Buddhism

Poya Dolaha

පෝය දොළහ නම් මෙම කුඩා පොත්පිංච බටුවත්තේ රාහුල හිමියන් විසින් රචනා කරන ලද අතර මෙම ග්‍රන්ථය තුළ පෝය දොළහ පිළිබදව ඉතා සංශිප්ත ලෙස විස්තර කර ඇති ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. බෞද්ධයකු සුරතව නිසැකව  තිබිය යුතු කුඩා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 180.00

Thun suthraya sahitha seth pirith

තුන් සුත්‍රය සහිත සෙත් පිරිත් නම් මෙම කුඩා ග්‍රන්ථය පූජ්‍ය බටුවත්තේ රාහුල හිමියන් හා පූජ්‍ය ඕමන්තේ සෝභිත හිමියන් විසින් රචිත ඉතා වටිනා ග්‍රන්ථයක් වන අතර මෙහි තුන් සුත්‍රය සහිත සෙත් පිරිත් හි සිංහල තේරුමද අන්තර්ගත වේ.
Rs 120.00

Thun Suthraya Sahitha Bodhi Puja Saha Buddha Wandana

දහසක් කරදර බාධක මැදින් සහනය සොයා ජීවිත යාත්‍රාව ගෙනයන මිනිසාට බෝධි පූජාව හා බුද්ධ වන්දනාව වනාහි අතිශයින්ම මානසික ඖෂධයකි. චිත්ත අවිවේකීතාවය, මානසික අසහනය ආදි දැයින් පිරී ඇති සිත පාරිශුද්ධතාව කරා ගෙන යන උතුම් වූ අධ්‍යාත්මය සුවපත් කරලීමේ වැඩ පිළිවෙළක් ලෙසද එය හැදින්විය හැකිය. පූජ්‍ය නෙල්ලියද්දේ ධම්මකිත්ති හිමියන් විසින් රචිත තුන් සූත්‍රය සහිත බෝධි පුජා සහ බුද්ධ වන්දනා නම් මෙම ග්‍රන්ථය තුළින් ශ්‍රාවකයා නිසි මගට යොමු කොට චල බවින් අචල බවට ගමන් කරලීමට මග පාදනු නොඅනුමානය.
Rs 320.00
Out-of-Stock

Sathara Paramartha Sahitha Buddha Dharmaya

Out-of-Stock
'සතර පරමාර්ථ සහිත බුද්ධ ධර්මය' යන මෙම කෘතිය මගින්  අභිධර්මයෙහි මූලික ඉගැන්වීම් වන චිත්ත, චෛතසික, රූප සහ නිර්වාණ යන සතර පරමාර්ථයන් මෙහි විස්තර කර ඇත්තේ ඒවාට අදාළ සූක්ෂම මනෝ විද්‍යාත්මක අංශයන් නිදසුන් මගින් හැකි තරම් සරල ව ඉදිරිපත් කිරීමෙනි. ඒවා මෙ තරම් සරල ව සිංහලෙන් විස්තර කර ඇති වෙනත් තැනක් නැති තරම් ය. බොහෝ දෙනෙකුට මේවා ඉගෙනීමට ඇති පසුබැස්ම ජය ගනිමින් උද්‍යෝගීමත් ව ඒවා හැදෑරීමට ඔවුන් පෙළඹවීමට මෙම විස්තර සමත් වනු නොඅනු මානය.

E Ama Niwan Suwa Boho Dura Nowe

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත 'ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ ' යන මෙම කෘතිය මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් විරචිත අතර නිවැරදි ධර්මඤානයක් අවබෝධ කර ගැනීම සදහා ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,050.00

Ape Budu Samidu Thawama Weda Wesethi

පරිවර්තක ගෙන් .....
මෙම පුජනීය ග්‍රන්ථයේ සටහන් වී තිබෙන්නේ අතිපාරිශුද්ධ වූ ශ්‍රී සද්ධර්මයයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ආරම්භයත් සුන්දරය. මැදත් සුන්දර ය. අවසානයත් සුන්දරය. ශ්‍රී සද්ධර්මය වනාහී ප්‍රණීත රසැති මධු ගුළාවක් වැන්න. එහි කොයි පැත්තෙන් ගත්තත් රස වෑහෙන මී මධු මය.
Rs 1,200.00

