Helabima Puda Labana Dewiwaru Saha Dewa Pooja Viddi 'හෙළබිම පුද ලබන දෙවිවරු සහ දේව පූජා විධි - 01' නම් මෙම කෘතිය ලාංකේය දේව ඇදහිලි හා විශ්වාස පිළිබදවත් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට ප්‍රසිද්ධ දෙවිවරු පිළිබදවත් කරුණු ගොන්නක් කැටි වූ කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 300.00 Add to cart Buy
Vishwa manasa ha devathwaya 'විශ්ව මනස හා දේවත්වය' යන මෙම කෘතිය නව පරපුරේ ලේඛකයකු වූ ගුණසිරි වීරසූරිය මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය මගින් විද්‍යාත්මක, ආචාරාත්මක හා මනෝ විද්‍යාත්මක සංකල්ප කීපයක් කැටිකොට ගෙන විද්‍යාත්මක විද්‍යා ප්‍රබන්ධ මහත් සේ උපුටා දක්වමින් සංකල්පනාවන් මුවහත් කරන අතර ආචාරාත්මක සංකල්පයක් වන දේවත්වය එළිදරව් වන හෙයින් මෙම කෘතිය කිසියම් ආචාරාත්මක නම්‍යතාවක් ගන්නා අතරම හුදු මිනිසාගේ මනෝ විද්‍යාත්මක ආකල්ප ගෙනහැර දක්වන නිසා මනෝ විද්‍යාත්මක ස්වරූපයක්ද ගනී. එහෙයින් කිසියම් ප්‍රබුද්ධ නැම්මක් මේ කෘතිය පුරා පෙන්නුම් කරනු ලබයි. Rs 300.00 Add to cart Buy
Si Helaye Yak Parapura ශ්‍රී ලාංකේය ඉතිහාසය ආරම්භ වන්නේ " යක්ෂ ¨ ගෝත්‍රිකයන් පිළිබඳ පුරාවෘත්ත ඇසුරෙනි. " යක්ෂ ” යන්න ' අමනුෂ්‍ය ' යන්නට පර්යාය කොටත් ඒ මානව ගෝත්‍රය පහත් කොටත් සැලකීම නිසාදෝ ලිඛිත ඉතිහාසයෙන් යක් පරපුර මකා දැමිණි.එසේ වුවත් ඒ යක් පරපුර නො මළ බව ද, අපේ ආදි වාසීන් පවා එහි ක්‍රමික විකාශනයක් බව ද, බලංගොඩ මානවයාගේ පරපුරට සමීප ලක්ෂණ මෙ රට විසූ අසුර, රාක්ෂස, යක්ෂ යන ගෝත්‍ර වලට බෙදී ගිය මානව වර්ගයා තුළින් විද්‍යමාන වන බව ද මෙම කෘතිය තුළින් ඇලඩින් හෙට්ටිආරච්චි මහත්මා මනාව පෙන්වා දෙයි. Rs 354.00 Add to cart Buy
Apaye Wathagotha ' අපාය ' නම ඇසූ සැනින් බොහෝ දෙනා බිය වෙති. එහෙත් කපටිකම්, වංචා නැතිව විවෘතසිතින් යුතුව මෙත් සිතින් හුදී සමාජය දෙස බලමින් කටයුතු කරන දුලබ පුද්ගලයෝ අපාය භීතිකාවෙන් මිදුනෝ වෙති. කෙසේ වුවද අපාය ගැන දැන ගැනීම බොහෝ දෙනාට හිතකර වන බවට නම් සැකයක් නොමැත.මෙම කෘතිය විවිධාකාර අපායවල්, ඒවායේ ජීවත් වන නානාප්‍රකාර තිරිසන් සතුන්, ප්‍රේතයන්, ඔවුන්ගේ ආයුෂ ප්‍රමාණය, ඔවුන් විඳින සිතීමට බිය උපදවන දුක් කන්දරා ආදී කරුණු රැසක් ගැන ඔබ දැනුවත් කර අපායට යන මග ද, අපායෙන් මිදෙන මග ද දක්වා සතර අපායෙහි ඥාණ ධාරිතාවක යෙදීමට ඔබට ආරාධනා කරයි. Rs 200.00 Add to cart Buy
Bahirawa Pujava නව නිවසට, ගොඩනැගිල්ලට, මැණික් පතල් බිමට සම්පත් සාදන මහානුභාව සම්පන්න භෛරව ජූජාවක් නිවැරදිව හා වඩාත් ප්‍රයෝජනවත් ආකාරයට තැබිය යුතු අකාරය මෙම කෘතිය මගින් ගෙන හැර දක්වනු ලබයි. Rs 300.00 Add to cart Buy
