Books

-10%
Cunningham's Erroneous Accounts Of Buddhist History
Drawing on colonial records and overlooked evidence, the author reveals how British authorities, confronted by strong resistance from Sri Lankan communities and the unifying influence of the Buddhist Sangha, came to regard Buddhism itself as a source of national cohesion. In response, colonial scholarship gradually shifted key elements of the Buddha's life and legacy away from Sri Lanka, weakening the island's historical and spiritual centrality to the tradition.
Rs 1,575.00
Rs 1,750.00
-10%
Wana Wadunu Dosthara
කෘතිය ඇසුරෙන්...
සිය පියා යමක් ලියනු දුටු හැම මොහොතකම ඔහුගේ ඇඟෙහි දැවැටෙමින් "තාත්තේ ඔයා හැම තිස්සේම කුරුටු ගොන්නේ මොනවා ද? යි ඇසූ සිඟිති දුවක් පසුව සුරංගනා කතා ලිවීමෙන් තාත්තාගේ අඩි පාරේම යන්නට පටන් ගෙන මුහුකුරා ගිය ලේඛිකාවක වශයෙන් ඇගේ තාත්තාගේ ජිවිත කතාවද ලිවීමට වාසනාවන්තියක් වූවාය. ඒ, ඉංග්‍රීසියෙන් ලියූ පොත් තුදුසකින් එම සාහිත්‍ය පෝෂණයට දායක වූ ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් නමැති සුප්‍රකට ලේඛිකාට ය. මේ රටේ සිටි සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකු මෙන්ම ලේඛකයකුද වූ ආර්. එල්. ස්පිටිල්ගේ වැඩිමහල් දූ ය. ඇයට නැගණියක්ද සිටි නමුත් කුඩා කාලයේදීම මිය ගියාය.
ක්‍රිස්ටින් විල්සන්ගේ මුල් ඉංග්‍රීසි කෘති අතුරෙන් කීපයක් "තිත්ත කෝපි", "කඳුකර මාවත", "අත්තටු මැවිල්ලා", "වීර දිවයින", යනුවෙන් සිංහලයට පරිවර්තනය වී තිබේ. මේ " වන වැදුණු දොස්තර Surgeon of the Wilderness යනුවෙන් ඇය ලියූ ඇගේ පියාගේ ජීවිත කතාව ය. ක්‍රිස්ටීන් මෙම කෘතියෙන් ඇගේ පියාගේ ජීවිතයේ හැම පැතිකඩක්ම අතිශය භාව පූර්ණාකාරයෙන් විවරණය කරන්නී විවිධ සාහිත්‍ය රස පාඨක මනසට ඇතුළු වන ආකාරයෙනි.ක්‍රිස්ටීන් ස්පිටිල් විල්සන් දැන් ජීවතුන් අතර නැත. ඇයත් ඇගේ සැමියොත් සැබෑ මානව දයාවෙන් තෙරේ. ඉතා නිහතමානී, එමෙන්ම කාරුණික, වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම මිනිස් නාමය අන්වර්ථ කර ගත් යුවළක් බව ජීවතුන් අතර නැති ඒ දෙදෙනාටම දක්වන උපහාරයක් වශයෙන් මෙහි ලා සටහන් කරමු.
Rs 1,440.00
Rs 1,600.00
-10%
Mutti Mangallaye Sanskruthikawalokana
අතීතයේ වන්නි හත් පත්තුව නමින් ප්‍රකට භූගෝලීය කලාපයට ආවේණික චිර ප්‍රකට 'මුට්ටි මංගල්ලය' තද් ප්‍රදේශයේ කෘෂක ජන සමාජවාසී සංස්කෘතියේ අභ්‍යන්තරය විනිවිද දැකිය හැකි සංස්කෘතික සංස්පර්කයකි. ශ්‍රී ලාංකේය අස්පර්ශනීය සංස්කෘතික උරුමයේ ඒක දේශයක් නියෝජනය කෙරෙන තද් 'මංගල්ලය' පිළිබඳ ප්‍රාමාණික පර්යේෂණ සිදු වී නොමැති විපරීත සමාජ සංදර්භයක් තුළ සමාජ හා සමාජ මානව විද්‍යා විෂය ක්‍ෂේත්‍රය අරභයා පේරාදෙණිය විශ්වවිද‍්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපාලි වීරකෝන් විසින් රචිත 'මුට්ටි මංගල්ලයේ සංස්කෘතිකාවලෝකන' නම් පර්යේෂණාත්මක ශාස්ත්‍රීය කෘතිය තව දුරටත් මානව වංශ සංගීත විද්‍යාල ජනශ්‍රැතික විද්‍යා වල සමාජ මානව විද්‍යා වල සමාජ විද‍්‍යාව විෂය ක්ෂේත්‍ර පෝෂණය කිරීමට දායක වන්නේ මෙවැනි පසුබිමකයි. චිරාත් කාලයක් සමාජයේ නොනැසී පවත්වා ගෙන එනු ලබන වැව, කෘෂි ජීවනෝපාය සහ ස්වභාව ධර්මය සමඟ බැඳුණු සම්ප්‍රදායික ජන විශ්වාස මතපදනම් වූ මුට්ටි නැමීමේ මංගල්ලය ගැන ගැඹුරු විචාරාත්මක කරුණු අතිශයින් දුර්ලභ සමයක. සමාජ වෙනස්වීම් හා පරිවර්තන ක්‍රියාවලීන් අභිමුඛව හිඳින සමාජයක සම්ප්‍රදායික සිරිත් විරිත් පිළිබඳ ගවේෂණය ප්‍රශංසනීය දෙයකි. මෙවැනි මහඟු විශ්වාස පද්ධති ලේඛණ ගත කිරීමෙන් එහි සුරක්‍ෂිතතාව මෙන්ම අනාගත පරපුරට සම්ප්‍රේෂණය කිරීමේ ප‍්‍රවේශයක් ද සපයයි.
සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක
Rs 1,620.00
Rs 1,800.00
-10%
Soma Hamuduruwo
මෑත ඉතිහාසයේ මෙරට පහළ වූ ධර්ම විනය පිළිබඳ මනා පරිචයකින් යුතු විචිත්‍රවත් ධර්ම කථිකයාණන්වහන්සේ නමක ලෙස ජනතා සම්භාවනාවට පත් වන පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගේ ළමා විය, තුරුණු සමය සහ පැවිදි ජීවිතයේ පළමු දශක දෙක මුල්කොට ලියැවී ඇති මෙම ග්‍රන්ථය මගින් උන්වහන්සේගේ ජීවන චරිතය විවරණය වන අතරේම සමකාලීන බෞද්ධ ජන සමාජය පිළිබඳ හරවත් දැනුම් සම්භාරයක්ද පාඨකයා වෙත ප්‍රදානය කෙරේ.
Rs 252.00
Rs 280.00
-10%
Asirimath purisadammasarathee Gunayen Babalana Munidano
කෘතිය ඇසුරින්...
ආලවකට වේලායුදය නම් බලවත් ආයුදයක් තිබුණා. එයින් ගැසූ විට මහාමේරු පර්වතය පවා සුන් වෙනවා. අන්තිමට මේ ආයුදයෙන් බුදුරජාණන් වහන්සේට පහර දුන්නා. ඒ ආයුදය පාපිස්සක් සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ තැන්පත් වුණා. ආලවක තවත් කලබල වුණා. එවර ඔහුට සිතුණා මේ කරම් දේ කළත් මේ ශ්‍රමණයාගේ කිසි වෙනසක් නැහැ නෙ. කිසිම කම්පාවක් ද නැහැ. මේ ශ්‍රමණයන් වහන්සේ සිටින්නේ හොඳ ඉවසීමෙන්. කළ කිසිවකින් ජයක් නොලැබූ ආලවක උන් වහන්සේ කෝපයට පත් කරන්නට සිතුවා. නින්දා අපහාස වන වචන වලින්,
මහණ, වහාම මෙතැනින් පිට වෙනු කීය.
මෙතන දී මුදු ලෙස කතා කිරීමෙන් යකුගේ තද කෝපය අඩු කළ හැකි බව සිතූ බුදුරජාණන් වහන්සේ,
යහපති පින්වත' යි කියා බුදුරජාණන් වහන්සේ ගෙයින් පිට වූ සේක.
දඬු මුගුරු අවි ආයුද වලින් තොරව දරුණු ආලවක යක්ෂයා ධර්මයෙන් ම දමනය කළ අපේ බුදුරජාණන් වහන්සේ පුරිසදම්මසාරථී ගුණයෙන් බබළන සේක.
Rs 1,080.00
Rs 1,200.00
-10%
Chittahattha Maha Rahathan Wahane
මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ චිත්තහත්‍ථ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවන මහ රහතන් වහන්සේ නමකි. එසේ ම ඒ තරම් ප්‍රකට නැති මහ රහතන් වහන්සේ නමකි. මේ උතුම් මහ රහත් චරිත කථාව සකසා ගැනීමේ දී ප්‍රධාන වශයෙන් භාවිත කළේ ධම්මපදට්ඨ කථාවත්, කුද්දාල ජාතකයත් ය.