Gauthama Budun Wahanse Yatharthava Dakimu

වෛද්‍ය H.W ස්චුමන් මහතාගේ 'The Historical Buddha' නම් කෘතියේ සිංහල පරිවර්තනය වන 'ගෞතම බුදුන් වහන්සෙ යථාර්තව දකිමු' නම් මෙම කෘතිය තුළ බුදුන් වහන්සේ උපතේ සිට පිරිනිවන් මංචකය දක්වා සිදූ වූ ඒ මහා පෙලහර ඉතා සරල ලෙස තේරුම්ගැනීමට පහසු ආකාරයට රචනා කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,300.00

Buduhu Wada Wesathi

කතෘ හිමියන්ගෙන්...
පිරිනිවනට සම්බන්ධ වන ලක්ෂණ පරිනිර්වාණ ධාතුවට වැඩම කරන බුදුපියාණන් වහන්සේගේ මනෝ ධාතුවට ද අදාළ විය හැකිය යන හැඟීමෙන් යුක්තව බුදුහු වැඩ වෙසෙති' නමැති මේ කුඩා නිබන්ධනය නිත්‍ය මංගල, නිත්‍ය සුන්දර පරම රමණීය, ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති, සදාකාලික සැප ඇති, ශාන්තප්‍රණීත, අමෘත මහා නිර්වාණ ධාතුවක් පිළිබඳව 'තෙර බස' වදාළ පැරණි සඟපිය උතුමන් වෙතබැති සිතින් යුතුව පිරිනමමි.
Rs 150.00

Atawisi Budurajanan Wahanse Saha Poya Dolaha

ඉපදෙමින් මැරෙමින් සසර පුරා එක් රූපයකින් ඉපිද මැරී නැවත වෙනත් රූපයකින් නැවත ඉපදෙයි. මෙම සසර ගමන නවතාලීම සඳහා බුදුවරු ලොව පහළ වෙති. දෙව්ලොව හා බඹ ලොවට වඩා මනුලොව මිනිසාට පින් රැස්කර ගත හැකි අවස්ථා බහුලයි. ලොව පහළ වූ බුදුවරු සංඛ්‍යාව අප්‍රමාණය. එම බුදුරජාණන් වහන්සේලා හා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කල්පයේ හා පෝය දොළහ පිළිබඳව සවිස්තරව කරුණු ඇතුළත්ව ඉදිරිපත් කර ඇති ග්‍රන්ථයක් ලෙස 'අටවිසි බුදුරජාණන් වහන්සේලා සහ පෝය දොළහ' හැදින්විය හැකිය.
මෙම ධර්ම ග්‍රන්ථය සම්පාදනය කිරීමෙහි ලා කතුවරයා විසින් සද්ධර්මරත්නාකරය, පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය. සද්ධර්මාලංකාරය වැනි කෘතිවල කරුණු ගුරුකොට ගෙන ඇත.
Rs 800.00

Buddha The Marvelous Sage

When we study the teachings of the Buddha in the Sutta Piṭaka and the Vinaya Piṭaka, the Buddha’s majestic glory and life free of defilements dazzle before our eyes. It is impossible to think of anything or anyone more wonderful and marvelous than the Buddha.Many books have been written on the life of the Buddha. But this book is not a scholarly study, rather, this book was written in the way that a disciple who has gone for refuge to the Buddha would view his Teacher.The life of the Blessed One, the Dhamma he realized, and his disciples born of the Dhamma—the Saṅgha—cannot be separated. In this biography of the Buddha, the interconnection of the Triple Gem has been taken into consideration as much as possible. Also, other beings such as devas and Brahmās who live in far-away worlds are mentioned to show the Buddha in his capacity as the supreme spiritual teacher of the universe, the teacher of devas and humans.If by reading Buddha: the Marvelous Sage someone is inspired to happily go for refuge to the Buddha by saying buddhaṃ saraṇaṃ gacchāmi, then the purpose of this book will have been served. Why so? Because to go for refuge to a Buddha is the rarest blessing a being can receive in saṃsāra.By reading this book, may you too have the good fortune to receive this blessing!Ven. Kiribathgoda Gnānānanda Thera
Rs 1,900.00

