Home

New
Nlvanu Ha Ranvanu
සීගිරි පුරාවෘතය දෙස අළුත් ඇසකින් බලන්නට මා ගත් උත්සහායයේ ප්‍රතිඵලයක් සේ 'නිල්වනු හා රන්වනු' හැදින්විය හැකිය.
Rs 900.00
New
Ganthera
කෘතිය ඇසුරෙන්....
ගං තෙර' ඓති සාහික නවකතාවකි. බුදුවසින් වසර තුන්සියයකට පමණකට පසු සත්‍යය ඉතිහාස පුවතක් පසුබිම්ව ලියැවුනකි. එනම් ක්‍රිස්තු පූර්ව වසර දෙසීයකට පමණ පෙර ය. කෙටියෙන් සඳහන් කරන්නේ මින් වසර දෙදහස් දෙසීයකට පමණ පෙර ය.ස්ථානය කැළණි ගං තෙර ය. කැලණි පුරවරයේ ය. කැලණිය එකල මායා රාජ්‍යයේ අග නුවර ය. කැලණි වෙහෙර හා එකල එයට ආසන්නව පිහිටි කැළණි මායා රට අගනුවර පිහිටියේ කැලණි ගං තෙරය.'ගං තෙර' කතාව ඇරඹෙන්නේ එහි රාජ්‍ය කළ කැලණි තිස්ස රජුගේ රාජ මන්දිරය හා කැලණි ගඟ ආශ්‍රයෙනි. කැලණි රජ මැදුරේ වාසය කළ පිරිස මහානිශ නොහොත් කැළණිතිස්ස, ඔහුගේ දේවිය කල්‍යාණි, දියණිය දේවි හා රජුගේ ම මලණු ආර්ය උත්තිය කුමරු මෙහි ප්‍රධාන චරිත වෙති. මෙහි ධම්මරංසි යනුවෙන් අන්වර්ථ නාමයකින් හඳුන්වනුයේ කැලණි රහත් හිමිපාණන්ය.මෙම රජ මැදුර තුළ අසම්මත ඇසුරක් පිළිබඳ කතාවක් ඉතිහාසයේ ලියැවී තිබේ. එහි අවසන් ප්‍රතිඵලය මහා ඛේදවාචකයක් වූ බව ද එකී ඉතිහාසයෙන් කියැ වේ.කෝට්ටේ යුගයේ දී රාහුල හිමියන් අතින් ලියැවුන සැළලිහිණි සංදේශයෙන් ගඟින් මෙතෙර වූ නාග ගෝත්‍රික මානවිකාවන් ගැන ද කියැවේ." මනහර හා මෙනෙවිය ද ලවැලිපිට හා " ගවසා සුපුල් කඩුපුල් මල් නිල්වරළ" යන කාව්‍යයන්ගෙන් ද, නාග ගෝත්‍රික මානවිකාවන් කැලණි ගං තෙර එකළත් සිටි බව දැක්වේ.ගං තෙර 'ඓතිහාසික කතාවක් සේ ගොඩ නැගෙද්දී ගඟින් එගොඩ රජ මැදුර හා විහාරය පිහිටි බවත්, ගඟින් මෙතෙර නාග ජනපදයක් වූ බවත් කතාවෙන් මතු වේ.මෙම කතාවේ ඇතුළාන්තයේ නොදැක්වුවද කැළණි තිස් නොහොත් මහතිශ රජුගේ රාජ වංශය පිළිබඳ හෝඩුවාවක් අපට සොයා ගැනීමට හැකි විය. ඒ මෙසේය
Rs 900.00
New
Bhikshuvakage Asammatha Premaya
ඔබගේ ජිවිතයේ ශ්‍රේෂ්ඨතම ආදරය.... ඔබගේ විමුක්තිය කරා වූ මාවතේ විශාලතම පරීක්ෂණය බවට පත් වුවහොත් කුමක් වේවිද?