ගෞතම බුදුසසුන තුළ මුන් වහන්සේ වඩා ත් ප්‍රකට වී ඇත්තේ සය වතාවක් සිවුරු හැරදමා ගොස් සත් වැනි වර නැවත පැවිදි වී අවසානයේ රාගාදී සියලු කෙලෙසුන් නසා දමා රහත් ඵලයට පත් වූ තෙරුන් වහන්සේ වශයෙනි. '
Rs 225.00
Rs 250.00
-10%
Karambagale Ath Weda Potha
කරඹගල වනාහි පැරණි රොහණ රාජ්‍යයට අයත් සම්බුද්ධාගමනයේ ආදිම අවස්ථාව වන  ‌කාවන්තිස්ස සමයේ සිට මහත් ප්‍රසිද්ධියක් උසුලන බෞද්ධ පූජණීය ස්ථානයකි. ලංකා ශාසන ප්‍රවෘත්තිවල කරඤ්ජක ලෙන නමින් ව්‍යවහාර වූ මෙහි එකල මහරහතන් වහන්සේලා පවා වැඩසිටි බැව් පාළි භාෂාවෙන් ලියා තිබෙන ඇතැම් කථා වස්තු වලින් පෙනේ. මෙහි වූ ඇතැම් ගල් ගුහාවල ලංකාවේ ආදිම යුගයට අයත් අවුරුදු දෙදහසකට වඩා පැරණි බෞද්ධ සිතියම් තිබේ. එකල විසූ රහතන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස පහළ වූ උනුදිය උල්පත් පවා මෙහි ඇති බැව් පුරාවෘත්තයන්හි සඳහන් වෙයි.සත්වයන්ගේ මනොරොග නිවාරණය සඳහා ක්‍රියා කළ භික්ෂූන් වහන්සේලා විසූ මෙම රමණීය ගල් විහාරයෙහි සත්‍වයන්ගේ කායික රෝග නිවාරණයටත් අවශ්‍ය ඖෂධ යොග ද ලියා තිබෙන බැව් මේ පොතෙන් පෙනේ. නොයෙක් වර්ග වලට අයත් රෝග සඳහා ලියන ලද ප්‍රත්‍යක්ෂතම ඖෂධ වට්ටෝරු 577 කට වැඩි ගණනක් මෙහි ඇතුළත්ව ඇත.
ඒ ඒ වට්ටෝරුවල භාෂා විලාසය අනුව සලකන විට අවුරුදු 1000 ක පමණ කාලයක සිට වරින්වර එකතු කළ වට්ටෝරු එක තැනක ලිවීමෙන් මෙය පොතක් වශයෙන් සකස් වී තිබෙන බැව් සිතිය හැක.මෙය වට්ටෝරු වෙද පොතකි. මෙහි ඇතුළත් ඇතැම් ඖෂධ යෝග වෙන කිසිම වෙද පොතක නොතිබෙන්නට පුළුවන. එකම පුස්කොළ පිටපතක් පමණක් තිබූ මේ පොත සකස් කිරීමේදී ලේඛකයන් අතින් සිදුවුනා යයි සිතිය හැකි සුළු සුළු අඩුපාඩු පමණක් සම්පූර්ණ කිරීම පමණකි මෙහි කර ඇත්තේ. පැරණි පුස්කොළ පිටපතත් මේ මුද්‍රිත පිටපතත් අතර ඊට වඩා යම්කිසි වෙනසක් සිදුවී නැත.
Rs 720.00
Rs 800.00
-10%
Me Bhawayedima Sowan Wenna Puluwan
ඔබ මෙම ග්‍රන්ථය කියැවීමෙන් අවසාන වශයෙන් ඉගෙනගතයුතු කරුණු දෙකක් ඇත. පළමු වැනි කරුණ; සෝවාන් මාර්ගයෙහි ගමන් කරන ඔබ සෝවාන් මාර්ගයට පත්වීමට පහතදැක්වෙන අංග හතරෙන් අනිවාර්යයෙන්ම එගොඩ විය යුතුය. එම අංග හතර නම්; (1) බුදුරජාණන් වහන්සේගේ ගුණ දැන නොසැලෙන පැහැදීම. (2) ධර්මයේ ගුණ දැන නොසැලෙන පැහැදීම. (3) සංඝ රත්නයේ ගුණ දැන නොසැලෙස පැහැදීම. (4) ඔබ ආර්යකාන්ත ශීලයෙහි (පංචසීලයෙන්) සමන්නාගත වීම. දිනපතා ත්‍රිවිධ රත්නයට මල් පහන් සුවඳ දුම් පූජාකොට ත්‍රිවිධ රත්නයේ ගුණ 24 දිනපතා සජ්ජායනා කිරීමෙන් ඔබ සෝවාන් මාර්ගයට පත්වෙනු ඇත. සතර අපායෙන් මිදෙනු ඇත.
