සේලා කිහිප නමක ගේ හෝ චරිත කථා වෙන වෙන ම ගෙණ "අසූ මහා ශ්‍රාවක, ශ්‍රාවිකා චරිත කථා" පොත් පෙළ මෙන් කුඩා ග්‍රන්ථ වශයෙන් සකස් කිරීමට සිතක් පහළ විය. මේ එහි පස් වැනි පියවරයි.
Rs 855.00
Rs 950.00
-10%
Kataragama deviyo
ශ්‍රී ලාංකේය සමාජ සන්දර්භය නානාවිධ ආගමික මතවාදයන්, විශ්වාස හා පුද පිළිවෙත් මගින් නවීකරණයට බඳුන් වූවකි. ජනප්‍රිය බුද්ධාගම එහිලා දැක්විය හැකි එක් සංරචකයකි. පොදු ජන සමාජයේ විවිධ අවශ්‍යතා සාධනය කරගනු සඳහා ජනතාව විසින් ඇති කරගනු ලැබූ ජහප්‍රිය පුද සිරිත් අතර දේව වන්දනයද ප්‍රබල වූවකි. ඉනිඳු කතරගම දෙවියන් සිංහල දේව ධූරාවලියේ මුදුන් මල්කඩකි. දුක සැප දෙකෙහි දීම සැමට වැඳුමට පිදුමට තිබෙන එකම පින්බිම කතරගමය. අණවින (Black Magic) මෙන්ම ශාන්ති කර්ම ද (White Magic) යන දෙඅංශයම කඳ කුමරුගේ බලයට අභිමුඛය.
මෙම පර්යේෂණ කෘතිය කතරගම දෙවියන් ආශ්‍රිත යාතු කර්ම පුද සිරිත් පිළිබඳ කළ ආනුභවික අධ්‍යයනයකි. කතරගම දේව වන්දනය ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙමගින් ඉතා පුළුල් අධ්‍යයනයකට බඳුන් කරමින් ඒ සඳහා උනන්දු ජනක පෙළඹවීමක් කර ඇත.
Rs 540.00
Rs 600.00
-10%
Saman Dewala Puda Sirith
සුමන සමන් දෙවියන්ගේ අඩවිය ලෙස ගැණෙන සබරගමු පළාතේ, රත්නපුර සමන් දේවාලය 'මහා සුමන දේවභවන' නමින්ද ජන සම්මානයට පාත්‍ර වූවකි. වර්ෂාරම්භයෙහි මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වන පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර තුන්සිය හැටපස් දිනක් නොකඩවා චක්‍රාකාරව ගමන් කරන ආකාරය සියැසින් දැකබලාගෙන, වෙහෙස මහන්සි වී පාරම්පරික දැනුමැත්තන්ගේ ඥාන සම්භාරය උකහාගෙන නූතන විද්‍යාත්මක පර්යේෂණ විධි ක්‍රම ආශ්‍රයෙන් ආචාර්ය ශ්‍රියාණි රාජපක්‍ෂ රචනා කළ සමන් දේවාල පුද සිරිත්' ලාංකේය. දේව විශ්වාස හා බැඳුණු චාරිත්‍ර විග්‍රහ කරන ප්‍රථම කෘතිය ද වන්නේය.
Rs 855.00
Rs 950.00
Samanthapasadika Winaya Atta Katha - 1
සමන්තපාසාදිකා විනයට්ඨකථා - 1 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,060.00
-10%Out-of-Stock
Ancient Buddhist Monasteries : India And Nepal
Out-of-Stock
Ancient Buddhist Monasteries : India and Nepal - offers a captivating exploration of the architectural marvels and spiritual sanctuaries that once flourished across the ancient landscapes of India and Nepal. Through vivid descriptions and striking imagery, the book takes readers on a journey through time, unveiling the grandeur and serenity of these sacred sites. From the iconic stupas of Sarnath to the majestic monasteries of Lumbini, each location bears witness to the profound influence of Buddhism on the region's culture and history. With meticulous attention to detail and insightful commentary, this book serves as a valuable guide for travelers, historians, and enthusiasts alike, inviting them to discover the timeless beauty and spiritual resonance of these ancient Buddhist monasteries in India and Nepal.