Roga Nivaranaya Saha Nirogi Suvaya Sadaha Dhanvantharee pudha pujaa saha sthrothra 'රෝග නිවාරණය සහ නිරෝගී සුවය සදහ ධන්වන්තරී පුද පුජා සහ ස්තෝත්‍ර' යන මෙම ග්‍රන්ථයේ අනාදිමත් කාලයක සිට පැවත එන ඉන්දීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයයේ ධන්වන්තරී නම් දෙවි කෙනෙකුගේ බල මහිමයෙන් ලෙඩ දුක් සුව කරණ ක්‍රම ස්ත්‍රොත්‍රද අන්තර්ගත ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. Rs 200.00 Add to cart Buy
Janahada Wesena Ape Devi Gana මිනිස් මනසේ එක් චමත්කාරජනක කලාපයක් මුර්තිමත් කරන්නකි, දේව සංකල්පය. තම සිතුවිලි පරාසයට නතු නොවූ විවිධ සාධක, ගාම්භීර, අද්භූත හා ගෞරවපූර්වක මනෝභාවයන් හා සංකලනය කරමින්, ඒවා ජීවමාන කිරීමේ මිනිස් කාර්යාවලියක හැඩරුව ජනශ්‍රැතිය' මගින් දැකිය හැකි ය. ජනකතා හා පුරාණෝක්ති අප අතට පත් වන්නේ ඒ ඔස්සේය. 'ජනහද වෙසෙන අපේ දෙව් ගණ' කෘතියේ ඇතුළත් කතා සමුච්චය සැකසී ඇත්තේ ද, ඒ ආශ්‍රිත ව ය. Rs 680.00 Add to cart Buy
Graha dosha haraniya උපතේ සිට ජීවත් වන කාල පරාසය තුළ ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ලොකු කුඩා සැමට ඇති වන මාරක ඒරාෂ්ටක අපල, අවුල් වියවුල්, බරපතළ රෝග පීඩා, ධන හානි, පවුල් ජීවිතවල බිඳ වැටීම් සිදු වන බව රහසක් නොවේ. ජීවිතයේ කිනම් අවස්ථාවක හෝ එවැනි ගැටලු උදා වනු ඇත.එහෙත් නිවැරදි කේන්ද්‍රයක් තුළින් නිවැරදි පලාඵල කථනය කරන්නකුට එය ප්‍රකාශ කළ හැකිය. මේ නිසා සෑම කෙනෙක්ම හය මාසයකට, අවුරුද්දකට වරක්වත් කේන්ද්‍රය බලවා ගත යුතුව ඇත. නිවැරදි කේන්ද්‍රයක් තුළින් සත්‍ය ප්‍රකාශ විය යුතුය. එසේ නොවීම නිසා උත්පත්ති කේන්ද්‍රය ද ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.කෙසේ වෙතත් ග්‍රහයින් අස්ථානගත වීම, වක්‍ර වීම, ගමන් කිරීම, විරුද්ධ රාශියකට පැමිණීම මහාදශා අතුරු දශා කාලවල නීච දුර්වල ග්‍රහයින්ගේ බලපෑම් මත ජීවිතයට බලපාන ගැටලුවලින් මිදීම සඳහා මේ කුඩා ග්‍රන්ථයෙන් ඔබට පැතිකඩ කීපයක් පෙන්වා ඇත. එයින් එකකින් හෝ කීපයකින් හෝ සහනයක් ලබා ගැනීමට ඔබට වාසනාව ඇතැයි මම විශ්වාස කරමි.මෙම ග්‍රන්ථය සකස් කිරීමට ඇදුරු ඩබ්ලිව්. සෝමදාස මහතාගෙන් ලැබුණ මග පෙන්වීම අගේ කොට සලකමි. ගුප්තබල ධර්ම බල යන්ත‍්‍ර මන්ත්‍ර සහ මහමන්ත‍්‍ර විද්‍යාව පරිශීලනය කරන පාඨකයින්ගේ ඉල්ලීම පරිදි ලියූ කුඩා ග්‍රන්ථයකි මේ. ඊබට් අමරසේන Rs 160.00 Add to cart Buy
Out-of-Stock Oddi suniyam Out-of-Stock 'ඔඩ්ඩි සූනියම්' නම් මෙම ග්‍රන්ථය තුළින් සූනියම් ඇදහිල්ල හා සබැදි ජනශ්‍රැති රාශියක් ද, එම ජනශ්‍රැතිවල ඓතිහාසික පදනම ද මෙම නව කතාවෙන් විමසා බැලෙන අතර එම පුරාණෝක්ති ඒකාබද්ධකර කතාව ගොඩනැගීම පිණිස කල්පිත චරිත හා අවස්ථා නිර්මාණය කර ඈත. පාඨක ඔබ හට මෙම ග්‍රන්ථය තුළින් ඉතා ඉහල රසස්වාදයක් දැනුමක් ලැබෙනු නොඅනුමානය. Rs 1,950.00 Details View details