මේ අතිශයින්ම පෞද්ගලික සහ කාව්‍යමය ස්වයං ලිඛිත චරිතාපදානය තුළ, පූජ්‍ය පානදුරේ ආනන්ද ස්වාමින් වහන්සේ, ආශාව, හද කම්පා කරවන සිදුවීම්, රාජකීය තේජස සහ ආධ්‍යාත්මික පිබිදීම පිළිබඳව, භවයන් හතරක් ඔස්සේ වෙනත් කිසිම ගමනකට නොදෙවෙනි ගමනක් ඔබව රැගෙන යති. මෙම කතාව, ප්‍රේමය හා අභ්‍යන්තර සාමය අතර දෝලනය වූ රජ කෙනෙකුගේ සිට තමන්ගේම ආශාවන්ගේ මිරිඟුව අවබෝධ කරගන්නා බෞද්ධ භික්ෂුවක් දක්වා දිව යයි.පුජ්‍ය ආනන්ද ස්වාමීන් වහන්සේ, සිය භාවනාමය අවබෝධය, අතීත භවවල මතකය, තම අභ්‍යන්තර අරගල වල දෝංකාරය, සහ සංසාරික ගමන් මඟට අභියෝග කළ පැරණි ආදරයක සුන්දරත්වය තුළින් සියලු බැඳීම් වලට ඔබ්බෙහි පවතින උත්තරීතර විමුක්තිය අනාවරණය කරති.මෙය සත්‍ය ගවේෂකයන්, ප්‍රේමවන්තයන් සහ ආධ්‍යාත්මිකව කුතුහලයෙන් සිටින්නන් සඳහා වූ කෘතියකි. මෙම ග්‍රන්ථය ආදරය, ආත්මය සහ නිදහස කරා වූ සැබෑ මාවත පිළිබඳ ඔබ මේතාක් විශ්වාස කළ දෙයට හිසැකවම අභියෝග කරනු ඇත.
Rs 1,250.00
New
Himagira Bhikshuniya
මෙය ජෙසුන්මා ටෙන්සින් පාමෝ භික්ෂුණිය මුහුණ දුන් අභියෝග හා ධර්ම මාර්ගයට එළඹි තවත් බොහෝ දෙනකු පිළිබඳ කතුවරිය ගේ කියවීමයි. ටිබෙට් හා බටහිර රටවලින් පැමිණි බෞද්ධ භික්ෂුණින් ගේ දුෂ්කරතා හා ඒවායින් ජය ගැනීමේ ප්‍රයත්න ද මේ කෘතියෙන් කදිමට විවරණය වේ. ටිබෙට් තන්ත්‍රයානික රහස් භාවනා ක්‍රම වෙත ද අවධානය යොමු වී ඇත.පද පරමත්වය ඉක්ම වූ ප්‍රායෝගික එළඹුමකින් ද දැඩි විර්යයකින් ද ආර්ය අෂ්ටාංගික මාර්ගයක ගමන් කිරීමේ වැදගත්කම වටහා ගැනීමට මේ කෘතියෙන් ශාන්තියේ ආලෝක ධාරාවක් එල්ල වේ.
Rs 700.00
New
1815 n Pasu Seegiriya
කෘතිය ඇසුරෙන්...
ජයන්ත විජේරත්නයන් විසින් රචිත1815න් පසු සීගිරිය නැමති ඓතිහාසික සහ පුරාවිද්‍යා තොරතුරුවලින් යුත් ග්‍රන්ථය, වෙනස්ම ආකාරයෙන් ලියූවකි. මෙහි ඇති සමහර වෘත්තාන්ත ඔහුගේ පමණක් නොව, අපගේ ද ළමාවිය සිහිපත් කරන ස්වයං චරිතාපදානයන් හා සමානය.වර්ෂ 1815 න් පසු සීගිරිය සම්බන්ධයෙන් වූ පුරාවිද්‍යාත්මක කැණීම්, ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු පිළිබඳව සංක්ෂිප්ත තොරතුරු මෙහි අඩංගු වේ. එපමණක් නොව සීගිරිය සංස්කෘතික මධ්‍යස්ථානය පාදක කරගත් අවට ගම්මාන අවට ගම්මාන හා එය අතර ඇති අනන්‍ය සම්බන්ධතාවය ද මෙම කෘතිය තුළ මැනවින් විස්තර කර ඇත. පුරාවිද්‍යාත්මක බව ඉක්මවා ගිය ඉතාමත් රසවත් තොරතුරු අඩංගු අගනා කෘතියකි.සීගිරිය පිළිබඳව මෙම ග්‍රන්ථය මඟින් මෙතෙක් කිසිදු ලේඛකයෙකු විසින් අනාවරණය නොකළ තොරතුරු රාශියක්ම පාඨකයා වෙතහෙළිදරව් කිරීමට ගත් උත්සාහය සාර්ථක වී ඇති බව මගේ හැඟීම යි.