Rs 918.00
Rs 1,020.00
Digha Nikaya Atta Katha - 2
දීඝ නිකායට්ඨකථා - 2 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,080.00
-10%Out-of-Stock
Indian Esoteric Buddhism
Out-of-Stock
Indian Esoteric Buddhism - provides a fascinating exploration of the lesser-known, yet deeply profound, aspects of Buddhist thought and practice in India. Delving into the intricate realms of tantra, mantra, and esoteric rituals, this book offers a nuanced understanding of how Buddhism evolved and diversified in its Indian heartland. Through meticulous research and scholarly analysis, readers are introduced to the hidden teachings, secret practices, and mystical dimensions of Indian Esoteric Buddhism. From the development of Vajrayana Buddhism to the emergence of Tantric lineages, "Indian Esoteric Buddhism" sheds light on the esoteric currents that shaped the spiritual landscape of ancient India. With insightful commentary and historical context, this book invites readers on a transformative journey into the depths of Buddhist wisdom and enlightenment.
Rs 927.00
Rs 1,030.00
-10%
Mahagama Sekara Saha Ohuge Geya Kavya
ගීත නාටක රචකයෙකු මෙන්ම කාව්‍ය ,චිත්‍රපට ගීත සහ තවත් බොහෝ අලංකාරවත් කවි නිර්මාණ කල නිර්මාණ කරුවෙකු ලෙස මහගම සේකර මහතා හැදින්විය හැකි අතර. රත්න ශ්‍රි විජේසිංහ මහතා විසින් රචිත මෙම කෘතියේ මහගම සේකර මහතාගේ කවි නිර්මාණ පිලිබදව ඉතා වටිනා දැනුම් සම්භාරයක් ලබා ගත හැකිය
Rs 882.00
Rs 980.00
-10%
Liyana kalawa saha Rachana widi krma
ලියනගේ අමරකීර්ති මහතා විසින් රචනා කරන ලද 'ලියන කලාව සහ රචනා විධි ක්‍රම' මෙම පොත අධ්‍යයනය කිරීම තුලින් හුදෙක් නිරවද්‍ය වාකය රචනයට පමනක් සීමා වී පැවති ශාස්ත්‍රීය ලේඛනය පිලිබද කතිකාව විවිධ කෝණ ගණනාවකින් දැකිය හැකි අතර ඒ අතර  ප්‍රවාදත්මක දැනුම ගවේශනය, විචාරාත්මක චින්තනය, ලේඛනය හා සම්බන්ධ විවිධ ආචාරධර්ම ආදිය පිලිබදව මනා දැනුමක් ලබා ගත හැකිය.
Rs 882.00
Rs 980.00
-10%
APE PRAVADA - 2
සිය ප්‍රථම උපාධිය සඳහා ලංකා විශ්ව විද්‍යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙහි තාරකා භෞතික විද්‍යාව ද හදාළ නලින් ද සිල්වා මහතා සිය සමාජ ශාස්ත්‍රීය දිවිය ඇරැඹුවේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු හා මාක්ස්-ට්‍රොස්ට්ස්වාදි න්‍යායාචාර්යවරයකු ලෙස ය. ලංකා සම සමාජ පක්ෂයෙහි ප්‍රබල ක්‍රියාකාරිකයකු ද නව සම සමාජ පක්ෂය ඇරැඹීමෙහි මූලික වූවකු ද වන ඔහු අසුව දශකය මුල දී ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය 'මාක්ස්වාදය විද්‍යාත්මක ද?' යනුවෙන් සමාජ සංවාදයකට මුල් විය. විද්‍යාව මත පදනම් ව මාක්ස්වාදය ප්‍රශ්න කිරීමෙන් ඇරැඹුණු මේ සංවාදය, විද්‍යාවේ දර්ශනය විෂය ක්ෂේත්‍රය කරගනිමින් ක්‍රමයෙන් විද්‍යාව හා බටහිර දැනුම ප්‍රශ්න කරන්නක් බවට වර්ධනය වී ය. මාක්ස්වාදය හා විද්‍යාව සම්බන්ධයෙන් කෙරුණු මේ න්‍යායාත්මක ප්‍රශ්න කිරීමේ ජාතික චින්තන සංවාදයේ දාර්ශනික පදනම සැකසීමෙහි ලා මූලික විය. 