දෙවැනි කරුණ; සෝවාන් ඵලයට පත්වීමට නම්; (1) සත්පුරුෂ සේවනය, (2) සද්ධර්ම ශ්‍රවණය, (3) යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වීම, (4) ධර්මානුධර්ම ප්‍රතිපදාව - ශ්‍රවණය කළ ධර්මය අනුව මෙනෙහි කිරීමට ක්‍රියා කිරීම යන අංග හතර සම්පූර්ණ කිරීමෙන් ඔබ අංග අටම සම්පූර්ණ කරනු ඇත. එවිට ඔබ සෝතාපත්ති තත්ත්වයට පත්වීම අවසන් කරනු ඇත. ඔබ කුසල ගංගා හෙවත් පුණ්‍ය ගංගා අටෙන්ම එතෙර වනු ඇත.
ආර්.ජේ.ද සිල්වා
Rs 1,530.00
Rs 1,700.00
-10%
Lenad Wulf Baddegama Saha Wulf Noki Baddegama Namal Prasantha Dayawansha
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නාමල්ගේ මෙම කෘතිය ලෙනාඩ් වුල්ෆ් වටා ගෙතුණ බොහෝ අගනා තොරතුරු එක්රැස් කොට සිංහල පාඨකයා වෙනුවෙන් රචනා කරන ලද අනගි නිර්මාණයකි. අප රටේ බොහෝ දෙනා දැන සිටියේ, වසර හතක වුෆ්ගේ උප දිසාපති භූමිකාව හා ඔහු විසින් රචනා කරන ලද 'බැද්දේගම ' නවකතාව ගැන පමණකි. වුල්ෆ් චරිතය ඇසුරු කර සහ ඔහු ගැන ලියූ දෙස් විදෙස් ලේඛකයන්ගේ කෘති සේවනය කරමින්, යටත් විජිතයුගයේ ලංකාවේ සිටි පරිපාලකයෙකු හැටියටත්, ලිබරල්වාදී චින්තකයෙකු හැටියටත් ඔහුගේ පසුකාලීන ක්‍රියාකාරීත්වය මෙහි පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වෙයි. අධිරාජ්‍යවාදී අදහස් ඒ අයුරින් නොගෙන මානව හිතවාදී දෘෂ්ටියකින් ලෝකය දෙස බලා ඔහු කටයුතු කර ඇති ආකාරය මෙහි දක්වා තිබීම ඉතා වැදගත්ය. බ්‍රිතාන්‍ය වාමාංශික ව්‍යාපාරයේ හා කම්කරු පක්‍ෂයේ ක්‍රියාකරුවකු වූ වුෆ්ගේ මෙකී දේශපාලන උද්යෝගය එක්සත් ජාතීන්ගේ සංගමයේ මූලාරම්භයට යම් දායකත්වයක් සැපයිණි.
එසේම ඔහුගේ බිරිඳ වූ වර්ජිනියා වුෆ්ගේ සාහිත්‍ය ව්‍යාපාරය පිළිබඳව හා ඒවා ඇසුරින් නිර්මාණය වූ විවාදාපන්න චිත්‍රපට පිළිබඳව ලේඛකයා සිදුකරන එළිදරව් කිරීමේ ද ඉතා වැදගත් ය. වුල්ෆ් යුවළගේ සාහිත්‍ය, සමාජ, දේශපාලන යන ක්ෂේත්‍ර වල බලපෑම බ්‍රිතාන්‍යයට පමණක් සීමා නොවූ අතර ප්‍රංශය ඇතුළු යුරෝපීය රට වලට ද එහි බලපෑම ඇති විය. එහෙයින් මෙම නව විද්වත් රැඩිකල් අදහස් එම ශත වර්ෂයේ ආරම්භයේ යුරෝපයේ ජනයාගේ බුද්ධිය පුබුදු වන ලද ප්‍රබල දේශපාලන හා සාහිත්‍ය සංවාද හැටියට සැලකිය හැකිය.මෙම කෘතිය ඉතා වෙහෙස මහන්සිව රචනා කිරීමෙන් නොමල් සිදුකර ඇත්තේ ලාංකීය ප්‍රජාවගේ බුද්ධිමය ප්‍රබෝධය හා දැනුම පුළුල් කරන වටිනා වූත් සුවිශේෂ වූත් අපදාන කෘතියක් ලාංකීය පාඨකයාට ප්‍රදානය කිරීමකි.
සේවාර්ජිත මහාචාර්ය සෝමරත්න බාලසූරීය
Rs 1,530.00
Rs 1,700.00
-10%
The Jewel Of The Universe
The lotus comes out of water and blooms purely radiating its brilliance and fragrance. Likewise, the Buddha leaves the world of ignorance and shines brightly illuminating all the worlds with His Enlightenment. When we believe in the virtues of the Buddha our minds develop confidence-saddha. When the confidence increases, the mind goes in search of merits. Collecting a lot of merits is as much beautiful as collecting flowers to make a garland. Morality increases developing wisdom. Mind cleanses shining brilliantly. in sinhala translate
Rs 225.00
Rs 250.00
-10%
Danaya Nirwanaapodaya Pinisada
කතෘ හිමියන්ගෙන්....