Achchariya Manusso

කතෘ හිමිගෙන්...
'අච්ඡරිය මනුස්සෝ' නමින් රැසැයුණු මේ බුදු සිරිතකියැවීමෙන් පසු යමෙකුට ඉතා පහන් සිතින් යුතුව 'බුද්ධං සරණං ගච්ඡාමි’ කියා උන්වහන්සේ සරණ යන්ට සිතක් පහළ වන්නේ නම් එය හොඳට ම ප්‍රමාණවත් ය. මක් නිසා ද යත්; බුදුකෙනෙකුන් සරණ යෑම වනාහී මේ සාංසාරික ජීවිතය තුළ සත්ත්වයෙක් ලබන අතිශය දුර්ලභ භාග්‍යය නිසා ය.
මේ පොත කියවන ඔබට ද ඒ දුර්ලභ භාග්‍යය ලබන්ට වාසනාව ලැබේවා!
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
Rs 980.00

Manasa Pilibada Akruthiyaka Thibiya Yuthu Lakshana

'මනස පිළිබඳ අකෘතියක තිබිය යුතු ලක්‍ෂණ' නම් මෙම කෘතිය ආර්ය කීර්ති කුමාරසේන මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය තුළ මනස පිළිබද ඉතා දීර්ඝ විස්තරයක් සිදු කර ඇත. බුද්ධ කාලීන සමාජය අභාෂයට ගනිමින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සහ ඉන් පෙරද ආදර්ශය කර ගනිමින්  කෘතිය පරිශීලණය කරන පරිශීලකයගේ මනස නිරවුල් වන ආකාරයට රචනා කරණ ලද කෘතියක් ලෙස හැදින්විය හැකිය.         
Rs 800.00
Out-of-Stock

Philosophy & Psychology in the Abhidharma

Out-of-Stock
The study of the Abhidharma is indispensable for understanding the history of Buddhist philosophy and practice. This book gives a synoptic view of the significance of the Abhidharma as presented by the Theravadins and brought to its climax by the Vaibhasikas and Yogacara-Vijnanavadins. It analyzes the concepts of Mind and its States with reference to healthy and unhealthy attitudes towards life and deals with the psychological factors and problems in Meditation which is geared to an individual's capacity and temperament.Theories of perception, a predominant feature of Indian and Buddhist philosophies, are discussed together with the interpretation of the world on the basis of these theories as well as their critiques.The discussion of the Path as conceived by the various schools concludes this survey of the Abhidharma. Of particular significance are the accompanying tables of the structure of mind in Buddhist philosophy.

Niwana Dura Nowe

එක්තරා වනවාසී ආරණ්‍ය සේනාසනයක පැවති ඉතා දුර්ලභ * සීල භාවනා" වැඩසටහනකදී විග්‍රහ වූ දහම් කාරණා ඇසුරින් මෙම පොත සකස් කෙරිණි. ඊට ප්‍රධාන තේමාව වූයේ ද "නිවන දුර නොවේ'' යි. එබැවින් ඒ නමින් ම ග්‍රන්ථය සකස් කළෙමි. බෞද්ධයින්ගේ පරම නිෂ්ටාව වූ නිර්වාණය හා ඊට අදාළ ප්‍රතිපදාවන් බොහෝ දුරට මෙයට ඇතුළත් කර ඇත. විශේෂයෙන් ම, නිවන් මගට අදාළ සූත්‍ර දේශනා ඇසුරින් මෙය ඉදිරිපත් කර ඇත.
Rs 300.00