Natha Dewa Wandanaya Prabawaya Saha Wikashanaya ආචාර්ය අජිත් කල්වත්ත රචනා කරන ලද නාථ දේව වන්දනය පුභවය සහ විකාශනය ශාස්ත්‍රීය පර්යේෂනා කෘතිය ශ්‍රී ලංකාවේ සමාජ ඵෙතිහාසික ක්ෂේත්‍ර වෙන් ච ආගමික ඉසිසය නැදෑරීමට අතිශයින් ප්‍රයෝජනවත් කෘතියකි. අනුරාධපුර රාජධානි අවධියේ වළගම්බා රජුගේ නලන සමයේ ආරම්භ වූ මහායාන මතවාද මෙරට ආගමික අංශයට එකතු වීම ක්‍රමයෙන් පුළුල් වූ අවස්ථා දක්නට ඇත. ප්‍රධාන වශයෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ වර්ධනය වූ ථෙරවාදී දහම යටත් කිරීමට මහාගන මහිමතාන්තර අපොහොසත් වූ නමුත් එකී දහමේ සේ ම හින්දු ආගමේ ඇදහිලි විශ්වාස ථෙරවාදී මතවාද අතරට එකතුවීම නොවැළැක්විය හැකි විය. ඒ අනුව මහායාන මහවාද තුළ ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධි සත්වයෝ නාථ දෙවියන් ලෙස ථෙරවාදී විහාරස්ථාන වල වැඳුම් පිදුම් ලැබුහ. මෙම දෙවිවරුන්ට වන්දනාමාන කිරීමෙන් පාරලෞකික පමණක් නොව ලෞකික අපේක්ෂා පවා ඉටුකර ගත හැකි බවට ගොඩනැගුණ විශ්වාසය හිසිදු භේදයකින් තොරව සියලු ම බෞද්ධ ජනතාව තුළ කිඳා බැස ඇති බව කතුවරයා විසින් පැහැදිලි කොට ඇත. ඒ අනුව ථෙරවාදී බුදු දහමේ ඉගැන්වෙන ඇදහිලි විශ්වාස පමණක් නොව මනයාන මතවාද වලින් පුරුදු පුහුණු කර ඇති ඇදහිලි විශ්වාස ද හින්දු ආගමෙන් ලැබී ඇති ආභාසය ද නැහැදිලි කෙරෙන මෙම කෘතියෙන් ශ්‍රී ලාංකේය ආගමික ඉහිස කතා පුවත මනාව අවබෝධ කොට ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. Rs 1,534.00 Add to cart Buy
Out-of-Stock Wishnu Deviyo Out-of-Stock විෂ්ණු වන්දනාවේ ආරම්භය, විකාශනය, විෂ්ණු දෙවියන් හා බැඳුණ විවිධ සංකල්ප හා මතිමතාන්තර මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වන අතර විෂ්ණු දෙවියන් පිළිබද හැදෑරීමට ඇති ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. Rs 300.00 Details View details
Saddarmapundarika Suthraya Kumarajeeva Himiyange China Parivarthanaya මහායාන ධර්ම ග්‍රන්ථ අතුරින් ඉතා ම උසස් වූ ධර්ම ග්‍රන්ථයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් අතිශයින් සම්භාවනීය වූ සාහිත්‍ය කෘතියක් ලෙස සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය සැලකෙන අතර. මහායානිකයන් කියා සිටින්නේ මෙම සූත්‍රය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර අතුරින් ඉතා ම මූලික වූ සූත්‍රය වන බව යි. එමෙන් ම ඓතිහාසික වශයෙන්ද මෙය ඉතා පැරණි වන බව විචාරකයෝ කියා සිටිති. බුද්ධ දේශිත මුල් ම සූත්‍ර අතුරින් මෙය ප්‍රධාන තැන් ගන්නා බව මහායානිකයන්ගේ අදහස වන අතර 'සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය' කුමාරජීව හිමියනන්ගේ චීන පරිවර්තනය ඇසුරින් මහාචාර්ය ලියොන් හුර්විට්ස් මහතාගේ ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරින් මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 2,000.00 Add to cart Buy