බෞද්ධයාගේ පරම ප්‍රාර්ථනය නිවනය. මග ඵල ලැබීමටය. මග ඵල ලැබීමට දන්දීම නිසාම නොහැකිය. ඒ සඳහා මාර්ගඥාන අවබෝධය අවශ්‍යය. විදර්ශනා භාවනා වැඩීම ඒ සඳහා කළ යුතුය. සමත විදර්ශනා භාවනා කරන්නවුන් විසින් සිතෙහි අලංකාරය පිණිස දන් දෙති.
බුද්ධාදී උත්තමයන් දන්දීම තණ්හාව ක්ෂය කිරීමට දන්දීම මගින් අතහැරීම සිදු කරයි. ප්‍රථමයෙන්ම සිදු කළේ එනිසාය. පරිත්‍යාගය අත්‍යාවශ්‍යය. ඒ සඳහා දන් දිය යුතුය. දෙන දේ බත් පිඬක් වුව අසදෘශ මහා දානය වේලාම දානය වැනි මහා දානයක් වුව දෙන විට පතනුයේ සංසාර කාම සම්පත් නම් ඉන් සසර සැපම ලැබෙයි. එහෙත් නිවැරදි චේතනාව විය යුත්තේ "ඉධං මේ දානං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්කා පමුඤ්චතු" මාගේ මේ දානය සියලු දුක් දුරුකොට කෙලෙසුන් නසා නිවන් ලැබුම පිණිසම වේවා යන්නයි.
Rs 540.00
Rs 600.00
-10%
Kanda udarata gaman viththi
කන්ද උඩරට රාජධානියේ පිහිටි දැක බලා ගත යුතු අපමණ තැන්වලින් තෝරාගත් පෞරාණික සහ සුන්දර තැන් කිහිපයක් සොයා ගිය ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම කෘතිය රචනා කර ඇති අතර. මේ සෑම තැනක් සමඟම බැඳී පවතින්නේ කුතුහලය දනවන කතා පුවතක්ය.
බලන කපොල්ල, දිවිදොස්ගල දැක බලා ගෙන සුද්දන් ඉදිකළ පැරණි පාලම් වලින් මහනුවරට ඇතුළු වන කතුවරයා ලේවැල්ල කොටුතෙළ හරණය කර කුණ්ඩසාලේ නුවර දැක බලා ගෙන මැද මහනුවරට පැමිණෙයි. දුම්බර පුරාණ අමිබලම්වල නවතිමින් හිල්ඩය, ලැමසූරියගම, නිල්ලඹ නුවර, මන්දාරම් නුවර, සගම රජමහා විහාරය, එළදැක්කේ නොක්ස්ගේ ගම, වියන් ඇල්ල ඇතුළු තැන් රැසක් සොයා වාරිකා කරයි.
Rs 945.00
Rs 1,050.00
-10%
Sinhala Kashaya Sangrahaya
සිංහල කෂාය සංග්‍රහය නම් වූ මේ වෛද්‍ය ග්‍රන්ථය වනාහි අතීත ලංකාවෙහි සකලාංග සම්පූර්ණ ඉමහත් දියුණුවකින් පැවති ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය හකුළුවා පැවිදි - ගිහි පඬිවරයන් විසින් ලියන ලද අර්ක ප්‍රකාශය (ශ්‍රී ලංකාධිපති රාවණ අධිරාජ) සාරාර්ථ සංග්‍රහව (ශ්‍රී ලංකාධිපති නරේන්ද්‍ර බුද්ධදාස) වරසාරාර්ථ සංග්‍රහව -සාරසංග්‍රහව - යොගාණිවය ප්‍රයෝග රත්නාවලිය (මයුරපාද පරිවෙණාධිපති බුද්ධ පුත්‍ර හිමි) භෙසජ්ජ මඤ්ජුසාව (පංචමූල පරිවෙණාධිපති හිමි) යෝගරත්නාකරය (මෝරගම්මන හිමි) වරයොග සාරය - හෙසජ්ජ මංජුසා සන්නය (වැලිවිට ශ්‍රී ගරණංකර සංඝරාජ හිමි) ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ වෛද්‍යවරයාගේ අත් වේද පොත, ඇහැළපොළ අධිකාරම්තුමාගේ අත්වෙද පොතහා දඹදිව විසූ චරක - සුශ්‍රුත - වාග්භටාදි මහා දාර්ශනිකයන් විසින් ද ලියන ලද වෛද්‍ය ග්‍රන්ථයන්හි එන ප්‍රත්‍යක්ෂ ඵලදාසි ඖෂධ යෝග උපුටා තුන්දොස් සමනයෙන් දීර්ඝකාලීන නීරෝගතාවය අපේක්ෂා කරන රෝගීන්ගේ හා වෛද්‍යවරයන්ගේ ප්‍රයෝජනය සඳහා සකස් කරන ලද්දකි.