Adhyathmiya Sanhidiyawa

කතෘගෙන්...
සම්මා සම්බුද්ධ යනු කවර පුද්ගලයෙක්ද යන්න තේමා කරගනිමින් මනුෂ්‍ය භවයන් ලැබීම, සංසාර චක්‍රය කෙළවර සොයා සම්මා සම්බුද්ධත්වයට පත්වීම හා බුද්ධකෘත්‍ය නිමකර උන්වහන්සේගේ සංසාර ගමනෙහි කෙළවර ස්කන්ධ පරිනිර්වාණය දක්වා වූ අනන්ත ගුණ කදම්බයන් අතරින් ස්වල්පයක් මට වැටහුණු අයුරින් මෙහි සටහන් කළෙමි.අභිධර්ම දේශනාවට අනුව දේව-මනුෂ්‍යාදී සත්ත්ව විවිධත්වය ඇතිවූ අයුරු පෙන්වීමට උත්සාහ කළෙමි. අතීත, වර්තමාන හා අනාගතයන කාල තුනෙහි ස්කන්ධ අතර සම්බන්ධය පෙන්වීමට උත්සාහ කළෙමි. ධර්මරත්නයේ වටිනාකම පෙන්වීමට උත්සාහ කළෙමි. එය මෙසේ කියන්නෙමි.අතීත ස්කන්ධය හේතුකොට ලැබූ ඵලය වර්තමාන ස්කන්ධයයි. වර්තමාන ස්කන්ධය හේතුකොට ලබන ඵලය. අනාගතස්කන්ධයයි.එසේ නම් ධර්මයට අනුව නොනිවුණු සංහිඳියාවක් ඇතිවේද අනාගත ස්කන්ධය දැකිය හැකියි. නිවුණු සංහිඳියාවක් ඇතිකර ගනියිද අනාගත ස්කන්ධය දැකිය හැකියි.අතීත ස්කන්ධයේ සුව සැප වර්තමාන ස්කන්ධය නම්, සිතදමනය කළොත් අනාගත ස්කන්ධය කෙසේ දකියිද, සිත දමනය නොකළොත් අනාගත ස්කන්ධය කෙසේ දකියිද කියා ආධ්‍යාත්මීය සංහිඳියාව නම්වූ මෙම ග්‍රන්ථය කියවාම බලමු.
Rs 550.00

Chathurarya Sathya

රත්න පොත් ප්‍රකාශකයන් විසින් ගෙන එන චතුරාර්‍ය සත්‍යය නම් මෙම ධර්ම ග්‍රන්ථයෙහි චතුරාර්‍ය සත්‍යය පිළිබදව ඉතා වටිනා පැහැදිලි කිරීමක් සිදු කර ඇත.
Rs 80.00

Saththis Bodhi Pakshika Dharma

සසර දුක නැති කිරීමට ඇති ඒකායන මාර්ගය නම් නිවන් අවබෝධ කර ගැනීමයි. එය කළ හැක්කේ ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමෙනි. මේ ලෝකෝත්තර මාර්ග ඥානය බෝධි යනුවෙන් හඳුන්වනු ලැබේ. එම ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමට උපකාර වන ධර්ම "බෝධි පාක්‍ෂික ධර්ම” යනුවෙන් හඳුන්වන අතර මෙම ග්‍රන්ථය තුළ බෝධි පාක්ෂික ධර්මය පිළිබදව ඉතා පැහැදිලි හැදින්වීමක් සිදු කර ඇත.
Rs 100.00

Chiththa Niyama Dharma

මෙම කෘතිය මගින් ලෝකය හා සත්වයා කෙරෙහි බල පවත්වන උතු නියාමය, බීජ නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය, චිත්ත නියාමය යන නියාම ධර්ම පහක් පිළිබදව වෙන වෙනම පැහැදිලි විග්‍රහයක් මගින් කර්මය අනුව සත්ත්වයෙකුගේ උපත පිළිබදව ඉතා පැහැදිලි අර්ථ කතනයක් ඉදිරිපත් කර ඇති   කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 148.00

