Religions & Rituals

The Four Foundations of Mindfulness

In addition to practitioners of Insight meditation, those who engage in other meditation forms such as Dzogchen, Mahamudra, and Zazen will find that The Four Foundations of Mindfulness provides new ways of understanding how to approach and deepen their own practices.
The entire Great Discourse is included here, accompanied by a beautifully clear commentary from the great scholar-yogi, Venerable U Silananda.
Rs 6,800.00

Adahili Ha Wishwasa

ශ්‍රී ලාංකික ජන සමාජයේ අතීතයේ පැවති ඇදහිලි සහ විශ්වාස ගැන බොහෝ විස්තර ඇතුළත් මෙම කෘතියෙන් ඒ පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරන පාසල් සිසුන්ටත්, විශ්වවිද්‍යාල සිසුන්ටත්, ගුරු මහත්ම මහත්මාදීන්ටත්, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් පාඨකයින්ටත් ඉමහත් ප්‍රයෝජනයක් ලබා ගත හැකි වනු ඇත. 
Rs 300.00

Widyawen Opawena Apage Wishwasa Ha Adahili

සිත ගමන් කරන බලවේගයක් බවත්, සිරුරෙන් නික්මෙන නානා කිරණ තරංග, සහ ඒ තුළින් මතු කරන ක්‍රියාකාරීත්වය, කර්ම ශක්තිය ඇති කරන අන්දම විද්‍යාඥයන් ඡායාරූප සටහන් ගත කරනු ලබන අයුරුත්, භාවනාවක දියුණුව ඵලය විද්‍යාඥයන්ට මැනිය හැකි බවත්, මේ පොතෙන් අපට සාක්ෂි සහිතව පෙන්වා දෙයි.එසේම බෝධි පූජාවක දී බෝධිය හා අප අතර ඇතිවන තරංග හුවමාරුවත්, බෝධිය අප හා ආදරයෙන බැඳෙන අයුරුත්, සිත් ගන්නාසුලු ලෙස පැහැදිලිකර ඇත. පිංදීම, අනුමෝදන් වීම, පූජා භාණ්ඩයකට අත ගැසීම, ආදී බොහෝ කරුණු ද, සෙත් කවි, යාඥා මන්ත්‍ර, පිරිත් වතුර ආදියෙහි ඇති ශක්තීන් විද්‍යාත්මකව මැනිය හැකි බව ද මේ ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි.ගුවන් විදුලියෙන් පුවත්පත් මගින් අපගේ ඇදහිලි හා විශ්වාසකොතරම් විදුහුරු දැයි කතුවරයා නගන හඬ ඇත්තෙන්ම විශිෂ්ටය. වසර තිහක් ඉක්ම වූ ගවේෂණ මගින් ලද දැනුමෙන් කොටසක් ඔහු මේ ග්‍රන්ථයෙන් අප වෙත ඉදිරිපත් කරයි.රට දැයට හිතැති බුද්ධිමතුන් බිහිකළ කොළඹ නාලන්දාවේ තවත් එවන් බිහි කිරීමකි. ඒ.එම්. ආර්. බෝපෙගෙදර මහතා.අපගේ ඇදහිලි හා විශ්වාස ගැන උසස් ඇගැයීමක් කරන මේ ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපුරාලයි.
Rs 1,060.00

Senakanda Bisobandara Puwatha

මධ්‍යම පලාතේ උඩුනුවර, ගම්පොළ -උඩ පළාත, යටිනුවර, කඩුගන්නාව, දුම්බර, හඟුරන්කෙත, වලපනේ, කොත්මලේ, හේවාහැට ආදි ප්‍රදේශවල ප්‍රචලිත දේව පුරාවෘත්තයක් වන සෙනකඳ බිසෝබණ්ඩාර දේවිය පිළිබඳ ප්‍රවෘත්තිය, අතිශය විස්මිත අධිභෞතික සිදුවීම් වලින් පිරී තිබේ. ජනප්‍රවාදානුගත විශ්වාසය පරිදි ගම්පොළ රජ කළ තුන්වැනි වික්‍රමබාහු රජුගේ මෙහෙසිය වශයෙන් සැලකෙන ඇගේ උපත බෙලි ගෙඩියකින් සිදු වූ ඕපපාතික ජන්මයකැ'යි කියනු ලැබේ. ප්‍රාදේශීය වශයෙන් අනන්‍ය දේවතා සංකල්පයක් වන සෙනකඳ බිසෝබණ්ඩාර දේවතාවිය පදන නම් කරගනිමින් ගොඩනැගී ඇති උප සංස්කෘතික ලක්ෂණ රැසක් නිසා ශතවර්ෂ කිහිපයක් පුරාවට මෙම දේව ඇදහිල්ල නොනැසී පවතින බව පෙනෙන්නට ඇත. එම පුරාවෘත්තය පිළිබඳ පුළුල් විමසුමක් මෙම ග්‍රන්ථය මගින් ඉදිරිපත් කෙරේ. සෙනකඳ බිසෝ බණ්ඩාර දේව වෘත්තාන්තය පිළිබඳව මෙතෙක් සිදු කර ඇති එක ම ශාස්ත්‍රීය විමැසුම මෙම ග්‍රන්ථය වන අතර, පුස්කොළ අත්ලිපි, ජනප්‍රවාද සහ ජනශ්‍රැති, ස්ථානීය නිරීක්ෂණ, දේව ස්තෝත්‍ර හා යාතිකා ආදි මූලාශ්‍ර මෙහි ලා පරිශීලනය කර ඇත.
Rs 1,100.00
Out-of-Stock

