Religions & Rituals

Dedimunda deviyo
බෞද්ධ ජනතාවගේ පුද පූජාවන්ට ලක්ව සිටින දෙව් දේවතාවුන් අතර දැඩිමුණ්ඩ දෙවියන්ට හිමිවන්නේ වැදගත් තැනකි. දේවතා බණ්ඩාර දෙවියන් නමින් සතර කෝරලයේ පුද ලබන මෙම දෙවියන් දිවයිනේ වෙනත් ප්‍රදේශ වලදී විවිධ නම් වලින් හඳුන්වන බව පෙනේ මෙම ග්‍රන්ථය මගින් ජනශ්‍රැතිවේද මූලධර්ම අනුව දැඩිමුණ්ඩ දේව සංකල්පය විග්‍රහ කරන අතර බැතිමතුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පුද පූජා විධි සහ දෙවියන් හා බැදුණු සාහිත්‍යාංග ද මෙහි ඇතුළත් කර තිබේ.
Rs 460.00
Sarvaraksha Hevath Bhuthasthambhanaya Ha Uchchatanaya
ඩී .ඩබ්ලිව්. මාරපන  ඇම් .කේ. යූ. බණ්ඩාර යන මහත්වරු දෙපල විසින් සම්පාදිත පිටු 65කින් සමන්විත සර්වාරක්ෂා හෙවත් භූතස්තම්භනය හා උච්චාටනය පොතේ  යන්ත්‍ර මන්ත්‍ර  කටයුතු සිදු කිරීමට මත්තෙන්  නොවරදවාම දැනගෙන සිටිය යුතු ඔබේ සහ අන් අයගේ ආරක්ෂාව සැලසීම සඳහා භාවිතා කරන  ආරක්ෂා මන්ත්‍ර  53ක් මෙන්ම කඩ ගෙවතු ආරක්ෂාව ,ස්ත්‍රී ආරක්ෂාව ඇදුරු ආරක්ෂාව සහ නොයෙක් දෝෂයන්ගෙන් අරක්ෂාවීමට භාවිතා කරන බලගතු මන්ත්‍ර මෙන්ම ඒවා භාවිතා කරන පිළිවෙල පිළිබඳ වටිනා තොරතුරු රැසක් මෙම පොතේ ඇතුළත් වේ.
Rs 320.00
Manthara manjariya
 “මන්තර මජරිය” නම් වූ මෙම කෘතිය තුළ ද ඊට බෙහෙවින් සමාන ය.මෙහි අත් බෙහෙත් නැති නමුදු දෛනික ජිවිතයේ දී මුහුණ දීමට සිදු වෙන රෝගාබාධ ඇතුළු විවිධ උපද්‍රව නිවාරණය කර ගැනීමට හැකි ගුප්ත ශාස්ත්‍රීය පිළියම් රාශියක් අන්තර්ගතය.විවිධ රෝගාබාධ, අමනුෂ්‍ය දෝෂ, වගාවට පළිබෝධ නිසා වන හානි, ඇස්වහ කටවහ, හෝවහ දෝෂ, වන සත්ව උවදුරු, සර්ප දෂ්ට නිසා සිදුවන ආසාධන පමණක් නොව තව නොයෙකුත් උපද්‍රව ජය ගැනීමට හැකි ගුප්ත ශාස්ත්‍රීය පිළියම් මෙම කෘතියේ අන්තර්ගතව තිබේ.
Rs 450.00
Kali Maniyo
කතු වැකිය....
මා විසින් දෙවිවරුන් පිළිබඳව ලියනු ලබන පොත් පෙළෙහි සිව්වැන්න "කාලි මෑණියෝ” නමින් ඔබ අතට පත් වේ. මෙය ද අනෙක් පොත් තුන මෙන්ම දෙවි දේවතාවුන් පිළිබඳව තොරතුරු සොයා විශ්ලේෂණය කර ලියන ලද පර්යේෂණ කෘතියක් ලෙස සැලකිය හැකිය. දෙවිවරුන් පිළිබඳව ලියනු ලබන ශාස්ත්‍රීය ලේඛන, ජනශ්‍රැති අධ්‍යයනය නමැති විෂය ක්ෂේත්‍රයට අයත් වේ. මේවාට තොරතුරු ලබා ගන්නේ මිනිසුන් අතර පවතින ජන විශ්වාස සහ ජනප්‍රවාද වලිනි.