Abhidharmawabodhaya - 2

''අභිධර්මාවබෝධය - 2'' නම් වූ මෙම  ග්‍රන්ථය තුළින් සිත කර්මය හා කර්ම විපාක ප්‍රඥාව හෙවත් දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව බුදු දහම නැතහොත් බෞද්ධ දර්ශනය අවධාරණය කරන අතර.මෙම අභිධර්මාවබෝධය නම් ග්‍රන්ථය තුළ සිත, සිතේ ස්වභාවය, සිත තුළ හටගන්නා චෛතසික නැතහොත් සිතුවිලි අභිධර්මයේ විස්තර වන ආකාරයෙන්ම සංග්‍රහ කර ඇත.මෙම ග්‍රන්ථය බුදු දහම හදාරණ පාඨකයිනට පමණක් නොව විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳ ලැදියාවක් දක්වන බුද්ධිමත් සැදැහැවතුනටද ඉතාමත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Rs 300.00

Abhidarmawabodaya -3

''අභිධර්මාවබෝධය - 3'' නම් වූ මෙම  ග්‍රන්ථය තුළින් සිත කර්මය හා කර්ම විපාක ප්‍රඥාව හෙවත් දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව බුදු දහම නැතහොත් බෞද්ධ දර්ශනය අවධාරණය කරන අතර.මෙම අභිධර්මාවබෝධය නම් ග්‍රන්ථය තුළ සිත, සිතේ ස්වභාවය, සිත තුළ හටගන්නා චෛතසික නැතහොත් සිතුවිලි අභිධර්මයේ විස්තර වන ආකාරයෙන්ම සංග්‍රහ කර ඇත.මෙම ග්‍රන්ථය බුදු දහම හදාරණ පාඨකයිනට පමණක් නොව විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳ ලැදියාවක් දක්වන බුද්ධිමත් සැදැහැවතුනටද ඉතාමත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Rs 300.00

Abhidharmawabodhaya - 4

''අභිධර්මාවබෝධය - 4'' නම් වූ මෙම  ග්‍රන්ථය තුළින් සිත කර්මය හා කර්ම විපාක ප්‍රඥාව හෙවත් දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව බුදු දහම නැතහොත් බෞද්ධ දර්ශනය අවධාරණය කරන අතර.මෙම අභිධර්මාවබෝධය නම් ග්‍රන්ථය තුළ සිත, සිතේ ස්වභාවය, සිත තුළ හටගන්නා චෛතසික නැතහොත් සිතුවිලි අභිධර්මයේ විස්තර වන ආකාරයෙන්ම සංග්‍රහ කර ඇත.මෙම ග්‍රන්ථය බුදු දහම හදාරණ පාඨකයිනට පමණක් නොව විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳ ලැදියාවක් දක්වන බුද්ධිමත් සැදැහැවතුනටද ඉතාමත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Rs 400.00
Out-of-Stock

Abhidharmawabodhaya - 5

Out-of-Stock
''අභිධර්මාවබෝධය - 5'' නම් වූ මෙම  ග්‍රන්ථය තුළින් සිත කර්මය හා කර්ම විපාක ප්‍රඥාව හෙවත් දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව බුදු දහම නැතහොත් බෞද්ධ දර්ශනය අවධාරණය කරන අතර.මෙම අභිධර්මාවබෝධය නම් ග්‍රන්ථය තුළ සිත, සිතේ ස්වභාවය, සිත තුළ හටගන්නා චෛතසික නැතහොත් සිතුවිලි අභිධර්මයේ විස්තර වන ආකාරයෙන්ම සංග්‍රහ කර ඇත.මෙම ග්‍රන්ථය බුදු දහම හදාරණ පාඨකයිනට පමණක් නොව විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳ ලැදියාවක් දක්වන බුද්ධිමත් සැදැහැවතුනටද ඉතාමත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Out-of-Stock

Abhidharmavabodhaya - 6

Out-of-Stock
''අභිධර්මාවබෝධය - 6'' නම් වූ මෙම  ග්‍රන්ථය තුළින් සිත කර්මය හා කර්ම විපාක ප්‍රඥාව හෙවත් දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව බුදු දහම නැතහොත් බෞද්ධ දර්ශනය අවධාරණය කරන අතර.මෙම අභිධර්මාවබෝධය නම් ග්‍රන්ථය තුළ සිත, සිතේ ස්වභාවය, සිත තුළ හටගන්නා චෛතසික නැතහොත් සිතුවිලි අභිධර්මයේ විස්තර වන ආකාරයෙන්ම සංග්‍රහ කර ඇත.මෙම ග්‍රන්ථය බුදු දහම හදාරණ පාඨකයිනට පමණක් නොව විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳ ලැදියාවක් දක්වන බුද්ධිමත් සැදැහැවතුනටද ඉතාමත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.

