Books

Out-of-Stock
Saddharma Nadaya
Out-of-Stock
පී. ඇම්. සේනාරත් මහතා විසින් සංස්කරණය කරණ ලද මෙම සද්ධර්ම නාදය ග්‍රන්ථයේ අන්තර්ගතව ඇත්තේ පූජ්‍ය හෙණ්ඩියගල සීලරතන නාහිමියන් විසින් වරින්වර ලියන ලද සමාජ සංශෝධන ග්‍රන්ථ මාලාවෙන් තෝරාගන්නා ලද ධර්ම කොටස්ය.බුද්ධාගම යනු කුමක්ද, බුදු වීම, අටලෝදහම, කර්ම විපාකය, භාවනා වැඩීම, ශාසනික පැවිද්ද, දුකින් මිදීම, විමුක්ති සුවය, පුනරුත්පත්තිය, නිර්වාණ මාර්ගය ආදී වශයෙන් ඒවා වර්ග කොට තිබේ.
ගැඹුරු බුදු දහම සරළව ඉදිරිපත් කිරීම මෙහි ඇති විශේෂත්වයයි. ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් මෙයින් පාඨකයාට ලබාගත හැකිය.
Sri Gnanarathana Grantha Mala 1
අග්ගමහා පණ්ඩිත, විනය විශාරද, ආචාර්ය පරම පුජහීය වැලිගම සිරි ඤාණරතනාභිධාන අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායයේ මහානායක මාහිමිපාණන් වහන්සේ වූ කලී සමීපාතීතයේ ශ්‍රී ලාංකේය ථේරවාද භික්ෂු පෞරුෂය අන්වර්ථ කළාහු අජානේය සංඝ නේතෘවරයාණ කෙනෙකි. ධර්ම විනය පිළිබඳ අටුවා - ටීකා නයින් නිරාකූලව ලිවීමෙහි හා බිණීමෙහි විස්මයාවහ විස්කම් පෑ උන්වහන්සේ අග්ගමහා පණ්ඩිත පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ සමිඳුන් අතින් 1953 වර්ෂයෙහි ලක්දිව අග්‍රතම ධර්ම දේශකයන් වහන්සේ ලෙස අභිෂේක ලත්හ.
ධර්ම - විනය පිළිබඳ කුදු මහත් ග්‍රන්ථ ශතාධික සංඛ්‍යාවක් ලියා පළ කළ උන්වහන්සේ ථේරවාද මෙන් ම මහායාන බෞද්ධ ලෝකයාගේ ගෞරවාදරයට පාත්‍ර වූ චිරරාත්‍රඥ මහ තෙර නමකි. ගිහි බෞද්ධයාගේ සදාචාර වර්ධනය උදෙසා නිරතුරුව ලොකු කුඩා දහම් පොත් ලිවීම අවිජහිත සිරිතක්ව පැවති අතර, ඇතැම් දහම් ග්‍රන්ථවල පිටපතකුදු සොයා ගැන්ම දැනට දුර්ලභව පවතී. එබැවින් ඒ සියලු පොත් එකතු කොට කාණ්ඩ වශයෙන් පළ කිරීමට සූදානම් කොට ඇති අතර, මේ එහි පළමු පියවරයි. මෙම ධර්ම සංග්‍රහය හැම අතින් ම කාලෝචිත වන අතර, ධර්මකාමී සැමගේ වාසනාවක් බව නොපැකිළ පැවසිය හැකි ය.
පූජ්‍ය බුත්තල ඤාණාධාර හිමි පරිවෙණාධිපති - සිරි ඤාණරතන පිරිවෙන, මාකඳු ගොඩ, තල්පෙ, ගාල්ල,
Rs 400.00
Out-of-Stock
Punchi Sithe Nuwana Athe
Out-of-Stock
ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි.එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි.මේ කථා පොඩ් දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි.මේ කථාවට පදනම් වූයේ 'වානරින්ද ජාතකය' යි.
Gata Nathi Una Bata
ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි.එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත.මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි.මෙහි එන කථාවට පදනම් වූයේ 'නළපාන ජාතකය' යි
Rs 250.00
Out-of-Stock
Ek Gunayak Pala Dahasak
Out-of-Stock
ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'අම්බ ජාතකය' යි.