මෙම පොතේ ඇතුළත් තොරතුරු, පූජා විධි, මන්ත්‍ර, කවි පන්ති ආදිය ලබා ගෙන ඇත්තේ මුද්‍රිත හෝ අතින් ලියන ලද පොත්වලින් සහ කපු මහත්වරු, දේවගැතිවරු, ගුප්තවිද්‍යාඥයන්, දේශීය වෛද්‍යවරුන් ආදී අයගෙනි. ඇතැම් දේවගැතිවරු දුරකථනයෙන් අප විමසන ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් දීර්ඝ විස්තර ලබා දුන්හ. මන්ත්‍ර සහ කවි පන්ති ලියා එවූහ. ඔවුන් බොහෝ දෙනකු තම නම ගම ප්‍රසිද්ධ වෙනවාට මනාප නොවන හෙයින්, මෙහි දී ඒ කිසිවකුගේ නම සඳහන් නොකරන්නට වග බලා ගතිමි. එසේ වුවත් ඔවුන් සැම දෙනාටම අපගේ හෘදයංගම ස්තුතිය පුද කරන්නට මෙය අවස්ථාව කර ගනිමි.කාලි මෑණියන් ගැන ලියැවුණ මෙම පොත කුඩා පොත් පිංවක් වශයෙන් අද ඔබ අතට පත් වුවත්, අනාගතයේ දී මෙයට තවත් කරුණු ඇතුළත් කර පරිපූර්ණ පොතක් බවට පත් කරන්නට බලාපොරොත්තු වෙමි. එම නිසා කාලි මෑණියන් ගැන මෙහි සඳහන්ව නැති තොරතුරු, මන්ත්‍ර, කවි පන්ති ආදිය ඔබ දන්නේ නම් ඒවා මා වෙත ලියා එවන ලෙස ඇරයුම් කරමි.
Rs 260.00
Out-of-Stock
Saman Deviyo
Out-of-Stock
"සමන් දෙවියෝ " පොත පරිශීලනය කිරීමෙන් සුමන සමන් දෙවියන් පිළිබඳ වැදගත් කරුණු රැසක් දැන ගැනීමට හැකි වන අතර, ලංකාවේ විවිධ පළාත්වල දැකිය හැකි සමන් දේවාල පිළිබදවද සමන් දෙවියන් පිළිබද සදහන් ඉපැරණි ශිලා ලේඛන වැනි දේ පිළිබදවද මෙම ලිපිය මගින් කරුණු රාශියක් අනාවරණය කර ගත හැකි වනු ඇත.
Paththini pujawa saha shanthiya
නව සැකැසුම ගැන....
දශක ගණනාවක් ම මේ කුඩා ග්‍රන්ථය බොහෝ දෙනාට පත්ති පූජාව නිවැරදිව පවත්වා ශාන්තිය උදාකර ගැනීම පිණිස උපකාර වූවාට සැකයක් නැත. පත්තිනි දේවියගේ කතා පුවත මෙහි සැකෙවින් දක්වා ඇතත් පත්තිනි හෑල්ල නමින් දන්නා ජනසාහිත්‍යයෙහි එන ජනප්‍රිය කාව්‍ය සංග්‍රහය ගැන බොහෝ දෙනෙක් නොයෙක් වර විමැසූහ. මෙම කතා පුවතට ම සම්බන්‍ධ පාළඟ හෑල්ල නම් වූ අන්‍ය කාව්‍ය සංග්‍රහයක්ද ජනශ්‍රැතියෙහි එයි. මේ දෙකම දැනට පාඨකයාට ලබාගත හැකි බවක් නොපෙනන නිසා ඉන් පත්තිනි දේවියගේ නාමය ප්‍රමුඛ කොට රචිත පත්තිනි හෑල්ල මෙම පොතට උපෑඳියක් ලෙස ඇතුළත් කිරීමට අදහස් කෙළෙමු. කන්නගීගේ ස්වමියා වූ කෝවලන්ගේ නාමය ප්‍රමුඛ කොට රචිත පාළඟ හෑල්ල මතු පළ කෙරෙන පත්තිනි උපත හෙවත් සිලප්පදිකාරම් නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදයට ඇතුළත් කිරීමට අදහස් කරමු.
Rs 220.00
Out-of-Stock
Sadew Lowa Vatha Gotha
Out-of-Stock
හෙළ බොදුනුවන්ගේ හද ගැස්ම මනාව වටහා ගත් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ තම ධර්ම ප්‍රචාරය ආරම්භ කරමින් විමාන වත්ථු, පේත වත්ථු දේශනා කළ සේක. තමන් විසින් කරනු ලබන කර්මවල ඵල විපාක දැන ගැන්මේ නොතිත් ආශාවෙන් පුද්ගලයා ක්‍රියා කරනු ලැබේ. පුද්ගලයා තමා කරන කුශලා කුශල කර්මයන්ගේ විපාක ලෙස හිමිවන ස්ථාන (භවය) පිළිබඳ විස්තර මෙකී ත්‍රිපිටක ග්‍රන්ථ තුළ විස්තර වේ. " සදෙව් ලොව වත ගොත ' ග්‍රන්ථය තුළින් කාම සුගතිය සහ රූප අරූප යන බ්‍රහ්ම ලෝක පිළිබඳ කරන විස්තර කියවන අසන සැම දෙනාගේ සිත්හි ඇති කරනුයේ කුශල සිතුවිලි ය. කුශල මග පියනගන සත්වයා නිරතුරුවම සදාචාර සම්පන්න චර්යාවන්ගෙන් යුතු වේ. එවැනි පුද්ගලයන්ගේ එකතුවෙන් නිර්මාණය වන සමාජය වඩාත් ම යහපත් වේ. ඒ සඳහා වූ මග පෙන්වීමක් මෙම ග්‍රන්ථයේ විස්තර කෙරේ. එබැවින් සෑම පුද්ගලයෙකුම කියවිය යුතු ධර්ම ග්‍රන්ථයකි.
අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ අතිගරු මහා නායක ශාස්ත්‍රපති අති පූජ්‍ය වස්කඩුවේ රතනසිරි මහ නාහිමි
Out-of-Stock
Guptha gaveshanaya saha dewatha swapna
Out-of-Stock
මෙම කෘතිය තුළින් අතීතයේ සිට හෙලයන් විසින් පවත්වගෙන ආ කනප්පු, කුලු, පොල්, කවඩි ආදි අචේතනික වස්තූන්ට භූතයන් ආවේශ කරවා කළ හැකි විවිධ වූ අදෘෂ්‍යමාන ක්‍රියාකාරකම් දක්වා  ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකි කෘතියකි.
Out-of-Stock
Paththini Deviyo Ha Yathukarma saha Puda Puja
Out-of-Stock
ශ්‍රී ලාංකේය ජනාගමයේ සුවිශේෂී පූජනීය චරිතයක් වන පත්තිනි මෑණියන් පිළිබඳව සාරවත් ජනශ්‍රැති, මූලික කරගත් සංස්කෘතිකාංග රැසක් දක්නට ලැබේ. වෙනත් සමකාලීන දේව වන්දනයන්ට වඩා පත්තිනි ඇදහිල්ල පොදු ජනතාවගේ එදිනෙදා දිවියට සමීප වීමට එකී යාතු කර්ම මගින් ලැබී ඇත්තේ සුවිශාල අනුබලයකි. පත්තිනි දේවතාවිය පිළිබඳ පර්යේෂණාත්මක කෘති රැසක් ඇතද, එතුමිය අගයන පොදු ජනයාට පහසුවෙන් කියවා තේරුම් ගත හැකි කෘතීන් ඉතා අල්පය. මෙම කෘතිය රචනය කළේ එම අරමුණෙනි. පත්තිනි දේවතාවිය සිංහල බෞද්ධයා තුළ ගොඩ නගාගත් පූජනීයත්වයත් ඒ හා බැඳුණු සිංහලයාගේ යාතු කර්මත් පිළිබඳ සරල විමසුමක් කිරීමට මෙමගින් ප්‍රයත්න දැරීමි.