Poho Da Watha Saha Poho Da Dharma Deshanawa

''පොහෝ දා වත සහ පොහෝ දා ධම්ම දේශනා'' නම් මෙම කෘතිය අත්තුඩාවේ රාහුල ස්ථවීරයන් වහන්සේ විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය තුළ පෙහෙවස් සමාදන් විම ගැනත්, පෙහෙවස් සමාදන් වූ බැතිමතුන්ට එම දිනයෙන් ප්‍රයෝජන ගත හැකිවන පරිදි අවශ්‍ය කරුණුත් මෙහි අන්තර් ගත අතර අදසමාජයේ සාරධර්ම පෝදා පාළුව දැඩිව දැනෙන කාල වකවාණුවක වැඩිහිටි නිවාස, අනාථ නිවාස ඉමක් නිමක් නොමැතිව ඉදිවන සමයක කරුණාව මෛත්‍රිය වැනි ගුණ ධම් ඈත්ව  වෛරය,ක්‍රොධය,තෘෂ්ණාව වැනි විනාශකාරී ක්‍රියා දැඩිව ඇති සමාජයක මිනිසත්කම හදුනන ගුණ දහම් අගයන පිරිසක් බිහිකිරීමෙහිලා අත්තුඩාවේ රාහුල ස්ථවීරයන් වහන්සේ විසින් කරන ලද මෙම ශාසනික සේවය අති මහත්ය.
Rs 1,950.00

Guwan widuli Bana Maga

කර්තෘ ගෙන්...
මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේ දේශනාවට හැඩ ගැසෙන්නේ දැකපුරුද්ද, ඇසූ පුරුද්ද හා කළ පුරුද්දට අනුවය. සිය ගුරු දේවයන් වහන්සේ පන්සලේ නැතිවිට වටාපත අතට ගන්නා කුඩා සාමණේරයන් වහන්සේ කල්ගත වන විට ධර්මාසනාරූඪව දේශනාවද පටන් ගනිති. මෙය ගොවියා ගොවිකමටද, කුමරුවා රජකමටද හුරුවන්නාක් සේ පෙළ ගැසීමකි. ඇතැම් ගෝලයෝ ගුරුවරයාට පෙර පසු නොවී ගමන් කරන්නාහු වනමුත් ඇතැම්හු වාසනා ගුණ බෙලෙන් ගුරුවරයා පසුබා පෙරට යාමටද සමත් වෙති.
ගුවන් විදුලි මාධ්‍යයෙන් දේශනා ප්‍රචාරය ආරම්භ වූ මුල් අවදියේ (ගරු පැලෑනේ වජිරඥාන හිමිපාණන් වහන්සේ 1928) ඒවා අසා මහත් ප්‍රීතියට පත් කොළඹ අවට අසන්නන් එවන් දහම් කතා වඩ වඩා ප්‍රචාරය කරන මෙන් ගුවන් විදුලි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ එම කතා අර්ථ රසය හා ශ්‍රවණ ප්‍රියතාව යන දෙඅංශයෙන් සරුවීම නිසාය. මෙවන් ශූර හිමිවරුන් ගුවන් විදුලියේදී අපටද හමු වූ වාර බොහෝය. මුන් වහන්සේට ගුවන් විදුලි ධර්ම දේශනා සම්බන්ධයෙන් පුහුණු වීම් ආයතනයක පිහිට ලැබුණේ නම් එය වඩාත් මහත්ඵල වන්නට ඉඩ තිබුණි. " ගුවන් විදුලි බණ මඟ' මේ පොත් පිංච එළිදැක්වීම අවශ්‍ය වූයේ ගුවන් විදුලි නවක දේශකයන් වහන්සේට යම් ගුරුහරුකමක් අත් කර ගැනීමටය. මෙහි අවස්ථා කිහිපයකදී ශූර දේශකයන් වහන්සේගේ හා වියත් කථිකයන්ගේ කථාවල විචිත්‍රතාව සවිස්තරව දක්වා ඇත.
Rs 850.00
Out-of-Stock