SINHALA BUDDHA POOJAVE SANSIDHAKARAKA MIHIDHU MAHARAHATHUN 'සිංහල බුද්ධපුජාවේ සංසිද්ධකාරක මිහිදු මහරහතුන්' නම් මෙම කෘතිය පූජ්‍ය භික්ඛු මිහිත හිමියන් විසින් රචිත කෘතියක් වන අතර ලක්දිව බෞද්ධ ඉතිහාසය හා බුද්ධපූජාවේ නමස්කාර ඇදහිලි විධි ගණනාවක් පිළිබදව මෙම කෘතිය තුල ඉතා වැදගත් තොරතුරු රාශියක් සදහන්ය. Rs 531.00 Add to cart Buy
Sabba Papassa Akaranan බුදු දහම තුළින් තම දෛනික ජීවන ක්‍රියාවලියේ බාධක මගහරවා ගනු රිසි බෞද්ධයාට, හස්තසාර ක්‍රම විධි ඇතුළත් මෙය අත්පොතක් සේ භාවිතයට ගත හැකි ප්‍රශස්ත ග්‍රන්ථයකි. උපතේ සිට මියෙන තෙක්, දුෂ්කර වූ ජීවන ගමන තුළ මුහුණ දීමට සිදුවන නොයෙක් බාධකයන් ජයගෙන සාර්ථක දිවිපෙවෙතකට අවශ්‍ය බොදු පිළිවෙත් රාශියක් කියාදෙන මෙම ග්‍රන්ථය, පූජ්‍ය අල්ගම වත්තේ සුමනවංශ හිමියන් පාරම්පරිකව ලත් දැනුම් සම්භාරයේ තරම කෙබඳු දැයි කියාපාන කැඩපතක් සේය. ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රසංශා, සැප දුක් යන අටලෝ දහමෙහි ඒ ඒ අවස්ථාවන්ට මුහුණදෙන පුද්ගලයාගේ පිහිටට හේතු වන අස්වැසිලිදායක ග්‍රන්ථයක් වන මෙය සැබවින්ම සාර්ගර්භ වූ කරුණු අන්තර්ගත වූවක අවසන් ප්‍රතිඵලය ලෙස අගය කළ යුත්තකි. Rs 500.00 Add to cart Buy
Sri Lankawe Kurumbara Deva Sankalpaya දේශීය ශාන්තිකර්ම ආශ්‍රිතව පුද ලබන කුරුම්බර ඇදහිල්ල හා දේවාලය පිළිබඳ මනා විමසුමකින් රචිත ශ්‍රී ලංකාවේ කුරුම්බර දේව සංකල්පය නම් වූ මෙම කෘතිය පර්යේෂණයක අග්‍රඵලයකි. ශ්‍රී ලාංකේය වන පිළිවෙන්හි විවිධාකාරයෙන් පුද ලබන කුරුම්බර පිළිබඳව ශ්‍රී ලංකාවේ කුරුම්බර දේව සංකල්පය යන මැයෙන් රචිත මෙම ග්‍රන්ථය ඇදහිලි විශ්වාස, මානව සමාජ විද්‍යාව, අස්පර්ශනීය සංස්කෘතික උරුමය ආදී විෂය ක්ෂේත්‍ර විමර්ශනයට යොමුවන විද්‍යාර්ථින්ට මෙන්ම දැනුම එක් රැස් කිරීමේ පිපාසිත සෙසු පාඨකයන්ට ද පරිශීලනය කළ හැකි ඉනා වටිනා ග්‍රන්ථයකි. එමෙන්ම දේශීය සංස්කෘතික වපසරීය අධ්‍යයනය කිරීම තවදුරටත් පුළුල් කරවන ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බව මෙහි ලා සඳහන් කළ යුතු ය. Rs 900.00 Add to cart Buy
Sethathra Malava Saha Srva Deva Kannalauva 'සෙතාත්‍ර මාලව සහ සර්ව දේව කන්නලවුව' යන මෙම ග්‍රන්ථය නිමල් ප්‍රේමතිලක මහතා විසින් රචනා කර ඇති අතර සමාන්‍ය ජනතාවට පහසුවෙන් කියවිය හැකි සේ සරලව නිතර අවශ්‍ය වන දේව සෙතාත්‍ර සහ කන්නලව් රාශියක් එකතු කොට කෘතිය රචනා කර ඇත. Rs 260.00 Add to cart Buy