Rs 981.00
Rs 1,090.00
-20%
Ajantha Bauddha Len Wihara
අජන්තා බෞද්ධ ලෙන් විහාර - යුරෝපීය චිත්‍ර ශිල්පීන් විසින් පසළොස්වන සියවසේදී අඳින ලද සිතුවම්වල තත්වයට සරිලන සිතුවම් අජන්තා ශිල්පීන් විසින් අඳින ලද්දේ ඒ සිතුවම් අඳි කාලයට වඩා අවුරුදු 1000කටත් පෙර ය. මේ අසිරිමත් සිතුවම් කලාව සිංහල මාධ්‍යයෙන් චිත්‍ර කලාව ඉගන ගන්න ඉහල ශ්‍රේණිවල පාසල් සිසුන්ටත්, සරසවි සිසුන්ටත්, පාසල්වල චිත්‍ර කලාව උගන්වන ගුරුවර ගුරුවරියන්ටත්, පොදුවේ කළා රසිකයන්ටත් මේ පොත ප්‍රයෝජනවත් වේ..
Rs 880.00
Rs 1,100.00
Niddesa Attakatha
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 2,290.00
-20%
Ancient Buddhist Philosophers
Ancient Buddhist Philosophers - This book gives a brief introduction to what is known about the life and background of these ancient Buddhist philosophers and scholars and their theories and viewpoints. A brief note on the ancient Indian Buddhist Universities where these great men studied and taught is included to complete the picture.
Rs 880.00
Rs 1,100.00
-10%Out-of-Stock
Yuga Diviye Arumaya
Out-of-Stock
යුග දිවියේ අරුමය - ප්‍රවීණ ලේඛක නෙල්සන් වීරසිංහ මහතා විසින් ලියන ලද "යුග දිවියේ අරුමය" නැමැති නිර්මාණය ද ඔහුගේ අනෙකුත් ග්‍රන්ථ මෙන්ම කාලීන වැදගත්කමක් ඇති ග්‍රන්ථයක් ලෙසට හැදින්විය හැකිය. අත්දැකීම් ද ග්‍රන්ථාගත විද්වද් අදහස්වලින් ද එය පෝෂණය වී ඇත. වත්මනෙහි බහුතර යෞවන යෞවනියෝ හුදු රාග නිශ්‍රිත මනෝභාවයන්ට වහල් වී අතිනත ගනිති. "සතුට ද නෙලාගත් සවිය පරවෙන මලක් බඳුය" යන චීන කියමන් සනාථ වෙන සේ, ඇතැමුන් රාගික මනෝභාවයන් ඉටු කර ගත් විගස යුග දිවිය නිමා කර ගනිති. මෙම අධ්‍යතන ඛේදවාචකයට කදිම විසඳුමක් මෙම ග්‍රන්ථයෙන් ගෙන හැර දැක්වූ කරුණු අනුසාරයෙන් පාඨකයාට ළඟාකර ගත හැකිය. 
Rs 891.00
Rs 990.00
-10%
Maha Sathipattana Suthra Sajjayanaya
ආචාර්ය පූජ්‍ය හේනේපොල ගුණරතන නාහිමි
මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය
ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය මට මුලින්ම අහන්න ලැබුණේ අහඹු ලෙස යූ ටියුබය ඔස්සේය. ඒ සජ්ඣායනය තුළ තිබූ විශේෂත්වය මට එකවරම දැනුණි. ඒ සජ්ඣායනය භාවනාවට යොදාගත හැකි බව වැටහුණු නිසා මම සෝභිත හිමියන්ට දුරකතනයෙන් සම්බන්ධ කරගෙන සම්පුර්ණ සූත්‍ර සජ්ඣායනය ගෙන්වා ගත්තෙමි.උන්වහන්සේගේ සජ්ඣායනාවේ විශේෂත්වයන් කිහිපයක් මම දකිමි. එකක් නම් උන්වහන්සේගේ සජ්ඣායනා ස්වරය යි. එය ගායනාවක් නොවේ. එසේම සූත්‍රය හුදු කියවාගෙන යාමකුත් නොවෙයි. ඒ දෙකටම අයත් නොවන සූත්‍ර දේශනයකට අනුකූල ස්වරයක් රටාවක් ඒ තුළ ඇත. එය නියම අර්ථයෙන්ම සඣායනාවකි. එසේම උන්වහන්සේගේ පාලි උච්ඡාරණය ඉතාම නිවැරදි ය. එසේම පැහැදිලි ය. අද වන විට අන්තර්ජාලයේ හා විවිධ මාධ්‍ය තුළ පාලි ගාථා හා පිරිත් සජ්ඣායනා බොහොමයක් විකාශනය වෙතත්, බොහෝ විට ඒවායේ උච්ඡාරණයන් නිවැරදි නැත. සෝභිත හිමියන්ගේ පාලි භාෂා උච්ඡාරණය අනෙකුත් දේශකයන්ටත් ආදර්ශයකි.