සමරකෝන් රාජපක්ෂ,විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරී (කැණීම් හා කෞතුකාගාර)
හිටපු පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරි,සීගිරිය
Rs 1,160.00
New
Suwabara Diviyakata Sangeetha Chikithsawa
සුවබර දිවියකට සංගීත චිකිත්සාව කෘතිය අද්‍යතන පුද්ගලයාට හා මානව සමාජයට සංගීත චිකිත්සාවේ ඇති වැදගත්කම ඓතිහාසික පර්යාලෝකයකින් පමණක් නොව, එහි සංකල්පය, ව්‍යවහාරික ශිල්පීය හා ක්‍රමවේදීය මානයන් ඔස්සේ ඉදිරිපත් කරමින් වර්තමාන අවිවේකී, අති ධාවනකාරි මිනිසාගේ භාව චිත්තධ්‍යානයට සංගීතචිත්සාව යොදා ගැනීමේ හැකියාව ඉතා මැනවින් පෙන්වා දෙන්නේය.
Rs 290.00
New
Pauranika Maha Nagara
" පෞරාණික මහා නගර " නම් තවතම ග්‍රන්ථය මගින් ලොව පුරා විසිර ඇති ප්‍රධාන නගර ක්‍රමිකව විකාශය වූ ආකාරය හා ප්‍රධාන නගර කිහිපයක සුල මුල මැනවින් විස්තර කර තිබේ.
Rs 470.00
NewOut-of-Stock
1800 Mulika Koriyanu Wachana Malava
Out-of-Stock
කෘතිය තුළින්...
කොරියානු භාෂා ප්‍රවීණතා විභාග සඳහා මුහුණ දෙන දරු දැරියන්ට නිවැරදි වාග් මාලාව ඉගැන්වීම මගින් තරඟ විභාග ජය පමණක් නොව එදිනෙදා භාවිතයට ද මෙම භාෂාව හුරු කරවීම අපගේ අපේක්ෂාව වේ. මෙම ග්‍රන්ථය අධ්‍යයනය කිරීම තුළින් කොරියානු භාෂා වේ සාර්ථක වාග් මාලාවක හිමිකරුවෙකු හෝ හිමිකාරිනියකු වීම සඳහා ඔබට අත්වැලක් ලැබේ.
New
Lakdiva Parangi Prayathnaya
" ලක්දිව පරංගි ප්‍රයත්නය " නමැති මෙම ග්‍රන්ථය 1506 -1658 කාලය තුළ මෙරට පරංගි ක්‍රියාකාරකම් ගැඹුරින් සලකා බලන නූතන පර්යේෂණ අඩංගු කෘතියකි. පරංගීන්ගේ මෙරට සම්ප්‍රාප්ති කාලය, කෝට්ටේ, සීතාවක, මහනුවර සහ යාපන රාජධානි සමග හටගත් ගැටුම්, ඒවායේ ප්‍රතිඵල විශ්ලේෂණය කෙරේ.මෙහි සකාරණව විග්‍රහ කෙරෙන්නේ. පරංගීන් මෙරට ඇති කළ කැළඹිලිකාරි තත්වයත්, විදේශිකයා පිටු දැකීමට මෙරට විරෝදාර රණකාමී රජවරුන් සහ ජනතාව ගත් අප්‍රහිතක උත්සාහයකි. එකී උත්සාහයේදී මෙරට ඇති වූ විනාශය, වෙනස්කම්ද, ආර්ථික, ආගමික, සමාජයීය ක්‍ෂේත්‍රවල ඇති කළ බලපෑම් ද ගෙන හැර පායි. මෙම චිත්තාකර්ෂණීය වුද, චිත්ත සන්තාපයට හේතු වන්නා වූද ඉතිහාස කතා පුවත පාඨකයාගේ සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කෙරේ.