Rs 832.50
Rs 925.00
-10%
Cheena Therunge Gaman Vistharaya ha Hiuen Siyan BramanaWruthnthaya
ක්‍රි. ව. 629 දී ඉන්දියාවට පැමිණ අවුරැදු 16 ක් එහි වැස ධම ශාස්ත්‍ර ඉගෙන මුළු ඉන්දියාවේම ඇවිද සිද්ධස්ථානාදිය බලා, පොත් රාශියක් එත්කොට ගෙන ක්‍රි.ව. 645 හේ දී චීනයට පැමිණි හියුං සියං තෙරනම ලියූ ගමන් විස්තරය තරම් විශාල ගමන් විස්තරයක් අන්‍ය චීන තෙරනමක් විසින් නොලියන ලදී. චීන බසින් ලියූ ඒ ගමන් විස්තරය සමුවේල බිලී පඬිතුමා විසින් ඉංග්‍රීරිසියට නගන ලදී. ඉන්පසු එය ගමන් විස්තරයන්ගේ සිළුමිණක් බව දැනගත් පඬිවරු ප්‍රංශ, ජර්මන්, වංශ ආදී භාෂාවලටද, නැගූහ. මේ සිංහලානුවාදය වනාහි වී ගමන්  විස්තරයන් එතුමාගේ ජීවන චරිතයත් එක්කොට ගලපා කරන ලද්දකි. "හියුං සියං යන්න ඒවං ඒවා යයිද ශබ්දය කරනු ලැබේ.
Rs 630.00
Rs 700.00
-20%
Jataka Tales Of The Buddha 4, 5, 6
Reincarnation or Rebirth was something taken for granted and a living reality in the continent of India 2600 years ago. Considering the present-day scenario, the West is inching its way into accepting reincarnation as something similar judging from various publications and experiments on hypnotic regression. In these stories found within these pages have been enumerated the past births of the Buddha, which were delivered as discourses as a cure for a certain psychological malady of a certain monk. These stories are parabolic in their exhortations and full of insights into leading a life fully in accordance with the morality inculcated in Buddhism. There are 548 Jataka Stories in all. Earlier 217 of these Tales were published with the translator and editorship of Ken and Visakha Kawasaki. The 331 odd stories found in this three-volume treatise is published as a sequel to the above with the translator and editorship of Mr. Viranjeewa Weerakkody.
Rs 3,960.00
Rs 4,950.00
-10%
Sethathra Malava Saha Srva Deva Kannalauva
'සෙතාත්‍ර මාලව සහ සර්ව දේව කන්නලවුව' යන මෙම ග්‍රන්ථය නිමල් ප්‍රේමතිලක මහතා විසින් රචනා කර ඇති අතර සමාන්‍ය ජනතාවට පහසුවෙන් කියවිය හැකි සේ සරලව නිතර අවශ්‍ය වන දේව සෙතාත්‍ර සහ කන්නලව් රාශියක් එකතු කොට කෘතිය රචනා කර ඇත.
Rs 234.00
Rs 260.00
-10%Out-of-Stock
Dhamma Padaya
Out-of-Stock
ධම්ම පදයේ ඇතුළත් වන්නේ "ගාථා" නම් වූ ශාස්තෘ ශාසනයයි. එම ගාථා සංඛ්‍යාව හාරසිය විසි තුනකි. මේ උතුම් ගාථාවන් ශාස්තෘ ශාසනය නමින් හඳුන් වන්නේ මේ තුළ පවතින සුවිශේෂී ගුණයක් නිසාය. එනම් මේ උතුම් ගාථාවන් ගේ අරුත් අවබෝධ කර ගෙන ඒ අනුව ජිවිත සකසා ගත හොත් ඒ ශ්‍රාවකයා හට මේ සංසාර දුකින් අත් මිදී ඒ අමා නිවන සාක්‍ෂාත් කළ හැකිය.
Rs 360.00
Rs 400.00
-10%
Sumadura Kavi Bana
කවිබණ පොත ගැන...