තවද උන්වහන්සේගේ සජ්ඣායනාව තුළ එක් කොටසක් සජ්ඣායන කර අවසන් වූ විට කෙටි නිහඬ බවක් ඇත. එය ඉතාම වටිනා අංගයකි. දේශනා කළ කොටසේ අර්ථ නැවත මෙනෙහි කිරීමට එය හොඳ අවස්ථාවකි. උන්වහන්සේගේ දේශනා ශෛලිය තුළ සජ්ඣායනා කරන දෙයෙහි අර්ථය තේරුම් ගෙනම දේශනා කරන බව වැටහේ. අර්ථ දැනම දේශනා කරන නිසා අවශ්‍ය තැන්වල දී හඬ උස් පහත් කිරීමටත් අවශ්‍ය තැන් වල දී කෙටි නිහඬ බවක් ඇතුළත් කිරීමටත් උන්වහන්සේට හැකියාව ලැබී ඇත. මම දිනපතාම පාහේ මේ සජ්ඣායනාවට සවන් දෙමි. මහා සතිපට්ඨාන සූත්‍රයේ එන වටිනා දහම් කරුණු නැවත නැවත සිහිපත් කරගැනීමට එහි අරුත් විමසීමට උන්වහන්සේගේ සජ්ඣායනාව මහත් උපකාරී වේ.අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ විමුත්තායතන සූත්‍රයේ දහම පුහුණු කරන කෙනෙක් කෙළෙස් ප්‍රහීණ කොට විමුක්තියට පත්විය හැකි අවස්ථා පහක් දැක්වේ. දහම් ශ්‍රවණය කරන අවස්ථාව දහම් දෙසන අවස්ථාව, ඇසූ දහම විස්තර වශයෙන් සජ්ඣායනා කරන අවස්ථාව, ඇසූ දහම මනසින් මෙනෙහි කරන අවස්ථාව හා මැනවින් සිතසමාධිගත වූ අවස්ථාව යනු එම විමුත්තායතනයන් ය. එබැවින් සූත්‍ර ධර්ම නිවැරදිව සජ්ඣායනා කිරීම හා එම සජ්ඣායනා වලට සවන් දීම අපේ සිතේ කෙළෙස් දුරුකරන විමුක්තියට මග පාදන අවස්ථාවන් ය. පුජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමිපාණන්ගේ මහා සතිපට්ඨාන දේශනාව බොහෝ දෙනෙකුගේ සද්ධාව වැඩි දියුණු කිරීමටත්, දහම් අවබෝධය වැඩි දියුණු කිරීමටත් හේතු වේවා.!
Rs 891.00
Rs 990.00
-10%
Dhammapada Pradeepaya
බුදු පියාණන් වහන්සේගේ කරුණා සලිල දහරින් සිනිදු වූ ප‍්‍රඥා ලෝකයෙන්  ප‍්‍රභාවත් වූ ධර්ම මාර්ගය හැ`දින ගනු කැමති හැමදෙනාගේ කන් සිත් නළවන, ජීවනය පොබයන, චරිතය හොබවන ධම්මපදය විවරණ සහිතව මෙසේ බොදු දන වෙත සමර්පණය කෙරෙයි. 
Rs 945.00
Rs 1,050.00
-10%
Majjhimanikaya - Padagathartha ghavartha Ha Gatapadhavivarana Sahitha
මජ්ක්‍ධිම නිකාය - මජ්ක්‍ධිම නිකායට අයත් මහාදුක්‍ඛක්‍ඛන්‍ධ සූත‍්‍රය, අලගද්පම සූත‍්‍රය, රථවිනීත සූත‍්‍රය, පියජාතික සූත‍්‍රය හා ඉන්‍ද්‍රිය භාවනා සූත‍්‍රය යන සූත‍්‍ර පහ ප‍්‍රාචීන මධ්‍යම විභාගය සදහා 2017 වර්ෂයේ සිට ක‍්‍රියාත්මක වීමට නියමිත ප‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ පරීක්ෂණ පිළිබද නව විෂය නිර්දේශයට අයත් වේ. මෙම ග‍්‍රන්ථය ප‍්‍රාචීන මධ්‍යම විභාගය සදහා පෙනී සිටීමට සූදානම් වන විද්‍යාර්ථීන්ගේ එම සූත‍්‍ර අධ්‍යයනය කිරීමේ පහසුව උදෙසා සරිලන අයුරින් සකස් කොට ඇත. 