Muthu Malayak Soya
ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'මහාසාර ජාතකය' යි.
Rs 250.00
Sri Lankawe Kurumbara Deva Sankalpaya
දේශීය ශාන්තිකර්ම ආශ්‍රිතව පුද ලබන කුරුම්බර ඇදහිල්ල හා දේවාලය පිළිබඳ මනා විමසුමකින් රචිත ශ්‍රී ලංකාවේ කුරුම්බර දේව සංකල්පය නම් වූ මෙම කෘතිය පර්යේෂණයක අග්‍රඵලයකි. ශ්‍රී ලාංකේය වන පිළිවෙන්හි විවිධාකාරයෙන් පුද ලබන කුරුම්බර පිළිබඳව ශ්‍රී ලංකාවේ කුරුම්බර දේව සංකල්පය යන මැයෙන් රචිත මෙම ග්‍රන්ථය ඇදහිලි විශ්වාස, මානව සමාජ විද්‍යාව, අස්පර්ශනීය සංස්කෘතික උරුමය ආදී විෂය ක්ෂේත්‍ර විමර්ශනයට යොමුවන විද්‍යාර්ථින්ට මෙන්ම දැනුම එක් රැස් කිරීමේ පිපාසිත සෙසු පාඨකයන්ට ද පරිශීලනය කළ හැකි ඉනා වටිනා ග්‍රන්ථයකි. එමෙන්ම දේශීය සංස්කෘතික වපසරීය අධ්‍යයනය කිරීම තවදුරටත් පුළුල් කරවන ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බව මෙහි ලා සඳහන් කළ යුතු ය.
Rs 900.00
Parani Sri Lankeya Bhikshu Samajaya
කැලණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරන ආචාර්ය වසන්ත දිසානායක මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිධරයෙකි. එම විශ්වවිද්‍යාලයෙන්ම දර්ශනපති උපාධිය ද ලබාගත් දිසානායක මහතා පාලි සහ සංස්කෘත භාෂා ප්‍රවීනයෙක් ද වේ. ඔහු විසින් සම්පාදිත "පැරණි ශ්‍රී ලාංකේය භික්ෂු සමාජය: පාළි අට්ඨ කථා ඇසුරෙන්" නම් කෘතිය, මෙම විෂය ක්‍ෂේත්‍රයේ මෑත කාලීනව සම්පාදිත විශිෂ්ටත ම පර්යේෂණ ග්‍රන්ථය වශයෙන් සැලකිය හැකි ය.පාළි ත්‍රිපිටකය ඓතිහාසික තොරතුරු ගවේෂණය කරන්නකුට ඥාන සාගරයක් වන්නේ යම්සේද, පාළි අට්ඨ කථා සාහිත්‍යය ද එබදුම ආකාරයේ ඓතිහාසික තොරතුරු ගැබිව ඇති සාහිත්‍ය සාගරයකි. භාරතීය ඉතිහාසය හා ශ්‍රී ලාංකීය ඉතිහාසය පිළිබඳව පර්යේෂණය කරන්නකුට අට්ඨ කථා වලින් ලැබෙන උපකාරය කෙතෙක් ද යන්න, මහාචාර්ය වල්පොළ රාහුල හිමි, ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම්, මහාචාර්ය හේම එල්ලාවල සහ මහාචාර්ය වස්. බී. හෙට්ටිආරච්චි වැනි විද්වතුන් විසින් සිදුකරන ලද පර්යේෂණ වලින් තහවුරු වේ.
ඔවුන් විසින් හෙළිකරන ලද ගමන් මග ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමට වසන්තදිසානායක විසින් දරන ලද ප්‍රයත්නය ප්‍රශංසාර්හ ය. ඔහුගේ කෘතිය අදාළ විෂය ක්‍ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කරන පර්යේෂකයන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයාට ද මහෝපකාරී වන බව කිව යුතු ය. අංකුර පර්යේෂකයකු වන ඔහුට මෙබඳු පර්යේෂණ වඩ වඩාත් සිදුකිරීම සඳහා ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
ඒ. එච්. එම්. එච්. අබයරත්න
ඉතිහාස අධ්‍යයන අංශය කැලණිය විශ්ව විද්‍යාලය
Rs 2,400.00
Shri Sharngadhara Sanhitha
කෘතිය ඇසුරෙන්...