Out-of-Stock
Baudda puda puja sanskruthiya
Out-of-Stock
මුල් බුදුසමයේ ප්‍රධානතම හා ආසන්නම අරමුණ අනුගාමිකයින්ට නිවන් පසක් කර ගැනීමට මගපෙන්වීමයි.එහෙත් වැඩි කලක් ගත වීමට පෙරාතුව බහුතර ගිහි සැදැහැවතුන්ගේ අවශ්‍යතාව අනුව එය මෙලොව සහ එලොව යන දෙලොවෙහිම හිතසුව පිණිස වන ජීවන මාර්ගයක් ඉදිරිපත් කරන ආගමක් බවට පත්කරගනු ලැබිණි.වෙනස් වූ ආසන්න අරමුණු දෙකක් මුදුන් පමුනුවා ගැනීම උදෙසා ස්ථර දෙකක සිට බෞද්ධ චරණය අනුගමනය කරන අනුගාමිකයින් දෙපිරිසක් බිහිවුණු බව පැහැදිලිය. බෞද්ධ පුද පූජා හා ඇදහිලි අයිති වන්නේ බහුතර බැතිමතුන් අනුගමනය කරන චරණයටය. වර්තමානයේ මේ බහුතර සැදැහැවත් පිරිස විසින් අනුගමනය කෙරෙන චරණය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට නම්, එයට පදනම් වූ පුද පූජා හා ඇදහිලි ගැන නිරවුල් දැනුමක් ලබාගත යුතුමය.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ මෙම කෘතියේ සුවිශේෂී වැදගත්කම වන්නේ එවන් විවිධ බෞද්ධ පුද පූජා හා ඇදහිළිවල ප්‍රභවය, විකාසය මෙන්ම බහුතර ගිහි අනුගාමිකයින්ගේ ආසන්න අරමුණ මුදුන් පමුණුවා ගැනීමට එය කෙතරම් අදාළ වන්නේද යන්න බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් පිරික්සා බලා ඉතා සරලව හා සුගමව පැහැදිලි කර තිබීමයි.
සනත් නානායක්කාර
Sri Lankawe Dewa Pooja Rata
ශ්‍රී ලංකාවේ දේව පුජා රටා නම් මෙම කෘතිය ඩී.කේ.ධර්මදාස බණ්ඩාර මහතා විසින් රචනා කර ඇති අතර ශ්‍රී ලංකාවේ බහුවිධි සංස්කෘතීන් විදහා පාන දේව පූජාවන් රාශියක් අන්තර්ගත කෘතියක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 300.00
Holman,Awathara Thula Athi Dharmanukula Padanama
ප්‍රේතයන්, භූතයන්, යක්ෂයන් ආදී ඕපපාතික ජීවින්ගෙන් මිනිසුන්ට බලපෑම් සිදුවන බව රහසක් නොවේ. අමනුෂ්‍යයන්ගෙන් මිනිසුන්ට බලපෑම් සිදුවන අයුරු ද, අමනුෂ්‍ය උවදුරු වලින් නිදහස් වන අයුරු ද, බුද්ධ දේශනාවන් හී කරුණු සහිතව සඳහන්ව ඇත.වර්තමාන මිනිසුන් අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වීම නිසා මිනිසුන් අතරට සැඩ යක්ෂයන් පැමිණෙන බව ද, යක්ෂයන්ගේ ග්‍රහණයට හසුවීම නිසා දහස් ගණන් මිනිසුන් මරණයට පත්වන බව ද, මහා සාළ සූත්‍රයේ සඳහන් වී තිබේ.
Rs 180.00
Anjanam Puranaya
රසිකා ඔලබොඩුව ගේ අංජනම් පුරාණය නමැති මෙම කෘතිය  අනාදිමත් කාලයක සිට සිංහල ජනයා අතර ප්‍රචලිත අභිචාර විධික්‍රමයක් පිළිබද කෙරෙන සන්නිවේදනාත්මක අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙ හැදින්විය හැකි අතර මෙම කෘතිය තුළින් ක්ෂේත්‍රය පිළිබද ව අධ්‍යනය කරන විද්‍යාර්ථයින්ගේ මෙන්ම සාමාන්‍ය පාඨකයින්ගේ ද ශාස්ත්‍රීය කුතුහලය වර්ධනය කරණු නොඅනු මානය.
Rs 175.00
Yaksha Pretha Amanushya Dosha
යක්ෂයන්, ප්‍රේතයන් වැනි අමනුෂ්‍යයන් විසින් මිනිසුන්ගේ ශරීර වලට ඇතුළු වී කරන ක්‍රියාකාරකම් අතිමහත් ය. මෙහි කතා නායිකාව මෙම අමනුෂ්‍යයින් මිනිස් ශරීර වලින් පන්නා දැමීමට සමත්කම් දක්වයි. එළෙස අමනුෂ්‍ය ක්‍රියාකාරකම් පළවාහරින ලද සිද්ධි ගණනාවක් මෙම පොතේ අන්තර්ගත වන අතර විටෙක එය ලොමු දැහැගන්වන සුළු අතර විටෙක භයංකර වේ.