Kadasuriduni

Out-of-Stock
'කතරගම දෙවියන්' හා ස්කන්ධ කුමාර දෙවියන්' දෙදෙනෙක් ද? එක් අයෙක් ද? මෙයට පිළිතුර සිංහල - දෙමළ ජන හදවත් තුළ ඇත. එය වසර දහස් ගණනක හෘද සාක්ෂියකි. එහෙයින් සිංහල වේවා; දෙමළ වේවා; 'කඳ කුමරු' ඇදහීම, බාරහාර වීම හා දේව සම්ප්‍රදාය අනුගමනය කිරීම ජාති - කුල - ආගම් භේද වලින් තොර සාමූහික සංස්කෘතියක් බවට පත්වී ඇත. ඒ පුවත් ජනශ්‍රැති භාවිතාවන් ලෙස වසර දහස් ගණනක සිට අනුගමනය කරන්නකි.
Out-of-Stock

Bhahirava Pujava Ha Upatha

Out-of-Stock
භෛරව පූජාව හා උපත යන මෙම ග්‍රන්ථය තුළින් නියමිත අකාරයට භෛරව පූජාවක් සිදු කරණ ආකාරය සහ භෛරව උත්තමයන් වහන්සේගේ උප්පත්තිය පිළිබදව විස්තර බොහෝමයක් සදහන් වේ.
Out-of-Stock

Paththini Devi

Out-of-Stock
දකුණු දඹදිව සිංහල රටක්ව පැවැති කාලයේදී එහි වුසූ කනක මැණිකේ හෙවත් කනක බිසෝ (දෙමළෙන් කන්නකි) නමැති සිහල කුලඟන ගැනයි මේ කියැවෙන්නේ, කාන්තාවන්ගේ තැන රැකියේ පතිනියයි. පුරාතන භාරතයේ බ්‍රාහ්මණයෝ කාන්තාවනට දේවස්ථානවලට ඇතුළු වීමට ඉඩ නුදුන්හ. මේ ස්ථාවරය බිඳැ හෙළූයේ පත්තිනියයි. පත්තිනි තේවාව කළේ කාන්තාවයි.පත්තිනිය මතු බුදු බව පතා සිටින්නියකි. පත්තිනිය ධාන්‍ය ගෙවත් සශ්‍රීකත්වය පිළිබඳව හා වර්ෂාව පිළිබඳව අරක් ගත් දේවතාවියයි. උත්තර දේව ගණයට ළංවන දේවාංගනාවක් වශයෙන් පත්තිනි දේවිය සැලැකිය හැකියි. පතිනිය ගවයන් ආරක්ෂා කිරීමේ කටයුත්තට අනුබල දෙන්නීය. සිංහලයන් විසින් පුද පූජා පවත්වන ප්‍රධාන දේවතාවිය පත්තිනි අම්මාය.
පතිවත බලය ගැන කතා, පත්තිනි ප්‍රභේද සත් පත්තිනි. දොළොස් පත්තිනි. පත්තිනි රූප කාය, දේවාහරණ, විවිධ නම්, ඓතිහාසික හා පුරා වෘත්ත කරුණු, පවුලේ විස්තර, පත්තිනි උපත, පත්තිනි ඇදහිල්ල, ග්‍රන්ථ හා ජනකතා, ශාන්ති කර්මයන්හි පත්තිනි මාතාව, සිරිලක පත්තිනි දෙවොල්, විවිධ පූජා විධි, යොදිනි ස්තෝතු ආදිය මෙහි අඩංගුය.
Out-of-Stock

Aradana sahitha devashanthiya

Out-of-Stock
දේව කටයුතු වල නිරත වූවනට හා දෙවියනට පහන් තබන පුද පුජා පවත්වන බැතිමතුනට දැනට භාවිත කරන පැරැණි කන්න ලවු එකතු කොට සැපයූ කන්න ලවු පොතත් දෙවියන් සඳහා රචිත පැරණි සෙතාත්‍ර එකතු කොට සැපයූ සෙස්තෝත්‍ර රත්නයත් ප්‍රමාණවත් නොවන හෙයින් දේව ආරාධනා සහිතදේව ශාන්තිය නම් මෙම කෘතිය රචනා කර ඇති අතර මෙය ඉතා වටිනා කෘතියක් වශයන් හැදින්විය හැකිය.