Rs 945.00
Rs 1,050.00
-10%
Dineka Kusinarave
දිනෙක කුසිනාරාවේ - මේ අපූර්ව නවකතාවට පසුබිම් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ අසූ වියැතිව පරිනිර්වාණාභිමුඛව ගෙවූ ජීවිත සමයයි. කෘතියේ ප්‍රධාන කථකයා වෙමින් එම යුගය විවරණය කර දක්වන්නේ අග්‍ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික අනඳ මහ තෙරිඳුන් විසිනි. මෙය පහන් සංවේගය දනවයි. සැදැහැ බැතිසිත් ඇත්තන්ගේ නෙතට කඳුළක් ගෙන එයි. භද්‍රජි මහින්ද ජයතිලක මේ සඳහා අශ්‍රය භූමි කොට ගෙන ඇත්තේ දීඝනිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයයි. 
Rs 1,107.00
Rs 1,230.00
-10%Out-of-Stock
Mirrors Of Indian Buddhism
Out-of-Stock
Mirrors of Indian Buddhism - offers a nuanced and insightful exploration of the diverse facets of Buddhism as it flourished in India. Authored by leading scholars in the field, this book presents a collection of essays that illuminate various aspects of Indian Buddhist thought, practice, and culture. From the philosophical intricacies of different Buddhist schools to the social and historical contexts in which they emerged, these essays provide a comprehensive overview of Indian Buddhism's development and influence. Through meticulous scholarship and engaging analysis, "Mirrors of Indian Buddhism" sheds light on the rich tapestry of Buddhist thought and its impact on Indian society and beyond. Whether you're a student, researcher, or enthusiast of Buddhist studies or Indian history and culture, this book offers valuable insights into one of the world's most enduring and influential religious traditions.
Rs 945.00
Rs 1,050.00
-10%
Sri Anavamadarshee Hindi Sinhala Shabda Koshaya
ශ්‍රී අනවමදර්ශී හින්දි සිංහල ශබ්දකෝෂය - මෙම පොත හින්දි සිට සිංහල දක්වා වචන පරිවර්තන සහ පැහැදිලි කිරීම් සපයන ද්විභාෂා ශබ්ද කෝෂයක් වේ. විවිද සන්දර්භයන් තුළ භාෂා දෙක අතර පරිවර්තනය කිරීමට හෝ භාෂාවක් ඉගෙන ගන්නා පුද්ගලයන් සඳහා එය පුළුල් සම්පතක් වේ.
Rs 900.00
Rs 1,000.00
-10%Out-of-Stock
Kotapola Hamuduruwo
Out-of-Stock
කොටපොල හාමුදුරුවෝ - යනු ශ්‍රී ලාංකේය ගමක පසුබිම් වූ අධ්‍යාත්මිකත්වය, ආදරය සහ මිදීම පිළිබඳ ග්‍රහනීය කතාවකි. ප්‍රඥාවන්ත සහ දයානුකම්පිත භික්ෂුවක් ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ කොටපොල හාමුදුරුවෝ තම විශ්වාසයන් සහ ප්‍රතිපත්ති පරීක්‍ෂා කරන පුද්ගලික සහ සමාජීය අභියෝගවල සංකීර්ණ ජාලයක පැටලී සිටිති. ඔහු ආදරය, වියෝව සහ ගැඹුරු අධ්‍යාත්මික අත්දැකීම් හරහා ගමන් කරන විට, කොටපොල හාමුදුරුවෝගේ ගමන දිග හැරෙන්නේ ස්වයං සොයාගැනීමේ සහ ඇදහිල්ලේ කල්පවත්නා බලයේ තියුණු ආඛ්‍යානයක් ලෙසිනි.
Rs 900.00
Rs 1,000.00