මෙමගින් මිනිස් සමාජයට විශාල යහපතක් වන බව පොදු මතයයි.
Rs 250.00
Masaesa Nodutu Deviyo Saha Buthayo 3
'මසැස නොදුටු දෙවියෝ සහ භූතයෝ 3' යන මෙම ග්‍රන්ථය ශාස්ත්‍රපති, පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කර ඇති අතර දෙවියන් සහ භූතයන් පිළිබදව බුද්ධ වචනයෙන් කියැවෙන ආකාරයට ඉතා වටිනා දහම් කරුණු අන්තර්ගත කර රචනා කරණ ලද කෘතියකි.
Rs 200.00
Masasa Nodutu Daviyo Saha Buthayo 1
'මසැස නොදුටු දෙවියෝ සහ භූතයෝ 1' යන මෙම ග්‍රන්ථය ශාස්ත්‍රපති, පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කර ඇති අතර දෙවියන් සහ භූතයන් පිළිබදව බුද්ධ වචනයෙ සදහන් වූ ආකාරයට ඉතා වටිනා දහම් කරුණු අන්තර්ගත කර රචනා කරණ ලද කෘතියකි.
Rs 275.00
Budu Dahamai Mara Sankalpayai
"බුදු දහමේ සඳහන් මාරයා, අපාය, දිව්‍ය ලෝකය වැනි පියවි ඇසින් ප්‍රත්‍යක්ෂ කළ නොහැකි සංකල්ප පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ සැක මුසු ස්වභාවයකි. කුතුහලයකි. මහරැඹෑවැවේ පාලිත හිමියන්ගේ නවතම කෘතිය වන මෙහි 'මාරයා යනු කවරෙක් ද? මාරයා දෙවියෙක් ද? භික්ෂූන් නොමග යැවීමට උත්සාහගත් මාරයා, මුගලන් තෙරණුවන්ට කරදර කිරීමට පැමිණි මාරයා, මාරයාගේ ඇස් අන්ධ කළ ගෝධික තෙරණුවෝ, උප්පලවණ්ණා භික්‍ෂුණියගේ යොවුන් බව - වර්ණනා කළ මාරයා, බුදුරජුන්ට රජ වන්නට උපදෙස් දුන් මාරයා, බුදුරදුන් වසඟ කරන්නට උත්සාහ ගත් මාර දූවරු සහ මාරයාගේ සැඬ පහර ' වැනි මාතෘකා රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබේ
Rs 250.00
Helabima Puda Labana Dewiwaru Saha Dewa Pooja Viddi
'හෙළබිම පුද ලබන දෙවිවරු සහ දේව පූජා විධි - 01' නම් මෙම කෘතිය  ලාංකේය දේව ඇදහිලි හා විශ්වාස පිළිබදවත් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට ප්‍රසිද්ධ දෙවිවරු පිළිබදවත් කරුණු ගොන්නක් කැටි වූ කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 300.00
Vishwa manasa ha devathwaya
'විශ්ව මනස හා දේවත්වය' යන මෙම කෘතිය නව පරපුරේ ලේඛකයකු වූ ගුණසිරි වීරසූරිය මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය මගින් විද්‍යාත්මක, ආචාරාත්මක හා මනෝ විද්‍යාත්මක  සංකල්ප කීපයක් කැටිකොට ගෙන විද්‍යාත්මක විද්‍යා ප්‍රබන්ධ මහත් සේ උපුටා දක්වමින් සංකල්පනාවන් මුවහත් කරන අතර ආචාරාත්මක සංකල්පයක් වන දේවත්වය එළිදරව් වන හෙයින් මෙම කෘතිය කිසියම් ආචාරාත්මක නම්‍යතාවක් ගන්නා අතරම හුදු මිනිසාගේ මනෝ විද්‍යාත්මක ආකල්ප ගෙනහැර දක්වන නිසා මනෝ විද්‍යාත්මක ස්වරූපයක්ද ගනී. එහෙයින් කිසියම් ප්‍රබුද්ධ නැම්මක් මේ කෘතිය පුරා පෙන්නුම් කරනු ලබයි.