Budusamaye Panena Maraya

කතෘගෙන්...
මාර ශබ්දය සංකීර්ණ අදහස් ඇති පදයකි. බෞද්ධයන් අතර බෙහෙවින් ප්‍රචලිත වචනයකි. පස්මරුන් යන්න ද එසේය. බුදු සමයෙහිදී බොහෝ විට මාරයා ගැන පුද්ගලයාගේ විමුක්ති මාර්ගයට අවහිර කරණ හඳුන්වා දීමේ උපාය මාර්ගයක් වශයෙනි. මාරයා පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන කරුණු උපුටා දක්වමින් මේ පොත ලිවීමට මා අදහස් කෙළේ ද මාරයා මගින් ඉදිරිපත්වන පවිටු ගති ලක්ෂණ සමාජය ඉදිරියෙහි තබා එම කරුණු මාර්ගයෙන් පාප ධර්මයන් නැති කර යහපත් චරිතයක් ඇති කර ගැනීමට ඉවහල් වේය යන අදහසිනි. එසේ වුවද බුදු සමයේ පැනෙන මාරයා පිළිබඳ ලිවීම ඉතාම දුෂ්කර කාර්යක් විය. ලිවීම අතරමග නතර කර නිතර කල්පනාබරව සිටි අතර බෞද්ධ විශ්ව කෝෂයේ නියෝජ්‍ය කර්තෘ (විශ්‍රාමලත්) සනත් නානායක්කාර, මහාචාර්ය කපිල අභයවංස, යන වියතුන් ගෙන් ලැබුණ උපදෙස් මෙය සම්පාදනයට පහසු විය. එම වියතුනට ද මගේ කෘතඥතාව හිමි වෙයි.මෙම කෘතියෙහි බුදු සමයේ පැනෙන මාරයා - පස්මරුන් සහ ඒ හා බැඳුණු කරුණු ඇතුළත් වෙයි. එහෙයින් මෙය මාර සංකල්පය පිළිබඳව අධ්‍යයනයට ගවේෂණයට උපකාරී වේ යයි සිතමි. පෙළ සහ අටුවා අනුව විස්තර සඳහන් වෙයි.
Rs 200.00
Out-of-Stock

Kataragama deviyo

Out-of-Stock
ශ්‍රී ලාංකේය සමාජ සන්දර්භය නානාවිධ ආගමික මතවාදයන්, විශ්වාස හා පුද පිළිවෙත් මගින් නවීකරණයට බඳුන් වූවකි. ජනප්‍රිය බුද්ධාගම එහිලා දැක්විය හැකි එක් සංරචකයකි. පොදු ජන සමාජයේ විවිධ අවශ්‍යතා සාධනය කරගනු සඳහා ජනතාව විසින් ඇති කරගනු ලැබූ ජහප්‍රිය පුද සිරිත් අතර දේව වන්දනයද ප්‍රබල වූවකි. ඉනිඳු කතරගම දෙවියන් සිංහල දේව ධූරාවලියේ මුදුන් මල්කඩකි. දුක සැප දෙකෙහි දීම සැමට වැඳුමට පිදුමට තිබෙන එකම පින්බිම කතරගමය. අණවින (Black Magic) මෙන්ම ශාන්ති කර්ම ද (White Magic) යන දෙඅංශයම කඳ කුමරුගේ බලයට අභිමුඛය.
මෙම පර්යේෂණ කෘතිය කතරගම දෙවියන් ආශ්‍රිත යාතු කර්ම පුද සිරිත් පිළිබඳ කළ ආනුභවික අධ්‍යයනයකි. කතරගම දේව වන්දනය ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙමගින් ඉතා පුළුල් අධ්‍යයනයකට බඳුන් කරමින් ඒ සඳහා උනන්දු ජනක පෙළඹවීමක් කර ඇත.

Saman Dewala Puda Sirith

සුමන සමන් දෙවියන්ගේ අඩවිය ලෙස ගැණෙන සබරගමු පළාතේ, රත්නපුර සමන් දේවාලය 'මහා සුමන දේවභවන' නමින්ද ජන සම්මානයට පාත්‍ර වූවකි. වර්ෂාරම්භයෙහි මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වන පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර තුන්සිය හැටපස් දිනක් නොකඩවා චක්‍රාකාරව ගමන් කරන ආකාරය සියැසින් දැකබලාගෙන, වෙහෙස මහන්සි වී පාරම්පරික දැනුමැත්තන්ගේ ඥාන සම්භාරය උකහාගෙන නූතන විද්‍යාත්මක පර්යේෂණ විධි ක්‍රම ආශ්‍රයෙන් ආචාර්ය ශ්‍රියාණි රාජපක්‍ෂ රචනා කළ සමන් දේවාල පුද සිරිත්' ලාංකේය. දේව විශ්වාස හා බැඳුණු චාරිත්‍ර විග්‍රහ කරන ප්‍රථම කෘතිය ද වන්නේය.
Rs 950.00

