Best sellers

Out-of-Stock
Sudu Wala Yata Eda wadi Maga (I Kotasa)
Out-of-Stock
මෙය තිච් ඤතාන් යතිවරයාණන් විසින් ථේරවාද මහායාන හා තිබ්බත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිශීලනයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද බුදු සිරිතෙහි සිදුහත් චරිතයේ ළමාවිය, තාරුණ්‍ය හා උතුම් සත්‍යාවබෝධය ලැබීම පිළිබද කථා  පුවතයි. මෙය Old Path White Clouds නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි. 
Out-of-Stock
Brahmayeku Se Divi Gevannata
Out-of-Stock
සතර බ්‍රහ්ම විහරණ හෙවත් මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආධ්‍යාත්මීයව සහ බාහිරව පුරුදු පුහුණු කිරීම ඉතා යහපත් මානසික ගුණයක් බැව් බුදු දහම පෙන්වා දෙයි. එහෙයින් බ්‍රහ්ම විහාර භාවනාව නිසි අයුරින් වැඩීමට අවශ්‍ය කරන විග්‍රහයන් මෙමගින් ඉදිරිපත් කරනු ලබයි..
Out-of-Stock
Rupa Arupa
Out-of-Stock
රුපය ඇසට දර්ශනය වන්නේ කිසියම් ද්‍රව්‍යයක හැඩය සහ වර්ණය එකට ගොනු වීමෙන් ය. බුදු දහමේ ඉගැන්වෙන ලෝක පිළිබඳ සාකච්ඡා කිරීමේදී රූප ලෝක සහ අරූප ලෝක යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. මෙයින් සාකච්ඡා කරනු ලබන්නේ නාම රූප ධර්මයන් පිළිබඳවත්, රූපී බ්‍රහ්ම ලෝක සහ ද්වාර ආශ්‍රය කරගෙන ඇති වන රූප පිළිබඳවත්ය..
Bodhiya Labimata Nam
බෝධිය ලැබීමට නම්නි - වන හෙවත් අවබෝධය ලබාගැනීමට අවශ්‍ය දහම් කරුණු මෙහිදී සාකච්ඡා කෙරේ. සමථ විදර්ශනා භාවනා ගැනත්, සප්ත බොජ්ඣංග සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කරුණුත් අවබෝධය සඳහා හේතු කරගන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරේ.
Rs 735.00
Avabodhayata avashya guna Hatak
සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ එක් අංශයක් වන සප්ත බොජ්ඣංගයන්  විස්තර කෙරෙන මෙම ග්‍රන්ථයෙහි මාතෘකා තිහක් යටතේ කරුණු එකරැස් කර තිබේ. බොජ්ඣංගය වනාහි ගැඹුරු දහම් කොටසකි. ඒ දහම් කොටස් සියල්ලන්ට වැටහෙන සේ විග්‍රහ කිරීමට කතුවරයා උත්සහ දරා ඇත.
Rs 585.00
Sitha Niwana Maga
සිත නිවන මග - විසුද්ධිය යනු සුපිරිසිදු බවයි. නිවන සදහා ගමන් කළ යුතු සුපිරිසිදු මාර්ගය පෙන්වන බැවින් එය විසුද්ධි මාර්ගය නම් වෙයි. නිවන් දැකීමට කැමති සත්පුරුෂයන් යා යුතු මාර්ගය එහි විස්තර වෙයි. එය පැවිදි අය උදෙසා ලියුවද, ගිහි අයට ද ගත හැකි උපදෙස් බොහෝය. මෙම ග‍්‍රන්ථයෙන් සාමාන්‍ය බෞද්ධයන්ගේ ධර්මඥානයට ලැබෙන පිහිට ද අතිමහත්ය
Rs 280.00
Out-of-Stock
Budu Dahame Adhyathmaya (Patichcha Samuppadaya)
Out-of-Stock
බෝසතාණන් වහන්සේ අනාදිමත් කාලයක් තිස්සේ සෙවූ දුක් හේතුවත් එය නැති කරගන්නා හැටිත් පටිච්ච සමුප්පාද ධර්මයෙහි ඇතුළත් වේ. දුක හටගැනීමත් දුක නැති කිරීමත් පිළිබද නිවැරදි අවබෝධය සදහා අවශ්‍ය කරුණු පටිච්ච සමුප්පාදය නමැති කෘතියෙන් මැනවින් විග‍්‍රහ කෙරේ.