Saddharma Nadaya

Out-of-Stock
පී. ඇම්. සේනාරත් මහතා විසින් සංස්කරණය කරණ ලද මෙම සද්ධර්ම නාදය ග්‍රන්ථයේ අන්තර්ගතව ඇත්තේ පූජ්‍ය හෙණ්ඩියගල සීලරතන නාහිමියන් විසින් වරින්වර ලියන ලද සමාජ සංශෝධන ග්‍රන්ථ මාලාවෙන් තෝරාගන්නා ලද ධර්ම කොටස්ය.බුද්ධාගම යනු කුමක්ද, බුදු වීම, අටලෝදහම, කර්ම විපාකය, භාවනා වැඩීම, ශාසනික පැවිද්ද, දුකින් මිදීම, විමුක්ති සුවය, පුනරුත්පත්තිය, නිර්වාණ මාර්ගය ආදී වශයෙන් ඒවා වර්ග කොට තිබේ.
ගැඹුරු බුදු දහම සරළව ඉදිරිපත් කිරීම මෙහි ඇති විශේෂත්වයයි. ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් මෙයින් පාඨකයාට ලබාගත හැකිය.

Sri Gnanarathana Grantha Mala 1

අග්ගමහා පණ්ඩිත, විනය විශාරද, ආචාර්ය පරම පුජහීය වැලිගම සිරි ඤාණරතනාභිධාන අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායයේ මහානායක මාහිමිපාණන් වහන්සේ වූ කලී සමීපාතීතයේ ශ්‍රී ලාංකේය ථේරවාද භික්ෂු පෞරුෂය අන්වර්ථ කළාහු අජානේය සංඝ නේතෘවරයාණ කෙනෙකි. ධර්ම විනය පිළිබඳ අටුවා - ටීකා නයින් නිරාකූලව ලිවීමෙහි හා බිණීමෙහි විස්මයාවහ විස්කම් පෑ උන්වහන්සේ අග්ගමහා පණ්ඩිත පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ සමිඳුන් අතින් 1953 වර්ෂයෙහි ලක්දිව අග්‍රතම ධර්ම දේශකයන් වහන්සේ ලෙස අභිෂේක ලත්හ.
ධර්ම - විනය පිළිබඳ කුදු මහත් ග්‍රන්ථ ශතාධික සංඛ්‍යාවක් ලියා පළ කළ උන්වහන්සේ ථේරවාද මෙන් ම මහායාන බෞද්ධ ලෝකයාගේ ගෞරවාදරයට පාත්‍ර වූ චිරරාත්‍රඥ මහ තෙර නමකි. ගිහි බෞද්ධයාගේ සදාචාර වර්ධනය උදෙසා නිරතුරුව ලොකු කුඩා දහම් පොත් ලිවීම අවිජහිත සිරිතක්ව පැවති අතර, ඇතැම් දහම් ග්‍රන්ථවල පිටපතකුදු සොයා ගැන්ම දැනට දුර්ලභව පවතී. එබැවින් ඒ සියලු පොත් එකතු කොට කාණ්ඩ වශයෙන් පළ කිරීමට සූදානම් කොට ඇති අතර, මේ එහි පළමු පියවරයි. මෙම ධර්ම සංග්‍රහය හැම අතින් ම කාලෝචිත වන අතර, ධර්මකාමී සැමගේ වාසනාවක් බව නොපැකිළ පැවසිය හැකි ය.
පූජ්‍ය බුත්තල ඤාණාධාර හිමි පරිවෙණාධිපති - සිරි ඤාණරතන පිරිවෙන, මාකඳු ගොඩ, තල්පෙ, ගාල්ල,
Rs 400.00