Gambara Devidun

දෙවියන් පිදීම, දෙවියන් නැමදීම විරාත් කාලයක සිටම සාමාන්‍ය ජනතාව විසින් සිදු කරන අතර එමගින් පිහිට ලබා ගන්නා අයද බොහෝ ය. එසේ පිහිට ලබා ගැනීමේදී නියම ක්‍රමයට දෙවියන් නැමදීම සිදු කළ යුතුය. නමුත් දෙවියන් පිදීමේ නිවැරදි ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් වී නොමැත. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා බොහෝ දෙනා තමන් ජ්‍යොතිෂය හා දෙවියන් පිළිබඳව කිසිවක් නොදන්නා නමුත් විවිධ ක්‍රම වලින් ලබා ගන්නා තොරතුරු පදනම් කර ගෙන පොත්පත් ලිවීමට පෙළඹී සිටිති. මෙය අනතුරුදායක තත්ත්වයක් බැවින් නියම ක්‍රමයට දෙවියන් පිදීම ජ්‍යොතිෂයට අනුවම සිදු කිරීම සඳහා සුදුසුකම් සහ ඒ පිළිබඳ මනා වැටහීමක් සහිතජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුගෙන්ම උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් ය. නිලන්ත කුමාර ධනසේකර මහතා මේ පිළිබඳව මනා අවබෝධයක් සහිත ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිලිබඳව හසළ අවබෝධයක් ඇති අයෙකු බැවින් මෙම ග්‍රන්ථය ගම්භාර දෙවියන් පුදන සහ ගම්භාර දෙවියන්ගෙන් පිහිට අපේක්ෂා කරන සැමට ඉතා ප්‍රයෝජනවත් වටිනා ග්‍රන්ථයක් වශයෙන් හැදින්විය හැකිය.
Rs 300.00

sri dewa shanthi malawa samaga mal yahan kawi

ශ්‍රී විෂ්ණු දෙවියන් ඇතුළු දෙවි දේවතාවන් කෙරෙහි අප රටේ ජනතාව තුළ ඇත්තේ අසීමිත භක්තියකි. ඒ අනුව දෙවියන්ට පුද පූජා පවත්වා නියමිත ස්තෝත‍්‍ර හා දේව කන්නලව් ගායනා තුළින් පිහිට ලබා ගත් බොහෝ දෙනා මෙන් දේව කන්නලව් හා ග්‍රහ පුද පූජා මගින් සිය බලාපොරොත්තු ඉටු කර ගැනීමට අපේක්‍ෂා කරන සියලු දෙනාට ද මෙම පොත මහඟු අත්වැලක් වනු නිසැකය
Rs 350.00
Out-of-Stock

Ape Shanthi Karma

Out-of-Stock
ලක්වැසි ජනතාවගේ ආගම සම්බන්ධයෙන් සලකන විට තව මත් දෙවියන්, යක්ෂයන්, භූතයන් පිළිබඳ විශ්වාස ජන සමාජයෙන් ඉවත් ව ගොස් ඇතැයි සැලකිය හැකි නොවේ.විශේෂයෙන් දකුණු ප්‍රදේශයේ පැවැත්වෙන ශාන්ති කර්ම මිනිසුන්ගේ අපල උපද්‍රව පමණක් නොව වෛද්‍ය විද්‍යාවෙන් සුවයක් ලබා ගතයුතු කායික මානසික රෝග පවා දුරු කර දැමීමට තරම් ශක්තිමත් ප්‍රතිකාරයක් ලෙස අදටත් පිළිගන්නා බව පෙනේ. ඒ නිසා ම වෛද්‍ය විද්‍යාව ඉක්මවා අභිචාර විධිවලින් සහනයක් පතා ජනතාව කටයුතු කරන අවස්ථා ද දැක ගත හැකි වේ. නන්දික බැද්දේගම මහතා ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිදු කෙරෙන යක්ෂ ශාන්ති කර්ම, ග්‍රහ ශාන්ති කර්ම හා දේව ශාන්ති කර්ම පිළිබඳ කරුණු එක් රැස් කරමින් අභිචාර විධිවලින් ජනතාව ලබන ශාන්තිය පිළිබඳ දී‍්‍රකා ශාස්ත්‍රීය විග්‍රහයක් මේ කෘතියෙන් එළි දක්වා තිබේ. මේ විෂය පිළිබඳ ව මීට පෙර විවිධ විද්වතුන් කරුණු අනාවරණය කොට ඇතත් ඒවායේ දක්නට නො ලැබෙන ඓතිහාසික තොරතුරු ද මෙයට ඇතුළත් කරමින් සකස් කොට තිබෙන නිසා සංස්කෘතිය, ජනශ්‍රැතිය, සමාජ විද්‍යාව, සිංහල බස වැනි විෂයයන් හදාරන ශාස්ත්‍රාභිලාෂීන්ටත් ඒ විෂය සම්බන්ධයෙන් පර්යේෂණ කාර්යයෙහි ගියුක්ත වන්නන්ටත් එක සේ ප්‍රයෝජනය ගතහැකි කෘතියක් ලෙස මෙය හැඳින්විය හැක.
Out-of-Stock

Deviwaru saha dewala

Out-of-Stock
ආදි යුගයේ පටන්ම ගෞරවයෙන් භක්තියෙන් දෙවියන්ට පුද සත්කාර කළ මිනිසා දෙවියන්ගෙන් විමුක්තියක් හෝ මෝක්ෂයක් බලාපොරොත්තු නොවීය. හැමවිටම දෙවියන්ගෙන් අපේක්ෂා කර ඇත්තේ ලෞකික ලාභ ප්‍රයෝජනයි. හින්දු සංස්කෘතිය අනුව නම් එළුවන් ගවයන් වැනි සතුන් බිලිදී යාග හෝම කොට දෙවියන්ගෙන් සතුරන් නැසීමට, ධන ධාන්‍ය සම්පත් ලබා ගැනීමට පුත්‍රයන් ලබා ගැනීමට බලාපොරොත්තු වී ඇත. එහෙත් බෞද්ධ වත් පිළිවෙත් අනුව සත්ව හිංසනය වෙනුවට පලතුරු, කැවිලි, වස්ත්‍ර මල්පහන් වැනි දේවල් පූජාවන් සඳහා පාවිච්චි කරමින් දෙවියන්ගෙන් ලෞකික ලාභ ප්‍රයෝජන ඉෂ්ට කරවා ගැනීමට කටයුතු කරන බව පෙනේ.
Out-of-Stock