Out-of-Stock
Sankhara
Out-of-Stock
ස්කන්‍ධ පඤ්චකයෙහි සඳහන් සංඛාර යන්නෙන් ක‍්‍රියාකාරීත්වයේ අපූර්වත්වය මෙමගින් විස්තර විභාගකොට දක්වා ඇත. දැකීම්, ඇසීම් හා විඳීම් මගින් ඉන්‍ද්‍රිය බද්ධව චිත්ත චෛතසික ධර්මයන් හරහා සංස්කාර උපදනා අයුරුත් ඒවා අනෙකුත් සංස්කාර ධර්මයන් හා ප‍්‍රතිබද්ධ වන ආකාරයත් විස්තර කරන මෙහි සංඛාර විමුක්තියට අවැසි මාර්ගයද ප‍්‍රකාශිතය. 
Out-of-Stock
Laukika Arya Ashtangika Margaya
Out-of-Stock
බෞද්ධයන්ට හුරු පුරුදු දහම් කොට්ඨාශයක් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, හතර වන සත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයෙහි අඩංගු වෙයි. බුද දහමෙහි හරයට සම්බන්ද වූ මෙම න්‍යාය සුවිශේෂී බවත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ව්‍යුහය කෙසේද යන්න මෙහිදී විග්‍රහ කරනු ලබයි..
Sithuwam Sahitha Sambudu Siritha
සිතුවම් සහිත සම්බුදු සිරිත - දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දක්වා සූවිසි විවරණ ද සිදුහත් බෝසතාණන් වහන්සේගේ මව්කුස පිළිසිඳ ගැනීමේ සිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිණිර්වාණය දක්වා බුද්ධ චරිතයද මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමන, සොළොස්මස්ථානද ප්‍රකාශ කෙරෙන චිත්‍ර 200ට වැඩි ප්‍රමාණයක් ශ්‍රී සුමන මහ පිරිවෙනේ විහාර මන්දිරයේ සීලිමේ හා බිත්තිවල ඇඳ තිබේ. එම චිත්‍ර වලින් බුද්ධ චරිතයත්, ශාසන ඉතිහාසයත් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ. ඒ සියලු චිත්‍ර එක් පොතකට ගැනීමේ දුෂ්කරතාව නිසා, තෝරාගත් චිත්‍ර 70ක් පමණ මෙහි අන්තර්ගත වේ.ධර්මාචාර්‍යවරුන්ටත් දහම් අධ්‍යාපනය ලබන දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙතැයි සිතමි.
Rs 300.00
Out-of-Stock
Yasodara Watha
Out-of-Stock
සියලූ ජනකාව්‍ය ගණයට අයත් කෘති අතරින් වඩාත් උසස් යැයි සම්මත ”යසෝදරාවත” නම් මෙම කෘතියෙහි උදාන කථාව සහ පුරාණ කාව්‍යය ද අන්තර්ත වී ඇත. 
Atthakathavalin Nirupitha Lakdiva Bhikshucharya
අටුවාගත පැරණි ලක්දිව භික්‍ෂූන්ගේ ආගමික හා සාමාජික චර්යාව විදහා දක්වමින් රචිත ග්‍රන්ථයක් ලෙස අට්ඨකථාවලින් නිරූපිත ලක්දිව භික්‍ෂු චර්යාව නම් කෘතිය හඳුන්වා දිය හැක.
Rs 275.00
Kasawathin Lowa Wata
අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද මහතෙරිªන්ගේ සංචාරක භික්ෂු ජීවිතයේ රසවත්, හරබර අත්දැකීම් රචනයට නැංවූවකි.  භික්ෂුවක් වශයෙන් විවිධ භූමීන්හි හා විවිධ පරිසරයන්හි දේශනාකළ ධර්මයත් තම අත්දැකීම් හා සිද්ධීන් ලගන්නා සුළු බස් වහරකින් ඉදිරිපත් කර ඇත.  පරිශීලනයෙන් වර්ෂ ගණනාවක අත්දැකීම් හෝරා කිහිපයකින් ලද හැකි සදුපදේශයන්ගෙන් සමන්විත මෙම ග‍්‍රන්ථය භික්ෂු ජීවිතයක මිහිරියාව මෙන්ම එහි ග‍්‍රන්ථරසය ද කුළු ගන්වන තථාගත දර්ශනය නො අඩුව පිරි සදහම් කෙමනකි පාඨකයා එහි වෙලා ගන්නා.