අපේ පාරම්පරික වෙදකම වුවත් අංග සම්පූර්ණව ඉගෙනීමට නම් ශාර්ඩ්ගධර සංහිතාව පරිශීලනය කිරීම අවශ්‍ය වනුයේ පාරම්පරිකව වෙදකම ඉගෙනීම කිරීමේදී, තමන් ප්‍රතිකාර කරන රෝගීන්ට තමන් අතින්ම පිළියෙල කරන ලද බෙහෙත් යෙදීමේ සම්ප්‍රදාය නිසයි. එසේ ඖෂධ නිෂ්පාදනයේදී කෂාය, චූර්ණ, ගුලි, කල්ක, අවලේහ, රසායන, සෘත තෛල සහ රසදිය ගන්ධක ආදී රස බෙහෙත් නිෂ්පාදනය ද එම රස බෙහෙත් ශෝධන, මාරණ ක්‍රම ද, විෂ බෙහෙත් ද්‍රව්‍යවල විෂ නැසීම ද ඉගෙනගතයුතුය. ඒ හැර වෙදකමේ මූලධර්ම ද වෛද්‍ය ආතුර දෙපක්‍ෂයේ පෙරමග නිමිති, සිහින ඵලාපල සහ වමන විරේචන ආදී පංචකර්ම විධි ස්වේද කර්ම, රක්ත මෝක්ෂණ, ආදී හැම අංශයක්ම ගුරු වෙද ගෙදරින් අභ්‍යාස කළ යුතුය. ශරීර ක්‍රියා විඥාන ආහාර පරිපචන ක්‍රියා ආදිය ද අවශ්‍යයෙන් තම වෙද සිසුන්ට ඉගැන්වීම කළ යුතු වේ. මේ ආදි වශයෙන් මා විසින් මෙහි දැක්වුණු, නොදැක්වුණු එනම්, ධාතු ප්‍රකෘති, ත්‍රිධාතු ත්‍රිදෝෂ, භේද, ලෝකයේ මැවීම, ද්‍රව්‍යයන්ගේ රස ගුණ ආදියත් නාඩි පරීක්ෂා ආදී රෝග පරීක්ෂණ ක්‍රම, සහ ඒ ඒ රෝගයන්ට යොදන හස්තසාර ඖෂධ ද මෙම ශාර්ඩ්ගධර සංහිතාවේ ද සංහිතා ග්‍රන්ථයෙකැ දැක්වෙන පරිදි ලුහුඬින් දැක්වේ. මේ අනුව ආයුර්වේද විශ්වවිද්‍යාල ආයතන ආදී හැම ආයුර්වේද අධ්‍යාපන ස්ථානවල ම පරිශීලනය කළ යුතු, ඒ නිසා ම අප විසින් සාදර ගෞරවයෙන් පරිශීලනය කරනු ලබන මේ "ශාර්ඩ්ගධර සංහිතා" ග්‍රන්ථ රත්නය සොයා ගැනීමට අපහසු වීම මහත් පාඩුවකි. එම අඩුපාඩුව, දිවයිනේ හැම තැනක ම පතළ කීර්තිමත් වෛද්‍ය නාමයක් ඇති, දේශීය වෛද්‍යොපාධ්‍යාය පී. නාගොඩ විතාන විද්වතුන් විසින් පිරිමසනු ලැබීම කාලෝචිත වෙයි. "සුබසෙත" පත්‍රය ආරම්භයේ පටන් පාඨකයන්, රෝගීන්, විමසන ප්‍රශ්න වලට පිළිතුරු සහ ප්‍රතිකාර මේ දක්වා ම ලියන, ලේඛන කලාවෙහි ද සමත්කම දක්වන මෙතුමා ජනාධිපති සම්මානය ද ලබා ඇත.