කවිය හා බුදු දහම අතර ඇත්තේ අභේද්‍ය සම්බන්ධතාවයකි. සිදුහත් මහ බෝසත්තුමා උපත ලබා පියුම් පිට සත් පියවරක් ගමන් කොට කීවේ "අගෝ හමස්මි ලෝකස්ස' යනුවෙන් කවියකි. බුද්ධත්වයට පත් ව කළ උදන් ඇනීම ද "අනේක ජාති සංසාරං" යනුවෙන් රසවත් කවියකින් කොට ඇත. මේ නිසා රහත් තෙර තෙරණියෝ ද ස්වභාව සෞන්දර්යයෙන් උදම් ව රසවත් කවි කීහ. වංගීස මහරහතන් වහන්සේ ප්‍රතිභා පූර්ණ කවියන් අතුරෙන් අග්‍රස්ථානය ලබා ගත්හ. එදා මෙදාතුර කවිය බුදුදහම සමග පවතින සම්බන්ධතාව අඛණ්ඩ ව පැවත එයි. ඒ ඒ වකවානුවල හෙළ කවියේ උන්නතිය හා අවනතිය දක්නට ඇත. නූතන යුගයේ ද සනිටුහන් වී ඇත්තේ හෙළ කවියේ පරිහානිය යි. කවිය නගා සිටුවීමේ කාර්යභාරය ගිහි පැවිදි දෙපක්ෂය ම දැරිය යුතු ය.
කවිබණ දේශකයන් වහන්සේ අතින් එළිසම කාව්‍ය පෝෂණයට ලැබෙනුයේ අමිල දායාදයෙකි. උත්පත්තියෙන් මිහිරි කටහඬක් දායාද කොට ඇති හිමිවරු කවිබණ දේශනයට පෙලඹෙති. එහෙත් බොහෝ කවිබණ දේශක හිමිවරුන්ට පද්‍ය බන්ධනයෙහි හැකියාව අඩු ය. එහෙයින් උන්වහන්සේට අතදීමක් වශයෙන් මම "සුමිහිරි කවිබණ " නමින් කවි බණ දහයක් සංග්‍රහ කොට මරදානේ රත්න පොත් ප්‍රකාශකයන්ට භාරදී පොතක් වශයෙන් එළිදැක්වීමි. ඊට පසු "සවණීය බුදුබණ ", "මේ කාලේ කවිබණ, '' '' සත්සිත් සනසන පන්සිල් කවිබණ " නමින් පොත් තුනක් එළි දැක්වීමි. "සුමධුර කවිබණ " මගේ පස්වැනි කවිබණ පොත යි.
Rs 378.00
Rs 420.00
-10%
Sanna Sahitha Purana Maha Sathipattana Suthraya
මහනුවර කාලයෙහි විසූ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේ සහ උන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පිරිස මහනුවර සාහිත්‍ය ඉතිහාසය බැබලුවන් වේ. පාලි ප්‍රබන්ධකරණය මෙන්ම පාලි දහග්න්‍යාය හෙළ බසින් තැබීම සඳහා මහත් උත්සාහයක් ගත්තේද සඟ රජ ශිෂ්‍යානුශිෂ්‍ය පිරිස ය. එහිදී පළමුවෙන් කළ දේ පාලි දහම්නය හෙළයෙන් කළ පැරණි සන්න මතුකර ගැනීමයි.
මේ උත්සාහය නිසා එතෙක් අප්‍රකටව පැවති පැරණි සන්න ගණනාවක් නැවත සාහිත්‍යයේ දිස්වන්නට විය. සඟරජ හිමියන් ඇරඹූ මේ කාර්යය වඩාත් දියුණු කරන ලද්දේ උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස් විසිනි. ඒ අනුව එවක ලියූ සූත්‍ර සන්න ගණනාවක් පවතී. ඒවා අතර සතිපට්ඨාන සූත්‍ර සන්නය එවක බොහෝ දෙනෙක් භාවිත කළ පොතකි. එය සග රජ හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය තිබ්බටුවාවේ නාහිමියන් විසින් ලියන ලද්දකි.