Rs 350.00
New
Buddha Parinirvana warshaya Saha Wenath lipi
'පරිනිර්වාණ වර්ෂය සහ වෙනත් ලිපි' මැයෙන් යුක්ත මෙම ග්‍රන්ථය සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතාගේ ශාස්ත්‍රීය ලිපි 19 ක එකතුවකි. ඔහු අනුරාධපුර අභයගිරි හා මහා විහාර ව්‍යාපෘති වල හිටපු අධ්‍යක්ෂකවරයා ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි. ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ හිටපු සභාපතිවරයෙකි. නිවැරදි පරිනිර්වාණ වර්ෂය කුමක්දැයි විද්වතුන් කිහිප දෙනෙකු ම අදහස් ඉදිරිපත් කර ඇත. එම සියලු අදහස් විමසා අදාළ ලිපිය රචනා වී ඇත. ලිපි අතර ඇති මහගම තඹ සන්නස මෙතෙක් ප්‍රකාශයට පත්ව නොතිබූ 6 වන පරාක්‍රමබාහු රජුගේ සමයේ උඩරට පාලනය කළ ජෝතිය සිටු විසින් නිකුත් කරන ලද්දකි. එක් ලිපියකින් සනාථ කර ඇත්තේ තන්තිරිමලේ යනු දැනට සමහරුන් පිළිගන්නා පරිදි අෂ්ටඵල බෝධියක් රෝපණය කළ තිවක්ක බමුණුගම නොවන බව ය. අනුරාධපුරයේ මහාවිහාරයේ පිහිටි පිළිම ගෙයක් පිළිබඳව මහාබෝධිවංශයේ සඳහන් වුව ද කැණීම් මගින් එය සොයාගත් මහාචාර්ය කුලතුංගයන් ම එක් ලිපියකින් විස්තර සපයා ඇත. අනෙක් සියලු ම ලිපි ඒ හා සමාන වැදගත් කමකින් යුක්තය
Rs 1,290.00
New
Kabhurupitiye Wanarathana Hamuduruvo
ඉතිහාසයත්, බුද්ධියත්, ධර්මධරත්වයත්, ප්‍රතිපත්ති ගරුක භාවයත් එක්තැන් වූ රුහුණේ අපූර්වතම පැවිදි මිණි පහන වූ ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක පුරාවිද්‍යා චක්‍රවර්තී සාහිත්‍ය සූරී මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතන මහානාහිමිපාණන්ගේ ජීවන තතු විමසුම වූ " කඹුරුපිටියේ වනරතන හාමුදුරුවෝ " නම් කෘතියක් ලෙස මෙසේ පාඨක හමුවේ ඉදිරිපත් වේ.
Rs 1,410.00
New
Hindi Sahithya Ithihasaya
 ' හින්දී සාහිත්‍ය ඉතිහාසය ' පිළිබඳ විශාරද සුරංජි ශ්‍යාමලී' විසින් සම්පාදිත " හින්දි සාහිත්‍ය ඉතිහාසය" නම් මෙම කෘතිය තුළ හින්දි සාහිත්‍යයේ ආදි කාලය' නම් වූ මුල්ම වකවානුවේ සිට වර්තමානය දක්වා හින්දි සාහිත්‍යයේ ප්‍රවාහය පිළිබඳ  කරුණු පෙළ ගස්වා ඇත. හින්දි සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ පුළුල්, සවිස්තරාත්මක මෙන්ම විශිෂ්ට කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 600.00
New
Essays On Psychology
"Essays on Psychology" is a significant work by Dr. Ruwan M. Jayatunge, a renowned physician and psychotherapist. The book serves as a comprehensive collection of his insights into the human mind, blending clinical experience with social observation.
Rs 885.00
New
Pandukabhaya
'පණ්ඩුකාභය' යන මෙම ග්‍රන්ථයෙන් දැක්වෙන්නේ ඉතිහාස ග්‍රන්ථවල හා අභිලේඛනවල එන කරුණු පමණෙකි. මෙහි ලා, මහාවංසය ප්‍රධාන වශයෙන් යොදාගැනේ. එහි ටීකාව වන වංසත්ථප්පකාසිනියේ ද, වෙනත් ඉතිහාස ග්‍රන්ථවල ද සෙල් ලිපි ආදියේ ද එන කරුණු අවශ්‍ය තන්හි දී යොදාගෙන ඇත. මෙයින් ඉතිහාසය පිළිබඳ මූලික දැනුම ලබාගන්නා දරුවනට පසු කල දී විචාරාත්මක ව ඉතිහාසය ගවේෂණය කළ හැකි වනු ඇත.
Rs 200.00
New
Mihidu Samidu Wadama Kireema
'මිහිදු සමිදු වැඩම කිරීම' යන මෙම ග්‍රන්ථයෙන් දැක්වෙන්නේ ඉතිහාස ග්‍රන්ථවල හා අභිලේඛනවල එන කරුණු පමණෙකි. මෙහි ලා, මහාවංසය ප්‍රධාන වශයෙන් යොදාගැනේ. එහි ටීකාව වන වංසත්ථප්පකාසිනියේ ද, වෙනත් ඉතිහාස ග්‍රන්ථවල ද සෙල් ලිපි ආදියේ ද එන කරුණු අවශ්‍ය තන්හි දී යොදාගෙන ඇත. මෙයින් ඉතිහාසය පිළිබඳ මූලික දැනුම ලබාගන්නා දරුවනට පසු කල දී විචාරාත්මක ව ඉතිහාසය ගවේෂණය කළ හැකි වනු ඇත.