Dedimunda deviyo

Out-of-Stock
බෞද්ධ ජනතාවගේ පුද පූජාවන්ට ලක්ව සිටින දෙව් දේවතාවුන් අතර දැඩිමුණ්ඩ දෙවියන්ට හිමිවන්නේ වැදගත් තැනකි. දේවතා බණ්ඩාර දෙවියන් නමින් සතර කෝරලයේ පුද ලබන මෙම දෙවියන් දිවයිනේ වෙනත් ප්‍රදේශ වලදී විවිධ නම් වලින් හඳුන්වන බව පෙනේ මෙම ග්‍රන්ථය මගින් ජනශ්‍රැතිවේද මූලධර්ම අනුව දැඩිමුණ්ඩ දේව සංකල්පය විග්‍රහ කරන අතර බැතිමතුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පුද පූජා විධි සහ දෙවියන් හා බැදුණු සාහිත්‍යාංග ද මෙහි ඇතුළත් කර තිබේ.

Sarvaraksha Hevath Bhuthasthambhanaya Ha Uchchatanaya

ඩී .ඩබ්ලිව්. මාරපන  ඇම් .කේ. යූ. බණ්ඩාර යන මහත්වරු දෙපල විසින් සම්පාදිත පිටු 65කින් සමන්විත සර්වාරක්ෂා හෙවත් භූතස්තම්භනය හා උච්චාටනය පොතේ  යන්ත්‍ර මන්ත්‍ර  කටයුතු සිදු කිරීමට මත්තෙන්  නොවරදවාම දැනගෙන සිටිය යුතු ඔබේ සහ අන් අයගේ ආරක්ෂාව සැලසීම සඳහා භාවිතා කරන  ආරක්ෂා මන්ත්‍ර  53ක් මෙන්ම කඩ ගෙවතු ආරක්ෂාව ,ස්ත්‍රී ආරක්ෂාව ඇදුරු ආරක්ෂාව සහ නොයෙක් දෝෂයන්ගෙන් අරක්ෂාවීමට භාවිතා කරන බලගතු මන්ත්‍ර මෙන්ම ඒවා භාවිතා කරන පිළිවෙල පිළිබඳ වටිනා තොරතුරු රැසක් මෙම පොතේ ඇතුළත් වේ.
Rs 320.00

Manthara manjariya

 “මන්තර මජරිය” නම් වූ මෙම කෘතිය තුළ ද ඊට බෙහෙවින් සමාන ය.මෙහි අත් බෙහෙත් නැති නමුදු දෛනික ජිවිතයේ දී මුහුණ දීමට සිදු වෙන රෝගාබාධ ඇතුළු විවිධ උපද්‍රව නිවාරණය කර ගැනීමට හැකි ගුප්ත ශාස්ත්‍රීය පිළියම් රාශියක් අන්තර්ගතය.විවිධ රෝගාබාධ, අමනුෂ්‍ය දෝෂ, වගාවට පළිබෝධ නිසා වන හානි, ඇස්වහ කටවහ, හෝවහ දෝෂ, වන සත්ව උවදුරු, සර්ප දෂ්ට නිසා සිදුවන ආසාධන පමණක් නොව තව නොයෙකුත් උපද්‍රව ජය ගැනීමට හැකි ගුප්ත ශාස්ත්‍රීය පිළියම් මෙම කෘතියේ අන්තර්ගතව තිබේ.
Rs 450.00