Rs 630.00
Rs 700.00
-10%
Sangharaja Sadhuchariyava
 හෙල බස සාහිත්‍ය  නෑසී යමින් පැවති යුගයක බසට නව අරුතක් දෙමින් එදා සිටි අපගේ ස්ථවිරයන් වහන්සේලා අතර අප සියල්ලන්ගෙම සිත් තුළ විරාජ මාන නාමයක් ලෙස වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ හැදින්විය හැකිය. එම බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ තිබූ ඒ එඩිතර භාවයත් නිර්භීත භාවයත්  හෙල බසට සාහිත්‍යට තිබූ ළෙන්ගතු භාවයත් පිළිබදව හේන්පිටගෙදර පියනන්ද ස්ථවීරයානන් වහන්සේ විසින් විරචිත සංඝරාජ චරිතය නම් මෙම කෘතිය ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 198.00
Rs 220.00
-10%
Sumihiri Kavi Bana
දයා අංහෙට්ටිගම මහතා විසින් රචනා කරණ ලද ' සුමිහිරි කවි බණ' නම් මෙම කෘතිය තුළ මට්ටකුන්ඩලී,නන්ද තෙරුනුවෝ, ආලවක දමනය, පිතෘ උපස්ථාන වැනි අද සමාජයේ බොහෝ විට සාකච්චා නොවේන ඉතා වටිනා මාතෘකාවන් කවිය තුළින් ජිවිතයට උපදේශයක් එක් කර ගත හැකි ලෙස ලොකු කුඩා සියලු දෙනාටම ප්‍රිය උපදවන ආකාරයට රචනා කරන ලද ඉතා වටින කාව්‍ය මය කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 387.00
Rs 430.00
-10%
Sinhala Thupa Wanshaya
දුටුගැමුණු මහ රජතුමා විසින් අනුරාධපුරයෙහි කරවන ලද රුවන් වැලි සෑය පිළිබඳ ඉතිහාසය පවසන ථුපවංශ' නම් වූ මේ ග්‍රන්ථය සකල විද්‍යාචක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිත නම් උගතෙකු විසින් රචනා කරන ලද්දකි.මේ පඬිවරයා හා බුත්සරණ කළ විද්‍යා චක්‍රවර්තීන් එක් කෙනෙක්ම යයි මීට කලකට පෙර අප අදහස වූ නමුත් ඒ අදහස වැරදි බව කියන්ට දැන් කරුණු තිබේ.බුත්සරණෙහි භාෂාව හා වෙනත් කරුණුත් පරික්ෂා කළ විට පෙනෙන්නේ එය පොළොන්නරු කාලයට අයත් ය යන බවය. ථූපවංශයෙහි සමහර තැන බුත්සරණින් ගෙන යෙදූ පාඨ තිබෙන නමුත් එය කුරුණෑගල කාලයට අයත් බව එහි තිබෙන ද්‍රවිඩ වචන බහුල වූ භාෂාවෙන් ඔප්පු වේ. මෙහි පෙනෙන ' මයිලඩි' ආදී සමහර ද්‍රවිඩ වචන අනික් සිංහල පොතක නැත්තේය.
මහා ස්තූපය පිළිබඳ ඉතිහාසය ඇතුළත් මේ පොතෙහි මුල බුද්ධ චරිතය සංක්ෂේපයෙන් දක්වන ලදී. මාර යුද්ධය මනොරමාකාරයෙන් මෙහි දක්වන ලදී. දශ පාරමිතාවන් යොධත්වයෙන් රූපණය කොට කළ වර්ණනාව අතිශය චමත්කාර ජනකය.මේ පොත බෞද්ධයන් විසින් බණ පොතක් ලෙස ආදරයෙන් කියවනු ලැබේ. සමහර විට අධ්‍යයන පරීක්ෂණයන් සඳහා ද මෙහි කොටස් නියම කරනු ලැබේ.සම්පූර්ණ ථුප වංශය දැන් සුලභ නොවේ. ඒ පිළිබඳ ව යෙදීමට අපට කාලයක් නොමැති හෙයින් ඒ කාර්යය විද්‍යොදය පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වූ පණ්ඩිත ගලගම සරණංකර ස්ථවිර නමට පැවරිමු. ඒ ස්ථවිර නම විසින් මෙය සකස් කර ඉතා අමාරු ගැටපදයට විවරණයක් ද සම්පාදනය කරන ලදී. මේ පොත කියවන සාමාන්‍ය බෞද්ධයන්ට ඒ ගැටපද විවරණය ප්‍රයෝජනවත් විය හැකිය.
වැලිවිටියේ සෝරත නායක ස්ථවිර
Rs 720.00
Rs 800.00
-10%
Deva Withthi Sahitha Kolmura Kavi
දිගු කලක සිට මෙරට භාවිත වන, දෙවියන් පිළිබඳ කවි එක් රැස් කොට තනි පොතක් වශයෙන් අද ඔබ අතට පමුණුවන මෙම කෘතිය. රුහුණු මාගම් පුර පෙදෙසේත්, සබරගමු පළාතේ හා නුවර ගම්පොළ ආදි පළාත් වලත් භාවිත වන  දේව කවි  රැසක එකතුවක් ලෙස හැදින්විය හැකිය.
Rs 738.00
Rs 820.00
-10%
Budu Rajanan Wahansege Luhundu Dharma Deshana
''බුදු රජාණන් වහන්සේ ලුහුඩු ධර්ම දේශනා දම් සභා මණ්ඩපය'' යන මෙම කෘතිය තුළ බුදු පියාණන් වහන්සේගේ සතර අකාරවන ධම්ම දේශනා ක්‍රමවේදය තුළින් මහ රහතන් වහන්සේලාට මෙන්ම ගිහි සැදැහැවතුන් හටද ධර්මය දේශනා කර දැහැමි මාර්ගයට ගත් අකාරය සදහන් වන අතර මෑත කාලීන සමාජයේ සියලු දෙනා හටද ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 584.10
Rs 649.00