Rs 300.00
Si Helaye Yak Parapura
ශ්‍රී ලාංකේය ඉතිහාසය ආරම්භ වන්නේ " යක්ෂ ¨ ගෝත්‍රිකයන් පිළිබඳ පුරාවෘත්ත ඇසුරෙනි. " යක්ෂ ” යන්න ' අමනුෂ්‍ය ' යන්නට පර්යාය කොටත් ඒ මානව ගෝත්‍රය පහත් කොටත් සැලකීම නිසාදෝ ලිඛිත ඉතිහාසයෙන් යක් පරපුර මකා දැමිණි.එසේ වුවත් ඒ යක් පරපුර නො මළ බව ද, අපේ ආදි වාසීන් පවා එහි ක්‍රමික විකාශනයක් බව ද, බලංගොඩ මානවයාගේ පරපුරට සමීප ලක්ෂණ මෙ රට විසූ අසුර, රාක්ෂස, යක්ෂ යන ගෝත්‍ර වලට බෙදී ගිය මානව වර්ගයා තුළින් විද්‍යමාන වන බව ද මෙම කෘතිය තුළින් ඇලඩින් හෙට්ටිආරච්චි මහත්මා මනාව පෙන්වා දෙයි.
Rs 354.00
Apaye Wathagotha
' අපාය ' නම ඇසූ සැනින් බොහෝ දෙනා බිය වෙති. එහෙත් කපටිකම්, වංචා නැතිව විවෘතසිතින් යුතුව මෙත් සිතින් හුදී සමාජය දෙස බලමින් කටයුතු කරන දුලබ පුද්ගලයෝ අපාය භීතිකාවෙන් මිදුනෝ වෙති. කෙසේ වුවද අපාය ගැන දැන ගැනීම බොහෝ දෙනාට හිතකර වන බවට නම් සැකයක් නොමැත.මෙම කෘතිය විවිධාකාර අපායවල්, ඒවායේ ජීවත් වන නානාප්‍රකාර තිරිසන් සතුන්, ප්‍රේතයන්, ඔවුන්ගේ ආයුෂ ප්‍රමාණය, ඔවුන් විඳින සිතීමට බිය උපදවන දුක් කන්දරා ආදී කරුණු රැසක් ගැන ඔබ දැනුවත් කර අපායට යන මග ද, අපායෙන් මිදෙන මග ද දක්වා සතර අපායෙහි ඥාණ ධාරිතාවක යෙදීමට ඔබට ආරාධනා කරයි.
Rs 200.00
Bahirawa Pujava
නව නිවසට, ගොඩනැගිල්ලට, මැණික් පතල් බිමට සම්පත් සාදන මහානුභාව සම්පන්න භෛරව ජූජාවක් නිවැරදිව හා වඩාත් ප්‍රයෝජනවත් ආකාරයට තැබිය යුතු අකාරය මෙම කෘතිය මගින් ගෙන හැර දක්වනු ලබයි.
Rs 300.00
Budusamaye Udava Aithihasika Pasubima
බුදුසමයේ උදාව ඓතිහාසික පසුබිම - නොයෙක් මිත්යාදෘෂ්ඨින්ගෙන් ගහනව පැවති භාරතීය සමාජයට බුදුරජාණන් වහන්සේගේ පහළවීම ගැන අඳුරට ලහිරු මඩලක් මෙනි. සිංහල පාඨකයා තුල මෙම විෂය පිළිබඳව අවදිකමක් ඇති කිරීමට  විශේෂයෙන් සරසවි ශිෂ්‍ය ගණයා මේ සම්බන්ද වඩාත් ගැඹුරු අධ්‍යනයන් යෙදෙනු පිණිස පොළඹවන්නට  හේතුවන ග්‍රන්ථයකි. 
Rs 575.00
Nagarjunage Madhyamika Darshanaya
නාගාර්ජුනාගේ මාධ්‍යමික දර්ශනය - නාගාර්ජුන පාදයන් විසින් ලියු ග්‍රන්ථ 41 න් 24 ක් ම චීන භාෂාවට පරිවර්තනය කර තිබේ. උන්වහන්සේ ගේ විශිෂ්ට කෘතිය මධ්‍යම කාරිකාවයි. මාධ්‍යමික දර්ශනය නමින් ද හැඳින්වෙන එහි පරිච්ඡේද 27කි. කාරිකා 400කි මාධ්‍යමික කාරිකාවට අකුතොභය නමින් ටීකාවක් ද ලියා ඇත. මෙම පොතෙහි අන්තර්ගතය වන්නේ. නාගාර්ජුන් පාදයන්ගේ ඒ මාධ්‍යමික දර්ශනයයි.
Rs 220.00