Kali Maniyo

කතු වැකිය....
මා විසින් දෙවිවරුන් පිළිබඳව ලියනු ලබන පොත් පෙළෙහි සිව්වැන්න "කාලි මෑණියෝ” නමින් ඔබ අතට පත් වේ. මෙය ද අනෙක් පොත් තුන මෙන්ම දෙවි දේවතාවුන් පිළිබඳව තොරතුරු සොයා විශ්ලේෂණය කර ලියන ලද පර්යේෂණ කෘතියක් ලෙස සැලකිය හැකිය. දෙවිවරුන් පිළිබඳව ලියනු ලබන ශාස්ත්‍රීය ලේඛන, ජනශ්‍රැති අධ්‍යයනය නමැති විෂය ක්ෂේත්‍රයට අයත් වේ. මේවාට තොරතුරු ලබා ගන්නේ මිනිසුන් අතර පවතින ජන විශ්වාස සහ ජනප්‍රවාද වලිනි.
මෙම පොතේ ඇතුළත් තොරතුරු, පූජා විධි, මන්ත්‍ර, කවි පන්ති ආදිය ලබා ගෙන ඇත්තේ මුද්‍රිත හෝ අතින් ලියන ලද පොත්වලින් සහ කපු මහත්වරු, දේවගැතිවරු, ගුප්තවිද්‍යාඥයන්, දේශීය වෛද්‍යවරුන් ආදී අයගෙනි. ඇතැම් දේවගැතිවරු දුරකථනයෙන් අප විමසන ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් දීර්ඝ විස්තර ලබා දුන්හ. මන්ත්‍ර සහ කවි පන්ති ලියා එවූහ. ඔවුන් බොහෝ දෙනකු තම නම ගම ප්‍රසිද්ධ වෙනවාට මනාප නොවන හෙයින්, මෙහි දී ඒ කිසිවකුගේ නම සඳහන් නොකරන්නට වග බලා ගතිමි. එසේ වුවත් ඔවුන් සැම දෙනාටම අපගේ හෘදයංගම ස්තුතිය පුද කරන්නට මෙය අවස්ථාව කර ගනිමි.කාලි මෑණියන් ගැන ලියැවුණ මෙම පොත කුඩා පොත් පිංවක් වශයෙන් අද ඔබ අතට පත් වුවත්, අනාගතයේ දී මෙයට තවත් කරුණු ඇතුළත් කර පරිපූර්ණ පොතක් බවට පත් කරන්නට බලාපොරොත්තු වෙමි. එම නිසා කාලි මෑණියන් ගැන මෙහි සඳහන්ව නැති තොරතුරු, මන්ත්‍ර, කවි පන්ති ආදිය ඔබ දන්නේ නම් ඒවා මා වෙත ලියා එවන ලෙස ඇරයුම් කරමි.
Rs 260.00
Out-of-Stock

Saman Deviyo

Out-of-Stock
"සමන් දෙවියෝ " පොත පරිශීලනය කිරීමෙන් සුමන සමන් දෙවියන් පිළිබඳ වැදගත් කරුණු රැසක් දැන ගැනීමට හැකි වන අතර, ලංකාවේ විවිධ පළාත්වල දැකිය හැකි සමන් දේවාල පිළිබදවද සමන් දෙවියන් පිළිබද සදහන් ඉපැරණි ශිලා ලේඛන වැනි දේ පිළිබදවද මෙම ලිපිය මගින් කරුණු රාශියක් අනාවරණය කර ගත හැකි වනු ඇත.
Out-of-Stock

Paththini pujawa saha shanthiya

Out-of-Stock
නව සැකැසුම ගැන....
දශක ගණනාවක් ම මේ කුඩා ග්‍රන්ථය බොහෝ දෙනාට පත්ති පූජාව නිවැරදිව පවත්වා ශාන්තිය උදාකර ගැනීම පිණිස උපකාර වූවාට සැකයක් නැත. පත්තිනි දේවියගේ කතා පුවත මෙහි සැකෙවින් දක්වා ඇතත් පත්තිනි හෑල්ල නමින් දන්නා ජනසාහිත්‍යයෙහි එන ජනප්‍රිය කාව්‍ය සංග්‍රහය ගැන බොහෝ දෙනෙක් නොයෙක් වර විමැසූහ. මෙම කතා පුවතට ම සම්බන්‍ධ පාළඟ හෑල්ල නම් වූ අන්‍ය කාව්‍ය සංග්‍රහයක්ද ජනශ්‍රැතියෙහි එයි. මේ දෙකම දැනට පාඨකයාට ලබාගත හැකි බවක් නොපෙනන නිසා ඉන් පත්තිනි දේවියගේ නාමය ප්‍රමුඛ කොට රචිත පත්තිනි හෑල්ල මෙම පොතට උපෑඳියක් ලෙස ඇතුළත් කිරීමට අදහස් කෙළෙමු. කන්නගීගේ ස්වමියා වූ කෝවලන්ගේ නාමය ප්‍රමුඛ කොට රචිත පාළඟ හෑල්ල මතු පළ කෙරෙන පත්තිනි උපත හෙවත් සිලප්පදිකාරම් නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදයට ඇතුළත් කිරීමට අදහස් කරමු.
Out-of-Stock

Sadew Lowa Vatha Gotha

Out-of-Stock
හෙළ බොදුනුවන්ගේ හද ගැස්ම මනාව වටහා ගත් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ තම ධර්ම ප්‍රචාරය ආරම්භ කරමින් විමාන වත්ථු, පේත වත්ථු දේශනා කළ සේක. තමන් විසින් කරනු ලබන කර්මවල ඵල විපාක දැන ගැන්මේ නොතිත් ආශාවෙන් පුද්ගලයා ක්‍රියා කරනු ලැබේ. පුද්ගලයා තමා කරන කුශලා කුශල කර්මයන්ගේ විපාක ලෙස හිමිවන ස්ථාන (භවය) පිළිබඳ විස්තර මෙකී ත්‍රිපිටක ග්‍රන්ථ තුළ විස්තර වේ. " සදෙව් ලොව වත ගොත ' ග්‍රන්ථය තුළින් කාම සුගතිය සහ රූප අරූප යන බ්‍රහ්ම ලෝක පිළිබඳ කරන විස්තර කියවන අසන සැම දෙනාගේ සිත්හි ඇති කරනුයේ කුශල සිතුවිලි ය. කුශල මග පියනගන සත්වයා නිරතුරුවම සදාචාර සම්පන්න චර්යාවන්ගෙන් යුතු වේ. එවැනි පුද්ගලයන්ගේ එකතුවෙන් නිර්මාණය වන සමාජය වඩාත් ම යහපත් වේ. ඒ සඳහා වූ මග පෙන්වීමක් මෙම ග්‍රන්ථයේ විස්තර කෙරේ. එබැවින් සෑම පුද්ගලයෙකුම කියවිය යුතු ධර්ම ග්‍රන්ථයකි.
අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ අතිගරු මහා නායක ශාස්ත්‍රපති අති පූජ්‍ය වස්කඩුවේ රතනසිරි මහ නාහිමි
Out-of-Stock