Rs 120.00
New
Siri Maha Bo Ragena Ema
'සිරි මහ බෝ රැගෙන ඒම' යන මෙම ග්‍රන්ථයෙන් දැක්වෙන්නේ ඉතිහාස ග්‍රන්ථවල හා අභිලේඛනවල එන කරුණු පමණෙකි. මෙහි ලා, මහාවංසය ප්‍රධාන වශයෙන් යොදාගැනේ. එහි ටීකාව වන වංසත්ථප්පකාසිනියේ ද, වෙනත් ඉතිහාස ග්‍රන්ථවල ද සෙල් ලිපි ආදියේ ද එන කරුණු අවශ්‍ය තන්හි දී යොදාගෙන ඇත. මෙයින් ඉතිහාසය පිළිබඳ මූලික දැනුම ලබාගන්නා දරුවනට පසු කල දී විචාරාත්මක ව ඉතිහාසය ගවේෂණය කළ හැකි වනු ඇත.
Rs 120.00
New
Gamunu Kumaru
'ගැමුණු කුමරු' යන මෙම ග්‍රන්ථයෙන් දැක්වෙන්නේ ඉතිහාස ග්‍රන්ථවල හා අභිලේඛනවල එන කරුණු පමණෙකි. මෙහි ලා, මහාවංසය ප්‍රධාන වශයෙන් යොදාගැනේ. එහි ටීකාව වන වංසත්ථප්පකාසිනියේ ද, වෙනත් ඉතිහාස ග්‍රන්ථවල ද සෙල් ලිපි ආදියේ ද එන කරුණු අවශ්‍ය තන්හි දී යොදාගෙන ඇත. මෙයින් ඉතිහාසය පිළිබඳ මූලික දැනුම ලබාගන්නා දරුවනට පසු කල දී විචාරාත්මක ව ඉතිහාසය ගවේෂණය කළ හැකි වනු ඇත.
Rs 200.00
New
Lakdiva Eksesath Kireema
'ලක්දිව එක්සේසත් කිරීම' යන මෙම ග්‍රන්ථයෙන් දැක්වෙන්නේ ඉතිහාස ග්‍රන්ථවල හා අභිලේඛනවල එන කරුණු පමණෙකි. මෙහි ලා, මහාවංසය ප්‍රධාන වශයෙන් යොදාගැනේ. එහි ටීකාව වන වංසත්ථප්පකාසිනියේ ද, වෙනත් ඉතිහාස ග්‍රන්ථවල ද සෙල් ලිපි ආදියේ ද එන කරුණු අවශ්‍ය තන්හි දී යොදාගෙන ඇත. මෙයින් ඉතිහාසය පිළිබඳ මූලික දැනුම ලබාගන්නා දරුවනට පසු කල දී විචාරාත්මක ව ඉතිහාසය ගවේෂණය කළ හැකි වනු ඇත.
Rs 200.00
New
Dahami Samaya
'දැහැමි සමය' යන මෙම ග්‍රන්ථයෙන් දැක්වෙන්නේ ඉතිහාස ග්‍රන්ථවල හා අභිලේඛනවල එන කරුණු පමණෙකි. මෙහි ලා, මහාවංසය ප්‍රධාන වශයෙන් යොදාගැනේ. එහි ටීකාව වන වංසත්ථප්පකාසිනියේ ද, වෙනත් ඉතිහාස ග්‍රන්ථවල ද සෙල් ලිපි ආදියේ ද එන කරුණු අවශ්‍ය තන්හි දී යොදාගෙන ඇත. මෙයින් ඉතිහාසය පිළිබඳ මූලික දැනුම ලබාගන්නා දරුවනට පසු කල දී විචාරාත්මක ව ඉතිහාසය ගවේෂණය කළ හැකි වනු ඇත.
Rs 120.00
New
Wasabha Maharaja
'වසභ මහරජ' යන මෙම ග්‍රන්ථයෙන් දැක්වෙන්නේ ඉතිහාස ග්‍රන්ථවල හා අභිලේඛනවල එන කරුණු පමණෙකි. මෙහි ලා, මහාවංසය ප්‍රධාන වශයෙන් යොදාගැනේ. එහි ටීකාව වන වංසත්ථප්පකාසිනියේ ද, වෙනත් ඉතිහාස ග්‍රන්ථවල ද සෙල් ලිපි ආදියේ ද එන කරුණු අවශ්‍ය තන්හි දී යොදාගෙන ඇත. මෙයින් ඉතිහාසය පිළිබඳ මූලික දැනුම ලබාගන්නා දරුවනට පසු කල දී විචාරාත්මක ව ඉතිහාසය ගවේෂණය කළ හැකි වනු ඇත.
Rs 120.00