Out-of-Stock Deva Withthi Sahitha Kolmura Kavi Out-of-Stock දිගු කලක සිට මෙරට භාවිත වන, දෙවියන් පිළිබඳ කවි එක් රැස් කොට තනි පොතක් වශයෙන් අද ඔබ අතට පමුණුවන මෙම කෘතිය. රුහුණු මාගම් පුර පෙදෙසේත්, සබරගමු පළාතේ හා නුවර ගම්පොළ ආදි පළාත් වලත් භාවිත වන දේව කවි රැසක එකතුවක් ලෙස හැදින්විය හැකිය. Rs 820.00 Details View details
Bawudda Prathimagaraya Thulata Pivisi Hindu Deviyo ස්වභාව ධර්මය වර්ණවත් කරන එක් සාධකයක් එහි විසිරී පවත්නා වර්ණ කදම්බයයි. වර්ණ කදම්බය ස්වභාවික වුවත් මිනිසුන් එය හඳුනා ගන්නේ ස්වකීය සංස්කෘතිය විසින් වෙන් කරනු ලබන සංරචක මගිනි. පැරණි භාරතීය සංස්කෘතිය මනුෂ්‍ය වර්ගයා බෙදා වෙන් කිරීම සඳහා වතුර් වර්ණ භේදයක් පිහිටුවා ගත් අතර තමන් නුදුටු දෙවි දේවතාවන් වෙන් කොට හඳුනා ගැනීමට ද වර්ණය උපකාරී කොට ගත්හ.භාරතයෙහි උපන් බුදු සමය ද දෙවි දේවතාවන් හැඳින්වීමෙහි ලා වර්ණ භේදය යොදා හින්දු භක්තකයන්ගේ එක් දෙවියෙක් නීල වර්ණ විය. බෞද්ධයන්ගේ එක් දෙවියෙක් ද නිල වර්ණ විය. බෞද්ධයන් සිය දෙවියා හැඳින්වූයේ උත්පල වර්ණ උප්පල වර්ණ හෝ උපුල්වන් යන නමිනි. උපුල් යනු නිල් පැහැයෙන් යුත් මලකි. නිල් පැහැයෙන් යුත් ඒ මලට මානිල් මල යන නම් අන්වර්ථ විය. මානිල් මල පසුව මානෙල් බවට පෙරළිණ. නිල් පැහැයෙන් යුත් හින්දු දෙවියෝ විෂ්ණු දෙවියෝ යි. බෞද්ධයන්ගේ උපුල් වන් දෙවියෝ බුදු සමයට පිවිසි විෂ්ණු දෙවියෝ ම ද? දෙවුන්දර විෂ්ණු දේවාලය මීට කලින් හැඳින්වූයේ උපුල්වන් දෙවොලක් වශයෙනි. විෂ්ණු දෙවියන් හා උපුල්වත් දෙවියන් අතර පවත්නා සම්බන්ධතාව පිළිබඳ ප්‍රශ්නය කලත් තිස්සේ මෙරට ඉතිහාසඥයන්ගේ පමණක් නොව බෞද්ධයන්ගේ ද විමසුමට හසු වුණු ප්‍රශ්නයකි.බෞද්ධ ප්‍රතිමාහරය තුළට පිවිසි හින්දු දෙවියෝ නමැති මේ පොතින් පුජ්‍ය බෝගොඩ සීලවිමල හිමියන් පර්යේෂණාත්මක විග්‍රහයකට හසු කරන්නේ මේ පුශ්නයයි.පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා ඉදිරිපත් කෙරුණු මේ නිබන්ධය හින්දු සමයත් බුදු සමයත් අතර පවත්නා නෑ සබඳතාව ද ශාස්ත්‍රීය වශයෙන් හෙළි කරන මාහැඟි පර්යේෂණ කෘතියක් වශයෙන් හඳුන්වා දිය හැකි ය. ජේ.බී. දිසානායක සම්මාන මහාචාර්ය කොළඹ විශ්ව විද්‍යාලය Rs 885.00 Add to cart Buy
Deshiya Yak Thovil Ha Nuthana Batahira Ranga Shilpa Krama වෛද්‍ය වන්දන අබේවර්ධන සිය දර්ශනපති උපාධිය සඳහා කැලණිය විශ්ව විද්‍යාලය වෙත ඉදිරිපත් කළ 'දේශීය යක් තොවිල් හා නූතන බටහිර රංග ශිල්ප ක්‍රම නම් නිබන්ධය පාඨ ග්‍රන්ථයක් ලෙස පාඨකයා අතට පත්වී මම බෙහෙවින් අගය කරමි. පිස්කැටර්. බ්‍රෙස්ට්. ආටෝ, ග්‍රොටොස්හි ආදි නූතන බටහිර රංග කලා පර්යේෂකයන් ආසියාතික රංග කලාව ගැන විවිධ පර්යේෂණ සිදුකොට ඇතත්, ශ්‍රී ලාංකේය ශාන්තිකර්ම සම්ප්‍රදායේ ශක්‍යතා වටහා ගැනීමට උත්සාහ කොට නොමැත. වකි රංග වේදීන් ආසියාතික රංග කලාවේ ඇතැයි හඳුනාගත් සියලු සාධහිය ලක්ෂණ දේශීය ශාන්තිකර්මයෙහි අන්තර්ගත වී ඇති ආකාරය විශ්ලේෂණාත්මක ව විග්‍රහ කෙරෙන මෙම කෘශියේ එකී කරුණු සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් ලෙස නිදසුන් සපයා ඇත. බටහිර වෛද්‍ය වදනව හැදැරීමෙන් කතුවරයා ලබා තිබූ විශ්ලේෂණ හැකියාට මානව ශාස්ත්‍ර අධ්‍යයන හා පර්යේෂණ සඳහා බෙහෙත් ප්‍රයෝජනවත් විය. ගැඹුරු ශාස්ත්‍රීය අධ්‍යයන කෙරෙහි ලැදියාවක් දක්වන මෙවැනි පර්යේෂකයකුට උපදෙස් දීමට අවස්ථාව ලැබීම භාගයක් කොට සලකමි. මෙම නිබන්ධයෙන් ගවේෂණය කොට ඇති බොහෝ තොරතුරු රංග කලාවේ නව මංපෙත් සොයා යන්නන්ට අගනා පිටිවහලක් වනු ඇත. මහාචාර්ය මංගලිකා ජයතුංග Rs 1,295.00 Add to cart Buy
Piritha Yathu Karma Ha Puda Pooja පිරිත සිංහලයාගේ සංස්කෘතික උරුමයකි. ශාස්ත්‍රීය ආශීර්වාදය සමඟ ආධ්‍යත්මික සතුට ලබාදෙන අනුපමේය බලය පිරිතෙහි ගැබිව පවතීය යන විශ්වාසය සිංහල ජන දිවිය හා තදින් කා වැදුනකි. සැපත මෙන්ම විපත හමුවේදීත් බෞද්ධයා සරණ යන පිරිත සැබවින්ම ආකර්ෂණීය ජීව ශක්තියකි. මෙම කෘතිය පිරිත සහ තදානුබද්ධ පුද සිරිත් ශාස්ත්‍රීය දෘෂ්ටිකෝණයෙන්ගෙන් විමසා බලන කෘතියකි. පිරිත සමාජ මානව වේදනාත්මකව අප හඳුනාගන්නේ කෙසේද යන්නත් එහි සෞන්දර්යාත්මක අගයනුත් මෙමගින් රසවත්ව විමසීමට ලක් කර ඇත. Rs 590.00 Add to cart Buy
Hindu Sirith Wirith Ha Devivaru "හින්දු සිරිත් විරිත් හා දෙවිවරු" යන මෙම කෘතිය තුළ හින්දු ජනයා විසින් තම ප්‍රධාන දෙවියන් ලෙස සලකන ශිව දෙවියන් පිලිබදවත් හින්දු ජනයා විසින් අදහන විවිධ චාරිත්‍ර වාර්ෂික උත්සව පුද පූජා හා තවත් දෙවිවරු බොහෝමයක් පිලිබදවද බෞද්ධයන්ගේ හින්දු දේව වන්දනාව පිළිබදවත් කරුණ රාශියක් අන්තර්ගත ඉතා වටිනා කෘතියකි. Rs 531.00 Add to cart Buy
Kohomba Yak Kankariya Saha Samajaya උඩරට නර්තන සම්ප්‍රදායයේ කෝෂ්ඨාගාරය වූ කොහොඹා යක් කංකාරිය පිළිබඳ දීර්ඝ කාලයක් පුරා කරන ලද ශාස්ත්‍රීය පර්යෙෂණයක ප්‍රතිඵල අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 2,300.00 Add to cart Buy
Srimad Bhagavadgeethave Katha අනුවාදකගේ සටහන අධ්‍යාය 18කින් යුතු මහාභාරත මහා කාව්‍යයේ - ලෞකික අංශයේ- නොවෙනස් අනෙත් අංගය ´භගවද්ගීතාව' යි. මෙය භාරතයේ 'දේශීය ග්‍රන්ථය' ද වේ. ජීවනයේ ආධ්‍යාත්මික අංශය ගැන විස්තර කර ඇති මෙහි ශ්ලෝක සංඛ්‍යාව 700 කි. ශ්‍රී කෘෂ්ණ හා අර්ජුන අතර 'මහා භාරතයේ' භීෂ්ම පර්වයේදී ඇති වූ කථා-බස් ගැන විස්තරය මෙයට පාදක වේ.මෙහි අධ්‍යාය සංඛ්‍යාව ද 18 කි. මේ එක-එක අධ්‍යායයෙහි ඇතුළත් ගීතාඥානය පිළිබඳ අධ්‍යයනය, ශ්‍රවණය හා ජීවනයෙහි දරා සිටීම, ගායනය, ආධ්‍යාත්මික අභ්‍යාස මගින් භාවිතය වැනි ක්‍රියාකාරකම් මගින් මෙලොව වශයෙන් සෞභාග්‍යයත්, පරලොව වශයෙන් වෛකුණ්ඨ ධාමයත් හිමි වන විසිතුරු ස්වරූපය මෙහි ඇතුළත් කථා මගින් නිරූපණය වේ. Rs 1,100.00 Add to cart Buy