Guptha gaveshanaya saha dewatha swapna

Out-of-Stock
මෙම කෘතිය තුළින් අතීතයේ සිට හෙලයන් විසින් පවත්වගෙන ආ කනප්පු, කුලු, පොල්, කවඩි ආදි අචේතනික වස්තූන්ට භූතයන් ආවේශ කරවා කළ හැකි විවිධ වූ අදෘෂ්‍යමාන ක්‍රියාකාරකම් දක්වා  ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකි කෘතියකි.
Out-of-Stock

Paththini Deviyo Ha Yathukarma saha Puda Puja

Out-of-Stock
ශ්‍රී ලාංකේය ජනාගමයේ සුවිශේෂී පූජනීය චරිතයක් වන පත්තිනි මෑණියන් පිළිබඳව සාරවත් ජනශ්‍රැති, මූලික කරගත් සංස්කෘතිකාංග රැසක් දක්නට ලැබේ. වෙනත් සමකාලීන දේව වන්දනයන්ට වඩා පත්තිනි ඇදහිල්ල පොදු ජනතාවගේ එදිනෙදා දිවියට සමීප වීමට එකී යාතු කර්ම මගින් ලැබී ඇත්තේ සුවිශාල අනුබලයකි. පත්තිනි දේවතාවිය පිළිබඳ පර්යේෂණාත්මක කෘති රැසක් ඇතද, එතුමිය අගයන පොදු ජනයාට පහසුවෙන් කියවා තේරුම් ගත හැකි කෘතීන් ඉතා අල්පය. මෙම කෘතිය රචනය කළේ එම අරමුණෙනි. පත්තිනි දේවතාවිය සිංහල බෞද්ධයා තුළ ගොඩ නගාගත් පූජනීයත්වයත් ඒ හා බැඳුණු සිංහලයාගේ යාතු කර්මත් පිළිබඳ සරල විමසුමක් කිරීමට මෙමගින් ප්‍රයත්න දැරීමි.
Out-of-Stock

Baudda puda puja sanskruthiya

Out-of-Stock
මුල් බුදුසමයේ ප්‍රධානතම හා ආසන්නම අරමුණ අනුගාමිකයින්ට නිවන් පසක් කර ගැනීමට මගපෙන්වීමයි.එහෙත් වැඩි කලක් ගත වීමට පෙරාතුව බහුතර ගිහි සැදැහැවතුන්ගේ අවශ්‍යතාව අනුව එය මෙලොව සහ එලොව යන දෙලොවෙහිම හිතසුව පිණිස වන ජීවන මාර්ගයක් ඉදිරිපත් කරන ආගමක් බවට පත්කරගනු ලැබිණි.වෙනස් වූ ආසන්න අරමුණු දෙකක් මුදුන් පමුනුවා ගැනීම උදෙසා ස්ථර දෙකක සිට බෞද්ධ චරණය අනුගමනය කරන අනුගාමිකයින් දෙපිරිසක් බිහිවුණු බව පැහැදිලිය. බෞද්ධ පුද පූජා හා ඇදහිලි අයිති වන්නේ බහුතර බැතිමතුන් අනුගමනය කරන චරණයටය. වර්තමානයේ මේ බහුතර සැදැහැවත් පිරිස විසින් අනුගමනය කෙරෙන චරණය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට නම්, එයට පදනම් වූ පුද පූජා හා ඇදහිලි ගැන නිරවුල් දැනුමක් ලබාගත යුතුමය.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ මෙම කෘතියේ සුවිශේෂී වැදගත්කම වන්නේ එවන් විවිධ බෞද්ධ පුද පූජා හා ඇදහිළිවල ප්‍රභවය, විකාසය මෙන්ම බහුතර ගිහි අනුගාමිකයින්ගේ ආසන්න අරමුණ මුදුන් පමුණුවා ගැනීමට එය කෙතරම් අදාළ වන්නේද යන්න බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් පිරික්සා බලා ඉතා සරලව හා සුගමව පැහැදිලි කර තිබීමයි.
සනත් නානායක්කාර

Sri Lankawe Dewa Pooja Rata

ශ්‍රී ලංකාවේ දේව පුජා රටා නම් මෙම කෘතිය ඩී.කේ.ධර්මදාස බණ්ඩාර මහතා විසින් රචනා කර ඇති අතර ශ්‍රී ලංකාවේ බහුවිධි සංස්කෘතීන් විදහා පාන දේව පූජාවන් රාශියක් අන්තර්ගත කෘතියක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 300.00