තෙළඟපාත ධර්මකීර්ති නායක ස්ථවිර
තෙළඟපාත පාරම්පරික වෛද්‍යක්‍රම නිපුණායතනය තෙළඟපාත, කැලණිය
Rs 2,900.00
Jathakakatha adbhuthaya ha yatharthaya
දෙස් විදෙස් භාෂා සාහිත්‍ය විශාරදයන්ගේ නොමඳ සම්භාවනාවට ද නොමඳ පර්යේෂණයට ද ලක්ව ඇති ජාතක කථා දිනෙන් දින අලුත් පර්යේෂණ තේමාවන්ට තෝතැන්නක් වීමත් විෂය ක්ෂේත්‍රයක් වශයෙන් කිසිදා පැරැණි නොවීමත් එහි ඇති විමර්ශනශීලී ගුණය අනාවරණය කරන අතර 'ජාතක කථා, අද්භූතය හා යථාර්ථය' යන මෙම කෘතිය මගින් යථාර්ථය හා අද්භූතය යනුවෙන් ඉදිරිපත් වන සංකල්ප දෙක මිනුම් දඬු ලෙස ගෙන ජාතක සාහිත්‍යය මැනීමට ලක් කිරීමේ ප්‍රයත්නයක් ලෙස මෙම කෘතිය හඳුනා ගත හැකි වෙයි.
Rs 580.00
Out-of-Stock
Kelaniya Sinhala Hindi Maha Shabda Koshaya
Out-of-Stock
''කැලණිය සිංහල-හින්දි මහා ශබ්ද කෝෂය'' නැමැති මෙම කෘතිය කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විසින් කැලණිය විශ්වවිද්‍යාලයේම සහාය සංස්කාරක මණ්ඩලයක සහාය ඇතුව කරන ලද අග්‍රගන්‍ය ශබ්ද කෝෂයක් ලෙස හැදින්විය හැකිය.
Out-of-Stock
Sanjeevani Sara Sangrahaya Nam Wu Ayurveda Waidya Shabdakoshaya
Out-of-Stock
''සංජීවනී සාර සංග්‍රහය නම් වූ ආයුර්වේද වෛද්‍ය ශබ්දකෝෂය'' මෙම ශබ්දකෝෂය වෛද්‍යචාර්ය, වෛද්‍යනිධි පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමිපාණන්වහන්සේ විසින් රචනා කොට ඇති අතර බහු භාෂික අර්ථ නිරූපන සහිතව ලියැවෙන ගබ්දකෝෂයකි.  මෙම ශබ්දකෝෂය මගින් වසර 50 ට අධික කාලයක් ආයුර්වේද ක්ෂේත්‍රයේ පැවති බලවත් අඩුපාඩුවක් සම්පූර්ණ වන අතරේම ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්‍යාර්ථයින්ට මහගු පිටුවහලක් වනු නොඅනු මානය.
Sandakindurai Sanda Kinduriyi
කතෘ තුමියගෙන්...
'සඳ කිඳුරු ජාතක කතාව' මට ලියන්නට සිත් වූයේ පාඨකයින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම ගැන අප සමාගමයේ නිශාන්ත වන්නි ආරච්චි මහතා මා දැනුවත් කිරීමේ ප්‍රතිඵලයකිනි. මේ සොඳුරු ජාතක කතාව දරු දැරියන් අරමුණු කරමින් සරල බසින් ලියා දක්වමි.
සඳ කිඳුරියගේ විලාපය දිව්‍ය ලෝක පවා සලිත කරයි. ඇය හමුවට ශක්‍ර දිව්‍ය රාජයාගේ පැමිණීම ඈ තුළ ඇති ගුණ ධර්ම වල බල මහිමය කියාපායි. අප ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ එක් භවයක් විස්තර වන සඳ කිඳුරු ජාතකය දරු දැරියනට පමණක් නොව වැඩිහිටියන්ට පවා රස විඳිය හැකි සුන්දර කතා වස්තුවකි.
Rs 250.00
Ummagga Jathakaya-Sithuwam Sahitha
උම්මග්ග ජාතකය යනු මහෞෂධ පණ්ඩිතයන්ගේ අසමසම ප්‍රඥාව සහ උපාය කෞශල්‍යය මැනවින් නිරූපණය වන, පන්සිය පනස් ජාතක පොතේ එන දීර්ඝතම සහ ප්‍රකටම ජාතක කතාවකි. වේදේහ රජුගේ මියුළු නුවර බ්‍රහ්මදත්ත රජුගේ ආක්‍රමණවලින් ආරක්ෂා කර ගැනීමට මහෞෂධ පණ්ඩිතයන් තම නැණ නුවණ මෙහෙයවා කටයුතු කළ ආකාරය මෙහි සිතුවම් සහිතව ඉතා ආකර්ෂණීය ලෙස රචනා කර ඇත.