Pirith Ha Sathi Piritha මෙම ග්‍රන්ථයේ පිරිත පිළිබඳව ප්‍රාමාණික විස්තරයක් ඇතුළත් වන අතර පිරිත් දේශනා වර්ග, පිරිත් දේශනාවේ ඉතිහාසය, පිරිත හා බැදුණු අභිචාර විධි, විශේෂයෙන් සති පිරිත් දේශනාව පිළිබඳව, පිරිත් මණ්ඩපය හා ඒ සමග බැඳුණු සිරිත් විරිත් ඉතා සරලව මෙම ග්‍රන්ථයෙන් අවබෝධයක් ලබා දෙයි. සැදැහැති බෞද්ධයාට ඓහලෞකික මෙන් ම පාරලෞකික ජීවිත සමෘද්ධිමත් කර ගැනිමටත් සතුට සැනසුම උදා කර ගැනීමටත් ආශීර්වාදාත්මක පිරිත අවබෝධාත්මකව සිදු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශය සැපයීමට මෙම ග්‍රන්ථය මහෝපකාරී වේ. Rs 500.00 Add to cart Buy
Was Wiseema Ha Katina Pinkama අධිශීල සංඛ්‍යාත සුපරිශුද්ධෝපසම්පදාව ලත් සියලු භික්ෂූන් වහන්සේලා විසින් වස් සමාදන් වීම, එය විනයානුකූලව ආරක්‍ෂා කිරීම සහ විනයානුකූලව ම පවාරණය කිරීමත් ඉන් පසු කඨින චීවරය සැකසීම හා පූජා කිරීමත් සම්බන්ධව අනුගමනය කළ යුතු විනය කර්ම රාශියක් අන්තර්ගත කෘතියක් වන මෙම කෘතිය උපසපන් භික්‍ෂූන් වහන්සේලා සහ බෞද්ධ පුද පූජා කෙරෙහි උනන්දු වන සැදැහැවත් බැතිමත් ගිහි ජනයා හට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 450.00 Add to cart Buy
Bauddha Achara Samachara pudapooja Ha Abhichara Kramayanhi Dharmamaya Padanama ''බෞද්ධ ආචාර සමාචාර, පුදපූජා හා අභිචාර ක්‍රමයන්හි ධර්මමය පදනම" යන මෙම කෘතිය තුළින් ප්‍රාග් බෞද්ධ අභිචාර විධි සහ ඒවායේ බුද්ධකාලීන පසුබිම මෙන් ම ථෙරවාද, මහායාන හා වජ්‍රයාන යන ප්‍රධාන බෞද්ධ සම්ප්‍රදායත්‍රය ම අන්තර් ග්‍රහණය වන අයුරින් මෙහි කරුණු ඉදිරිපත් කර තිබේ. එම සම්ප්‍රදායයන් තුළ බෞද්ධ අභිචාරයන්හි ප්‍රභවය, විකාශය සහ සමාජානුයෝජනය පිළිබඳ නව්‍යතම මතවාද තර්කානුකූලව ඉදිරිපත් කිරීම තුළින් මෙම ග්‍රන්ථයේ ශාස්ත්‍රීය ගුණය වර්ධනය කර තිබෙන අයුරු ප්‍රශස්තය. මෙම ග්‍රන්ථය විශේෂයෙන් ම විශ්ව විද්‍යාලයන් බඳු උසස් අධ්‍යාපන ආයතනයන්හි ශාස්ත්‍රීය පර්යේෂණවල නියැළෙන ශාස්ත්‍රඥයන්ට මෙන් ම සාමාන්‍ය හුදී ජනයාට සම සේ ප්‍රයෝජනවත් විය හැකි හස්තසාර ග්‍රන්ථයක් වනු නොඅනුමානය Rs 900.00 Add to cart Buy