Rs 1,026.60
Out-of-Stock
Dahami Kumaru Sirisagabo
Out-of-Stock
මෙය හුදු චරිතාපදානයක් හෝ ඓතිහාසික කථා ප‍්‍රවෘත්තියක් නොව මහා වංශයේ සිට එදා මෙදාතුර පළ වී ඇති සම්භාව්‍ය මූලාශ‍්‍රයන් ගණනාවක් පාදක කර ගනිමින් සැකසුණ අගනා නිබන්ධනයකි. 
Balangoda Maha Nahimi Sabadi Katha - 02
බළන්ගොඩ මහනාහිමිගේ කතාවල ඇත්තේ ඉතාම හරවත්, රසවත් බවක් මෙන්ම කුතුහලයෙන් පිරුණු බවකි. මෙම කෘතිය ද එවැනිම කතා පෙළක එකතුවකි. මෙය බළන්ගොඩ මහා නාහිමි සබැදි කතා කෘතියෙහි දෙවැන්නයි. 
Rs 580.00
Out-of-Stock
Elipaththa
Out-of-Stock
සිත හීලෑ කළ හැකි අසාමාන්‍ය චරිත ලක්ෂණ ළමා වියේ සිට පලකල, පසුව සියලු සම්පත් අත්හැර පැවිදි බිමට පත්වූ උතුම් මෙහෙණින් වහන්සේ නමකගේ කතාවකි.
The Buddha and His Disciples
In this book the life of the Buddha is explored through the perspective of his interactions with his disciples and contemporaries, using the society of the time as background. An accessible work especially suited for young people and newcomers to Buddhism.
Rs 125.00
Modern Buddhist Masters
Modern Buddhist Masters - This is one of the most valuable books in print on Theravada Buddhist practice, bringing to the reader the precise instructions of twelve great meditation masters, including Mahasi Sayadaw, Achaan Chah, and U Ba Khin. With lucid introductory chapters and photos.
Rs 400.00
Out-of-Stock
Soma Devi
Out-of-Stock
සෝමා දේවිය අප රටේ ජීවත් වූ වීර කාන්තාවකි. ඇය වීර කාන්තාවක් බවට පත්වූයේ තැනට සුදුසු නුවණත්, අභීත බවත් නිසාය. සොලීන්ට එරෙහිව කරන ලද සටනින් ජය ගැනීමට ඇගේ උපක‍්‍රමයට හැකිවිය. ඒ රසබර කතා පුවත මෙහි ඇතුළත්ය.
Abitha Sinhala Weerayo
දේශයත් ජාතියත් රැකගැන්ම උදෙසා සිය දිවි දෙවෙනිකොට යටත් විජිත ආක්‍රමණ හමුවේ නැගී සිටි අභීත වීරයන් සත් දෙනෙකුගේ ජීවන වෘතාන්තයන්හි ශූර වීර, රසාලිප්ත තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ. 
Rs 350.00
Budu Maha Sauwo
බුදුන් වහන්සේ සමයෙහි සසර අග දිනූ ශ්‍රාවක ශ්‍රාවිකා චරිතයන් සරල බසින් මෙසේ ලියැවෙන්නේ හුදෙක් දහම් මග දකිනු රිසි පාඨක සහෘදයන් වෙනුවෙනි. 
Rs 550.00
Out-of-Stock
Mauryawanshika Dayadaya Asirimath Mihindu Himiyo
Out-of-Stock
මෞර්ය වංශික ධර්මාශෝක රජුන් තම අදිසි මිතු ලක්දිව තිස්ස රජුන් වෙත මෞර්යවංශික උත්තරීතර දායාදයන් පුද කළේය. යථොක්ත ඓතිහාසික සත්‍යය පිළිබද සාම්ප්‍රදායික සම්මත වෘත්තාන්ත එක්රැස් කරමින් සරල බසින් රචනා කරන ලද අගනා කෘතියකි. 
Balangoda Maha Nahimi Sabadi Katha - 01
බළන්ගොඩ මහා නාහිමියන්ගේ සුවිශේෂී හැකියාවන්, ධ්‍යාන ශක්තිය හා භාවනා විධි ද මහා නාහිමියන්ගේ විශේෂ බණ දේශනා මෙන්ම උන්වහන්සේ සිය ගෝලයන්ට වදාළ ආදර්ශවත් කතා ද සතිපතා රිවිර පුවත්පතෙහි පළ විය. මේ එම ලිපි මාලාව ආශ‍්‍රයෙන් සම්පාදනය වූ සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 540.00