Rs 750.00
Out-of-Stock
Jathaka Atuwa Gatapadaya
Out-of-Stock
  ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයට නිර්දේශිතව විශ්වවිද්‍යාල සහ පිරිවෙන් අධ්‍යාපනය සදහා මෙම ජාතක අටුව ගැටපදය කෘතිය නිර්මාණය කර ඇත.
Jathaka Kathawen Mathuwana Ape Sanskruthiya
ජාතක පොත පොදුවේ අපේ සංස්කෘතිය කෙරෙහිත්, විශේෂයෙන් සාහිත්‍ය හා කලා ශිල්ප කෙරෙහිත් කර ඇති බලපෑම අනල්ප ය. එහෙයින් දිවයිනේ ප්‍රකට ගිහි පැවිදි වියතුන් කිහිප පළක් විසින් ජාතක පොතෙහි විවිධ අංශයන් අළලා කැරුණු දේශන වල පිටපත් රැගත් මෙම ලිපි සංග්‍රහය සිංහල සාහිත්‍යය වංශයට කැරෙන වැදැගත් එකතුවෙකි. මහාචාර්ය ඒ. වී. සුරවීර, මහාචාර්ය එම්. බී. ආරියපාල හා පණ්ඩිත බද්දේගම විමලවංස නා හිමි යන වියතුන් ගේ පර්යේෂණාත්මක හා සාර්ගර්භ ලිපි මෙහි ලා විශේෂයෙන් සඳහන් කරනු වටී.
Rs 175.00
Jathaka Katha Sangrahaya
කැලණිය විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර හා බාහිර ශාස්ත්‍රවේදී උපාධි ප්‍රථම භාග උපාධි පරික්ෂණයේ විෂය නිර්දේශයානුකූල අවශ්‍යතාවක් සපුරාලනු පිණිස මෙම ජාතක කථා සංග්‍රහය සම්පාදනය කර ඇති අතර. ඒ සඳහා කථා වස්තු තෝරා ගැනීමේ දී වස්තු විෂය, භාෂාව හා කථා කලාව, එමගින් ලද හැකි වින්දනය හා ඥානය වැනි කරුණු කෙරෙහි ද සාවධාන වෙමින් විවිධත්වයෙන් යුතු කථා වස්තු 14 ක් මෙහි සංග්‍රහ කොට ඇති අතර එසේ ම විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා අදාළ ගැටපදයක් ද ඇතුළත් කර තිබේ.
Rs 200.00
Jathaka Atuva Gatapada Wyakyava
පොළොන්නරු යුගයේ ලියැවුණු ප්‍රශස්ත සිංහල ග්‍රන්ථාවලිය තුළ ජාතක අටුවා ගැටපදයට හිමි වන්නේ ඉතා වැදගත් ස්ථානයකි. විශේෂයෙන් ම සම්භාව්‍ය සිංහල ගද්‍යය හදාරන විද්වතුනට එහි විවිධ වව්‍යාකරණ ප්‍රයෝගත්, විවිධ ප්‍රස්තර වලට අයත් භාෂා ප්‍රයෝගත් හඳුනා ගැන්ම සඳහා මෙය බෙහෙවින් උපකාරී වන ග්‍රන්ථයකි.
Rs 450.00
Bheroonder
Deep in the heart of the island Lanka, where the monsoon rains crash against the jagged peak of Kobo-Thura, an unthinkable legend was born. A catastrophic blow splits its skull in two. It survives, emerging as a magnificent, terrifying singularity: a two-headed monster of the air named "BHEROONDER"
Rs 500.00
Cunningham's Erroneous Accounts Of Buddhist History
Drawing on colonial records and overlooked evidence, the author reveals how British authorities, confronted by strong resistance from Sri Lankan communities and the unifying influence of the Buddhist Sangha, came to regard Buddhism itself as a source of national cohesion. In response, colonial scholarship gradually shifted key elements of the Buddha's life and legacy away from Sri Lanka, weakening the island's historical and spiritual centrality to the tradition.
Rs 1,750.00