Puda Pooja Abhicharavidhivala Dharmamaya Saha Manochikithsamaya Padanama කෘතිය තුළින්... මිනිසා සොබා දහමත් සමග බද්ධව ජීවත් වූ අතර තම අදහස්, හැඟීම් හා අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම සඳහා වැඳුම් පිදුම් පූජාවන්හි යෙදීම චිරන්තන සම්ප්‍රදායෙහි පැවත එන්නකි. එසේ පැවැති ආගමික අභිචාර විධි ක්‍රි. පූ හයවන සියවසෙහි පහළ වූ බුදුසමය කෙරෙහි ද බලපෑ බව නොරහසකි. බුදු සමය වූ කලි යථාර්ථවාදී දහමකි. පුද පූජා හා අභිචාර විධීන්ට වඩා ප්‍රතිපත්තීන්ට ප්‍රමුඛත් -වය ලබා දුන් දහමකි. එහෙත් අනාදිමත් කලක සිට පැවති පුද පූජාවන්හි අර්ථ විරහිත බව පෙන්වා දෙමින් ධර්මය හා මනෝචිකිත්සාමය පදනමක පිහිටා අර්ථ සම්පන්න පිළිවෙත් ක්‍රමයක් හඳුන්වා දීමට බුදුදහම සමත් වී තිබේ. පූර්වෝක්ත පිළිවෙත් ක්‍රම ඉස්මතු කරලමින් ජනප්‍රිය බුදු සමයේ පැවතෙන පුද පූජා අභිචාර විධි පිළිබඳ සුගම බස් වහරක් උපයුක්ත කර ගෙන හුදී ජනයා හට පහසුවෙන් අවබෝධ කර ගැනීමට පර්යේෂණාත්මකව ඉදිරිපත් කර ඇති " පුද පූජා - අභිචාර විධි වල ධර්මමය සහ මනෝචිකිත්සාමය පදනම" නම් කෘතිය විද්වත් සම්භාවනාවට පාත්‍ර වනු නොඅනුමානය. Rs 300.00 Add to cart Buy
Sokari Saha Kavi Nadagama මහාචාර්ය මුදිය්න්සේ දිසානායක මහතා විසින් රචනා කරන ලද 'සොකරි සහ කවි නාඩගම' නම් මෙම කෘතිය සොකරි සහ කවි නාඩගම් පිළිබද හදාරනු ලබන සියලු දෙනා හට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 1,121.00 Add to cart Buy
Budusamaye Udava Aithihasika Pasubima බුදුසමයේ උදාව ඓතිහාසික පසුබිම - නොයෙක් මිත්යාදෘෂ්ඨින්ගෙන් ගහනව පැවති භාරතීය සමාජයට බුදුරජාණන් වහන්සේගේ පහළවීම ගැන අඳුරට ලහිරු මඩලක් මෙනි. සිංහල පාඨකයා තුල මෙම විෂය පිළිබඳව අවදිකමක් ඇති කිරීමට විශේෂයෙන් සරසවි ශිෂ්‍ය ගණයා මේ සම්බන්ද වඩාත් ගැඹුරු අධ්‍යනයන් යෙදෙනු පිණිස පොළඹවන්නට හේතුවන ග්‍රන්ථයකි. Rs 678.50 Add to cart Buy
Nagarjunage Madhyamika Darshanaya නාගාර්ජුනාගේ මාධ්‍යමික දර්ශනය - නාගාර්ජුන පාදයන් විසින් ලියු ග්‍රන්ථ 41 න් 24 ක් ම චීන භාෂාවට පරිවර්තනය කර තිබේ. උන්වහන්සේ ගේ විශිෂ්ට කෘතිය මධ්‍යම කාරිකාවයි. මාධ්‍යමික දර්ශනය නමින් ද හැඳින්වෙන එහි පරිච්ඡේද 27කි. කාරිකා 400කි මාධ්‍යමික කාරිකාවට අකුතොභය නමින් ටීකාවක් ද ලියා ඇත. මෙම පොතෙහි අන්තර්ගතය වන්නේ. නාගාර්ජුන් පාදයන්ගේ ඒ මාධ්‍යමික දර්ශනයයි. Rs 259.60 Add to cart Buy
Shunyathawadaye Darshanaya Ha Charanaya ශුන්‍යතාවදයෙහි දර්ශනය හා චරණය - මහායාන දර්ශනවාදී නාගාර්ජුන පාදයන්ගේ මූල මධ්‍යම කාරිකා නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. මහාචාර්ය අසංග තිලකරත්න මහතාගේ සාර්ථක පරිවර්ථනයකි. දාර්ශනික ග්‍රන්ථයක සිංහල විවරණය නාගාර්ජුනගේ දර්ශනය පිළිබදව තිලකරත්නගේ අදහස් ද මෙහි සාකච්ඡා කර තිබේ. Rs 885.00 Add to cart Buy
Mahayanaya Saha Tantrayanaya මහායාන බුදු සමයේ ආරම්භයේ සිට එය විකාශය වූ අයුරු මනාව පැහැදිලි කරමින් තන්ත්‍රයාන බුදුසමයාගත සංකල්පය මැනවින් විදහා දක්වමින් ලියැවුණු කෘතියක් ලෙසින් නම් කළ හැක. Rs 413.00 Add to cart Buy