Holman,Awathara Thula Athi Dharmanukula Padanama

ප්‍රේතයන්, භූතයන්, යක්ෂයන් ආදී ඕපපාතික ජීවින්ගෙන් මිනිසුන්ට බලපෑම් සිදුවන බව රහසක් නොවේ. අමනුෂ්‍යයන්ගෙන් මිනිසුන්ට බලපෑම් සිදුවන අයුරු ද, අමනුෂ්‍ය උවදුරු වලින් නිදහස් වන අයුරු ද, බුද්ධ දේශනාවන් හී කරුණු සහිතව සඳහන්ව ඇත.වර්තමාන මිනිසුන් අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වීම නිසා මිනිසුන් අතරට සැඩ යක්ෂයන් පැමිණෙන බව ද, යක්ෂයන්ගේ ග්‍රහණයට හසුවීම නිසා දහස් ගණන් මිනිසුන් මරණයට පත්වන බව ද, මහා සාළ සූත්‍රයේ සඳහන් වී තිබේ.
Rs 180.00
Out-of-Stock

Anjanam Puranaya

Out-of-Stock
රසිකා ඔලබොඩුව ගේ අංජනම් පුරාණය නමැති මෙම කෘතිය  අනාදිමත් කාලයක සිට සිංහල ජනයා අතර ප්‍රචලිත අභිචාර විධික්‍රමයක් පිළිබද කෙරෙන සන්නිවේදනාත්මක අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙ හැදින්විය හැකි අතර මෙම කෘතිය තුළින් ක්ෂේත්‍රය පිළිබද ව අධ්‍යනය කරන විද්‍යාර්ථයින්ගේ මෙන්ම සාමාන්‍ය පාඨකයින්ගේ ද ශාස්ත්‍රීය කුතුහලය වර්ධනය කරණු නොඅනු මානය.

Yaksha Pretha Amanushya Dosha

යක්ෂයන්, ප්‍රේතයන් වැනි අමනුෂ්‍යයන් විසින් මිනිසුන්ගේ ශරීර වලට ඇතුළු වී කරන ක්‍රියාකාරකම් අතිමහත් ය. මෙහි කතා නායිකාව මෙම අමනුෂ්‍යයින් මිනිස් ශරීර වලින් පන්නා දැමීමට සමත්කම් දක්වයි. එළෙස අමනුෂ්‍ය ක්‍රියාකාරකම් පළවාහරින ලද සිද්ධි ගණනාවක් මෙම පොතේ අන්තර්ගත වන අතර විටෙක එය ලොමු දැහැගන්වන සුළු අතර විටෙක භයංකර වේ.
මෙමගින් මිනිස් සමාජයට විශාල යහපතක් වන බව පොදු මතයයි.
Rs 250.00

Masaesa Nodutu Deviyo Saha Buthayo 3

'මසැස නොදුටු දෙවියෝ සහ භූතයෝ 3' යන මෙම ග්‍රන්ථය ශාස්ත්‍රපති, පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කර ඇති අතර දෙවියන් සහ භූතයන් පිළිබදව බුද්ධ වචනයෙන් කියැවෙන ආකාරයට ඉතා වටිනා දහම් කරුණු අන්තර්ගත කර රචනා කරණ ලද කෘතියකි.
Rs 200.00

Masasa Nodutu Daviyo Saha Buthayo 1

'මසැස නොදුටු දෙවියෝ සහ භූතයෝ 1' යන මෙම ග්‍රන්ථය ශාස්ත්‍රපති, පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කර ඇති අතර දෙවියන් සහ භූතයන් පිළිබදව බුද්ධ වචනයෙ සදහන් වූ ආකාරයට ඉතා වටිනා දහම් කරුණු අන්තර්ගත කර රචනා කරණ ලද කෘතියකි.
Rs 275.00

Budu Dahamai Mara Sankalpayai

"බුදු දහමේ සඳහන් මාරයා, අපාය, දිව්‍ය ලෝකය වැනි පියවි ඇසින් ප්‍රත්‍යක්ෂ කළ නොහැකි සංකල්ප පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ සැක මුසු ස්වභාවයකි. කුතුහලයකි. මහරැඹෑවැවේ පාලිත හිමියන්ගේ නවතම කෘතිය වන මෙහි 'මාරයා යනු කවරෙක් ද? මාරයා දෙවියෙක් ද? භික්ෂූන් නොමග යැවීමට උත්සාහගත් මාරයා, මුගලන් තෙරණුවන්ට කරදර කිරීමට පැමිණි මාරයා, මාරයාගේ ඇස් අන්ධ කළ ගෝධික තෙරණුවෝ, උප්පලවණ්ණා භික්‍ෂුණියගේ යොවුන් බව - වර්ණනා කළ මාරයා, බුදුරජුන්ට රජ වන්නට උපදෙස් දුන් මාරයා, බුදුරදුන් වසඟ කරන්නට උත්සාහ ගත් මාර දූවරු සහ මාරයාගේ සැඬ පහර ' වැනි මාතෘකා රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබේ
Rs 250.00